10. කුම්මාසපිණ්ඩිජාතකවණ්ණනා 415 අට්ඨකථා
10. කුම්මාසපිණ්ඩිජාතකවණ්ණනා (415)
10. කුම්මාසපිණ්ඩ ජාතකය (415)
න කිරත්ථීති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො මල්ලිකං දෙවිං ආරබ්භ කථෙසි. සා හි සාවත්ථියං එකස්ස මාලාකාරජෙට්ඨකස්ස ධීතා උත්තමරූපධරා මහාපුඤ්ඤා සොළසවස්සිකකාලෙ එකදිවසං කුමාරිකාහි සද්ධිං පුප්ඵාරාමං ගච්ඡන්තී තයො කුම්මාසපිණ්ඩෙ ගහෙත්වා පුප්ඵපච්ඡියං ඨපෙත්වා ගච්ඡති. සා නගරතො නික්ඛමනකාලෙ භගවන්තං සරීරප්පභං විස්සජ්ජෙත්වා භික්ඛුසඞ්ඝපරිවුතං නගරං පවිසන්තං දිස්වා තයො කුම්මාසපිණ්ඩෙ උපනාමෙසි. සත්ථා චතුමහාරාජදත්තියං පත්තං උපනෙත්වා පටිග්ගහෙසි. සාපි තථාගතස්ස පාදෙ සිරසා වන්දිත්වා බුද්ධාරම්මණං පීතිං ගහෙත්වා එකමන්තං අට්ඨාසි. සත්ථා තං ඔලොකෙත්වා සිතං පාත්වාකාසි. ආයස්මා ආනන්දො “කො නු ඛො, භන්තෙ, හෙතු කො පච්චයො තථාගතස්ස සිතකරණෙ”ති භගවන්තං පුච්ඡි. අථස්ස සත්ථා “ආනන්ද, අයං කුමාරිකා ඉමෙසං කුම්මාසපිණ්ඩානං ඵලෙන අජ්ජෙව කොසලරඤ්ඤො අග්ගමහෙසී භවිස්සතී”ති සිතකාරණං කථෙසි. කුමාරිකාපි පුප්ඵාරාමං ගතා.
‘න කිරත්ථි’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථා වස්තුව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වෙසෙන සේක්, ‘මල්ලිකා’ දේවිය අරබයා වදාළ සේක. ඇය සැවැත් නුවර කිසියම් ප්‍රධාන මල්කරුවෙකුගේ දියණියකි. අතිශය සුරූපී ඇය මහා පින්වන්තියකි. වයස දහසයේ දී ඇය තම මිතුරියන් වන තරුණ ගෑණු ළමයින් කිහිප දෙනකු සමග මල් උයනට යන්නට පිටත් වී, පිට්ටු කෑලි තුනක් ගෙන එය ද, මල්කූඩය තුළ රුවාගෙන ගමන ආරම්භ කළාය. ඈ නගරයෙන් නික්මෙනවාත් සමගම, භික්ෂු සංඝයා පිරිවරා ගත් බුදුරජාණන් වහන්සේ, රශ්මි විහිදුවමින් නගරයට පිවිසෙනු දැක, උණ්වහන්සේ වෙත ගොස් කූඩයෙහි තිබූ පිට්ටු කෑලි තුන ගෙන, බුදුරදුන්ට පූජා කළාය. බුදුරජාණන් වහන්සේ, සතරවරම් රජදරුවන් විසින් දෙන ලද පාත්‍රයට, මල්ලිකාවගේ පූජාව පිළිගත් සේක. ඇය ද බුදුරදුන්ට නමස්කාර කොට, බුද්ධාලම්භන ප්‍රීතියෙන් පිනා ගොස්, එකත්පස්ව බලා සිටියාය. බුදුරජාණන් වහන්සේ ඈ දෙස බලා, සිනහ පහළ කළ සේක. ඒ දුටු ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ ‘කවර හේතුවක් නිසා, කවර ප්‍රත්‍යයක් නිසා, තථාගතයන් වහන්සේ සිනා පහළ කළ සේක්දැ’යි කල්පනා කොට ඒ ගැන බුදුරදුන්ගෙන් විමසූහ. අනතුරුව බුදුරජාණන් වහන්සේ ආනන්ද තෙරුන් අමතා ‘ආනන්දය, මේ කුමාරිකාව මේ පිට්ටු පූජාවේ ආනිසංසයෙන්, අද ම කොසොල් රජුගේ අගමෙහෙසිය වන්නී යැයි දැන, සිනා පහළ කෙළෙමැ’යි වදාළ සේක. බුදුරදුන් එතැනින් වැඩි පසු, කුමරිය ද මල් උයන බලා ගියාය.
තං දිවසමෙව කොසලරාජා අජාතසත්තුනා සද්ධිං යුජ්ඣන්තො යුද්ධපරාජිතො පලායිත්වා අස්සං අභිරුය්හ ආගච්ඡන්තො තස්සා ගීතසද්දං සුත්වා පටිබද්ධචිත්තො අස්සං තං ආරාමාභිමුඛං පෙසෙසි. පුඤ්ඤසම්පන්නා කුමාරිකා රාජානං දිස්වා අපලායිත්වාව ආගන්ත්වා අස්සස්ස නාසරජ්ජුයා ගණ්හි, රාජා අස්සපිට්ඨියං නිසින්නොව “සසාමිකාසි, අසාමිකාසී”ති පුච්ඡිත්වා අසාමිකභාවං ඤත්වා අස්සා ඔරුය්හ වාතාතපකිලන්තො තස්සා අඞ්කෙ නිපන්නො මුහුත්තං විස්සමිත්වා තං අස්සපිට්ඨියං නිසීදාපෙත්වා බලකායපරිවුතො නගරං පවිසිත්වා අත්තනො කුලඝරං පෙසෙත්වා සායන්හසමයෙ යානං පහිණිත්වා මහන්තෙන සක්කාරසම්මානෙන කුලඝරතො ආහරාපෙත්වා රතනරාසිම්හි ඨපෙත්වා අභිසෙකං දත්වා අග්ගමහෙසිං අකාසි. තතො පට්ඨාය ච සා රඤ්ඤො පියා අහොසි මනාපා, පුබ්බුට්ඨායිකාදීහි පඤ්චහි කල්යාණධම්මෙහි සමන්නාගතා පතිදෙවතා, බුද්ධානම්පි වල්ලභා අහොසි. තස්සා සත්ථු තයො කුම්මාසපිණ්ඩෙ දත්වා තං සම්පත්තිං අධිගතභාවො සකලනගරං පත්ථරිත්වා ගතො.
