1. කච්චානිජාතකවණ්ණනා 417 අට්ඨකථා
1. කච්චානිජාතකවණ්ණනා (417)
1. කච්චානි ජාතකය (417)
ඔදාතවත්ථා සුචි අල්ලකෙසාති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො අඤ්ඤතරං මාතුපොසකං උපාසකං ආරබ්භ කථෙසි. සො කිර සාවත්ථියං කුලදාරකො ආචාරසම්පන්නො පිතරි කාලකතෙ මාතුදෙවතො හුත්වා මුඛධොවනදන්තකට්ඨදානන්හාපනපාදධොවනාදිවෙය්යාවච්චකම්මෙන චෙව යාගුභත්තාදීහි ච මාතරං පටිජග්ගි. අථ නං මාතා “තාත, තව අඤ්ඤානිපි ඝරාවාසකිච්චානි අත්ථි, එකං සමජාතිකං කුලකුමාරිකං ගණ්හාහි, සා මං පොසෙස්සති, ත්වම්පි අත්තනො කම්මං කරිස්සසී”ති ආහ. “අම්ම, අහං අත්තනො හිතසුඛං අපච්චාසීසමානො තුම්හෙ උපට්ඨහාමි, කො අඤ්ඤො එවං උපට්ඨහිස්සතී”ති? “කුලවඩ්ඪනකම්මං නාම තාත, කාතුං වට්ටතී”ති. “න මය්හං ඝරාවාසෙන අත්ථො, අහං තුම්හෙ උපට්ඨහිත්වා තුම්හාකං ධූමකාලෙ පබ්බජිස්සාමී”ති. අථස්ස මාතා පුනප්පුනං යාචිත්වාපි මනං අලභමානා තස්ස ඡන්දං අග්ගහෙත්වා සමජාතිකං කුලකුමාරිකං ආනෙසි. සො මාතරං අප්පටික්ඛිපිත්වා තාය සද්ධිං සංවාසං කප්පෙසි. සාපි “මය්හං සාමිකො මහන්තෙන උස්සාහෙන මාතරං උපට්ඨහති, අහම්පි නං උපට්ඨහිස්සාමි, එවමස්ස පියා භවිස්සාමී”ති චින්තෙත්වා තං සක්කච්චං උපට්ඨහි. සො “අයං මෙ මාතරං සක්කච්චං උපට්ඨහී”ති තතො පට්ඨාය ලද්ධලද්ධානි මධුරඛාදනීයාදීනි තස්සායෙව දෙති. සා අපරභාගෙ චින්තෙසි “අයං ලද්ධලද්ධානි මධුරඛාදනීයාදීනි මය්හඤ්ඤෙව දෙති, අද්ධා මාතරං නීහරිතුකාමො භවිස්සති, නීහරණූපායමස්සා කරිස්සාමී”ති එවං අයොනිසො උම්මුජ්ජිත්වා එකං දිවසං ආහ – “සාමි, තයි බහි නික්ඛමන්තෙ තව මාතා මං අක්කොසතී”ති. සො තුණ්හී අහොසි.
‘ඔදාතවත්ථා’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථා වස්තුව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවෙසෙන සේක්, සිය මෑණියන් පෝෂණය කළ, එක්තරා උපාසකයකු අරබයා වදාළ සේක. ඔහු වනාහි සැවැත් නුවර වැසි කුලපුත්රයෙකි. ආචාර සම්පන්න වූ ජීවිතයක් ගත කළ ඔහු, තම පියා මියගිය කල්හි, මෑණියන් දේවතාවියක කොට සලකමින්, මුව සෝදන ජලය පිළියෙල කොට දීමෙන්, දැහැටි සකස්කොට දීමෙන්, නෑවීමෙන් හා පා සේදීම් ආදී වූ වතාවත් කිරීමෙන් ද, කැඳ බත් ආදිය සකසා දීමෙන් ද, මෑණියන් පෝෂණය කෙළේය. කිසියම් දිනෙක තම එකම පුතණුවන් ඇමතූ මේ මාතාව, ‘පුතණුවනි, ගිහිගෙයි කටයුතු යනු, මෙපමණක්ම නොවේ. තවත් කළයුතු ම කටයුතු ඇත. එබැවින් සම ජාතික කුලයකින් කිසියම් කුමාරිකාවක පාවා ගනුව. එවිට ඔබට ඔබේ වැඩක් කරගැනීමට එය පහසුවක් වන්නේය. මගේ කටයුතු ඈ බලාගනියි යැයි ද, නිසැකව ම ඈ මා පෝෂණය කරනු ඇතැ’යි ද, කීවාය. ‘මෑණියනි, මම මගේ හිතසුව අපේක්ෂා කරමින් ඔබට උවටැන් කරමි. මා හැර අන් කවරෙක් නම්, මා මෙන් ඔබට මෙසේ උපස්ථාන කරන්නේ ද?’ ‘පුතණුවනි, පරම්පරාවේ දියුණුවට කළයුතුම වැඩ, කෙසේ හෝ කළ යුතුමය.’ ‘මෑණියනි, මේ ගිහිගෙයි විසීමෙන් මට ඇති සෙතක් නැත. එබැවින් මම කවදා නමුත්, ඔබට මෙසේ උපස්ථාන කරමින් සිට, ඔබ නැති කලෙක මින් ඉවත්ව ගොස් පැවිදි වන්නෙමැ’යි, පුතා සිය මෑණියන්ට කීවේය. මාතාව තම පුතාට කොතෙක්දුරට, විවාහය ගැන කරුණු කීවත්, ඔහුගේ සිත ඊට නතු කරගැනීමට අපොහොසත් වූවාය. පුතාගේ කැමැත්ත හා අකමැත්ත, තඹේකට ගණන් නොගත් ඇය, ඉතා හොඳින් සොයා බලා සම ජාතික පවුලකින් කුමාරියක කැන්දා ගෙන ආවාය. තම මෑණියන් තමාගේ කැමැත්ත අකමැත්ත නො විමසා, මේ කසාදය කර දුන් නමුත් ඔහු ඇයගේ සිත තැළෙන වචනයක්වත් නොකියා, සිය මනාලිය සමග යුගදිවිය, එදා පටන් ඇරඹුවේය. තරුණ කුමාරිකාව ද, ‘මගේ සැමියා මහත් උත්සාහයකින් ඔහුගේ මවට උපස්ථාන කරයි. මම ද ඇයට එසේ කළොත්, සැමියා මා වඩාත් ප්‍රිය කරනු ඒකාන්ත යැ’යි සිතා, එදා සිට සැමියාගේ මවට සකසා උවටැන් කරන්නට පටන් ගත්තාය. එය දුටු සැමියා ද, ‘මැය මගේ මෑනියන්ට ඉතා මැනවින් උපස්ථාන කරන්නී නොවේදැ’යි, එතැන් පටන් ගෙනෙන ගෙනෙන මිහිරි කෑම වර්ග සිය බිරිඳගේ අතටම දෙන්නට පුරුදු විය. ඊට පෙර ඔහු ඒ සියලු සැලකිලි දැක්වූයේ, සිය මෑණියන්ටය. මෙසේ කලක් ගතවනවිට ඔහුගේ බිරිඳ, දිනක් ‘මගේ සැමියා නිවසට ගෙනෙන ඕනෑම මිහිරි කෑමක් බීමක් මටම දෙයි. දැන් දැන් ඔහු මෑණියන් ගැන කලකිරුණු සෙයක් පෙනේ. එකත් එකටම මෑණියන් ගෙදරින් බැහැර කිරීමට ඔහු අදහස් කරනවා විය යුතුයැ’යි කල්පනා කොට, මෑණියන් නිවසින් පිටමං කරන තැනට වැඩ සලසන්නෙමැ’යි තීරණය කොට, සිය අනුවණකමින් ඉල්පුණු ඇය, එක් දවසක් සිය සැමියා අමතා, ‘ස්වාමීනි, ඔබ ගෙයින් පිටවෙනවාත් සමගම ඔබේ මව මට බැණ අඬ ගසන්නට පටන් ගනියි යැ’යි සැමියාට කේලමක් කීවාය. ඇගේ කතාවට සැමියා වචනයක්වත් නොකියා, නොඇසූ කන්ව හුන්නේය.
සා චින්තෙසි – “ඉමං මහල්ලිකං උජ්ඣාපෙත්වා පුත්තස්ස පටිකූලං කාරෙස්සාමී”ති. තතො පට්ඨාය යාගුං දදමානා අච්චුණ්හං වා අතිසීතලං වා අතිලොණං වා අලොණං වා දෙති. “අම්ම, අච්චුණ්හා”ති වා “අතිලොණා”ති වා වුත්තෙ පූරෙත්වා සීතොදකං පක්ඛිපති. පුන “අතිසීතලා , අලොණායෙවා”ති වුත්තෙ “ඉදානෙව ‘අච්චුණ්හා, අතිලොණා’ති වත්වා පුන ‘අතිසීතලා, අලොණා’ති වදසි, කා තං තොසෙතුං සක්ඛිස්සතී”ති මහාසද්දං කරොති. න්හානොදකම්පි අච්චුණ්හං කත්වා පිට්ඨියං ආසිඤ්චති. “අම්ම, පිට්ඨි මෙ දහතී”ති ච වුත්තෙ පුන පූරෙත්වා සීතොදකං පක්ඛිපති. “අතිසීතං, අම්මා”ති වුත්තෙ “ඉදානෙව ‘අච්චුණ්හ’න්ති වත්වා පුන ‘අතිසීත’න්ති වදති, කා එතිස්සා අවමානං සහිතුං සක්ඛිස්සතී”ති පටිවිස්සකානං කථෙසි. “අම්ම, මඤ්චකෙ මෙ බහූ මඞ්ගුලා”ති ච වුත්තා මඤ්චකං නීහරිත්වා තස්ස උපරි අත්තනො මඤ්චකං පොථෙත්වා “පොථිතො මෙ”ති අතිහරිත්වා පඤ්ඤපෙති. මහාඋපාසිකා දිගුණෙහි මඞ්ගුලෙහි ඛජ්ජමානා සබ්බරත්තිං නිසින්නාව වීතිනාමෙත්වා “අම්ම, සබ්බරත්තිං මඞ්ගුලෙහි ඛාදිතාම්හී”ති වදති. ඉතරා “හිය්යො තෙ මඤ්චකො පොථිතො, කා ඉමිස්සා කිච්චං නිත්ථරිතුං සක්කොතී”ති පටිවත්වා “ඉදානි නං පුත්තෙන උජ්ඣාපෙස්සාමී”ති තත්ථ තත්ථ ඛෙළසිඞ්ඝාණිකාදීනි විප්පකිරිත්වා “කා ඉමං සකලගෙහං අසුචිං කරොතී”ති වුත්තෙ “මාතා තෙ එවරූපං කරොති, ‘මා කරී’ති වුච්චමානා කලහං කරොති, අහං එවරූපාය කාළකණ්ණියා සද්ධිං එකගෙහෙ වසිතුං න සක්කොමි, එතං වා ඝරෙ වසාපෙහි, මං වා”ති ආහ.
