7. ඉන්ද්රියජාතකවණ්ණනා 423 අට්ඨකථා
7. ඉන්ද්රියජාතකවණ්ණනා (423)
7. ඉන්ද්රිය ජාතකය (423)
යො ඉන්ද්රියානන්ති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො පුරාණදුතියිකාපලොභනං ආරබ්භ කථෙසි. සාවත්ථියං කිරෙකො කුලපුත්තො සත්ථු ධම්මදෙසනං සුත්වා “න සක්කා අගාරමජ්ඣෙ වසන්තෙන එකන්තපරිපුණ්ණං එකන්තපරිසුද්ධං බ්රහ්මචරියං චරිතුං, නිය්යානිකසාසනෙ පබ්බජිත්වා දුක්ඛස්සන්තං කරිස්සාමී”ති ඝරෙ විභවං පුත්තදාරස්ස නිය්යාදෙත්වා නික්ඛමිත්වා සත්ථාරං පබ්බජ්ජං යාචි. සත්ථාපිස්ස පබ්බජ්ජං දාපෙසි. තස්ස ආචරියුපජ්ඣායෙහි සද්ධිං පිණ්ඩාය චරතො නවකත්තා චෙව භික්ඛූනං බහුභාවෙන ච කුලඝරෙ වා ආසනසාලාය වා ආසනං න පාපුණාති, සඞ්ඝනවකානං කොටියං පීඨකං වා ඵලකං වා පාපුණාති. ආහාරොපි උළුඞ්කපිට්ඨෙන ඝට්ටිතා භින්නසිත්ථකයාගු වා පූතිසුක්ඛඛජ්ජකං වා ඣාමසුක්ඛකූරො වා පාපුණාති, යාපනපමාණං න හොති. සො අත්තනා ලද්ධං ගහෙත්වා පුරාණදුතියිකාය සන්තිකං ගච්ඡති. අථස්ස සා පත්තං ගහෙත්වා වන්දිත්වා පත්තතො භත්තං නීහරිත්වා සුසම්පාදිතානි යාගුභත්තසූපබ්යඤ්ජනානි දෙති. මහල්ලකො රසතණ්හාය බජ්ඣිත්වා පුරාණදුතියිකං ජහිතුං න සක්කොති. සා චින්තෙසි “බද්ධො නු ඛො, නොති වීමංසිස්සාමි න”න්ති.
‘යො ඉන්ද්රියානං’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථා වස්තුව, බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවාසය කරන සේක්, ගිහි කල භාර්යාව විසින් පොළඹවන ලද, භික්ෂුවක අරබයා වදාළ සේක. සැවැත් නුවර විසූ එක්තරා කුල පුත්‍රයෙක් බුදුරදුන්ගෙන් බණ අසා, ‘මට මේ ගිහිගෙයි වසමින් ඒකාන්ත පරිපූර්ණ වූ, ඒකාන්ත පාරිශුද්ධ වූ, බ්‍රහ්ම චර්යාව රකින්නට නොහැකිය. නෛර්යාණික වූ ශාසනයෙහි පැවිදි වී, දුක් කෙළවර කරන්නෙමැ’යි, කල්පනා කොට, තමාට අයත් සියලුම සම්පත් සිය අඹු දරුවන්ට පාවා දී, බුදුරදුන් වෙත ගොස්, උන්වහන්සේට වැඳ පැවිද්ද ඉල්ලා සිටියේය. බුදුරජාණන් වහන්සේ ද, ඔහුට පැවිද්ද දෙවා වදාළ සේක. ඔහු දැන් පිණ්ඩපාතයෙන් යැපේ. ස්වකීය ආචාර්ය-උපාධ්‍යායන් වහන්සේ සමග පිඬු පිණිස හැසිරෙන මේ නවක භික්ෂුවට, නවක භාවය නිසා ද, භික්ෂූන්ගේ බහුල භාවය නිසා ද, කුල ගෙදරකට දානය සඳහා වැඩියත්, එහි අසුනක් එක්වර ම හිමි නොවේ. ආසන ශාලාවක දී වුවද, තත්ත්වය එසේමය. ඔහුට අසුනක් හිමි වෙතොත්, හිමි වනුයේ නවක භික්ෂූන්ගේ කෙළවරේ ම වූ කුඩා පුටුවකි. නැතිනම්, ලෑලි පුවරුවකු. ආහාර ලැබීමේ දී ද, ඔහුට හිමිවනුයේ හැන්දට පොඩි වූ බත් හෝ කැඳය. තෝරා ගැනීමෙන් ඉතිරි වූ, වියලි කෑම වර්ගයද, දන්කුඩ හෝ වියලි බත්, කොතෙකුත් ඔහුට ලැබේ. ඒ ලැබුණත්, ඔහුට යැපෙන පමණ නො ලැබේ. මේ කරුණ නිසා, ඒ භික්ෂුව තමා ලැබූ ඒ ආහාරය ද රැගෙන ස්වකීය ගෙදර බලා යෑමට පුරුදු විය. ඔහු සතුටින් පිළිගන්නා, ඔහුගේ ගිහි කල බිරිය, පාත්‍රයේ ආති ආහාර ඉවතට විසිකොට දමා, ගෙදර සම්පාදිත කැඳ-බත්-සුප්-ව්‍යංජන ආදිය, භික්ෂුවට පිරිනමා වඳියි. මෙසේ රස තෘෂ්ණාවෙහි බැඳුණු, භික්ෂුවට පැරණි බිරියගෙන් මිදීමට නොහැකි විය. දිනක් භික්ෂුව ගැන කල්පනා කළ පැරණි බිරිය, ‘මේ භික්ෂු නම මා කෙරෙහි බැඳී ඇත්දැ’යි, විමසා බැලිය යුතු යැ’යි සිතා,
අථෙකදිවසං ජනපදමනුස්සං සෙතමත්තිකාය න්හාපෙත්වා ගෙහෙ නිසීදාපෙත්වා අඤ්ඤෙපිස්ස කතිපයෙ පරිවාරමනුස්සෙ ආණාපෙත්වා ථොකථොකං පානභොජනං දාපෙසි. තෙ ඛාදන්තා භුඤ්ජන්තා නිසීදිංසු. ගෙහද්වාරෙ ච චක්කෙසු ගොණෙ බන්ධාපෙත්වා එකං සකටම්පි ඨපාපෙසි, සයං පන පිට්ඨිගබ්භෙ නිසීදිත්වා පූවෙ පචි. මහල්ලකො ආගන්ත්වා ද්වාරෙ අට්ඨාසි. තං දිස්වා එකො මහල්ලකපුරිසො “අය්යෙ, එකො ථෙරො ද්වාරෙ ඨිතො”ති ආහ. “වන්දිත්වා අතිච්ඡාපෙහී”ති. සො “අතිච්ඡථ, භන්තෙ”ති පුනප්පුනං කථෙත්වාපි තං අගච්ඡන්තං දිස්වා “අය්යෙ, ථෙරො න ගච්ඡතී”ති ආහ. සා ආගන්ත්වා සාණිං උක්ඛිපිත්වා ඔලොකෙත්වා “අම්භො අයං මම දාරකපිතා”ති වත්වා නික්ඛමිත්වා පත්තං ගහෙත්වා ගෙහං පවෙසෙත්වා පරිවිසිත්වා භොජනපරියොසානෙ වන්දිත්වා “භන්තෙ, තුම්හෙ ඉධෙව පරිනිබ්බායථ, මයං එත්තකං කාලං අඤ්ඤං කුලං න ගණ්හිම්හ, අසාමිකෙ පන ඝරෙ ඝරාවාසො න සණ්ඨාති, මයං අඤ්ඤං කුලං ගණ්හාම, දූරං ජනපදං ගච්ඡිස්සාම, තුම්හෙ අප්පමත්තා හොථ, සචෙ මෙ දොසො අත්ථි, ඛමථා”ති ආහ. මහල්ලකස්ස හදයඵාලනකාලො විය අහොසි. අථ නං “අහං තං ජහිතුං න සක්කොමි, මා ගච්ඡ, විබ්භමිස්සාමි, අසුකට්ඨානෙ මෙ සාටකං පෙසෙහි, පත්තචීවරං පටිච්ඡාපෙත්වා ආගච්ඡිස්සාමී”ති ආහ. සා “සාධූ”ති සම්පටිච්ඡි. මහල්ලකො විහාරං ගන්ත්වා ආචරියුපජ්ඣායෙ පත්තචීවරං පටිච්ඡාපෙන්තො “කස්මා, ආවුසො, එවං කරොසී”ති වුත්තො “පුරාණදුතියිකං ජහිතුං න සක්කොමි විබ්භමිස්සාමී”ති ආහ. අථ නං තෙ අනිච්ඡන්තඤ්ඤෙව සත්ථු සන්තිකං නෙත්වා “කිං, භික්ඛවෙ, ඉමං අනිච්ඡන්තඤ්ඤෙව ආනයිත්ථා”ති වුත්තෙ “භන්තෙ, අයං උක්කණ්ඨිත්වා විබ්භමිතුකාමො”ති වදිංසු. අථ නං සත්ථා “සච්චං කිර ත්වං භික්ඛු උක්කණ්ඨිතොසී”ති පුච්ඡි. “සච්චං, භන්තෙ”ති. “කො තං උක්කණ්ඨාපෙසී”ති? “පුරාණදුතියිකා භන්තෙ”ති වුත්තෙ “භික්ඛු න ඉදානෙව සා ඉත්ථී තුය්හං අනත්ථකාරිකා, පුබ්බෙපි ත්වං තං නිස්සාය චතූහි ඣානෙහි පරිහීනො මහාදුක්ඛං පත්වා මං නිස්සාය තම්හා දුක්ඛා මුච්චිත්වා නට්ඨජ්ඣානං පටිලභී”ති වත්වා අතීතං ආහරි.