එදිනම කොසොල් රජතුමා අජාසත්ත රජු සමග යුද කොට, ඉන් පැරදී පලා ගියේය. මෙසේ පැන ආ රජතුමා සිය රාජ්‍යයට පැමිණ, නගරයට ළඟා විය. අසුපිටින් පැමිණෙන රජතුමා මල්ලිකා කුමරිය මල් නෙලන මල් උයන සමීපයෙන් වැටී ඇති මාවත දිගේ පැමිණියේය. මල් උයනෙහි ගී ගයමින් මල් නෙලන මල්ලිකාවගේ, ඒ ගීත නාදය රජුගේ සවන් වැකුණි. එපමණකින් ම ගී හඬේ අයිතිකාරිය කෙරෙහි, ‘පිළිබඳ සිත්’ ඇති කොටගත් රජතුමා, සිය අසු මල් උයන දෙසට මෙහෙයවීය. රජු දුටු පින්වත් මල්ලිකා කුමරිය, සිටි තැනින් පැන නොගොස්, රජු ඉදිරියට පැමිණ, අසුගේ නාස් ලනුව අල්ලා ගත්තීය. රජතුමා අසුපිට හිඳගෙනම, ‘කුමරිය, ඔබ අස්වාමික ද, සස්වාමික දැ’යි විමසීය. ඇය තවම අස්වාමික බව දැනගත් ඔහු, අසුපිටින් බැස, කිසියම් සෙවනක් යටට ඈ කැඳවාගෙන ගොස්, උණුසුම් සුළඟින් හා අව්වෙන් තමා වෙහෙසට පත් වී සිටි බැවින්, ඇගේ ඇකයේ හිස තබා වැදහෙව, මොහොතක් විඩා හැර ගත්තේය. අනතුරුව එතැනින් නැගිටි ඔහු, ඇය තම අසුපිට හිඳුවා ගෙන, එතෙක් අවට රැඳී සිටි බලකායද පිරිවරාගෙන, නුවරට පිවිස එහි දී, මල්ලිකාව අසුපිටින් බස්වා, සවස් කාලයේ දී රථය්ක එවා ඇයව මාලිගාවට ගෙන්වා ගන්නා බවට පොරොන්දු දී, ඈ ඇගේ නිවෙස වෙත පිටත්කොට හැරියේය. අනතුරුව මාලිගාවට ගිය රජතුමා සවස් කාලයෙහි, මල්ලිකාවට පොරොන්දු වූ නියායෙන් ම, රථයක් යොදවා මහත් වූ සත්කාර සම්මාන සහිතව, පෙරහැරකින් ඈ කුලගෙදරින් කැඳවාගෙන අවුත් මැණික් ගොඩක් මත සිටුවා, අභිෂේක කොට අගමෙහෙසිය බවට පත් කරවීය. එදා පටන් ඈ රජුට ප්‍රියමනාපව විසුවාය. උදෑසනින් පිබිදී ම ආදි වූ, පස්වැදෑරුම් කලණ දහම්වලින් සමන්විත වූ ඇය, සිය සැමියා දේවත්වයෙහි ලා සැලකුවාය. එපමණක් නොව ඇය බුදුරදුන් කෙරෙහි ද අතිශය භක්තිමත් තැනැත්තියක් වූවාය. බුදුරජාණන් වහන්සේට පිට්ටු කෑලි තුනක් පූජා කොට, මල්ලිකාව මේ සියලු සම්පත් ලබාගත් බව, මුළු නුවර පුරා පැතිරී ගියේය.
අථෙකදිවසං ධම්මසභායං කථං සමුට්ඨාපෙසුං “ආවුසො, මල්ලිකා දෙවී බුද්ධානං තයො කුම්මාසපිණ්ඩෙ දත්වා තෙසං ඵලෙන තං දිවසඤ්ඤෙව අභිසෙකං පත්තා, අහො බුද්ධානං මහාගුණතා”ති. සත්ථා ආගන්ත්වා “කාය නුත්ථ, භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා”ති පුච්ඡිත්වා “ඉමාය නාමා”ති වුත්තෙ “අනච්ඡරියං, භික්ඛවෙ, මල්ලිකාය එකස්ස සබ්බඤ්ඤුබුද්ධස්ස තයො කුම්මාසපිණ්ඩෙ දත්වා කොසලරඤ්ඤො අග්ගමහෙසිභාවාධිගමො. කස්මා? බුද්ධානං ගුණමහන්තතාය. පොරාණකපණ්ඩිතා පන පච්චෙකබුද්ධානං අලොණකං අස්නෙහං අඵාණිතං කුම්මාසං දත්වා තස්ස ඵලෙන දුතියෙ අත්තභාවෙ තියොජනසතිකෙ කාසිරට්ඨෙ රජ්ජසිරිං පාපුණිංසූ”ති වත්වා අතීතං ආහරි.
දිනක් දම්සභාවෙහි රැස් වූ භික්ෂූහු, මල්ලිකා දේවියගේ ඒ පිට්ටු පූජාව ගැන කතා කරමින් හුන්හ. එවේලෙහි එතැනට වැඩි බුදුරජාණන් වහන්සේ භික්ෂූන් සාකච්ඡා කළ කරුණු, ඔවුන්ගෙන්ම අසා දැන, ‘මහණෙනි, මල්ලිකාව සාකච්ඡා කළ කරුණු, ඔවුන්ගෙන්ම අසා දැන, ‘මහණෙනි, මල්ලිකාව විසින් සර්වඥ වූ එක් සම්බුදුවරයෙකුට පිට්ටු කෑලි තුනක් දන් දී, කොසොල් රජුගේ අගමෙහෙසිය බවට පත්වීම, මහා ආශ්චර්යයක් නොවේ. මක්නිසාද? බුදුවරුන්ගේ ගුණ අතිවිශාල බැවිනි. පැරණි පඬිවරු පවා පසේ බුදුවරුන්ට ලුණු නැති, තෙල් නැති, පැණිවලින් තොර පිට්ටු දන් දී, එහි විපාක වශයෙන් දෙවන ආත්ම භාවයේ දී, දිග පළලින් යොදුන් තුන්සියයක් වූ කසී රට රාජ්‍යශ්‍රීයට පත්වූහ යි, වදාරා මේ අතීත කථාව මෙසේ දේශනා කළ සේක.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො එකස්මිං දලිද්දකුලෙ නිබ්බත්තිත්වා වයප්පත්තො එකං සෙට්ඨිං නිස්සාය භතියා කම්මං කරොන්තො ජීවිකං කප්පෙසි. සො එකදිවසං “පාතරාසත්ථාය මෙ භවිස්සතී”ති අන්තරාපණතො චත්තාරො කුම්මාසපිණ්ඩෙ ගහෙත්වා කම්මන්තං ගච්ඡන්තො චත්තාරො පච්චෙකබුද්ධෙ භික්ඛාචාරත්ථාය බාරාණසිනගරාභිමුඛෙ ආගච්ඡන්තෙ දිස්වා “ඉමෙ භික්ඛං සන්ධාය බාරාණසිං ගච්ඡන්ති , මය්හම්පිමෙ චත්තාරො කුම්මාසපිණ්ඩා අත්ථි, යංනූනාහං ඉමෙ ඉමෙසං දදෙය්ය”න්ති චින්තෙත්වා තෙ උපසංකමිත්වා වන්දිත්වා “භන්තෙ, ඉමෙ මෙ හත්ථෙ චත්තාරො කුම්මාසපිණ්ඩා, අහං ඉමෙ තුම්හාකං දදාමි, සාධු මෙ, භන්තෙ, පටිග්ගණ්හථ, එවමිදං පුඤ්ඤං මය්හං භවිස්සති දීඝරත්තං හිතාය සුඛායා”ති වත්වා තෙසං අධිවාසනං විදිත්වා වාලිකං උස්සාපෙත්වා චත්තාරි ආසනානි පඤ්ඤපෙත්වා තෙසං උපරි සාඛාභඞ්ගං අත්ථරිත්වා පච්චෙකබුද්ධෙ පටිපාටියා නිසීදාපෙත්වා පණ්ණපුටෙන උදකං ආහරිත්වා දක්ඛිණොදකං පාතෙත්වා චතූසු පත්තෙසු චත්තාරො කුම්මාසපිණ්ඩෙ පතිට්ඨාපෙත්වා වන්දිත්වා “භන්තෙ, එතෙසං නිස්සන්දෙන දලිද්දගෙහෙ නිබ්බත්ති නාම මා හොතු, සබ්බඤ්ඤුතඤ්ඤාණප්පටිවෙධස්ස පච්චයො හොතූ”ති ආහ. පච්චෙකබුද්ධා පරිභුඤ්ජිංසු, පරිභොගාවසානෙ අනුමොදනං කත්වා උප්පතිත්වා නන්දමූලකපබ්භාරමෙව අගමංසු.
