යෙදුමෙන් කියවන්න

5. ගඞ‍්ගමාලජාතකවණ‍්ණනා 421 අට‍්ඨකථා

5. ගඞ‍්ගමාලජාතකවණ‍්ණනා (421)

5. ගංගමාල ජාතකය (421)

අඞ‍්ගාරජාතාති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො උපොසථකම‍්මං ආරබ‍්භ කථෙසි. එකදිවසඤ‍්හි සත්‍ථා උපොසථිකෙ උපාසකෙ ආමන‍්තෙත්‍වා “උපාසකා සාධුරූපං වො කතං උපොසථං උපවසන‍්තෙහි, දානං දාතබ‍්බං, සීලං රක‍්ඛිතබ‍්බං, කොධො න කාතබ‍්බො, මෙත‍්තා භාවෙතබ‍්බා, උපොසථවාසො වසිතබ‍්බො, පොරාණකපණ‍්ඩිතා හි එකං උපඩ‍්ඪුපොසථකම‍්මං නිස‍්සාය මහායසං ලභිංසූ”ති වත්‍වා තෙහි යාචිතො අතීතං ආහරි.

‘අංගාරජාතා’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථා වස්තුව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවාසය කරන සේක්, පොහෝ කර්මයක් නිමිති කොටගෙන වදාළ සේක. කිසියම් දිනෙක බුදුරජාණන් වහන්සේ, පෙහෙවස් සමාදන් ව හුන් උපාසක පිරිසක් අමතා, ‘උපාසකවරුනි, ඔබ හැම යහපත් දෙයක් ම කරන ලදි. පෙහෙවස් සමාදන් වූවන් විසින් දන්දිය යුතුමය. සිල් රැකිය යුතුමය. ක්‍රෝධ නොකළ යුතුමය. මෛත්‍රී වැඩිය යුතුමය. පෙහෙවස් විසිය යුතුමය. පැරණි පඬිවරු ද, සිල් සමාදන් විය යුතු කාලය වන පැය විසිහතරෙන් පැය දොළසක් පමණක් සිල් සමාදන් වීමෙනුත්, මහත් වූ යශස් ලැබූහ’යි වදාරා උපාසක පිරිසගේ ඉල්ලීම මත, මේ අතීත කථාව මෙසේ වදාළ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ තස‍්මිං නගරෙ සුචිපරිවාරො නාම සෙට‍්ඨි අහොසි අසීතිකොටිධනවිභවො දානාදිපුඤ‍්ඤාභිරතො. තස‍්ස පුත‍්තදාරාපි පරිජනොපි අන‍්තමසො තස‍්මිං ඝරෙ වච‍්ඡපාලකාපි සබ‍්බෙ මාසස‍්ස ඡ දිවසෙ උපොසථං උපවසන‍්ති. තදා බොධිසත‍්තො එකස‍්මිං දලිද‍්දකුලෙ නිබ‍්බත‍්තිත්‍වා භතිං කත්‍වා කිච‍්ඡෙන ජීවති. සො “භතිං කරිස‍්සාමී”ති තස‍්ස ගෙහං ගන‍්ත්‍වා වන්‍දිත්‍වා එකමන‍්තං ඨිතො “කිං ආගතොසී”ති වුත‍්තෙ “තුම‍්හාකං ගෙහෙ භතියා කම‍්මකරණත්‍ථ”න‍්ති ආහ. සෙට‍්ඨි අඤ‍්ඤෙසං භතිකානං ආගතදිවසෙයෙව “ඉමස‍්මිං ගෙහෙ කම‍්මං කරොන‍්තා සීලං රක‍්ඛන‍්ති, සීලං රක‍්ඛිතුං සක‍්කොන‍්තා කම‍්මං කරොථා”ති වදති, බොධිසත‍්තස‍්ස පන සීලරක‍්ඛණආචික‍්ඛණෙ සඤ‍්ඤං අකත්‍වා “සාධු , තාත, අත‍්තනො භතිං ජානිත්‍වා කම‍්මං කරොහී”ති ආහ. සො තතො පට‍්ඨාය සුවචො හුත්‍වා උරං දත්‍වා අත‍්තනො කිලමථං අගණෙත්‍වා තස‍්ස සබ‍්බකිච‍්චානි කරොති, පාතොව කම‍්මන‍්තං ගන‍්ත්‍වා සායං ආගච‍්ඡති.

පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, එනුවර ‘සුචි පරිවාර’ නම් වූ සිටුවරයෙක් ජීවත් විය. අසූකෙළක් ධන සම්පත් ඇති, මේ සිටුතුමා දානාදී පිංකම් ඇලුනෙකි. ඔහුගේ අඹුදරුවෝ ද, යන මේ සියලු දෙනා, මසකට දින හයක් පෙහෙවස් සමාදන් වෙති. එසමයෙහි අප බෝසත් තෙමේ, කිසියම් දිළිඳු කුලයක ඉපිද කුලී වැඩ කරමින්, දුකසේ ජීවත් වෙයි. කිසියම් දිනෙක කුලී වැඩ සොයමින් සිටු ගෙවල් වැනි, පොහොසත් ධනවතුන්ගේ ගෙවල්වලින් ‘වැඩට කිසිවකු අවශ්‍යදැ’යි සොයමින්, ඇවිද ගිය ඔහු, කිසියම් දිනෙක, සුචිපරිවාර සිටුවරයාගේ නිවෙසට ගියේය. සිටුවරයා ගෙතුළින් එළියට පැමිණියේය. බෝසත් තෙමේ සිටුතුමාට වැඳ, පැත්තකට විය. ‘තරුණය, ඔබ කුමට මෙහි පැමිණියෙහිදැ’යි සිටුතුමා බෝසත් තරුණයාගෙන් විමසීය. ‘ස්වාමීනි, මම මෙහි පැමිණියේ ඔබේ නිවසෙහි කුලී වැඩක් ඇතොත්, එය කරදෙනු සඳහාය’ සිටුතුමා, සිය ගෙදරට වැඩට පැමිණෙන සෑම කෙනෙකුටම, මුලින් අවවාද කොට වැඩට බඳවා ගැනීම, සිරිතක් කොට ගත්තෙකි. ‘මාගේ ගෙදර වැඩ කරන්නට කැමති නම්, ඔබ සිල් රකින්නට ද, කැමැති විය යුතුමය. එසේ කළ නොහැකිනම්, ඔබට මේ නිවසින් ලැබෙන රැකියාවක් නැති බව, තේරුම් ගනුව’යි, සිටුතුමා වැඩට පැමිණෙන ඕනෑම කෙනෙකුට, එසේ පැමිණි මුල් දිනයේ දී ම දන්වයි. දැනට සිටු මාලිගයෙහි වැඩකරන සියලු දෙනාම පාහේ, ඒ කොන්දේසිය මත වැඩට බඳවා ගත් අය වෙති. එහෙත් බෝසත් තරුණයාගෙන් පුදුමයකට මෙන්, සිටුතුමා මේ ප්‍රශ්නය ඇසුවේ නැත. බෝසත් තරුණයා වැඩ ඉල්ලා පැමිණි විට, ‘දරුව, යහපති. ඔබේ කුලිය ගැන දැනුම් දී වැඩකරව’යි, සිටුතුමා ඔහුට කීයේය. තරුණයා ද එතැන් පටන් කීකරුව, සියලු වැඩ කරට ගෙන, තමාගේ වෙහෙස ද ගණන් නොගෙන, සිටුතුමාගේ සියලු කටයුතු මැනවින් ඉටුකරන්නට පටන් ගත්තේය. උදෑසනම සිටුමැදුරට වැඩට පැමිණෙන ඔහු, සැඳෑ කල වැඩ නිමකරයි. මෙසේ ස්වකීය පහසුව ගැන, කිසිදු තැකීමක් නොකරන ඔහු, සිටුතුමාගේ පහසුව ගැනම සිත යොමුකොට වැඩකරයි.

අථෙකදිවසං නගරෙ ඡණං ඝොසෙසුං. මහාසෙට‍්ඨි දාසිං ආමන‍්තෙත්‍වා “අජ‍්ජුපොසථදිවසො, ගෙහෙ කම‍්මකරානං පාතොව භත‍්තං පචිත්‍වා දෙහි, කාලස‍්සෙව භුඤ‍්ජිත්‍වා උපොසථිකා භවිස‍්සන‍්තී”ති ආහ. බොධිසත‍්තො කාලස‍්සෙව උට‍්ඨාය කම‍්මන‍්තං අගමාසි, “අජ‍්ජුපොසථිකො භවෙය්‍යාසී”ති තස‍්ස කොචි නාරොචෙසි. සෙසකම‍්මකරා පාතොව භුඤ‍්ජිත්‍වා උපොසථිකාව අහෙසුං. සෙට‍්ඨිපි සපුත‍්තදාරො සපරිජනො උපොසථං අධිට‍්ඨහි, සබ‍්බෙපි උපොසථිකා අත‍්තනො අත‍්තනො වසනට‍්ඨානං ගන‍්ත්‍වා සීලං ආවජ‍්ජෙන‍්තා නිසීදිංසු. බොධිසත‍්තො සකලදිවසං කම‍්මං කත්‍වා සූරියත්‍ථඞ‍්ගමනවෙලාය ආගතො. අථස‍්ස භත‍්තකාරිකා හත්‍ථධොවනං දත්‍වා පාතියං භත‍්තං වඩ‍්ඪෙත්‍වා උපනාමෙසි. බොධිසත‍්තො “අඤ‍්ඤෙසු දිවසෙසු ඉමාය වෙලාය මහාසද‍්දො හොති, අජ‍්ජ කහං ගතා”ති පුච‍්ඡි. “සබ‍්බෙ උපොසථං සමාදියිත්‍වා අත‍්තනො අත‍්තනො වසනට‍්ඨානානි ගතා”ති. තං සුත්‍වා බොධිසත‍්තො චින‍්තෙසි “එත‍්තකානං සීලවන‍්තානං අන‍්තරෙ අහං එකො දුස‍්සීලො හුත්‍වා න වසිස‍්සාමි, ඉදානි උපොසථඞ‍්ගෙසු අධිට‍්ඨිතෙසු හොති නු ඛො උපොසථකම‍්මං, නො”ති. සො ගන‍්ත්‍වා සෙට‍්ඨිං පුච‍්ඡි. අථ නං සෙට‍්ඨි “තාත පාතොව අනධිට‍්ඨිතත‍්තා සකලං උපොසථකම‍්මං න හොති, උපඩ‍්ඪුපොසථකම‍්මං පන හොතී”ති ආහ.