කිසියම් දිනෙක, දනව් වැසි පුරුෂයකු සිය ගෙදරට කැඳවා, කිරිමැටි ඇඟේ උලා, ඔහු නහවා ගෙහි හිඳුවා, සේවකයන් කිහිප දෙනකු කැඳවා, ඔවුන්ට අණකොට, ඉහත කී පුරුෂයාට ඒ ඒ කෑම-බීම-භෝජන ටික-ටික පිළිගන්වන්නට සැලැස්සුවාය. මෙසේ ඒ හැමදෙනාම, කමින්-බොමින් හිඳගෙන හුන්හ. ගෙයි දොරකඩ රථ්‍යක් නවත්වා, එහි රෝදවල ගොනුන් දිගේලි කොට තිබුණි. මේ සියල්ල හිතා-මතාම සංවිධානය කළ, මේ ගෙදර කාන්තාව, ගෙයින් පිටි පැත්තේ වූ කුටියක හිඳගෙන, කැවුම් උයන්නට පටන් ගත්තාය. මේ අතර භික්ෂු නම නිවෙසට පැමිණ, ගෙයි දොරකඩට වී සිටියේය. අලුතින් තාවකාලිකව කාන්තාව විසින් බඳවා ගනු ලැබූ ඉහත කී සේවකයන් අතුරෙන්, එක් සේවකයෙක් තෙරුන් දැක, ඒ බව සිය ස්වාමිදුවට කීයේය. මෙය වූ කලී, ඈ බලාපොරොත්තුවෙන්ම සිටි දෙයකි. සේවකයා ඇමතූ ඈ ‘ඔබ ගොස් පළමුකොට තෙරුන්ට වඳින්න. ඉන්පසු අන් ගෙදරකින් පිණ්ඩපාතය බලාපොරොත්තු වනු මැනවැ’යි භික්ෂුනමට කියන්නැ’යි, සේවකයාට උපදෙස් දුන් ඈ, තමාගේ කටයුත්තෙහි නිරත වූවාය. සේවකයා තෙරුන් වෙත ගොස්, තම ස්වාමිදියණිය තමාට උගන්වා ලූ වචන, කිහිප විටක් තෙරුන්ට කී නමුත්, ඔහු එතැනින් හෙල්ලුනේවත් නැත. භික්ෂුව කෙසේවත් එතැනින් නික්ම නො යන බව, තේරුම් ගත් සේවකයා ඒ බව, සිය ස්වාමිදුවට කීයේය. ඇය ගේ මැද්දෙන් ඉදිරියට අවුත් දොර රෙද්ද මෑත්කොට බලා, සේවකයන් දෙසට හැරී ‘පින්වතුනි, මේ ඇවිත් සිටින්නේ මාගේ දරුවන්ගේ පියා යැ’යි කීවාය. එසේ කියා වහා ඔහු වෙත ගොස් වැඳ, පාත්‍රය අතට ගෙන, භික්ෂුව, ගේ තුලට වඩමවාගෙන අවුත්, වඩා හිඳුවා, දානය වළඳවා, දන් වැළඳීමෙන් අනතුරුව, තෙරුන්ට නමස්කාර කළ ස්වාමිදුවණිය, ‘ස්වාමීනි, ඔබවහන්සේ මේ ගෙදරම ජීවත් වී, මෙහිම පිරිනිවන්පානු මැනව. ඔබ මේ ගෙදරින් නික්ම ගිය දා පටන්, මම තනිව ජීවත් වුණෙමි. වෙනත් විවාහයක් ගැන මෙතුවක් කලකට නොසිතුවෙමි. හිමියනි, සැමියකු නැතිව ගිහි ගෙයක ගැහැණියකට වාසය කිරීම ඉතා අපහසුය. ඒ නිසා මම අද, වෙනත් කුලයක සරණ පතා යන්නෙමි. ඈත දුර ජනපදයකට ගොස්, ජීවත් වන්නෙමි. ඔබතුමා අප්රමාදී ව, මහණදම් පුරනු මැනව. ඉදින් මාගෙන් වැරැද්දක් වී නම්, ඊට සමා වුව මැනවැ’යි කීවාය. ඇගේ ඒ වචන භික්ෂුවගේ හදවත පලා දමන්නක් වැනි විය. එබැවින් ඉතා අපහසුවෙන් මෙන්, භික්ෂුව කථා කරමින් ‘මම ඔබ අත්හැර දමන්නට අපොහොසත් වන්නෙමි. එබැවින් කොහේවත් නොගොස්, මෙහි ම නවතුව. මම සිවුරු හරින්නෙමි. එම නිසා මාගේ ඇඳුම්, අසවල් ස්ථානයට එවනු මැනව. මම මේ සිවුරු හා පාත්‍රය පිළියෙල කොට තබා, ඒවා භාර දී, ඔබ වෙත එන්නෙමැ’යි, කීයේය. ඇය ද එය, සතුටින් පිළිගත්තාය. මෙසේ කී භික්ෂුව වෙහෙරට ගොස්, ස්වකීය ආචාර්යා-උපාධ්‍යායයන් වහන්සේ ඉදිරිපිට, පා සිවුරු පිළියෙල කොට තබන්නට සූදානම් විය. එතන්හිදී, කිසියම් තෙරුන් වහන්සේ නමක් ‘ඇවැත්නි, ඔබ කුමක් නිසා මෙසේ කෙරේදැ’යි කී කල්හි, ‘ස්වාමීනි, මාගේ පැරණි බිරිඳ අත්හැර දමන්නට, මම අපොහොසත් වෙමි. ඒ හේතුව නිසා සිවුරු හැර යන්නට, තීරණය කෙළෙමැ’යි භික්ෂුව කීයේය. මෙහි සිටි කීප නමක් භික්ෂූහු, ඔහුගේ අකමැත්තෙන්ම බුදුරදුන් වෙතට ඇදගෙන මෙන්, ගියහ. ඒ දුටු බුදුරජාණන් වහන්සේ ‘මහණෙනි, අකමැත්ත පිට මේ භික්ෂුව, මෙහි කැඳවාගෙන ආවේ කුමක් නිසාදැ’යි විමසූ සේක. ‘ස්වාමීනි, මොහු මහණකම ගැන කලකිරී සිවුරු හරින්නට කැමති බව කියයි. එබැවින් අපි මොහු, ඔබවහන්සේ වෙතට රැගෙන ආවෙමු’යි භික්ෂුහු කීහ. ‘මහණ, මේ කලකිරීම ඇත්තක්ද? ‘ස්වාමීනි, එය ඇත්තකි.’ ‘මහණ, ඔබ කුමක් නිසා කලකිරුණෙහිද?’ ‘ස්වාමීනි, මාගේ ගිහි කල භාර්යාව නිසා පැවිද්දෙහි කලකිරුණෙමැ’යි, සියලු විස්තර බුදුරදුන් හමුවේ, ඒ භික්ෂුව ප්‍රකාශ කෙළේය. ‘මහණ, ඔය ස්ත්‍රිය ඔබට අනර්ථකාරී වූයේ දැන් පමණක් නොවේ. පෙර ද ඔබ ඇය නිසා, චතුර්විධ ධ්‍යානයන්ගෙන් පිරිහී මහත් දුකකට පත්වී, මා නිසා ඒ දුකින් මිදී, නැති වූ ධ්‍යානයන් නැවත ලබා ගත්තේ යැ’යි වදාරා, මේ අතීත කථා පුවත, මෙසේ දේශනා කළ සේක.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො තස්ස පුරොහිතං පටිච්ච තස්ස බ්රාහ්මණියා කුච්ඡිම්හි නිබ්බත්ති. ජාතදිවසෙ චස්ස සකලනගරෙ ආවුධානි පජ්ජලිංසු, තෙනස්ස “ජොතිපාලකුමාරො”ති නාමං කරිංසු. සො වයප්පත්තො තක්කසිලායං සබ්බසිප්පානි උග්ගණ්හිත්වා රඤ්ඤො සිප්පං දස්සෙත්වා ඉස්සරියං පහාය කඤ්චි අජානාපෙත්වා අග්ගද්වාරෙන නික්ඛමිත්වා අරඤ්ඤං පවිසිත්වා සක්කදත්තියෙ කවිට්ඨකඅස්සමෙ ඉසිපබ්බජ්ජං පබ්බජිත්වා ඣානාභිඤ්ඤායො නිබ්බත්තෙසි. තං තත්ථ වසන්තං අනෙකානි ඉසිසතානි පරිවාරෙසුං, මහාසමාගමො අහොසි. සො සරභඞ්ගසත්ථා නාම අහොසි, තස්ස සත්ත අන්තෙවාසිකජෙට්ඨකා අහෙසුං. තෙසු සාලිස්සරො නාම ඉසි කවිට්ඨකඅස්සමා නික්ඛමිත්වා සුරට්ඨජනපදෙ පුරත්ථිමජනපදෙ සාතොදිකාය නාම නදියා තීරෙ අනෙකසහස්සඉසිපරිවාරො වසි. මෙණ්ඩිස්සරො නාම ඉසි පජ්ජොතකපඤ්චාලරඤ්ඤො විජිතෙ කලබ්බචූළකං නාම නිගමං නිස්සාය අනෙකසහස්සඉසිපරිවාරො වසි. පබ්බතො නාම ඉසි එකං අටවිජනපදං නිස්සාය අනෙකසහස්සඉසිපරිවාරො වසි. කාළදෙවිලො නාම ඉසි අවන්තිදක්ඛිණාපථෙ එකග්ඝනසෙලං නිස්සාය අනෙකසහස්සඉසිපරිවාරො වසි. කිසවච්ඡො නාම ඉසි එකකොව දණ්ඩකිරඤ්ඤො කුම්භවතීනගරං නිස්සාය උය්යානෙ වසි. අනුපියතාපසො පන බොධිසත්තස්ස උපට්ඨාකො තස්ස සන්තිකෙ වසි. නාරදො නාම ඉසි කාළදෙවිලස්ස කනිට්ඨො මජ්ඣිමදෙසෙ ආරඤ්ජරගිරිම්හි පබ්බතජාලන්තරෙ එකකොව එකස්මිං ගුහාලෙණෙ වසි.
