යෙදුමෙන් කියවන්න

11. පරන‍්තපජාතකවණ‍්ණනා 416 අට‍්ඨකථා

11. පරන‍්තපජාතකවණ‍්ණනා (416)

11. පරන්තප ජාතකය (416)

ආගමිස‍්සති මෙ පාපන‍්ති ඉදං සත්‍ථා වෙළුවනෙ විහරන‍්තො දෙවදත‍්තස‍්ස වධාය පරිසක‍්කනං ආරබ‍්භ කථෙසි. තදා හි ධම‍්මසභායං කථං සමුට‍්ඨාපෙසුං “ආවුසො, දෙවදත‍්තො තථාගතස‍්ස මාරණත්‍ථමෙව පරිසක‍්කති, ධනුග‍්ගහෙ පයොජෙසි, සිලං පවිජ‍්ඣි, නාළාගිරිං විස‍්සජ‍්ජාපෙසි, තථාගතස‍්ස විනාසත්‍ථමෙව උපායං කරොතී”ති. සත්‍ථා ආගන‍්ත්‍වා “කාය නුත්‍ථ, භික‍්ඛවෙ, එතරහි කථාය සන‍්නිසින‍්නා”ති පුච‍්ඡිත්‍වා “ඉමාය නාමා”ති වුත‍්තෙ “න, භික‍්ඛවෙ, ඉදානෙව, පුබ‍්බෙපෙස මම වධාය පරිසක‍්කි, තාසමත‍්තම‍්පි පන කාතුං අසක‍්කොන‍්තො අත‍්තනාව දුක‍්ඛං අනුභොසී”ති වත්‍වා අතීතං ආහරි.

‘ආගමිස්සති මෙ පාපං’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථා වස්තුව බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩවාසය කරන සේක්, දෙව්දතුන්ගේ නපුරු ක්‍රියාවක් නිමිති කොටගෙන වදාළ සේක. එකල දම්සභාවෙහි රැස් වූ භික්‍ෂූහු, සෙසු භික්‍ෂූන් අමතා ‘ඇවැත්නි, දෙව්දත් තෙමේ තථාගතයන් වහන්සේ ඝාතනය කිරීම සඳහා ම උත්සාහ ගත්තේ ය. එක්වරක් ඒ වෙනුවෙන් දුනුවායන් යෙදවීය. තවත් විටෙක ගල් පෙරළුවේ ය. තවත් අවස්ථාවක නාලාගිරි හස්ති රාජයා ඉදිරියට මුදා හළේය. මෙසේ තථාගතයන් වහන්සේගේ විනාශය සඳහාම උපා යෙදුවේ යැ’යි සාකච්ඡා කරමින් හුන්හ. එවිට එතැනට වැඩි බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් සාකච්ඡා කළ කරුණු ඔවුන්ගෙන්ම අසා දැන, ‘මහණෙනි, දෙව්දත් තෙමේ මට වද දීමට උත්සාහ කෙළේ දැන් පමණක් නොවේ. පෙර ද එසේ කොට, මට අල්පමාත්‍ර වූ තැති ගැනීමක්වත් ඇති කිරීමට ඔහු අපොහොසත් වූයේ යැ’යි, වදාරා ‘ඒ හේතුව නිසා ඔහුම දුක් වින්දේ යැ’යි, පැහැදිලි කරමින් ඊට සාධක වශයෙන් මේ අතීත කථාව මෙසේ වදාළ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො තස‍්ස අග‍්ගමහෙසියා කුච‍්ඡිම‍්හි නිබ‍්බත‍්තිත්‍වා වයප‍්පත‍්තො තක‍්කසිලායං සබ‍්බසිප‍්පානි සික‍්ඛි, සබ‍්බරුතජානනමන‍්තං උග‍්ගණ‍්හි. සො ආචරියස‍්ස අනුයොගං දත්‍වා බාරාණසිං පච‍්චාගච‍්ඡි, පිතා තං ඔපරජ‍්ජෙ ඨපෙසි. කිඤ‍්චාපි ඔපරජ‍්ජෙ ඨපෙති, මාරාපෙතුකාමො පන නං හුත්‍වා දට‍්ඨුම‍්පි න ඉච‍්ඡි. අථෙකා සිඞ‍්ගාලී ද‍්වෙ පොතකෙ ගහෙත්‍වා රත‍්තිං මනුස‍්සෙසු පටිසල‍්ලීනෙසු නිද‍්ධමනෙන නගරං පාවිසි. බොධිසත‍්තස‍්ස ච පාසාදෙ සයනගබ‍්භස‍්ස අවිදූරෙ එකා සාලා අත්‍ථි, තත්‍ථෙකො අද‍්ධිකමනුස‍්සො උපාහනා ඔමුඤ‍්චිත්‍වා පාදමූලෙ භූමියං ඨපෙත්‍වා එකස‍්මිං ඵලකෙ නිපජ‍්ජි, න තාව නිද‍්දායති. තදා සිඞ‍්ගාලියා පොතකා ඡාතා විරවිංසු. අථ තෙසං මාතා “තාතා, මා සද‍්දං කරිත්‍ථ, එතිස‍්සා සාලාය එකො මනුස‍්සො උපාහනා ඔමුඤ‍්චිත්‍වා භූමියං ඨපෙත්‍වා ඵලකෙ නිපන‍්නො න තාව නිද‍්දායති, එතස‍්ස නිද‍්දායනකාලෙ එතා උපාහනා ආහරිත්‍වා තුම‍්හෙ ඛාදාපෙස‍්සාමී”ති අත‍්තනො භාසාය ආහ. බොධිසත‍්තො මන‍්තානුභාවෙන තස‍්සා භාසං ජානිත්‍වා සයනගබ‍්භා නික‍්ඛම‍්ම වාතපානං විවරිත්‍වා “කො එත්‍ථා”ති ආහ. “අහං, දෙව, අද‍්ධිකමනුස‍්සො”ති. “උපාහනා තෙ කුහි”න‍්ති? “භූමියං, දෙවා”ති. “උක‍්ඛිත්‍වා ඔලම‍්බෙත්‍වා ඨපෙහී”ති. තං සුත්‍වා සිඞ‍්ගාලී බොධිසත‍්තස‍්ස කුජ‍්ඣි.