ඉක්බිති කිසියම් දිනෙක නගරයෙහි සැණකෙළි උත්සවයක් ආරම්භ විය. මහසිටුතුමා දාසියක අමතා, අද පොහෝ දවසකි. එබැවින් සිටු මැදුරෙහි වෙසෙන කම්කරුවන්ට උදෑසනින් ම බත් පිස දෙව. එවිට ඔවුහු කල්තියා අනුභව කොට, පෙහෙවස් සමාදන් වන්නාහුයැ’යි කීයේය. මේ අතර බෝසත් තරුණයා ද, එදින අලුයමින් නැගිට වැඩට ගියේය. ‘අද පොහෝ දිනෙකැ’යි යනු ද, ‘ඔබ ද පෙහෙවස් සමාදන් වන්නැ’යි යනුවෙන් ද කිසිවෙක් තරුණයාට දැනුම් දුන්නේ නැත. සෙසු කම්කරුවෝ උදෑසනින් ම ආහාර අනුභව කොට, පෙහෙවස් සමාදන් වූහ. සිටුතුමා ද, අඹුදරුවන් සහිතව, පිරිවර ජනයා ද සහිතව, පෙහෙවස් සමාදන් විය. සිල් සමාදන් වූ මේ සියලු දෙනා, තම තමන්ට හුරු පුරුදු වූ වාසස්ථානයන් වෙත ගොස්, සිල් ආවර්ජනා කරමින් හුන්හ. බෝසත් තෙමේ මේ කිසිවක් ගැන නොදැන, මුළු දවස පුරා වැඩකොට, ඉර බැසයන වේලාවෙහි වැඩ නිමකොට, ආහාර සඳහා සිටු මැදුරෙහි මුළුතැන්ගෙට පැමිණියේය. ඒ දුටු බත් බෙදා දෙන සේවිකාව හෙවත් කෑම උයන මෙහෙකාරිය, පළමුකොට තරුණයාට අත් සෝදාගැනීම සඳහා පැන් භාජනයක් පිරිනමා තැටිය ගෙන ඊට බත් බෙදා බෝසතුන්ට පිළිගැන්වූවාය. වෙනදා මේ වෙලාව වනවිට එම ස්ථානයේ මහා ඝෝෂාවක් පවතී. එම නිසා බෝසත් තෙමේ ඒ සේවිකාව අමතා, ‘මෙහි වැඩ කරන අය කොහි ගියාහුදැ’යි ඇසීය. ‘ඒ සියලු දෙනා පෙහෙවස් සමාදන් වී, තම තමන් වසන තැන්වලට වී සිල් ආවර්ජනා කරමින් වෙසෙතැ’යි, සේවිකාව කීවාය. මේ ඇසූ බෝසත් තරුණයා ‘මේ තරම් සිල්වතුන් පිරිසක් මැද වෙසෙන, එකම දුස්සීලයා මම වෙමි. එබැවින්, මට, තවදුරටත් දුසිල්වත්ව විසිය නොහැකිය. මම ද සිල්වතකු වන්නෙමැ’යි කල්පනාකොට, කෑම ද නොකා ම, සිටුවරයා වෙත ගොස් ‘සිටුතුමනි, ‘මම දැන් මේ වෙලාවේ සිල් සමාදන් වුවහොත්, එය පෙහෙවස් සමාදන් වීමක් වේද? නැතහොත් එසේ නොවේ දැ’යි ඇසීය. ‘දරුව, පාන්දරින් ම සමාදන් නො වූ බැවින් පූර්ණ පෙහෙවස් සමාදන් වීමක් නොවේ. එහෙත් දැන් ඔබ සමාදන් වුවහොත්, එය අඬ පෙහෙවස් සමාදන් වීමකි. එයද ඉතා හොඳ වැඩෙකැ’යි සිටුතුමා තරුණයාට කීයේය.

සො “එත‍්තකම‍්පි හොතූ”ති සෙට‍්ඨිස‍්ස සන‍්තිකෙ සමාදින‍්නසීලො හුත්‍වා උපොසථකම‍්මං අධිට‍්ඨාය අත‍්තනො වසනොකාසං පවිසිත්‍වා සීලං ආවජ‍්ජෙන‍්තො නිපජ‍්ජි. අථස‍්ස සකලදිවසං නිරාහාරතාය පච‍්ඡිමයාමසමනන‍්තරෙ සත්‍ථකවාතා සමුට‍්ඨහිංසු. සෙට‍්ඨිනා නානාවිධානි භෙසජ‍්ජානි ආහරිත්‍වා “භුඤ‍්ජා”ති වුච‍්චමානොපි “උපොසථං න භින්‍දිස‍්සාමි, ජීවිතපරියන‍්තිකං කත්‍වා සමාදියි”න‍්ති ආහ. බලවවෙදනා උප‍්පජ‍්ජි, අරුණුග‍්ගමනවෙලාය සතිං පච‍්චුපට‍්ඨාපෙතුං නාසක‍්ඛි. අථ නං “ඉදානි මරිස‍්සතී”ති නීහරිත්‍වා “ඔසාරකෙ නිපජ‍්ජාපෙසුං. තස‍්මිං ඛණෙ බාරාණසිරාජා රථවරගතො මහන‍්තෙන පරිවාරෙන නගරං පදක‍්ඛිණං කරොන‍්තො තං ඨානං සම‍්පාපුණි. බොධිසත‍්තො තස‍්ස සිරිං ඔලොකෙත්‍වා තස‍්මිං ලොභං උප‍්පාදෙත්‍වා රජ‍්ජං පත්‍ථෙසි. සො චවිත්‍වා උපඩ‍්ඪුපොසථකම‍්මනිස‍්සන්‍දෙන තස‍්ස අග‍්ගමහෙසියා කුච‍්ඡිම‍්හි පටිසන්‍ධිං ගණ‍්හි. සා ලද‍්ධගබ‍්භපරිහාරා දසමාසච‍්චයෙන පුත‍්තං විජායි, “උදයකුමාරො”තිස‍්ස නාමං අකංසු. සො වයප‍්පත‍්තො සබ‍්බසිප‍්පෙසු නිප‍්ඵත‍්තිං පාපුණි, ජාතිස‍්සරඤාණෙන අත‍්තනො පුබ‍්බකම‍්මං සරිත්‍වා “අප‍්පකස‍්ස කම‍්මස‍්ස ඵලං මම ඉද”න‍්ති අභික‍්ඛණං උදානං උදානෙසි. සො පිතු අච‍්චයෙන රජ‍්ජං පත්‍වාපි අත‍්තනො මහන‍්තං සිරිවිභවං ඔලොකෙත්‍වා තදෙව උදානං උදානෙසි.

‘ඒකත් මට ප්‍රමාණවත් යැ’යි කී, තරුණයා සිටුවරයා වෙතින් සිල්ගෙන, පෙහෙවස් අධිෂ්ඨාන කොටගෙන, තමා වසන තැනට ගොස්, සිල් ආවර්ජනා කරමින් හුන්නේ ය. මුළු දවස තුළම වැඩ කිරීමෙන් ඇති වූ මහන්සියත්, දවසේ ම නිරාහාරව හිඳීම නිසාත්, රෑ පශ්චිම යාමයේ දී, ඉතා දරුණු වාත රෝගයක් තරුණයාට වැළඳුණේය. එය දැනගත් සිටුතුමා විවිධ බෙහෙත් ගෙනවුත්, තරුණයාට බොන්නට දුන් නමුත්, කෙතෙක් කීවත්, මොනතරම් පෙරැත්ත කළත් ‘සීලය බිඳේය’ යන බියෙන් සියලු බෙහෙත්, තරුණයා ප්‍රතික්‍ෂේප කෙළේය. ‘සිටුතුමනි, මම උපෝසථ ශීලයෙන් අඩක් සමාදන් වූවෙක්මි. මම එය දිවි කෙළවරකොට සමාදන් වූ බැවින්, ජීවිතය මෙතැනම ගියත්, ඒ මගේ ශීලය බිඳ නොගන්නෙමැ’යි, තරුණයා කීයේය. එන්න-එන්න ම වේදනාව ඉතා බලවත් විය. අරුණ නැගෙන වේලාව වනවිට, තරුණයා සිහිය පිහිටුවා ගැනීමට පවා, අසමත්ව හුන්නේය. කෙමෙන් කෙමෙන් මරණාසන්න තත්ත්වයට තරුණයා පත්ව සිටිනු දුටු සිටුතුමා, හුන් තැනින් ඔහු බැහැර කොටගෙන, ඉතා පහසුවෙන් හුස්ම ගැනීම සඳහා සිටුමැදුරේ ඉදිරි කොටසක සැතපවීය. මේ අවස්ථාවේ බරණැස් රජතුමා මංගල රථයට නැගී මහත් වූ පිරිවර සහිතව, නුවර පැදකුණු කරමින් සිටුමැදුර සමීපයට පැමිණියේය. සයනයෙහි වැතිර සිටි බෝසත් තරුණයා, රජතුමාගේ රාජ්‍ය ශ්‍රී දැක, ඊට ආශාව උපදවා ගෙන රාජ්‍ය සම්පත් ප්‍රාර්ථනා කෙළේය. ඒ මොහොතේදීම, ඔහු මෙලොවින් සමු ගත්තේය. ඔහු එසේ මියගොස්, තමා සමාදන් වූ අර්ධ උපෝසථ කර්මයේ විපාක වශයෙන්, බරණැස් රජුගේ අග මෙහෙසියගේ කුසෙහි පිළිසිඳ ගත්තේය. ලබන ලද ගැබ් පෙළහර ඇති ඇය, දස එකඩ මසක් ඇවෑමෙන් පුතකු වැදුවාය. නම් තබන දවසේ ඔහුට ‘උදය’ කුමාරයා යැ’යි දෙමාපියෝ නම් කළහ. නිසිවියට පත් කුමරා සියලු ශිල්ප ශාස්ත්‍රයන්හි නිමාවට පැමිණුනි. ජාතිස්මරණ ඥානයෙන් තමාගේ පූර්ව කර්මයන් සිහිකළ කුමාරයා, ‘මෙය මාගේ අල්ප වූ පුණ්‍ය කර්මයක විපාකය නොවේදැ’යි නිතර නිතර ඒ ගැන, උදන් ඇනුවේය.

අථෙකදිවසං නගරෙ ඡණං සජ‍්ජයිංසු, මහාජනො කීළාපසුතො අහොසි. තදා බාරාණසියා උත‍්තරද‍්වාරවාසී එකො භතිකො උදකභතිං කත්‍වා ලද‍්ධං අඩ‍්ඪමාසකං පාකාරිට‍්ඨකාය අන‍්තරෙ ඨපෙත්‍වා භතිං කරොන‍්තො දක‍්ඛිණද‍්වාරං පත්‍වා තත්‍ථ උදකභතිමෙව කත්‍වා ජීවමානාය එකාය කපණිත්‍ථියා සද‍්ධිං සංවාසං කප‍්පෙසි. සා තං ආහ – “සාමි, නගරෙ ඡණො වත‍්තති, සචෙ තෙ කිඤ‍්චි අත්‍ථි, මයම‍්පි කීළෙය්‍යාමා”ති? “ආම, අත්‍ථී”ති. “කිත‍්තකං, සාමී”ති? “අඩ‍්ඪමාසකො”ති. “කහං සො”ති? “උත‍්තරද‍්වාරෙ ඉට‍්ඨකබ‍්භන‍්තරෙ ඨපිතොති ඉතො මෙ ද‍්වාදසයොජනන‍්තරෙ නිධානං, තව පන හත්‍ථෙ කිඤ‍්චි අත්‍ථී”ති? “ආම, අත්‍ථී”ති. “කිත‍්තක”න‍්ති? “අඩ‍්ඪමාසකොවා”ති. “ඉති තව අඩ‍්ඪමාසකො, මම අඩ‍්ඪමාසකොති මාසකොව හොති, තතො එකෙන කොට‍්ඨාසෙන මාලං, එකෙන කොට‍්ඨාසෙන ගන්‍ධං, එකෙන කොට‍්ඨාසෙන සුරං ගහෙත්‍වා කීළිස‍්සාම, ගච‍්ඡ තයා ඨපිතං අඩ‍්ඪමාසකං ආහරා”ති. සො “භරියාය මෙ සන‍්තිකා කථා ලද‍්ධා”ති හට‍්ඨතුට‍්ඨො “භද‍්දෙ, මා චින‍්තයි, ආහරිස‍්සාමි න”න‍්ති වත්‍වා පක‍්කාමි. නාගබලො භතිකො ඡ යොජනානි අතික‍්කම‍්ම මජ‍්ඣන‍්හිකසමයෙ වීතච‍්චිකඞ‍්ගාරසන්‍ථතං විය උණ‍්හං වාලුකං මද‍්දන‍්තො ධනලොභෙන හට‍්ඨපහට‍්ඨො කසාවරත‍්තනිවාසනො කණ‍්ණෙ තාලපණ‍්ණං පිළන්‍ධිත්‍වා එකෙන ආයොගවත‍්තෙන ගීතං ගායන‍්තො රාජඞ‍්ගණෙන පායාසි.

