3. සුලසාජාතකවණ්ණනා 419 අට්ඨකථා
3. සුලසාජාතකවණ්ණනා (419)
3. සුලසා ජාතකය (419)
ඉදං සුවණ්ණකායූරන්ති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො එකං අනාථපිණ්ඩිකස්ස දාසිං ආරබ්භ කථෙසි. සා කිර එකස්මිං උස්සවදිවසෙ දාසිගණෙන සද්ධිං උය්යානං ගච්ඡන්තී අත්තනො සාමිනිං පුඤ්ඤලක්ඛණදෙවිං ආභරණං යාචි. සා තස්සා සතසහස්සමූලං අත්තනො ආභරණං අදාසි. සා තං පිළන්ධිත්වා දාසිගණෙන සද්ධිං උය්යානං පාවිසි. අථෙකො චොරො තස්සා ආභරණෙ ලොභං උප්පාදෙත්වා “ඉමං මාරෙත්වා ආභරණං හරිස්සාමී”ති තාය සද්ධිං සල්ලපන්තො උය්යානං ගන්ත්වා තස්සා මච්ඡමංසසුරාදීනි අදාසි. සා “කිලෙසවසෙන දෙති මඤ්ඤෙ”ති ගහෙත්වා උය්යානකීළං කීළිත්වා වීමංසනත්ථාය සායන්හසමයෙ නිපන්නෙ දාසිගණෙ උට්ඨාය තස්ස සන්තිකං අගමාසි. සො “භද්දෙ, ඉමං ඨානං අප්පටිච්ඡන්නං, ථොකං පුරතො ගච්ඡාමා”ති ආහ. තං සුත්වා ඉතරා “ඉමස්මිං ඨානෙ සක්කා රහස්සකම්මං කාතුං, අයං පන නිස්සංසයං මං මාරෙත්වා පිළන්ධනභණ්ඩං හරිතුකාමො භවිස්සති, හොතු, සික්ඛාපෙස්සාමි න”න්ති චින්තෙත්වා “සාමි, සුරාමදෙන මෙ සුක්ඛං සරීරං, පානීයං තාව මං පායෙහී”ති එකං කූපං නෙත්වා “ඉතො මෙ පානීයං ඔසිඤ්චා”ති රජ්ජුඤ්ච ඝටඤ්ච දස්සෙසි. චොරො රජ්ජුං කූපෙ ඔතාරෙසි, අථ නං ඔනමිත්වා උදකං ඔසිඤ්චන්තං මහබ්බලදාසී උභොහි හත්ථෙහි ආණිසදං පහරිත්වා කූපෙ ඛිපිත්වා “න ත්වං එත්තකෙන මරිස්සසී”ති එකං මහන්තං ඉට්ඨකං මත්ථකෙ ආසුම්භි. සො තත්ථෙව ජීවිතක්ඛයං පත්තො. සාපි නගරං පවිසිත්වා සාමිනියා ආභරණං දදමානා “මනම්හි අජ්ජ ඉමං ආභරණං නිස්සාය මතා”ති සබ්බං තං පවත්තිං ආරොචෙසි, සාපි අනාථපිණ්ඩිකස්ස ආරොචෙසි, අනාථපිණ්ඩිකො තථාගතස්ස ආරොචෙසි. සත්ථා “න ඛො, ගහපති, ඉදානෙව සා දාසී ඨානුප්පත්තිකාය පඤ්ඤාය සමන්නාගතා, පුබ්බෙපි සමන්නාගතාව, න ච ඉදානෙව තාය සො මාරිතො, පුබ්බෙපි නං මාරෙසියෙවා”ති වත්වා තෙන යාචිතො අතීතං ආහරි.