එවිට බිරිඳ මඳක් කල්පනා කොට බලා ‘මම මේ මැහැල්ල කෑ ගස්සවා, පුතාට පිළිකුල් කරවන්නෙමි’යි, අදිටන් කරගත්තාය. එදා පටන් මහලු මෑණියන්ට කැඳ දෙන ලේලිය, කැඳ බඳු ගිනි රස්නය පිටම ඇගේ අත මත තබයි. එසේ නැතහොත් සිසිල් දිය මෙන්, නිවුණු කැඳ ඇයට දෙයි. තවත් විටෙක ලුණු වැඩි කෑම බීම ද, තවත් විටෙක ලුණු නැති ඒවා ද දෙයි. එවැනි අවස්ථාවලදී, මහලු තැනැත්තිය සිය ලේලිය අමතා, ‘දියණියනි, මේවා උණු වැඩියි. මේවා ලුණු වැඩියැ’යි කී කල්හි, ඊට කිසිදු පිළිතුරක් නොදෙන ලේලිය, දිය බඳුනක් ගෙනැවිත් එම කෑම, දිය රස වනතුරු ඊට වත්කරයි. එවැනි අවස්ථාවල ‘දුවේ, දැන් මේවා ඉතා සීතල යැයි ද, දිය රස යැයි දැ’යි, මෑණියන් කීවොත් එකපාරට කඩා පනින ලේලිය, අවට ගෙවල්වලට ද ඇසෙන පරිද්දෙන් ‘මේ දැන් නුඹ උණු වැඩියැයි කියා, එවේලේ ම සීතල වැඩියැයි කියහිද? ලුණු නැතැයි කියා කෑ ගසා, දැන් ලුණු වැඩි යැයි කියහිද? තී සතුටු කිරීමට කාටනම් පුළුවන්දැ’යි, මහත් සේ ඝෝෂා කරයි. මෑණියන් නාවන විටදී ද, ඉතා උණු වැඩි වතුර ඇගේ පිටට හළයි. එවිට මහලු කාන්තාව ‘දුවේ, මගේ පිට පිළිස්සේ යැ’යි කී කල්හි, එවේලේ ම ඇල්වතුර පුරවා පිටට වත්කරයි. එවිට මැහැල්ල ‘දුවේ, ඒ වතුර සීතල වැඩියැ’යි කියයි. එවිට ලේලිය ‘මේ දැන් වතුර උණු වැඩි යැයි කෑ ගැසූ තී, දැන් සීතල වැඩි යැ’යි කෑ ගසහිද? කවුරු නම්, මැගේ මේ අවමන් උසුලත්දැ’යි බැණ අඬ ගසමින්, නිවසෙන් එළියට විත් අසල්වැසියන්ට ද, තම මතය ඒත්තු ගැන්වූවාය. මේ අතර තවත් දවසක මාතාව සිය ලේලියට කතාකොට ‘දුවේ, මගේ ඇඳේ මකුණෝ පිරී ඇතැ’යි කීවාය. එවිට ඇඳ එළියට දැමූ ඇය, තමාගේ ඇඳ ද, එළියට ගෙනවුත් එය ගසා දමා, එහි හුන් සියලු මකුණන් මෑණියන්ගේ ඇඳටම දමා, නැවත ඇඳ ගෙනවුත් තිබූ තැන ම සකස් කොට තබා, එහි නිදාගන්නා ලෙස මැහැල්ලට කීවාය. ඒ මහලු තැනැත්තිය ද, එදා මුළු රෑ ම මකුණන්ගෙන් කරදර විඳිමින්, හිදගෙන ම රෑ පහන් කළාය. උදේ ලේලියට කථා කළ ඈ, ගත වූ රැය පුරා මකුණන්ගෙන් පීඩා විඳි බව, ඇයට කීවාය. ඒ අසා සිටි ලේලිය ‘ඔබේ ඇඳ ඉතා හොඳින් ගසා දමා පිරිසිදු කෙළෙමි. එබැවින් ඔබේ වැඩ ඉවරකොට කෙළවරක් දැකිය හැක්කේ කාටදැ’යි, මැහැල්ලට විරුද්ධව වචන කතා කරමින්, ඉවත්ව ගියාය. එසේ ගිය ඈ ‘මැගේ පුතා ලවා ම මැයට දොස් කියවන්නෙමැ’යි, තීරණය කොටගෙන, තැන තැන කෙළ සොටු විසුරුවා, ඉදුණු කෙස් ගස් ගෙය පුරා තැනින් තැන විසුරුවා, සැමියා නිවසට එන වේලාව සලකා, පැත්තකට වී බලා සිටියාය. මේ අතර ගෙදර ආ සැමියා, ‘මේ මුළු ගෙය ම අපිරිසිදු කෙළේ කවුදැ’යි හඬ නඟා සිය බිරියගෙන් ඇසුවේය. එවිට ඇය ‘ඔබේ මව මිසක් එසේ කරනුයේ වෙන කවුද? මා ඇයට එසේ නොකරනු මැනවැ’යි කී කල්හි, ඇය මා සමග කලහ කෙරේ. එබැවින් ස්වාමි පුත්‍රය, මෙබඳු කාලකණ්ණි ගැහැනියක සමග එකගෙයි වසන්නට නොහැක්කෙමි. එක්කෝ මා මෙහි නවත්වා ගන්න. නැතහොත් ඇය මෙහි රඳවා ගන්නැ’යි සැමියාට ආඩපාලි කීවාය.
සො තස්සා වචනං සුත්වා “භද්දෙ, ත්වං තරුණා යත්ථ කත්ථචි ගන්ත්වා ජීවිතුං සක්කා, මාතා පන මෙ ජරාදුබ්බලා, අහමෙවස්සා පටිසරණං, ත්වං නික්ඛමිත්වා අත්තනො කුලගෙහං ගච්ඡාහී”ති ආහ. සා තස්ස වචනං සුත්වා භීතා චින්තෙසි “න සක්කා ඉමං මාතු අන්තරෙ භින්දිතුං, එකංසෙනස්ස මාතා පියා, සචෙ පනාහං කුලඝරං ගමිස්සං, විධවවාසං වසන්තී දුක්ඛිතා භවිස්සාමි, පුරිමනයෙනෙව සස්සුං ආරාධෙත්වා පටිජග්ගිස්සාමී”ති . සා තතො පට්ඨාය පුරිමසදිසමෙව තං පටිජග්ගි. අථෙකදිවසං සො උපොසකො ධම්මස්සවනත්ථාය ජෙතවනං ගන්ත්වා සත්ථාරං වන්දිත්වා එකමන්තං නිසීදි. “කිං, උපාසක, ත්වං පුඤ්ඤකම්මෙසු න පමජ්ජසි, මාතුඋපට්ඨානකම්මං පූරෙසී”ති ච වුත්තො “ආම, භන්තෙ, සා පන මම මාතා මය්හං අරුචියායෙව එකං කුලදාරිකං ආනෙසි, සා ඉදඤ්චිදඤ්ච අනාචාරකම්මං අකාසී”ති සබ්බං සත්ථු ආචික්ඛිත්වා “ඉති භගවා සා ඉත්ථී නෙව මං මාතු අන්තරෙ භින්දිතුං සක්ඛි, ඉදානි නං සක්කච්චං උපට්ඨහතී”ති ආහ. සත්ථා තස්ස කථං සුත්වා “ඉදානි තාව ත්වං උපාසක, තස්සා වචනං න අකාසි, පුබ්බෙ පනෙතිස්සා වචනෙන තව මාතරං නික්කඩ්ඪිත්වා මං නිස්සාය පුන ගෙහං ආනෙත්වා පටිජග්ගී”ති වත්වා තෙන යාචිතො අතීතං ආහරි.
