යෙදුමෙන් කියවන්න

3. සුලසාජාතකං

1164. ඉදං සුවණ‍්ණකායූරං මුත‍්තා වෙළුරියා බහූ, සබ‍්බං හරස‍්සු භද‍්දන‍්තෙ මඤ‍්ච දාසීති සාවය.

1164. පින්වත, ගෙලපළඳනා මේ ආභරණය ද මුතු රැස ද වෛදූර්‍ය්‍යමණික්‍යය ද යන සියල්ල ගනු මැනැවි. මා දාසියකැ යි අස්වව හෙවත් කියව.

1165. ඔරොපයස‍්සු කල්‍යාණි මා බහුං පරිදෙවසි, න චාහං අභිජානාමි අහන‍්ත්‍වා ධනමාභතං.

1165. සොඳුර, තිගේ පළඳනා ගළවා තබව, බොහෝ නො හඬව. (මෙරමා) නො නසා ගෙනා ධනය මම නො දනිමි. හෙවත් නො ගනිමි.

1166. යතො සරාමි අත‍්තානං යතො පත‍්තොස‍්මි විඤ‍්ඤුතං, න චාහං අභිජානාමි අඤ‍්ඤං පියතරං තයා.

1166. යම් කලෙක සිට තමා සිහි කෙරෙම් ද, යම් කලෙක සිට (හොඳ නරක තේරුම් ගන්නා) නැණැති බවට පැමිණියෙම් ද (ඒතාක්) තට වඩා ප්‍රියතමයකු මම නො දනිමි.

1167. එහි තං උපගූහිස‍්සං කරිස‍්සඤ‍්ච පදක‍්ඛිණං, න හි දානි පුනා අත්‍ථි මම තුය‍්හඤ‍්ච සඞ‍්ගමො.

1167. එනුමැන, තොප වැළැඳගන්නෙමි, පැදැකුණු කරන්නෙමි, මාගේ ද තොපගේ ද නැවැත එක්වීමෙක් නැත.

1168. න හි සබ‍්බෙසු ඨානෙසු පුරිසො හොති පණ‍්ඩිතො, ඉත්‍ථිපි පණ‍්ඩිතා හොති තත්‍ථ තත්‍ථ විචක‍්ඛණා.

1168. හැම තැන්හි පුරුෂයා පණ්ඩිත නො මැ වෙයි. විචක්‍ෂණ වූ ස්ත්‍රිය ද ඒ ඒ තැන්හි පණ්ඩිත වේ.

1169. න හි සබ‍්බෙසු ඨානෙසු පුරිසො හොති පණ‍්ඩිතො, ඉත්‍ථිපි පණ‍්ඩිතා හොති ලහුමත්‍ථවිචින‍්තිකා.

1169. හැම තැන්හි පුරුෂයා පණ්ඩිත නො මැ වේ. වහා කරුණු සිතා වටහාගන්නා ස්ත්‍රිය ද පණ්ඩිත වේ.

1170. ලහුඤ‍්ච වත ඛිප‍්පඤ‍්ච නිකට‍්ඨෙ සමචෙතයි, මිගං පුණ‍්ණාය තෙනෙවං සුලසා සත‍්තුකං වධි.

1170. ඒකාන්තයෙන් ලැසි නො වී පමා නො වී ඔහු මරන්නට උපක්‍රම සිතී ය, දක්‍ෂ මුවවැද්දෙක් දුන්නෙන් විද මුවකු මරන්නේ යම්සේ ද එසේ සුලසා තොමෝ සත්තුක නමැති සොරා මැරී ය.

1171. යොධ උප‍්පතිතං අත්‍ථං න ඛිප‍්පමනුබුජ‍්ඣති, සො හඤ‍්ඤති මන්‍දමතී චොරොව ගිරිගබ‍්භරෙ.

1171. මේ ලෝකයෙහි යමෙක් තමා වෙත පැමිණි කරුණ වහා තේරුම් නො ගනී ද නුවණ මඳ හේ පර්‍වත ප්‍රපාතයෙහි සොරා මෙන් විනාශ වේ.

1172. යො ච උප‍්පතිතං අත්‍ථං ඛිප‍්පමෙව නිබොධති, මුච‍්චතෙ සත‍්තු සම‍්බාධා සුලසා සත‍්තුකාමිවාති.

1172. මේ ලෝකයෙහි යමෙක් පැමිණි විපත වහා තේරුම් ගනී ද, හේ සත්තුක නමැති සොරාගෙන් මිදුණු සුලසාව මෙන් සතුරු උවදුරින් මිදේ.

3. සුලසාජාතකං.

3. සුලසා ජාතක යි.