11. පරන්තපජාතකං
1140. ආගගමිස්සති මෙ පාපං ආගමිස්සති මෙ භයං, තදා හි චලිතා සාඛා මනුස්සෙන මිගෙන වා.
1140. අනිෂ්ටවූ දෙයක් මට එන්නේ ය. මට බියක් එන්නේ ය. (යම්හෙයෙකින්) එකල්හි අත්ත මිනිසකු විසින් හෝ මෘගයකු විසින් හෝ සෙලැවිණි.
1141. භීරුයා නූන මෙ කාමෙ අවිදූරෙ වසන්තියා, කරිස්සති කිසං පණ්ඩුං සාව සාඛා පරන්තපං.
1141. බියවන ස්වභාව ඇති නුදුරෙහි වසන මගේ බැමිණිය නිසා මට කාමසිතුවිලි උපදී ද, පරන්තප දාසයා බිය කළ ඒ අත්ත මෙන් මා කෘශ වූ පඬු පැහැය ඇත්තකු කරන්නේ ය.
1142. සොචයිස්සති මං කන්තා ගාමෙ වසමනින්දිතා, කරිස්සති කිසං පණ්ඩුං සාව සාඛා පරන්තපං.
1142. මාගේ ප්රිය වූ බිරිඳ ගමේ වසන්නී අනින්දිත වූවා උතුම් රූ ඇත්තී මා ශෝක කරවා වියළවන්නී ය. පරන්තපයා බිය කළ ඒ අත්ත මෙන් මා කෘශ වූවකු ද පඬුපැහැ ඇත්තකු ද කරන්නේ ය.
1143. තයා මං හසිතාපඞ්ගි මිහිතානි භණිතානි ච, කිසං පණ්ඩුං කරිස්සන්ති සාව සාඛා පරන්තපං.
1143. කළු ඇස්කෙළවර ඇත්තී ය, තී පවත්වන මන්දස්මිතය ද මධුර කථා ද පරන්තපයා බිය කළ ඒ අත්ත මෙන් මා කෘශ වූවකු ද පඬුපැහැ ඇත්තකු ද කරන්නේ ය.
1144. ආගමා නූන සො සද්දො අසංසි නූන සො තව, අක්ඛාතං නූන තං තෙන යොතං සාඛමකම්පයී.
1144. ඒ ශාඛා ශබ්දය තා කරා ආයේ යයි සිතමි. ඒ ශබ්දය තොපට දැනුම්දෙන ලදැ යි සිතමි, යමෙක් ඒ අත්ත සෙලැවී ද හේ පියා මැරූ හේතුව කියන ලද යි සිතමි.
1145. ඉදං ඛො ත්වං සමාගම්ම මම බාලස්ස චින්තිතං, තදාහි චලිතා සාඛා මනුස්සෙන මිගෙන වා.
1145. බාල වූ මා සිතූ දෙය තා වෙත පැමිණියේ ය. එකලැ සෙලවුණු අත්ත මිනිසකු හෝ මෘගයකු හෝ සෙලවූයේ දැ යි නො පැනිණි.
1146. තථෙව ත්වං අවෙදෙසි අවඤ්චි පිතරං මම, හන්ත්වා සාඛාහි ඡාදෙන්තො ආගමිස්සති මෙ භය’න්ති.
1146. තෝ මාගේ පියා මැරුයෙහි ය, මරා අතුවලින් වසමින් එබඳු බියක් එන්නේ යයි දෑනගත්තෙහි යයි.
11. පරන්තපජාතකං.
11. පරන්තප ජාතක යි.
ගන්ධාරවග්ගො දුතියො
දෙවන ගන්ධාර වර්ග යි.
තස්සුද්දානං:
එහි උද්දානය:
වරගාම මහාකපි භග්ගව ච දළ්හධම්ම සකුඤ්ජර කෙසවරො, උරගො විධුරො පුන ජාගරතා අථ කොසලාධිප පරන්තපෙන ච.
ගන්ධරජාතක (වරගාම) යැ මහාකපිජාතක යැ කුම්භකාරජාතක (භග්ගව) යැ දළභධම්මජාතක යැ සෝමදත්තජාතක (කුක්කුර) යැ සුසීමජාතක (කේස) යැ කොටිසිම්බලිජාතක (උරග) යැ ධූමකාරි ජාතක (විධුර) යැ ජාගරජජාතක යැ කුම්මාසපිණ්ඩජාතක යැ පරන්තප ජාතක යැ යි දසයෙකි.
සත්තකනිපාතං නිට්ඨිතං.
සත්තක නිපාතය නිමි.
තත්ර වග්ගුද්දානං:
එහි වර්ග උද්දානය:
අථ සන්ත නිපාතම්හි වග්ගං මෙ භණතො සුණ, කුක්කු ච පුන ගන්ධාරො ද්වෙ ව මුත්තා මහෙසිනා.
සත්තකනිපාතයෙහි කුක්කුවර්ග යැ ගන්ධාරවර්ග යැ යී වර්ග දෙකක් මැ මහර්ෂි වූ බුදුරජුන් විසින් වදාරන ලදහ.