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, අප බෝසත් තෙමේ කිසියම් දිළිඳු පවුලක උපත ලැබ, නිසි වියට පත්ව, එක් සිටුවරයකු ළඟ කුලී වැඩ කරමින් ජීවිකාව ගෙන ගියේය. දිනක් ඔහු පාන්දර වැඩට යන්නට පිටත් වී, ස්වකීය උදය ආහාරය සඳහා කිසියම් කඩයකින් පිට්ටු කෑලි සතරක් මිලට ගෙන, එයත් රැගෙන වැඩට ගියේය. මේ අතර පසේ බුදුවරු සිව් නමක් පිඬු පිණිස බරණැස් නුවර බලා වඩිනු දැක, මේ භික්ෂූහු පිඬු පිණිස බරණැසට යති. මා ළඟ ද පිට්ටු කෑලි සතරක් ඇත. මම මේ පිට්ටු කෑලි සතර මේ භික්ෂූන්ට දෙන්නෙම් නම්, ඉතා යෙහෙකැ’යි කල්පනා කොට, උන්වහන්සේ වෙත එළඹ, පළමුව නමස්කාර කොට ‘ස්වාමීනි, මාගේ මේ පිට්ටු කෑලි හතර, මම ඔබවහන්සේට පූජා කරමි. එය පිළිගන්නාහු නම්, ඉතා යහපති, මෙසේ මේ පින, මට බොහෝ කාලයක් හිතසුව පිණිස පවතින්නේ යැ’යි කියා, නිශ්ශබ්දතාවයෙන් උන්වහන්සේගේ කැමැත්ත අවබෝධ කොටගත්, ඔහු වහා වැලි එකතුකොට, වැලි ගොඩවල් හතරක් ගසා, අවට ගස්වලින් කොළ අතු කඩ ගෙනවුත්, ඒවා වැලි ගොඩවල් මත අතුරා, අසුන් පනවා, පසේ බුදුවරුන් සිව්නම එක් එක් වැලිගොඩ මත වඩා හිඳුවා, කොළ ගොට්ටකට වතුර ගෙනැවිත් දක්ෂිණෝදකය (අත් සේදීමට පැන්) දී, පිළිවෙලින් පාත්‍රා සතර තුළට පිට්ටු කෑල්ල බැගින් බෙදා, පළමුකොට උන්වහන්සේට වැඳ, ‘ස්වාමීනි, මේ පිනෙන් කිසිදා මා දිළිඳු ගෙයක නූපදීවා. සර්වඥතා ඥානය උපදවා ගැනීම සඳහා මේ පින ප්‍රත්‍ය වේවා’යි ප්‍රාර්ථනා කොට, දානය පිළිගැන්වීය. පසේ බුදුවරු දානය වළඳා අවසානයේදී, අනුමෝදනා බණ වදාරා, එතැනින් සතර නම ම ‘නන්දමූල’ පර්වත ප්‍රාන්තය බලා අහසින් වැඩියහ.
බොධිසත්තො අඤ්ජලිං පග්ගය්හ පච්චෙකබුද්ධගතං පීතිං ගහෙත්වා තෙසු චක්ඛුපථං අතීතෙසු අත්තනො කම්මන්තං ගන්ත්වා යාවතායුකං දානං අනුස්සරිත්වා කාලං කත්වා තස්ස ඵලෙන බාරාණසිරඤ්ඤො අග්ගමහෙසියා කුච්ඡිම්හි නිබ්බත්ති, බ්රහ්මදත්තකුමාරොතිස්ස නාමං අකංසු. සො අත්තනො පදසා ගමනකාලතො පට්ඨාය “අහං ඉමස්මිංයෙව නගරෙ භතකො හුත්වා කම්මන්තං ගච්ඡන්තො පච්චෙකබුද්ධානං චත්තාරො කුම්මාසපිණ්ඩෙ දත්වා තස්ස දානස්ස ඵලෙන ඉධ නිබ්බත්තො”ති පසන්නාදාසෙ මුඛනිමිත්තං විය සබ්බං පුරිමජාතිකිරියං ජාතිස්සරඤාණෙන පාකටං කත්වා පස්සි. සො වයප්පත්තො තක්කසිලායං ගන්ත්වා සබ්බසිප්පානි උග්ගණ්හිත්වා පච්චාගන්ත්වා සික්ඛිතසිප්පං පිතු දස්සෙත්වා තුට්ඨෙන පිතරා ඔපරජ්ජෙ පතිට්ඨාපිතො, අපරභාගෙ පිතු අච්චයෙන රජ්ජෙ පතිට්ඨාසි. අථස්ස උත්තමරූපධරං කොසලරඤ්ඤො ධීතරං ආනෙත්වා අග්ගමහෙසිං අකංසු, ඡත්තමඞ්ගලදිවසෙ පනස්ස සකලනගරං දෙවනගරං විය අලඞ්කරිංසු.