‘ඉදං සුවණ්ණකායූර’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථා වස්තුව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවෙසෙන සේක්, අනේපිඬු සිටුතුමාගේ එක්තරා දාසියක අරබයා වදාළ සේක. ඒ දාසිය කිසියම් උත්සව දිනයක තවත් දාසියන් පිරිසක් සමග, උයනට යන්නට සූදානම් වී, තම ස්වාමි දුව වූ ‘පූර්ණ ලක්ෂණ’ දේවියගේ ආභරණයක් ඉල්ලා සිටියාය. දේවිය ද එසේ-මෙසේ එකක් නොව, ලක්ෂයක් වටිනා ස්වකීය ආභරණයක් ඇයට දුන්නාය. දාසිය ද එය පැළඳ, දාසිගණයා සමග උයනට පිටත්ව ගියාය. මේ අතර කිසියම් සොරෙක්, ‘ඒ දාසිය දෙස බලා, ඇගේ ආභරණයට ලොල් වී, ‘මෑ මරා ආභරණය පැහැර ගන්නෙමැ’යි සනිටුහන් කොටගෙන, ඈ සමග කථා කරමින් ම, උයන තෙක් ගොස්, ඇයට මස්-මාංස හා සුරා ආදිය ද රැගෙන දුන්නේය. දාසිය ද ඒ සියලු පරිත්‍යාගයන් තමා කෙරෙහි ආදරයෙන් බැඳීම නිසා දුන් දේවල් ලෙස, කල්පනා කළාය. සොරා දුන් සියලු දෑ, සතුටින් භාරගත් දාසිය, උද්‍යාන ක්‍රීඩාවෙහි යෙදී වෙහෙස නිවාගැනීම සඳහා සවස් කාලයෙහි කිසියම් සෙවන ඇති තැනක, සෙසු පිරිස සමග වැතිර සිටියාය. මඳ වේලාවක් එසේ හුන් ඈ, උයනේ කෙළවරක සිටි ඉහත කී පුරුෂයා දැක, පිරිස අතුරෙන් නැගිට, පිරිසට නොදැනෙන සේ, එකී පුරුෂයා වෙත ගියාය. එවිට ඒ මිනිසා ‘සොඳුර, මේ මේ සිටින තැන විවෘත වැඩීය. මෙතැනින් මඳක් ඈතට යමුදැ’යි කීවේය. මේ අසා සිටි දාසිය, ‘අප මේ සිටින තැන ඕනෑම රහස කටයුත්තකට සුදුසු තැනකි. එසේ තිබියදීත්, මොහු මා මෙතැනින් ඉවතට ගෙන යන්නට උත්සාහ දරනුයේය. නිසැකවම මොහු මේ උත්සාහ ගන්නේ මා මරා දමා, ආභරණය පැහැර ගන්නට විය යුතුයැ’යි, සිතුවාය. එසේ සිතූ ඇය, ‘මම අද මූට හොඳ පාඩමක් උගන්වන්නෙමැ’යි කල්පනා කොට, ‘ස්වාමීනි, සුරා මදයෙන් මාගේ ඇඟ වියැලී ගියේය. ඒ නිසා මට පැන් පොදක් පොවනු මැනවැ’යි කියා, එම මිනිසා ද කැටුව අසල තිබූ ළිඳක් වෙත ගොස්, මෙයින් පැන් කළයක් අදින්නට ඔබට පුලුවන් නේදැ’යි අසා, එතැන තිබූ රැහැනක් හා කළයක් පෙන්නුවාය. සොරා ද රැහැන රැගෙන, ඉන් කළය බැඳ ළිඳට දැමුවේය. දෙකට නැමී වතුර අදින ඒ මිනිසාගේ පසුපස පෙදෙසට දෑත තැබූ, ශක්තිමත් තරුණියක් වන දාසිය, එක පහරින්ම ඔහු ළිඳ තුළට තල්ලු කළාය. එපමණකින් නො නැවතුණු ඇය, ‘ළිඳට වැටීමෙන් නො මැරුණොත්, මෙයින් තෝ ස්ථිර වශයෙන්ම මැරෙන්නෙහි යැ’යි කියා, මහත් වූ ගඩොලක් ඔසවා ළිඳ තුළ සිටි සොරාගේ හිස