යෙදුමෙන් කියවන්න

6. චෙතියජාතකවණ‍්ණනා 422 අට‍්ඨකථා

6. චෙතියජාතකවණ‍්ණනා (422)

6. චේතිය ජාතකය (422)

ධම‍්මො හවෙ හතො හන‍්තීති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො දෙවදත‍්තස‍්ස පථවිපවෙසනං ආරබ‍්භ කථෙසි. තස‍්මිඤ‍්හි දිවසෙ භික‍්ඛූ ධම‍්මසභායං කථං සමුට‍්ඨාපෙසුං “ආවුසො, දෙවදත‍්තො මුසාවාදං කත්‍වා පථවිං පවිට‍්ඨො අවීචිපරායණො ජාතො”ති. සත්‍ථා ආගන‍්ත්‍වා “කාය නුත්‍ථ, භික‍්ඛවෙ, එතරහි කථාය සන‍්නිසින‍්නා”ති පුච‍්ඡිත්‍වා “ඉමාය නාමා”ති වුත‍්තෙ “න, භික‍්ඛවෙ, ඉදානෙව, පුබ‍්බෙපි පථවිං පවිට‍්ඨොයෙවා”ති වත්‍වා අතීතං ආහරි.

‘ධම්මො භවෙ හතො හන්ති’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථා වස්තුව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවාසය කරන සේක්, දෙව්දතුන්ගේ ‘පොළොව පලා යාම’ නිමිති කොටගෙන වදාළ සේක. එදිනම දම් සභාවෙහි රැස් වූ භික්‍ෂූහු ‘ඇවැත්නි, දෙව්දත් තෙමේ මුසාබස් කියා පොළොව පලා අවීචියට ගොස්, එහි උපත ලැබුවේ යැ’යි, මෙසේ ඒ ගැන කතා කරමින් හුන්හ. එවිට එතැනට වැඩි බුදුරජාණන් වහන්සේ, භික්‍ෂූන් සාකච්ඡා කළ කරුණු ඔවුන්ගෙන් ම අසා දැන, ‘මහණෙනි, දෙව්දතුන්ට මුසා බස් කීම නිසා පොළොව පලා යාමට සිදු වූයේ දැන් මතු නොව, පෙර ද ඔහු බොරුව හේතු කොටගෙන ම පොළෝ ගැබ තුළට පිවිසියේ ම යැ’යි වදාරා මේ අතීත කතාපුවත මෙසේ ගෙනහැර දැක්වූ සේක.

අතීතෙ පඨමකප‍්පෙ මහාසම‍්මතො නාම රාජා අසඞ‍්ඛ්‍යෙය්‍යායුකො අහොසි. තස‍්ස පුත‍්තො රොජො නාම, තස‍්ස පුත‍්තො වරරොජො නාම, තස‍්ස පුත‍්තො කල්‍යාණො නාම, කල්‍යාණස‍්ස පුත‍්තො වරකල්‍යාණො නාම, වරකල්‍යාණස‍්ස පුත‍්තො උපොසථො නාම, උපොසථස‍්ස පුත‍්තො වරඋපොසථො නාම, වරඋපොසථස‍්ස පුත‍්තො මන්‍ධාතා නාම, මන්‍ධාතුස‍්ස පුත‍්තො වරමන්‍ධාතා නාම, වරමන්‍ධාතුස‍්ස පුත‍්තො වරො නාම, වරස‍්ස පුත‍්තො උපවරො නාම අහොසි, උපරිවරොතිපි තස‍්සෙව නාමං. සො චෙතියරට‍්ඨෙ සොත්‍ථියනගරෙ රජ‍්ජං කාරෙසි, චතූහි රාජිද‍්ධීහි සමන‍්නාගතො අහොසි උපරිචරො ආකාසගාමී, චත‍්තාරො නං දෙවපුත‍්තා චතූසු දිසාසු ඛග‍්ගහත්‍ථා රක‍්ඛන‍්ති, කායතො චන්‍දනගන්‍ධො වායති, මුඛතො උප‍්පලගන්‍ධො. තස‍්ස කපිලො නාම බ්‍රාහ‍්මණො පුරොහිතො අහොසි. කපිලබ්‍රාහ‍්මණස‍්ස පන කනිට‍්ඨො කොරකලම‍්බො නාම රඤ‍්ඤා සද‍්ධිං එකාචරියකුලෙ උග‍්ගහිතසිප‍්පො බාලසහායො. සො තස‍්ස කුමාරකාලෙයෙව “අහං රජ‍්ජං පත්‍වා තුය‍්හං පුරොහිතට‍්ඨානං දස‍්සාමී”ති පටිජානි. සො රජ‍්ජං පත්‍වා පිතු පුරොහිතං කපිලබ්‍රාහ‍්මණං පුරොහිතට‍්ඨානතො චාවෙතුං නාසක‍්ඛි. පුරොහිතෙ පන අත‍්තනො උපට‍්ඨානං ආගච‍්ඡන‍්තෙ තස‍්මිං ගාරවෙන අපචිතාකාරං දස‍්සෙසි. බ්‍රාහ‍්මණො තං සල‍්ලක‍්ඛෙත්‍වා “රජ‍්ජං නාම සමවයෙහි සද‍්ධිං සුපරිහාරං හොති, අහං රාජානං ආපුච‍්ඡිත්‍වා පබ‍්බජිස‍්සාමී”ති චින‍්තෙත්‍වා “දෙව, අහං මහල‍්ලකො, ගෙහෙ කුමාරකො අත්‍ථි, තං පුරොහිතං කරොහි, අහං පබ‍්බජිස‍්සාමී”ති රාජානං අනුජානාපෙත්‍වා පුත‍්තං පුරොහිතට‍්ඨානෙ ඨපාපෙත්‍වා රාජුය්‍යානං පවිසිත්‍වා ඉසිපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා ඣානාභිඤ‍්ඤායො නිබ‍්බත‍්තෙත්‍වා පුත‍්තං නිස‍්සාය තත්‍ථෙව වාසං කප‍්පෙසි.