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, බෝසත් තෙමේ රාජකීය පුරෝහිතයාගේ බැමිණියගේ කුස තුළ පිළිසිඳ ගත්තේය. නිසිකල්හි, කුමරු උපත ලැබුවේය. එදා මුළු නුවර තිබූ සියලු ආයුධ දිලිසෙන්නට පටන් ගත්තේය. මේ හේතුව නිසා දෙමාපියෝ කුමරුට ‘ජෝතිපාල’ කුමාරයා යැයි නම් කළහ. නිසිවියට පත් කුමරා තක්ෂිලාවට ගොස් සියලු ශිල්ප උගෙන, පෙරළා පැමිණ රජුට ශිල්ප දක්වා, රජු ඇතුළු පිරිස සතුටට පත් කෙළේය. මෙසේ ටික කලක් වැස, කිසියම් දිනෙක සියලු ඉසුරු හැර දමා, කිසිවකුට නො දන්වා, ප්‍රධාන වාසල් දොරටුවෙන් නික්ම ගොස්, කැලයට පිවිස ශක්‍රයා විසින් දෙන, දිවුල් ගසක් අසල පිහිටි අසපුවක, සෘෂි පැවිද්දෙන් පැවිදිව, ධ්‍යාන හා අභිඥාවන් උපදවා ගත්තේය. ඔහු එහි වාසය කරමින්, එහි සිටි සිය ගණන් සෘෂිවරුන්ට ප්‍රධානියා විය. මෙසේ එම ස්ථානයෙහි, සෘෂිවරු මහා පිරිසක් එකට ජීවත් වූහ. මේ ප්‍රධාන සෘෂිවරයා ‘සරභංග ශාස්තෲ’ නමින් ප්‍රකට විය. ඔහුගේ උපස්ථානයට ජ්‍යෙෂ්ඨ අන්තේවාසිකයෝ, සත්නමක් වූහ. ඔවුන් අතුරෙන් ‘සාලිස්සර’ නම් වූ සෘෂිවරයා අසපුවෙන් නික්ම ගොස්, ‘සුරට්ඨ’ ජනපදයෙහි ‘සාතෝදිකා’ නම් නදීතෙර නොයෙක් දහස් ගණන් සෘෂීන් පිරිවරාගෙන, වාසය කෙළේය. සරභංග සෘෂිවරයාගේ වෙනත් ගෝලයකු වන, ‘මෙණ්ඩිස්සර’ නම් වූ සෘෂිවරයා, ‘පජ්ජෝතක’ රජුගේ විජිතයෙහි, ‘ලම්බචූළක’ නම් වූ නියම්ගම ඇසුරුකොට, නොයෙක් දහස් ගණනින් සෘෂීන් පිරිවරාගෙන, වාසය කෙළේය. ‘පබ්බත’ නම් වූ අනෙක් ශිෂ්‍ය සෘෂිවරයා, එක් කැලෑබද ජනපදයක් ඇසුරු කොටගෙන, නොයෙක් දහස් ගණන් සෘෂීන් පිරිවරාගෙන, වාසය කෙළේය. සිවුවැනි ශිෂ්‍යයා වන ‘කාළදේවල’ සෘෂිවරයා, අවන්තියේ දක්ෂිණාපථයෙහි, එක් ඝන වූ ශෛල පර්වතයක් ඇසුරු කොටගෙන, නොයෙක් දහස් ගණන් සෘෂීන් පිරිවරාගෙන, වාසය කෙළේය. පස්වැනි ශිෂ්‍යයා වන ‘කිසවච්ඡ’ නම් වූ සෘෂිවරයා, තනිව ම ‘දණ්ඩකී’ රජුගේ ‘කුම්භවතී’ නම් නුවර ඇසුරුකොට ගෙන, රාජකීය උද්‍යානයෙහි වාසය කෙළේය. සෘෂිවරයාගේ දෙවැනි ශිෂ්‍යයා වූ තවුසා, බෝසත් සෘෂිවරයාගේ ප්‍රධාන උපස්ථායකයා වී, එතුමාගේ සමීපයෙහි වාසය කෙළේය. කාළදේවල සෘෂිවරයාගේ මලණුවන් වන, නාරද නම් සෘෂිවරයා මධ්‍යම ප්‍රදේශයෙහි ආරණ්‍යයක, ‘අරඤ්ජගිරි’ නම් වූ පර්වත ජාලයක් මැද, තනිවම කිසියම් ගුහා ලෙනක, වාසය කෙළේය.
ආරඤ්ජරගිරිනො නාම අවිදූරෙ එකො ආකිණ්ණමනුස්සො නිගමො අත්ථි, තෙසං අන්තරෙ මහතී නදී අත්ථි, තං නදිං බහූ මනුස්සා ඔතරන්ති. උත්තමරූපධරා වණ්ණදාසියොපි පුරිසෙ පලොභයමානා තස්සා නදියා තීරෙ නිසීදන්ති. නාරදතාපසො තාසු එකං දිස්වා පටිබද්ධචිත්තො හුත්වා ඣානං අන්තරධාපෙත්වා නිරාහාරො පරිසුස්සන්තො කිලෙසවසං ගන්ත්වා සත්තාහං වසිත්වා නිපජ්ජි. අථස්ස භාතා කාළදෙවිලො ආවජ්ජෙන්තො තං කාරණං ඤත්වා ආකාසෙනාගන්ත්වා ලෙණං පාවිසි. නාරදො තං දිස්වා “කස්මා භවං ආගතොසී”ති ආහ. “භවං ‘අකල්ලකො’ති භවන්තං පටිජග්ගිතුං ආගතොම්හී”ති. අථ නං සො “අභූතං කථං කථෙසි, අලිකං තුච්ඡං කථෙසී”ති මුසාවාදෙන නිග්ගණ්හි. සො “නෙතං පහාතුං වට්ටතී”ති සාලිස්සරං ආනෙසි, මෙණ්ඩිස්සරං ආනෙසි, පබ්බතම්පි ආනෙසි. ඉතරොපි තෙ තයො මුසාවාදෙන නිග්ගණ්හි. කාළදෙවිලො “සරභඞ්ගසත්ථාරං ආනෙස්සාමී”ති ආකාසෙනාගන්ත්වා තං ආනෙසි. සො ආගන්ත්වා තං දිස්වා “ඉන්ද්රියවසං ගතො”ති ඤත්වා “කච්චි නාරද, ඉන්ද්රියානං වසං ගතො”ති පුච්ඡි. ඉතරෙන තං සුත්වාව උට්ඨාය වන්දිත්වා “ආම, ආචරියා”ති වුත්තෙ “නාරද, ඉන්ද්රියවසං ගතා නාම ඉමස්මිං අත්තභාවෙ සුස්සන්තා දුක්ඛං අනුභවිත්වා දුතියෙ අත්තභාවෙ නිරයෙ නිබ්බත්තන්තී”ති වත්වා පඨමං ගාථමාහ –
අරඤ්ජරගිරි පර්වත වළල්ලට නුදුරෙන් මිනිසුන්ගෙන් ගැවසී ගත්, එක් නියම්ගමක් ඇත. ඒ ගම මැදින් ගලාබසින, මහත් වූ නදියකි. මේ නදියෙහි බොහෝ මිනිස්සු බැස නාති. උසස් රූ සිරියෙන් යුතු ගණිකාවෝ ද පුරුෂයන් පොළඹවමින්, ඒ නදී ඉවුරෙහි වාඩි වී හිඳිති. ඔවුන් අතුරෙන් එක් ගණිකාවක දැක, නාරද තවුසා ඇය කෙරෙහි, පිළිබඳ සිතක් ඇතිකොට ගත්තාය. එයින් ම ඔහුගේ ධ්‍යානය, අතුරුදන් විය. ආශාව නිසා නිරාහාරව කල් ගෙවූ ඔහු, වියලී ගිය ශරීරයෙන් යුතුව, සතියක් එකම තැන වැද හොත්තේය. ඔහුගේ සොයුරා වන කාළදේවල සෘෂිවරයා, සිය මලණුවන් ගැන ආවර්ජනා කොට, සිදුවූ සියල්ල තත්වාකාරයෙන් දැන, අහසින් අවුත්, මලණුවන් වෙසෙන ලෙනට පිවිසියේය. නාරද සෘෂිවරයා එය දැක, ‘උතුමාණෙනි, මෙහි කුමට පැමිණියේ දැ’යි ඇසීය. ‘පිනැත්ත, ඔබ අසනීපයෙන් පසුවන්නෙකි. එබැවින් ඔබට පිළිදැගුම් කරන්නට පැමිණියෙමැ’යි කීයේය. ඉක්බිති නාරද තවුසා කාළදේවල තවුසාට දොස් කීයේය. ‘ඔබ බොරුකාරයෙකැ’යි, හිස් වචන කතා කරන්නෙකැ’යි කියා, මුසාවාදයෙන් චෝදනා කෙළේය. කාළදේවල තවුසා ද, සිය මලණුවන්ගේ මේ ස්වභාවය ගැන, සිය සිත වික්ෂිප්ත කොට නොගෙන, ‘මොහුගේ මේ ස්වභාවය දුරු කළ යුතුයැ’යි කල්පනා කොට සාලිස්සර සෘෂිවරයා කැඳවා ගෙන ආවේය. නාරද සෘෂියා ඔහුට ද, මුසාවාදයෙන් චෝදනා කෙළේය. මෙයින් නොනැවතුණු කාළදේවල සෘෂියා මෙණ්ඩිස්සර සෘෂිවරයා ද, පබ්බතිස්සර සෘෂිවරයා ද, යන දෙදෙනා කැටුව ආවේය. නාරද සෘෂියා ඒ දෙදෙනාට ද, මුසාවාදයෙන් චෝදනා කෙළේය. මෙයින් පසුනොබා කාළදේවල තවුසා, ‘මම සරභංග ශාස්තෲන් වහන්සේ කැටුව එන්නෙමැ’යි කියා, අහසින් ගොස් උන්වහන්සේ කැඳවාගෙන ආවේය. එතුමා අවුත් නාරද තවුසා දෙස බලා, ‘මොහු ඉන්ද්රියයන්ගේ වසඟයට ගොදුරු වූවෙකැ’යි දැන, ‘කිමෙක්ද? නාරදය, ඔබ ඉන්ද්රියයන්ගේ වසඟයට ගොදුරු වූවෙහි දැ’යි විචාළේය. මේ කටහඬ ඇසූ නාරද සෘෂිවරයා අපහසුවෙන් නැගිට, එතුමාට වැඳ ‘ඇදුරුතුමනි, එසේයැ’යි කීයේය. ‘නාරදය, ඉන්ද්රියයන්ගේ වසඟයට නතු වූවාහු නම්, මේ ආත්ම භාවයේ දී ම වියලී ගොස්, දුක් අනුභව කොට ඊළඟ ආත්මයේ දී, නිරයෙහි උපදින්නාහු යැ’යි කියා, මෙසේ ද පැවසීය.