මතට දමා ගැසුවාය. සොරා ද, එයින්ම ජීවිතක්ෂයට පත්විය. ඉන්පසු නුවරට පැමිණි ඇය, සිය ස්වාමි දුවට ආභරණය භාර දෙමින්, ‘ස්වාමි දියණියනි, මාගේ සිත් ගත් එකකු, අද මේ ආභරණය නිසා, මාගෙන් මැරුම් කන ලදැ’යි, කියා සියලු විස්තර ඇය හමුවෙහි පැවසුවාය. සිටු දේවිය ද, ඒ සියලු තොරතුරු අනේපිඬු සිටුතුමාට දැනුම් දුන්නාය. සිටුතුමා එය බුදුරදුන් හමුවෙහි විස්තර කෙළේය. එවිට බුදුරජාණන් වහන්සේ ‘ගෘහපතිය, ඔය දාසිය ස්ථානෝචිත ප්‍රඥාවෙන් ක්‍රියා කෙළේ, දැන් පමණක් නොවේ. පෙර ද ඇය නුවණින් යුතුව ක්‍රියා කළා යැයි, වදාරා ඇය විසින් මරණයට පත් කළ ඒ මිනිසා ම, පෙර ද ඇයගෙන් ම මැරුම් කෑවේ යැයි දෙසා, සිටුතුමාගේ අයැදුමෙන්, මේ අතීත කථාව මෙසේ වදාළ සේක.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ සුලසා නාම නගරසොභිනී පඤ්චසතවණ්ණදාසිපරිවාරා අහොසි, සහස්සෙන රත්තිං ගච්ඡති. තස්මිංයෙව නගරෙ සත්තුකො නාම චොරො අහොසි නාගබලො, රත්තිභාගෙ ඉස්සරඝරානි පවිසිත්වා යථාරුචිං විලුම්පති. නාගරා සන්නිපතිත්වා රඤ්ඤො උපක්කොසිංසු. රාජා නගරගුත්තිකං ආණාපෙත්වා තත්ථ තත්ථ ගුම්බං ඨපාපෙත්වා චොරං ගණ්හාපෙත්වා “සීසමස්ස ඡින්දථා”ති ආහ. තං පච්ඡාබාහං බන්ධිත්වා චතුක්කෙ චතුක්කෙ කසාහි තාළෙත්වා ආඝාතනං නෙන්ති. “චොරො කිර ගහිතො”ති සකලනගරං සඞ්ඛුභි. තදා සුලසා වාතපානෙ ඨත්වා අන්තරවීථිං ඔලොකෙන්තී තං දිස්වා පටිබද්ධචිත්තා හුත්වා “සචෙ ඉමං චොරොති ගහිතපුරිසං මොචෙතුං සක්ඛිස්සාමි, ඉදං කිලිට්ඨකම්මං අකත්වා ඉමිනාව සද්ධිං සමග්ගවාසං කප්පෙස්සාමී”ති චින්තෙත්වා හෙට්ඨා කණවෙරජාතකෙ (ජා· 1.4.69 ආදයො) වුත්තනයෙනෙව නගරගුත්තිකස්ස සහස්සං පෙසෙත්වා තං මොචෙත්වා තෙන සද්ධිං සම්මොදමානා සමග්ගවාසං වසි. චොරො තිණ්ණං චතුන්නං මාසානං අච්චයෙන චින්තෙසි “අහං ඉමස්මිංයෙව ඨානෙ වසිතුං න සක්ඛිස්සාමි, තුච්ඡහත්ථෙන පලායිතුම්පි න සක්කා, සුලසාය පිළන්ධනභණ්ඩං සතසහස්සං අග්ඝති, සුලසං මාරෙත්වා ඉදං ගණ්හිස්සාමී”ති. අථ නං එකදිවසං ආහ – “භද්දෙ, අහං තදා රාජපුරිසෙහි නීයමානො අසුකපබ්බතමත්ථකෙ රුක්ඛදෙවතාය බලිකම්මං පටිස්සුණිං, සා මං බලිකම්මං අලභමානා භායාපෙති, බලිකම්මමස්සා කරොමා”ති. “සාධු, සාමි, සජ්ජෙත්වා පෙසෙහී”ති. “භද්දෙ, පෙසෙතුං න වට්ටති, මයං උභොපි සබ්බාභරණපටිමණ්ඩිතා මහන්තෙන පරිවාරෙන ගන්ත්වා දස්සාමා”ති. “සාධු, සාමි, තථා කරොමා”ති.