පෙර ප්‍රථම කල්පයෙහි ‘මහා සම්මත’ නමින් රජෙක් පහළ ව, වසර අසංඛ්‍යයක් ආයු වින්දනය කෙළේය. ඔහුගේ පුතා ‘රෝජ’ නමි. රෝජගේ පුතා ‘වරරෝජ’ ය. ඔහුගේ පුතා ‘කල්‍යාණ’ නමි. කල්‍යාණගෙ පුතා ‘වරකල්‍යාණ’ ය. ඔහුගෙ පුතා ‘උපෝසථ’ ය. උපෝසථගේ පුතා ‘වරඋපෝසථ’ නමි. වරඋපෝසථට ‘මන්ධාතු’ නමින් පුතෙක් විය. ඔහුගේ පුතා ‘උපචර’ ය. ‘අපචර’ යනු ද ඔහුටම කියන තවත් නමෙකි. ඔහු ‘චේතිය රටේ ‘සොත්‍ථිවතී’ නුවර රජකම් කෙළේය. ඔහු චතුර්විධ සෘද්ධියෙන් සමන්විත රජෙකි. පොළොවට ඉහළින් හැසිරිය හැකි ඔහු, අහසින් යා හැකි පුද්ගලයෙකි. කඩු අතින් ගත් දිව්‍ය පුත්‍රයෝ සිවුදෙනෙක්, සිවු දිසාවන්හි සිට මේ රජු රකිති. රජුගේ සිරුරින් නිති සඳුන් සුවඳ වහනය වෙයි. ඔහුගේ මුවින් උපුල් මල් සුවඳ හමා යයි. රජුගේ පුරෝහිත තනතුර දැරුවේ ‘කපිල’ නම් බ්‍රාහ්මණ උතුමෙකි. කපිල බමුණාට ‘කෝරකලම්බ’ නමින් බාල සොයුරෙක් විය. ඔහු රජු සමග එකම ආචාර්යවරයකු ළඟ ශිල්ප උගත්තෙකි. කුඩා කල සිටම, එක්ව හැදී වැඩුණු රජුගේ මිතුරෙකි. ඒ මිතුරුකම නිසා කුමාර කාලයේ දී ම ඔහු තම මිතුරා අමතා, ‘මම කවදා නමුත් මේ රටේ අගරජු වන්නෙමි. එදින මම ඔබ මගේ පුරෝහිතයා කොට ගන්නෙමැ’යි කියා, කෝරකලම්බට පොරොන්දු විය. එහෙත් ඔහු රාජ්‍යයට පත්වූ නමුදු, තම පියරජතුමාගේ පුරෝහිතයා වන කපිල බමුණා. පුරෝහිත තනතුරින් පහකිරීමට අපොහොසත් විය. පුරෝහිතතුමා, රජුට සේවය කිරීම සඳහා රජමැදුරට පැමිණෙන කල්හි, ඔහු කෙරෙහි ගෞරවයෙන්, සැලකිලි දක්වන්නට රජුට සිදුවිය. පුරෝහිත බමුණා ද රජුගේ තමාට ඇති ගෞරවය හා සැලකිලි ප්‍රමාණවත් කොට ගෙන, ‘නියම රජයක් නම්, සමවියේ ඇති අය විසින් මැනවින් ආරක්ෂා කොටගත යුත්තකි. එබැවින් මම රජුගෙන් අසා බලා පැවිදි වන්නෙමැ’යි සිතා, රජු හමුවට ගොස්, දේවයිනි, මම දැන් මහලුය. මට තරුණ පුත් කුමරෙක් ද ඇත. ඔහු පුරෝහිතයා කරගනු මැනව. මම පැවිදි වන්නෙමැ’යි කීය. මෙසේ රජුගේ අනුමැතිය ලැබූ, කපිල බමුණා සිය පුත්‍ර කුමාරයා මාලිගාවට කැඳවා ගෙනැවිත් ඔහු පුරෝහිත තනතුරෙහි පිහිටුවා, ඉන් අනතුරුව රාජකීය උද්‍යානයට පිවිස, සෘෂි පැවිද්දෙන් පැවිදිව, ධ්‍යාන හා අභිඥා උපදවා ගෙන, සිය පුතු ඇසුරනේ යැපෙමින් ඒ උයනෙහිම වාසය කෙළේය.

කොරකලම‍්බො “අයං පබ‍්බජන‍්තොපි න මය‍්හං ඨානන‍්තරං දාපෙසී”ති භාතරි ආඝාතං බන්‍ධිත්‍වා එකදිවසං සුඛකථාය නිසින‍්නසමයෙ රඤ‍්ඤා “කොරකලම‍්බ කිං ත්‍වං පුරොහිතට‍්ඨානං න කරොසී”ති වුත‍්තෙ “ආම, දෙව, න කරොමි, භාතා මෙ කරොතී”ති ආහ. “නනු තෙ භාතා පබ‍්බජිතො”ති? “ආම පබ‍්බජිතො, ඨානන‍්තරං පන පුත‍්තස‍්ස දාපෙසී”ති. “තෙන හි ත්‍වං කරොහී”ති? “දෙව, පවෙණියා ආගතං ඨානන‍්තරං මම භාතරං අපනෙත්‍වා න සක‍්කා මයා කාතු”න‍්ති. “එවං සන‍්තෙ අහං තං මහල‍්ලකං කත්‍වා භාතරං තෙ කනිට‍්ඨං කරිස‍්සාමී”ති. “කථං, දෙවා”ති? “මුසාවාදං කත්‍වා”ති. “කිං දෙව, න ජානාථ, යදා මම භාතා මහන‍්තෙන අබ‍්භුතධම‍්මෙන සමන‍්නාගතො විජ‍්ජාධරො, සො අබ‍්භුතධම‍්මෙන තුම‍්හෙ වඤ‍්චෙස‍්සති, චත‍්තාරො දෙවපුත‍්තෙ අන‍්තරහිතෙ විය කරිස‍්සති, කායතො ච මුඛතො ච සුගන්‍ධං දුග‍්ගන්‍ධං විය කරිස‍්සති, තුම‍්හෙ ආකාසා ඔතාරෙත්‍වා භූමියං ඨිතෙ විය කරිස‍්සති, තුම‍්හෙ පථවිං පවිසන‍්තා විය භවිස‍්සථ, තදා තුම‍්හාකං කථාය පතිට‍්ඨාතුං න සක‍්ඛිස‍්සථා”ති. “ත්‍වං එවං සඤ‍්ඤං මා කරි, අහං කාතුං සක‍්ඛිස‍්සාමී”ති. “කදා කරිස‍්සථ, දෙවා”ති? “ඉතො සත‍්තමෙ දිවසෙ”ති. සා කථා සකලනගරෙ පාකටා අහොසි. “රාජා කිර මුසාවාදං කත්‍වා මහල‍්ලකං ඛුද‍්දකං, ඛුද‍්දකං මහල‍්ලකං කරිස‍්සති, ඨානන‍්තරං ඛුද‍්දකස‍්ස දාපෙස‍්සති, කීදිසො නු ඛො මුසාවාදො නාම, කිං නීලකො, උදාහු පීතකාදීසු අඤ‍්ඤතරවණ‍්ණො”ති එවං මහාජනස‍්ස විතක‍්කො උදපාදි. තදා කිර ලොකස‍්ස සච‍්චවාදීකාලො, “මුසාවාදො නාම එවරූපො”ති න ජානන‍්ති.