“යො ඉන්ද්රියානං කාමෙන, වසං නාරද ගච්ඡති; සො පරිච්චජ්ජුභො ලොකෙ, ජීවන්තොව විසුස්සතී”ති.
යො ඉන්ද්රියානං කාමෙන - වසං නාරද ගච්ඡතී, සො පරිච්චජුහො ලොකො - ජීවන්තොව විසුස්සතී
නාරදය, යමෙක් කාමාශාවෙන්, ඉන්ද්‍රියන්ගේ වසඟයට යෙයිද? ඔහු (දෙව්-මිනිස්) දෙලොවම හැර දමයි. ජීවත් වුවත් වියලී යන්නේය.
තත්ථ යො ඉන්ද්රියානන්ති නාරද, යො පුරිසො රූපාදීසු සුභාකාරං ගහෙත්වා කිලෙසකාමවසෙන ඡන්නං ඉන්ද්රියානං වසං ගච්ඡති. පරිච්චජ්ජුභො ලොකෙති සො මනුස්සලොකඤ්ච දෙවලොකඤ්චාති උභොලොකෙ පරිච්චජිත්වා නිරයාදීසු නිබ්බත්තන්තීති අත්ථො. ජීවන්තොව විසුස්සතීති ජීවන්තොයෙව අත්තනා ඉච්ඡිතං කිලෙසවත්ථුං අලභන්තො සොකෙන විසුස්සති, මහාදුක්ඛං පාපුණාතීති.
මෙහි ‘යො ඉන්ද්රියානං’ යනු ‘නාරදය, යම් පුරුෂයෙක් රූපාදිය යහපත් වශයෙන් ගෙන, කාමාශාවනිසා, ඉන්ද්‍රියන් සයේ වසඟයට යයි යන අර්ථයි. ‘පරිච්චජ්ජුහො’ යනු ‘ඒ පුරුෂයා විසින් මිනිස් ලොවත්, දෙව්ලොවත් යන දෙලොවම හැරදමා, නිරය ආදි අපායවල උපදී’ යන අර්ථයි. ‘ජීවන්තොව විසුස්සති’ යනු ‘ජීවත්ව සිටියත් තමා බලාපොරොත්තු වන කාම වස්තු නොලැබීමෙන්, ශෝකයෙන් වියලෙයි. මහත් දුකට පැමිණෙයි’ යන අර්ථයි.
තං සුත්වා නාරදො “ආචරිය, කාමසෙවනං නාම සුඛං, එවරූපං සුඛං කිං සන්ධාය දුක්ඛන්ති වදසී”ති පුච්ඡි. අථස්ස සරභඞ්ගො “තෙන හි සුණාහී”ති දුතියං ගාථමාහ –
ඒ අසා නාරද සෘෂිවරයා, ‘ඇදුරුතුමනි, කාම සේවනය වූ කලී සැප ගෙන දෙන්නකි. එබඳු වූ සැපයක්, කුමක් නිසා දුකෙකැයි කියා දැ’යි විචාළේය. එවිට සරභංග සෘෂිවරයා ‘එසේ නම්, ඇසුව මැනවැ’යි කියා, මෙසේ ප්‍රකාශ කෙළේය.
“සුඛස්සානන්තරං දුක්ඛං, දුක්ඛස්සානන්තරං සුඛං; සොසි පත්තො සුඛා දුක්ඛං, පාටිකඞ්ඛ වරං සුඛ”න්ති.
2. සැපයෙන් අනතුරුව දුකට ද, දුකෙන් අනතුරුව සැපයට ද, පත් වේ. ඒ ඔබ සැපසේ සිට, දුකට පැමිණියෙහිය. (එබැවින්) උත්තම සැපය ප්‍රාර්ථනා කරන්න.
තත්ථ සුඛස්සානන්තරන්ති කාමසුඛස්ස අනන්තරං නිරයදුක්ඛං. දුක්ඛස්සාති සීලරක්ඛණදුක්ඛස්ස අනන්තරං දිබ්බමානුසකසුඛඤ්චෙව නිබ්බානසුඛඤ්ච. ඉදං වුත්තං හොති – නාරද, ඉමෙ හි සත්තා කාමසෙවනසමයෙ කාලං කත්වා එකන්තදුක්ඛෙ නිරයෙ නිබ්බත්තන්ති, සීලං රක්ඛන්තා විපස්සනාය කම්මං කරොන්තා ච පන කිලමන්ති, තෙ දුක්ඛෙන සීලං රක්ඛිත්වා සීලබලෙන වුත්තප්පකාරං සුඛං ලභන්ති, ඉදං දුක්ඛං සන්ධායාහං එවං වදාමීති. සොසි පත්තොති සො ත්වං නාරද, ඉදානි ඣානසුඛං නාසෙත්වා තතො සුඛා මහන්තං කාමනිස්සිතං චෙතසිකදුක්ඛං පත්තො. පාටිකඞ්ඛාති ඉදං කිලෙසදුක්ඛං ඡඩ්ඩෙත්වා පුන තදෙව වරං උත්තමං ඣානසුඛං ඉච්ඡ පත්ථෙහීති.
මෙහි ‘සුඛස්සානන්තරං’ යනු ‘කාම සැපයට අනතුරුව නිරය දුක හිමිවේ’ යන අර්ථයි. ‘දුක්ඛස්ස’ යනු ‘සිල් රැකීමේ දුකෙන් අනතුරුව දිව්‍ය-මනුෂ්‍ය සැප ද, කෙළවර නිවන් සුවයට ද හේතු වේ. මින් කියන ලද්දේ මේ අර්ථය යි. එනම්, නාරදය, මෙලොව සත්ත්වයෝ කම්සුව විඳින කාලයේ මියගොස්, ඒකාන්ත දුක් ඇති නිරයෙහි උපදිති. සිල් රකින උදවිය විපස්සනා වඩමින්, වෙහෙසට පත් වෙති. එහෙත් ඔවුහු දුකසේ සිල් රැක, සීල බලය නිසා, ඉහත කී ආකාරයේ සැප ලබති. මේ සඳහා මම මෙසේ කීවෙමි’ යන අර්ථයි. ‘සොසි පත්තො’ යනු ‘නාරදය, ඔබ දැන් ධ්‍යාන සැප නිසා, ඊට වඩා සැපයකැයි සිතා, මහත් වූ කාම සිතුවිලි නිසා දුකට පැමිණියෙහිය’ යන අර්ථයි. ‘පාටිකඞ්ඛා’ යනු ‘මේ කෙලෙස් දුක හැර දමා, නැවත උතුම් වූ ධ්‍යාන සුවය කැමති වන්න, ප්‍රාර්ථනා කරන්න’ යන අර්ථයි.