මේ අතර කිසියම් දිනෙක නුවර සැණකෙළියක් ආරම්භ විය. මහජනතාව විවිධ ක්‍රීඩාවල නිරතව, සතුටින් කල්ගෙවූහ. එදා බරණැස් නුවර උතුරු වාසල් දොරටුව සමීපයෙහි වෙසෙන එක් තරුණයෙක්, කුලී වැඩ කරමින් දිවි ගෙවයි. සැණකෙළි උත්සවය පටන් ගත් දින උදයේ ම පිටත් වූ ඔහු, කිසියම් සිටුගෙදරක කුලියට වතුර අදින්නට බාරගෙන, කුලිය වන අඩමස්ස ද ලබාගෙන, එය එතැන ම පිහිටි ගඩොල් තාප්පයක ගඩොල් අතර සඟවා තබා, වතුර ඇදීම, දිගටම කරගෙන ගියේය. ඒ ගෙදර ම කුලියට දිය අදින්නට පැමිණ සිටි දුප්පත් තරුණියක් තරුණයාට මුණගැසුණි. එකම කටයුත්තෙහි නිරතව සිටි, මේ දෙදෙනා අතර ඒ සුලු කාලයට මිතුරුකමක් ගොඩනැගුණි. කෙසේ හෝ වැඩ අවසන් කරන වේලාව වනවිට, මේ දෙදෙනා එකට එක්ව විවාහ දිවියක් ගතකිරීමට පවා තීරණය කොටගෙන තිබුණි. ඒ නිසා වැඩ අවසන් කළ තරුණිය එතෙක් තනිකඩව ජීවත් වූ තරුණයා සමග, නව දිවියක් ගතකිරීමේ අපේක්‍ෂා පෙරදැරිව, ඒ ගමන්ම තරුණයා සමග ඔහුගේ නිවෙස බලා පිටත්ව ගියාය. එදින රාත්‍රියේ සුවසේ ගතකළ තරුණ ජෝඩුව, වේලාසනින් අවදි වූහ. මෙහිදී තරුණයා ඇමතූ තරුණිය, ස්වාමීනි, නුවර සැණකෙළි උත්සවයක් පවතී. ඉදින් ඔබ ළඟත් යමක් ඇත්නම්, අප දෙදෙනාට ම උත්සව භූමියට ගොස්, කෙළිදෙලෙන් විසිය හැකි නොවේදැයි කීවාය. ‘සොඳුර, මා ළඟ මුදල් ඇත.’ ‘ස්වාමීනි, ඒ මුදල කොපමණක්ද?’ ‘සොඳුර, එය අඩමස්සකි.’ ‘ස්වාමීනි, එය කොහිද? මට එය පෙන්වනු මැනව.’ ‘ සොඳුර, එය ද මා අත නැත. එය ඇත්තේ අප ඊයේ කුලී වැඩ කළ නිවෙස අසල තාප්පයෙහි, කිසියම් තැනෙක ගඩොල් අතරේය. ඔබ හමුවීම නිසා, මට හැමදෙයක්ම අමතක විය.’ ‘ස්වාමීනි, ඔය ඔබේ නිධානය ඇත්තේ, මෙතැන් සිට දොළොස් යොදුනක් දුර ඈතක නොවේද?’ ‘සොඳුර, ඒ ගැන නුඹ කරදර නොවන්න. සොඳුර, ඔබ ළඟත් කිසියම් මුදලක් ඇත්තේද?’ ‘එසේය ස්වාමීනි, මා ළඟ ද මුදල් ඇත.’ ‘සොඳුර, ඔබේ මුදල කොපමණක් ද?’ ‘හිමියනි, මට ලැබුණේ ද, ඔබට ලැබුණු මුදලමය. එනම් අඩ මස්සකි. එය දැන් මා ළඟ ඇත.’ ‘එසේ නම් සොඳුර, ඔබේ අඩමස්සත්, මගේ අඩමස්සත් එකතු වූ විට, මුළු මුදල මසුරමකි.’ ‘ස්වාමීනි, අපි ඒ මුදලින් අඩකට සුවඳ වර්ගත්, ඉතිරි මුදලින් සුරා ද, ගෙනැවිත් කෙළිදෙලෙන් කාලය ගෙවමු. එබැවින් ඔබ දැන් පිටත්ව යන්න. එසේ ගොස් ඔබ සඟවා තබන ලද ඒ අඩමස්ස වහා රැගෙන එනු මැනවැ’යි, තරුණිය සිය සැමියා වන තරුණයා අමතා කීවාය. තරුණයා ද ‘මාගේ බිරිඳගේ ම මුවින්, පුදුමයකට මෙන්, මෙවැනි යෝජනාවක් කළා නොවේදැ’යි ඉමහත් සතුටට පත්ව, ‘සොඳුර, ඔබ සිතට කරදර නොගන්න. මම එය වහා රැගෙන එන්නෙමැ’යි, කියා එවේලේම ගමන පිටත් විය. ඇතකුට බඳු ශක්තියක් ඇති මේ තරුණයා, එක ගැම්මට යොදුන් හයක් තරම් වූ දිගු මගක් ගෙවා මද්දහන වේලෙහි ගිනිදළු නැති, ගිනිඅඟුරු ඇතිරුවාක් වැනි, රත් වූ වැලි පාගමින්, ධනය ලබාගැනීමේ අපේක්ෂාව නිසා හටගත්, උද්දාමයෙන් හා සතුටින් යුක්තව ගමන් කරයි. කසාවතක් හැඳ සිටි ඔහු, දෙකන්හි පුස්කොළ තෝඩු එල්ලාගෙන තිබුණි. මේ ගම කෙතරම් දුෂ්කර එකක් වුවද, ඔහුට ඒ දුෂ්කර භාවය දැනුණේවත් නැත. කිසියම් නැටුම් තාලයකට අඩි තබමින්, ගීතයක් ද හඬ නඟා ගායනා කරමින්, රජමැදුර ඉදිරිපිට ඇති මාවත දිගේ, ඔහු මෙසේ ගමන් කරයි.

උදයරාජා සීහපඤ‍්ජරං විවරිත්‍වා ඨිතො තං තථා ගච‍්ඡන‍්තං දිස‍්වා “කිං නු ඛො එස එවරූපං වාතාතපං අගණෙත්‍වා හට‍්ඨතුට‍්ඨො ගායන‍්තො ගච‍්ඡති, පුච‍්ඡිස‍්සාමි න”න‍්ති චින‍්තෙත්‍වා පක‍්කොසනත්‍ථාය එකං පුරිසං පහිණි. තෙන ගන‍්ත්‍වා “රාජා තං පක‍්කොසතී”ති වුත‍්තෙ “රාජා මය‍්හං කිං හොති, නාහං රාජානං ජානාමී”ති වත්‍වා බලක‍්කාරෙන නීතො එකමන‍්තං අට‍්ඨාසි. අථ නං රාජා පුච‍්ඡන‍්තො ද‍්වෙ ගාථා අභාසි –

මේ අතර තද උෂ්ණයෙන් පීඩාවට පත්, උදය රජතුමා සීමැදුරු කවුළුව විවරකොට ගෙන, හමන සුළඟින් වෙහෙස නිවමින්, නුදුරෙහි ඇති වීදිය දෙසම, බලාගෙන සිටියේය. එසේ සිටි රජතුමා, මේ අරුමපුදුම මිනිසා එනම්, ගිනි අව්වේ ගිනිගෙන දැවෙන මාවතක, ගීතයක් ද ගයමින්, තාලයකට පා තබමින්, ගමන් කරන මේ තරුණයා දැක, අතිශයින් විස්මයට පැමිණ, ‘කිමෙක්ද? මේ තරුණයා මේ රත්වූ සුළඟත්, තද අව්වත් ගණන් නොගෙන, සතුටින් ගී ගයමින් ගමන් කෙරේ. මොහු ගෙන්වා මේ ගැන විමසා බැලිය යුතුම යැ’යි සිතුවේය. එසේ සිතා රාජපුරුෂයෙකුට කථාකළ රජතුමා, ඒ තරුණයා වහා කැඳවාගෙන එන ලෙස නියෝග කෙළේය. තරුණයා වෙත දිවැ ගිය රාජපුරුෂයා, ‘තරුණය, අපේ රජතුමා ඔබ කැඳවයි යැ’යි කීවේය. එවිට රාජපුරුෂයා දෙස බැලූ තරුණයා ‘රජු මගේ කවුද? මම ඔය රජා නො හඳුනමි’යි කියා, යන්නට ගියෙය්. ඉන්පසු ඔහු බලහත්කාරයෙන් අල්ලාගෙන රජු වෙත ගෙනෙන ලදි. අනතුරුව රජතුමා ඔහුගෙන් කරුණු විමසමින් මෙසේ කීයේය.

“අඞ‍්ගාරජාතා පථවී, කුක‍්කුළානුගතා මහී; අථ ගායසි වත‍්තානි, න තං තපති ආතපො.

අංගාරජාතා පඨවී - කුක්කුලානු ගතා මහී, අථ ගායසි වත්තානි - නතං තපති ආතපො

‘මහී’ නම් වූ පොළොව ගිනි අඟරු වැනිය. උණු අළු වැනිය. එසේ වුවත් තාලයට ගායනා කරන්නෙහිය. අව්ව ඔබ නො තවයි ද?

“උද‍්ධං තපති ආදිච‍්චො, අධො තපති වාලුකා; අථ ගායසි වත‍්තානි, න තං තපති ආතපො”ති.

උද්ධං තපති ආදිච්චො - අධො තපති වාලුකා, අථ ගායසි වත්තානි - න තං තපති ආතපොති

උඩින් හිරු තවයි. යටින් වැල්ල තවයි. එහෙත් තාලයට ගායනා කරන්නෙහිය. කිමෙක්ද? අව්ව ඔබ නොතවයිද?

තත්‍ථ අඞ‍්ගාරජාතාති භො පුරිස, අයං පථවී වීතච‍්චිකඞ‍්ගාරා විය උණ‍්හජාතා. කුක‍්කුළානුගතාති ආදිත‍්තඡාරිකසඞ‍්ඛාතෙන කුක‍්කුළෙන විය උණ‍්හවාලුකාය අනුගතා. වත‍්තානීති ආයොගවත‍්තානි ආරොපෙත්‍වා ගීතං ගායසීති.