ඇගේ කතාව මුලසිට මැනවින් අසා සිටි සැමියා, ‘සොඳුර, ඔබ තවම තරුණය. ඔබට කොහේ හෝ ගොස්, ජීවත්වන්නට බැරිකමක් නැත. එහෙත් මගේ මව වයසය. ඇය ඉතා දුබලය. ඇයට මා හැර අන් පිළිසරණක් කොයින්ද? ඒ නිසා, ඔබ මෙහෙන් පිටත්වී යන්න. තමාගේ ගෙදරට ගොස් හොඳින් ජීවත් වන්නැ’යි කීවේය. ඔහුගේ මේ වචනවලින් පුදුමට මෙන්ම, ඉමහත් බියට ද පත් වූ ඇය, ‘මේ මගේ සැමියා මවගෙන් බිඳවන්නට නම්, කිසිදා බැරිය. ඒකාන්ත වශයෙන් ම ඔහුට සිය මෑණියන් ප්‍රියමනාපය. ඉදින් මම අපේ මහගෙදර යන්නෙම් නම්, ස්ථිරවම වැන්දඹුවක් වශයෙන් ජීවත්වෙමින් අපමණ දුක් විඳින්නට සිදුවනු ඇත. එබැවින් ඒ මේ දේවල්, ඔලුවෙන් ඉවත්කොට දමා පෙර පරිද්දෙන් ම නැන්දම්මාට සලකා ගෙන, ඇය පෝෂණය කරමින් ඇගේ සිත් දිනා ගැනීමට කටයුතු කිරීම, නුවණට හුරුයැ’යි කල්පනා කළාය. ඈ එදා පටන් මුල් යුගයේ දී මෙන්, සිය නැන්දණිය පෝෂණය කරන්නට පටන් ගත්තාය. මේ අතර ඇගේ සැමියා බණ ඇසීම සඳහා කිසියම් දිනෙක දෙව්රම් වෙහෙරට ගොස්, බුදුරදුන් වැඳ, එකත්පස්ව හිඳගත්තේය. ‘කිමෙක්ද? උපාසකය, නො පමා ව පින්කම්හි නිරත වෙහිද? මවගේ උපස්ථාන කටයුතු මැනවින් කරහිදැ’යි බුදුරජාණන් වහන්සේ විචාළ සේක. ‘ස්වාමීනි, එසේය. මගේ අම්මා මගේ අකමැත්ත පිට, එක් කුලකතක් ගෙදරට ගෙනාවාය. ස්වාමීනි, ඇය මෑණියන්ට ම, මේ මේ අකටයුතු කළා යැ’යි තරුණයා තම බිරිඳගේ සියලු විස්තර බුදුරදුන් හමුවෙහි ප්‍රකාශකොට, සිත සැහැල්ලු කොටගෙන තවදුරටත් ‘භාග්‍යවතුන් වහන්ස, ඒ මගේ බිරිඳ මෑණියන් කෙරෙහි මා බිඳවන්නට අපොහොසත් වූවාය. දැන් ඇය පෙර මෙන්ම, මෑණියන්ට සකසා උපස්ථාන කරන්නී යැ’යි, පැහැදිලි කෙළේය. ඔහුගේ කතාව අසා සිටි බුදුරජාණන් වහන්සේ, ‘තරුණය, ඔබ මෙදා ඇයගේ කීම ප්‍රතික්ෂේප කොට, තම මෑණියන් රැක ගත්තත්, පෙර ඇගේ කීම විශ්වාස කළ ඔබ, මෑණියන් ගෙදරින් එළියට ඇද දමා, නැවත මාගේ මැදිහත් වීමෙන් ආපසු කැඳවාගෙන එන්නට සමත් වූයෙහිය. එපමණක් නොව ඔබ ඇය මැනවින් රැකබලා ගත්තෙහි යැ’යි ද වදාරා, ඔහුගේ අයැදුමෙන්, මේ අතීත කතාව මෙසේ වදාළ සේක.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ අඤ්ඤතරස්ස කුලස්ස පුත්තො පිතරි කාලකතෙ මාතුදෙවතො හුත්වා වුත්තනියාමෙනෙව මාතරං පටිජග්ගීති සබ්බං හෙට්ඨා කථිතනයෙනෙව විත්ථාරෙතබ්බං . “අහං එවරූපාය කාළකණ්ණියා සද්ධිං වසිතුං න සක්කොමි, එතං වා ඝරෙ වසාපෙහි, මං වා”ති වුත්තෙ තස්සා කථං ගහෙත්වා “මාතුයෙව මෙ දොසො”ති මාතරං ආහ “අම්ම, ත්වං නිච්චං ඉමස්මිං ඝරෙ කලහං කරොසි, ඉතො නික්ඛමිත්වා අඤ්ඤස්මිං යථාරුචිතෙ ඨානෙ වසාහී”ති. සා “සාධූ”ති රොදමානා නික්ඛමිත්වා එකං සමිද්ධකුලං නිස්සාය භතිං කත්වා දුක්ඛෙන ජීවිකං කප්පෙසි. සස්සුයා ඝරා නික්ඛන්තකාලෙ සුණිසාය ගබ්භො පතිට්ඨහි. සා “තාය කාළකණ්ණියා ගෙහෙ වසමානාය ගබ්භම්පි න පටිලභිං, ඉදානි මෙ ගබ්භො ලද්ධො”ති පතිනො ච පටිවිස්සකානඤ්ච කථෙන්තී විචරති.