පෙර බරණැස් නුවර බඹදත් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, අප බෝසත් තෙමේ රජුගේ අගමෙහෙසියගේ කුසෙහි ඉපිද නිසිවියට පත්ව තක්‍ෂිලාවට ගොස් සියලු ශිල්ප උගෙන, ඊට අමතරව සියලු සතුන්ගේ හඬ හා ශිල්ප උගෙන අවසානයේදී, සිය ගුරුවරයාගේ පරීක්‍ෂණයට ද පෙනී සිට, ඉන් අනතුරුව බරණැස් නුවර බලා පැමිණිායේය. රජතුමා සිය උගත් පුතණුවන් යුවරජ තනතුරෙහි තැබුවේය. වෙනත් අයුරකින් කියතොත්, රජුට කුමරු වෙනුවෙන් එය කරන්නට සිදුවුණි. තම පුත් කුමරා කෙරෙහි රජුට කිසිදු ප්‍රසාදයක් තිබුණේ නැත. පුතු මැරවීමට සිතා සිටි පිය රජතුමා, කුමරාගේ දර්ශනය ද පිළිකුල් කෙළේය. මේ අතර කිසියම් දිනෙක එක් සිවලියක් ස්වකීය පැටවුන් දෙදෙනා ද ගෙන, රාත්‍රියෙහි මිනිසුන් නිදි ගත් කල්හි, කිසියම් කාණුවකින් ඇතුල් නුවරට පිවිසුණාය. බෝසත් කුමරාගේ හෙවත් යුවරජතුමාගේ ප්‍රාසාදයෙහි යහන්ගැබට නුදුරෙන් කිසියම් ශාලාවක් ඇත. එහි එක් දුප්පත් මිනිසෙක්, සිය පාවහන් මුදා, පාමුල බිම තබා, කිසියම් ලෑල්ලක් මත වැද හොත්තේය. එහෙත් ඔහුට නින්ද ගියේ නැත. මේ අතර ඉහත කී සිවලියගේ පැටව් බඩගින්නෙන් කෑගැසූහ. ඒ ඇසූ සිවලිය ‘දරුවනි, ශබ්ද නොකරවු. මේ ශාලාවෙහි එක් මිනිසෙක් පාවහන් මුදා බිම තබා, ලෑල්ලක ඇල වී හිඳියි. එහෙත් ඔහුට තවමත් නින්ද ගියේ නැත. මේ මිනිසා නිදාගත් පසු, ඔහුගේ පාවහන් ගෙනවුත් තොපට කවන්නෙමි’යි, සිවල් භාෂාවෙන් කීවාය. බෝසත් තෙමේ තමා උගත් මන්ත්‍රයේ ආනුභාවයෙන් සිවලිය කී කථාව තේරුම් ගෙන, යහන්ගැබින් නික්ම ජනේලය විවෘතකොට ඔය ශාලාවේ කවරෙක් හිඳීදැ’යි ඇසීය. ‘දේවයිනි, මම - දුප්පත් මිනිසෙක්මි. මම මෙහි හිඳිමි’යි ඉහත කී පුරුෂයා උත්තර දුන්නේය. ‘පුරුෂය, නුඹේ පාවහන් යුවල කොහිද?’ ‘දේවයිනි, එය මා ළඟම බිම ඇතැ’යි, මිනිසා උත්තර දුන්නේය. ‘පුරුෂය, වහා නැගිට ඒ පාවහන් යුවල, උස්තැනෙක එල්ලා තබා නිදාගනුව’යි, බෝසත් යුවරජතුමා ඒ දුප්පත් මිනිසාට දැනුම් දුන්නේය. මේ කථාව අසා සිටි සිවලිය බෝසතුන් කෙරෙහි කිපී, වෛර බැඳගත්තාය.

පුන එකදිවසං සා තථෙව නගරං පාවිසි. තදා චෙකො මත‍්තමනුස‍්සො “පානීයං පිවිස‍්සාමී”ති පොක‍්ඛරණිං ඔතරන‍්තො පතිත්‍වා නිමුග‍්ගො නිරස‍්සාසො මරි. නිවත්‍ථා පනස‍්ස ද‍්වෙ සාටකා නිවාසනන‍්තරෙ කහාපණසහස‍්සං අඞ‍්ගුලියා ච මුද‍්දිකා අත්‍ථි. තදාපි සා පුත‍්තකෙ “ඡාතම‍්හා, අම‍්මා”ති විරවන‍්තෙ “තාතා, මා සද‍්දං කරිත්‍ථ, එතිස‍්සා පොක‍්ඛරණියා මනුස‍්සො මතො, තස‍්ස ඉදඤ‍්චිදඤ‍්ච අත්‍ථි, සො පන මරිත්‍වා සොපානෙයෙව නිපන‍්නො, තුම‍්හෙ එතං මනුස‍්සං ඛාදාපෙස‍්සාමී”ති ආහ. බොධිසත‍්තො තං සුත්‍වා වාතපානං විවරිත්‍වා “සාලාය කො අත්‍ථී”ති වත්‍වා එකෙනුට‍්ඨාය “අහං, දෙවා”ති වුත‍්තෙ “ගච‍්ඡ එතිස‍්සා පොක‍්ඛරණියා මතමනුස‍්සස‍්ස සාටකෙ ච කහාපණසහස‍්සඤ‍්ච අඞ‍්ගුලිමුද‍්දිකඤ‍්ච ගහෙත්‍වා සරීරමස‍්ස යථා න උට‍්ඨහති, එවං උදකෙ ඔසීදාපෙහී”ති ආහ. සො තථා අකාසි. සා පුනපි කුජ‍්ඣිත්‍වා “පුරිමදිවසෙ තාව මෙ පුත‍්තකානං උපාහනා ඛාදිතුං න අදාසි, අජ‍්ජ මතමනුස‍්සං ඛාදිතුං න දෙති, හොතු, ඉතො දානි තතියදිවසෙ එකො සපත‍්තරාජා ආගන‍්ත්‍වා නගරං පරික‍්ඛිපිස‍්සති. අථ නං පිතා යුද‍්ධත්‍ථාය පෙසෙස‍්සති, තත්‍ර තෙ සීසං ඡින්‍දිස‍්සන‍්ති, අථ තෙ ගලලොහිතං පිවිත්‍වා වෙරං මුඤ‍්චිස‍්සාමි. ත්‍වං මයා සද‍්ධිං වෙරං බන්‍ධසි, ජානිස‍්සාමී”ති විරවිත්‍වා බොධිසත‍්තං තජ‍්ජෙත්‍වා පුත‍්තකෙ ගහෙත්‍වා නික‍්ඛමති.

නැවත වෙනත් දිනෙක, ඒ සිවලිය පෙර ක්‍රමයට ම නුවරට ඇතුළු විය. එදින එක් බීගත් මිනිසෙක් මත්ව, පිපාසය සෑදී ‘පැන් බොන්නෙමි’ යි සිතා, සමීපයෙහි තිබූ පොකුණකට බැස ගත්තේය. පය ලිස්සා ගිය ඔහු පොකුණට වැටී වතුරෙහි ගිලී, ඉන් මිදීමට උත්සාහයක් ගත නොහැකිවම එහිම මිය ගියේය. ඒ මියගිය මිනිසා සළු දෙකක් හැඳ සිටියේය. ඔහුගේ සාක්කුවක කහවණු දහසක් ද, එක් ඇඟිල්ලක මුද්දක් ද තිබුණි. එදා ද සිවල් පැටවු බඩගින්නෙන් හඬන කල්හි, සිවලිය ‘දරුවනි, ශබ්ද නොකරවු. අර පොකුණෙහි මළ මිනියක් ඇත. ඔහු ළඟ මේ මේ දේවල් ද ඇත. ඒ මිනිසා පොකුණට බසින පඩිපෙළෙහි වතුරෙන් යට වූ කොටසෙහි දී ම, මියගොස් වැතිර හිඳී. තොපට මම, ඒ මළ මිනියේ මස් කවන්නෙමි. එතෙක් නාඬා සිටිවු’ යැයි කීවාය. බෝසත් යුවරජු, සිවලියගේ කථාව අසා, සිදු වී ඇති සියල්ල මැනවින් තේරුම්ගෙන, ජනේලය විවෘත කොට බලා ‘ඔය ශාලාවෙහි කවරෙක් සිටීදැ’යි හඬ නඟා ඇසීය. එහිදී, ශාලාවේ හුන් කිසිවෙක්, ‘දේවයිනි, මම මෙහි හිඳිමි’යි කීයේය. ‘එසේ නම්, ඉදිරිපිට ඇති පොකුණ වෙත යව. එහි මළ සිරුරක් ද, සළුද, සළු අතර කහවණු දහසක් ද, මළසිරුරේ ඇඟිල්ලක එක් මුදුවක් ද ඇත. ඒ සියල්ල ගෙන, මිනිය කිසිවෙකුට ඉවතට ඇදගත නොහැකි වන පරිද්දෙන්, දියෙහි ගිල්වා තබව’යි යුවරජතුමා අණ කෙළේය. එකී පුරුෂයා ද, එය එසේ ම කෙළේය. එවිට සිවලිය යුවරජු කෙරෙහි කිපී, ‘මීට කලින් දිනෙක මගේ දරුවන්ට, හම් සෙරෙප්පුවක් කා බඩගිනි නිවා ගැනීමට, මේ මිනිසා ඉඩ නො දුන්නේය. අද මේ මළමිනිය කන එකට, ඔහු විරුද්ධ විය. කමක් නැත. තව දින තුනකින් මේ රට ආක්‍රමණය කිරීමට කිසියම් සතුරු රජෙක් පැමිණ, මේ නුවර වටලන්නේය. එවිට මහරජතුමා, මේ යුවරජු සතුරු රාජයා සමග යුධ වදිනු සඳහා, පිටත් කොට හරින්නේය. එහිදී මොහු, හිස සිඳී බිම වැටෙනු ඒකාන්තය. එවිට මම, ඒ තගේ ගලලෝහිතය (ගෙලෙන් වැගිරෙන ලේ) පානය කොට, වෛරය පිරිමසා ගන්නෙමි. මා සමග වෛර බැඳගත් තා ගැන, මම බලාගන්නෙමැ’යි කෑගසා, බෝසත් යුවරජුට මෙසේ තර්ජනය කළාය. අනතුරුව තම දරුවන් ද, කැටුව සිවලිය යන්නට ගියාය. සිවලියගේ ඒ කථාවෙන් කියවුණු තොරතුරු, යුවරජතුමා මැනවින් තේරුම් ගෙන නිශ්ශබ්ද විය.

