4. සුමඞ්ගලජාතකං
1173. භුස හි කුද්ධොති අවෙක්ඛියාන න තාවදණ්ඩං පණයෙය්ය ඉස්සරො, අට්ඨානසො අප්පතිරූපමත්තනො පරස්ස දුක්ඛානි භුසං උදීරයෙ.
1173. (මම්) අතිශයින් කිපියෙම් වෙමි යි (වරදකරු) බලා රජ තෙම යුහුසුලු ව දඬුවම් නො පමුණුවන්නේ ය. කවර හෙයින යත්: කිසිත් හේතු රහිත ව රජකමට නුසුදුසු අනුන්ට බලවත් දුකට හේතු වන දඬුවම් කියන්නේ ය. හෙවත් නියම කරන්නේ ය.
1174. යතොච ජානෙය්ය පසාදමත්තනො අත්ථං නියුඤ්ජෙය්ය පරස්ස දුක්කතං, තදායමත්ථොති සයං අවෙක්ඛිය අථස්ස දණ්ඩං සදිසං නිවෙසයෙ.
1174. යම් කලෙකැ තමා කෙරෙහි පැහැදීම ඇතැ යි දන්නේ ද, අන්‍යයාගේ වරදට හේතු සොයන්නේ ද මෙය ඔහුගේ වරද ය යි (සිතා) බලා ඉක්බිති ඔහුට යෝග්‍ය දඬුවම නියම කරන්නේ ය.
1175. න චාපි ඣාපෙති පරං න අත්තනං අමුච්ඡිතො යො නයතෙ නයානයං, යො දණ්ඩධාරො භවතීධ ඉස්සරො සවණ්ණගුත්තො සිරියා න ධංසති.
1175. සතර අගතියෙන් අගතිගාමී නො වී යමෙක් යුක්තිය හෝ අයුක්තිය පිරික්සා ද හෙතෙම අන්‍යයා ද තමා ද නො පෙළයි. යම් රජෙක් වරදට සුදුසු දඬුවම් දෙවන්නේ වේ ද ඒ රජ තෙම ගුණයෙන් හා පිරිවරින් නො පිරිහෙයි.
1176. යො ඛත්තියා සෙ අනිසම්මකාරිනො පණෙන්ති දණ්ඩං සහසා පමුච්ඡිතා, අවණ්ණසංයුත්තා ජහන්ති ජීවිතං ඉතො විමුත්තාපි ච යන්ති දුග්ගතිං
1176. යම් රජෙක් නො විමසා ක්‍රියා කරන්නේ ද (කෝපයෙන්) මුසපත් ව වහා දඬුවම් නියම කෙරේ ද හේ කීර්ති රහිතයෙක් ව ජීවිතය හරෙන් ය. (මැරෙන්නේ ය) මෙයින් මැරී දුගතියට ද යෙයි.
1177. ධම්මෙ ච යෙ අරියපවෙදිතෙ රතා අනුත්තරා තෙ වචසා මනසා කම්මනා ච, තෙ සන්තිසොරච්චසමාධිසණ්ඨිතා වජන්ති ලොකං දුභයං තථාවිධා.
1177. යම් රජ කෙනෙක් ආර්ය වූ දැහැමිරජුන් විසින් ප්‍රකාශිත දශරාජධර්මයෙහි ඇලුණෝ ද, ඔවුහු වචනයෙන් සිතින් හා ක්‍රියායෙන් උත්තමයහ. ශාන්තියෙහි සීලයෙහි හා සමාධියෙහි පිහිටි දැහැමි රජවරු දෙලොවට ම (දෙව්මිනිස් ලෝකදෙක) පැමිණෙත්.
1178. රාජාහමස්මි නරපමදානමිස්සරො සචෙපි කුජ්ඣාමි ඨපෙමි අත්තනං, නිසෙධයන්තො ජනතං තථාවිධං පණෙමි දණ්ඩං අනුකම්ප යොනිසො.
1178. මම ස්ත්‍රීපුරුෂයන්ගේ ස්වාමි වූ රජ වෙමි, ඉදින් කිපියේ වුව ද තමා නීතියෙහි පිහිටුවමි, (නීතියෙහි පිහිටා කටයුතු කරමි.) ජනයා නොමග යාමෙන් වළකා අනුකම්පා සහිත ව නුවණින් දඬුවම් දෙමි.
1179. සිරී ච ලක්ඛී ච තමෙව ඛත්තිය ජනාධිප මා විජහි කුදාචනං, අක්කොධනො නිච්චපසන්නචිත්තො අනීඝො තුවං වසස්සතානි පාලය.
1179. ජනපතිතුමනි, පරිවාර සම්පත හා ප්‍රඥාව කිසිකලෙක ඔබ අත් නො හරීවා, කෝප නැති ව පහන් සිතැති ව නිදුක් ව හවුරුදු සියයක් රට පාලනය කෙරේවා.
1180. ගුණෙහි එතෙහි උපෙත ඛත්තිය ඨිතමරියවත්ති සුවචො අකොධනො, සුඛී අනුප්පීළ පසාස මෙදිනිං ඉතො විමුත්තොපි ච යාහි සුග්ගතිං.
1180. රජතුමනි, මේ ගුණයන්ගෙන් යුක්ත ව ශ්‍රේෂ්ඨ පැවැතුම් සහිත ව සුවච ව නො කිපෙන්නෙක් ව සැපවත් ව ජනයා නො පෙළා රට පාලනය කරනු මැනැවි. මෙයින් මිදී සුගතියට සැපත් වනු මැනැවි.
1181. එවං සුනීතෙන සුභාසිතෙන ධම්මෙන ඤායෙන උපායසො නයං, නිබ්බාපයෙ සංඛුහිතං මහාජනං. මහාව මෙඝො සලිලෙන මෙදිනින්ති.
1181. මෙසේ නීතියෙන් ද සුබැසි කථාවෙන් ද සුචරිත ධර්මයෙන් ද පරිත්‍යාගයෙන් ද නුවණින් ද යුක්ත ව රාජ්‍යයානුශාසනා කරනුයේ ජලයෙන් පොළොව නිවන මහවැස්සක් සේ මහාජනයා නිවන්නේ ය. (සනසන්නේ ය.)