2. අට්ඨසද්දජාතකවණ්ණනා 418 අට්ඨකථා
2. අට්ඨසද්දජාතකවණ්ණනා (418)
2. අට්ඨසද්ද ජාතකය (418)
ඉදං පුරෙ නින්නමාහූති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො කොසලරඤ්ඤො අඩ්ඪරත්තසමයෙ සුතං භිංසනකං අවිනිබ්භොගසද්දං ආරබ්භ කථෙසි. වත්ථු හෙට්ඨා ලොහකුම්භිජාතකෙ (ජා· 1.4.53 ආදයො) කථිතසදිසමෙව. ඉධ පන සත්ථා “මය්හං, භන්තෙ, ඉමෙසං සද්දානං සුතත්තා කින්ති භවිස්සතී”ති වුත්තෙ “මා භායි, මහාරාජ, න තෙ එතෙසං සුතපච්චයා කොචි අන්තරායො භවිස්සති, න හි, මහාරාජ, එවරූපං භයානකං අවිනිබ්භොගසද්දං ත්වමෙවෙකො සුණි, පුබ්බෙපි රාජානො එවරූපං සද්දං සුත්වා බ්රාහ්මණානං කථං ගහෙත්වා සබ්බචතුක්කයඤ්ඤං යජිතුකාමා පණ්ඩිතානං වචනං සුත්වා යඤ්ඤහරණත්ථාය ගහිතසත්තෙ විස්සජ්ජෙත්වා නගරෙ මාඝාතභෙරිං චරාපෙසු”න්ති වත්වා තෙන යාචිතො අතීතං ආහරි.
‘ඉදං පුරෙ නින්නමාහූ’ යන මේ ගාථා කොටස අයත් ජාතක කතාවස්තුව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවාසය කරන සේක්, මැදියම් රැයේ දී, කොසොල් රජතුමාට අසන්නට ලැබුණු ඉතා බිහිසුණු වූ, ‘මේ මේ යැ’යි වෙන් වෙන් වශයෙන් හඳුනාගත නොහැකි ශබ්දයන්, නිමිති කොටගෙන වදාළ සේක. මෙහි වර්තමාන කතාවස්තුව, මීට පෙර ‘ලෝහකුම්හි’ ජාතකයෙහි දී, කී අයුරින් ම දත යුතුය. මෙහිදී බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණි කොසොල් රජතුමා, උන්වහන්සේට වැඳ එකත්පස්ව හිඳගෙන, ‘ස්වාමීනි, මේ ශබ්දයන් ශ්‍රවණය කළ බැවින්, මට කුමක් නම් වන්නේදැ’යි ඇසීය. ‘මහරජ, මේ ශබ්දයන් ඇසීම හේතු කොටගෙන, ඔබට සිදුවන කිසිදු අනතුරක් නැත. රජතුමනි, මෙබඳු බිහිසුණු වූ, වෙන් වෙන් වශයෙන් හඳුනාගත නොහැකි වූ, ශබ්දයන් ශ්‍රවණය කළ, පළමුවැන්නා ඔබ නොවේ. පෙර විසූ රජවරු ද මෙබඳු ශබ්දයන් ශ්‍රවණය කොට, බමුණන් කැඳවා, තමාට ඇසුණු ශබ්දයන් ශ්‍රවණය කොට, බමුණන් කැඳවා, තමාට ඇසුණු ශබ්දයන් ඔවුන්ට විස්තර කොට කියා, බමුණන්ගේ උපදෙස් මත ‘සර්වචතුෂ්ක’ යාගයක් කරනු කැමතිව, පඬිවරුන්ගේ කතා අසා, එතැනින් නැවතී, යාගයට ගෙනෙන ලද සතුන් මුදාහැර, නුවර මාඝාත (ප්‍රාණඝාතයෙන් සියල්ලන් වැලකිය යුතුව යන පණිවිඩය රැගත්) බෙර හසුරුවා, පඬිවරුන්ගේ සහයෝගයෙන් නිර්භයව, කටයුතු කරන්නට පටන් ගත්හ’යි, වදාළ බුදුරජාණන් වහන්සේ රජුගේ අයැදුමෙන්, මේ අතීත කතාව මෙසේ දේශනා කළ සේක.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො අසීතිකොටිවිභවෙ බ්රාහ්මණකුලෙ නිබ්බත්තිත්වා වයප්පත්තො තක්කසිලායං උග්ගහිතසිප්පො මාතාපිතූනං අච්චයෙන රතනවිලොකනං කත්වා සබ්බං විභවජාතං දානමුඛෙ විස්සජ්ජෙත්වා කාමෙ පහාය හිමවන්තං පවිසිත්වා ඉසිපබ්බජ්ජං පබ්බජිත්වා ඣානාභිඤ්ඤායො නිබ්බත්තෙත්වා අපරභාගෙ ලොණම්බිලසෙවනත්ථාය මනුස්සපථං චරන්තො බාරාණසිං පත්වා රාජුය්යානෙ වසි. තදා බාරාණසිරාජා සිරිසයනෙ නිසින්නො අඩ්ඪරත්තසමයෙ අට්ඨ සද්දෙ අස්සොසි – පඨමං රාජනිවෙසනසාමන්තා උය්යානෙ එකො බකො සද්දමකාසි, දුතියං තස්මිං සද්දෙ අනුපච්ඡින්නෙයෙව හත්ථිසාලාය තොරණනිවාසිනී කාකී සද්දමකාසි, තතියං රාජගෙහෙ කණ්ණිකායං නිවුත්ථඝුණපාණකො සද්දමකාසි, චතුත්ථං රාජගෙහෙ පොසාවනියකොකිලො සද්දමකාසි, පඤ්චමං තත්ථෙව පොසාවනියමිගො සද්දමකාසි, ඡට්ඨං තත්ථෙව පොසාවනියවානරො සද්දමකාසි, සත්තමං තත්ථෙව පොසාවනියකින්නරො සද්දමකාසි, අට්ඨමං තස්මිං සද්දෙ අනුපච්ඡින්නෙයෙව රාජනිවෙසනමත්ථකෙන උය්යානං ගච්ඡන්තො පච්චෙකබුද්ධො එකං උදානං උදානෙන්තො සද්දමකාසි.