නාරදො “ඉදං ආචරිය, දුක්ඛං දුස්සහං, න තං අධිවාසෙතුං සක්කොමී”ති ආහ. අථ නං මහාසත්තො “නාරද, දුක්ඛං නාම උප්පන්නං අධිවාසෙතබ්බමෙවා”ති වත්වා තතියං ගාථමාහ –
නාරද සෘෂිවරයා ‘ඇදුරුතුමනි, මේ දුක ඉවසිය නොහැක්කෙමි. එය මට දරාගත නොහැකි යැ’යි කීය. එවිට බෝසත් තවුසා ඔහු අමතා, ‘නාරදය, දුකක් ඇති වූ විට, එය ඉවසිය යුතුම යැ’යි කියා මෙසේ ද පැවසීය.
“කිච්ඡකාලෙ කිච්ඡසහො, යො කිච්ඡං නාතිවත්තති; ස කිච්ඡන්තං සුඛං ධීරො, යොගං සමධිගච්ඡතී”ති.
3. යමෙක් දුක් පැමිණි කල, ඒ දුක ඉවසා ද, එය පහසුවෙන් ඉක්මවා යා ද? ඒ නුවණැත්තා දුක කෙළවරෙහි ඇති, සැපය වන ධ්‍යානයට සුවසේ පැමිණෙයි.
තත්ථ නාතිවත්තතීති නානුවත්තති, අයමෙව වා පාඨො. ඉදං වුත්තං හොති – නාරද, යො කායිකචෙතසිකදුක්ඛසඞ්ඛාතස්ස කිච්ඡස්ස උප්පන්නකාලෙ අප්පමත්තො තස්ස කිච්ඡස්ස හරණූපායං කරොන්තො කිච්ඡසහො හුත්වා තං කිච්ඡං නානුවත්තති, තස්ස වසෙ අවත්තිත්වා තෙහි තෙහි උපායෙහි තං කිච්ඡං අභිභවති විනාසෙති, සො ධීරො කිච්ඡස්ස අන්තිමසඞ්ඛාතං නිරාමිසසුඛසඞ්ඛාතං ඣානසුඛං අධිගච්ඡති, තං වා කිච්ඡන්තං යොගසුඛං අධිගච්ඡති, අකිලමන්තොව පාපුණාතීති.
මෙහි ‘නාතිවත්තති’ යන මෙය ‘න අනුවත්ති’ යනුවෙන් ද දක්වයි. පාඨය මෙය ම හෝ විය හැකිය. මින් කියන ලද්දේ මේ අර්ථය යි. එනම්, නාදරය, යමෙක් කායික-චෛතසික දුක් සංඛ්‍යාත වූ, දුක උපන් කල්හි, අප්‍රමාදීව ඒ දුක නැති කිරීම සඳහා උපාය යොදමින්, දුක ඉවසමින්, ඒ දුකට අනුවර්තනය නොවේද? එහි වසඟයට නොගොස්, ඒ ඒ උපායන්ගෙන් ඒ දුක මැඩ පවත්වයි ද? විනාශ කරයි ද? ඒ නුවණැත්තා දුක් කෙළවර කිරීම නම් වූ, නිරාමිස සුවය වන, ධ්‍යාන සුවය හිමිකර ගනී ද? එය හෝ එසේ නැති නම්, දුකේ කෙළවර වන, නිවන් සැප ලබාද? ඔහු වෙහෙසක් නැතිවම, ඒ තත්ත්වයට පත්වේ’ යන අර්ථයි.
සො “ආචරිය, කාමසුඛං නාම උත්තමසුඛං, න තං ජහිතුං සක්කොමී”ති ආහ. අථ නං මහාසත්තො “නාරද, ධම්මො නාම න කෙනචි කාරණෙන නාසෙතබ්බො”ති වත්වා චතුත්ථං ගාථමාහ –
මේ සියල්ල අසා සිටි නාරද සෘෂියා ‘ඇදුරුතුමනි, කාම සුඛය නම් උත්තම සුඛය යි. එය අතහැර දමන්නට නොහක්කෙමැ’යි කීය. ඉක්බිති බෝසත් සෘෂිවරයා ඔහු අමතා ‘නාරදය, ධර්මය නම් කිසිදු කරුණක් නිසා, නොනැසිය යුතු යැ’යි කියා මෙසේ ද පැවසීය.
“න හෙව කාමාන කාමා, නානත්ථා නාත්ථකාරණා; න කතඤ්ච නිරඞ්කත්වා, ධම්මා චවිතුමරහසී”ති.
4. දියුණුවට හේතු නොවන බැවින් ද, යහපතට කරුණු නොවන බැවින් ද, කාමයන්ට ආශා නොකළ යුත්තේමය. ඇති තත්ත්වය විනාශ කොටගෙන, ධර්මයෙන් වෙන්වීම සුදුසු නොවේ.
තත්ථ කාමාන කාමාති කාමානං කාමා, වත්ථුකාමානං පත්ථනායාති අත්ථො. නානත්ථා නාත්ථකාරණාති න අනත්ථතො න අත්ථකාරණා. න කතඤ්ච නිරඞ්කත්වාති කතඤ්ච නිප්ඵාදිතං ඣානං නිරංකත්වා. ඉදං වුත්තං හොති – නාරද, න හෙව වත්ථුකාමපත්ථනාය ධම්මා චවිතුමරහසි, එකස්මිං අනත්ථෙ උප්පන්නෙ තං පටිහනිතුකාමො නානත්ථා න අත්ථෙනපි කාරණභූතෙන ධම්මා චවිතුමරහසි, “අසුකො නාම මෙ අත්ථො උප්පජ්ජිස්සතී”ති එවම්පි අත්ථකාරණාපි න ධම්මා චවිතුමරහසි, කතං පන නිප්ඵාදිතං ඣානසුඛං නිරංකත්වා විනාසෙත්වා නෙව ධම්මා චවිතුමරහසීසි.
මෙහි ‘කාමානකාමා’ යනු ‘කාමයන්ට ආශා කිරීමයි. වස්තු කාම ප්‍රාර්ථනා කිරීම’, යන අර්ථයි. ‘නානත්ථා නත්ථකාරණා’ යනු ‘අනර්ථය ඇති කරන බැවින් ප්‍රයෝජනයක් නැත. යහපත ද ඇති නොකරයි’, යන අර්ථයි. ‘න කතඤ්ච නිරංකත්වා’ යනු ‘නිෂ්පාදනය කරන ලද, ධ්‍යානය විනාශ කොට’, යන අර්ථයි. මින් කියන ලද්දේ මේ අර්ථය යි. ‘එනම්, නාරදය, වස්තු කාම ප්‍රාර්ථනා කිරීමෙන්, ධර්මයෙන් බැහැර වීම නුසුදුසුය. එක් නරකක් වූ කල්හි, එය නැති කිරීමට උත්සාහ ගත යුතුය. අනර්ථයෙන් අනර්ථය ම ඇතිකරන බැවින්, ධර්මයෙන් බැහැර වීම නුසුදුසුය. ‘මට අසවල් යහපත ඇති වන්නේ යැ’යි, මෙසේ හිතවැඩ සලසන බැවින් ද, ධර්මයෙන් ඉවත්වීමට නුසුදුසුය. උපදවා ගන්නා ලද, ධ්‍යාන සුවය විනාශකොට, ධර්මයෙන් ඈත්වීමට සුදුසු නොවේ’ යන අර්ථයි.
එවං සරභඞ්ගෙන චතූහි ගාථාහි ධම්මෙ දෙසිතෙ කාළදෙවිලො අත්තනො කනිට්ඨං ඔවදන්තො පඤ්චමං ගාථමාහ –
මෙසේ සරභංග මුනිවරයා, ගාථා සතරකින් දහම් දෙසූ කල්හි, කාළදේවල සෘෂියා නැවතත් සිය මලණුවන්ට ඔවදන් දෙමින්, මෙසේ පැවසීය.
“දක්ඛං ගහපතී සාධු, සංවිභජ්ජඤ්ච භොජනං; අහාසො අත්ථලාභෙසු, අත්ථබ්යාපත්ති අබ්යථො”ති.
5. ගෘහපතියකුට වෙහෙසීම සුදුසුය. බෙදා හදා පරිභෝගය ද, සුදුසුය. වාසියක් වූ කල්හි, උද්දාමයට පත් නොවීමද මැනවි. සම්පත විනාශයේ දී ඇද නො වැටීම ද මැනවි.
තත්ථ දක්ඛං ගහපතීති නාරද ඝරාවාසං වසන්තානං ගහපතීනං භොගුප්පාදනත්ථාය අනලස්යඡෙකකුසලභාවසඞ්ඛාතං දක්ඛං නාම සාධු, දක්ඛභාවො භද්දකො. සංවිභජ්ජඤ්ච භොජනන්ති දුක්ඛෙන උප්පාදිතභොගානං ධම්මිකසමණබ්රාහ්මණෙහි සද්ධිං සංවිභජිත්වා පරිභොගකරණං දුතියං සාධු. අහාසො අත්ථලාභෙසූති මහන්තෙ ඉස්සරියෙ උප්පන්නෙ අප්පමාදවසෙන අහාසො අනුප්පිලාවිතත්තං තතියං සාධු. අත්ථබ්යාපත්තීති යදා පන අත්තනො අත්ථබ්යාපත්ති යසවිනාසො හොති, තදා අබ්යථො අකිලමනං චතුත්ථං සාධු, තස්මා ත්වං, නාරද, “ඣානං මෙ අන්තරහිත”න්ති මා සොචි, සචෙ ඉන්ද්රියානං වසං න ගමිස්සසි, නට්ඨම්පි තෙ ඣානං පුන පාකතිකමෙව භවිස්සතීති.