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, ‘සුලසා’ නම් වූ නගරශෝභිනියක් පන්සියයක් ගණිකාවන් පිරිවරාගෙන, බරණැස් නුවර වාසය කළාය. ඇය එක රැයකට කහවණු දහසක් අය කරයි. ඒ නගරයෙහි ‘සත්තුක’ නමින්, ප්‍රසිද්ධ සොරෙක් වාසය කෙළේය. ඇතකුට සමාන ශක්තියකින් හෙබි, සත්තුක රාත්‍රී කාලයෙහි පොහොසත් ගෙවල්වලට පැන සිත් සේ, වස්තුව පැහැර ගනියි. නුවර වැස්සෝ එක්රැස් වී, රජුට මේ දැන දැනුම් දී, නෝක්කාඩු ද පැවසූහ. රජතුමා නගරාධිපති කැඳවා, ඔහුට අණකොට නුවර තැන තැන භට පිරිස් රංචු-රංචු වශයෙන්, කාණ්ඩ, කාණ්ඩ වශයෙන් රැකවල්හි යොදවා, කෙසේ හෝ සොරා අල්ලා ගත්තේය. රජතුමා සොරාගේ හිස ගසා දමන ලෙසට නියෝග කෙළේය. හේවායෝ සොරුගේ දෑත් පසුපස තබා බැඳ, සතරමං හන්දිවල දී කස පහර තළමින් ඔහු වධක භූමිය කරා ගෙන ගියහ. ‘මේ බිහිසුණු සොරා අල්ලා ගත්තේ යැ’යි යන, මේ පුවත රට පුරා ප්‍රසිද්ධ විය. එයින් මුළු නුවර වැස්සෝ ම, කලබලයට පත්වූහ. එදා සුලසාව සිය උඩුමහලෙහි ජනේලයක් විවෘත කොටගෙන වීදිය දෙස බලා හුන්නාය. එතැනින් තළ තළා ගෙන යන සොරා දුටු ඇය, ඒ සොරා ගැන පිළිබඳ සිතක් ඇතිකොට ගත්තාය. ‘ඉදින් යෝධයෙකු වැනි වූ, දක්ෂතා ඇති, මේ මිනිහසා මුදවාගත හැකි වී නම්, මම මාගේ මේ පහත් රැකියාව අත්හැර දමා, මොහු සමග එක්ව, සතුටින් ජීවිතය ගෙන යන්නෙමැ’යි කල්පනා කළ සුලසාව මීට පෙර ‘කණවේර’ ජාතකයෙහි කී නියායෙන්, නගරාධිපතියාට කහවණු දහසක අල්ලසක් දී සොරා මුදාගෙන, ඔහු සමග සතුටු සිතින් සමගිය, එක්ව වාසය කළාය. සොරා ද මාස තුන-හතරක් ඈ සමග සුවසේ වැස, ඉන් අනතුරුව ‘මට මෙතැන මෑ සමග වසන්නට බැරිය. හිස් අතින් මෙතැනින් පැනයාම ද, තේරුමක් නැති ක්‍රියාවෙකි. මේ සුලසාවගේ නිතර පළඳින ආභරණය කහවණු ලක්ෂයක් වටී. එබැවින් මෑ මරා ආභරණයද රැගෙන, මම මෙතැනින් පැන ගන්නෙමි’යි, කල්පනා කෙළේය. දින කීපයකට පසු සුලසාවට කථා කළ, සොරා ඇය ළඟට කැඳවා ‘සොඳුර, එදා රාජපුරුෂයන් විසින් වධකස්ථානය කරා ගෙනයනු ලබන මම, අසවල් පර්වත මස්තකයෙහි පිහිටි ගසෙහි වෘක්ෂ දේවතාවාට, මාගේ ජීවිතාරක්ෂාව පතා පූජාවක් තැබීමට, පොරොන්දු වන ලද්දේ වෙමි. ‘සොඳුර, අප ඒ පූජාව ඔප්පු කරමුදැ’යි කීය. ‘ස්වාමීනි, යහපති. ඊට අවශ්‍ය දෑ සූදානම්කොට, දාසයන් ලවා ඒවා එහි යවමු.’ ‘සොඳුර, අනුන් ලවා පූජා ඔප්පු කිරීම නොවටී. එබැවින් අපි දෙදෙනා සර්වාභරණයෙන් සැරසී, මහත් වූ පිරිවර සමග එහි ගොස් පූජෝපහාර දක්වමු. ‘ස්වාමීනි, මැනව. අපි එසේ කරමු’යි සුලසා උත්තර දුන්නාය.