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, අප බෝසත් තෙමේ, අසූකෙළක් ධනය ඇති, බමුණු පවුලක ඉපිද, නිසිවියට පැමිණ තක්ෂිලාවට ගොස් ශිල්ප ඉගෙන, සිය මවුපියන්ගේ ඇවෑමෙන්, තමාට අයත් සියලු වස්තුව දෙස නුවණැසින් බලා, ඒ සියලු සම්පත් දාන විෂයෙහි විසුරුවා හැර, සියලු කාම සම්පත් හැර දමා, හිමවතට පිවිස සෘෂි පැවිද්දෙන් පැවිදිව, ධ්‍යාන හා අභිඥා උපදවාගෙන, පසුකලෙක ලුණු ඇඹුල් සේවනය කිරීමේ අටියෙන් මිනිස් පියසට පැමිණ, බරණැස් රජුගේ මගුල් උයනෙහි නවාතැන් ගෙන, වාසය කෙළේය. මේ අතර කිසියම් දවසක සිරියහන් ගැබේ යහන්ගත වූ රජතුමා, මැදියම් රැයේ දී ශබ්ද අටක් ශ්‍රවණය කෙළේය. නැතහොත් හඬවල් අටක් රජුට ඇසුණි. මින් පළමු ශබ්දය කොකකුගේ ය. ඌ රජමාලිගයට නුදුරු තැනෙක පිහිටි උයනෙහි සිට, ශබ්ද කෙළේය. පළමු ශබ්දය නිමවන්නට පෙර ම, ඇත්හලේ තොරණ මත වාසය කරන කපුටියක් ශබ්ද කළාය. තෙවනුව රජුමැදුරේ කර්ණිකාවෙහි (කැණිමඬලෙහි) විසූ, කඳන් පණුවෙක් ශබ්ද කෙළේය. සිව්වැනිව, රජගෙයි ඇති දැඩි කරන කොවුලා ශබ්ද කෙළේය. පස්වනුව ද, රජගෙයි ම වෙසෙන මුවෙක් ශබ්ද කෙළේය. සයවැනිව ද, එහිම ඇති දැඩි කෙරෙන වඳුරෙක් ශබ්ද කෙළේය. සත්වැනිව ද, එහිම ඇති දැඩි කෙරෙන කිඳුරෙක් ශබ්ද කෙළේය. අටවැනිව සත්වැනි ශබ්දය අවසන් වන්නට පෙර ම, රජගෙට ඉහළ අහසින් වඩින, බුදුරජාණන් වහන්සේ නමක්, එක් උදානයක් උදන් අනමින් ශබ්ද කළ සේක.
බාරාණසිරාජා ඉමෙ අට්ඨ සද්දෙ සුත්වා භීතතසිතො පුනදිවසෙ බ්රාහ්මණෙ පුච්ඡි. බ්රාහ්මණා “අන්තරායො තෙ, මහාරාජ, භවිස්සති, සබ්බචතුක්කයඤ්ඤං යජිස්සාමා”ති වත්වා රඤ්ඤා “යථාරුචිතං කරොථා”ති අනුඤ්ඤාතා හට්ඨපහට්ඨා රාජකුලතො නික්ඛමිත්වා යඤ්ඤකම්මං ආරභිංසු. අථ නෙසං ජෙට්ඨකස්ස යඤ්ඤකාරබ්රාහ්මණස්ස අන්තෙවාසී මාණවො පණ්ඩිතො බ්යත්තො ආචරියං ආහ – “ආචරිය, එවරූපං කක්ඛළං ඵරුසං අසාතං බහූනං සත්තානං විනාසකම්මං මා කරී”ති. “තාත, ත්වං කිං ජානාසි, සචෙපි අඤ්ඤං කිඤ්චි න භවිස්සති, මච්ඡමංසං තාව බහුං ඛාදිතුං ලභිස්සාමා”ති. “ආචරිය, කුච්ඡිං නිස්සාය නිරයෙ නිබ්බත්තනකම්මං මා කරොථා”ති. තං සුත්වා සෙසබ්රාහ්මණා “අයං අම්හාකං ලාභන්තරායං කරොතී”ති තස්ස කුජ්ඣිංසු. මාණවො තෙසං භයෙන “තෙන හි තුම්හෙව මච්ඡමංසඛාදනූපායං කරොථා”ති වත්වා නික්ඛමිත්වා බහිනගරෙ රාජානං නිවාරෙතුං සමත්ථං ධම්මිකසමණබ්රාහ්මණං උපධාරෙන්තො රාජුය්යානං ගන්ත්වා බොධිසත්තං දිස්වා වන්දිත්වා “භන්තෙ, කිං තුම්හාකං සත්තෙසු අනුකම්පා නත්ථි, රාජා බහූ සත්තෙ මාරෙත්වා යඤ්ඤං යජාපෙති, කිං වො මහාජනස්ස බන්ධනමොක්ඛං කාතුං න වට්ටතී”ති ආහ. “මාණව, එත්ථ නෙව රාජා අම්හෙ ජානාති, න මයං රාජානං ජානාමා”ති. “ජානාථ පන, භන්තෙ, රඤ්ඤා සුතසද්දානං නිප්ඵත්ති”න්ති? “ආම, ජානාමී”ති. “ජානන්තා රඤ්ඤො කස්මා න කථෙථා”ති? “මාණව කිං සක්කා ‘අහං ජානාමී’ති නලාටෙ සිඞ්ගං බන්ධිත්වා චරිතුං, සචෙ ඉධාගන්ත්වා පුච්ඡිස්සති, කථෙස්සාමී”ති.
බරණැස් රජතුමා මේ ශබ්ද අට ඇසීමෙන් බියෙන් ත්‍රස්තව, පසුදා ඒ ගැන බමුණන් ගෙන්වා ඔවුන්ගෙන් ප්‍රශ්න කෙළේය. බමුණු පඬිවරු රජු අමතා, ‘මහරජතුමනි, ඔබට අනතුරක් ඇති බව පෙනී යයි. එබැවින් අපි ඔබට ‘සර්ව චතුෂ්ක’ යාගය යදින්නෙමු’යි, කියා පැවසූහ. රජතුමාද ‘ඔබ සැමගේ කැමැත්ත අනුව, කටයුතු කරනු මැනවැ’යි බමුණන්ගේ මතයට ඉඩ දී, නිශ්ශබ්ද විය. රජුගේ අනුමැතිය ලැබූ, එයින් තුටු පහටු වූ බමුණෝ, රජගෙදරින් නික්ම ගොස් යාග කර්මයට සූදානම් වූහ. මේ අතර බමුණු පිරිස අතුරින්, ජ්‍යෙෂ්ඨතම නායක බමුණාගේ අතවැසි වූ මානවකයෙක් විය. ඔහු පණ්ඩිත ය. ව්‍යක්තය. සිය ඇදුරුතුමා වෙත ගිය ඒ මානවකයා, ‘ඇදුරුතුමනි, මෙවැනි කර්කශ, නපුරු, නොමිහිරි, බොහෝ සත්ත්වයන්ට විනාශය පමුණුවන, මේ යාග ක්‍රියාව නො කරනු මැනවැ’යි කීයේය. ‘දරුව, නුඹ කුමක්නම්, දැන මෙසේ කියහිද? අපේ මේ ක්‍රියාවෙන් අන් කිසිදු යහපතක් සිදු නොවුණත්, අපට මස් මාංස ද, වෙනත් බොහෝ දෑ ද, ඇති තරම් කන්නට ලැබෙන්නේය.’ ‘ඇදුරුතුමනි, තම බඩ වෙනුවෙන් නිරයෙහි උපදින වැඩ නොකරනු මැනව’ මානවකයාගේ කතාව අසා, සෙසු බ්‍රාහ්මණයෝ, මේ තරුණයා අපට ලැබෙන්නට යන ලාභය විනාශ කරන්නට මෙහි පැමිණි එකෙකැයි, කියා තරුණයා කෙරෙහි, විවිධාකාරයෙන් තම-තමන්ගේ කෝපය ප්‍රකාශ කළහ. බමුණන්ගේ කතාවලින් තැතිගත් මානවකයා, ‘එසේ වී නම්, තෙපි මස් මාංස කෑම සඳහා, උපායන් සෙවීමෙහි ම යෙදෙවු යැ’යි කියා, එතැනින් නික්ම නුවරින් පිටව ගොස්, ‘මේ අපරාධයෙන් රජු වළක්වාලන්නට සමත්කම් ඇති, කිසියම් දැහැමි ශ්‍රමණයෙක් ඇත්දැ’යි සොයමින් සෑමතැන ම ඇවිදින්නට පටන් ගත්තේය. අහම්බෙන් මෙන්, රජුගේ උයන වෙත ගිය මේ තරුණයාට, බෝසතුන් මුණගැසිණි. බෝසත්තුමාට නමස්කාර කළ තරුණයා, ‘ස්වාමීනි, කිමෙක්ද? අහිංසක සත්ත්වයන් කෙරෙහි, ඔබතුමා තුළ අනුකම්පාවක් නැත්තේදැ’යි කියා, ‘ස්වාමීනි, රජතුමා බොහෝ සතුන් මරා, යාගයක් කරවීමට සූදානම් වෙමින් සිටියි. ඉතින් මේ මහා සත්ත්ව ප්‍රජාව, ඒ බන්ධනයෙන් මුදා, ඔවුන්ට යහපතක් කිරීමට, ඔබ උත්සාහ නොගන්නේ මන්දැ’යි කීය. ‘මානවකය, මේ රටේ රජතුමා අප ගැන නො දනියි. අපි දු රජු නො හඳුනන්නෙමු’යි තවුස්තුමා කීයේය. අනතුරුව රජුට අසන්නට ලැබුණු විවිධ වූ ශබ්ද ගැන ද, ඉන්පසු වූ සියලු සිදුවීම් ද, නොවළහා තවුසාට පැවසූ මානවකයා, ‘ස්වාමීනි, අපේ රජතුමාට අසන්නට ලැබුණු මේ ශබ්දයන්ගේ නිෂ්පත්තිය, ඔබතුමා දනිහිදැ’යි ඇසුවේය. ‘එසේය මානවකය, මම එය දනිමි.’ ‘එසේ වී නම්, කුමක් නිසා රජුට එය නොකියාද?’ ‘මානවකය, මම එය කෙසේ නම්, රජුට කියම් ද? මා එය දන්නා බව, නළලෙහි හොරණෑවක් එල්ලාගෙන, එය පිඹිමින් රට පුරා ප්‍රචාරය කිරීමට, කාට නම් පුළුවන් ද? ඉදින් රජු මෙහි පැමිණ, මගෙන් විමසුවහොත්, මම එය ඔහුට කියා දෙන්නෙමැ’යි තාපසතුමා පැවසීය.
මාණවො වෙගෙන රාජකුලං ගන්ත්වා “කිං, තාතා”ති වුත්තෙ “මහාරාජ, තුම්හෙහි සුතසද්දානං නිප්ඵත්තිං ජානනකො එකො තාපසො තුම්හාකං උය්යානෙ මඞ්ගලසිලායං නිසින්නො ‘සචෙ මං පුච්ඡිස්සති, කථෙස්සාමී’ති වදති, ගන්ත්වා තං පුච්ඡිතුං වට්ටතී”ති ආහ. රාජා වෙගෙන තත්ථ ගන්ත්වා තාපසං වන්දිත්වා කතපටිසන්ථාරො නිසීදිත්වා “සච්චං කිර, භන්තෙ, තුම්හෙ මයා සුතසද්දානං නිප්ඵත්තිං ජානාථා”ති පුච්ඡි. “ආම, මහාරාජා”ති. “තෙන හි කථෙථ තං මෙ”ති. “මහාරාජ, තෙසං සුතපච්චයා තව කොචි අන්තරායො නත්ථි , පොරාණුය්යානෙ පන තෙ එකො බකො අත්ථි, සො ගොචරං අලභන්තො ජිඝච්ඡාය පරෙතො පඨමං සද්දමකාසී”ති තස්ස කිරියං අත්තනො ඤාණෙන පරිච්ඡින්දිත්වා පඨමං ගාථමාහ –
තවුසාගේ කතාව අසා සිටි, මානවකයා වේගයෙන් රජමැදුරට ගොස්, රජතුමා බැහැදැක්කේය. එවිට රජතුමා ‘කිමෙක්ද? දරුව’යි, මානවකයාගෙන් ප්‍රශ්න කෙළේය. ‘රජතුමනි, ඔබතුමාට ඇසුණු ශබ්දයන්ගේ නිෂ්පත්තිය දක්නා වූ එක් තාපසතුමෙක්, ඔබේ උයනෙහි මගුල් ගල්තලාවෙහි වැඩ හිඳියි. ඉදින් යමෙක් මාගෙන් ඒ ගැන ඇසුවොත්, මම එය කියා දෙන්නෙමැ’යි, යනු එතුමාගේ අදහසයි. එබැවින් දේවයිනි, එහි ගොස් එතුමාගෙන් මේ ගැන විමසුවොත්, හොඳ නොවේදැ’යි මානවකයා කීයේය. මානවකයාත් කැටුව වේගයෙන් එහි ගිය රජතුමා, තවුසාට වැඳ පිළිසඳර කතා නිමවා පසෙකින් වාඩි වී, ‘ස්වාමීනි, මේ මානවකයා ඔබවහන්සේ ගැන කියන කතාව සත්‍යයක්දැ’යි ඇසීය. ‘එසේය මහරජතුමනි, ඔබට ඇසුණු ඒ ශබ්දයන් ගැන, තොරතුරු මම දනිමි.’ ‘එසේනම් ස්වාමීනි, මට එය කියනු මැනවැ’යි රජතුමා කීයේය. ‘රජතුමනි, එම ශබ්දයන් ඇසීමෙන් ඔබට සිදුවන, කිසිදු අනතුරක් නැත. ඔබතුමාට අයත් පැරණි උද්‍යානයේ, එක් කොකෙක් වාසය කරයි. ගොදුරු ලබා ගැනීමට මගක් නැතිව, බඩසයින් පෙළුණු ඌ පළමු ශබ්දය කෙළේ යැ’යි පැවසූ තවුස්තුමා කොකාගේ ක්‍රියාව ගැන සිය නුවණ මෙහෙයා පිරිසිඳ දැන මෙසේ කීයේය.
“ඉදං පුරෙ නින්නමාහු, බහුමච්ඡං මහොදකං; ආවාසො බකරාජස්ස, පෙත්තිකං භවනං මම; ත්යජ්ජ භෙකෙන යාපෙම, ඔකං න විජහාමසෙ”ති.