තතියදිවසෙ එකො සපත‍්තරාජා ආගන‍්ත්‍වා නගරං පරිවාරෙසි. රාජා බොධිසත‍්තං “ගච‍්ඡ, තාත, තෙන සද‍්ධිං යුජ‍්ඣා”ති ආහ. “මයා, දෙව, එකං දිට‍්ඨං අත්‍ථි, ගන‍්තුං න විසහාමි, ජීවිතන‍්තරායං භායාමී”ති. “මය‍්හං තයි මතෙ වා අමතෙ වා කිං, ගච‍්ඡාහෙව ත්‍ව”න‍්ති? සො “සාධු, දෙවා”ති මහාසත‍්තො පරිසං ගහෙත්‍වා සපත‍්තරඤ‍්ඤො ඨිතද‍්වාරෙන අනික‍්ඛමිත්‍වා අඤ‍්ඤං ද‍්වාරං විවරිත්‍වා නික‍්ඛමි. තස‍්මිං ගච‍්ඡන‍්තෙ සකලනගරං තුච‍්ඡං විය අහොසි. සබ‍්බෙ තෙනෙව සද‍්ධිං නික‍්ඛමිංසු. සො එකස‍්මිං සභාගට‍්ඨානෙ ඛන්‍ධාවාරං නිවාසෙත්‍වා අච‍්ඡි. රාජා චින‍්තෙසි “උපරාජා නගරං තුච‍්ඡං කත්‍වා බලං ගහෙත්‍වා පලායි, සපත‍්තරාජාපි නගරං පරිවාරෙත්‍වා ඨිතො, ඉදානි මය‍්හං ජීවිතං නත්‍ථී”ති. සො “ජීවිතං රක‍්ඛිස‍්සාමී”ති දෙවිඤ‍්ච පුරොහිතඤ‍්ච පරන‍්තපං නාමෙකං පාදමූලිකඤ‍්ච දාසං ගහෙත්‍වා රත‍්තිභාගෙ අඤ‍්ඤාතකවෙසෙන පලායිත්‍වා අරඤ‍්ඤං පාවිසි. බොධිසත‍්තො තස‍්ස පලාතභාවං ඤත්‍වා නගරං පවිසිත්‍වා යුද‍්ධං කත්‍වා සපත‍්තං පලාපෙත්‍වා රජ‍්ජං ගණ‍්හි. පිතාපිස‍්ස එකස‍්මිං නදීතීරෙ පණ‍්ණසාලං කාරෙත්‍වා ඵලාඵලෙන යාපෙන‍්තො වසි. රාජා ච පුරොහිතො ච ඵලාඵලත්‍ථාය ගච‍්ඡන‍්ති. පරන‍්තපදාසො දෙවියා සද‍්ධිං පණ‍්ණසාලායමෙව හොති. තත්‍රාපි රාජානං පටිච‍්ච දෙවියා කුච‍්ඡිස‍්මිං ගබ‍්භො පතිට‍්ඨාසි. සා අභිණ‍්හසංසග‍්ගවසෙන පරන‍්තපෙන සද‍්ධිං අතිචරි. සා එකදිවසං පරන‍්තපං ආහ “රඤ‍්ඤා ඤාතෙ නෙව තව, න මය‍්හං ජීවිතං අත්‍ථි, තස‍්මා මාරෙහි න”න‍්ති. “කථං මාරෙමී”ති? එස තං ඛග‍්ගඤ‍්ච න‍්හානසාටකඤ‍්ච ගාහාපෙත්‍වා න‍්හායිතුං ගච‍්ඡති, තත්‍රස‍්ස න‍්හානට‍්ඨානෙ පමාදං ඤත්‍වා ඛග‍්ගෙන සීසං ඡින්‍දිත්‍වා සරීරං ඛණ‍්ඩාඛණ‍්ඩිකං කත්‍වා භූමියං නිඛණාහීති. සො “සාධූ”ති සම‍්පටිච‍්ඡි.

ඉහත සඳහන් සිද්ධියෙන්, හරියට ම දින තුනකට පසු, සතුරු රජෙක් පැමිණ නුවර වටලෑවේය. රජතුමා මෙය දැනගත් වහාම, සිය පුතණුවන් වන යුවරජු වෙත පැමිණ, ‘දරුව, යව ඒ සතුරු රජා සමග යුද්ධ කරව’යි කීයේය. ‘දේවයිනි, මා වේලාසනින් දැනගත් කරුණක් ඇත. එබැවින් මට, මීට මැදිහත්වීමට පුළුවන්කමක් නැත. මාගේ ජීවිතයට අනතුරක් ඇතිබව දන්නා මම, බියට පත්වී සිටිමි. ‘මා තා මළත්, නො මළත් ඉන් ඇති කාරිය කුමක්ද? එබැවින් තෝ වහා ම මා කී දේ කරව’යි රජතුමා තදින්ම කියා සිටියේය. ‘දේවයන් වහන්ස. යහපතැ’යි කියා පිළිගත් බෝසත් යුවරජතුමා භට පිරිසක් ගෙන, සතුරු රජු මුහුණ ලා සිටින ප්‍රධාන වාසල් දොරටුව මගහැර, වෙනත් රහස් දොරටුවක් විවෘත කොට, එතැනින් පිටනුවරට පිවිස, ප්‍රධාන වාසල් දොරටුව දෙසට යන්නට නික්මුණි. යුවරජුගේ මේ ක්‍රියාව දැක, ඉන් උද්දාමයට පත් සියලු රාජකීය හමුදාවෝ ද, සාමාන්‍ය ජනතාව ද, මේ අවස්ථාවේදී යුවරජු සමගම යුද්ධයට මුහුණ දීමට තීරණය කොටගෙන, ඔහු හා එකතු වූහ. මෙසේ නික්මුණු යුවරජතුමා ඉතාම සුදුසු කිසියම් තැනෙක, කඳවුරක් බැඳ නවාතැන් ගත්තේය. මේ අතර මහරජතුමා, ‘මේ යුවරාජයා මුළු නුවරම හිස්කොට, බලසේනාව රැගෙන පලා ගියේය. සතුරු රාජයා ද, නුවර වටලා සිටියි. දැන් මට ජීවිතයක් නැත. ඒ නිසා මම දැන්, මාගේ ආරක්‍ෂාව සලසා ගන්නෙමැ’යි කල්පනාකොට, සිය අග මෙහෙසිය ද, පුරෝහිතයා ද, ‘පරන්තප’ නම් වූ හිතවත් ම සේවකයකු ද ගෙන, රෑ මැදියමේ වෙස් වළාගෙන, රහස් දොරටුවකින් පැන ගොස් කැලෑ වැදුණේය. බෝසත් යුවරාජයා තම හිතවත් සේවකයකුගේ මාර්ගයෙන් මහරජු ඇතුළු පිරිසගේ, පලායාම දැනගත්තේය. අනතුරුව සියලු පිරිවර සහිතව, නුවරට කඩාවැදුණු යුවරජතුමා, සාර්ථකව යුධකොට, සතුරු රජු පලවා හැර, රාජ්‍යය අත්පත් කොට ගත්තේය. මේ අතර මහරජතුමා, කිසියම් නදී තෙරක අසපුවක් සාදාගෙන, පලවැල වලින් යැපෙමින්, වාසය කරන්නට පටන් ගත්තේය. සිරිතක් වශයෙන් දිනපතාම, අගමෙහෙසියගේ ආරක්ෂාවට කීකරු සේවකයා යොදවා තබා, රජතුමා ද, පුරෝහිත බමුණා ද, පලවැල සඳහා කැලයට යති. පරන්තප දාසයා ද, දේවිය සමග අසපුව බලාගෙන හිඳියි. මේ වන දිවියට පැමිණි පසු, රජතුමා නිසා අග මෙහෙසියගේ කුසෙහි, ගැබක් පිළිසිඳගෙන තිබුණි. එය දේවියත්, රජතුමාත්, පුරෝහිතතුමාත් දැන සිටි කරුණකි. සේවකයා මේ බවක් දැන සිටියේ නැත. කෙසේ නමුත් දවසේ වැඩි කාලයක් අසපුවේ කල්ගත කෙළේ, දේවියත්, එම සේවකයාත් යන දෙදෙනාය. වැඩිකලක් එකට එක්ව හිඳීම නිසාත්, සේවකයා තරුණ කොල්ලකු නිසාත් ඔහු තම වසඟයට ගත් අගමෙහෙසිය ඔහු හා රහසිගත සම්බන්ධතාවක් පවත්වාගෙන ගියා ය. ටික කලෙකින් ම, මේ බැඳීම ඉතා දැඩි වූවක් විය. එබැවින් කිසියම් දිනෙක පරන්තපයාට කථා කළ අගමෙහෙසිය, ‘පරන්තප’ අපේ මේ සම්බන්ධය රජු දැනගතහොත්, ඔබෙත් මගෙත් ජීවිතය එතැනින් ම කම්මුතුය. එබැවින් හොඳම දේ රජු ඉවරයක් කිරීම යැ’යි කීවාය. ‘දේවිය, මම එය කෙසේ නම් කරම්ද?’ ‘රජුගේ සිරිත දිනපතා නදියට නාන්නට යන කල්හි, සර්වාභරණයෙන් සැරසී, නාන සළු නුඹ ලවා ගෙන්වාගෙන, නුඹත් සමග නදියට යාමයි. එහිදී ඇඳුම් මුදා තබා, රජ දියට බසියි. නුඹ ඔහුගේ ප්‍රමාදයක් බලා, ඔහුගේ ම කඩුව නෙ, රජුගේ හිස සිඳ, සිරුර කෑලි-කෑලිවලට කපා, පොළොවෙහි තැනින් තැන වළ දමව.’ ‘යහපති දේවිය, මම ඔබ කී ලෙස කරන්නෙමැ’යි, සේවකයා ඇගේ කීම පිළිගත්තේය.