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, කිසියම් ගමක කුලපුත්‍රයෙක් තම පියා මළ කල්හි මව දේවතාවියක කොට, සලකා මෙහි වර්තමාන කතාවේ කී අයුරින් ම මෑණියන් පෝෂණය කෙළේය. සෙසු සියලු විස්තර ද, වර්තමාන කතාව හා සමානය. මේ කතාවට අනුවද, අලුතින් නිවෙසට කැඳවාගෙන ආ තරුණිය ද, සිය සැමියාට ඔහුගේ මෑණියන් ගැන ගතු කේලාම් කියමින්, ‘මෙබඳු කාලකණ්ණි ගැහැණියක සමග එක්ව වසන්නට මට බැරිය. එක්කෝ මා මෙහි නවත්වා ගනු මැනව. නැතහොත් ඇය නවත්වා ගනු මැනවැ’යි කී කල්හි, ඇයගේ පැත්ත ගත් තරුණයා, ‘මෙය මෑණියන්ගේම වරදෙකැ’යි කල්පනා කොට, ‘මෑණියනි, ඔබ මේ ගෙදර නිතර කලහ කරයි. ඒ නිසා මෙහෙන් නික්ම ගොස්, කැමති තැනක වාසය කරව’යි කීයේය. ඇය ද ‘යහපතැ’යි කියා, පුතුගේ කීම පිළිගත් නමුත්, ගෙයින් එළියට බැස හඬ හඬා, හිතවත් වූ එක් පවුලක් වෙත ගොස්, ඒ ගෙදර නැවතී කුලී වැඩ කරමින්, දුකසේ දිවි ගෙව්වාය. මෙසේ නැන්දම්මා ගෙදරින් පිටව ගොස් නොබෝ කලකින් ම ලේලිය ගැබ් ගත්තාය. එවිට ඒ තරුණිය ‘ඔය කාලකණ්ණිය මේ ගෙයි ඉන්නා තුරාවට මට ගැබක් පිහිටියේ නැත. ඇය ගෙයින් නික්මෙනවාත් සමගම මගේ කුසට දරුවෙක් පැමිණියේ යැ’යි යන මේ කතාව, සිය සැමියාටද, අසල්වැසියන්ටද ප්‍රචාරය කරන්නට පටන් ගත්තාය.
අපරභාගෙ පුත්තං විජායිත්වා සාමිකං ආහ “තව මාතරි ගෙහෙ වසමානාය පුත්තං න ලභිං, ඉදානි මෙ ලද්ධො, ඉමිනාපි කාරණෙන තස්සා කාළකණ්ණිභාවං ජානාහී”ති. ඉතරා “මම කිර නික්කඩ්ඪිතකාලෙ පුත්තං ලභී”ති සුත්වා චින්තෙසි “අද්ධා ඉමස්මිං ලොකෙ ධම්මො මතො භවිස්සති, සචෙ හි ධම්මො මතො න භවෙය්ය, මාතරං පොථෙත්වා නික්කඩ්ඪන්තා පුත්තං න ලභෙය්යුං, සුඛං න ජීවෙය්යුං, ධම්මස්ස මතකභත්තං දස්සාමී”ති. සා එකදිවසං තිලපිට්ඨඤ්ච තණ්ඩුලඤ්ච පචනථාලිඤ්ච දබ්බිඤ්ච ආදාය ආමකසුසානං ගන්ත්වා තීහි මනුස්සසීසෙහි උද්ධනං කත්වා අග්ගිං ජාලෙත්වා උදකං ඔරුය්හ සසීසං න්හත්වා සාටකං නිවාසෙත්වා මුඛං වික්ඛාලෙත්වා උද්ධනට්ඨානං ගන්ත්වා කෙසෙ මොචෙත්වා තණ්ඩුලෙ ධොවිතුං ආරභි. තදා බොධිසත්තො සක්කො දෙවරාජා අහොසි. බොධිසත්තා ච නාම අප්පමත්තා හොන්ති, සො තස්මිං ඛණෙ ලොකං ඔලොකෙන්තො තං දුක්ඛප්පත්තං “ධම්මො මතො”ති සඤ්ඤාය ධම්මස්ස මතකභත්තං දාතුකාමං දිස්වා “අජ්ජ මය්හං බලං දස්සෙස්සාමී”ති බ්රාහ්මණවෙසෙන මහාමග්ගං පටිපන්නො විය හුත්වා තං දිස්වා මග්ගා ඔක්කම්ම තස්සා සන්තිකෙ ඨත්වා “අම්ම, සුසානෙ ආහාරං පචන්තා නාම නත්ථි, ත්වං ඉමිනා ඉධ පක්කෙන තිලොදනෙන කිං කරිස්සසී”ති කථං සමුට්ඨාපෙන්තො පඨමං ගාථමාහ –
කෙසේ නමුත් පසුකලෙක මේ යුවලට පුතකු ලැබිණි. එදින සිය සැමියාට ළඟට කතාකොට ගත් ඇය, ‘ඔබේ අම්මා මේ ගෙයි වසද්දී, මට දරුවකු නො ලැබිණි. ඈ පිටමං වූ කල්හිම, දරුවකු පිළිසිඳුණි. මේ කාරණෙන් ම ඇගේ කාලකණ්ණිකම තේරුම් ගනුව’යි කීවාය. මේ අතර මෑණියන් හට ද, තම ලේලිය දරුවකු වැදූ බවත්, ඉන් අනතුරුව, ඈ ප්‍රචාරය කරමින් යන කතාවත්, දැනගන්නට ලැබුණි. ඒ ආරංචියෙන් පසු, කල්පනාවට වැටුණු ඈ, ‘ඒකාන්තයෙන් ම මේ ලෝකයේ ධර්මය මළා විය යුතුය. ඉදින් එසේ නොවුණා නම්, මවට තළා ගෙයින් ඇද දැමූ එවුන්ට, දරුවකු ලැබෙන්නට විදියක් නැත. සැප සේ ජීවත් වීමට ද, ඉඩක් නොලැබෙන්නේය. එබැවින් මට දැන් කරන්නට ඇත්තේ එකම වැඩෙකි. එනම්, මතක දානයක් දී, මළ ධර්මයට පින් පැමිණවීමයි. මෙසේ තීරණයක් ගත් ඈ කිසියම් දවසක, සූදානම් වී තලපිටි ද, සහල් ද, පිසීමට ගන්නා සැළියක් ද, සැන්දක් ද යන මේ බඩු පොදියක් ගසාගෙන, අමු සොහොනට ගොස්, එහි ලිපක් නොමැති බැවින්, මිනී හිස්කබල් තුනක් ළංකොට, ලිපක් බැඳ ගිනි දල්වා තබා, අසල පිහිටි ජලාශයකට බැස, හිස සිට නහා මුහුණ පමණක් පිසදාගෙන, ලිප ළඟට පැමිණ, කෙස් මුදාහැර, බත් පිසින්නට පටන් ගත්තාය. එකල අප බෝසත් තෙමේ, සක්දෙව් රජව ඉපිද සිටියේය. බෝසත්වරු වූ කලී නිති අප්‍රමාදීව කටයුතු කෙරෙති. ඒ අනුව එවේලෙහි ලොව බලන ශක්‍රයා, ‘ධර්මය මළේ යැ’ යන හැඟීමෙන්, ධර්මය වෙනුවෙන් මතක දානයක් දෙන්නට උත්සාහ ගන්නා ඒ දුප්පත් අම්මා දැක, ‘අද මම මගේ බලය ලෝකයාට පෙන්වන්නෙමැ’යි, බමුණු වෙසක් මවාගෙන, මගියෙකුගේ විලාසයෙන්, ඇය සිටි අමු සොහොන වෙත ගොස්, ඇගේ සමීපයේ සිට ‘මෑණියනි, සොහොනක බත් උයන උදවිය ලොව කොහේවත් නැත. එහෙත් ඔබ පිසින මේ තලමුසු බතින්, කුමක් නම් කරන්නෙහිදැ’යි ඈ හා කතාවට මගක් පාදා ගනිමින්, මෙසේ ද කීයේය.