මේ අතර කෝරකලම්බක තෙමේ, සිය වැඩිමල් සොයුරා ගැන කල්පනා කරමින්, ‘මොහු පැවිදි වූ මුත් ඔහුගේ තනතුර මට ලබා නොදුන්නේ යැ’යි, සිය සහෝදරයා කෙරෙහි වෛර බැඳගෙන, තරහින් කාලය ගත කෙළේය. කිසියම් දිනෙක රජු හමුවට ගිය ඔහු, රජු සමග සුව-දුක් කතා කරමින් සතුටු සාමීචියේ යෙදුණේය. එහිදී රජතුමා, ‘හිතවත් කෝරකලම්බක, ඔබ තවම පුරෝහිත තනතුරට පත් නොවූයෙහි දැ’යි ඇසීය. ‘එසේය දේවයිනි, පුරෝහිත තනතුරේ අයිතිය ඇත්තේ මාගේ සහෝදරයාටය. ‘හිතවත, ඔබේ සොයුරා පැවිදි වූයේ නොවේද? ‘එසේය දේවයිනි, පුරෝහිත තනතුරේ අයිතිය ඇත්තේ මාගේ සහෝදරයාටය. ‘හිතවත, ඔබේ සොයුරා පැවිදි වූයේ නොවේද? ‘එසේය දේවයිනි, ඔහු පැවිදි වූයේ පුරෝහිත තනතුර සිය පුතුට දීමෙන් අනතුරුවය. ‘හිතවත, එස් වී නම්, ඒ තනතුර ඔබ බාරගෙන කරන්න. ‘දේවයිනි, ප්‍රවේණියෙන් පැමිණෙන තනතුරකින් එනම් මගේ සොයුරාට ඇති අධිකාරියෙන්, ඔහු පහකොට, එය මාගේ අයිතියට ගැනීම, කිසිසේත් නො කළ හැක්කකි. ‘එසේ නම් හිතවත, මට නුඹ, වැඩිමහලු පුද්ගලයා බවට, ප්‍රකාශයට පත්කොට, ඔබේ වැඩිමහල් සොයුරා, බාලයා බවට ප්‍රකාශයට පත් කරන්නෙමි.’ ‘දේවයිනි, එය කෙසේ නම් කළ හැක්කක්ද?’ ‘හිතවත, එය කළ හැක්කේ මුසාවාද කීමෙනි.’ ‘දේවයිනි, මාගේ සහෝදරයා මහත් වූද, විස්මයජනක වූ ද, පුදුම සහගත හැකියාවන්ගෙන් සමන්විත විද්‍යාධරයෙකි. ඒ බව ඔබවහන්සේ නො දන්නා සේක්ද? ඔහු නැති දේ මවා පෙන්වීමෙන් ඔබ මුළා කරන්නේය. ඔබ ආරක්ෂා කෙරෙන දේව පුත්‍රයන් සිවුදෙනා පවා, අතුරුදහන් වූවන් මෙන්, ඔබට පෙනෙන්නට සලස්වන්නේය. ඔබේ කයෙන් හා මුවෙන් හමා විහිදෙන සුවඳ දුඟදක් මෙන් කරන්නේය. එපමණක් නොව ඔබ අහසින් ඇද දමා, බිම හෙළූ තැනැත්තකු මෙන්, කරන්නේය. එයින් නොනැවතී ඔබ පොළොවට පිවිසෙන්නකු බවට මවා පෙන්වන්නේය. එවිට ඔබතුමා ඔබේ කතාවෙහි ස්ථිරව පිහිටා සිටින්නට, අපොහොසත් වන්නෙහිය.’ ‘හිතවත, ඔබ මට මෙසේ අනතුරු හැඟවීම් නො කරව. මම එය ඔබට සිදුකොට ම, පෙන්වන්නෙමි.’ ‘දේවයිනි, ඔබවහන්සේ එය කවදා නම් කරන සේක්ද?’ ‘මම එය අදින් සත්වැනි දිනයේ කරන්නෙමැ’යි රජතුමා කීයේය. සතියක් ඇතුළත මේ කතාව, මුළු නුවර පුරා පැතිර ගියේය. රටේ විවිධ උදවිය, මේ ගැන නොයෙක් කතා කීහ. ‘අපේ රජතුමා මුසාවාද කියා, වැඩිමහල්ලකු ලාබාලයකු කරන්නේය. එසේ කොට පුරෝහිත තනතුර, බාලයාට ලැබෙන්නට සලස්වන්නේය. මේ මුසාවාදය යනු කුමක්ද? කෙබඳු දෙයක්ද? මුසාවාදය නම්, නිල් පැහැති හෝ කහ පැහැති හෝ දෙයක්ද? නැතිනම් එය වෙනත් කෙබඳු පැහැයක් ඇති දෙයක්දැ’යි, මෙසේ මහජනයාට මේ මුසාවාදය, විවිධ පරිකල්පනාවන් උපදවන්නක් විය. එසේ වීමට හේතුව එවකට ලෝකය සත්‍යවාදී අදහස්, ප්‍රකාශ කරන කාලයක් වීමයි. ‘මුසාවාදය නම් මෙබඳු යැ’යි, කිසිකෙනෙක් නොදත්හ.

පුරොහිතපුත‍්තොපි තං කථං සුත්‍වා පිතු සන‍්තිකං ගන‍්ත්‍වා කථෙසි “තාත, රාජා කිර මුසාවාදං කත්‍වා තුම‍්හෙ ඛුද‍්දකෙ කත්‍වා අම‍්හාකං ඨානන‍්තරං මම චූළපිතුස‍්ස දස‍්සතී”ති. “තාත, රාජා මුසාවාදං කත්‍වාපි අම‍්හාකං ඨානන‍්තරං හරිතුං න සක‍්ඛිස‍්සති. කතරදිවසෙ පන කරිස‍්සතී”ති? “ඉතො කිර සත‍්තමෙ දිවසෙ”ති. “තෙන හි තදා මය‍්හං ආරොචෙය්‍යාසී”ති. සත‍්තමෙ දිවසෙ මහාජනා “මුසාවාදං පස‍්සිස‍්සාමා”ති රාජඞ‍්ගණෙ සන‍්නිපතිත්‍වා මඤ‍්චාතිමඤ‍්චෙ බන්‍ධිත්‍වා අට‍්ඨංසු. කුමාරො ගන‍්ත්‍වා පිතු ආරොචෙසි. රාජා අලඞ‍්කතපටියත‍්තො නික‍්ඛම‍්ම මහාජනමජ‍්ඣෙ රාජඞ‍්ගණෙ ආකාසෙ අට‍්ඨාසි. තාපසො ආකාසෙනාගන‍්ත්‍වා රඤ‍්ඤො පුරතො නිසීදනචම‍්මං අත්‍ථරිත්‍වා ආකාසෙ පල‍්ලඞ‍්කෙන නිසීදිත්‍වා “සච‍්චං කිර ත්‍වං මහාරාජ, මුසාවාදං කත්‍වා ඛුද‍්දකං මහල‍්ලකං කත්‍වා තස‍්ස ඨානන‍්තරං දාතුකාමොසී”ති? “ආම ආචරිය, එවං මෙ කථිත”න‍්ති. අථ නං සො ඔවදන‍්තො “මහාරාජ, මුසාවාදො නාම භාරියො ගුණපරිධංසකො චතූසු අපායෙසු නිබ‍්බත‍්තාපෙති. රාජා නාම මුසාවාදං කරොන‍්තො ධම‍්මං හනති, සො ධම‍්මං හනිත්‍වා සයමෙව හඤ‍්ඤතී”ති වත්‍වා පඨමං ගාථමාහ –

ඒ නිසා පුරෝහිත පුත්‍රයා, රටේ පැවැති මේ කතාව අසා, සිය පියා වන කපිල තවුසා හමුවට ගොස්, ‘පියාණෙනි, රජතුමා මුසාබස් කියා ඔබ බාලයා බවට පත්කොට, අපේ ප්‍රවේණිගත පුරෝහිත තනතුර, මාගේ සුලු පියාට දෙන්නේ යැ’යි කීයේය. ‘පුත, බොරු කියා අපේ තනතුර මගේ සොයුරාට ලබාදීම වූ කලී, රජුට ලේසි පහසු දෙයක් නොවේ. මෙය කරන්නට යන්නේ කවදාද?’ ‘පියාණෙනි, අදින් සත්වැනි දිනයෙහි, එය සිදුකිරීමට බලාපොරොත්තු වන බව සැලයි.’ ‘පුත, එසේ වීනම්, එදාට මට එය දැනුම් දෙවැ’යි, තාපසතුමා සිය පුතුට කීයේය. නියමිත දිනය උදාවිය. රටේ මහජනයා ‘මුසාවාදය බලන්නෙමු’යි රාජාංගනයට (රජමිදුලට) රැස්ව, මැසිපිට මැසි බැඳ, වාඩි වී බලා සිටියහ. තරුණ පුරෝහිත කුමාරයා ද, වහා ගොස් තම පියතුමාට ඒ බව දැනුම් දුන්නේය. රාජාභරණයෙන් අලංකාර වූ රජතුමා රජමැදුරෙන් නික්ම මහජනතාව මැද, රාජාංගනයෙහි අහසෙහි සිටියේය. තාපසතුමා ද අහසින් ම එතැනට අවුත්, රජුගේ ඉදිරියෙහි පත්කඩයක් එලා, ආකාශය මතය වාඩි විය. අනතුරුව තවුසා රජු අමතා, ‘මහරජතුමනි, ඔබ මුසාවාද කියා, ලාබාලයකු වැඩිමහල්ලකු කොට, ඔහුට පුරෝහිත තනතුර ප්‍රදානය කිරීමට කැමැත්තේය යන මෙය, කිමෙක්ද? සත්‍යයක්දැ’යි ප්‍රශ්න කරනු කැමැත්තේද? ‘ආචාරීනි, එසේය. එය මා විසින් ප්‍රකාශයට පත්කරන ලද්දකැ’යි රජතුමා උත්තර දුන්නේය. එවිට තාපසයා රජුට අවවාද කෙරෙමින් ‘මහරජතුමනි, මුසාවාදය නම්, ඉතා බැරෑරුම් ක්‍රියාවෙකි. ඇති ගුණ නසන්නකි. සිවු අපායන්හි, උපත ලබා දෙන්නකි. මුසාබස් කියන රජෙක් ධර්මය නසන්නෙකි. ධර්මය නසන ඔහු, තෙමේ ම වැනසේ යැ’යි කියා, මේ පළමු ගාථාව ප්‍රකාශ කෙළේය.