අථ නං තථා කාරෙත්වා පබ්බතපාදං ගතකාලෙ ආහ – “භද්දෙ, මහාජනං දිස්වා දෙවතා බලිකම්මං න සම්පටිච්ඡිස්සති, මයං උභොව අභිරුහිත්වා දෙමා”ති. සො තාය “සාධූ”ති සම්පටිච්ඡිතො තං බලිපාතිං උක්ඛිපාපෙත්වා සයං සන්නද්ධපඤ්චාවුධො හුත්වා පබ්බතමත්ථකං අභිරුහිත්වා එකං සතපොරිසපපාතං නිස්සාය ජාතරුක්ඛමූලෙ බලිභාජනං ඨපාපෙත්වා “භද්දෙ, නාහං බලිකම්මත්ථාය ආගතො, තං පන මාරෙත්වා පිළන්ධනං තෙ ගහෙත්වා ගමිස්සාමීති ආගතොම්හි, තව පිළන්ධනං ඔමුඤ්චිත්වා උත්තරසාටකෙන භණ්ඩිකං කරොහී”ති ආහ. “සාමි, මං කස්මා මාරෙසී”ති? “ධනකාරණා”ති. “සාමි, මයා කතගුණං අනුස්සර, අහං තං බන්ධිත්වා නීයමානං සෙට්ඨිපුත්තෙන පරිවත්තෙත්වා බහුං ධනං දත්වා ජීවිතං ලභාපෙසිං, දෙවසිකං සහස්සං ලභමානාපි අඤ්ඤං පුරිසං න ඔලොකෙමි, එවඤ්හි තව උපකාරිකං මා මං මාරෙහි, බහුඤ්ච තෙ ධනං දස්සාමි, තව දාසී ච භවිස්සාමී”ති යාචන්තී පඨමං ගාථමාහ –
මෙසේ මේ දෙදෙනා පූජා ද්‍රව්‍ය රැස්කොට ගෙන, සියලු අභරණින් සැරසී, සපිරිවරින් පර්වත පාදය තෙක් ගියකල්හි, සත්තුක සිය බිරිඳ අමතා, ‘සොඳුර, මේ සා විශාල පිරිසක් දුටුවහොත්, දේවතාවා පූජාව ප්‍රතික්ෂේප කරන්නේය. එබැවින් අපි දෙදෙනා පමණක් එහි ගොස්, පර්වත මුදුනට නැග, පූජෝපහාර දක්වමු’ යැයි කීය. සුලසා ද සැමියාගේ අදහස අනුමත කොට, සකසාගෙන ආ පූජා පාත්‍රය ඔසවාගෙන, කන්ද නගින්නට පටන් ගත්තාය. සත්තුක ද පංචායුධයෙන් සමන්විත ව, පර්වත මුදුනට නැග, එහි නපුරු සොරුන් සිය ගණනක් පහතට හෙළා මරණයට පත් කරන ලද, ඒ නිසා ම ‘චෝර ප්රපාතය’ නමින් හඳුන්වන, ඒ ප්රපාතය අද්දර පිහිටි විශාල වූ ගසක් මුල, සුලසාව ලවා පූජා පාත්‍රය තබවා, ‘සොඳුර, මා මෙහි කරන්නට ආ පූජාවක් නැත. මා මෙහි පැමිණියේ තී මරා ආභරණ ගෙන, මෙතැනින් පැන ගැනීමේ අදහස, සිත්හි තබාගෙනය. එබැවින් තිගේ සියලු ආභරණ ගලවා උතුරු සළුවෙහි තබා, පොදියක් කොට ගැට ගසව’යි අණ කෙළේය. එවිට සුලසාව ‘ස්වාමීනි, කුමක් නිසා මා මරන්නෙහිදැ’යි ඇසුවාය. ‘තී මරණුයේ ධනය සඳහාය’ ‘ස්වාමීනි, මා ඔබට කළ උපකාර සිහිකරනු මැනව. ඔබ මරන්නට ගෙනයන කල්හි මම බොහෝ ධනය වියදම්කොට, ඔබට අලුත් ජීවිතයක් ලබාදී, ඔබ සිටුපුත්‍රයකු කෙළෙමි. එක් දිනකට කහවණු ලක්ෂයක් ඉපයූ මම, ඒ සියල්ල අත්හැර දමා, එදා සිට අද වනතුරු අන් පුරුෂයකු දෙස බැලීමක්වත් නොකරමි. මෙසේ ඔබට මහත් සේ උපකාරී වූ මා, නොමරනු මැනව. මම ඔබට බොහෝ ධනය ද දෙන්නෙමි. අද පටන් ඔබේ දාසියක ද වන්නෙමැ’යි කියමින්, තමාගේ ජීවිතය ඉල්ලා යදිමින්, ඈ මෙසේ කීවාය.
“ඉදං සුවණ්ණකායූරං, මුත්තා වෙළුරියා බහූ; සබ්බං හරස්සු භද්දන්තෙ, මඤ්ච දාසීති සාවයා”ති.