අථෙකදිවසං පුරොහිතොයෙව ඵලාඵලත්‍ථාය ගන‍්ත්‍වා අවිදූරෙ රඤ‍්ඤො න‍්හානතිත්‍ථසාමන‍්තෙ එකං රුක‍්ඛං ආරුය‍්හ ඵලාඵලං ගණ‍්හාති. රාජා “න‍්හායිස‍්සාමී”ති පරන‍්තපං ඛග‍්ගඤ‍්ච න‍්හානසාටකඤ‍්ච ගාහාපෙත්‍වා නදීතීරං අගමාසි. තත්‍ථ නං න‍්හානකාලෙ පමාදමාපන‍්නං “මාරෙස‍්සාමී”ති පරන‍්තපො ගීවාය ගහෙත්‍වා ඛග‍්ගං උක‍්ඛිපි. සො මරණභයෙන විරවි. පුරොහිතො තං සද‍්දං සුත්‍වා ඔලොකෙන‍්තො පරන‍්තපං රාජානං මාරෙන‍්තං දිස‍්වා භීතතසිතො සාඛං විස‍්සජ‍්ජෙත්‍වා රුක‍්ඛතො ඔරුය‍්හ එකං ගුම‍්බං පවිසිත්‍වා නිලීයි. පරන‍්තපො තස‍්ස සාඛාවිස‍්සජ‍්ජනසද‍්දං සුත්‍වා රාජානං මාරෙත්‍වා භූමියං ඛණිත්‍වා “ඉමස‍්මිං ඨානෙ සාඛාවිස‍්සජ‍්ජනසද‍්දො අහොසි, කො නු ඛො එත්‍ථා”ති විචිනන‍්තො කඤ‍්චි අදිස‍්වා න‍්හත්‍වා ගතො. තස‍්ස ගතකාලෙ පුරොහිතො නිසින‍්නට‍්ඨානා නික‍්ඛමිත්‍වා රඤ‍්ඤො සරීරං ඛණ‍්ඩාඛණ‍්ඩිකං ඡින්‍දිත්‍වා ආවාටෙ නිඛාතභාවං ඤත්‍වා න‍්හත්‍වා අත‍්තනො වධභයෙන අන්‍ධවෙසං ගහෙත්‍වා පණ‍්ණසාලං අගමාසි. තං දිස‍්වා පරන‍්තපො “කිං තෙ, බ්‍රාහ‍්මණ, කත”න‍්ති ආහ. සො අජානන‍්තො විය “දෙව, අක‍්ඛීනි මෙ නාසෙත්‍වා ආගතොම‍්හි, උස‍්සන‍්නාසීවිසෙ අරඤ‍්ඤෙ එකස‍්මිං වම‍්මිකපස‍්සෙ අට‍්ඨාසිං, තත්‍රෙකෙන ආසීවිසෙන නාසවාතො විස‍්සට‍්ඨො මෙ භවිස‍්සතී”ති ආහ. පරන‍්තපො “න මං සඤ‍්ජානාති, ‘දෙවා’ති වදති, සමස‍්සාසෙස‍්සාමි න”න‍්ති චින‍්තෙත්‍වා “බ්‍රාහ‍්මණ, මා චින‍්තයි, අහං තං පටිජග‍්ගිස‍්සාමී”ති අස‍්සාසෙත්‍වා ඵලාඵලං දත්‍වා සන‍්තප‍්පෙසි. තතො පට‍්ඨාය පරන‍්තපදාසො ඵලාඵලං ආහරි, දෙවීපි පුත‍්තං විජායි. සා පුත‍්තෙ වඩ‍්ඪන‍්තෙ එකදිවසං පච‍්චූසසමයෙ සුඛනිසින‍්නා සණිකං පරන‍්තපදාසං එතදවොච “ත්‍වං රාජානං මාරෙන‍්තො කෙනචි දිට‍්ඨො”ති. “න මං කොචි අද‍්දස, සාඛාවිස‍්සජ‍්ජනසද‍්දං පන අස‍්සොසිං, තස‍්සා සාඛාය මනුස‍්සෙන වා තිරච‍්ඡානෙන වා විස‍්සට‍්ඨභාවං න ජානාමි, යදා කදාචි පන මෙ භයං ආගච‍්ඡන‍්තං සාඛාවිස‍්සට‍්ඨට‍්ඨානතො ආගමිස‍්සතී”ති තාය සද‍්ධිං සල‍්ලපන‍්තො පඨමං ගාථමාහ –