මෙහි ‘අංගාරජාතා’ යනු ‘පින්වත් පුරුෂය, මේ පොළොව, දැල්ල නැති ගිනි අඟුරු මෙන්, උණුසුම් ය’ යන අර්ථයි. ‘කුක්කුලා නූගතා’ යනු ‘ගින්නෙන් හටගත් අළු වැනි, එනම් උණු අළු වැනි, රත් වූ වැලි මත ගමන් ගන්නා’ යන අර්ථයි. ‘වත්තානි’ යනු ‘තාලයක් අනුව ගී ගයන්නෙහිය’ යන අර්ථයි.

සො රඤ‍්ඤො කථං සුත්‍වා තතියං ගාථමාහ –

තරුණයා රජතුමාගේ කථාව අසා සිට මෙසේ පැවසීය.

“න මං තපති ආතපො, ආතපා තපයන‍්ති මං; අත්‍ථා හි විවිධා රාජ, තෙ තපන‍්ති න ආතපො”ති.

3. අව්ව මා නොතවයි. සිතේ ඇති උනන්දුව ම මා තවයි. රජතුමනි, බලාපොරොත්තු වනාහි විවිධය. අව්ව නොව, මා තැවීමට පත් කරන්නේ ඒවාය.

තත්‍ථ ආතපාති වත්‍ථුකාමකිලෙසකාමා. පුරිසඤ‍්හි තෙ අභිතපන‍්ති, තස‍්මා “ආතපා”ති වුත‍්තා. අත්‍ථා හි විවිධාති, මහාරාජ, මය‍්හං වත්‍ථුකාමකිලෙසකාමෙ නිස‍්සාය කත‍්තබ‍්බා නානාකිච‍්චසඞ‍්ඛාතා විවිධා අත්‍ථා අත්‍ථි, තෙ මං තපන‍්ති, න ආතපොති.

මෙහි ‘ආතප්පා’ යනු ‘වස්තුකාම හා ක්ලේශ කාමයෝ යන මේවා පුරුෂයා තවති. එබැවින් ඒවා ‘ආතප්පා’ යයි කියන ලදි’ යන අර්ථයි. ‘අත්‍ථාහි විවිධා’ යනු ‘මහරජතුමනි, වස්තුකාම හා ක්ලේශකාමයන් නිසා, කළ යුතු දේ මට බොහෝකොට ඇත. විවිධ වූ වැඩ ඇත. අව්ව නොව, ඒවා ම මා තවයි’ යන අර්ථයි.

අථ නං රාජා “කො නාම තෙ අත්‍ථො”ති පුච‍්ඡි. සො ආහ “අහං, දෙව, දක‍්ඛිණද‍්වාරෙ කපණිත්‍ථියා සද‍්ධිං සංවාසං කප‍්පෙසිං, සා මං ‘ඡණං කීළිස‍්සාම, අත්‍ථි තෙ කිඤ‍්චි හත්‍ථෙ’ති පුච‍්ඡි, අථ නං අහං ‘මම නිධානං උත‍්තරද‍්වාරෙ පාකාරන‍්තරෙ ඨපිත’න‍්ති අවචං, සා ‘ගච‍්ඡ තං ආහර, උභොපි කීළිස‍්සාමා’ති මං පහිණි, සා මෙ තස‍්සා කථා හදයං න විජහති, තං මං අනුස‍්සරන‍්තං කාමතපො තපති, අයං මෙ, දෙව, අත්‍ථො”ති. අථ “එවරූපං වාතාතපං අගණෙත්‍වා කිං තෙ තුස‍්සනකාරණං, යෙන ගායන‍්තො ගච‍්ඡසී”ති? “දෙව, තං නිධානං ආහරිත්‍වා ‘තාය සද‍්ධිං අභිරමිස‍්සාමී’ති ඉමිනා කාරණෙන තුට‍්ඨො ගායාමී”ති. “කිං පන තෙ, භො පුරිස, උත‍්තරද‍්වාරෙ ඨපිතනිධානං සතසහස‍්සමත‍්තං අත්‍ථී”ති? “නත්‍ථි, දෙවා”ති. රාජා “තෙන හි පඤ‍්ඤාස සහස‍්සානි, චත‍්තාලීස, තිංස, වීස, දස, සහස‍්සං, පඤ‍්ච සතානි, චත‍්තාරි, තීණි, ද‍්වෙ, එකං, සතං, පඤ‍්ඤාසං, චත‍්තාලීසං, තිංසං, වීසං, දස, පඤ‍්ච, චත‍්තාරි, තයො, ද‍්වෙ, එකො කහාපණො, අඩ‍්ඪො, පාදො, චත‍්තාරො මාසකා, තයො, ද‍්වෙ, එකො මාසකො”ති පුච‍්ඡි. සබ‍්බං පටික‍්ඛිපිත්‍වා “අඩ‍්ඪමාසකො”ති වුත‍්තො “ආම, දෙව, එත‍්තකං මය‍්හං ධනං, තං ආහරිත්‍වා තාය සද‍්ධිං අභිරමිස‍්සාමීති ගච‍්ඡාමි, තාය පීතියා තෙන සොමනස‍්සෙන න මං එස වාතාතපො තපතී”ති ආහ.

අනතුරුව රජතුමා ‘තරුණය, ඔබට ඇත්තේ කිනම් බලාපොරොත්තුදැ’යි ඇසීය. ‘දේවයිනි, දකුණු වාසල් දොරටුවෙහි ඉතා දිළිඳු තරුණියක සමග, මම විවාහ දිවියක් ගතකරමි. ඇය මට සැණකෙළි උත්සවයේ විනෝදවනු සඳහා යෝජනාවක් ඉදිරිපත් කළාය. ඈ මගෙන් ඊට සෑහෙන මුදල් ඇත්දැ’යි ඇසුවා යැ’යි, කියා තමාත් තම බිරිඳත් අතරේ හුවමාරු වූ සියලු සංවාදයන් සහිතව, රජතුමාට හැම විස්තරයක් ම පැහැදිලි කොට කී තරුණයා, ‘දේවයිනි, ඇගේ ඒ කථාව, මාගේ හදවතින් බැහැර කළ නොහැකිය. ඈ ගැන සිහිකරන මගේ හදමඬල, කාම ගින්නෙන් මා තවයි. දේවයිනි, මේවා නම් මාගේ බලාපොරොත්තු යැ’යි කීවේය. ‘තරුණය, එසේ වුවත්, මෙබඳු වූ උණුසුම් සුළඟත්, ගිනියම් අව්වත්, ගණන් නොගෙන ඔබ කුමක් නිසා, කුමන සතුටක් ගෙන දෙන කරුණක් නිසා, ගී ගයමින් ගමන් කළෙහිද?’ ‘දේවයිනි, ඒ මාගේ නිධානය ගෙනවුත්, මම ඈ සමග සතුටින් වෙලී කල් ගෙවන අයුරු, සිත් මවාගෙන මෙසේ සතුටින් ගී ගයමි’ ‘කිමෙක්ද? පින්වත් පුරුෂය, උතුරු වාසල් දොරටුවෙහි ඔබ සැඟවූ නිධානය කහවණු ලක්‍ෂයක්ද?’ ‘නැත දේවයන් වහන්ස,’ ‘එසේ නම් පනස් දහසක් ද?’ ‘නැත දේවයිනි,’ ‘එසේනම් සතළිස් දහසක් ද? තිස් දහසක් ද, විසි දහසක් ද, දස දහසක් ද, පන් දහසක් ද, දහසක් ද, පන්සියයක්, හාරසියයක්, දෙසීයක්, පනහක්, තිහක්, විස්සක්, දහයක්, පහක්, හතරක්, තුනක්, දෙකක්, එක් කහවණුවක්, කහවණු භාගයක්, මසුරන් හතරක්, මසුරන් තුනක්, මසුරන් දෙකක්, එක මසුරමක් දැ’යි වෙන් වෙන් වශයෙන් රජතුමා, තරුණයාගෙන් ඔහුගේ ධනය ගැන ප්‍රශ්න කෙළේය. රජුගේ සෑම ප්‍රශ්නයකට ම තරුණයා සැපයූයේ ‘නැත’ යන එකම පිළිතුරුය. අවසානයේ දී රජතුමා ‘කිමෙක්ද? තරුණය, ඔබේ ඒ ධනය අඩ මස්සක් දැ’යි ඇසුවේය. මෙතෙක් සියල්ල ප්‍රතික්‍ෂේප කළ තරුණයා, රජුගේ මේ අවසන් පැනයට ‘එසේය දේවයන් වහන්ස, මගේ ධනය එපමණකැ’යි කීය. එය රැගෙන ගොස්, ‘ඇය සමගින් සතුටින් කල් ගෙවමැ’යි යන, හැඟීමෙන්, ඒ ප්‍රීතියෙන්, ඒ සොම්නසින් මම, එසේ ගමන් කෙළෙමි. ඒ නිසා මේ නපුරු සුළඟත්, ගින්දර වැනි අව්වත්, මා නොතවා යැ’යි, තරුණයා රජුට තවදුරටත් පැහැදිලි කෙළේය.

අථ නං රාජා “භො පුරිස, එවරූපෙ ආතපෙ තත්‍ථ මා ගමි, අහං තෙ අඩ‍්ඪමාසකං දස‍්සාමී”ති ආහ. “දෙව, අහං තුම‍්හාකං කථාය ඨත්‍වා තඤ‍්ච ගණ‍්හිස‍්සාමි, ඉතරඤ‍්ච ධනං න නාසෙස‍්සාමි, මම ගමනං අහාපෙත්‍වා තම‍්පි ගහෙස‍්සාමී”ති. “භො පුරිස, නිවත‍්ත, මාසකං තෙ දස‍්සාමි, ද‍්වෙ මාසකෙහි එවං වඩ‍්ඪෙත්‍වා කොටිං කොටිසතං අපරිමිතං ධනං දස‍්සාමි, නිවත‍්තා”ති වුත‍්තෙපි “දෙව, තං ගහෙත්‍වා ඉතරම‍්පි ගණ‍්හිස‍්සාමි”ඉච‍්චෙව ආහ. තතො සෙට‍්ඨිට‍්ඨානාදීහි ඨානන‍්තරෙහි පලොභිතො යාව උපරජ‍්ජා තථෙව වත්‍වා “උපඩ‍්ඪරජ‍්ජං තෙ දස‍්සාමි, නිවත‍්තා”ති වුත‍්තෙ සම‍්පටිච‍්ඡි. රාජා “ගච‍්ඡථ මම සහායස‍්ස කෙසමස‍්සුං කාරෙත්‍වා න‍්හාපෙත්‍වා අලඞ‍්කරිත්‍වා ආනෙථ න”න‍්ති අමච‍්චෙ ආණාපෙසි. අමච‍්චා තථා අකංසු. රාජා රජ‍්ජං ද‍්විධා භින්‍දිත්‍වා තස‍්ස උපඩ‍්ඪරජ‍්ජං අදාසි. “සො පන තං ගහෙත්‍වාපි අඩ‍්ඪමාසකපෙමෙන උත‍්තරපස‍්සං ගතොයෙවා”ති වදන‍්ති. සො අඩ‍්ඪමාසකරාජා නාම අහොසි. තෙ සමග‍්ගා සම‍්මොදමානා රජ‍්ජං කාරෙන‍්තා එකදිවසං උය්‍යානං ගමිංසු. තත්‍ථ කීළිත්‍වා උදයරාජා අඩ‍්ඪමාසකරඤ‍්ඤො අඞ‍්කෙ සීසං කත්‍වා නිපජ‍්ජි. තස‍්මිං නිද‍්දං ඔක‍්කන‍්තෙ පරිවාරමනුස‍්සා කීළානුභවනවසෙන තත්‍ථ තත්‍ථ අගමංසු.