“ධම‍්මො හවෙ හතො හන‍්ති, නාහතො හන‍්ති කිඤ‍්චනං; තස‍්මා හි ධම‍්මං න හනෙ, මා ත්‍වං ධම‍්මො හතො හනී”ති.

ධම්මො භවෙ භතෙ හන්තී - නාහතො හන්ති කිඤ්චනං, තස්මා භි ධම්මං න හනෙ - මා තං ධම්මො හතො හනී ති

(මුසාවාදයෙන්) සත්‍ය ධර්මය ඒකාන්තයෙන් නැසේ. (එයින් බොරු කියන්නා ද) වැනසේ. (ධර්මය) නො නැසූ කල්හි, කිසිවක් නො නැසේ. එබැවින් ධර්මය නොනසන්න. ධර්මය නසන්නට ගොස් ඔබ විනාශයට පත් නොවන්න.

තත්‍ථ ධම‍්මොති ජෙට‍්ඨාපචායනධම‍්මො ඉධාධිප‍්පෙතො.

මෙහි ‘ධම්මො’ යනුවෙන් ‘වැඩිහිටියන්ට සැලකීමේ ධර්මය අදහස් කරන ලදි’ යන අර්ථයි.

අථ නං උත‍්තරිපි ඔවදන‍්තො “සචෙ, මහාරාජ, මුසාවාදං කරිස‍්සසි, චතස‍්සො ඉද‍්ධියො අන‍්තරධායිස‍්සන‍්තී”ති වත්‍වා දුතියං ගාථමාහ –

මෙයින් නොනැවතුණු තවුස්තුමා තවදුරටත් රජුට ඔවදන් දෙමින් ‘මහරජතුමනි, ඉදින් ඔබ මුසාබස් කියන්නෙහි නම්, ඔබේ චතුර්විධ සෘද්ධීන් අතුරුදන් වන්නේ යැ’යි කියා, මෙසේ ද පැවසීය.

“අලිකං භාසමානස‍්ස, අපක‍්කමන‍්ති දෙවතා; පූතිකඤ‍්ච මුඛං වාති, සකට‍්ඨානා ච ධංසති; යො ජානං පුච‍්ඡිතො පඤ‍්හං, අඤ‍්ඤථා නං වියාකරෙ”ති.

2. විමසන ලද ප්‍රශ්නයට යමෙක්, දැන දැන ම වැරදි පිළිතුරු සපයයිද? බොරු කියන ඔහු වෙතින් දෙවියෝ ඉවත් වෙති. ඔහුගේ මුවින් ද කුණු ගඳ වහනය වෙයි. සිටි තැනින් ද ඔහු ගිලිහෙයි.

තත්‍ථ අපක‍්කමන‍්ති දෙවතාති මහාරාජ, සචෙ අලිකං භණිස‍්සසි, චත‍්තාරො දෙවපුත‍්තා ආරක‍්ඛං ඡඩ‍්ඩෙත්‍වා අන‍්තරධායිස‍්සන‍්තීති අධිප‍්පායෙනෙතං වදති. පූතිකඤ‍්ච මුඛං වාතීති මුඛඤ‍්ච තෙ කායො ච උභො පූතිගන්‍ධං වායිස‍්සන‍්තීති සන්‍ධායාහ. සකට‍්ඨානා ච ධංසතීති ආකාසතො භස‍්සිත්‍වා පථවිං පවිසිස‍්සසීති දීපෙන‍්තො එවමාහ.

මෙහි ‘අපක්කමන්ති දෙවතා’ යනු ‘රජතුමනි, ඉදින් ඔබ බොරුවක් කියන්නෙහි නම්, දිව්‍ය පුත්‍රයෝ සතරදෙනා ආරක්‍ෂක කටයුතු අතැර දමා, අතුරුදන් වන්නාහුය, යන අදහසින් මෙය කීය’ යන අර්ථයි. ‘පූතිකඤ්ච මුඛං වා’ යනු ‘ඔබේ මුවින් ද, කයින් ද, යන දෙතැනින් ම කුණු ගඳ වහනය වන්නේය, යන අදහසින් කීය’ යන අර්ථයි. ‘සකට්ඨානාච ධංසති’ යනු ‘අහසින් පහළට වැටී, පොළොවට පාත් වන්නේ යැයි, දක්වමින් මෙසේ කීය’ යන අර්ථයි.

තං සුත්‍වා රාජා භීතො කොරකලම‍්බං ඔලොකෙසි. අථ නං සො “මා භායි, මහාරාජ, නනු මයා පඨමමෙව තුම‍්හාකං එතං කථිත”න‍්ති ආහ. රාජා කපිලස‍්ස වචනං සුත්‍වාපි අනාදියිත්‍වා අත‍්තනා කථිතමෙව පුරතො කරොන‍්තො “ත්‍වංසි, භන‍්තෙ, කනිට‍්ඨො, කොරකලම‍්බො ජෙට‍්ඨො”ති ආහ. අථස‍්ස සහ මුසාවාදෙන චත‍්තාරො දෙවපුත‍්තා “තාදිසස‍්ස මුසාවාදිනො ආරක‍්ඛං න ගණ‍්හිස‍්සාමා”ති ඛග‍්ගෙ පාදමූලෙ ඡඩ‍්ඩෙත්‍වා අන‍්තරධායිංසු, මුඛං භින‍්නකුක‍්කුටණ‍්ඩපූති විය, කායො විවටවච‍්චකුටී විය දුග‍්ගන්‍ධං වායි, ආකාසතො භස‍්සිත්‍වා පථවියං පතිට‍්ඨහි, චතස‍්සොපි ඉද‍්ධියො පරිහායිංසු. අථ නං මහාපුරොහිතො “මා භායි, මහාරාජ, සචෙ සච‍්චං භණිස‍්සසි, සබ‍්බං තෙ පාකතිකං කරිස‍්සාමී”ති වත්‍වා තතියං ගාථමාහ –

තවුසාගේ මේ කතාව අසා, බියට පත්වූ රජතුමා කෝරකලම්බක දෙස බැලීය. එවිට ‘මහරජතමුනි, බිය නොවනු මැනව. මම මගේ අයියණ්ඩියගේ තරම, ඔබවහන්සේට කල් ඇතිවම කීවෙම් නොවෙම් දැ’යි, කෝරකලම්බකයන් රජු අස්වැසුවේය. එවිට රජතුමා කපිල සෘෂියාගේ වචනය අසා, තමා දරන අදහසම පෙරටු කරමින්, ‘ස්වාමීනි, ඔබ කනිටු සොයුරා වෙහිය. දෙටු සොයුරා නම්, කෝරකලම්බක යැ’යි කීය. රජුගේ මේ මුසාවාදයත් සමගම, දිව්‍ය පුත්‍රවරු සතර දෙනා, ‘මෙබඳු මුසාවාදියකු ආරක්‍ෂා නොකරන්නෙමු’යි කියා, අත්හි දැරූ කඩු පාමුලම හෙළා, අතුරුදන් වූහ. රජුගේ මුහුණ බිඳුනු කිකිළි බිත්තරයක් වැනි විය. වැසිකිළියක් විවර කළාක් මෙන්, රජු කෙරෙන් දුගඳ හමන්නට විය. කෙමෙන් අහසින් බිමට පාත් වූ, ඔහු පොළොව මත හිට ගත්තේය. චතුර්විධ සෘද්ධීහු අතුරුදන් වූහ. එවිට සෘෂිවරයා රජු අමතා, ‘මහරජතුමනි, බිය නොගන්න. ඉදින් දැන් ඔබ ඇත්ත කියන්නෙහි නම්, නැති වූ ඔබේ ඒ සියල්ල, නැවත ප්‍රකෘතිමත් කොට දෙන්නෙමැ’යි පවසා, මෙසේ ද කීය.