කිසියම් දිනෙක පුරෝහිතයා පමණක් පලවැල සඳහා නික්ම ගියේය. රජු සේවකයා සමග නාන්නට ගිය බැවින්, පලවැල සඳහා ඈත කැලයට නොගිය පුරෝහිතතුමා, රජු නාන තොටමුණ සමීපයෙහි ගසකට නැග, එහි ගෙඩි කඩන්නට පටන් ගත්තේය. රජතුමා හෝ සේවකයා හෝ, පුරෝහිත බමුණාගේ මේ ක්‍රියාව නොදැක්කේය. පරන්තපයා සමග නාන තොටට පැමිණි රජතුමා, කඩුව හා සළු මුදා තබා, එහි ආරක්‍ෂාවට සේවකයා රැකවල්හි යොදවා, නාන්නට පටන් ගත්තේය. රජු මෙසේ නාන කල්හි, රජු ඉවත බලා සිටි අවස්ථාවක් දුටු පරන්තපයා, රජුගේ බෙල්ලෙන් අල්ලා, පහර දීම සඳහා කඩුව එසවීය. මරණ බියෙන් බියපත් වූ රජතුමා, මහ හඬින් කෑ ගැසීය. ඒ ශබ්දය සවන් වැකුණු පුරෝහිතයා, හිස ඔසවා බලා, පරන්තපයා රජුට පහර දී මරණු දැක, බියෙන් ත්‍රස්තව, අතින් අල්ලාගත් අත්ත ද අතහැරී, හුන් අත්ත ද බිඳගෙන, ගසින් ඇද වැටුණේය. ඉන් තුවාලයක් නොලත් ඔහු, අසල තිබූ කිසියම් වන ලැහැබකට රිංගා ගත්තේය. අත්ත බිඳෙන ශබ්දය පරන්තපයාට ඇසුණි. එය සතකුගෙන් වූවක් ද? නැතිනම් මිනිසකුගෙන් වූවක්දැ’යි, තේරුම් ගැනීමට නොහැකි වූ, පරන්තපයා වහ-වහා රජුගේ සිරුර පොළොවෙහි වළ දමා, තම කටයුත්ත අවසන් කෙළේය. ඉන්පසු ගසේ අත්ත බිඳීම ගැන සැක සිතූ ඔහු, ‘තමාගේ ක්‍රියාව කවරෙක් හෝ බලා සිටියේදැ’යි, යන සැකය මත ඒ ගැන සෙවීමට, ඒ ගස වෙත ගියේය. එහි ගිය ඔහු, ඒ ගසත්, බිඳී වැටුණු අත්තත් දෙස විමසුම් ඇසින් බලා, ඒ අවට ද පරීක්‍ෂා කොට, කිසිදු හෝඩුවාවක්, සැකයට තුඩුදෙන කරුණක් දක්නට නොමැති බැවින්, නාගෙන අසපුවට ගියෙය්. ඔහු එතැනින් නික්ම ගිය පසු, පුරෝහිතයා සැඟව සිටි වන ලැහැබින් එළියට ආවේය. රජුගේ සිරුර කෑලි-කෑලිවලට කපා තැනින් තැන වළ දමා ඇති බව, මැනවින් තේරුම් ගත් ඔහු, එතැනින් ම දියට බැස නා, ‘පරන්තපයාගෙන් තමාට අනතුරක් වේ’ය යන බියෙන් කිසියම් උවදුරකින් සිය දෑස අන්ධ වූ බව අඟවමින්, පෙරළා අසපුවට පැමිණියේය. අන්ධ වූ විලාශයක් හැඟ වූ ඔහු, ඊට ගැලපෙන ස්වභාවයකින් හැසුරුණේය. ඔහු දුටු පරන්තපයා ‘බ්‍රාහ්මණය, ඔබට කුමක් සිදුවීදැ’යි ඇසීය. එවිට පුරෝහිත බමුණා. දෑස නොපෙනෙන්නකු මෙන්, ‘දේවයිනි, මගේ දෑස නො පෙනේ. මම කැලයේ දී කිසියම් තුඹසක් සමීපයේ හුන්නෙමි. ඒ තුඹස තුළ උග්‍ර විෂ සහිත නාගරාජයෙක් විසීය. මම ඒ බව නොදත්තෙමි. උගේ විෂ ධූමයකින් මාගේ දෑස අඳ වූයේ යැයි, සිතමි’යි කීයේය. එවිට පරන්තපයා ‘සැබෑවට ම මොහු අන්ධයකු විය යුතුය. එසේ නොවී නම්, රජු අමතන අයුරින් කිසිවිටෙක මා අමතන්නේ නැත. එබැවින් මම මේ අසරණ මිනිසා සනසන්නෙමැ’යි සිතා, ‘බමුණ, සිත නරක් කොට නොගත මැනව. මම ඔබ පෝෂණය කරන්නෙමැ’යි කියා, පලවැල කන්නට දී සැනසුවේය. එතැන් පටන් පරන්තප දාසයා, පලවැල කඩා ගෙනවුත් දෙමින්, අසපුවෙහි හුන් සියලු දෙනා, පෝෂණය කරන්නට පටන් ගත්තේය. මේ අතර දේවිය ද පුතකු වැදුවාය. අනුක්‍රමයෙන් දරුවා වැඩෙන කල්හි, කිසියම් උදෑසනක, සුවසේ වාඩිවී හුන් දේවිය, හදිසියේ මෙන් පරන්තපයා කැඳවා,’ ‘පරන්තප නුඹ රජු මරා දමනු, කිසිවෙක් දුටුවේදැ’යි ඇසුවාය. ‘දේවිය, කිසිවෙක් මාගේ ක්‍රියාව නොදුටුවේය. එහෙත් ඒ මොහොතේදී ම, අත්තක් බිඳෙන ශබ්දයක් ඇසුණි. ඒ බිඳදැමූයේ මිනිසකු විසින්ද? නැතහොත් තිරිසනකු විසින්දැ’යි යන බව මම නො දනිමි’යි, පරන්තපයා කීය. ‘පරන්තපය, නුඹ ඒ ගැන, සොයා බැලුවෙහිද?’ ‘එසේය. එහෙත් සැකයට තුඩුදෙන කිසිදු කරුණක්, මට සොයාගත නොහැකි විය. නමුත් කවදා හෝ මට බියක් ඇතිවුවහොත්, ඇතිවන්නේ ඔය කියපු තැනින් යැ’යි කී පරන්තපයා දේවිය සමග කතා කරමින් මෙසේ ද කීයේය.

“ආගමිස‍්සති මෙ පාපං, ආගමිස‍්සති මෙ භයං; තදා හි චලිතා සාඛා, මනුස‍්සෙන මිගෙන වා”ති.

ආගමිස්සති මේ පාපං - ආගමිස්සති මෙ භයං, යදා හි චලිතා සාඛා - මනුස්සෙන මිගෙන වා ති

එදා මිනිසකු විසින් හෝ සතකු විසින් හෝ, අත්තක් සොලවන ලදි. (එයින්) මට නපුරක් වන්නේය. මට බියක් පැමිණෙන්නේය.

තත්‍ථ පාපන‍්ති ලාමකං අනිට‍්ඨං අකන‍්තං. භයන‍්ති චිත‍්තුත්‍රාසභයම‍්පි මෙ ආගමිස‍්සති, න සක‍්කා නාගන‍්තුං. කිංකාරණා? තදා හි චලිතා සාඛා මනුස‍්සෙන මිගෙන වාති න පඤ‍්ඤායති, තස‍්මා තතො මං භයං ආගමිස‍්සති.

මෙහි ‘පාපං’ යනු ‘ලාමක වූ, අනිටු වූ නපුරක්’ යන අර්ථයි. ‘භයං’ යනු ‘සිතේ ත්‍රාසයක්, බියක්’ යන අර්ථයි. ‘මෙ ආගමිස්සති’ යනු ‘නොපැමිණෙන්නට බැරි නැත’ යන අර්ථයි. කුමන කරුණක් නිසා ද? එදා ඒ අත්ත සොලවන ලද්දේ මිනිසකු විසින් ද, සතකු විසින්දැ’යි යනු නොපෙනේ. එබැවින් එතැනින් මට බියක් පැමිණෙන්නේමය’ යන අර්ථයි.