බෝසත් තෙමේ ඇඳිලි බැඳගෙන, පසේ බුදුවරුන් කෙරෙහි හටගත් ප්‍රීතියෙන් යුතුව, උන්වහන්සේ ඇස් හමුවෙන් නොපෙනී යනතුරු බලා සිට, වැඩට ගියේය. ඔහු පසේ බුදුවරුන් විෂයෙහි දුන් මේ දානය දිවි ඇති තෙක්ම සිහිපත් කෙළේය. මෙසේ බොහෝ කලක් ජීවත් වූ ඔහු, මියගොස් පසේ බුදුවරුන්ට දුන් දානයේ අනුහසින්, බරණැස් රජුගේ අගමෙහෙසිය කුස පිළිසිඳ ගත්තේය. නිසි කාලයේ දී උපත ලැබූ ඔහුට, ඔහුගේ මව්පියෝ ‘බ්‍රහ්මදත්ත’ කුමාරයා යැයි නම් කළහ. මේ කුමරුවා පයින් ඇවිද යා හැකි කාලයේ පටන් ‘මම මේ නගරයෙහි ම කුලීකාරයෙක් වී වැඩට යමින්, පසේ බුදුවරුන් සතර නමකට පිට්ටු කෑලි සතරක් දන් දුන්නෙමි. එම දානයේ විපාක වශයෙන්, මෙහි උපන්නෙමි’යි, ඉතා පිරිසිදු කණ්ණාඩියකින් මුහුණ බලන්නාක් මෙන්, මුළුමනින් පෙර ජාතියේ කළ ක්‍රියාව ජාතිස්මරණ ඥානයෙන් ප්‍රකට ලෙස දැක්කේය. හෙතෙම නිසි වියට පත්ව තක්ෂිලාවට ගොස්, එහිදී සියලු ශිල්ප උගෙන, පෙරළා සිය රටට පැමිණ, උගත් ශිල්ප තම පියා ඉදිරියෙහි දක්වා, ඉන් සතුටු වූ පියරජතුමා වෙතින් යුවරජ තනතුර දිනා ගත්තේය. පසුකලෙක පියාගේ ඇවෑමෙන්, ඔහු මහ රජතුමා බවට පත්විය. ඉක්බිති කොසොල් රජුගේ අතිශයින් රූමත් වූ දියණියක් අගමෙහෙසිය කොට පාවාගත්, මේ අග රජතුමා ඉතා සතුටින් යුතුව රාජ්‍යය විචාළේය. මේ අලුත් රජතුමාගේ ‘සේසත් සිටුවන’ මංගල දිනයේදී, මුළු නුවර දෙව් නුවරක් මෙන්, අලංකාර කිරීමට නගර වැස්සෝ වගබලා ගත්හ.
සො නගරං පදක්ඛිණං කත්වා අලඞ්කතපාසාදං අභිරුහිත්වා මහාතලමජ්ඣෙ සමුස්සිතසෙතච්ඡත්තං පල්ලඞ්කං අභිරුය්හ නිසින්නො පරිවාරෙත්වා ඨිතෙ එකතො අමච්චෙ, එකතො බ්රාහ්මණගහපතිආදයො නානාවිභවෙ සිරිවිලාසසමුජ්ජලෙ, එකතො නානාවිධපණ්ණාකාරහත්ථෙ නාගරමනුස්සෙ, එකතො අලඞ්කතදෙවච්ඡරසඞ්ඝං විය සොළසසහස්සසඞ්ඛං නාටකිත්ථිගණන්ති ඉමං අතිමනොරමං සිරිවිභවං ඔලොකෙන්තො අත්තනො පුබ්බකම්මං අනුස්සරිත්වා “ඉදං සුවණ්ණපිණ්ඩිකං කඤ්චනමාලං සෙතච්ඡත්තං, ඉමානි ච අනෙකසහස්සානි හත්ථිවාහනඅස්සවාහනරථවාහනානි, මණිමුත්තාදිපූරිතා සාරගබ්භා, නානාවිධධඤ්ඤපූරිතා මහාපථවී, දෙවච්ඡරපටිභාගා නාරියො චාති සබ්බොපෙස මය්හං සිරිවිභවො න අඤ්ඤස්ස සන්තකො, චතුන්නං පච්චෙකබුද්ධානං දින්නස්ස චතුකුම්මාසපිණ්ඩදානස්සෙව සන්තකො, තෙ නිස්සාය මයා එස ලද්ධො”ති පච්චෙකබුද්ධානං ගුණං අනුස්සරිත්වා අත්තනො කම්මං පාකටං අකාසි. තස්ස තං අනුස්සරන්තස්ස සකලසරීරං පීතියා පූරි. සො පීතියා තෙමිතහදයො මහාජනස්ස මජ්ඣෙ උදානගීතං ගායන්තො ද්වෙ ගාථා අභාසි –
රජතුමා එදින නුවර පැදකුණු කොට අලංකාර කරන ලද ප්‍රාසාදයට නැගී, උඩු මහල් තලයෙහි ඔසවන ලද සේසත යට, පනවා තිබූ ආසනයෙහි වාඩි වී හුන් කල්හි, රජුගේ එක් පැත්තකින් ඇමතිවරුන් ද, තවත් පැත්තකින් නන් වැදෑරුම් ඇඳුම් හා ආභරණවලින් බබළන බ්‍රාහ්මණ, ගෘහපති ආදී පිරිස් ද, තවත් පැත්තකින් විවිධ පඬුරු හා තෑගිබෝග අත්වලින් ගත් නාගරික මිනිසුන්ද, තවත් පැත්තකින් අබරණින් සැරසුණු දෙවඟනන් සමූහයක් වැනි, සොළොස් දහසක් නාටිකාංගනාවන් ද රැස්කරමින් හිඳිනු දුටුවේය. මේ ඉතා සිත් ගන්නා මනහර දර්ශනයන් ද, ශ්‍රී සම්පත් ද, නෙත් පුරා දැකගත් රජතුමා තමාගේ පූර්ව කර්මය සිහිපත් කොට, ‘මේ රනින් නිමවන ලද, රන් මාලාවලින් විසිතුරු කරන ලද සේසත ද, එසේම නොයෙක් දහස් ගණන් වූ ඇත් සේනාවන් ද, අශ්ව සේනාවන්ද, රථ සේනාවන්ද, මුතු මැණික් ආදියෙන් පිරුණු සාරභාර ගබඩාවලින් ද, නන් වැදෑරුම් ධාන්‍ය හල්වලින් පිරි මේ මහා පෘථිවිය ද, දිව්‍ය අප්සරාවන් වැනි වූ නාරීන් ද, යන මේ මගේ සියලු ශ්‍රී විභූතිය අන්සතු වූවක් නොවේ. මේ සියල්ල මටම අයත්ය. මේ සියල්ල මට ලැබුණේ වෙනත් කිසිදු මාර්ගයකින් නොව, පසේ බුදුවරුන් සතර නමට පිට්ටු කෑලි හතරක් පුදා, දුන් දානයෙන් උපන් විපාක වශයෙනි. ඒ නිසා ම මම මේ සියල්ල උරුම කොට ගත්තෙමැ’යි, පසේ බුදුවරුන්ගේ ගුණ අනුස්මරණය කොට, තමාගේ එම පෙර භවයේ ක්‍රියාව ප්‍රකට කෙළේය. එය සිහිකරන රජුගේ සකල ශරීරයම, ප්‍රීතියෙන් පිරී ඉතිරී ගියේය. ප්‍රීතියෙන් තෙත් වූ හදවතක් ඇති රජතුමා මහජනයා මැද හිඳ, උදාන ගී ගයමින් මෙසේ ප්‍රකාශ කෙළේය.
