යෙදුමෙන් කියවන්න

1. කච‍්චානිජාතකං

1147. ඔදාතවත්‍ථා සුචි අල‍්ලකෙසා කච‍්චානි කිං කුම‍්භිමධිස‍්සයිත්‍වා, පිට‍්ඨා තිලා ධොවසි තණ‍්ඩුලානි තිලොදනො හොහිති කිස‍්ස හෙතු.

1147. කච්චානිය, හැඳි සුදුවත් ඇත්තී පවිත්‍ර වූ තෙතකෙස් ඇත්තී මිනීඔළුවෙන් කළ උදුනෙහි පිසින තලිය තබා තලපිටි බහා සහල් දොවන්නේ කුමට ද? තලබත් කුමට ද?

1148. න ඛො අයං බ්‍රාහ‍්මණ භොජනත්‍ථා තිලොදනො හොහිති සාධුපඤ‍්ඤා, ධම‍්මො මතො තස‍්ස බහූතමජ‍්ජ අහං කරිස‍්සාමි සුසානමජ‍්ඣෙ.

1148. සොඳුරු නුවණැති බමුණ, මේ තලබත අනුභව කිරීම පිණිස නො වේ. ධර්‍මය (වැඩිහිටියන් සැලැකීම හා ත්‍රිවිධ සුචරිතය) මළේ ය. මම සොහොනමැද සිට ඒ ධර්‍මයට මතකබත කරන්නෙමි.

1149. අනුවිච‍්ච කච‍්චානි කරොහි කිච‍්චං ධම‍්මො මතො කොනු තවෙතසංසී, සහස‍්සනෙත‍්තො අතුලානුභාවො න මීයති ධම‍්මවරො කදාචි.

1149. කච්චයානිය, විමසා බලා කටයුතු කරව. ධර්‍මය මළේ යයි තොපට තෙල කීයේ කවරෙක් ද? අසම වූ තෙද ඇති දහසක් නෙත් ඇති (ශක්‍රසංඛ්‍යාත) ශ්‍රේෂ්ඨ ධර්‍මය කිසිකලෙක නො මැරේ යයි කී ය.

1150. දළ‍්හප‍්පමාණං මම එත්‍ථ බ්‍රහ‍්මෙ ධම‍්මො මතො නත්‍ථි මමෙත්‍ථ කඞ‍්ඛා, යෙ යෙවදානි පාපා භවන‍්ති තෙ තෙවදානි සුඛිතා භවන‍්ති.

1150. බමුණ, මෙහි මාගේ දැඩි ප්‍රමාණය යි (හෙවත් විශ්වාසයයි.) මෙහි ලා මට සැකයෙක් නැත. දැන් යම් යම් කෙනෙක් පාපියෝ වෙත් ද ඔවුහු ම සැප ඇත්තෝ වෙත්.

1151. සුණිසා හි මය‍්හං වඤ‍්ඣා අහොසි සා මං වධිත්‍වාන විජායි පුත‍්තං, සාදානි සබ‍්බස‍්ස කුලස‍්ස ඉස‍්සරා අහං පනම‍්භී අපවිද‍්ධා එකිකා.

1151. මාගේ ලෙහෙළි වඳ වූවා ය. ඇය මා තළා පෙළා පුතකු ප්‍රසූත කළා ය. දැන් ඕ තොමෝ ගෙදරට අධිපති වූවා ය. ගෙයින් බැහැර කරන ලද මම තනි ව අනාථ වීමි.

1152. ජීවාමි වොහං නාහං මතොස‍්මි තවෙව අත්‍ථාය ඉධාගතොස‍්මි, යා තං වධිත්‍වාන විජායි පුත‍්තං සහාව පුත‍්තෙන කරොමි භස‍්මං.

1152. මම දිවි ඇත්තෙමි, මම නො මළෙමි, තී නිසා මෙහි පැමිණියෙමි, යම් ස්ත්‍රියක් තොපට හිංසා කොට පුතකු වැදුවා ද පුතා සමග ඇය අළු කරමි යි කී ය.

1153. එතඤ‍්ච තෙ රුච‍්චති දෙවරාජ මමෙව අත්‍ථාය ඉධාගතොසි, අහඤ‍්ච පුත‍්තො සුණිසා ච නත‍්තා සම‍්මොදමානා ඝරමාවසෙම.

1153. ශක්‍රය, මෙය තොපට රුචි වේ. මා නිසා මෙහි පැමිණියෙහි මම ද පුතා ද ලෙහෙළිය ද මුණුබුරා ද සතුටු වෙමින් ගෙහි වසම්හ.

1154. එතඤ‍්ච තෙ රුච‍්චති කාතියානි හතාපි සන‍්තා න ජහාසි ධම‍්මං, තුවඤ‍්ච පුත‍්තො සුණිසා ච නත‍්තා සම‍්මොදමානා ඝරමාවසෙථ.

1154. කච්චානිය, මෙය තොපට රිසි වෙයි, තළනු ලැබූ ද තෙපි පුත්‍රයා කෙරෙහි මෛත්‍රිය නො හළවු ය, තෙපි ද පුතා ද ලෙහෙළිය ද මුණුබුරා ද ප්‍රමුදිත ව වසවු.

1155. සා කාතියානී සුණිසාය සද‍්ධිං සම‍්මොදමානා ඝරමාවසිත්‍වා, සුත‍්තො ච නත‍්තා ච උපට‍්ඨහිංසු දෙවානමින්‍දෙන අධිග‍්ගහීතා’ති.

1155. කච්චාන ගෝත්‍ර ඇති ඕ ලෙහෙළිය සමග සතුටින් ගෙහි වුසූවා ය. දේවේන්‍ද්‍ර වූ ශක්‍රයාගේ රැක්ම ලද පුතා ද මුණුබුරා ද ඇයට උවටන් කළහ.

1. කච‍්චානිජාතකං.

1. කච්චානි ජාතක යි.