“සචෙ හි සච‍්චං භණසි, හොහි රාජ යථා පුරෙ; මුසා චෙ භාසසෙ රාජ, භූමියං තිට‍්ඨ චෙතියා”ති.

3. රජතුමනි, ඉදින් ඇත්ත කියන්නෙහි නම්, පෙර තත්ත්වයට පත් වන්නෙහිය. චේතිය රජතුමනි, ඉදින් (ඔබ) බොරු කියන්නෙහි නම්, පොළොවෙහි ම සිටිනු මැනව.

තත්‍ථ භූමියං තිට‍්ඨාති භූමියංයෙව පතිට‍්ඨ, පුන ආකාසං ලඞ‍්ඝිතුං න සක‍්ඛිස‍්සසීති අත්‍ථො.

මෙහි ‘භූමියං තිට්ඨ’ යනු ‘දේවයිනි, බිම සිටිනු මැනව. නැවත අහසට පනින්නට, නොහැකි වන්නේය’ යන අර්ථයි.

සො “පස‍්ස, මහාරාජ, පඨමං මුසාවාදෙනෙව තෙ චතස‍්සො ඉද‍්ධියො අන‍්තරහිතා, සල‍්ලක‍්ඛෙහි, ඉදානිපි සක‍්කා පාකතිකං කාතු”න‍්ති වුත‍්තොපි “එවං වත්‍වා තුම‍්හෙ මං වඤ‍්චෙතුකාමා”ති දුතියම‍්පි මුසාවාදං භණිත්‍වා යාව ගොප‍්ඵකා පථවිං පාවිසි. අථ නං පුනපි බ්‍රාහ‍්මණො “සල‍්ලක‍්ඛෙහි, මහාරාජ, ඉදානිපි සක‍්කා පාකතිකං කාතු”න‍්ති වත්‍වා චතුත්‍ථං ගාථමාහ –

තවදුරටත් රජු ඇමතූ සෘෂිවරයා, ‘මහරජතුමනි, ඔබේ පළමු මුසාවෙන් ම චතුර්විධ සෘද්ධීන් අතුරුදන් වූ බව සලකනු මැනව. දැන් වුවත්, අහිමි වූ දේවල් හිමිකර ගැනීමට, බැරිකමක් නැත. මා මෙසේ ඔබට කියා තිබියදීත්, ඔබ කල්පනා කළේ මා ඔබ රැවටීමට උත්සාහ ගන්නකු ලෙසය. එසේ කල්පනා කළ ඔබ, නැවත වරක් ඒ බොරුව ම කියා, පයේ වළලුකර දක්වාම, පොළොවට පිවිසියේය. මෙසේ කී තවුසා නැවත වරක් උත්සාහ කරමින්, ‘මහරජතුමනි, මෙය ද කල්පනාවට ගනු මැනවැ’යි කියා මෙසේ පැවසීය.

“අකාලෙ වස‍්සතී තස‍්ස, කාලෙ තස‍්ස න වස‍්සති; යො ජානං පුච‍්ඡිතො පඤ‍්හං, අඤ‍්ඤථා නං වියාකරෙ”ති.

4. විමසන ලද ප්‍රශ්නයකට, යමෙක් දැන දැන ම වැරදි පිළිතුරු සපයයි ද, ඔහුගේ රටට, නොකල් වැසි වසී. (සුදුසු) කල්හි වැසි නොවසී.

තත්‍ථ තස‍්සාති යො ජානන‍්තො පුච‍්ඡිතං පඤ‍්හං මුසාවාදං කත්‍වා අඤ‍්ඤථා බ්‍යාකරොති, තස‍්ස රඤ‍්ඤො විජිතෙ දෙවො යුත‍්තකාලෙ අවස‍්සිත්‍වා අකාලෙ වස‍්සතීති අත්‍ථො.

මෙහි ‘තස්ස’ යනු ‘ඇසූ ප්‍රශ්නයට යමෙක් දැන දැන බොරු කොට, වෙනෙකක් කියයිද? ඒ රජුගේ විජිතයෙහි, සුදුසු කල්හි වැසි නොවැස, අකල්හි වැසි වසී’ යන අර්ථයි.

අථ නං පුනපි මුසාවාදඵලෙන යාව ජඞ‍්ඝා පථවිං පවිට‍්ඨං “සල‍්ලක‍්ඛෙහි, මහාරාජා”ති වත්‍වා පඤ‍්චමං ගාථමාහ –

තවුසා මෙසේ කී නමුත්, එය ගණන් නොගත්, රජතුමා නැවත ඒ මුසාව ම කීයේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් රජුගේ කෙණ්ඩා තෙක් පොළොවෙහි කිඳී ගියේය. එය දුටු තවුසා, ‘මහරජතුමනි, මෙය ද සලකා බලනු මැනවැ’යි කියා, මේ ගාථාව කීයේය.

“සචෙ හි සච‍්චං භණසි, හොහි රාජ යථා පුරෙ; මුසා චෙ භාසසෙ රාජ, භූමිං පවිස චෙතියා”ති.

සචෙහි සච්චං භණාසි හොභිරාජා යථාපුරෙ, ඉසා චෙ භාසසෙ රාජ, භූමිං පවිස චෙතියා

‘රජතුමනි, ඉදින් ඇත්ත කියන්නෙහි නම්, පොළොවට පිවිසෙනු මැනව.’

සො තතියම‍්පි “ත්‍වංසි, භන‍්තෙ, කනිට‍්ඨො, ජෙට‍්ඨො කොරකලම‍්බො”ති මුසාවාදමෙව කත්‍වා යාව ජාණුකා පථවිං පාවිසි. අථ නං පුනපි “සල‍්ලක‍්ඛෙහි, මහාරාජා”ති වත්‍වා ද‍්වෙ ගාථා අභාසි –

තවුසා රජුට මෙසේ අනතුරු හැඟවූ නමුත්, රජතුමා තෙවත වරටත්, ‘ස්වාමීනි, ඔබ කනිටු ය. ජ්‍යෙෂ්ඨයා නම්, කෝරකලම්බක යැ’යි, මුසාවාදයම කීයේය. ඒ හේතුවෙන් රජ දණ මඬල තෙක් පොළොවෙහි එරී ගියේය. එය දුටු තවුසා ‘මහරජතුමනි, මෙය ද සලකා බලනු මැනවැ’යි කියා ගාථා දෙකක් කීයේය.

“ජිව‍්හා තස‍්ස ද‍්විධා හොති, උරගස‍්සෙව දිසම‍්පති; යො ජානං පුච‍්ඡිතො පඤ‍්හං, අඤ‍්ඤථා නං වියාකරෙ.