ඉදං සුවණ්ණ කායූරං - මුත්තා වෙළුරියා බහූ, සබ්බං හරස්සු භද්දන්තෙ - මඤ්ච දාසීති සාවයා ති
ඔබට යහපතක්ම වේවා! මේ ස්වර්ණාභරණ ද, මුතු ද, වෙරළුමිණි ද, යන සියල්ල ගන්න. මා දාසියක් බවට (අන් අයට) දැනුම් දෙන්න.
තත්ථ කායූරන්ති ගීවායං පිළන්ධනපසාධනං කායූරං. සාවයාති මහාජනමජ්ඣෙ සාවෙත්වා දාසිං කත්වා ගණ්හාති.
මෙහි ‘කායූරං’ යනු ‘ගෙල පළඳින ආභරණයකි. බාහු වළලු නොවේ’ යන අර්ථයි. ‘සාවයා’ යනු ‘මහජනයා මැද අසන්නට සලස්වා, දාසියක කොට ගන්න’ යන අර්ථයි.
තතො සත්තුකෙන –
ඇයගේ කතාව ඇසූ, සත්තුක මෙසේ පැවසීය.
“ඔරොපයස්සු කල්‍යාණි, මා බාළ්හං පරිදෙවසි; න චාහං අභිජානාමි, අහන්ත්වා ධනමාභත”න්ති. –
2. සොඳුර, (ආභරණ) මුදා තබව. ඔය තරම් නො වැලපෙව. නොමරා ලත් ධනයක් ගැන, මම නොදනිමි.
අත්තනො අජ්ඣාසයානුරූපං දුතියගාථාය වුත්තාය සුලසා ඨානුප්පත්තිකාරණං පටිලභිත්වා “අයං චොරො මය්හං ජීවිතං න දස්සති, උපායෙන නං පඨමතරං පපාතෙ පාතෙත්වා ජීවිතක්ඛයං පාපෙස්සාමී”ති චින්තෙත්වා ගාථාද්වයමාහ –
මේ කියමනෙන් සත්තුකගේ අදහස මැනවින් තේරුම් ගත්, සුලසාව ස්ථානෝචිත ප්‍රඥාවෙන්, සියලු කරුණු තුලනය කොට බලා, ‘මේ සොරා මගේ ජීවිතය, කිසිසේත් බේරා දෙන්නේ නැත. එබැවින් කිසියම් උපායකින් පළමුකොට ඔහු මේ ප්‍රපාතයෙන් පහළට හෙළා, ජීවිතක්ෂයට පත් කරන්නෙමැ’යි, තීරණයක් ගෙන මෙසේ පැවසුවාය.
“යතො සරාමි අත්තානං, යතො පත්තාස්මි විඤ්ඤුතං; න චාහං අභිජානාමි, අඤ්ඤං පියතරං තයා.
3. යම්දිනක පටන් මා ගැන සිතන්නට පටන් ගත්තෙම්ද? යම් දිනක පටන් නුවණැති බවට පැමිණියෙම්ද? එතැන් පටන් ඔබට වඩා ප්‍රිය වූ, අනෙකකු ගැන මම නො දනිමි.
“එහි තං උපගූහිස්සං, කරිස්සඤ්ච පදක්ඛිණං; න හි දානි පුන අත්ථි, මම තුය්හඤ්ච සඞ්ගමො”ති.
4. එන්න, (මම) ඔබ වැළඳ ගනිමි. ප්රදක්ෂිණා ද කරන්නෙමි. මින් මතු නැවත, ඔබෙත් මගෙත් එක්වීමක් නැත.