“ඔදාතවත්ථා සුචි අල්ලකෙසා, කච්චානි කිං කුම්භිමධිස්සයිත්වා; පිට්ඨා තිලා ධොවසි තණ්ඩුලානි, තිලොදනො හෙහිති කිස්සහෙතූ”ති.
ඔදාත වත්ථා සුචි අල්ලකෙසා, කච්චානි ත්වං කුම්හි මධිස්සයිත්වා, පිට්ඨා තිලා ධොවසි තණ්ඩුලානි, තිලොදනො භොභිති කිස්සහෙතු ති
කච්චානිය, සුදුවත් හැඳ, පිරිසිදුව, තෙත් කෙස් ඇතිව, හැළියක් ලිප තබා, පිටිකර ගත් තල ද ඇතිව, හාල් සෝදහි ද? මේ තලමුසු බත කවරකුට කුමක් සඳහා ද?
තත්ථ කච්චානීති තං ගොත්තෙන ආලපති. කුම්භිමධිස්සයිත්වාති පචනථාලිකං මනුස්සසීසුද්ධනං ආරොපෙත්වා. හෙහිතීති අයං තිලොදනො කිස්ස හෙතු භවිස්සති, කිං අත්තනා භුඤ්ජිස්සසි, උදාහු අඤ්ඤං කාරණමත්ථීති.
මෙහි ‘කච්චානි’ යනුවෙන් ඇයට ගෝත්‍ර නාමයෙන් අමතයි. ‘කුම්භිමධිස්සයිත්වා’ යනු ‘පිසන සැළිය, මිනිස් හිස් උඳුන මත තබා’ යන අර්ථයි. ‘හොහිති’ යනු ‘මේ තලමුසු බත, කවර හේතුවකට වන්නේ ද? කිමෙක් ද? තමාට අනුභව කිරීමට ද? නැතිනම්, වෙනත් කරුණක් ඇත්තේද?’ යන අර්ථයි.
අථස්ස සා ආචික්ඛන්තී දුතියං ගාථමාහ –
මේ ප්‍රශ්නයට පිළිතුරු දෙන, ඒ මහලු තැනැත්තිය මෙසේ කීවාය.
“න ඛො අයං බ්‍රාහ්මණ භොජනත්ථා, තිලොදනො හෙහිති සාධුපක්කො; ධම්මො මතො තස්ස පහුත්තමජ්ජ, අහං කරිස්සාමි සුසානමජ්ඣෙ”ති.
2. බමුණ, මැනවින් පිසින ලද මේ තලමුසු බත, කෑම සඳහා නොවේ. ධර්මය මළේය. මම මේ සොහොන්බිම මැද දී, ඒ වෙනුවෙන් මතක දානයක් දෙන්නෙමි.
තත්ථ ධම්මොති ජෙට්ඨාපචායනධම්මො චෙව තිවිධසුචරිතධම්මො ච. තස්ස පහුත්තමජ්ජාති තස්සාහං ධම්මස්ස ඉදං මතකභත්තං කරිස්සාමීති අත්ථො.
මෙහි ‘ධම්මො’ යනු ‘වැඩිහිටියන්ට සැලකීමේ ධර්මය ද, ත්‍රිවිධ සුචරිත ධර්මය ද’ යන අර්ථයි. ‘තස්ස බහුතමජ්ජ’ යනු ‘මම ඒ ධර්මය වෙනුවෙන්, මතක දානයක් දෙන්නෙමි’ යන අර්ථයි.
තතො සක්කො තතියං ගාථමාහ –
ඉක්බිති සක්දෙව් රජ තවදුරටත් කතා කරමින් මෙසේ පැවසුවේය.
“අනුවිච්ච කච්චානි කරොහි කිච්චං, ධම්මො මතො කො නු තවෙව සංසි; සහස්සනෙත්තො අතුලානුභාවො, න මිය්යතී ධම්මවරො කදාචී”ති.
3. ‘මම අතුල්‍ය ආනුභාව ඇති, දහසක් නෙත් ඇති, ශක්‍රයා වෙමි. කච්චානිය, හොඳට විමසා දැන, කටයුතු කරව. කවරෙක් නම් ධර්මය මළේ යැ’යි යන මෙය, ඔබට කීවේද? උතුම් වූ ධර්මය කිසිකලෙකත් නොමැරේ.
තත්ථ අනුවිච්චාති උපපරික්ඛිත්වා ජානිත්වා. කො නු තවෙව සංසීති කො නු තව එවං ආචික්ඛි. සහස්සනෙත්තොති අත්තානං ධම්මවරං උත්තමධම්මං කත්වා දස්සෙන්තො එවමාහ.