මෙහි ‘දුක්ඛං ගහපතං’ යනු ‘නාරදය, ගිහිගෙයි වසන ගෘහපතියන්ට, භෝග සම්පාදනය සඳහා අනලස් බව, දක්ෂතාව, කාර්යශීලීභාවය සංඛ්‍යාත වූ දුක් යහපත්ය. එය කුසලතා වර්ධනයකි’, යන අර්ථයි. ‘සංවිභජ්ජඤ්ච භෝජනං’ යනු ‘දුක සේ උපදවා ගත් භෝග, දැහැමි මහණ බමුණන්ට බෙදා, පරිභෝග කිරීමත්, දෙවැනි යහපත් කරුණයි’, යන අර්ථයි. ‘අහාසො අත්ථලාභෙසු’ යනු ‘මහත් වූ ඉසුරු ලැබූ කල්හි, ප්‍රමාදයට තුඩු දෙන උඩඟුකම, ආඩම්බරකම ඇති කොට නොගැනීම ද, තෙවැනි යහපත් කරුණයි’ යන අර්ථයි. ‘අත්ථබ්යාපත්ති’ යනු ‘යම්විටෙක තමාගේ සම්පත් විනාශයක්, යශස් හානියක් වේද? එකල්හි, එයින් ඇද නො වැටීම, වෙහෙසට පත් නොවීම, සිවුවන යහපත් කරුණයි’, යන අර්ථයි. එබැවින් නාරද, ඔබ ‘මගේ ධ්‍යානය නැති වී යැ’යි ශෝක නොකරව. ඉදින් ඉන්ද්රියයන්ගේ වසඟයට නොයන්නේ නම්, ඒ ඔබේ නැති වූ ධ්‍යානය, නැවත ප්‍රකෘතිමත් වන්නේ ය’ යන අර්ථයි.
තං පුන කාළදෙවිලෙන නාරදස්ස ඔවදිතභාවං ඤත්වා සත්ථා අභිසම්බුද්ධො හුත්වා ඡට්ඨං ගාථමාහ –
දෙවන වතාවටත් මෙසේ කාළදේවල විසින්, නාරද සෘෂියාට අවවාද දුන් බව දත්, බුදුරජාණන් වහන්සේ මේ සම්බන්ධයෙන්, බුද්ධත්වයෙන් පසුව වදාළ ගාථාවකි මේ.
“එත්තාවතෙතං පණ්ඩිච්චං, අපි සො දෙවිලො බ්රවි; න යිතො කිඤ්චි පාපියො, යො ඉන්ද්රියානං වසං වජෙ”ති.
6. ඒ අසිත (කාළ) දේවල තවුසා ඔවුන්ට යමක් කීයේද? පාණ්ඩිත්‍යය එපමණෙකි. යමෙක් ඉන්ද්රියයන්ගේ වසඟයට යයිද? ඊට වඩා පවිටු කිසිවෙක් නැත.
තස්සත්ථො – භික්ඛවෙ, එත්තකං එතං පණ්ඩිච්චං සොයං දෙවිලො අබ්‍රවි. යො පන කිලෙසවසෙන ඉන්ද්රියානං වසං වජති, ඉතො අඤ්ඤො පාපියො නත්ථීති.
‘මහණෙනි, ඒ මේ දේවල තවුසා, යමක් කීවේද? ඒ පාණ්ඩිත්‍යය එපමණෙකි. යමෙක් ආශාව නිසා ඉන්ද්‍රියන්ගේ වසඟයට යයිද? ඔහුට වඩා, අන් පවිටෙක් නැත’ යන අර්ථයි.
අථ නං සරභඞ්ගො ආමන්තෙත්වා “නාරද, ඉදං තාව සුණ, යො හි පඨමමෙව කත්තබ්බයුත්තකං න කරොති, සො අරඤ්ඤං පවිට්ඨමාණවකො විය සොචති පරිදෙවතී”ති වත්වා අතීතං ආහරි.
ඉක්බිති සරභංග සෘෂිවරයා ඔහු අමතා, ‘නාරදය, පළමුකොට මෙය අසන්න, මෙලොව යමෙක් මුලින් ම කළයුතු දේ, නො කෙරේද? ඔහු ‘කැලයට පිවිසි මානවකයා මෙන්, ශෝක කෙරේ. වැලපේ යැ’යි කියා, මේ අතීත කථාව මෙසේ පැවසීය.
අතීතෙ එකස්මිං කාසිනිගමෙ එකො බ්‍රාහ්මණමාණවො අභිරූපො අහොසි ථාමසම්පන්නො නාගබලො. සො චින්තෙසි – “කිං මෙ කසිකම්මාදීනි කත්වා මාතාපිතූහි පුට්ඨෙහි, කිං පුත්තදාරෙන, කිං දානාදීහි පුඤ්ඤෙහි කතෙහි, කඤ්චි අපොසෙත්වා කිඤ්චි පුඤ්ඤං අකත්වා අරඤ්ඤං පවිසිත්වා මිගෙ මාරෙත්වා අත්තානංයෙව පොසෙස්සාමී”ති? සො පඤ්චාවුධසන්නද්ධො හිමවන්තං ගන්ත්වා නානාමිගෙ වධිත්වා ඛාදන්තො අන්තොහිමවන්තෙ විධවාය නාම නදියා තීරෙ ගිරිපරික්ඛිත්තං මහන්තං පබ්බතජාලං පත්වා තත්ථ මිගෙ වධිත්වා අඞ්ගාරෙ පක්කමංසං ඛාදන්තො වාසං කප්පෙසි. සො චින්තෙසි “අහං සබ්බදා ථාමසම්පන්නො න භවිස්සාමි, දුබ්බලකාලෙ අරඤ්ඤෙ චරිතුං න සක්ඛිස්සාමි, ඉදානෙව නානාවණ්ණෙ මිගෙ පබ්බතජාලං පවෙසෙත්වා ද්වාරං යොජෙත්වා අරඤ්ඤං අනාහිණ්ඩන්තොව යථාරුචියා මිගෙ වධිත්වා ඛාදිස්සාමී”ති තථා අකාසි. අථස්ස කාලෙ අතික්කන්තෙ තං කම්මං මත්ථකප්පත්තං දිට්ඨධම්මවෙදනීයං ජාතං, අත්තනො හත්ථපාදෙහි න ලභි ගන්තුං, අපරාපරං පරිවත්තෙතුං නාසක්ඛි, නෙව කිඤ්චි ඛාදනීයං භොජනීයං, න පානීයං පස්සි, සරීරං මිලායි, මනුස්සපෙතො අහොසි, ගිම්හකාලෙ පථවී විය සරීරං භිජ්ජිත්වා රාජියො දස්සෙසි, සො දුරූපො දුස්සණ්ඨිතො මහාදුක්ඛං අනුභවි.
පෙර කසී රටට අයත් එක්තරා නියම්ගමෙක උසස් රූප සම්පත්තියෙන් යුතු කිසියම් බ්‍රාහ්මණ තරුණයෙක් විසීය. ඇතකුට හා සමාන ශක්තියකින් යුතු ඔහු, මහත් බලසම්පන්නයෙකි. කිසියම්දිනෙක කල්පනාවෙහි වැටුණු ඔහු, ‘මේ කෘෂි කර්මාන්ත ආදිය කොට මවුපියන්ට උපස්ථාන කිරීමෙන්, මට ඇති ප්‍රයෝජනය කුමක්ද? අඹුදරුවන්ගෙන්, ඇති ඵලය කිම? දානාදී පින්කම්වලින් ද, ප්‍රයෝජනයක් නැත. එබැවින් කිසිවකු පෝෂණය නොකොට, කිසිදු පින්කමක් නොකොට, කැලයට පිවිස, මුවන් මරා, මම මා ම පෝෂණය කරන්නෙමැ’යි සිතූ ඔහු, පංචායුධ සන්නද්ධව හිමවතට පිවිස, නන්වැදෑරුම් මුවන් මරා කමින්, හිමාල වනපෙතෙහි ‘විධවා’ නම් වූ නදී තෙර, පර්වත වළල්ලකින් වට වූ පර්වත මණ්ඩලයක් මැද, වාසස්ථානය කොටගෙන, එහි මුවන් මරමින් උන්ගේ මස් අඟුරෙහි ලා පුළුස්සා කමින්, වාසය කෙළේය. කිසියම්දිනෙක ඔහු ‘මම සදාකල් ශක්තිවන්තයෙක්ව ජීවත් නොවෙමි. දුර්වල කාලයක දී කැලයේ ජීවත්වීමට ද අසීරුය. ඒ නිසා දැන් දැන් ම, විවිධාකාර මුව වර්ගයන්, මේ පර්වත මණ්ඩලය තුළට දක්කාගෙන අවුත්, ඔවුන් මෙහි ගාල්කොට, දොරටුවක් ද යොදා, කැලයේ සංචාරය කිරීමකින් තොරවම, හිතේ හැටියට මුවන් මරා කන්නෙමි’යි සිතා ඒ අයුරින්ම ක්‍රියාත්මක වී, එයද ඉටුකොට ගත්තේය. මෙසේ කල්ගත වෙද්දී, ඔහුගේ කර්මය බරපතල විය. දිට්ඨධම්ම වේදනීය කර්මය විපාක දෙමින් මුලින්ම ඔහුගේ අත-පය වලංගු නැති වී, පසුව ඒවා කොර විය. ඔබ-මොබ යන්නටවත්, හිටගන්නටවත් ඔහුට නොහැකි විය. කෑ යුතු, බිඳිය යුතු, පානය කළයුතු කිසිවක් ඔහු අසල නැත. ඒ නිසා ඔහුගේ සිරුර මැල වී ගියේය. ඔහු මනුෂ්‍ය ප්‍රේතයෙක් බවට පත්විය. ඔහුගේ සිරුර ග්‍රීෂ්ම කාලයෙහි, මහපොළොව මෙන්, ඇඟ පුරා පැලී විවරව ගියේය. පැලි වලං පැලුණු පොළොවක් මෙන් විය. දුර්වර්ණ වූ සිරුරකින් යුතු ඔහු, ඉතා බිහිසුණු වූ, මහා දුකක් අනුභව කෙළේය.