ජිව්හා තස්ස ද්විධා හොති උරගස්සෙව දිසම්පති, යොජානං පුච්ඡිතො පඤ්හං අඤ්ඤථා නං වියාකරෙ

විමසන ලද ප්‍රශ්නයට යමෙක් දැන දැන ම, වැරදි උත්තරයක් දේද? රජතුමනි, ඔහුගේ දිව උරගයකුගේ මෙන්, දෙකක් බවට පත්වේ.

“සචෙ හි සච‍්චං භණසි, හොහි රාජ යථා පුරෙ; මුසා චෙ භාසසෙ රාජ, භිය්‍යො පවිස චෙතියා”ති.

7. ‘රජතුමනි, ඉදින් ඇත්ත කියන්නෙහි නම්, පෙර තත්ත්වයට පත් වන්නෙහිය. චේතිය රජතුමනි, ඉදින් බොරු කියන්නෙහි නම්, තව තවත් පොළොවට පිවිසෙනු මැනව.

ඉමා ද‍්වෙ ගාථා වත්‍වා “ඉදානි සක‍්කා පාකතිකං කාතු”න‍්ති ආහ. රාජා තස‍්ස වචනං සුත්‍වාපි අනාදියිත්‍වා “ත්‍වංසි, භන‍්තෙ, කනිට‍්ඨො, ජෙට‍්ඨො කොරකලම‍්බො”ති චතුත්‍ථම‍්පි මුසාවාදං කත්‍වා යාව කටිතො පථවිං පාවිසි. අථ නං බ්‍රාහ‍්මණො “සල‍්ලක‍්ඛෙහි, මහාරාජා”ති වත්‍වා පුන ද‍්වෙ ගාථා අභාසි –

මෙසේ කී තවුසා ‘රජතුමනි, දැන් වුවත් නැති වූ හැම දෙයක් ම, ලබාගත හැකිය. එබැවින් සත්‍යය ම කියනු මැනවැ’යි කීයේය. තවුසාගේ වචන නො පිළිගත් රජතුමා, ‘ස්වාමීනි, ඔබ බාලයා ය. වැඩිමහලු තැනැත්තා නම්, කෝරකලම්බක යැ’යි. සිවුවැනි වරටත් මුසා කියා, ඉඟටිය දක්වා පොළොවෙහි ගිලුනේය. අනතුරුව තාපසයා ‘මහරජතුමනි, මෙය ද සලකා බලනු මැනවැ’යි, කියා මෙසේ පැවසූය.

“ජිව‍්හා තස‍්ස න භවති, මච‍්ඡස‍්සෙව දිසම‍්පති; යො ජානං පුච‍්ඡිතො පඤ‍්හං, අඤ‍්ඤථා නං වියාකරෙ.

ජිව්හා තස්ස නහවති මච්ඡස්සෙව දිසම්පති, යො ජානං පුච්ඡි තො පඤ්හං අඤ්ඤථා නං වියාකරෙ

විමසන ලද ප්‍රශ්නයට යමෙක් දැන දැන ම බොරු පිළිතුරු සපයා ද? රජතුමනි, ඔහුට මාලුවකුට මෙන්, දිවක් නැති වේ.

“සචෙ හි සච‍්චං භණසි, හොහි රාජ යථා පුරෙ; මුසා චෙ භාසසෙ රාජ, භිය්‍යො පවිස චෙතියා”ති.

9. ‘රජතුමනි, ඉදින් ඇත්ත කියන්නෙහි නම්, පෙර තත්ත්වයට පත්වන්නෙහිය. චේතිය රජතුමනි, ඉදින් ඔබ බොරු කියන්නෙහි නම්, තව-තවත් පොළොවට පිවිසෙනු මැනව.

තත්‍ථ මච‍්ඡස‍්සෙවාති නිබ‍්බත‍්තනිබ‍්බත‍්තට‍්ඨානෙ මුසාවාදිනො මච‍්ඡස‍්ස විය කථනසමත්‍ථා ජිව‍්හා න හොති, මූගොව හොතීති අත්‍ථො.

මෙහි ‘මච්ඡස්සෙව’ යනු ‘උපනුපන් තන්හි මුසා කියන්නාට, කතා කිරීමට ප්‍රයෝජනවත් වන දිව, මාලුවකුට මෙන් අහිමි වේ. ගොළුවෙක්ම වේ’ යන අර්ථයි.

සො පඤ‍්චමම‍්පි “ත්‍වංසි කනිට‍්ඨො, ජෙට‍්ඨො කොරකලම‍්බො”ති මුසාවාදං කත්‍වා යාව නාභිතො පථවිං පාවිසි. අථ නං බ්‍රාහ‍්මණො පුනපි “සල‍්ලක‍්ඛෙහි, මහාරාජා”ති වත්‍වා ද‍්වෙ ගාථා අභාසි –

රජතුමා ඒ බොරුව ම, නැවත වතාවක් කියා, පෙකණිය තෙක් පොළොවෙහි කිඳා බැස්සේය. එය දුටු තවුසා ‘මහරජතුමනි, තවදුරටත් සිතා බලනු මැනවැ’යි කියා, මෙසේ පැවසීය.

“ථියොව තස‍්ස ජායන‍්ති, න පුමා ජායරෙ කුලෙ; යො ජානං පුච‍්ඡිතො පඤ‍්හං, අඤ‍්ඤථා නං වියාකරෙ.

ථිංයොව තස්ස ජායන්ති - නපුමා ජායරෙ කුලෙ, යො ජානං පුච්ඡිතො - පඤ්හං අඤ්ඤථා නං වියාකරෙ

විචාළ ප්‍රශ්නයට, යමෙක් දැන දැන ම බොරු කියයිද? ඔහුගේ පවුලෙහි ගැහැණුම උපදිති. පිරිමි නූපදිති.

“සචෙ හි සච‍්චං භණසි, හොහි රාජ යථා පුරෙ; මුසා චෙ භාසසෙ රාජ, භිය්‍යො පවිස චෙතියා”ති.

11. රජතුමනි, ඉදින් ඇත්ත කියන්නෙහි නම්, පෙර තත්ත්වයට පත් වන්නෙහිය. චේතිය රජතුමනි, ඉදින් බොරු කියන්නෙහි නම්, තව තවත් පොළොවට බසිනු මැනව.

තත්‍ථ ථියොවාති නිබ‍්බත‍්තනිබ‍්බත‍්තට‍්ඨානෙ මුසාවාදිස‍්ස ධීතරොව ජායන‍්ති, පුත‍්තා න ජායන‍්තීති අත්‍ථො.

මෙහි ‘ථීයොව’ යනු ‘උපනුපන් තන්හි, මුසා කියන්නාට දූවරුම උපදිත්. පුත්තු නූපදිත්’ යන අර්ථයි.

රාජා තස‍්ස වචනං අනාදියිත්‍වා ඡට‍්ඨම‍්පි තථෙව මුසාවාදං භණිත්‍වා යාව ථනා පථවිං පාවිසි. අථ නං පුනපි බ්‍රාහ‍්මණො “සල‍්ලක‍්ඛෙහි, මහාරාජා”ති වත්‍වා ද‍්වෙ ගාථා අභාසි –

තවුසාගේ මේ වචනය ද, තඹේකට නො සැලකූ රජතුමා, සවැනි වරටත් ඒ බොරුව ම කියා, තන මත්තක් දක්වා, පොළොවෙහි ගිලා බැස්සේය. මේ දුටු තවුසා එයින් පසු නොබැස, ‘දේවයිනි, මෙය ද සලකා බලනු මැනවැ’යි කියා, මෙසේ පැවසීය.