සත්තුකො තස්සාධිප්පායං අජානන්තො “සාධු, භද්දෙ, එහි උපගූහස්සු ම”න්ති ආහ. සුලසා තං තික්ඛත්තුං පදක්ඛිණං කත්වා උපගූහිත්වා “ඉදානි තං, සාමි, චතූසු පස්සෙසු වන්දිස්සාමී”ති වත්වා පාදපිට්ඨියං සීසං ඨපෙත්වා බාහුපස්සෙ වන්දිත්වා පච්ඡිමපස්සං ගන්ත්වා වන්දමානා විය හුත්වා නාගබලා ගණිකා චොරං ද්වීසු පච්ඡාපාදෙසු ගහෙත්වා හෙට්ඨා සීසං කත්වා සතපොරිසෙ නරකෙ ඛිපි. සො තත්ථෙව චුණ්ණවිචුණ්ණං පත්වා මරි. තං කිරියං දිස්වා පබ්බතමත්ථකෙ නිබ්බත්තදෙවතා ඉමා ගාථා අභාසි –
ඇයගේ සත්‍ය වූ අදහස නොදත්, තේරුම් ගැනීමට නොහැකි වූ, සත්තුකයා, ‘සොඳුර, යහපති, එන්න. මා වැළඳ ගන්නැ’යි කීවේය. සුලසාව ද තුන්වරක් ඔහු පැදකුණු කොට, වැළඳගෙන ‘ස්වාමීනි, මම දැන් ඔබට සතර පැත්තෙහි සිට වඳින්නෙමැ’යි කියා, පළමු කොට සොරාගේ දෙපා මත, සිය හිස තබා වැඳ, නැවත වම-දකුණ යන දෙපසට ද වැඳ, අනතුරුව පසුපසට ගොස්, වඳින්නට සූදානම් වන අයුරක් පෙන්වා, තම ශක්තිමත් දෑතින් එනම් ඇතින්නකට හා සමාන සුලසාවගේ දෑතින්, සොරා දෙපසින් අල්ලාගෙන ඔසවා, සොරාගේ හිස පහතට සිටින සේ, චෝර ප්‍රපාතයෙහි හෙළුවා ය. නිරයක් වැනි වූ එහි ඇදවැටුණු සත්තුකයා, සුණු-විසුණු වී මළේය. ඇයගේ මේ ක්‍රියාව දුටු පර්වත මුදුනෙහි වූ, වෘක්ෂයට අධිගෘහිත වූ දේවතාවා මේ ගාථා ප්‍රකාශ කෙළේය.
“න හි සබ්බෙසු ඨානෙසු, පුරිසො හොති පණ්ඩිතො; ඉත්ථීපි පණ්ඩිතා හොති, තත්ථ තත්ථ විචක්ඛණා.
5. සෑම තැනදී ම, පුරුෂයා පණ්ඩිත නොවේ. ස්ත්‍රිය ද පණ්ඩිත වේ. ඒ ඒ තන්හි විචක්ෂණ වේ.
“න හි සබ්බෙසු ඨානෙසු, පුරිසො හොති පණ්ඩිතො; ඉත්ථීපි පණ්ඩිතා හොති, ලහුං අත්ථං විචින්තිකා.
6. සෑම තැනදීම, පුරුෂයා පණ්ඩිත නොවේ. ක්ෂණිකව කරුණු වටහා ගතහැකි, ස්ත්‍රිය ද පණ්ඩිත වේ.
“ලහුඤ්ච වත ඛිප්පඤ්ච, නිකට්ඨෙ සමචෙතයි; මිගං පුණ්ණායතෙනෙව, සුලසා සත්තුකං වධි.
7. ක්ෂණිකව ද, සීඝ්රයෙන් ද (ඇය) ඒ මොහොත ගැන මැනවින් සිතුවා ය. ඉලක්ක ගෙන සිටි දුන්නකින් මුවකු (විද මරන්නාක් මෙන්) සුලසාව සත්තුකයා මැරීය.
“යොධ උප්පතිතං අත්ථං, න ඛිප්පමනුබුජ්ඣති; සො හඤ්ඤති මන්දමති, චොරොව ගිරිගබ්භරෙ.
8. මෙලොව යමෙක් ළඟට පැමිණි, කාරණය (ගැටළුව) වහා අවබෝධ කොට නොගනීද? මඳ නුවණැති ඔහු, පර්වත කුහරයෙහි වැටුණු සොරකු මෙන් වැනසේ.
“යො ච උප්පතිතං අත්ථං, ඛිප්පමෙව නිබොධති; මුච්චතෙ සත්තුසම්බාධා, සුලසා සත්තුකාමිවා”ති.
9. යමෙක්, ළඟට පැමිණි කාරණය, වහා අවබෝධ කර ගනීද? (ඔහු) සුලසාව සත්තුකයාගෙන් (මිදුණාක් මෙන්) සතුරු කරදරයෙන් මිදේ.