එවං අද්ධානෙ ගතෙ සිවිරට්ඨෙ සිවිරාජා නාම “අරඤ්ඤෙ අඞ්ගාරපක්කමංසං ඛාදිස්සාමී”ති අමච්චානං රජ්ජං නිය්යාදෙත්වා පඤ්චාවුධසන්නද්ධො අරඤ්ඤං පවිසිත්වා මිගෙ වධිත්වා මංසං ඛාදමානො අනුපුබ්බෙන තං පදෙසං පත්වා තං පුරිසං දිස්වා භීතොපි සතිං උපට්ඨපෙත්වා “කොසි ත්වං අම්භො පුරිසා”ති පුච්ඡි. “සාමි, මනුස්සපෙතො අහං, අත්තනො කතකම්මස්ස ඵලං අනුභොමි, ත්වං පන කොසී”ති? “සිවිරාජාහමස්මී”ති. “අථ කස්මා ඉධාගතොසී”ති? “මිගමංසං ඛාදනත්ථායා”ති. අථස්ස සො “අහම්පි මහාරාජ, ඉමිනාව කාරණෙන ආගන්ත්වා මනුස්සපෙතො ජාතො”ති සබ්බං විත්ථාරෙන කථෙත්වා අත්තනො දුක්ඛිතභාවං රඤ්ඤො ආචික්ඛන්තො සෙසගාථා ආහ –
මේ අතර සිවි රටේ සිවි රජතුමා කිසියම් දිනෙක කැලයට වැදී, මුවෙකු මරා ගින්නෙන් පුළුස්සා, මස් කෑමට ආශාවක් ඇතිවී, සිය ඇමැති මඩුල්ලට රජය භාරකොට, තෙමේ පංචායුධයෙන් සන්නද්ධ වී පිරිසක් ද ගෙන, හිමාල වනයට පිවිසියේය. එසේ පිවිසි ඔහු, මුවකු මරා මස් අනුභව කරමින්ම, ක්‍රමයෙන් ඉහත කී පර්වත වළල්ල දෙසට පිය නගා, අහම්බෙන් මෙන් ඒ පුරුෂයා දැක මහත් බිය පත්විය. ධෛර්යය උපදවා ගත් රජතුමා, ඒ මිනිසාට ළංවී, ‘පින්වත් පුරුෂය, නුඹ කවරෙක්දැ’යි විචාළේය. ‘ස්වාමීනි, මම මනුෂ්‍ය ප්‍රේතයෙක්මි. මගේ ම කර්මය නිසා, එහි ඵලය මෙසේ අනුභව කරමි. පින්වත, ඔබ කවරෙක්ද?’ ‘පුරුෂය, මම සිවි රටේ රජතුමා වෙමි.’ ‘එසේ නම් කුමට මෙහි පැමිණියෙහිද?’ ‘මුව මස් කෑම සඳහාය.’ ‘මහරජතුමනි, මම ද මෙහි පැමිණියේ ඔය කාරණයටමය. දැන් මම එහි ප්‍රතිඵලයක් වශයෙන්, මනුෂ්‍ය ප්‍රේතයෙක් වීමි’යි කියා, සියල්ල විස්තර වශයෙන්, රජුට පැහැදිලි කොට දී, තමාගේ දුක්ඛිත බව රජුට පැහැදිලි කරමින්, මෙසේ කීවේය.
“අමිත්තානංව හත්ථත්ථං, සිවි පප්පොති මාමිව; කම්මං විජ්ජඤ්ච දක්ඛෙය්යං, විවාහං සීලමද්දවං; එතෙ ච යසෙ හාපෙත්වා, නිබ්බත්තො සෙහි කම්මෙහි.
7-8 සිවි රජතුමනි, සතුරන්ගේ අතට පත් වූවකු මෙන්, (යමෙක්) මගේ තත්ත්වයට වැටේද? රැකියාව, ශිල්ප ශාස්ත්‍ර දැනුම, දක්ෂකම්, විවාහය, ශීලය, මෘදු බව යන මෙතෙක් යශස් බැහැරකොට, ස්වකීය (පාප) කර්මයන් නිසා, (මනුෂ්‍ය ප්‍රේතව) උපන්නෙමි. ඒ මම දාහකගෙන් පැරදුනකු මෙන්, නෑයන් නැත්තෙක්ව, යම් සේ ආර්ය ධර්මයෙන් පහ වූයෙම්ද? එසේම මම ප්‍රේතයෙක් ද වූයෙමි.
“සොහං සහස්සජීනොව, අබන්ධු අපරායණො; අරියධම්මා අපක්කන්තො, යථා පෙතො තථෙවහං.
“සුඛකාමෙ දුක්ඛාපෙත්වා, ආපන්නොස්මි පදං ඉමං; සො සුඛං නාධිගච්ඡාමි, ඨිතො භාණුමතාමිවා”ති.
9. සැප කැමැත්තකින් දුකට පමුණුවා, මේ තත්ත්වයට පත් වූයෙමි. ඒ මම ගින්නෙහි වැටුණකු මේ, වෙමි. සැපක් නොලබමි.
තත්ථ අමිත්තානංව හත්ථත්ථන්ති අමිත්තානං හත්ථෙ අත්ථං විනාසං විය. සිවීති රාජානං ආලපති. පප්පොති මාමිවාති මාදිසො පාපකම්මෙන පාපුණාති, අත්තනොව කම්මෙන විනාසං පාපුණාතීති වුත්තං හොති. කම්මන්ති කසිකම්මාදිභෙදං ආජීවසාධකං කිච්චං. විජ්ජන්ති නානප්පකාරකං හත්ථිසිප්පාදිකං සිප්පං. දක්ඛෙය්යන්ති නානප්පකාරෙන භොගුප්පාදනකොසල්ලං. විවාහන්ති ආවාහවිවාහසම්බන්ධං. සීලමද්දවන්ති පඤ්චවිධසීලඤ්චෙව මුදුවචනං හිතකාමං පාපනිවාරණං කල්යාණමිත්තතඤ්ච. සො හි ඉධ මද්දවොති අධිප්පෙතො. එතෙ ච යසෙ හාපෙත්වාති එතෙ එත්තකෙ යසදායකෙ ධම්මෙ හාපෙත්වා ච. නිබ්බත්තො සෙහි කම්මෙහීති අත්තනො කම්මෙහි නිබ්බත්තො. ඉදං වුත්තං හොති – අහං, මහාරාජ, ඉමස්මිං ලොකෙ ඉස්සරියදායකං කත්තබ්බයුත්තකං කම්මං අකත්වා සිප්පං අසික්ඛිත්වා උපායෙන භොගෙ අනුප්පාදෙත්වා ආවාහවිවාහං අකත්වා සීලං අරක්ඛිත්වා මං අකිච්චං කරොන්තං පාපනිවාරණසමත්ථෙ කල්යාණමිත්තෙ අභජිත්වා ඉමෙ එත්තකෙ යසදායකත්තා “යසෙ”ති සඞ්ඛ්‍යං ගතෙ ලොකප්පවත්තිධම්මෙ හාපෙත්වා ඡඩ්ඩෙත්වා ඉමං අරඤ්ඤං පවිසිත්වා සයං කතෙහි පාපකම්මෙහි ඉදානි මනුස්සපෙතො හුත්වා නිබ්බත්තොස්මීති.