තෙ “පුරොහිතො නිද‍්දායතී”ති මඤ‍්ඤිංසු. සො පන අනිද‍්දායමානොව තෙසං කථං අස‍්සොසි. අථෙකදිවසං පුරොහිතො පරන‍්තපදාසෙ ඵලාඵලත්‍ථාය ගතෙ අත‍්තනො බ්‍රාහ‍්මණිං සරිත්‍වා විලපන‍්තො දුතියං ගාථමාහ –

මෙසේ සාකච්ඡා කරන පරන්තප හා දේවිය යන මේ දෙදෙනා ම, මෙවැනි සාකච්ඡාවක් කෙළේ ‘පුරෝහිතයාට නින්ද ගොස් ඇතැ’යි යන හැඟීමෙනි. එහෙත් නො නිදා හුන් පුරෝහිතයා, ඔවුන් දෙදෙනාගේ කථාව මැනවින් අසා සිටියේය. ඒ කථාවට අනුව රජුගේ විනාශය සිදුවී ඇත්තේ, දේවියගේ මෙහෙයවීමෙන් බව, ඔහු තේරුම් ගත්තේය. ටික දවසකට පසු වෙනත් දිනෙක පරන්තප දාසයා, පලවැල සඳහා කැලයට ගිය අතර, පැත්තකට වී කල්පනා කරමින් හුන්, පුරෝහිත බමුණාට සිය බිරිඳ වන බැමිණිය මතක් විය. ඈ සිහිකොට වැලපෙන්නට පටන් ගත් බමුණා මෙසේ පැවසීය.

“භීරුයා නූන මෙ කාමො, අවිදූරෙ වසන‍්තියා; කරිස‍්සති කිසං පණ‍්ඩුං, සාව සාඛා පරන‍්තප”න‍්ති.

2. නුදුරෙහි වෙසෙන බියසුලු තැනැත්තිය ගැන, ඒකාන්තයෙන් මාගේ කැමැත්තක් ඇත. පරන්තපයා අන්ද-මන්ද කළ අත්ත මෙන් ඇය මා කෙට්ටු කරයි. පඬු පැහැ ගන්වයි.

තත්‍ථ භීරුයාති ඉත්‍ථී ච නාම අප‍්පමත‍්තකෙනාපි භායති, තස‍්මා “භීරූ”ති වුච‍්චති. අවිදූරෙති නාතිදූරෙ ඉතො කතිපයයොජනමත්‍ථකෙ වසන‍්තියා භීරුයා මය‍්හං බ්‍රාහ‍්මණියා යො මම කාමො උප‍්පන‍්නො, සො නූන මං කිසඤ‍්ච පණ‍්ඩුඤ‍්ච කරිස‍්සතීති දස‍්සෙති. “සාව සාඛා”ති ඉමිනා පන ඔපම‍්මං දස‍්සෙති, යථා සාඛා පරන‍්තපං කිසං පණ‍්ඩුං කරොති, එවන‍්ති අත්‍ථො.

මෙහි ‘භීරුයා’ යනු ‘ස්ත්‍රිය නම් සුලු දෙයටත් බිය වෙයි. එබැවින් ඇයට ‘භීරු’ යැයි කියනු ලැබේ’ යන අර්ථයි. ‘අවිදූරෙ’ යනු ‘නුදුරෙහි එනම්, මෙයින් යොදුන් කීපයක් නුදුරෙහි වෙසෙන ‘භීරු’ නම් වූ මාගේ බැමිණිය නිසා, මට යම් කාමයක් හටගත්තේද? එය ඒකාන්තයෙන් මා කෘශ භාවයටත්, පඬු පැහැයටත් පත් කරන්නේ යැයි දක්වයි’ යන අර්ථයි. ‘සාවසාඛා’ යන මෙයින් උපමාවක් දක්වයි. එනම්, යම් සේ පරන්තපයා චලනයට පත්කළ, අත්ත මෙන් (කාම සිතිවිල්ල) මා චලනයට පත්කරයි. කෙට්ටු කරයි. පඬුපැහැ ගන්වයි’ යන අර්ථයි.

ඉති බ්‍රාහ‍්මණො ගාථමෙව වදති, අත්‍ථං පන න කථෙති, තස‍්මා ඉමාය ගාථාය කිච‍්චං දෙවියා අපාකටං. අථ නං “කිං කථෙසි බ්‍රාහ‍්මණා”ති ආහ. සොපි “සල‍්ලක‍්ඛිතං මෙ”ති වත්‍වා පුන එකදිවසං තතියං ගාථමාහ –

බමුණා මේ ගාථාව නිතර කියයි. එහෙත් කිසිදා එහි අර්ථය නොකියයි. එබැවින් මේ ගාථාව කීමේ ප්‍රයෝජනය මේ යැයි, දේවියට අපැහැදිලි විය. දිනක් ඇය බමුණාට කථාකොට, ‘බමුණ, ඔබ මේ ගාථාවෙන් කුමක් අපේක්‍ෂා කෙරෙහිදැ’යි ඇසීය. එවිට බමුණා ‘මා තුළ හටගත් සිතිවිල්ලක් නිසා, මම මෙසේ කීවෙමැ’යි, දේවියට උත්තර දුන්නේය. මේ සිද්ධියෙන් දින කිහිපයකට පසු, බමුණා වෙනත් ගාථාවක් මෙසේ ප්‍රකාශ කෙළේය.

“සොචයිස‍්සති මං කන‍්තා, ගාමෙ වසමනින්‍දිතා; කරිස‍්සති කිසං පණ‍්ඩුං, සාව සාඛා පරන‍්තප”න‍්ති.

3. (මගේ) කාන්තාව ගමේ වසමින් මා ශෝකයට පත් කරන්නීය. රූ සිරින් යුතු ඇය, පරන්තපයා සසල කළ අත්ත මෙන්, මා කෘශ බවට, පාණ්ඩු රෝගියෙකු බවට පත් කරන්නීය.

තත්‍ථ සොචයිස‍්සතීති සොකුප‍්පාදනෙන සුක‍්ඛාපෙස‍්සති. කන‍්තාති ඉට‍්ඨභරියා. ගාමෙ වසන‍්ති බාරාණසියං වසන‍්තීති අධිප‍්පායො. අනින්‍දිතාති අගරහිතා උත‍්තමරූපධරා.

මෙහි ‘සෝචයිස්සති’ යනු ‘ශෝකය ඇති කිරීමෙන්, වියැලීමට පත් කරන්නීය’ යන අර්ථයි. ‘කන්නා’ යනු ‘යහපත් බිරිය’ යි. ‘ගමේ වසං’ යනු ‘බරණැස වසමින්’ යන අර්ථයි. ‘අනින්‍දිතා’ යනු ‘අනින්‍දිත වූ රූ සිරියෙන් යුතු’ යන අර්ථයි.

පුනෙකදිවසං චතුත්‍ථං ගාථමාහ –

තවත් දවසක පුරෝහිත බමුණා ගායනා කළ ගාථාවකි මේ.

“තයා මං අසිතාපඞ‍්ගි, සිතානි භණිතානි ච; කිසං පණ‍්ඩුං කරිස‍්සන‍්ති, සාව සාඛා පරන‍්තප”න‍්ති.

4. කෙළවර කළු පැහැ ඇති ඇස් ඇත්තිය, මඳ සිනා ඇත්තිය, මිහිරි වචන කියන්නීය. තී විසින් වනාහි පරන්තපයා සසල කළ අත්ත මෙන්, මා කෘශ බවට, සුදුමැලි තැනැත්තකු බවට පත් කරන්නේය.

තත්‍ථ තයා මං අසිතාපඞ‍්ගීති තයා මං අසිතා අපඞ‍්ගි. ඉදං වුත‍්තං හොති – භද‍්දෙ, අක‍්ඛිකොටිතො අඤ‍්ජනසලාකාය නීහරිත්‍වා අභිසඞ‍්ඛතඅසිතාපඞ‍්ගි තයා පවත‍්තිතානි මන්‍දහසිතානි ච මධුරභාසිතානි ච මං සා විස‍්සට‍්ඨසාඛා විරවමානා පරන‍්තපං විය කිසං පණ‍්ඩුං කරිස‍්සතීති. ප-කාරස‍්ස ව-කාරං කත්‍වා “වඞ‍්ගී”තිපි පාඨොයෙව.