ඉදං පුරෙ නින්නමාහු බහුමච්ඡං මහොදිකං, ආවාසො බකරාජස්ස පෙත්තිකං භවනං මම, ත්යජ්ජ භෙකෙන යාපෙම ධකං න විජහාමසෙ
මෙය (මගුල් පොකුණ) පෙර ගැඹුරු යැයි ද, මාලු බොහෝ යැයි ද, ජලය බොහෝ යැයි ද කියති. මෙය මාගේ පියා සතු භවනය යි. කොක් රජුගේ නිවහන යි. අපි අද මැඩියකුගෙන් යැපෙමු. (ඒත්) නිවහන අත් නොහරිමු.
තත්ථ ඉදන්ති මඞ්ගලපොක්ඛරණිං සන්ධාය වදති. සා හි පුබ්බෙ උදකතුම්බෙන උදකෙ පවිසන්තෙ මහොදකා බහුමච්ඡා, ඉදානි පන උදකස්ස පච්ඡින්නත්තා න මහොදකා ජාතා. ත්යජ්ජ භෙකෙනාති තෙ මයං අජ්ජ මච්ඡෙ අලභන්තා මණ්ඩූකමත්තෙන යාපෙම. ඔකන්ති එවං ජිඝච්ඡාය පීළිතාපි වසනට්ඨානං න විජහාම.
මෙහි ‘ඉදං’ යනුවෙන් මගුල් පොකුණ සඳහා කියයි. ‘පෙර ජලමාර්ග වලින් ජලය ලැබෙන කල්හි, එය දියෙන් පිරී, බොහෝ මසුන් ඇතිව තිබුණි. දැන් වනාහි දිය සිඳී ඇති බැවින්, වැඩි ජලයක් නැත’ යන අර්ථයි. ‘ත්යජ්ජ භෙකෙන’ යනු ‘ඒ අපි අද මසුන් නො ලබමින්, මැඩියකුගෙන් යැපෙමු’ යන අර්ථයි. ‘ඔකං’ යනු ‘මෙසේ බඩසයින්’ පෙළුනත්, වාසස්ථානය අත් නොහරිමු’ යන අර්ථයි.
ඉති, මහාරාජ, සො බකො ජිඝච්ඡාපීළිතො සද්දමකාසි. සචෙපි තං ජිඝච්ඡාතො මොචෙතුකාමො, තං උය්යානං සොධාපෙත්‍වා පොක්ඛරණිං උදකස්ස පූරෙහීති. රාජා තථා කාරෙතුං එකං අමච්චං ආණාපෙසි.
මහරජතුමනි, මෙසේ ඒ කොකා බඩසයින් පීඩාවට පත්ව, ශබ්ද කෙළේය. ඉදින් ඌ ඒ කරදරයෙන් මුදා, ඌට ඔබතුමා පිහිටවීමට කල්පනා කරන්නේ නම්, උයන පිරිසිදු කරවා, පොකුණ ජලයෙන් පුරවනු මැනවැ’යි තාපසතුමා කීයේය. රජතුමාද, එය එපරිද්දෙන් කිරීමට එවේලේම, එක් ඇමැතියකුට අණ කෙළේය.
“හත්ථිසාලතොරණෙ පන තෙ, මහාරාජ, එකා කාකී වසමානා අත්තනො පුත්තසොකෙන දුතියං සද්දමකාසි, තතොපි තෙ භයං නත්ථී”ති වත්වා දුතියං ගාථමාහ –
තවදුරටත් කතා කළ තවුස්තුමා ‘රජතුමනි, ඇත්හලේ තොරණ මත එක් කැවිඩියක් වාසය කරමින්, තමාගේ පුත්‍ර ශෝකය දෙවැනි ශබ්දයෙන් ප්‍රකාශ කළාය. එයින් ද, ඔබට වන පීඩාවක් නැතැ’යි, කී තවුසා මෙසේ ද පැවසීය.
“කො දුතියං අසීලිස්ස, බන්ධරස්සක්ඛි භෙච්ඡති; කො මෙ පුත්තෙ කුලාවකං, මඤ්ච සොත්ථිං කරිස්සතී”ති.
2. කවරෙක් දුසිල් ‘බන්ධුරයා’ගේ ඇස අන්ධ කරන්නේද? දෙවනුව, කවරෙක් මාගේ දරුවන්ට ද, කූඩුවට ද, මටද යහපතක් කරන්නේද?
වත්වා ච පන “කො නාම තෙ, මහාරාජ, හත්ථිසාලාය හත්ථිමෙණ්ඩො”ති පුච්ඡි. “බන්ධරො නාම, භන්තෙ”ති. “එකක්ඛිකාණො සො, මහාරාජා”ති? “ආම, භන්තෙ”ති. මහාරාජ, හත්ථිසාලාය තෙ ද්වාරතොරණෙ එකා කාකී කුලාවකං කත්වා අණ්ඩකානි නික්ඛිපි. තානි පරිණතානි කාකපොතකා නික්ඛන්තා, හත්ථිමෙණ්ඩො හත්ථිං ආරුය්හ සාලතො නික්ඛමන්තො ච පවිසන්තො ච අඞ්කුසකෙන කාකිම්පි පුත්තකෙපිස්සා පහරති, කුලාවකම්පි විද්ධංසෙති. සා තෙන දුක්ඛෙන පීළිතා තස්ස අක්ඛිභෙදනං ආයාචන්තී එවමාහ, සචෙ තෙ කාකියා මෙත්තචිත්තං අත්ථි, එතං බන්ධරං පක්කොසාපෙත්වා කුලාවකවිද්ධංසනතො වාරෙහීති . රාජා තං පක්කොසාපෙත්වා පරිභාසිත්වා හාරෙත්වා අඤ්ඤස්ස තං හත්ථිං අදාසි.
අනතුරුව රජු ඇමතූ තාපසයා ‘රජතුමනි, ඔබේ ඇත්හලේ ඇත්ගොව්වා කවරෙක්දැ’යි විචාළේය. ‘ස්වාමීනි, බන්ධුර නමැත්තෙකි.’ ‘රජතුමනි, ඔහු එකැස් කණෙක් ද?’ එසේය ස්වාමීනි, ‘දේවයිනි, ඔබේ ඇත්හලේ දොරටුව සමීපයෙහි ඇති තොරණයෙහි එක් කැවිඩියක් කූඩුවක් කොට, එහි බිත්තර දැම්මාය. ඒවා මෝරන කල්හි, පැටවුන් එළියට නික්මුණි. ඇත්ගොව්වා ඇතා පිට නැගී, ඇත්හලෙන් නික්මෙන විට ද, ඇත්හලට පිවිසෙන විටද, හෙණ්ඩුව කාක් කූඩුවේ ද, පැටවුන්ගේ සිරුරුවල ද වදියි. එයින් කූඩුව ද කැඩී යයි. කැවිඩිය ඒ දුකින් පීඩාවට පත්ව, ඇත්ගොව්වාගේ ඉතිරි ඇසට සාප කරමින්, මේ ශබ්දය කළාය. ඉදින් රජතුමනි, කැවිඩිය, කෙරෙහි මෙත් සිතක් ඔබට වේ නම්, ඔබ ඔය කී බන්ධුර කැඳවා, කපුටු කූඩුවට වන හානිය වළක්වනු මැනවැ’යි, තවුසා කීයේය. රජතුමා ද වහා ඔහු කැඳවා, ඔහුට දොස් කියා තනතුරෙන් ද, ඔහු පහකොට, ඇත්හලට වෙනත් ඇත්ගොව්වකු පත් කෙළේය.