ඉක්බිති තරුණයා ඇමතූ රජතුමා, ‘පින්වත් පුරුෂය, මෙබඳු වූ අව්වෙහි නුඹ, තවදුරටත් ගමන් නොකරව. මම නුඹට ඒ අඩමස්ස දෙන්නෙමැ’යි කීවේය. ‘එසේ නම් දේවයන් වහන්ස, ඒ ඔබේ මුදලත් මම ගන්නෙමි. මගේ මුදලත් විනාශ කොට නොගෙන, මගේ මේ ගමනත් ‘වැඩකට නැති ගමනක්’ බවට පත් නොකොට, එය ද ඔබතුමා දෙන මුදලට ම එකතුකොට ගන්නෙමැ’යි තරුණයා උත්තර දුන්නේය. ‘තරුණය, නවතින්න. ඔබ මහන්සි නොවන්න. මම ඔබට මසුරමක් දෙමි.’ ‘දේවයිනි, මැනව. එවිට ඒ මසුරමත් මගේ මසුරන් භාගයත්, මගේ බිරිඳගේ මසුරන් භාගයත් යන සියල්ල එක් වූ විට, මසුරන් දෙකකි.’ ‘තරුණය, මම මෙසේ නුඹට මුදල් දෙනුයේ, වෙන දෙයකට නොවේ. නුඹ මෙසේ ගිනි අව්වේ, මසුරන් භාගයක් වෙනුවෙන් යන්නට සූදානම් වෙන දුෂ්කර ගමන, නැවැත්වීමේ අටියෙනි’යි රජතුමා කීයෙය්. එහෙත් තරුණයා සිය දහදිය මහන්සියෙන් ඉපයූ මුදල, නිකම්ම අත්හැර දමන්නට කිසිසේත් කැමැති නොවීය. අනතුරුව රජතුමා ‘තරුණය, මම නුඹට මසුරන් දෙකක් දෙන්නෙමැ’යි කියා, පසුව ඒ ගණන වැඩි කරමින් ‘මසුරන් සතුරක්, කහවණුවක්, කහවණු සියයක්, දහසක්, ලක්‍ෂයක්, කෝටියක්, කෝටි සියයක් ධනයක් දෙන්නෙමැ’යි කී නමුත්, තරුණයාගේ කැමැත්ත රජු දෙන ඒ සියලු මුදලත්, තමා ඉපයූ මසුරන් භාගයත් යන දෙකම ගැනීමට ය. තරුණයාගේ මේ අදහස රජතුමා පුදුමයට පත් කරන සුලු විය. අනතුරුව ඔහු ඇමතූ රජතුමා ‘තරුණය, මම ඔබට සිටු තනතුරක්, ප්‍රධාන සිටු තනතුරක් දෙන්නෙමැ’යි කියා, මසුරන් භාගය වෙනුවෙන් යන වෙහෙසකර ගමන නවත්වා දමන ලෙස, තරුණයාගෙන් ඉල්ලා සිටියේය. එහෙත් තරුණයා ඊට අදි-මදි කෙළේය. එයින් පසු රජතුමා විවිධ තනතුරු යෝජනා කරමින්, තරුණයා පොළඹවන්නට උත්සාහ ගෙන අවසානයේදී සිය රටින් භාගයක් සහිතව ‘යුවරජ’ තනතුර පිරිනමන්නට කැමති බව දන්වා ‘ගමන නවත්වන්නැ’යි කී කල්හි, තරුණයා ඊට එකඟ විය. අනතුරුව රජතුමා ස්වකීය ඇමතිවරුන් අමතා, ‘තෙපි මගේ මේ හිතවතාගේ උඩුරැවුල සකස්කොට, ඔහු නහවා අලංකාර වූ ඇඳුම් හඳවා, සුදුසු අබරණ පළඳවා, පෙරළා රැගෙන එවු යැ’යි අණ කෙළේය. ඇමැතිවරු ද රජු කී ලෙසම කළහ. රජතුමා සිය රාජ්‍ය කොටස් දෙකකට බෙදා වෙන්කොට, තම හිතවතාට එයින් එක් කොටසක් සමග යුවරජ තනතුර පිරිනැමීය. සමහරු, ‘රජුගෙන් ඒ සියල්ල ගත් තරුණයා තමා උපයා ගත් අඩමස්සට ඇති ආශාවෙන්, ඒ වෙනුවෙන් උතුරු පෙදෙස බලා ගියේ යැ’යි කියති. ඒ කෙසේ වෙතත්, එතැන් පටන් ඔහු ‘අඩමස්සේ රජතුමා’ යැයි ප්‍රසිද්ධ විය. මෙසේ මේ අගරජතුමාත්, යුවරජතුමාත් යන දෙදෙනා ම ඉතා සමගිව සතුටින් යුතුව රාජ්‍යය විචාළහ. කිසියම් දිනෙක මේ දෙදෙනා එක්ව, උයන්කෙළියට ගියහ. එහිදී ක්‍රීඩාවෙන් වෙහෙසට පත්වූ, මහරජතුමා වන උදය රජතුමා අඩමස්සේ රජු න යුවරජුගේ ඇකයේ හිස තබාගෙන, වැදහොත්තේය. මෙසේ රජු නින්දට වන් කල්හි, පරිවාර ජනයා විනෝද වනු සඳහා උයනෙහි, ඒ ඒ තැන් කරා ගියහ.

අඩ‍්ඪමාසකරාජා “කිං මෙ නිච‍්චකාලං උපඩ‍්ඪරජ‍්ජෙන, ඉමං මාරෙත්‍වා අහමෙව සකලරජ‍්ජං කාරෙස‍්සාමී”ති ඛග‍්ගං අබ‍්බාහිත්‍වා “පහරිස‍්සාමි න”න‍්ති චින‍්තෙත්‍වා පුන “අයං රාජා මං දලිද‍්දකපණං මනුස‍්සං අත‍්තනා සමානං කත්‍වා මහන‍්තෙ ඉස‍්සරියෙ පතිට‍්ඨපෙසි, එවරූපං නාම යසදායකං මාරෙත්‍වා රජ‍්ජං කාරෙස‍්සාමීති මම ඉච‍්ඡා උප‍්පන‍්නා, අයුත‍්තං වත මෙ කම‍්ම”න‍්ති සතිං පටිලභිත්‍වා අසිං පවෙසෙසි. අථස‍්ස දුතියම‍්පි තතියම‍්පි තථෙව චිත‍්තං උප‍්පජ‍්ජි. තතො චින‍්තෙසි “ඉදං චිත‍්තං පුනප‍්පුනං උප‍්පජ‍්ජමානං මං පාපකම‍්මෙ නියොජෙය්‍යා”ති. සො අසිං භූමියං ඛිපිත්‍වා රාජානං උට‍්ඨාපෙත්‍වා “ඛමාහි මෙ, දෙවා”ති පාදෙසු පති. “නනු සම‍්ම, තව මමන‍්තරෙ දොසො නත්‍ථී”ති? “අත්‍ථි, මහාරාජ, අහං ඉදං නාම අකාසි”න‍්ති. “තෙන හි සම‍්ම, ඛමාමි තෙ, ඉච‍්ඡන‍්තො පන රජ‍්ජං කාරෙහි, අහං උපරාජා හුත්‍වා තං උපට‍්ඨහිස‍්සාමී”ති. සො “න මෙ, දෙව, රජ‍්ජෙන අත්‍ථො, අයඤ‍්හි තණ‍්හා මං අපායෙසු නිබ‍්බත‍්තාපෙස‍්සති, තව රජ‍්ජං ත්‍වමෙව ගණ‍්හ, අහං පබ‍්බජිස‍්සාමි, දිට‍්ඨං මෙ කාමස‍්ස මූලං, අයඤ‍්හි සඞ‍්කප‍්පෙන වඩ‍්ඪති, න දානි නං තතො පට‍්ඨාය සඞ‍්කප‍්පෙස‍්සාමී”ති උදානෙන‍්තො චතුත්‍ථං ගාථමාහ –

වටපිට කිසිවකුත් නැති බව තේරුම් ගත් යුවරජතුමා මහරජු දෙස බලා ‘මට මේ යුවරජ කමෙන් විතරක් ඇති ප්‍රයෝජනය කුමක්ද? තව කෙතෙක් කල් මහරජකම බලාගෙන සිටිය හැකිද? එබැවින් මම මොහු මරා අගරජු වන්නෙමි’යි කල්පනා කොට, සිය කඩුව ඉවතට ඇද, පහර දෙන්නට සූදානම් වී, මඳකට නැවතී ‘මේ රජතුමා දුප්පත් අසරණ මිනිසකු වන මට, තමා හා සමකොට සලකා, මහත් වූ ඉසුරු ලබා දී, රටින් ද අඩක් පවරා දී, යුවරජ තනතුර ද දුන්නේය. එබඳු වූ සම්පත් ලබාදුන් උත්තමයකු මැරීම නොව, මරන්නට සිතීම ද මහා අපරාධයකැ’යි මැනවින් සිතා බලා සිහිය පිහිටුවාගෙන, සිය කඩුව කොපුවේ ලා ගත්තේය. නැවත මද වේලාවක දී ඒ සිතිවිල්ල ම ඔහුට ඇති වී, නැවත වරක් කඩුව ඉවතට ඇද ගත්තේය. එවිට ද මහරජුගේ ගුණ සිහිපත් කළ යුවරජතුමා, පෙර මෙන් සිය කඩුව කොපුවේ ලා ගත්තේය. අනතුරුව මදක් කල්පනා කළ ඔහු ‘මේ මගේ සිත නැවත නැවතත් මා පව්කම්හි යෙදවීමට උත්සාහ දරයි. එබැවින් මා ප්‍රවේශම් විය යුතු යැ’යි සිතා, සිය කඩුව ඉවතට විසි කෙළේය. ඉන්පසු මහරජු ඇහැරවා නැගිට්ටෙව්වේය. අනතුරුව ‘දේවයිනි, මට සමාවනු මැනවැ’යි කියා, රජුගේ දෙපා මුල ඇද වැටුනේය. මෙයින් පුදුමයට පත් රජතුමා, ‘හිතවත, මට ඔබෙන් වූ වැරැද්දක් නැහැ නොවේදැ’යි ඇසීය. ‘ඇත රජතුමනි, ඔබ නිදිගත් කල්හි, මම ඔබට මේ මේ දෑ කරන්නට උත්සාහ කෙළෙමැ’යි සියලු විස්තර නො වළහා රජුට කීයේය. සියල්ල අසා සිටි මහරජතුමා එසේ වී නම්, මිත්‍රය, මම ඔබට සමාව දෙමි. එහෙත් ඔබ කැමැති නම්, අගරජු වී රාජ්‍යය කරව. මම යුවරාජයා වී ඔබට උපකාර කරන්නෙමැ’යි කීවේය. ‘දේවයිනි, මට මේ රජකමෙන් ප්‍රයෝජනයක් නැත. මට ඇති වූ මේ තණ්හාව මා අපායවලට තල්ලු කරන්නෙකි. එහි උපත ලබා දෙවන්නෙකි. එබැවින් දේවයිනි, ඔබ මට දුන් මේ යුවරජ තනතුර, ඔබතුමා මා ගනු මැනව. මම පැවිදි වන්නෙමි. කාමයේ මුල මා විසින් දක්නා ලදි. කාමය වූ කලී සිතන සිතන තරමට, වැඩෙන දහමකි. එබැවින් මම මේ මොහොතේ පටන්, කාමය ගැන කිසිවිටෙක නොසිතන්නෙමි’යි, කී යුවරජතුමා උදානයක් ප්‍රකාශ කරමින් මෙසේ කීවේය.