මෙහි ‘තයා මා හසිතාපංගි’ යනු ‘කෙළවර කළු පැහැති ඇස් ඇත්තිය, තී විසින් මා’ යන අර්ථයි. මින් කියන ලද්දේ මේ අර්ථයයි. එනම්, සොඳුර, අඳුන් ගෑ පින්සල ඇස් කෙළවරින් මෑත් කරමින් සකසන ලද, කෙළවර කළු පැහැති ඇස් ඇත්තිය, තී විසින් පෙන් වූ සිනා ද, තිගේ මිහිරි වදන් ද, පරන්තපයා සසල කළ, ශබ්ද නගමින් කඩා වැටුණු ඒ අත්ත මෙන්, මා කෘශ බවට, සුදුමැලි බවට පත් කරන්නේය යන අර්ථයි. මෙහි ‘ප’ යන්න ‘ව’ යන්න බවට පත් කොට ‘වංගී’ යනුවෙන් ද පාඨයක් ඇත.

අපරභාගෙ කුමාරො වයප‍්පත‍්තො අහොසි සොළසවස‍්සුද‍්දෙසිකො. අථ නං බ්‍රාහ‍්මණො යට‍්ඨිකොටිං ගාහාපෙත්‍වා න‍්හානතිත්‍ථං ගන‍්ත්‍වා අක‍්ඛීනි උම‍්මීලෙත්‍වා ඔලොකෙසි. කුමාරො “නනු ත්‍වං බ්‍රාහ‍්මණ, අන්‍ධො”ති ආහ. සො “නාහං අන්‍ධො, ඉමිනා මෙ උපායෙන ජීවිතං රක‍්ඛාමී”ති වත්‍වා “තව පිතරං ජානාසී”ති ආහ. “අයං මෙ පිතා”ති වුත‍්තෙ “නායං තව පිතා, පිතා පන තෙ බාරාණසිරාජා, අයං තුම‍්හාකං දාසො, සො මාතරි තෙ විප‍්පටිපජ‍්ජිත්‍වා ඉමස‍්මිං ඨානෙ තව පිතරං මාරෙත්‍වා නිඛණී”ති අට‍්ඨීනි නීහරිත්‍වා දස‍්සෙසි. කුමාරස‍්ස බලවකොධො උප‍්පජ‍්ජි. අථ නං “ඉදානි කිං කරොමී”ති පුච‍්ඡි. “යං තෙ ඉස‍්මිංයෙව තිත්‍ථෙ පිතු තෙන කතං, තං කරොහී”ති සබ‍්බං පවත‍්තිං ආචික‍්ඛිත්‍වා කුමාරං කතිපාහං ථරුගණ‍්හනං සික‍්ඛාපෙසි. අථෙකදිවසං කුමාරො ඛග‍්ගඤ‍්ච න‍්හානසාටකඤ‍්ච ගහෙත්‍වා “න‍්හායිතුං ගච‍්ඡාම, තාතා”ති ආහ. පරන‍්තපො “සාධූ”ති තෙන සද‍්ධිං ගතො. අථස‍්ස න‍්හායිතුං ඔතිණ‍්ණකාලෙ දක‍්ඛිණහත්‍ථෙන අසිං, වාමහත්‍ථෙන චූළං ගහෙත්‍වා “ත්‍වං කිර ඉමස‍්මිංයෙව තිත්‍ථෙ මම පිතරං චූළාය ගහෙත්‍වා විරවන‍්තං මාරෙසි, අහම‍්පි තං තථෙව කරිස‍්සාමී”ති ආහ. සො මරණභයභීතො පරිදෙවමානො ද‍්වෙ ගාථා අභාසි –

පසුකලෙක දේවියගේ දරුවා, තරුණයෙක් බවට පත්විය. වයස දහසයක තරුණයකු වූ ඔහු, පුරෝහිත බමුණාට බොහෝ උදව් උපකාර කරයි. බමුණා ද ඔහුට ඉතා හිතවත්ය. බමුණාගේ හැරමිටියේ කෙළවර අල්ලාගන්නා, මේ තරුණ කුමාරයා, බමුණා නාන තොටට කැඳවාගෙන යයි. නහවා ඉන් අනතුරුව, අසපුවට ද කැටුව එයි. මෙසේ බමුණා නාන තොටට කැඳවා ගෙනගිය, එක් දිනෙක බමුණා මැනවින් ඇස් දල්වා, කුමරා දෙස බැලුවේය. ඒ දුටු කුමරා ‘බමුණ, ඔබ අන්ධයකු නොවේදැ’යි ඇසීය. ‘කුමරුවනි, මම අන්ධයකු නොවෙමි. මාගේ අන්ධභාවය ජීවිතය රැකගැනීම සඳහා යොදූ උපායකි. කුමරුනි, ඔබ ඔබේ පියා ගැන දන්නෙහිද?’ ‘එසේය බමුණ, පරන්තප යනු මාගේ පියාය.’ ‘කුමරුවනි, ඒ ඔබේ පියා නොවේ. ඔබේ පියා වූ කලී, බරණැස් රජතුමාය. මේ පරන්තපයා ඔබේ පියරජතුමාගේ දාසයාය. ඔබේ මව සමග අයුතු සම්බන්ධයක් ඇති කරගත් ඔය පරන්තපයා ඔබේ පියා මරා, අප මේ සිටින තැන වළ දැමුවේ යැ’යි කියා, වළක් හාරා රජුගේ ඇටකටු අතට ගත් බමුණා, ඒවා කුමරුට පෙන්වීය. ඒ දුටු කුමරු දැඩි ක්‍රෝධයෙන්, ගැහෙන්නට පටන් ගත්තේය. ‘බමුණ, දැන් අපි කුමක් කරමුදැ’යි කුමරා බමුණාගෙන් විචාළේය. ඊට පිළිතුරු දෙන බමුණා, ‘කුමරුවනි, පරන්තපයා මේ තොටමුණේ දී, ඔබේ පියාට යමක් කෙළේ ද, එයම ඔහුට කළ යුතුයැ’යි, සියලු දේ විස්තර කොට දී, කුමරාට දවස් කිහිපයක් තුළ දී ඉතා රහසිගතව කඩු හරඹ පුහුණු කෙළේය. දින කිහිපයකට පසු කුමාරයා කඩුවත්, නාන සළුවත් ගෙන ‘පියාණෙනි, නාන්නට යමුදැ’යි පරන්තපයාට කියා, ඔහුත් කැටුව නාන තොටට ගියේය. මේ කිසිත් නොදත්, පරන්තපයා ද ‘මැනවැ’යි කියා, කුමරු සමග නදියට ගියේය. නෑම සඳහා පරන්තපයා වතුරට බැසගත් කල්හි, තම දකුණු අතට කඩුව ගත් කුමාරයා, වම් අතින් පරන්තපයාගේ කෙස් වැටියෙන් අල්වාගෙන, ‘තෝ මෙතැනදී, මේ තොටමුණේ දී මාගේ පියතුමාගේ කෙස්වැටියෙන් අල්වාගෙන, ඔහු මොර දෙද්දී ම, මැරුවා නොවේද? මම ද තට, එය ම කරන්නෙමැ’යි කීය. මරණ භයෙන් බියපත් වූ පරන්තපයා, වැලපෙමින් මෙසේ කීය.

“ආගමා නූන සො සද‍්දො, අසංසි නූන සො තව; අක‍්ඛාතං නූන තං තෙන, යො තං සාඛමකම‍්පයි.

5. ඒ ශබ්දය ඒකාන්තයෙන් තා කරා පැමිණියේය. එය නුඹට ඒකාන්තයෙන් (කරුණු) සිහිපත් කෙළේය. යමෙක් ඒ අත්ත චංචල කෙළේ ද, ඔහු විසින්, එ්කාන්තයෙන් එය නුඹට කියන ලදි.

“ඉදං ඛො තං සමාගම‍්ම, මම බාලස‍්ස චින‍්තිතං; තදා හි චලිතා සාඛා, මනුස‍්සෙන මිගෙන වා”ති.

6. එදා ඒ අත්ත චංචල කෙළේ මිනිසකු විසින් ද, සතකු විසින් දැ’යි යන, මෝඩ මගේ ඒ සිතිවිල්ල, තා වෙත පැමිණ මෙය සිදුවිය.