“න කිරත්ථි අනොමදස්සිසු, පාරිචරියා බුද්ධෙසු අප්පිකා; සුක්ඛාය අලොණිකාය ච, පස්ස ඵලං කුම්මාසපිණ්ඩියා.
න කිරත්ථි අනොමදස්සිසු, පාරිචරියා බුද්ධෙසු අප්පිකා, සුක්ඛාය අලොණිකාය ච, පස්ස ඵලං කුම්මාස පිණ්ඩියා
පසේ බුදුවරුන් කෙරෙහි කළ සේවය මදි නැත. ලුණු නැති, වියලි පිට්ටු කෑල්ලක විපාකය බලන්න.
“හත්ථිගවාස්සා චිමෙ බහූ, ධනධඤ්ඤං පථවී ච කෙවලා; නාරියො චිමා අච්ඡරූපමා, පස්ස ඵලං කුම්මාසපිණ්ඩියා”ති.
හත්ථි ගවස්සා ච මෙ බහූ, ධන ධඤ්ඤං පඨපීච කෙවලා, නාරියො චිමා අච්ඡරූපමා, පස්ස ඵලං කුම්මාස පිණ්ඩියා
මට ඇත්තු ද, ගවයෝ ද, අශ්වයෝ ද, ධන ධාන්‍ය ද, මුළු පොළොව ද, අප්සරාවන් වැනි, ස්ත්‍රීහු ද බොහෝ වෙති. පිට්ටු කෑල්ලක විපාකය බලන්න.
තත්ථ අනොමදස්සිසූති අනොමස්ස අලාමකස්ස පච්චෙකබොධිඤාණස්ස දිට්ඨත්තා පච්චෙකබුද්ධා අනොමදස්සිනො නාම. පාරිචරියාති අභිවාදනපච්චුට්ඨානඤ්ජලිකම්මාදිභෙදා සාමීචිකිරියාපි, සම්පත්තෙ දිස්වා අත්තනො සන්තකං අප්පං වා බහුං වා ලූඛං වා පණීතං වා දෙය්යධම්මං චිත්තං පසාදෙත්වා ගුණං සල්ලක්ඛෙත්වා තිස්සො චෙතනා විසොධෙත්වා ඵලං සද්දහිත්වා පරිච්චජනකිරියාපි . බුද්ධෙසූති පච්චෙකබුද්ධෙසු. අප්පිකාති මන්දා පරිත්තා නාම නත්ථි කිර. සුක්ඛායාති නිස්නෙහාය. අලොණිකායාති ඵාණිතවිරහිතාය. නිප්ඵාණිතත්තා හි සා “අලොණිකා”ති වුත්තා. කුම්මාසපිණ්ඩියාති චත්තාරො කුම්මාසපිණ්ඩෙ එකතො කත්වා ගහිතං කුම්මාසං සන්ධාය එවමාහ. ගුණවන්තානං සමණබ්රාහ්මණානං ගුණං සල්ලක්ඛෙත්වා චිත්තං පසාදෙත්වා ඵලුප්පත්තිං පාටිකඞ්ඛමානානං තිස්සො චෙතනා විසොධෙත්වා දින්නපදක්ඛිණා අප්පිකා නාම නත්ථි, නිබ්බත්තනිබ්බත්තට්ඨානෙ මහාසම්පත්තිමෙව දෙතීති වුත්තං හොති. හොති චෙත්ථ –
මෙහි ‘අනොමදස්සිසු’ යනු ‘අනෝම වූ, අලාමක වූ ප්රත්යෙක බුද්ධ ඥානය දුටු බැවින්, පසේ බුදුවරු, ‘අනෝමදස්සි’ නම් වෙති’ යන අර්ථයි. ‘පාරිචරියා’ යනු ‘වැඳීම්, හුනස්නෙන් නැගී සිටීම්, ඇඳිලි බැඳීම් ආදී වූ, නිවැරදි කටයුතුවලින් ද, උතුමන් පැමිණි කල්හි, ඒ දැන තමා සන්තක වූ අල්ප වූ හෝ, බොහෝ වූ හෝ, රළු වූ හෝ, ප්‍රණීත වූ හෝ, දිය යුතු දේ, සිත පහදා ගුණ සලකා, තුන්සිත පහදවා, කර්මඵල විශ්වාස කොටගෙන, පරිත්‍යාග කිරීමෙන්’ යන අර්ථයි. ‘බුද්ධෙසු’ යනු ‘පසේ බුදුවරුන් කෙරෙහි’, යන අර්ථයි. ‘අප්පිකා’ යනු ‘අල්ප වූ ද, මඳ වූ ද, කියා දෙයක් නැත’ යන අර්ථයි. ‘සුක්ඛාය’ යනු ‘තෙල් නැති’ යන අර්ථයි. ‘අලෝණිකාය’ යනු ‘පැණි නැති’ යන අර්ථයි. පැණි නැති බැවින් ‘අලෝණිකා’ යැයි කියන ලදි. ‘කුම්මාසපිණ්ඩියා’ යනු ‘පිට්ටු කෑලි සතර එකක් වශයෙන් ගෙන, ඒ සඳහා කියන ලදි’ යන අර්ථයි. ගුණවත් මහණ බමුණන්ගේ ගුණයන් සලකා, සිත පහදවා ගෙන, ප්‍රතිඵල අපේක්ෂාවෙන් චේතනා තුන පිරිසිදු කොටගෙන, දුන් දානයෙහි ‘අල්ප’ යැයි කියා දෙයක් නැත. උපනූපන් තන්හී එය මහා සම්පත් ලබා දේ, ඒ ගැන මෙසේ දක්වා ඇත.
“නත්ථි චිත්තෙ පසන්නම්හි, අප්පිකා නාම දක්ඛිණා; තථාගතෙ වා සම්බුද්ධෙ, අථ වා තස්ස සාවකෙ.
3. තථාගත වූ සම්බුදු රදුන් කෙරෙහි හෝ, නැතහොත් බුද්ධ ශ්‍රාවකයන් කෙරෙහි හෝ, සිත පැහැදුණු කල්හි, දක්ෂිණාවෙහි ‘අල්ප’ යැයි කියා දෙයක් නැත.
“තිට්ඨන්තෙ නිබ්බුතෙ චාපි, සමෙ චිත්තෙ සමං ඵලං; චෙතොපණිධිහෙතු හි, සත්තා ගච්ඡන්ති සුග්ගති”න්ති. (වි· ව· 804, 806);
[missing trans]
ඉමස්ස පනත්ථස්ස දීපනත්ථාය –
“ඛීරොදනං අහමදාසිං, භික්ඛුනො පිණ්ඩාය චරන්තස්ස; (වි· ව· 413); තස්සා මෙ පස්ස විමානං, අච්ඡරා කාමවණ්ණිනීහමස්මි. (වි· ව· 334);
4. මම පිඬු පිණිස හැසිරෙන භික්ෂුවකට කිරිබතක් පූජා කෙළෙමි. එයින් මම දුටුවන් පහදවන වර්ණ සම්පත්තියෙන් යුක්ත වීමි. ඒ මාගේ විපාකය දෙස බලන්න. මම දැන් දිව්‍ය අප්සරාවක්මි. ඒ මාගේ විමානය ද බලන්න.