“අද‍්දසං කාම තෙ මූලං, සඞ‍්කප‍්පා කාම ජායසි; න තං සඞ‍්කප‍්පයිස‍්සාමි, එවං කාම න හෙහිසී”ති.

4. කාමය, මම තගේ ආරම්භය දුටුවෙමි. කාමය නුඹ ආශා සහිත හැඟීම්වලින් උපන්නෙහිය. එබැවින් කාම හැඟීම් (නැවත) නො සිතන්නෙමි. එවිට නුඹ නූපදින්නෙහිය.

තත්‍ථ එවන‍්ති එවං මමන‍්තරෙ. න හෙහිසීති න උප‍්පජ‍්ජිස‍්සසීති.

මෙහි ‘එවං’ යනු ‘මෙසේ මාගේ සිත තුළ’ යන අර්ථයි. ‘න හොහිසි’ යනු ‘නූපදන්නෙහි ය’ යන අර්ථයි.

එවඤ‍්ච පන වත්‍වා පුන කාමෙසු අනුයුඤ‍්ජන‍්තස‍්ස මහාජනස‍්ස ධම‍්මං දෙසෙන‍්තො පඤ‍්චමං ගාථමාහ –

මෙසේ කී එතුමා, තවද, කාම සම්පත්හි ඇලී, කල්ගෙවන මහජනයා දෙසට හැරී, ඔවුන්ට ධර්මය දේශනා කරමින් මෙසේ පැවසීය.

“අප‍්පාපි කාමා න අලං, බහූහිපි න තප‍්පති; අහහා බාලලපනා, පරිවජ‍්ජෙථ ජග‍්ගතො”ති.

5. මඳක් වුවත් කාමයෙන් වැඩක් නැත. බොහෝ කාමයන්ගෙන් වුවත්, තෘප්තියට පත් නොවේ. බාල (තොදොල්) වචන විපතට පමුණුවයි. (දහමින්) පෝසණය වූ තැනැත්තා මෙය තේරුම් ගන්නේය.

තත්‍ථ අහහාති සංවෙගදීපනං. ජග‍්ගතොති ජග‍්ගන‍්තො. ඉදං වුත‍්තං හොති – මහාරාජ, ඉමස‍්ස මහාජනස‍්ස අප‍්පකාපි වත්‍ථුකාමකිලෙසකාමා න අලං පරියත‍්තාව, බහූහිපි ච තෙහි න තප‍්පතෙව, “අහො ඉමෙ මම රූපා මම සද‍්දා”ති ලපනතො බාලලපනා කාමා, ඉමෙ විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා බොධිපක‍්ඛියානං ධම‍්මානං භාවනානුයොගමනුයුත‍්තො ජග‍්ගන‍්තො කුලපුත‍්තො පරිවජ‍්ජෙථ, පරිඤ‍්ඤාපහානාභිසමයෙහි අභිසමෙත්‍වා පජහෙය්‍යාති.

මෙහි ‘අහහා’ යනු සංවේගය ප්‍රකාශ කිරීමෙකි ‘ජග්ගතො’ යනු ‘පෝෂණය කරන්නා’ය. මින් කියන ලද්දේ මේ අර්ථය යි. ‘මහරජතුමනි, මේ මහජනයාට මඳ වූ ද, වස්තුකාම, ක්ලේශකාමයෙන්ගෙන් ප්‍රයෝජනයක් නැතැයි, දත යුතුව ඇත. බොහෝ කාමයන්ගෙනුත් සෑහීමට පත් නොවේ. ‘අහෝ! මේ මාගේ රූපයෝ ය. මේ මාගේ ශබ්දයෝ යැ’යි කීම් වශයෙන්, මෝඩ වචන කථා කිරීමත් කාමයන් නිසා ම සිදු වේ යැ’යි මේ සම්බන්ධයෙන් විදර්ශනා වඩා, බෝධිපාක්‍ෂික ධර්මයන් වැඩීම් වශයෙන් භාවනාවෙහි යෙදී, තමා ම පෝෂණය කරගන්නා කුලපුත්‍රයා, වෙසෙසින් දැන, ප්‍රහාණය කළයුතු දෑ ලෙස, කාමයන් ගැන අවබෝධ කොට ගන්නේ ය. එසේ අවබෝධ කොටගෙන කාමයන් දුරු කරන්නේය’ යන අර්ථයි.

එවං සො මහාජනස‍්ස ධම‍්මං දෙසෙත්‍වා උදයරාජානං රජ‍්ජං පටිච‍්ඡාපෙත්‍වා මහාජනං අස‍්සුමුඛං රොදමානං පහාය හිමවන‍්තං පවිසිත්‍වා පබ‍්බජිත්‍වා ඣානාභිඤ‍්ඤායො නිබ‍්බත‍්තෙත්‍වා විහාසි. තස‍්ස පබ‍්බජිතකාලෙ රාජා තං උදානං සකලං කත්‍වා උදානෙන‍්තො ඡට‍්ඨං ගාථමාහ –

මෙසේ යුවරජතුමා මහජනයාට දහම් දෙසා, උදය රජතුමාට තමා එතෙක් දැරූ යුවරජ තනතුර බාරකොට, කඳුළු පිරි මුහුණින් යුතුව මහජනයා හඬා වැටෙද්දී, සියලු සම්පත් හැර දමා, හිමාලය බලා ගොස්, එහි දී ‘සෘෂි පැවිද්දෙන් පැවිදිව, ධ්‍යාන හා අභිඥා ඉපිද වූයේය. මෙසේ ඔහු පැවිදි වූ කල්හි, උදය රජතුමා ඒ උදානය සම්පූර්ණ උදානයක් බවට පත්කරමින් මෙසේ පැවසීය.

“අප‍්පස‍්ස කම‍්මස‍්ස ඵලං මමෙදං, උදයො අජ‍්ඣාගමා මහත‍්තපත‍්තං; සුලද‍්ධලාභො වත මාණවස‍්ස, යො පබ‍්බජී කාමරාගං පහායා”ති.

6. උදය නම් වූ මම, ඉතා උසස් තත්ත්වයක් ම ලැබුවෙමි. මෙය මාගේ අල්ප වූ කර්මයක විපාකයයි. යමෙක් කාමරාගය දුරුකොට පැවිදි වීද? ඒකාන්තයෙන් එය තරුණයාට ලැබුණු, මහත් වූ ලාභයෙකි.

තත්‍ථ උදයොති අත‍්තානං සන්‍ධාය වදති. මහත‍්තපත‍්තන‍්ති මහන‍්තභාවප‍්පත‍්තං විපුලං ඉස‍්සරියං අජ‍්ඣාගමා. මාණවස‍්සාති සත‍්තස‍්ස මය‍්හං සහායස‍්ස සුලද‍්ධලාභො, යො කාමරාගං පහාය පබ‍්බජිතොති අධිප‍්පායෙනෙවමාහ.

මෙහි ‘උදයො’ යනු ‘තමා සඳහා කියන ලද්දෙකි.’ ‘මහත්තපත්තං’ යනු ‘මහත් භාවයට පත්, විශාල ඉසුරුකට පත්වූයෙමි’ යන අර්ථයි. ‘මාණවස්ස’ යනු ‘යමෙක් කාමරාගය දුරුකොට, පැවිදි වීද? එය මාගේ යහලු මිතුරාට, මනා වූ ලාභයෙක්, යන අදහසින් ම කීයේය’ යන අර්ථයි.

ඉමිස‍්සා පන ගාථාය න කොචි අත්‍ථං ජානාති. අථ නං එකදිවසං අග‍්ගමහෙසී ගාථාය අත්‍ථං පුච‍්ඡි, රාජා න කථෙසි. එකො පනස‍්ස ගඞ‍්ගමාලො නාම මඞ‍්ගලන‍්හාපිතො, සො රඤ‍්ඤො මස‍්සුං කරොන‍්තො පඨමං ඛුරපරිකම‍්මං කත්‍වා පච‍්ඡා සණ‍්ඩාසෙන ලොමානි ගණ‍්හාති, රඤ‍්ඤො ච ඛුරපරිකම‍්මකාලෙ සුඛං හොති, ලොමහරණකාලෙ දුක‍්ඛං. සො පඨමං තස‍්ස වරං දාතුකාමො හොති, පච‍්ඡා සීසච‍්ඡෙදනමාකඞ‍්ඛති. අථෙකදිවසං “භද‍්දෙ, අම‍්හාකං ගඞ‍්ගමාලකප‍්පකො බාලො”ති දෙවියා තමත්‍ථං ආරොචෙත්‍වා “කි පන, දෙව, කාතුං වට‍්ටතී”ති වුත‍්තෙ “පඨමං සණ‍්ඩාසෙන ලොමානි ගහෙත්‍වා පච‍්ඡා ඛුරපරිකම‍්ම”න‍්ති ආහ. සා තං කප‍්පකං පක‍්කොසාපෙත්‍වා “තාත, ඉදානි රඤ‍්ඤො මස‍්සුකරණදිවසෙ පඨමං ලොමානි ගහෙත්‍වා පච‍්ඡා ඛුරපරිකම‍්මං කරෙය්‍යාසි, රඤ‍්ඤා ච ‘වරං ගණ‍්හාහී’ති වුත‍්තෙ ‘අඤ‍්ඤෙන, දෙව, මෙ අත්‍ථො නත්‍ථි, තුම‍්හාකං උදානගාථාය අත්‍ථං ආචික‍්ඛථා’ති වදෙය්‍යාසි, අහං තෙ බහුං ධනං දස‍්සාමී”ති ආහ. සො “සාධූ”ති සම‍්පටිච‍්ඡිත්‍වා මස‍්සුකරණදිවසෙ පඨමං සණ‍්ඩාසං ගණ‍්හි. “කිං, භණෙ ගඞ‍්ගමාල, අපුබ‍්බං තෙ කරණ”න‍්ති රඤ‍්ඤා වුත‍්තෙ “දෙව, කප‍්පකා නාම අපුබ‍්බම‍්පි කරොන‍්තී”ති වත්‍වා පඨමං ලොමානි ගහෙත්‍වා පච‍්ඡා ඛුරපරිකම‍්මං අකාසි. රාජා “වරං ගණ‍්හාහී”ති ආහ. “දෙව, අඤ‍්ඤෙන මෙ අත්‍ථො නත්‍ථි, තුම‍්හාකං උදානගාථාය අත්‍ථං කථෙථා”ති. රාජා අත‍්තනො දලිද‍්දකාලෙ කතං කථෙතුං ලජ‍්ජන‍්තො “තාත, ඉමිනා තෙ වරෙන කො අත්‍ථො, අඤ‍්ඤං ගණ‍්හාහී”ති ආහ. “එතමෙව දෙහි, දෙවා”ති. සො මුසාවාදභයෙන “සාධූ”ති සම‍්පටිච‍්ඡිත්‍වා කුම‍්මාසපිණ‍්ඩිජාතකෙ වුත‍්තනයෙනෙව සබ‍්බං සංවිදහාපෙත්‍වා රතනපල‍්ලඞ‍්කෙ නිසීදිත්‍වා “අහං ගඞ‍්ගමාල, පුරිමභවෙ ඉමස‍්මිංයෙව නගරෙ”ති සබ‍්බං පුරිමකිරියං ආචික‍්ඛිත්‍වා “ඉමිනා කාරණෙන උපඩ‍්ඪගාථං, ‘සහායො පන මෙ පබ‍්බජිතො, අහං පමත‍්තො හුත්‍වා රජ‍්ජමෙව කාරෙමී’ති ඉමිනා කාරණෙන පච‍්ඡා උපඩ‍්ඪගාථං වදාමී”ති උදානස‍්ස අත්‍ථං කථෙසි.