“පාසාදකණ්ණිකාය පන තෙ, මහාරාජ, එකො ඝුණපාණකො වසති. සො තත්ථ ඵෙග්ගුං ඛාදිත්වා තස්මිං ඛීණෙ සාරං ඛාදිතුං නාසක්ඛි, සො භක්ඛං අලභිත්වා නික්ඛමිතුම්පි අසක්කොන්තො පරිදෙවමානො තතියං සද්දමකාසි, තතොපි තෙ භයං නත්ථී”ති වත්වා තස්ස කිරියං අත්තනො ඤාණෙන පරිච්ඡින්දිත්වා තතියං ගාථමාහ –
‘රජතුමනි, ඔබේ මේ රජමැදුරේ එක් කඳන් පණුවෙක් වෙසේ. ඌ එහි දැවවල ඵලය කාගෙන ගොස් එය අවසන් වූ කල්හි, අරටුව හමු වූ මුත්, එය කා දමන්නට අපොහොසත් විය. දැන් ඌට ආහාර ද නැත. එතැනින් නික්මෙන්නට ද, පුළුවන්කමක් නැත. ඒ ගැන සිතා වැලපෙමින්, ඌ මේ තෙවැනි ශබ්දය කෙළේ යැ’යි, පැවසූ තාපසතුමා ‘රජතුමනි, මෙයින් ද ඔබට බියක් නැතැ’යි පවසා, කඳන් පණුවාගේ ක්‍රියාව තම නුවණැසින් විමසා බලා පිරිසිඳ දැන, මෙසේ පැවසීය.
“සබ්බා පරික්ඛතා ඵෙග්ගු, යාව තස්සා ගතී අහු; ඛීණභක්ඛො මහාරාජ, සාරෙ න රමතී ඝුණො”ති.
3. ලීවල යා හැකිතාක් (ගොස්) ඵලය මුළුමනින් කා අවසන් කරන ලදි. මහරජතුමනි, කෑ හැකි දේ අවසන් කළ, කඳපණුවා අරටුවෙහි නොඇලේ.
තත්ථ යාව තස්සා ගතී අහූති යාව තස්සා ඵෙග්ගුයා නිප්ඵත්ති අහොසි, සා සබ්බා ඛාදිතා. න රමතීති “මහාරාජ, සො පාණකො තතො නික්ඛමිත්වා ගමනට්ඨානම්පි අපස්සන්තො පරිදෙවති, නීහරාපෙහි න”න්ති ආහ. රාජා එකං පුරිසං ආණාපෙත්වා උපායෙන නං නීහරාපෙසි.
මෙහි ‘යාව තස්සා ගතී අහූ’ යනු ‘ඒ ඵලයේ කෙළවර යම්තාක්ද? ඒ සියල්ල කන ලදි’ යන අර්ථයි. ‘න රමති’ යනු ‘නොඇලේ’ යන අර්ථයි. ‘මහරජතුමනි, ඒ පණුවා එතැනින් නික්ම යා යුතු අතක් නොදැක, වැලපෙයි.’ යන අර්ථයි.
“නිවෙසනෙ පන තෙ, මහාරාජ, එකා පොසාවනියා කොකිලා අත්ථී”ති? “අත්ථි, භන්තෙ”ති. “මහාරාජ, සා අත්තනා නිවුත්ථපුබ්බං වනසණ්ඩං සරිත්වා උක්කණ්ඨිත්වා ‘කදා නු ඛො ඉමම්හා පඤ්ජරා මුච්චිත්වා රමණීයං වනසණ්ඩං ගච්ඡිස්සාමී’ති චතුත්ථං සද්දමකාසි, තතොපි තෙ භයං නත්ථී”ති වත්වා චතුත්ථං ගාථමාහ –
එබැවින් රජතුමනි, ඒ පණුවා එතැනින් බැහැර කරගනු මැනවැ’යි තවුසා රජුට කීවේය. රජතුමා ද එක් පුරුෂයකුට අණකොට, කිසියම් උපායකින්, පණුවා බේරා ගත්තේය. අනතුරුව රජු ඇමතූ තාපසතුමා ‘මහරජතුමනි, රජගදෙර පෝෂණය කරනු ලබන කෙවිලියක් වේදැ’යි ඇසීය. ‘ස්වාමීනි ඇත.’ ‘රජතුමනි, ඈ පෙර විසූ වන ලැහැබ සිහිකොට, රජගෙදර ගැන කලකිරී, ‘මම කවදානම් මේ කූඩුවෙන් මිදී රමණීය වූ ඒ වන ලැහැබට පෙරළා යන්නෙම්දැ’යි සිව්වැනිව, ශබ්ද කළාය. රජතුමනි, එයින් ද ඔබට වන හානියක් නැත. එබැවින් බිය නොවනු මැනවැ’යි කී තාපසතුමා මේ ගාථාව පැවසීය.
“සා නූනාහං ඉතො ගන්ත්වා, රඤ්ඤො මුත්තා නිවෙසනා; අත්තානං රමයිස්සාමි, දුමසාඛනිකෙතිනී”ති.
4. ‘මම ඒකාන්තයේන රජමැදුරෙන් මිදී, මෙතැනින් පිටව ගොස්, අතුපතර ඇති ගසක් නිවෙස් කොටගෙන, සිත්සේ ඇලී වසන්නෙම්දැ’යි ඈ කීවාය.
තත්ථ දුමසාඛනිකෙතිනීති සුපුප්ඵිතාසු රුක්ඛසාඛාසු සකනිකෙතා හුත්වා. එවඤ්ච පන වත්වා “උක්කණ්ඨිතා, මහාරාජ, සා කොකිලා, විස්සජ්ජෙහි න”න්ති ආහ. රාජා තථා කාරෙසි.
මෙහි ‘දුමසාඛානිකෙතිනී’ යනු ‘මල් පිපුණු ගසෙක අත්තක් මත සාදාගත්, කූඩුවකට වී’ යන අර්ථයි.