“අච්ඡරාසහස්සස්සාහං , පවරා පස්ස පුඤ්ඤානං විපාකං; තෙන මෙතාදිසො වණ්ණො, තෙන මෙ ඉධ මිජ්ඣති.
5. මම දැන් අප්සරාවන් දහසකට උත්තමාවක් වෙමි. පිනේ විපාකය බලන්න. මගේ මෙබඳු වර්ණ ඇත්තේ ඒ නිසාය. ඒ හේතුවෙන් ම මාගේ මෙලොව බලාපොරොත්තු ඉටු වේ. සිතට ප්‍රිය වූ යම්කිසි සම්පතක් වේ නම්, ඒ සියල්ල මට ඉබේ පහළ වේ.
“උප්පජ්ජන්ති ච මෙ භොගා, යෙ කෙචි මනසො පියා; තෙනම්හි එවං ජලිතානුභාවා, වණ්ණො ච මෙ සබ්බදිසා පභාසතී”ති. (වි· ව· 334-336) –
6. එනිසා ම මම මේ දිළිසෙන ආනුභාව ඇත්තී වෙමි. මාගේ ශරීර වර්ණය සියලු දිසාවන් එකලු කරයි. (විමානවත්ථු පාළි)
එවමාදීනි විමානවත්ථූනි ආහරිතබ්බානි.
මේ ආදී විමානයන් ලැබිය යුතු තත්ත්වයට පත්වේ.
ධනධඤ්ඤන්ති මුත්තාදිධනඤ්ච සත්ත ධඤ්ඤානි ච. පථවී ච කෙවලාති සකලා චෙසා මහාපථවීති සකලපථවිං හත්ථගතං මඤ්ඤමානො වදති. පස්ස ඵලං කුම්මාසපිණ්ඩියාති අත්තනො දානඵලං අත්තනාව දස්සෙන්තො එවමාහ. දානඵලං කිර බොධිසත්තා ච සබ්බඤ්ඤුබුද්ධායෙව ච ජානන්ති. තෙනෙව සත්ථා ඉතිවුත්තකෙ සුත්තන්තං කථෙන්තො –
‘ධනධඤ්ඤං’ යනු ‘මුතු ආදි ධනය ද, සත්වැදෑරුම් ධාන්‍ය වර්ග ද’ යන අර්ථයි. ‘පඨවි ච කෙවලා’ යනු ‘මේ මහා පොළව ද’ යන අර්ථයි. ‘මුළු මහපොළොව අත්පත් විය, යන හැඟීමෙන් කියයි’ යන අර්ථයි. ‘පස්ස ඵලං කුම්මාසපිණ්ඩියා’ යනු ‘තමාගේ ප්‍රතිඵලය තමා විසින් ම පැහැදිලි කරමින් මෙසේ කීය. දාන ඵලය වූ කලී බෝසත් තෙමේ ද, සර්වඥ වූ බුදුවරු ද, යන මේ උතුමෝ ම දනිති. එහෙයින් ම බුදුරජාණන් වහන්සේ ‘ඉතිවුත්තක පාළියෙහි’ සූත්‍රයක් පැහැදිලි කරමින්,
“එවඤ්චෙ, භික්ඛවෙ, සත්තා ජානෙය්යුං දානසංවිභාගස්ස විපාකං, යථාහං ජානාමි, න අදත්වා භුඤ්ජෙය්යුං, න ච නෙසං මච්ඡෙරමලං චිත්තං පරියාදාය තිට්ඨෙය්ය. යොපි නෙසං අස්ස චරිමො ආලොපො චරිමං කබළං, තතොපි න අසංවිභජිත්වා භුඤ්ජෙය්යුං, සචෙ නෙසං පටිග්ගාහකා අස්සු. යස්මා ච ඛො, භික්ඛවෙ, සත්තා න එවං ජානන්ති දානසංවිභාගස්ස විපාකං, යථාහං ජානාමි, තස්මා අදත්වා භුඤ්ජන්ති, මච්ඡෙරමලඤ්ච නෙසං චිත්තං පරියාදාය තිට්ඨතී”ති (ඉතිවු· 26).
‘මහණෙනි, ඉදින් සත්ත්වයෝ, දාන ප්රභේදයන්ගේ විවිධ වූ විපාක මා මෙන් දන්නාහු නම්, කිසිවකුට නොදී අනුභව නොකරන්නාහුය. එසේ වී නම්, මසුරු මල ඔවුන්ගේ සිත් ඉක්මවා නො පවතින්නේය. ඔවුන්ගේ බත්පතේ අවසන් බත්ගුළිය පමණක් ඉතිරිව ඇත්නම්, ඉදින් ඔවුනට ප්‍රතිග්‍රාහකයෝත් වෙත්නම්, ඒ අවසන් බත් පිඩත්, කොටස් වශයෙන් නොබෙදා, අනුභව නොකරන්නාහුය. යම් හෙයකින් මහණෙනි, සත්ත්වයෝ දාන ප්රභේදයන්ගේ විවිධ වූ විපාක මා මෙන්, මෙසේ නො දනිත්ද? එනිසා නොදී කති. ඒ නිසාම මසුරු මල ද ඔවුන්ගේ සිත් පවතී යැ’යි, වදාළ සේක.
බොධිසත්තොපි අත්තනො ඡත්තමඞ්ගලදිවසෙ සඤ්ජාතපීතිපාමොජ්ජො ඉමාහි ද්වීහි ගාථාහි උදානගීතං ගායි. තතො පට්ඨාය “රඤ්ඤො පියගීත”න්ති බොධිසත්තස්ස නාටකිත්ථියො ච සෙසනාටකගන්ධබ්බාදයොපි ච අන්තෙපුරජනොපි අන්තොනගරවාසිනොපි බහිනගරවාසිනොපි පානාගාරෙසුපි අමච්චමණ්ඩලෙසුපි “අම්හාකං රඤ්ඤො පියගීත”න්ති තදෙව ගීතං ගායන්ති. එවං අද්ධානෙ ගතෙ අග්ගමහෙසී තස්ස ගීතස්ස අත්ථං ජානිතුකාමා අහොසි, මහාසත්තං පන පුච්ඡිතුං න විසහති. අථස්සා එකස්මිං ගුණෙ පසීදිත්වා එකදිවසං රාජා “භද්දෙ, වරං තෙ දස්සාමි, වරං ගණ්හාහී”ති ආහ. “සාධු, දෙව, ගණ්හාමී”ති. “හත්ථිඅස්සාදීසු තෙ කිං දම්මී”ති? “දෙව, තුම්හෙ නිස්සාය මය්හං න කිඤ්චි නත්ථි, න මෙ එතෙහි අත්ථො, සචෙ පන දාතුකාමාත්ථ, තුම්හාකං ගීතස්ස අත්ථං කථෙත්වා දෙථා”ති. “භද්දෙ, කො තෙ ඉමිනා වරෙන අත්ථො, අඤ්ඤං ගණ්හාහී”ති. “දෙව, අඤ්ඤෙන මෙ අත්ථො නත්ථි, එතදෙව ගණ්හාමී”ති. “සාධු භද්දෙ, කථෙස්සාමි, තුය්හං පන එකිකාය රහො න කථෙස්සාමි, ද්වාදසයොජනිකාය බාරාණසියා භෙරිං චරාපෙත්වා රාජද්වාරෙ රතනමණ්ඩපං කාරෙත්වා රතනපල්ලඞ්කං පඤ්ඤාපෙත්වා අමච්චබ්රාහ්මණාදීහි ච නාගරෙහි චෙව සොළසහි ඉත්ථිසහස්සෙහි ච පරිවුතො තෙසං මජ්ඣෙ රතනපල්ලඞ්කෙ නිසීදිත්වා කථෙස්සාමී”ති. සා “සාධු, දෙවා”ති සම්පටිච්ඡි.