රජතුමාගේ මේ ගාථාවේ අර්ථය කිසිවකුට නොතේරුණි. ඉක්බිති කිසියම් දවසක රජුගේ අගමෙහෙසිය මේ ගාථාවේ අර්ථය රජුගෙන් විචාළාය. රජතුමා ඇයට එය නො කීයේය. මේ රජුට ‘ගංගමාල’ නමින් නහාපකයෙක් (රජු නහවා, කොණ්ඩය සකස්කොට, රැවුල කපා අන්දම් තබන්නෙක්) විය. කිසියම්දිනෙක රජුගේ රැවුල කැපීමට පැමිණි ඔහු, දැළි පිහියෙන් රැවුල කපා, අඬුවකින් ලෝම උදුරයි. රැවුල කපන කල්හි, රජුට සුවයක් දැනේ. ලෝම උදුරන කල්හි, රජුට දැනෙනුයේ දුකකි. මේ නිසා රැවුල කපන අවස්ථාවලදී, එය සිදුකරන ගංගමාලට වරයක් දීමට පවා රජුට සිත්වේ. එහෙත් ලෝම ගලවනවිට ගංගමාලගේ හිස ගසා දැමීමට රජුට සිතේ. දිනෙක රජතුමා සිය දේවියට කථාකොට, ‘සොඳුර, අපේ වැඩකරන, ගංගමාල මෝඩයෙකි’යි කියා, එසේ කීමට හේතු ද දැක්වීය. එවිට දේවිය ‘රජතුමනි, ගංගමාල ගැන අපි කුමන පියවරක් ගනිමුදැ’යි ඇසුවාය. ‘දේවිය, පළමුව ලෝම උදුරා, දෙවනුව රැවුල කැපීමට ඔහුට උපදෙස් දෙව’යි, රජතුමා සිය මෙහෙසියට කීවේය. රාජදේවිය ද, ගංගමාල කැඳවා, ‘දරුව, අදින් පසු රජුගේ රැවුල කපනවිට, පළමුව ලෝම උදුරා, පසුව රැවුල කපව’යි උපදෙස් දී, තවදුරටත් කථා කරමින් ‘මා කී ලෙසින් ඔබ වැඩකටයුතු සිදුකළොත්, රජතුමා ඔබට වරයක් පිරිනමනු ඒකාන්තය. එවිට ඔබ ඔබේ ඒ වරය ලෙසට, රජු කී උදාන ගාථාවේ අර්ථය කියා දෙන ලෙස, ඉල්ලා සිටුව. ඉන්පසු මම නුඹට බොහෝ ධනය දෙන්නෙමැ’යි දේවිය ගංගමාලට කීවාය. ගංගමාල ද ‘යහපතැ’යි කියා දේවියට උත්තර දී, දේවියගේ අදහස පිළිගෙන, රජුගේ රැවුල කපන දිනයේ දී, දේවියගේ උපදෙස් අනුවම ක්‍රියා කෙළේය. එවිට රජතුමා ගංගමාල අමතා, ‘දරුව, නුඹ පෙර නොකළ දෙයක් අද කෙළේ නොවේදැ’යි කීයේය. ‘දේවයිනි, නහාපකයෝ නම්, පෙර නොකළ දේවල්ම කරන්නෝ වෙතැ’යි කියා, සිය රාජකාරිය නිම කෙළේය. ඉන් ගංගමාල කෙරෙහි අතිශයින් සතුටට පත් රජතුමා, ‘දරුව, නුඹ කැමති වරයක් ගනුව’යි කීයේය. ‘දේවයිනි, මට අන් කිසිවක් උවමනා නැත. ඔබතුමා කී උදාන ගාථාවේ අර්ථය මට කියාදෙනු මැනවැ’යි රජුගෙන් ඉල්ලා සිටියේය. රජතුමා තමා පෙර භවයක දුප්පත් ව ඉපදී හුන් කල, සිදුකළ කටයුතු ප්‍රසිද්ධියේ කීමට ඇති ලජ්ජාව නිසා, ‘දරුව, ඔය ඔබ ඉල්ලූ වරයෙන් ඔබට කවර ප්‍රයෝජනයක්ද? එබැවින් අනෙකක් ගනුව’යි කීය. ‘දේවයිනි, මට මෙය ම දෙනු මැනවැ’යි ඔහු එය ම ඉල්ලා සිටියේය. රජතුමා ද මුසාවාදයට බියෙන් ‘යහපතැ’යි කියා පිළිගෙන, ‘කුම්මාසපිණ්ඩ’ ජාතකයෙහි දැක්වූ පරිද්දෙන් සියල්ල සකස්කොට, සරසා රුවන් පලගත් පනවා, එහි වාඩි වී, ‘ගංගමාලය, මට මීට පෙර භවයෙහි දී, මේ නුවර ම ඉපදුනෙමැ’යි ආදි වශයෙන් සියලු විස්තර හා ස්වකීය ක්‍රියාවන්, නොවළහා විස්තර කොට කියා, ‘මේ කාරණය නිසා ගාථාවෙන් අර්ධයක් කීවෙමි’යි දක්වා, ‘මාගේ මිතුරා පැවිදි වූයේය. පමා වූ මම තවම රාජ්‍යය විචාරමි’යි කියා, ‘එම කාරණය නිසා, පසුව ගාථාවේ ඉතිරි අර්ධය කීවෙමැ’යි මෙසේ උදානයේ අර්ථය පැහැදිලිකොට කීයේය.

තං සුත්‍වා කප‍්පකො “උපඩ‍්ඪුපොසථකම‍්මෙන කිර රඤ‍්ඤා අයං සම‍්පත‍්ති ලද‍්ධා, කුසලං නාම කාතබ‍්බමෙව, යංනූනාහං පබ‍්බජිත්‍වා අත‍්තනො පතිට‍්ඨං කරෙය්‍ය”න‍්ති චින‍්තෙත්‍වා ඤාතිභොගපරිවට‍්ටං පහාය රාජානං පබ‍්බජ‍්ජං අනුජානාපෙත්‍වා හිමවන‍්තං ගන‍්ත්‍වා ඉසිපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා තිලක‍්ඛණං ආරොපෙන‍්තො විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා පච‍්චෙකබොධිං පත්‍වා ඉද‍්ධියා නිබ‍්බත‍්තපත‍්තචීවරධරො ගන්‍ධමාදනපබ‍්බතෙ පඤ‍්චඡබ‍්බස‍්සානි වසිත්‍වා “බාරාණසිරාජානං ඔලොකෙස‍්සාමී”ති ආකාසෙනාගන‍්ත්‍වා උය්‍යානෙ මඞ‍්ගලසිලායං නිසීදි. උය්‍යානපාලො සඤ‍්ජානිත්‍වා ගන‍්ත්‍වා රඤ‍්ඤො ආරොචෙසි “දෙව, ගඞ‍්ගමාලො පච‍්චෙකබුද‍්ධො හුත්‍වා ආකාසෙනාගන‍්ත්‍වා උය්‍යානෙ නිසින‍්නො”ති. රාජා තං සුත්‍වා “පච‍්චෙකබුද‍්ධං වන්‍දිස‍්සාමී”ති වෙගෙන නික‍්ඛමි. රාජමාතා ච පුත‍්තෙන සද‍්ධිංයෙව නික‍්ඛමි. රාජා උය්‍යානං පවිසිත්‍වා තං වන්‍දිත්‍වා එකමන‍්තං නිසීදි සද‍්ධිං පරිසාය. සො රඤ‍්ඤා සද‍්ධිං පටිසන්‍ථාරං කරොන‍්තො “කිං, බ්‍රහ‍්මදත‍්ත, අප‍්පමත‍්තොසි, ධම‍්මෙන රජ‍්ජං කාරෙසි, දානාදීනි පුඤ‍්ඤානි කරොසී”ති රාජානං කුලනාමෙන ආලපිත්‍වා පටිසන්‍ථාරං කරොති. තං සුත්‍වා රඤ‍්ඤො මාතා “අයං හීනජච‍්චො මලමජ‍්ජකො න‍්හාපිතපුත‍්තො අත‍්තානං න ජානාති, මම පුත‍්තං පථවිස‍්සරං ජාතිඛත‍්තියං ‘බ්‍රහ‍්මදත‍්තා’ති නාමෙනාලපතී”ති කුජ‍්ඣිත්‍වා සත‍්තමං ගාථමාහ –