“නිවෙසනෙ පන තෙ, මහාරාජ, එකො පොසාවනියො මිගො අත්ථී”ති? “අත්ථි, භන්තෙ”ති. “මහාරාජ, සො එකො යූථපති අත්තනො මිගිං අනුස්සරිත්වා කිලෙසවසෙන උක්කණ්ඨිතො පඤ්චමං සද්දමකාසි, තතොපි තෙ භයං නත්ථී”ති වත්වා පඤ්චමං ගාථමාහ –
මෙසේ පැවසූ තවුසා ‘මහරජතුමනි, ඒ කෝකිලාවිය රජගෙදර ගැන කලකිරීමෙන් වෙසේ. එබැවින් ඈ මුදාහරිනු මැනවැ’යි කීයේය. රජතුමා ද එය එසේම කරවීය. ‘රජතුමනි, ඔබේ මාලිගාවෙහි, ඔබෙන් පෝෂණය වන කිසියම් මුවෙක් වේදැ’යි තවුසා ඇසීය. ‘ස්වාමීනි, ඇත.’ ‘රජතුමනි, ඌ මුව රංචුවෙක නායකයෙකි. ස්වකීය මුවදෙන සිහිකළ ඈ ඇය කෙරෙහි උපන් ආශාව නිසා, රජමැදුර ගැන කලකිරී පස්වැනි ව, ශබ්ද කෙළේය. එයින් ද ඔබට බියක් නැතැ’යි පැවසූ තවුසා මෙසේ ද කීයේය.
“සො නූනාහං ඉතො ගන්ත්වා, රඤ්ඤො මුත්තො නිවෙසනා; අග්ගොදකානි පිස්සාමි, යූථස්ස පුරතො වජ”න්ති.
5. මම ඒකාන්තයෙන් රජමැදුරෙන් මිදී, එයින් පිටව ගොස් රංචුවට ඉදිරියෙන් යමින්, පිරිසිදු ජලය පානය කරන්නෙම්දැ’යි හේ සිතයි.
තත්ථ අග්ගොදකානීති අග්ගඋදකානි, අඤ්ඤෙහි මිගෙහි පඨමතරං අපීතානි අනුච්ඡිට්ඨොදකානි යූථස්ස පුරතො ගච්ඡන්තො කදා නු ඛො පිවිස්සාමීති.
මෙහි ‘අග්ගොදකානි’ යනු ‘අග්ග උදකානි’ යන්නයි. එනම්, අන් මුවන්ට පෙරාතුව ම (කිසිවකු විසින්) නො බොන ලද, නො ඉඳුල් ජලය’ යන අර්ථයි. ‘යූථස්ස පූරතො’ යනු ‘රංචුවට ඉදිරියෙන් ගමන් කරමින්, කවදානම් (පිරිසිදු ජලය) පානය කරන්නෙම්ද?’ යන අර්ථයි.
මහාසත්තො තම්පි මිගං විස්සජ්ජාපෙත්වා “නිවෙසනෙ පන තෙ, මහාරාජ, පොසාවනියො මක්කටො අත්ථී”ති පුච්ඡි. “අත්ථි, භන්තෙ”ති වුත්තෙ “සොපි, මහාරාජ, හිමවන්තපදෙසෙ යූථපති මක්කටීහි සද්ධිං කාමගිද්ධො හුත්වා විචරන්තො භරතෙන නාම ලුද්දෙන ඉධ ආනීතො, ඉදානි උක්කණ්ඨිත්වා තත්ථෙව ගන්තුකාමො ඡට්ඨං සද්දමකාසි, තතොපි තෙ භයං නත්ථී”ති වත්වා ඡට්ඨං ගාථමාහ –
මෙසේ රජුට කරුණු කියා, මුවා ද රජමැදුරෙන් මුදවා හළ බෝසත් තවුසා, ‘මහරජතුමනි, ඔබෙන් පෝෂණය වන වඳුරෙක් රජමැදුරේ ඇත්දැ’යි විචාළේය. ‘ස්වාමීනි, එසේය.’ ‘මහරජතුමනි, ඒ වඳුරා ද, වඳුරු රංචුවකට නායක වී වැඳිරියක් සමග කාමයන්හි ගිජුව වැස, කිසියම් දිනෙක කැලයේ සැරිසරද්දී ‘භාරත’ නම් වූ, වැද්දකුට හසුව ඒ වැද්දා විසින් ම මෙහි ගෙනෙන ලද්දකි. දැන් ඌ මෙහි විසීම ගැන කලකිරී, පෙරළා හිමවතට යනු කැමැත්තෙන් සවැනි ව, ශබ්ද කෙළේය. එයින් ද රජතුමනි, ඔබට බියක් නැතැයි පැවසූ තවුසා මේ සවැනි ගාථාව ප්‍රකාශ කෙළේය.
“තං මං කාමෙහි සම්මත්තං, රත්තං කාමෙසු මුච්ඡිතං; ආනයී භරතො ලුද්දො, බාහිකො භද්දමත්ථු තෙ”ති.
6. රජතුමනි, ඔබට යහපතක් වේවා! ‘බාහික’ රටේ වැසි ‘භාරත’ නම් වූ වැද්දා කාමයන්ගෙන් පිරුණු, රාගයෙන් යුතු, කාමයන්හි මුළාවට පත් ඒ මා (මෙහි) ගෙනාවේය.
තත්ථ බාහිකොති බාහිකරට්ඨවාසී. භද්දමත්ථු තෙති ඉමමත්ථං සො වානරො ආහ, තුය්හං පන භද්දමත්ථු, විස්සජ්ජෙහි නන්ති.
මෙහි ‘බාහිකො’ යනු ‘බාහික රටේ වැසි’ යන අර්ථයි. ‘භද්දමත්ථුතෙ’ යනු ‘ඔබට යහපතක් වේවා! යන මේ අදහස රජු වෙනුවෙන්, වඳුරා කීවේය’ යන අර්ථයි.