බෝසත් තෙමේ මෙසේ තමාගේ, සේසත් නැංවීමේ මංගල දිනයේදී, හටගත් ප්‍රීති ප්‍රමුදිත භාවයෙන් ඉහත සඳහන් ගාථා (1,2 ගාථා) දෙකෙන් උදාන ගීත ගායනා කෙළේය. එතැන් පටන් රජුගේ ‘ප්‍රියතම ගීතය’ යැයි එතුමාගේ නාටක ස්ත්‍රීහු ද, සෙසු නළුවෝ ද, ගාන්ධර්වයෝ ද, අන්තඃපුර ජනයා ද, ඇතුල් නුවර වාසීහු ද, පිට නුවර වාසීහු ද, මත්පැන් හල්වල ජනයා ද, ඇමැති මණ්ඩලයේ උදවිය ද, රජුගේ ඒ ගීතය ගායනා කරන්නට පටන් ගත්හ. මෙසේ කල්ගත වන කල්හි, රජුගේ අග මෙහෙසිය, රජතුමාගේ ප්‍රියතම ගීතයේ අර්ථය දැනගැනීමට, ආශාවක් ඇතිකොට ගත්තාය. එහෙත් ඒ ගැන බෝසත් රජතුමාගෙන් ඇසීමට තරම් ශක්තියක් ඇයට නොවීය. ඉක්බිති අග බිසවගේ කිසියම් ගුණයක් කෙරෙහි පැහැදුණු රජතුමා, දිනක් ‘සොඳුර, මම ඔබට වරයක් දෙමි. එයින් ඔබට කැමති දෙයක් ඉල්ලා ගැනීමට අවසර ඇත. එම වරය ඔබ ගන්නවාදැ’යි ඇසීය. ‘යහපති දේවයිනි, මම එය ගනිමි.’ ‘එසේනම් සොඳුර, මම ඔබට ඇතුන් අසුන් ආදී කැමති වස්තුවක් දෙන්නෙම්ද?’ ‘දේවයිනි, ඔබතුමා නිසා මට කිසිදු අඩුවක් නැත. එබැවින් එකී දේවලින්, මට ප්‍රයෝජනයක් නැත. දේවයිනි, ඉදින් ඔබතුමා කැමතිනම්, ඔබේ ප්‍රියතම ගීතයේ අර්ථය පැහැදිලි කොට කියාදෙනු මැනවැ’යි අගබිසව රජුගෙන් ඉල්ලා සිටියාය. එවිට රජතුමා ‘සොඳුර, මේ වරයෙන් ඔබට ලැබෙන ප්‍රයෝජනය කුමක්ද? එබැවින් වෙනෙකක් ගනුව’යි කීවේය. ඒ අසා සිටි දේවිය ‘රජතුමනි, වෙනත් දෙයකින් මට ප්‍රයෝජනයක් නැත. එබැවින් මා ඉල්ලූ දෙයම දෙනු මැනවැ’යි කීවාය. ‘මැනවි සොඳුර, මම එය කියන්නෙමි. මම ඔබට පමණක් රහසින්, එය කීමට අදහස් නො කරමි. ඒ නිසා දිග පළලින් සොළොස් යොදුන් වූ මේ බරණැස් නුවර පුරා බෙර පතුරුවා, සෙනග රැස්කොට, රජ දොරටුවෙහි රුවන් මණ්ඩපයක් තනවා, එහි මැණික් පළඟක් පනවා, ඇමැතියන් බමුණන් ආදී වූ නාගරිකයන්ගෙන්ද, සොළොස් දහසක් කාන්තාවන්ගෙන්ද, පිරිවරන ලදුව, ඔවුන්ගේ මැද පිහිටුවන ලද, මැණික් පුටුවෙහි වාඩි වී, එය කියන්නෙමැ’යි රජතුමා සිය දේවිය අමතා කීවේය. ඇයද ‘දේවයිනි, යහපතැ’යි කියා, රජුගේ අදහස පිළිගත්තාය.
රාජා තථා කාරෙත්වා අමරගණපරිවුතො සක්කො දෙවරාජා විය මහාජනකායපරිවුතො රතනපල්ලඞ්කෙ නිසීදි. දෙවීපි සබ්බාලඞ්කාරපටිමණ්ඩිතා කඤ්චනභද්දපීඨං අත්ථරිත්වා එකමන්තෙ අක්ඛිකොටියා ඔලොකෙත්වා තථාරූපෙ ඨානෙ නිසීදිත්වා “දෙව, තුම්හාකං තුස්සිත්වා ගායනමඞ්ගලගීතස්ස තාව මෙ අත්ථං ගගනතලෙ පුණ්ණචන්දං උට්ඨාපෙන්තො විය පාකටං කත්වා කථෙථා”ති වත්වා තතියං ගාථමාහ –
රජතුමා එකී සියලු කටයුතු ඒ අයුරෙන්ම කරවා, දෙවියන් පිරිවරා ගත් සක්දෙව් රජු මෙන්, මහජනයා පිරිවරන ලදුව, රුවන් පළඟෙහි හිඳ ගත්තේය. අග බිසව ද සර්වාභරණයෙන් සැරසී රනින් නිමවන ලද අසුනක් ගෙන රජුගේ ඇස් කොනට හසුවන සමීප දුරකින් අසුන තබා, ඒ මත හිඳ ‘දේවයිනි, ඔබතුමා ඉමහත් සතුටින් ගයන, මංගල ගීතයේ අර්ථය ගගන තලයෙහි සඳමඬල පෙන්වන්නාක් මෙන්, ප්‍රකට කොට මට කියාදෙනු මැනවැ’යි ප්‍රකාශකොට මෙසේ ද කීවාය.
“අභික්ඛණං රාජකුඤ්ජර, ගාථා භාසසි කොසලාධිප; පුච්ඡාමි තං රට්ඨවඩ්ඪන, බාළ්හං පීතිමනො පභාසසී”ති.