මෙහි ‘අනුචිච්ච’ යනු ‘පරීක්ෂා කොට දැන’ යන අර්ථයි. ‘කොනු තවෙතසංසි’ යනු ‘කවරෙක් ඔබට මෙය කීවෙහිද?’ යන අර්ථයි. ‘සහස්සානෙත්තො’ යනු ‘ශක්‍රයා ස්වකීය ධර්මය උත්තම ධර්මය කොට ප්‍රකට කෙරෙමින්, මෙසේ කීයේය යන අර්ථයි.
තං වචනං සුත්වා ඉතරා ද්වෙ ගාථා අභාසි –
ශක්‍රයාගේ ඒ වචන අසා සිටි මහලු අම්මා, මේ ගාථා දෙක ප්‍රකාශ කළාය.
“දළ්හප්පමාණං මම එත්ථ බ්රහ්මෙ, ධම්මො මතො නත්ථි මමෙත්ථ කඞ්ඛා; යෙ යෙව දානි පාපා භවන්ති, තෙ තෙව දානි සුඛිතා භවන්ති.
4. උතුමාණෙනි, මෙහි ලා මේ අදහස මා තදින් ප්‍රමාණකොට ගත්තකි. ‘ධර්මය මළේ ය’ යන මෙහි මට සැකයක් නැත. මෙකල යම් යම් අය පවිටෝ වෙත්ද? දැන් ඒ ඒ අය සැප ඇත්තෝ වෙති.
“සුණිසා හි මය්හං වඤ්ඣා අහොසි, සා මං වධිත්වාන විජායි පුත්තං; සා දානි සබ්බස්ස කුලස්ස ඉස්සරා, අහං පනම්හි අපවිද්ධා එකිකා”ති.
5. මාගේ ලේලිය වඳ තැනැත්තියකි. ඇය මට වද දී, පුතකු ලැබුවාය. ඇය දැන් මුළු පවුලට අධිපතිනිය යි. මම වනාහි, හුදකලාව, අත්හල තැනැත්තියක් වෙමි.
තත්ථ දළ්හප්පමාණන්ති දළ්හං ථිරං නිස්සංසයං බ්‍රාහ්මණ එත්ථ මම පමාණන්ති වදති. යෙ යෙති තස්ස මතභාවෙ කාරණං දස්සෙන්තී එවමාහ. වධිත්වානාති පොථෙත්වා නික්කඩ්ඪිත්වා. අපවිද්ධාති ඡඩ්ඩිතා අනාථා හුත්වා එකිකා වසාමි.
මෙහි ‘දළ්හප්පමාණං’ යනු ‘බමුණ, මෙහිදී දැඩිසේ, ස්ථිර වශයෙන්, නිසැකව, මා ප්‍රමාණ කොට ගත්තෙකැයි කියයි’ යන අර්ථයි. ‘යෙ යෙ’ යනු ‘ධර්මය මළ බවට කරුණු දක්වමින් මෙසේ කීය’ යන අර්ථයි. මෙහි ‘වධිත්වා’ යනු ‘තළා ඇද දමා’, යන අර්ථයි. ‘අපවිද්ධා’ යනු ‘ඉවත දමන ලදුව, අනාථ වී තනිව වසමි’ යන අර්ථයි.
තතො සක්කො ඡට්ඨං ගාථමාහ –
ඉන් අනතුරුව සක්දෙව් රජ, මේ ගාථාව කීය.
“ජීවාමි වොහං න මතොහමස්මි, තවෙව අත්ථාය ඉධාගතොස්මි; යා තං වධිත්වාන විජායි පුත්තං, සහාව පුත්තෙන කරොමි භස්ම”න්ති.
6. මම නො මළෙමි. මම (තව ම) ජීවත් වෙමි. ඔබ වෙනුවෙන් මෙහි පැමිණියෙමි. යම් ගැහැණියක් ඔබට කරදර කොට පුතකු බිහි කළාද? පුතත් සමගම ඇය හළු කරමි.
තත්ථ වොති නිපාතමත්තං.
මෙහි ‘වො’ යනු නිපාතයක් පමණි.
ඉතරා තං සුත්වා “ධී අහං කිං කථෙසිං, මම නත්තු අමරණකාරණං කරිස්සාමී”ති සත්තමං ගාථමාහ –
මේ ඇසූ මහලු කාන්තාව මහත් කලබලයට පත්ව, ‘මම මේ කීවේ කුමක්ද? කෙසේ හෝ මාගේ මුණුබුරා මරණයෙන් මුදා ගන්නා තැනට කටයුතු කරන්නෙමැ’යි සිතා, මෙසේ කීවාය.
“එවඤ්ච තෙ රුච්චති දෙවරාජ, මමෙව අත්ථාය ඉධාගතොසි; අහඤ්ච පුත්තො සුණිසා ච නත්තා, සම්මොදමානා ඝරමාවසෙමා”ති.
7. දේවරජාය, ඔබට රිසි මෙය ද, ඔබ මෙහි පැමිණියේ මා වෙනුවෙන්ද? (එසේ නම්) මම ද, පුතා ද, ලේලිය ද, මුණුබුරා ද සතුටු සිතින්, ගෙදර වෙසෙමු.
අථස්සා සක්කො අට්ඨමං ගාථමාහ –
ඉක්බිති සක්දෙවිඳු ඇයට මෙසේ පැවසුවේය.
“එවඤ්ච තෙ රුච්චති කාතියානි, හතාපි සන්තා න ජහාසි ධම්මං; තුවඤ්ච පුත්තො සුණිසා ච නත්තා, සම්මොදමානා ඝරමාවසෙථා”ති.
8. කච්චානිය, ඔබට රිසි මෙය ද? තැළුම් කෑ ඔබ, ධර්මය අත් නොහළෙහිය. ඔබ ද, පුතා ද, ලේලිය ද, මුණුබුරා ද එකගෙදර සතුටු සිතින් වසවු.
තත්ථ හතාපි සන්තාති යදි ත්වං පොථිතාපි නික්කඩ්ඪිතාපි සමානා තව දාරකෙසු මෙත්තධම්මං න ජහාසි, එවං සන්තෙ යථා ත්වං ඉච්ඡසි, තථා හොතු, අහං තෙ ඉමස්මිං ගුණෙ පසන්නොති.