“පුත‍්තා තස‍්ස න භවන‍්ති, පක‍්කමන‍්ති දිසොදිසං; යො ජානං පුච‍්ඡිතො පඤ‍්හං, අඤ‍්ඤථා නං වියාකරෙ.

පුත්තා තස්ස න භවන්ති - පක්කමන්ති දිසොදිසං [missing pali]

ඇසූ ප්‍රශ්නයට යමෙක් දැන දැන ම වැරදි දේ කියා ද, ඔහුට පුත්තු නො ලැබෙත්. පුතුන් ලැබුනත්, ඔවුහු තැන තැන යති.

“සචෙ හි සච‍්චං භණසි, හොහි රාජ යථා පුරෙ; මුසා චෙ භාසසෙ රාජ, භිය්‍යො පවිස චෙතියා”ති.

13. ‘රජතුමනි, ඉදින් ඇත්ත කියන්නෙහි නම්, පෙර තත්ත්වයට පත් වන්නෙහිය. චේතිය රජතුමනි, ඉදින් බොරු කියන්නෙහි නම්, තවතවත් පොළොවට පිවිසෙනු මැනව.

තත්‍ථ පක‍්කමන‍්තීති සචෙ මුසාවාදිස‍්ස පුත‍්තා භවන‍්ති, මාතාපිතූනං අනුපකාරා හුත්‍වා පලායන‍්තීති අත්‍ථො.

මෙහි ‘පක්කමන්ති’ යනු ‘ඉදින් බොරුකාරයාට පුතුන් වෙතත්, ඔවුහු මව්පියන්ට උපකාර නොවී, පැන යති’ යන අර්ථයි.

සො පාපමිත‍්තසංසග‍්ගදොසෙන තස‍්ස වචනං අනාදියිත්‍වා සත‍්තමම‍්පි තථෙව මුසාවාදං අකාසි. අථස‍්ස පථවී විවරං අදාසි, අවීචිතො ජාලා උට‍්ඨහිත්‍වා ගණ‍්හි.

පවිටු මිතුරකුගේ ඇසුර ලැබීමේ වැරැද්ද නිසා, තවුසාගේ වචනය ඉවත දැමූ රජතුමා, සත්වැනි වරටත් එයම කීයේය. එවිට ම රජු සිටි තැන පොළොවෙහි මහා විවරයක් ඇති විය. අවීචියෙන් ආ ගිනිදළුවක්, රජු පටලවාගෙන ඇතුළට ඇද ගත්තේය. ඒ අවස්ථාව නිමිති කොටගෙන, බුදුරදුන් වදාළ ගාථා දෙකක් පහත දැක්වේ.

“ස රාජා ඉසිනා සත‍්තො, අන‍්තලික‍්ඛචරො පුරෙ; පාවෙක‍්ඛි පථවිං චෙච‍්චො, හීනත‍්තො පත්‍ව පරියායං.

සරාජා ඉසිනා - සත්තො අන්තලික්ඛෙ චරොපුරා, පාවෙක්ඛි පඨවිං වෙච්චො - හීනත්තො අත්ත පරියායං

තස‍්මා හි ඡන්‍දාගමනං, නප‍්පසංසන‍්ති පණ‍්ඩිතා; අදුට‍්ඨචිත‍්තො භාසෙය්‍ය, ගිරං සච‍්චූපසංහිත”න‍්ති. –

තස්මාහි ඡන්‍දාගමනං - නප්පසන්ති පණ්ඩිතා, අදුට්ඨ චිත්තො භාසෙය්‍ය - ගිරං සච්චූප සංහතන්තා

පෙර මේ රජතුමා සෘෂිවරයකු නිසා (රජ) පැමිණ, ආකාශචාරීව සිට, දැනගෙනම, හීන භාවයට පත්ව, තමාගේ දුර්වලකමක් නිසා ම, පොළොවට පිවිසුණේය.

එබැවින් පඬිවරු, ඡන්‍දාදියෙන් අගතිගාමි වීම, නො පසසත්. දුෂ්ට සිත් නැත්තා, සත්‍යයයෙන් යුතු වචනම කියන්නේය.

ඉමා ද‍්වෙ අභිසම‍්බුද‍්ධගාථා හොන‍්ති.

තත්‍ථ ස රාජාති භික‍්ඛවෙ, සො රාජා චෙතියො පුබ‍්බෙ අන‍්තලික‍්ඛචරො හුත්‍වා පච‍්ඡා ඉසිනා අභිසත‍්තො පරිහීනසභාවො හුත්‍වා. පත්‍ව පරියායන‍්ති අත‍්තනො කාලපරියායං පත්‍වා පථවිං පාවිසීති අත්‍ථො. තස‍්මාති යස‍්මා චෙතියරාජා ඡන්‍දාගමනෙන අවීචිපරායණො ජාතො, තස‍්මා. අදුට‍්ඨචිත‍්තොති ඡන්‍දාදීහි අදූසිතචිත‍්තො හුත්‍වා සච‍්චමෙව භාසෙය්‍ය.

මෙහි ‘සරාජා’ යනු ‘මහණෙනි, ඒ චේතිය රජු ම, පෙර ආකාශචාරීව සිට, සෘෂිවරයකු විසින් අභිෂේක කරන ලද නමුත්, පසුව තමා ම පිරිහී, කාලානුරූප ව, තමන් විසින් ම පොළොවට පිවිසියේය’ යන අර්ථයි. ‘තස්මා’ යනු ‘යම් හෙයකින් චේතිය රජ ඡන්දයෙන් අගතියට ගොස්, අවීචියට ගියේ ද, එබැවිනි’ යන අර්ථයි. ‘අදුට්ඨචිත්තො’ යනු ‘ඡන්‍දාදියෙන් දූෂිත නොවූ සිත් ඇත්තා, සත්‍යය ම කතා කරන්නේය’ යන අර්ථයි.