මහාසත්තො තං වානරං විස්සජ්ජාපෙත්වා “නිවෙසනෙ පන තෙ, මහාරාජ, පොසාවනියො කින්නරො අත්ථී”ති පුච්ඡිත්වා “අත්ථී”ති වුත්තෙ “සො, මහාරාජ, අත්තනො කින්නරියා කතගුණං අනුස්සරිත්වා කිලෙසාතුරො සද්දමකාසි. සො හි තාය සද්ධිං එකදිවසං තුඞ්ගපබ්බතසිඛරං ආරුහි. තෙ තත්ථ වණ්ණගන්ධරසසම්පන්නානි නානාපුප්ඵානි ඔචිනන්තා පිළන්ධන්තා සූරියං අත්ථඞ්ගතං න සල්ලක්ඛෙසුං, අත්ථඞ්ගතෙ සූරියෙ ඔතරන්තානං අන්ධකාරො අහොසි. තත්ර නං කින්නරී ‘සාමි, අන්ධකාරො වත්තති, අපක්ඛලන්තො අප්පමාදෙන ඔතරාහී’ති වත්වා හත්ථෙ ගහෙත්වා ඔතාරෙසි, සො තාය තං වචනං අනුස්සරිත්වා සද්දමකාසි, තතොපි තෙ භයං නත්ථී”ති තං කාරණං අත්තනො ඤාණබලෙන පරිච්ඡින්දිත්වා පාකටං කරොන්තො සත්තමං ගාථමාහ –
‘දේවයිනි, ඔහු ද මුදනු මැනවැ’යි කී තවුසා වඳුරා මුදවා, ඉන් අනතුරුව ‘රජතුමනි, රජමැදුරෙන් යැපෙන කිඳුරෙක් මෙහි ඇත්දැ’යි රජුගෙන් විචාළේය. ‘ස්වාමීනි, ඇත’ ‘රජතුමනි, මේ කිඳුරා, සිය කිඳුරිය තමාට කළ උපකාර, ඇගේ ගුණවත්කම් සිහිකොට, ඈ කෙරෙහි තණ්හාවෙන්, ආතුර වූවෙකි. ඔහු ඒ හැඟීමෙන් සත්වැනි ශබ්දය කෙළේය. රජතුමනි, මේ කිඳුරා, ඔහුගේ කිඳුරිය සමග එක්දිනක් ‘තුංග’ පර්වතය මුදුනට නැංගේය. එහිදී ඔවුහු වර්ණවත් වූ, සුවඳ විහිදෙන, නන්වැදෑරුම් මල් නෙලමින්, ඒවා පළඳමින්, හිරු අවරට යනතුරු, ඒ ගැන සිහි නොකළහ. හිරු බැස ගිය කල්හි, අඳුර පැතිරුණි. එහිදී කිඳුරා ඇමතූ කිඳුරිය, ‘ස්වාමීනි, අඳුර දැඩිය. නොපැකිලෙමින් සීරුවෙන් බසිනු මැනවැ’යි කියා, ඔහුගේ අතින් අල්ලාගෙන, ගල මතින් බස්සවා ගත්තාය. කිඳුරාට ඇගේ මේ වචනය, කිසිසේත් අමතක කළ නොහැකිය. එබැවින් ඇගේ ඒ වචන සිහිකළ කිඳුරා, සත්වැනිව, ශබ්ද කෙළේය. ‘රජතුමනි, එයින් ද, ඔබට සිදුවන හානියක් නැතැ’යි පැවසූ බෝසත් තවුසා, ඒ කාරණය තමාගේ නුවණැසින් පිරිසිඳ දැන, එය ප්‍රකට කරමින් මෙසේ පැවසුවේය.
“අන්ධකාරතිමිසායං, තුඞ්ගෙ උපරිපබ්බතෙ; සා මං සණ්හෙන මුදුනා, මා පාදං ඛලි යස්මනී”ති.
7. ඇස අඳුරු කරන කරුවලෙහි, තුංග පර්වත මස්තකයේ දී, පය ගලෙහි ඇන නොගන්නැ’යි ඇය මටසිලිටිව, මෘදුව කීවාය.
තත්ථ අන්ධකාරතිමිසායන්ති අන්ධභාවකාරකෙ තමෙ. තුඞ්ගෙති තිඛිණෙ. සණ්හෙන මුදුනාති මට්ඨෙන මුදුකෙන වචනෙන. මා පාදං ඛලි යස්මනීති ය-කාරො බ්යඤ්ජනසන්ධිවසෙන ගහිතො. ඉදං වුත්තං හොති – සා මං කින්නරී සණ්හෙන මුදකෙන වචනෙන “සාමි, අප්පමත්තො හොහි, මා පාදං ඛලි අස්මනි, යථා තෙ උපක්ඛලිත්වා පාදො පාසාණස්මිං න ඛලති, තථා ඔතරා”ති වත්වා හත්ථෙන ගහෙත්වා ඔතාරෙසීති.
මෙහි ‘අන්ධාරතිමිසායං’ යනු ‘අඳ බැව් ඇතිකරන අඳුරෙහි’, යන අර්ථයි. ‘තුංගෙ’ යනු ‘තියුණු මුදුන් ඇති’ යන අර්ථයි. ‘සණ්හෙන මුදුනා’ යනු මටසිලිටි මෘදු වචනයෙන් යන අර්ථයි. ‘මා පාදං ඛණියස්මනී’ යන මෙහි ‘ය’ කාරය ව්‍යඤ්ජන සන්ධි සඳහා යෙදුනකි. මින් කියන ලද අර්ථය මෙයයි. එනම් ඒ කිඳුරිය මටසිලිටි මෘදු වචනයෙන් ‘හිමියනි, පමා නොවන්න. කකුල ගලෙහි හප්පා නොගන්න. යම් සේ ගලේ කකුල හැපී, කොර ගසමින් නොයයිද? එසේ බසිනු මැනවැයි කියා, අතින් අල්ලා ගලින් බස්සවා ගත්තාය’ යන අර්ථයි.
ඉති මහාසත්තො කින්නරෙන කතසද්දකාරණං කථෙත්වා තං විස්සජ්ජාපෙත්වා “මහාරාජ, අට්ඨමො උදානසද්දො අහොසි. නන්දමූලකපබ්භාරස්මිං කිර එකො පච්චෙකබුද්ධො අත්තනො ආයුසඞ්ඛාරපරික්ඛයං ඤත්වා ‘මනුස්සපථං ගන්ත්වා බාරාණසිරඤ්ඤො උය්යානෙ පරිනිබ්බායිස්සාමි, තස්ස මෙ මනුස්සා සරීරනික්ඛෙපං කාරෙත්වා සාධුකීළං කීළිත්වා ධාතුපූජං කත්වා සග්ගපථං පූරෙස්සන්තී’ති ඉද්ධානුභාවෙන ආගච්ඡන්තො තව පාසාදස්ස මත්ථකං පත්තකාලෙ ඛන්ධභාරං ඔතාරෙත්වා නිබ්බානපුරපවෙසනදීපනං උදානං උදානෙසී”ති පච්චෙකබුද්ධෙන වුත්තං ගාථමාහ –
මෙසේ බෝසත් තවුසා, කිඳුරා විසින් කළ ශබ්දයේ අර්ථය, රජුට පැහැදිලි කොට දී, කිඳුරා මුදාහරවා, ‘රජතුමනි, අටවැනි ශබ්දය වූ කලී, ‘උදානයකි. ‘නන්දමූලක’ පර්වත ප්‍රාන්තයෙහි විසූ, එක් පසේබුදුවරයෙක් ස්වකීය ආයු සංස්කාරය නිම වූ බව දැන, මිනිස් පියසට ගොස්, ‘මම බරණැස් රජුගේ උයනෙහි පිරිනිවන් පාන්නෙමි. එවිට රජුගේ පුරුෂයෝ මාගේ ආදාහන කටයුතු සිදුකොට, සාධුකීළන (මලින්, ගඳින් හා සංගීතයෙන් ද, නැටුමෙන් හා ගැයුමෙන් ද, කෙරෙන පූජා විධි) උත්සව පවත්වා, ධාතු පූජා ද සිදුකොට, ස්වර්ග මාර්ගය පාදා ගන්නාහු යැ’යි කල්පනා කොට, සෘද්ධියෙන් පැමිණ ඔබේ ප්‍රාසාදයට ඉහළින් අහසේ ගමන් කරමින්, ස්කන්ධයන්ගේ බර බහා තබා, නිවන්පුර පිවිසීමේ අවස්ථාව පැහැදිලි කරමින්, උදානයක් පැවසුවේ යැ’යි කියා, පසේ බුදුවරුන් විසින් වදාරන ලද ගාථාව, බෝසත් තවුසා මෙසේ ප්‍රකාශ කෙළේය.