මෙහි ‘හතාපි සන්තා’ යනු ‘ඉදින් තළා දැමූ, ඇද දැමූ ඔබ, ඔබේ දරුවන් කෙරෙහි මෛත්‍රී ධර්මය අත් නොහරියිද? එසේ ඇතිකල්හි, ඔබේ කැමැත්ත යම් සේ ද? එසේ ම වේවා! මම ඔබේ මේ ගුණයෙහි පැහැදුනෙමි’ යන අර්ථයි.
එවඤ්ච පන වත්වා අලඞ්කතපටියත්තො සක්කො අත්තනො ආනුභාවෙන ආකාසෙ ඨත්වා “කච්චානි ත්වං මා භායි, පුත්තො ච තෙ සුණිසා ච මමානුභාවෙන ආගන්ත්වා අන්තරාමග්ගෙ තං ඛමාපෙත්වා ආදාය ගමිස්සන්ති, අප්පමත්තා හොහී”ති වත්වා අත්තනො ඨානමෙව ගතො. තෙපි සක්කානුභාවෙන තස්සා ගුණං අනුස්සරිත්වා “කහං නො මාතා”ති අන්තොගාමෙ මනුස්සෙ පුච්ඡිත්වා “සුසානාභිමුඛං ගතා”ති සුත්වා “අම්ම, අම්මා”ති සුසානමග්ගං පටිපජ්ජිත්වා තං දිස්වාව පාදෙසු පතිත්වා “අම්ම, අම්හාකං දොසං ඛමාහී”ති තං ඛමාපෙසුං. සාපි නත්තාරං ගණ්හි. ඉති තෙ සම්මොදමානා ගෙහං ගන්ත්වා තතො පට්ඨාය සමග්ගවාසං වසිංසු.
මෙසේ කියා සක්දෙව් රජ, සියලු අබරණින් සැදි ආනුභාව සම්පන්න වූ, තමාගේ ප්‍රකෘති ස්වභාවයෙන්, අහසෙහි පෙනී සිට, ‘කච්චානිය, ඔබ බිය නොවන්න. ඔබේ පුතා ද, ලේලිය ද, මාගේ ආනුභාවයෙන් ඔබ සොයා පැමිණෙමින්, දැන් මහමඟය. ඔවුහු ඔබ සමා කරවාගෙන, ගෙදර කැටුව යන්නාහ. එබැවින් අප්‍රමාදීව කටයුතු කරව’යි, ඇයට උපදෙස් දී, ස්වකීය දෙව්ලොව බලා ගියේය. මේ අතර පුතාගේ ගෙදර උදවිය ද, ශක්‍රයාගේ ආනුභාවයෙන්, සිය මවගේ ගුණ සිහිකොට, ‘අපේ අම්මා කොහිදැ’යි, ගමේ මිනිසුන්ගෙන් ආරංචි කරමින් අවුත්, ඇය සොහොන් බිමට ගිය බව අසා, ‘අම්මා, අම්මා’ කියා කෑගසමින්, සොහොනට යන මගට පිවිස, එහි අවුත් ඇය දැකගත් හැටියේ ම, ඇගේ දෙපා ළඟ වැටී ‘මෑණියනි, අපේ වැරැද්දට සමාවනු මැනවැ’යි කියා, ඈ සමා කරවා ගත්හ. ඇය ද වහා සිය මුණුබුරා වඩා ගත්තාය. මෙසේ අතිශය සතුටට පත්, මේ සියලු දෙනා ගෙදර ගොස්, එතැන් පටන් සමගිව වාසය කළහ. මෙහි යට දැක්වෙන ගාථාව බුදුරජාණන් වහන්සේ විසින් වදාරන ලද්දකි.
“සා කාතියානී සුණිසාය සද්ධිං, සම්මොදමානා ඝරමාවසිත්ථ; පුත්තො ච නත්තා ච උපට්ඨහිංසු, දෙවානමින්දෙන අධිග්ගහීතා”ති. –
9. ඒ කාතියානි (තම) ලේලිය සමග සතුටු සිතින් ගෙයි විසුවාය. ශක්‍රයා විසින් මෙහෙයවන ලද පුතත්, මුණුබුරාත් (ඇයට) උවටැන් කළහ.
අයං අභිසම්බුද්ධගාථා.
තත්ථ සා කාතියානීති භික්ඛවෙ, සා කච්චානගොත්තා. දෙවානමින්දෙන අධිග්ගහීතාති දෙවින්දෙන සක්කෙන අනුග්ගහිතා හුත්වා තස්සානුභාවෙන සමග්ගවාසං වසිංසූති.
මෙහි ‘සා කාතියානි’ යනු ‘මහණෙනි, ඇය කච්චායන ගෝත්‍රයේ තැනැත්තියකි’ යන අර්ථයි. ‘දෙවානමින්දෙන අධිග්ගහීතා’ යනු ‘දෙවියන්ගේ ප්‍රධානියා වූ, ශක්‍රයා විසින් අධිගෘහිත වන ලදුව, ඔහුගේ ආනුභාවයෙන් සමගිව විසූහ’ යන අර්ථයි.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා සච්චානි පකාසෙත්වා ජාතකං සමොධානෙසි, සච්චපරියොසානෙ සො උපාසකො සොතාපත්තිඵලෙ පතිට්ඨහි. තදා මාතුපොසකො එතරහි මාතුපොසකො අහොසි , භරියාපිස්ස තදා භරියායෙව, සක්කො පන අහමෙව අහොසින්ති.
බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා, සත්‍යය ප්‍රකාශකොට, ජාතකය නිමවා වදාළ සේක. දේශනාව අවසානයේ දී, ඒ තරුණ උපාසකයා සෝවාන් ඵලයෙහි පිහිටියේය. එදා මව පෝෂණය කළ තැනැත්තා නම්, මෙදා ද, මව පෝෂණය කළ තැනැත්තා ම ය. ඔහුගේ එදා බිරිය නම්, මෙදා ද ඔහුගේ බිරිය ම ය. සක්දෙව් රජ වූ කලී ‘මම ම යැ’යි බුදුරජාණන් වහන්සේ, තමන් වහන්සේ දක්වා වදාළ සේක.
කච්චානිජාතකවණ්ණනා පඨමා.