මෙය ඇසූ ගංගමාල ‘අඩ පෙහෙවස් සමාදන් වීමකින් රජු විසින් මේ සා විශාල සම්පත්තියක් ලබන ලදි. එබැවින් කුසල් නම්, කළ යුතු ම යැ’යි කල්පනා කොට, ‘මම ද පැවිදි ව, මට ම පිහිටක් කරගන්නෙම් නම්, ඉතා යෙහෙකැ’යි සිතා, ඤාති සම්පත් හා භෝග සම්පත් යන සියල්ල හැරදමා, රජුගෙන් පැවිද්දට අනුමැතිය ද ලැබ, හිමවතට ගොස්, සෘෂි පැවිද්දෙන් පැවිදිව, තිලකුණු නිමිති කොටගෙන, විදසුන් වඩා, ‘පච්චේක බෝධි’ ඤාණයට පත්ව, සෘද්ධි බලයෙන් ලැබුණු පා සිවුරු දරාගෙන, ‘ගන්‍ධමාන’ පර්වතයෙහි වසර පහක් වාසය කෙළේය. ඉන්පසු කිසියම් දිනෙක ‘බරණැස් රජතුමා බලන්නෙමැ’යි, අහසින් අවුත්, රාජකීය උද්‍යානයෙහි මඟුල් ගල්තලාව මත, මේ අභිනව පසේ බුදුරජාණන් වහන්සේ වැඩහුන් සේක. උන්වහන්සේ හැඳින ගත් උයන්පල්ලා, වහා ගොස් රජුට ඒ බව දැනුම් දුන්නේය. ඒ ඇසූ රජතුමා ‘පසේ බුදුරදුන් වඳින්නෙමැ’යි රජමැදුරෙන් නික්ම, ඉතා වේගයෙන් උයන වෙත පැමිණියේය. රජතුමාගේ මව් බිසව ද පුතා සමග ම උයනට ගියාය. උයනට ගිය රජතුමා පසේ බුදුරදුන්ට වැඳ, එකත්පස්ව සිය පිරිස ද සමග හිඳ ගත්තේය. රජු සමග පිළිසඳර කථාකරන, පසේබුදුරජාණන් වහන්සේ, ‘කිමෙක්ද, බ්‍රහ්මදත්තය, අප්‍රමාදීව දැහැමින්, රාජ්‍යය විචාරන්නෙහිද? දානාදි වූ පින්දහම්, කරන්නෙහිදැ’යි රජුට කුල නාමයෙන් ආමන්ත්‍රණය කොට, පිළිසඳර කථාබස් කළ සේක. මෙය අසා සිටි රජුගේ මව ‘හීන ජාතියක උපන් මොහු කුණපයෙහි ඇලී කටයුතු කළ නහාපක මිනිසකුගේ පුතෙකි. තමාගේ තරම තේරුම් නොගත් මොහු, පෘථිවියට අධිපති, උපතින් ම ක්‍ෂත්‍රිය වූ, මාගේ පුතාට බ්‍රහ්මදත්ත යැයි කියා, නමින් ආමන්ත්‍රණය කෙරේයැ’යි කිපී මෙසේ පැවසුවාය.

“තපසා පජහන‍්ති පාපකම‍්මං, තපසා න‍්හාපිතකුම‍්භකාරභාවං; තපසා අභිභුය්‍ය ගඞ‍්ගමාල, නාමෙනාලපසජ‍්ජ බ්‍රහ‍්මදත‍්තා”ති.

7. තපසින් පව්කම් දුරු කෙරෙති. තපසින් කරණවෑමි බව, කුඹල් බව දුරු කෙරෙති. ගංගාමාලය, අද තපෝ ගුණයෙන් මැඩ, ‘බ්‍රහ්මදත්තයැ’යි නමින් ඇමතුවෙහිද?

තස‍්සත්‍ථො – ඉමෙ තාව සත‍්තා තපසා අත‍්තනා කතෙන තපොගුණෙන පාපකම‍්මං ජහන‍්ති, කිං පනෙතෙ තපසා න‍්හාපිතකුම‍්භකාරභාවම‍්පි ජහන‍්ති, යං ත්‍වං ගඞ‍්ගමාල, අත‍්තනො තපසා අභිභුය්‍ය මම පුත‍්තං බ්‍රහ‍්මදත‍්තං නාමෙනාලපසි, පතිරූපං නු තෙ එතන‍්ති?

මෙලොව සත්ත්වයෝ තම-තමන් උපදවා ගත්, තපෝ ගුණයෙන් පව්කම් දුරු කෙරෙති. ගංගමාල, ඔබ ඔබේ තපසින් මැඩ, මගේ පුතා වන රජුට ‘බ්‍රහ්මදත්ත යැ’යි නම කියා අමතන්නෙහිද? එය ඔබට සුදුසුද? යන අර්ථයි.

රාජා මාතරං වාරෙත්‍වා පච‍්චෙකබුද‍්ධස‍්ස ගුණං පකාසෙන‍්තො අට‍්ඨමං ගාථමාහ –

මෑණියන්ගේ මේ කථාව අසා සිටි රජතුමා, වහා මෑනියන් වළකා, පසේබුදුරදුන්ගේ ගුණ ප්‍රකාශ කරමින්, මේ අදහස් පැහැදිලි කෙළේය.

“සන්‍දිට‍්ඨිකමෙව අම‍්ම පස‍්සථ, ඛන‍්තීසොරච‍්චස‍්ස අයං විපාකො; යො සබ‍්බජනස‍්ස වන්‍දිතොහු, තං වන්‍දාම සරාජිකා සමච‍්චා”ති.

8. මේ ඉවසීමේ හා ශීලයේ විපාකය යි. එය මේ භවයේදී ම, බලනු මැනව. යමෙක් සියලු ජනයාගේ වන්දනයට පාත්‍ර වේද? රාජකීයයන්, ඇමැතියන් සහිතව, එතුමාට නමස්කාර කරමු.

තත්‍ථ ඛන‍්තීසොරච‍්චස‍්සාති අධිවාසනඛන‍්තියා ච සොරච‍්චස‍්ස ච. තං වන්‍දාමාති තං ඉදානි මයං සරාජිකා සමච‍්චා සබ‍්බෙ වන්‍දාම, පස‍්සථ අම‍්ම, ඛන‍්තීසොරච‍්චානං විපාකන‍්ති.

මෙහි ‘ඛන්තිසෝරච්චස්ස’ යනු ‘ඉවසීම නම් වූ ක්‍ෂාන්තියේ ද, සුරත භාවයේ ද’ යන අර්ථයි. ‘තං වන්දාම’ යනු ‘දැන් රාජකීයයන් සහිතව ඇමැතියන් සහිතව, අපි සියලුදෙනා ම එතුමාට වඳිමු. ‘මෑණියෙනි, ඉවසීමේ හා ශීලයේ, විපාකය බලනු මැනව.’ යන අර්ථයි.

රඤ‍්ඤා මාතරි වාරිතාය සෙසමහාජනො උට‍්ඨහිත්‍වා “අයුත‍්තං වත, දෙව, එවරූපස‍්ස හීනජච‍්චස‍්ස තුම‍්හෙ නාමෙනාලපන”න‍්ති ආහ. රාජා මහාජනම‍්පි පටිබාහිත්‍වා තස‍්ස ගුණකථං කථෙතුං ඔසානගාථමාහ –

රජතුමා සිය මව වැළැක්වූ, නමුදු සෙසු මහජනයා හුන් තැන්වලින් නැගිට, ‘දේවයිනි, මෙබඳු වූ හීන ජාතියහෙි උපන් අයකුට, ඔබවහන්සේට නමින් ඇමතීම නුසුදුසු ම යැ’යි කීහ. එවිට රජතුමා මහජනයා ද, වළක්වාලමින්, පසේබුදුරදුන්ගේ ගුණ වර්ණනා කරමින් මෙසේ කීයේය.

“මා කිඤ‍්චි අවචුත්‍ථ ගඞ‍්ගමාලං, මුනිනං මොනපථෙසු සික‍්ඛමානං; එසො හි අතරි අණ‍්ණවං, යං තරිත්‍වා චරන‍්ති වීතසොකා”ති.

9. මෞන පථයන්හි හික්මෙන, මුනිවරයකු වූ ගංගමාල උතුමාට, කිසිවක් නොකියවු. (යම් කෙනෙක්) යම් (සසර සයුරක්) තරණයකොට, ශෝකය දුරුකොට, සැරිසරද්ද, මේ උතුමා, ඒ සයුර තරණය කෙළේය.

තත්‍ථ මුනිනන‍්ති අගාරිකානගාරිකසෙක‍්ඛාසෙක‍්ඛපච‍්චෙකමුනීසු පච‍්චෙකමුනිං. මොනපථෙසු සික‍්ඛමානන‍්ති පුබ‍්බභාගපටිපදාබොධිපක‍්ඛියධම‍්මසඞ‍්ඛාතෙසු මොනපථෙසු සික‍්ඛමානං. අණ‍්ණවන‍්ති සංසාරමහාසමුද‍්දං.

මෙහි ‘මුනි’ යනු ‘අගාරික-අනගාරික-සේඛ-අසේඛ, පසේ මුනිවරු අතුරෙන්, එක් පසේ මුනිවරයකු යන අර්ථයි. ‘මොනපථෙසු සික්ඛමාන’ යනු පූර්වභාග ප්‍රතිපදාවට අයත්, බෝධිපාක්‍ෂික ධර්ම සංඛ්‍යාත වූ, මෞන පථයන්හි හික්මෙන’ යන අර්ථයි. ‘අණණවං’ යනු ‘සසර සමුදුර’ යි.

එවඤ‍්ච පන වත්‍වා රාජා පච‍්චෙකබුද‍්ධං වන්‍දිත්‍වා “භන‍්තෙ, මය‍්හං මාතු ඛමථා”ති ආහ. “ඛමාමි, මහාරාජා”ති. රාජපරිසාපි නං ඛමාපෙසි. රාජා අත‍්තානං නිස‍්සාය වසනත්‍ථාය පටිඤ‍්ඤං යාචි. පච‍්චෙකබුද‍්ධො පන පටිඤ‍්ඤං අදත්‍වා සරාජිකාය පරිසාය පස‍්සන‍්තියාව ආකාසෙ ඨත්‍වා රඤ‍්ඤො ඔවාදං දත්‍වා ගන්‍ධමාදනමෙව ගතො.

මෙසේ කී රජතුමා පසේ බුදුරදුන්ට වැඳ, ‘ස්වාමීනි, මාගේ මෑණියන්ට සමාවනු මැනවැ’යි කීයේය. ‘මහරජතුමනි, මම ඇයට සමාව දෙමි. ‘ස්වාමීනි, මේ රාජකීය පිරිසට ද, සමාවනු මැනවැ’යි කී රජතුමා, පසේබුදුරදුන් සමා කරවාගෙන, තමා ඇසුරේ වසන ලෙසට, පසේ බුදුරදුන්ගෙන් ඉල්ලා සිටියේ ය. එහෙත් පසේ බුදුරජාණන් වහන්සේ, රජුට ඒ සඳහා කිසිදු ප්‍රතිඥාවක් නොදී, රජු ඇතුළු පිරිස බලා සිටිද්දීම, අහසට පැන නැගී, අහසේ සිට රජුට ඔවදන් දී, ගන්‍ධමාදන පර්වතය බලා වැඩි සේක.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා “එවඤ‍්ච උපාසකා උපොසථවාසො නාම වසිතබ‍්බයුත‍්තකො”ති වත්‍වා ජාතකං සමොධානෙසි – “තදා පච‍්චෙකබුද‍්ධො පරිනිබ‍්බායි, අඩ‍්ඪමාසකරාජා ආනන්‍දො අහොසි, රඤ‍්ඤො මාතා මහාමායා, අග‍්ගමහෙසී රාහුලමාතා, උදයරාජා පන අහමෙව අහොසි”න‍්ති.

බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා, ‘උපාසකවරුනි, පෙහෙවස් සමාදන් වීම නම්, මෙසේ කළයුතු වන්නේ යැ’යි, වදාරා ජාතකය නිමා කළ සේක. එදා පසේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ සේක. අඩමස්සේ රජතුමා, ආනන්ද තෙරණුවෝය. මෑණියෝ නම්, මහාමායා දේවිය ය. අගමෙහෙසිය නම්, රාහුල මාතාවය. උදය රජු වූ කලී, ‘මම ම යැ’යි බුදුරජාණන් වහන්සේ, තමන් වහන්සේ දක්වා වදාළ සේක.

ගඞ‍්ගමාලජාතකවණ‍්ණනා පඤ‍්චමා.