“අසංසයං ජාතිඛයන්තදස්සී, න ගබ්භසෙය්යං පුනරාවජිස්සං; අයමන්තිමා පච්ඡිමා ගබ්භසෙය්යා, ඛීණො මෙ සංසාරො පුනබ්භවායා”ති.
8. නිසැකව ජාතිය ක්ෂය කිරීමේ, කෙළවර දුටු (මම) නැවත ගැබක ලැගුම් ගැනීමට නොපැමිණෙන්නෙමි. මේ මාගේ අන්තිම ගර්භ සෙය්‍යාවයි. නැවත ඉපදීමට හේතුවන, මාගේ සංසාරය ක්ෂය විය.
තස්සත්ථො – ජාතියා ඛයන්තසඞ්ඛාතස්ස නිබ්බානස්ස දිට්ඨත්තා ජාතිඛයන්තදස්සී අහං අසංසයං පුන ගබ්භසෙය්යං න ආවජිස්සං, අයං මෙ අන්තිමා ජාති, පච්ඡිමා ගබ්භසෙය්යා, ඛීණො මෙ පුනබ්භවාය ඛන්ධපටිපාටිසඞ්ඛාතො සංසාරොති.
ජාතිය කෙළවර කිරීමේ අන්තය වූ නිවන දුටු බැවින් ‘ජාති ඛයන්තදස්සි’ නම් වූ මම, නිසැකව නැවත ගර්භ සෙය්යාවට, ඇතුළු නොවන්නෙමි. මේ මාගේ අන්තිම ජාතියයි. පශ්චිම ගර්භ සෙය්යාව, ක්ෂය කෙළෙමි. මාගේ පුනර්භවයට හේතුභූත වන, කඳපිළිවෙළ නම් වූ සංසාරය ක්ෂය විය යන අර්ථයි.
“ඉදඤ්ච පන සො උදානං වත්වා ඉමං උය්යානවනං ආගම්ම එකස්ස සුපුප්ඵිතස්ස සාලස්ස මූලෙ පරිනිබ්බුතො, එහි, මහාරාජ, සරීරකිච්චමස්ස කරිස්සාමා”ති මහාසත්තො රාජානං ගහෙත්වා පච්චෙකබුද්ධස්ස පරිනිබ්බුතට්ඨානං ගන්ත්වා සරීරං දස්සෙසි. රාජා තස්ස සරීරං දිස්වා සද්ධිං බලකායෙන ගන්ධමාලාදීහි පූජෙත්වා බොධිසත්තස්ස වචනං නිස්සාය යඤ්ඤං හාරෙත්වා සබ්බසත්තානං ජීවිතදානං දත්වා නගරෙ මාඝාතභෙරිං චරාපෙත්වා සත්තාහං සාධුකීළං කීළිත්වා සබ්බගන්ධචිතකෙ මහන්තෙන සක්කාරෙන පච්චෙකබුද්ධස්ස සරීරං ඣාපෙත්වා ධාතුයො චතුමහාපථෙ ථූපං කාරෙසි. බොධිසත්තොපි රඤ්ඤො ධම්මං දෙසෙත්වා “අප්පමත්තො හොහී”ති ඔවදිත්වා හිමවන්තමෙව පවිසිත්වා බ්රහ්මවිහාරෙසු පරිකම්මං කත්වා අපරිහීනජ්ඣානො බ්රහ්මලොකපරායණො අහොසි.
තාපසතුමා මෙසේ මේ උදානය රජුට පැහැදිලි කොට දී, ‘රජතුමනි, ඒ පසේබුදුරජාණන් වහන්සේ, ඔබේ ප්‍රාසාදයට ඉහළින් ගමන් කරමින්, මේ ගාථාව වදාරා, ඔබේ ම උයනට වැඩ, එක් සුපිපුණු සල්ගසක් මුල, පිරිනිවන් පෑ සේක. ‘එන්න රජතුමින, අපි උන්වහන්සේගේ ආදාහන කටයුතු සිදුකරමු’යි කියා, තාපසතුමා රජු ද කැටුව පසේ බුදුරදුන් පිරිනිවන් පෑ තැනට ගොස්, පසේ බුදුරදුන්ගේ ශරීරය රජුට දැක්වීය. එතුමාගේ ශරීරය දුටු රජතුමා, ස්වකීය බලසේනාවක් කැඳවා, සුවඳින් මලින් පූජා පවත්වා, බෝසතුන්ගේ වචනයට අනුව යාගය අතහැර, සව්සතුන්ට අභය දී, නුවර බෙර හසුරුවා, සතියක් මුළුල්ලෙහි සාධු ක්‍රීඩා උත්සව පවත්වා, සියලු සුවඳ දරවර්ග රැස්කොට, එයින් චිතකයක් නංවා, මහත් වූ සත්කාර සම්මාන සහිතව, පසේබුදුරදුන්ගේ සිරුර දවා, සිව්මංසලක ස්තූපයක් ද කරවීය. බෝසත් තවුස්තුමා ද රජුට බණ දෙසා, ‘අප්‍රමාදීව කටයුතු කරනු මැනවැ’යි ඔවදන් කී, හිමාලයට ම පෙරළා ගොස්, බඹ විහරණයන්ට අනුව කටයුතු කොට, නො පිරිහුණු ධ්‍යාන ඇතිව, ජීවත්ව සිට, පසුකලෙක මියගොස්, බඹලොව උපන්නේය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා “මහාරාජ, තස්ස සද්දස්ස සුතකාරණා තව කොචි අන්තරායො නත්ථී”ති යඤ්ඤං හරාපෙත්වා “මහාජනස්ස ජීවිතං දෙහී”ති ජීවිතදානං දාපෙත්වා නගරෙ ධම්මභෙරිං චරාපෙත්වා ධම්මං දෙසෙත්වා ජාතකං සමොධානෙසි “තදා රාජා ආනන්දො අහොසි, මාණවො සාරිපුත්තො, තාපසො පන අහමෙව අහොසි”න්ති.
බුදුරජාණන් වහන්සේ මේ දම්දෙසුම ගෙනහැර දක්වා, ‘මහරජතුමනි, ඔබට ඇසුණු ශබ්දයන්ගෙන්, ඔබට වන කිසිදු අනතුරක් නැතැ’යි වදාරා, යාගය අත්හරවා, ‘මහජනයාට ජීවිත දානය දෙනු මැනවැ’යි වදාරා, රජු ලවා නුවර බෙර හසුරුවා, සියලු සත්ත්වයන්ට ජීවිත දානය ලබාදීමට කටයුතු සලස්වා, මෙසේ මේ ජාතකය නිමවා වදාළ සේක. එදා රජතුමා නම්, ආනන්ද තෙරණුවෝය. මානවකයා නම්, සැරියුත් තෙරණුවෝය. බෝසත් තවුසා වූ කලී, ‘මම ම යැ’යි බුදුරජාණන් වහන්සේ, තමන් වහන්සේ දක්වා වදාළ සේක.
අට්ඨසද්දජාතකවණ්ණනා දුතියා.