තත්ථ පණ්ඩිතා හොතීති ඉත්ථීපි පණ්ඩිතා තත්ථ තත්ථ විචක්ඛණා හොති, අථ වා ඉත්ථී පණ්ඩිතා චෙව තත්ථ තත්ථ විචක්ඛණා ච හොති. ලහුං අත්ථං විචින්තිකාති ලහුං ඛිප්පං අත්ථං විචින්තිකා. ලහුඤ්ච වතාති අදන්ධඤ්ච වත. ඛිප්පඤ්චාති අචිරෙනෙව. නිකට්ඨෙ සමචෙතයීති සන්තිකෙ ඨිතාව තස්ස මරණූපායං චින්තෙසි. පුණ්ණායතෙනෙවාති පූරිතධනුස්මිං. ඉදං වුත්තං හොති – යථා ඡෙකො මිගලුද්දකො සකණ්ඩපුණ්ණධනුස්මිං ඛිප්පං මිගං වධති, එවං සුලසා සත්තුකං වධීති. යොධාති යො ඉමස්මිං සත්තලොකෙ. නිබොධතීති ජානාති. සත්තුකාමිවාති සත්තුකා ඉව, යථා සුලසා මුත්තා, එවං මුච්චතීති අත්ථො.
මෙහි ‘පණ්ඩිතා හොති’ යනු ‘ඒ ඒ තන්හි විචක්ෂණ වූ, ස්ත්‍රිය ද පණ්ඩිත වේ. නැතහොත් ස්ත්‍රිය පණ්ඩිත ද, විචක්ෂණ ද වේ’ යන අර්ථයි. ‘ලහුමත්ථ විචින්තිකා’ යනු ‘ක්ෂණිකව වහා කාරණය ගැන, චින්තනය මෙහෙයවන’ යන අර්ථයි. ‘ලහුංච වත’ යනු ‘ඒකාන්තයෙන් ක්ෂණිකව’ යන අර්ථයි. ‘ඛිප්පංච’ යනු ‘කල්ගත නොකොට’ යන අර්ථයි. ‘නිකට්ඨෙ සමචේතයී’ යනු ළඟ සිට ම, ඔහු මරණයට පත් කළහැකි ක්‍රමයක් සිතුවාය’ යන අර්ථයි. ‘පුණ්ණායතෙනෙවං’ යනු ‘පූරිත දුන්නෙහි’ යන අර්ථයි. මින් කියන ලද්දේ, මේ කාරණය යි. එනම්, යම්සේ දක්ෂ මුව වැද්දෙක් ඊතලයක් යොදා, ඉලක්කයට යොමුකොට ගෙන සිටි, දුන්නකින් මුවකු මරා ද? එපරිද්දෙන් සුලසා සත්තුකයා මැරුවාය.’ යන අර්ථයි. ‘යෝධ’ යනු ‘මේ සත්ත්ව ලෝකයෙහි යමෙක්,’ යන අර්ථයි. ‘නිබෝධති’ යනු ‘දනියි ද?’ යන අර්ථයි. ‘සත්තුකාමිව’ යනු ‘සුලසා සත්තුකයාගෙන්, යම්සේ මිදුනීද? එසේ මිදේ යන අර්ථයි.
ඉති සුලසා චොරං වධිත්වා පබ්බතා ඔරුය්හ අත්තනො පරිජනස්ස සන්තිකං ගන්ත්වා “අය්යපුත්තො කහ”න්ති පුට්ඨා “මා තං පුච්ඡථා”ති වත්වා රථං අභිරුහිත්වා නගරමෙව පාවිසි.
මෙසේ ඒ දරුණු සොරා මරා දැමූ, සුලසා පර්වතයෙන් බැස, සිය පිරිවර ජනයා වෙත ගොස්, නිවෙස බලා යන්නට සූදානම් වූවාය. එවිට එහි සිටි පිරිස, ‘ස්වාමි දියණියනි, අපගේ ආරය පුත්‍රයා කොහිදැ’යි ඇසූහ. මාගෙන් ඔහු ගැන, මින්පසු කිසිදිනෙක නො විමසවු’ යැයි, කී සුලසා රථයට නැගී සපිරිවරින්, නුවර බලා ගියාය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා ජාතකං සමොධානෙසි “තදා තෙ උභොපි ඉමෙයෙව අහෙසුං, දෙවතා පන අහමෙව අහොසි”න්ති.
බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා ජාතකය නිමවා වදාළ සේක. එදා සුලසා නම්, මෙදා මේ දාසියයි. එදා සත්තුක නම්, මෙදා මේ සොරාය. දේවතාවා වූ කලී ‘මම ම යැ’යි බුදුරජාණන් වහන්සේ, තමන් වහන්සේ දක්වා වදාළ සේක.
සුලසාජාතකවණ්ණනා තතියා.