මෙහි ‘අමිත්තානංව හත්ථත්ථං’ යනු ‘සතුරන් අතට පත් ධනය මෙන්, විනාශ විය’ යන අර්ථයි. ‘සිව’ යනුවෙන් රජුට අමතයි. ‘පප්පොති මාමිව’ යනු ‘මා වැනි පවුකාරයෙකු බවට පත්වේ. තමාගේ ක්‍රියාවෙන් විනාශයට පැමිණේ යැයි, කියන ලදි’, යන අර්ථයි. ‘කම්මං’ යනු ‘කෘෂිකර්ම ආදි වූ, ජීවන කර්මාන්ත’, යන අර්ථයි. ‘විජ්ජං’ යනු ‘හස්ති ශිල්ප ආදී වූ නානාවිධ ශිල්ප’, යන අර්ථයි. ‘දක්ඛොය්යං’ යනු නොයෙක් ආකාරයෙන් වස්තුව ඉපදවීමේ දක්ෂතාව’, යන අර්ථයි. ‘විවාහං’ යනු ‘ආවාහ-විවාහ සම්බන්ධතාවලින්, සම්පූර්ණත්වයට පත්වීම’, යන අර්ථයි. ‘සීලමද්දවං’ යනු පංචශීලයද, ‘මද්දව’ යන්නෙන් මෘදු වචන, හිතකාමී බව, පවින් වැළකීම, කල්‍යාණ මිත්‍රතාව, අදහස් කෙරේ’ යන අර්ථයි. ‘එතෙච යසෙ හාපෙත්වා’ යනු මෙපමණක් ම මේ යශස් ගෙන දෙන ධර්මයන් නසා’, යන අර්ථයි. ‘නිබ්බත්තො සේහි කම්මෙහි’ යනු ‘ස්වකීය කර්මයන් හේතු කොටගෙන උපන්නෙමි’ යන අර්ථයි. මින් කියන ලද්දේ මේ අර්ථය යි. එනම්, ‘මහරජතුමනි, මම මේ ලෝකයෙහි ඉසුරු ලබාගැනීමට කළයුතු වූ, කිසිදු කර්මයක් සිදු නොකොට, ශිල්ප ද නොඉගෙන, උපායන්ගෙන් භෝග සම්පාදනය නොකොට, ආවාහ-විවාහ ද සිදු නොකොට, සිල් නොරැක, නොකටයුතු දේ කරන මා, එයින් වලක්වා ගතහැකි කල්‍යාණ මිත්‍රයන්, ඇසුරු නොකොට, මේ සා විශාල යශස් ඇති කළ හැකි, යශස් ලෙස ලෝකයා විසින් සම්මත කොට ගත්, සියලු සම්පත් හා ධර්මයන් බැහැර කොට, ඒවා ඉවත දමා, මේ මහා කැලයට පිවිස, විහින් කරගත් පාප කර්මයන් නිසා, දැන් මනුෂ්‍ය ප්‍රේතයෙක් ව ඉපදුනෙමි’යි යන අර්ථයි.
සහස්සජීනොවාති සහස්සජීනපුරිසො වියාති අත්ථො. ස්වාහං සම්මා පටිපජ්ජිත්වා භොගෙ උප්පාදෙය්යං, තෙහි අනෙකසහස්සෙහි භොගෙහි ජිතොතිපි අත්ථො. අපරායණොති අසරණො, නිප්පතිට්ඨොති අත්ථො. අරියධම්මාති සප්පුරිසධම්මතො. යථා පෙතොති යථා මතො පෙතො හුත්වා උප්පජ්ජෙය්ය, ජීවමානොයෙව තථා මනුස්සපෙතො ජාතොස්මීති අත්ථො. සුඛකාමෙ දුක්ඛාපෙත්වාති සුඛකාමෙ සත්තෙ දුක්ඛාපෙත්වා. “සුඛකාමො”තිපි පාඨො, සයං සුඛකාමො පරං දුක්ඛාපෙත්වාති අත්ථො. ආපන්නොස්මි පදං ඉමන්ති එවරූපං කොට්ඨාසං පත්තොස්මි. පථන්තිපි පාඨො, ඉදං දුක්ඛස්ස පථභූතං අත්තභාවං පත්තොස්මීති අත්ථො. ඨිතො භාණුමතාමිවාති භාණුමා වුච්චති අග්ගි, වීතච්චිකඞ්ගාරෙහි සමන්තා පරිකිණ්ණො විය සරීරෙ උට්ඨිතෙන මහාදාහෙන දය්හන්තො කායිකචෙතසිකසුඛං න වින්දාමීති වදති.
‘සහස්සජීනෝව’ යනු ‘දාහකින් පැරදුණු මිනිසකු මෙන්’, යන අර්ථයි. ඒ මම ධාර්මික ලෙස සම්පත් උපදවන්නෙක් නම්, ඒ දහස් ගණන් වූ, නොයෙක් සම්පත්වලින් පැරදුණෙමි’ යන අර්ථයි. ‘අපරායණො’ යනු ‘අසරණයෙක්, පිහිටක් නැත්තෙක් වූයෙමි’ යන අර්ථයි. ‘අරියධම්මා’ යනු ‘සත්පුරුෂ ධර්මයෙන්’, යන අර්ථයි. ‘යථා පේතෝ’ යනු ‘යම් සේ මළේද? ප්‍රේතව උපදින්නේය. මම ජීවත් වුවත්, එසේ මනුෂ්‍ය ප්‍රේතයෙක්ව ඉපදුණෙමි.’ යන අර්ථයි. ‘සුඛකාමේ දුක්ඛාපෙත්වා’ යනු ‘සැප කැමති සත්ත්වයන්, දුකට පමුණුවා’ යන අර්ථයි. ‘ආපනෙනාස්මි පදං ඉමං’ යනු ‘එබඳු වූ මේ ප්‍රේත කොටසට වැටුණෙමි’ යන අර්ථයි. ‘පථං’ යනු ද පාඨයකි. මේ දුකට හේතුභූත වූ, ආත්ම භාවයකට පැමිණියෙමි’ යන අර්ථයි. ‘චිතොභානුමතාමිව’ යනු ‘ගින්නට ‘භානුමා’ යැයි කියනු ලැබේ. ‘දැල්ලෙන් තොර, ගිනි අඟුරුවලින් වටේට ගැවසී ගත්තාක් මෙන්, සිරුරෙහි උපන්, මහා දැවිල්ලෙන් දැවෙමින්, කායික-චෛතසික සැපයක් නම්, නො විඳිමි’යි කියයි’, යන අර්ථයි.
එවඤ්ච පන වත්වා “අහං, මහාරාජ, සුඛකාමො පරං දුක්ඛාපෙත්වා දිට්ඨෙව ධම්මෙ මනුස්සපෙතො ජාතො, තස්මා ත්වං පාපං මා කරි, අත්තනො නගරං ගන්ත්වා දානාදීනි පුඤ්ඤානි කරොහී”ති ආහ. රාජා තථා කත්වා සග්ගපුරං පූරෙසි. සරභඞ්ගසත්ථා ඉමං කාරණං ආහරිත්වා තාපසං සඤ්ඤාපෙසි. සො තස්ස ධම්මකථාය සංවෙගං පටිලභිත්වා තං වන්දිත්වා ඛමාපෙත්වා කසිණපරිකම්මං කත්වා නට්ඨං ඣානං පටිපාකතිකං අකාසි. සරභඞ්ගො තස්ස තත්ථ වසිතුං අදත්වා තං ආදාය අත්තනො අස්සමං ගතො.
ඔහු මෙසේ ද කියා, ‘මහරජතුමනි, මම සැප කැමැත්තෙන් අනුන්ට දුක් ඇතිකොට, මේ භවයේදීම, මනුෂ්‍ය ප්‍රේතයෙක්ව උපන්නෙමි. එබැවින් ඔබතුමා පව් නොකරනු මැනව. තමාගේ නගරයට ගොස්, දානාදී පින්කම් කරනු මැනවැ’යි කීවේය. රජතුමා ද, ඒ කී ලෙසින්ම කටයුතු කොට, ජීවත්ව සිට, මැරී ගොස් දෙව්ලොව උපන්නේය. සරභංග සෘෂිවරයා මේ කාරණය ගෙනහැර දක්වා, නාරද තවුසා, මැනවින් දැනුම්වත් කෙළේය. ඔහු ද මුනිවරයාගේ කථාවෙන් සංවේගය උපදවාගෙන, එතුමාට වැඳ, සමා කරවාගෙන, කසිණ භාවනා වඩා, ඇතිවූ ධ්‍යාන ප්‍රකෘතිමත් කොටගෙන, යහතින් කටයුතු කෙළේය. සරභංග සෘෂිවරයා, නාරද තවුසාට තවදුරටත්, එහි වසන්නට ඉඩ නොදී, ඔහු රැගෙන ගොස්, තමාගේ අසපුවෙහි පහසුවෙන් ජීවත් වීමට, ඉඩ සලසා දුන්නේය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා සච්චානි පකාසෙත්වා ජාතකං සමොධානෙසි, සච්චපරියොසානෙ උක්කණ්ඨිතභික්ඛු සොතාපත්තිඵලෙ පතිට්ඨහි.
බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා, සත්‍යය ප්‍රකාශ කොට, ජාතකය නිමවා වදාළ සේක. දේශනාව අවසානයේ දී, කලකිරීමෙන් ජීවත් වූ භික්ෂුව සෝවාන් ඵලයෙහි පිහිටියේය.
තදා නාරදො උක්කණ්ඨිතභික්ඛු අහොසි, නගරසොභිණී පුරාණදුතියිකා, සාලිස්සරො සාරිපුත්තො, මෙණ්ඩිස්සරො කස්සපො, පබ්බතො අනුරුද්ධො, කාළදෙවිලො කච්චායනො, අනුපියො ආනන්දො, කිසවච්ඡො මහාමොග්ගල්ලානො, සරභඞ්ගො පන අහමෙව අහොසින්ති.
එදා නාරද තවුසා නම්, මේ කලකිරුණු භික්ෂුවයි. සාලිස්සර තවුසා නම්, සැරියුත් තෙරණුවෝය. මෙණ්ඩිස්සර තවුසා නම් කාශ්‍යප තෙරණුවෝය. පබ්බත තවුසා නම්, අනුරුද්ධ තෙරණුවෝය. කාළදේවල තවුසා නම්, කච්චායන තෙරණුවෝය. අනුශිෂ්‍ය තවුසා නම්, ආනන්ද තෙරණුවෝය. කිසවච්ඡ තවුසා නම්, මුගලන් තෙරණුවෝය. සරභංග සෘෂිවරයා වූ කලී, ‘මම ම යැ’යි බුදුරජාණන් වහන්සේ, තමන් වහන්සේ දක්වා වදාළ සේක.
ඉන්ද්රියජාතකවණ්ණනා සත්තමා.