මහාජනො “චෙතියරාජා ඉසිං අක‍්කොසිත්‍වා මුසාවාදං කත්‍වා අවීචිං පවිට‍්ඨො”ති භයප‍්පත‍්තො අහොසි. රඤ‍්ඤො පඤ‍්ච පුත‍්තා ආගන‍්ත්‍වා බ්‍රාහ‍්මණස‍්ස පාදෙසු පතිත්‍වා “අම‍්හාකං අවස‍්සයො හොහී”ති වදිංසු. බ්‍රාහ‍්මණො “තාතා, තුම‍්හාකං පිතා ධම‍්මං නාසෙත්‍වා මුසාවාදං කත්‍වා ඉසිං අක‍්කොසිත්‍වා අවීචිං උපපන‍්නො, ධම‍්මො නාමෙස හතො හනති, තුම‍්හෙහි න සක‍්කා ඉධ වසිතු”න‍්ති වත්‍වා තෙසු සබ‍්බජෙට‍්ඨකං “එහි ත්‍වං, තාත, පාචීනද‍්වාරෙන නික‍්ඛමිත්‍වා උජුකං ගච‍්ඡන‍්තො සබ‍්බසෙතං සත‍්තපතිට‍්ඨං හත්‍ථිරතනං පස‍්සිස‍්සසි, තාය සඤ‍්ඤාය තත්‍ථ නගරං මාපෙත්‍වා වස, තං නගරං හත්‍ථිපුරං නාම භවිස‍්සතී”ති ආහ. දුතියං ආමන‍්තෙත්‍වා “ත්‍වං, තාත, දක‍්ඛිණද‍්වාරෙන නික‍්ඛමිත්‍වා උජුකමෙව ගච‍්ඡන‍්තො සබ‍්බසෙතං අස‍්සරතනං පස‍්සිස‍්සසි, තාය සඤ‍්ඤාය තත්‍ථ නගරං මාපෙත්‍වා වස, තං නගරං අස‍්සපුරං නාම භවිස‍්සතී”ති ආහ. තතියං ආමන‍්තෙත්‍වා “ත්‍වං, තාත, පච‍්ඡිමද‍්වාරෙන නික‍්ඛමිත්‍වා උජුකමෙව ගච‍්ඡන‍්තො කෙසරසීහං පස‍්සිස‍්සසි, තාය සඤ‍්ඤාය තත්‍ථ නගරං මාපෙත්‍වා වස, තං නගරං සීහපුරං නාම භවිස‍්සතී”ති ආහ. චතුත්‍ථං ආමන‍්තෙත්‍වා “ත්‍වං, තාත, උත‍්තරද‍්වාරෙන නික‍්ඛමිත්‍වා උජුකමෙව ගච‍්ඡන‍්තො සබ‍්බරතනමයං චක‍්කපඤ‍්ජරං පස‍්සිස‍්සසි, තාය සඤ‍්ඤාය තත්‍ථ නගරං මාපෙත්‍වා වස, තං නගරං උත‍්තරපඤ‍්චාලං නාම භවිස‍්සතී”ති ආහ. පඤ‍්චමං ආමන‍්තෙත්‍වා “තාත, තයා ඉමස‍්මිං ඨානෙ වසිතුං න සක‍්කා, ඉමස‍්මිං නගරෙ මහාථූපං කත්‍වා නික‍්ඛමිත්‍වා පච‍්ඡිමුත‍්තරාය දිසාය උජුකමෙව ගච‍්ඡන‍්තො ද‍්වෙ පබ‍්බතෙ අඤ‍්ඤමඤ‍්ඤං පහරිත්‍වා පහරිත්‍වා දද‍්දරසද‍්දං කරොන‍්තෙ පස‍්සිස‍්සසි, තාය සඤ‍්ඤාය තත්‍ථ නගරං මාපෙත්‍වා වස, තං නගරං දද‍්දරපුරං නාම භවිස‍්සතී”ති ආහ. තෙ පඤ‍්චපි ජනා තාය තාය සඤ‍්ඤාය ගන‍්ත්‍වා තස‍්මිං තස‍්මිං ඨානෙ නගරානි මාපෙත්‍වා වසිංසු.

මෙසේ ‘චේතිය රජතුමා සෘෂිවරයාට නොමනා බස් හා මුසාබස් කියා, අවීචියට වැටුණේ යැයි, මහජනයා අතිශයින් බියට පත්විය. චේතිය රජතුමාට පුතණුවරු පස්දෙනෙකි. මේ අවස්ථාවේ තවුසා ළඟට පැමිණි ඔවුහු, තවුසාගේ දෙපා ළඟ වැටී, ‘ස්වාමීනි, අපට පිහිට වනු මැනවැ’යි කීය. එවිට තවුසා ‘දරුවනි, තොපගේ පියා දහම් නසා මුසා බස් කියා, සෘෂිවරයකුට දොස් නඟා, අවීචියට පිළිපන්නේය. ඔහු ධර්මය නැසූවෙකි. එබැවින් තොපට මෙහි විසීමට සුදුසු නැතැ’යි කියා, ඒ කුමාරවරුන් අතුරෙන් හැමට ම වඩා වැඩිමල් කුමාරයා ළඟට කැඳවා ‘දරුව, ඔබ නැගෙනහිර වාසල් දොරටුවෙන් නික්ම, සෘජුව ම ගමන්කොට, අවට විමසා බලන්න. එවිට කොතැනක දී හෝ මුළුමනින් සුදු පැහැති, ස්ථාන හතක් පොළොව ස්පර්ශ කෙරෙන, උතුම් ඇත් රාජයෙක්, ඔබට දක්නට ලැබෙන්නේය. ඒ සංඥාවෙන්, ඔබ එහි නගරයක් සකසාගෙන, එහි වාසය කරන්න. එය ‘හස්තිපුරය’ නම් වන්නේ යැ’යි කීය. දෙවනුව, දෙවැනි කුමරා ඇමතූ සෘෂිවරයා, ‘දරුව, නුඹ දකුණු වාසල්දොරින් නික්ම, සෘජු වම ගමන් කරන්න. එවිට ඔබට මුළුමනින් සුදු, අශ්ව රත්නයක් දක්නට ලැබෙනු ඇත. ඒ සුබ ලකුණින්, ඔබ එහි නුවරක් ඉදි කොටගෙන, එහි වසන්න. ඒ ඔබේ නුවර ‘අස්සපුර’ නම් වන්නේ යැ’යි කීය. තෙවැනි කුමාරයා ඇමතූ සෘෂිවරයා, ‘දරුව, නුඹ බටහිර වාසල් දොටුවෙන් පිටව, සෘජුව ඉදිරියට යන්න. එවිට ඔබට කේශර සිංහයකු දක්නට ලැබෙන්නේය. ඒ සලකුණින්, එහි නුවරක් ඉදිකොට, වාසය කරන්න. ඒ නුවර ‘සිංහපුර’ නම් වන්නේ යැ’යි කීය. අනතුරුව සිව්වැන්නාට කතා කළ සෘෂිවරයා, ‘දරුව, ඔබ උතුරු වාසල් දොරටුවෙන් නික්ම, සෘජුව ගමන් කරන්න. එහිදී ඔබට සත්රුවනින් නිමකළ, රථ කූඩුවක් දක්නට ලැබෙනු ඇත. ඒ සලකුණින්, එහි නුවරක් ඉදිකොට ගෙන වසන්න. ඒ නගරය ‘උත්තරපඤ්චාල’ නුවර නම් වන්නේ යැ’යි කීය. ඊළඟට පස්වැන්නාට කතා කළ සෘෂිවරයා, ‘දරුව, ඔබට මෙහි විසීමට සුදුසු නැත. එබැවින් මේ නුවර මහා ස්තූපයක් තනවා, ඉන්පසු මෙතැනින් නික්ම, වයඹ දෙසට සෘජුව ගමන්කොට, විමසා බලන්න. එහිදී ඔබට පර්වත දෙකක් ඔවුනොවුන් හා ගැටෙමින්, ‘දද්දර’ යනුවෙන් ශබ්ද කරනු ඔබට දැකීමට ද, ඇසීමට ද ලැබෙනු ඇත. ඒ සලකුණින්, ඔබ එහි නුවරක් ඉදිකොට ගෙන, එහි වසන්න. ඒ නුවර ‘දද්දරපුර’ නම් වන්නේ යැ’යි කීය. මෙසේ මේ කුමාරවරු පස්දෙනා, ඒ ඒ සලකුණු අනුව ගොස්, ඒ ඒ තන්හි, නගරයක් ඉදිකොට ගෙන සුවසේ විසූහ.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා “න, භික‍්ඛවෙ, ඉදානෙව, පුබ‍්බෙපි දෙවදත‍්තො මුසාවාදං කත්‍වා පථවිං පවිට‍්ඨො”ති වත්‍වා ජාතකං සමොධානෙසි – “තදා චෙතියරාජා දෙවදත‍්තො අහොසි, කපිලබ්‍රාහ‍්මණො පන අහමෙව අහොසි”න‍්ති.

බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා, ‘මහණෙනි, දෙව්දත් දැන් පමණක් නොව, පෙර ද, මුසාබස් කියා, පොළොව පලා ගියේ යැ’යි වදාරා, මේ ජාතකය නිමවා වදාළ සේක. එදා චේතිය රජතුමා නම්, දේවදත්තය. කපිල තවුසා වූ කලී, මම ම යැ’යි බුදුරජාණන් වහන්සේ, තමන් වහන්සේ දක්වා වදාළ සේක.

චෙතියජාතකවණ‍්ණනා ඡට‍්ඨා.