යෙදුමෙන් කියවන්න

5. ගඞ‍්ගමාලජාතකං

1182. අඞ‍්ගාරජාතා පඨවී කුක‍්කුලානුගතා මහී, අථ ගායසි වත‍්තානි න තං තපති ආතපො.

1182. මහී නම් වූ පොළොව ගිනිඅඟුරු මෙන් උෂ්ණ වෙයි. උණුඅළු වැනි වැල්ල ඇත. එහෙත් වෘත්තයන් අනුව ගායනා කරන්නෙහි ය. අව්ව තා නො තවන්නේ ය.

1183. උද‍්ධං තපති ආදිච‍්චො අධො තපති වාලුකා, අථ ගායසි වත‍්තානි න තං තපති ආතපො.

1183. උඩින් සූර්‍ය්‍යයා තවයි. යටින් වැල්ල තවයි. එහෙත් ගී ගයන්නෙහි ය. අව්ව තා නො තවන්නේ ය.

1184. න මං තපති ආතපො ආතප‍්පා තපයන‍්ති මං. අත්‍ථා හි විවිධා රාජ තෙ තපන‍්ති ආතපො.

1184. අව්ව මා නො තවයි. වස්තුකාමක්ලේශකාමයෝ ම තවති. මහරජතුමනි, වස්තුකාමක්ලේශකාමයන් නිසා කටයුතු දෙය බොහෝ ය. ඔව්හු මා තවති. අව්ව මා නො තවයි.

1185. අද‍්දසං කාම තෙ මූලං සඞ‍්කප‍්පා කාම ජායසි, න තං සඞ‍්කප‍්පයිස‍්සාමි එවං කාම න හොහිසි.

1185. කාමය තාගේ මුල දිටිමි. කාම විතර්‍ක නිසා තෝ උපනෙහි ය. එහෙයින් තා ගැන නො සිතන්නෙමි. මෙසේ කළ කල්හි තා නූපදින්නෙහි ය.

1186. අප‍්පාපි කාමා න අලං බහූහිපි න තප‍්පති, අහහා බාලලපනා පටිවිජ‍්ඣෙථ ජග‍්ගතො.

1186. වස්තුකාමක්ලේශකාමයෝ ස්වල්ප වුව ද සුදුසු නො වේ. වස්තුකාමක්ලේශකාමයන් බොහෝ ලදුවත් පෘථග්ජනයා සෑහීමට පත් නො වේ. බාලලපන (මගේ රුව මගේ හඬ යනාදීන් කෙරෙන නැළැවීම) නම් කාමයෝ විපතට හේතුවෙති. විදසුන් වඩනා යෝගාවචර තෙමේ (කාමයන්) දුරු කරන්නේ ය.

1187. අප‍්පස‍්ස කම‍්මස‍්ස ඵලං මම යිදං උදයො අජ‍්ඣගමා මහත‍්තපත‍්තං, සුලද‍්ධලාභා වත මාණවස‍්ස යො පබ‍්බජි කාමරාගං පහාය.

1187. උදය නමැති මම මහඉසුරක් ලැබූයෙම් ද මෙය මාගේ ස්වල්ප වූ කර්‍මයක විපාක වෙයි. යමෙක් වස්තුකාම ක්ලේශකාමයන්ගේ ආශාව හැරපියා පැවිදි වී ද, එය මහාලාභයෙක් විය.

1188. තපසා පජහන‍්ති පාපකම‍්මං තපසා නහාපිතකුම‍්භකාරභාවං, තපසා අභිභුය්‍ය ගඞ‍්ගමාල නාමෙනාලපසජ‍්ජ බ්‍රහ‍්මදත‍්තං.

1188. ගංගමාලය, යම් කෙනෙක් තපස නිසා පාපකර්‍මය යම්සේ දුරු කෙරෙත් ද, එසේ ම (තෙපි) සිය තපසින් නැහැවිකුඹල් බවත් දුරු කෙරෙත් ද? තපෝගුණය නිසා තෙපි අප මැඩ අද ‘බ්‍රහ්මදත්ත’ යැ යි නමින් කථා කෙළෙහි. (එය තොපට වටනේ ද?)

1189. සන්‍දිට‍්ඨිකමෙච පස‍්සථ ඛන‍්ති සොරච‍්චස‍්ස අයං විපාකො, යො සබ‍්බජනස‍්ස වන්‍දිතො තං වන්‍දාම සරාජිකා සමච‍්චා.

1189. ඉවැසීමෙත් ශීලයේත් යම් විපාකයෙක් වේ ද, ඒ දිටුදැමිවිපාකය ම බලවු, යමෙක් සියලු දෙනා විසින් වඳනා ලද්දේ වී ද, ඔහු රජුන් සහිත වැ ඇමැතියන් සහිත වැ වඳිමු.

1190. මා කිඤ‍්චි අවචුත්‍ථ ගඞ‍්ගමාලං මුනිං මොනපථෙසු සික‍්ඛමානං, එසො හි අතරි අණ‍්ණවං යං තරිත්‍වා විචරන‍්ති වීතසොකා’ති.

1190. මෞනපථයෙහි (බෝධිපාක්‍ෂිකධර්‍මයන්හි) හික්මෙන ගංගමාල පසේබුදුරදුනට කිසිවක් නො කියවු. යම් සසර සයුරක් තරණය කොට පහකළ සෝදුක් ඇති ව හැසිරෙත් ද., මෙ තෙම (ඒ) සසර සයුර තරණය කෙළේ ය.

5. ගඞ‍්ගමාලජාතකං.

5. ගංගමාල ජාතක යි