තත්‍ථ ආගමාති සො සාඛසද‍්දො නූන තං ආගතො සම‍්පත‍්තො. අසංසි නූන සො තවාති සො සද‍්දො තව ආරොචෙසි මඤ‍්ඤෙ. අක‍්ඛාතං නූන තං තෙනාති යො සත‍්තො තදා තං සාඛං අකම‍්පයි, තෙන “එවං තෙ පිතා මාරිතො”ති නූන තං කාරණං අක‍්ඛාතං. සමාගම‍්මාති සඞ‍්ගම‍්ම, සමාගතන‍්ති අත්‍ථො. යං මම බාලස‍්ස “තදා චලිතා සාඛා මනුස‍්සෙන මිගෙන වා, තතො මෙ භයං උප‍්පජ‍්ජිස‍්සතී”ති චින‍්තිතං පරිවිතක‍්කිතං අහොසි, ඉදං තයා සද‍්ධිං සමාගතන‍්ති වුත‍්තං හොති.

මෙහි ‘ආගමා’ යනු ‘අත්තෙහි ඒ ශබ්දය ඒකාන්තයෙන් ම තා කරා ආවේය, පැමිණියේය’ යන අර්ථයි. ‘අසංසී නූන සො තව’ යනු ‘ඒ සත්ත්වයා තට කීයේ යැ’යි හඟිමි’ යන අර්ථයි. ‘අක්ඛාතං නූන තං තේන’ යනු ‘යම් සත්ත්වයෙක් එදා ඒ අත්ත චංචල කෙළේ ද? ඔහු විසින්, මෙසේ ඔබගේ පියා මරවන ලදැ’යි යන ඒ කරුණ ඒකාන්තයෙන් කියන ලදි’ යන අර්ථයි. ‘සමාගම්ම’ යනු ‘පැමිණ, ඇවිත්’ යන අර්ථයි. එනම්, එදා අත්ත සෙලවිණැයි, මෝඩ මගේ සිතිවිල්ලක් වී ද, එය තා වෙත පැමිණ’ යන අර්ථයි. ‘මනුස්සෙන මිගෙනවා’ යනු ‘එතැනින් මට බිය හටගත්තේ යැයි, සිතන ලද්දේ, කල්පනා කරන ලද්දේ විය. මෙය තා සමග පැමිණියේ යැයි, කියන ලද්දේ වෙයි’ යන අර්ථයි.

තතො කුමාරො ඔසානගාථමාහ –

ඒ අසා සිටි කුමාරයා මෙසේ කීවේය.

“තථෙව ත්‍වං අවෙදෙසි, අවඤ‍්චි පිතරං මම; හන‍්ත්‍වා සාඛාහි ඡාදෙන‍්තො, ආගමිස‍්සති මෙ භය”න‍්ති.

7. තෝ මාගේ පියා රැවටීය. (ඔහු) මරා අතුවලින් වසමින්, මේ බිය මෙසේ ම මට ද පැමිණෙන්නේ යැයි, තේරුම් ගත්තෙහිය.

තත්‍ථ තථෙව ත්‍වං අවෙදෙසීති තථෙව ත්‍වං අඤ‍්ඤාසි. අවඤ‍්චි පිතරං මමාති ත්‍වං මම පිතරං “න‍්හායිතුං ගච‍්ඡාමා”ති විස‍්සාසෙත්‍වා න‍්හායන‍්තං මාරෙත්‍වා ඛණ‍්ඩාඛණ‍්ඩිකං ඡින්‍දිත්‍වා නිඛණිත්‍වා “සචෙ කොචි ජානිස‍්සති, මය‍්හම‍්පි එවරූපං භයං ආගච‍්ඡිස‍්සතී”ති වඤ‍්චෙසි, ඉදං ඛො පන මරණභයං ඉදානි තවාගතන‍්ති.

මෙහි ‘තථෙව ත්‍වං අවේදෙසි’ යනු ‘එසේ ම තෝ තේරුම් ගත්තෙහිය’ යන අර්ථයි. ‘අවඤ්චි පිතරං මම’ යනු ‘තෝ වනාහි මගේ පියා නාන්නට යමුයි, කියා විශ්වාසය ඇති කරවාගෙන, නානවිට මරා කෑලිවලට කපා වළ දමා, ඉදින් මේ ගැන කිසිවකු දැන ගත්තොත්, මට ද මෙබඳු වූම බියක් පැමිණෙන්නේ යැයි, එය සැඟවීය. දැන් ඒ මරණ බිය තා කරා පැමිණියේය’ යන අර්ථයි.

ඉති තං වත්‍වා තත්‍ථෙව ජීවිතක‍්ඛයං පාපෙත්‍වා නිඛණිත්‍වා සාඛාහි පටිච‍්ඡාදෙත්‍වා ඛග‍්ගං ධොවිත්‍වා න‍්හත්‍වා පණ‍්ණසාලං ගන‍්ත්‍වා තස‍්ස මාරිතභාවං පුරොහිතස‍්ස කථෙත්‍වා මාතරං පරිභාසිත්‍වා “ඉධ කිං කරිස‍්සාමා”ති තයො ජනා බාරාණසිමෙව අගමංසු. බොධිසත‍්තො කනිට‍්ඨස‍්ස ඔපරජ‍්ජං දත්‍වා දානාදීනි පුඤ‍්ඤානි කත්‍වා සග‍්ගපදං පූරෙසි.

මෙසේ කී කුමරා පරන්තපයා, එහිම ජීවිතක්‍ෂයට පත්කොට වළ දමා, අතුවලින් වළ වසා තබා, කඩුව ද සෝදා ගෙන, වතුරද නා අසපුවට ගොස්, තමා පරන්තපයා ඝාතනය කල බව, පුරෝහිතයාට කියා, සිය මවට ද දොස් තබා, ‘දැන් අපි මෙහි කුමට වසන්නෙමුදැ’යි කියා, සෙසු දෙදෙනා ද කැටුව, බරණැස් නුවරට ම පැමිණියේය. බෝසත් රජතුමා තම බාල මලණුවන් හඳුනාගෙන, ඔහුට යුවරජ තනතුර භාරකොට, දානාදී පින්දම් කරමින් බොහෝ කලක් වැස, මැරී ගොස් දෙව්ලොව උපන්නේය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා සච‍්චානි පකාසෙත්‍වා ජාතකං සමොධානෙසි – “තදා පිතුරාජා දෙවදත‍්තො අහොසි, පුරොහිතො ආනන්‍දො, පුත‍්තරාජා පන අහමෙව අහොසි”න‍්ති.

බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා සත්‍යය ප්‍රකාශකොට, ජාතකය නිමවා වදාළ සේක. එදා පියරජතුමා නම්, දේවදත්තය. පුරෝහිතතුමා නම්, ආනන්ද තෙරණුවෝය. වැඩිමල් පුත්‍රයා වූ රජතුමා වූ කලී, ‘මම ම යැ’යි බුදුරජාණන් වහන්සේ, තමන් වහන්සේ දක්වා වදාළ සේක.

පරන‍්තපජාතකවණ‍්ණනා එකාදසමා.

ගන්‍ධාරවග‍්ගො දුතියො.

දෙවැනි ගන්ධාර වර්ගය යි.

ජාතකුද‍්දානං –

කුක‍්කු මනොජ සුතනො, ගිජ‍්ඣ දබ‍්භපුප‍්ඵ පණ‍්ණකො; සත‍්තුභස‍්ත අට‍්ඨිසෙනො, කපි බකබ්‍රහ‍්මා දස.

ගන්‍ධාරො මහාකපි ච, කුම‍්භකාරො දළ‍්හධම‍්මො; සොමදත‍්තො සුසීමො ච, කොටසිම‍්බලි ධූමකාරී; ජාගරො කුම‍්මාසපිණ‍්ඩො, පරන‍්තපා එකාදස.

සත‍්තකනිපාතවණ‍්ණනා නිට‍්ඨිතා.

සත්තක නිපාත වර්ණනාව නිමියේ ය.