7. කුශලාධිපති වූ ශ්‍රේෂ්ඨ රජතුමනි, ‘ඔබ, නිතර ගාථා කියන්නෙහිය. රට දියුණු කරන්නාණෙනි, එය විචාරමි. මහත් වූ සතුටු සිතින් එය පැහැදිලි කරනු මැනව.
තත්ථ කොසලාධිපාති න සො කොසලරට්ඨාධිපො, කුසලෙ පන ධම්මෙ අධිපතිං කත්වා විහරති, තෙන නං ආලපන්තී එවමාහ, කුසලාධිප කුසලජ්ඣාසයාති අත්ථො. බාළ්හං පීතිමනො පභාසසීති අතිවිය පීතියුත්තචිත්තො හුත්වා භාසසි, තස්මා කථෙථ තාව මෙ එතාසං ගාථානං අත්‍ථන්ති.
මෙහි ‘කෝසලාධිප’ යන ප්‍රකාශය අනුව ‘ඔහු කොසොල් රටේ අධිපතියා නොවේ. කුශල ධර්මයන් ප්‍රධාන කොටගෙන ඔහු වාසය කරයි. එබැවින් එසේ අමතමින් මෙසේ කීය’ යන අර්ථයි. ‘බාළ්හං පීතිමනො පහාසසී’ යනු ‘අතිශය ප්‍රීතියෙන් යුතු සිත් ඇතිව, කියනු මැනව’ යන අර්ථයි. ‘එබැවින් පළමුකොට මට මේ ගාථාවන්ගේ අර්ථය කියනු මැනව’ යන අර්ථයි.
අථස්ස ගාථානමත්ථං ආවි කරොන්තො මහාසත්තො චතස්සො ගාථා අභාසි –
අනතුරුව දේවියට ගාථාවන්ගේ අර්ථයන් පැහැදිලි කරමින් බෝසත් රජතුමා, මේ ගාථා සතර ප්‍රකාශ කෙළේය.
“ඉමස්මිංයෙව නගරෙ, කුලෙ අඤ්ඤතරෙ අහුං; පරකම්මකරො ආසිං, භතකො සීලසංවුතො.
8. මම මේ නුවර ම එක්තරා පවුලක ඉපදුනෙමි. ශීලයෙන් සංවර වූ මම, වැටුපට අනුන්ගේ වැඩ කරන්නෙක් වූයෙමි.
“කම්මාය නික්ඛමන්තොහං, චතුරො සමණෙද්දසං; ආචාරසීලසම්පන්නෙ, සීතිභූතෙ අනාසවෙ.
9. වැඩට පිටත් වූ මම, ආචාර-ශීල සම්පන්න වූ, නිවුණු නිකෙලෙස් ශ්රමණයන් සතර නමක් දුටුවෙමි.
“තෙසු චිත්තං පසාදෙත්වා, නිසීදෙත්වා පණ්ණසන්ථතෙ; අදං බුද්ධානං කුම්මාසං, පසන්නො සෙහි පාණිභි.
10. මම උන්වහන්සේ කෙරෙහි සිත පහදවාගෙන, කොළ ඇතිරියක වඩා හිඳුවා, ප්‍රසන්න වූ සිත් ඇති මම, පසේ බුදුවරුන්ට තම දෑතින් පිට්ටු පූජා කෙළෙමි.
“තස්ස කම්මස්ස කුසලස්ස, ඉදං මෙ එදිසං ඵලං; අනුභොමි ඉදං රජ්ජං, ඵීතං ධරණිමුත්තම”න්ති.
11. මාගේ ඒ කුශල කර්මයේ මේ විපාකය මෙබඳුය. (ඒ මම) සමෘද්ධ වූ උතුම් පෘථිවියෙන් යුක්ත වූ, මේ රාජ්‍යය පරිභෝග කරමි.
තත්ථ කුලෙ අඤ්ඤතරෙති නාමෙන වා ගොත්තෙන වා අපාකටෙ එකස්මිංයෙව කුලෙ. අහුන්ති නිබ්බත්තිං. පරකම්මකරො ආසින්ති තස්මිං කුලෙ ජාතොවාහං දලිද්දතාය පරස්ස කම්මං කත්වා ජීවිකං කප්පෙන්තො පරකම්මකරො ආසිං. භතකොති පරවෙතනභතො. සීලසංවුතොති පඤ්චසීලසංවරෙ ඨිතො, භතියා ජීවන්තොපි දුස්සීල්යං පහාය සීලසම්පන්නොව අහොසින්ති දීපෙති. කම්මාය නික්ඛමන්තොහන්ති තං දිවසං කත්තබ්බකිච්චස්ස කරණත්ථාය නික්ඛන්තො අහං. චතුරො සමණෙද්දසන්ති භද්දෙ, අහං නගරා නික්ඛම්ම මහාමග්ගං ආරුය්හ අත්තනො කම්මභූමිං ගච්ඡන්තො භික්ඛාය බාරාණසිනගරං පවිසන්තෙ සමිතපාපෙ චත්තාරො පබ්බජිතෙ අද්දසං. ආචාරසීලසම්පන්නෙති එකවීසතියා අනෙසනාහි ජීවිකකප්පනං අනාචාරො නාම, තස්ස පටිපක්ඛෙන ආචාරෙන චෙව මග්ගඵලෙහි ආගතෙන සීලෙන ච සමන්නාගතෙ. සීතිභූතෙති රාගාදිපරිළාහවූපසමෙන චෙව එකාදසඅග්ගිනිබ්බාපනෙන ච සීතිභාවප්පත්තෙ. අනාසවෙති කාමාසවාදිවිරහිතෙ. නිසීදෙත්වාති වාලිකාසනානං උපරි සන්ථතෙ පණ්ණසන්ථරෙ නිසීදාපෙත්වා. සන්ථරො හි ඉධ සන්ථතොති වුත්තො. අදන්ති නෙසං උදකං දත්වා සක්කච්චං සකෙහි හත්ථෙහි කුම්මාසං අදාසිං. කුසලස්සාති ආරොග්යානවජ්ජට්ඨෙන කුසලස්ස. ඵලන්ති තස්ස නිස්සන්දඵලං. ඵීතන්ති සබ්බසම්පත්තිඵුල්ලිතං.
මෙහි ‘කුලෙ අඤ්ඤතරෙ’ යනු ‘නමින් හෝ ගෝත්‍රයෙන් අප්‍රකට වූ, කිසියම් වෛශ්‍ය කුලයක යන අර්ථයි. ‘අහුං’ යනු ‘ඉපදුනෙමි’ යන අර්ථයි. ‘පරක්කමකරො ආසිං’ යනු ‘ඒ කුලයෙහි උපන් මම දිළිඳුකම නිසා අනුන්ට වැඩකොට ජීවිකාව කරමින්, අනුන්ගේ වැඩකාරයෙක් වීමි’ යන අර්ථයි. ‘භතකො’ යනු ‘අනුන්ගේ වැටුපට වැඩකරන’ යන අර්ථයි. ‘සීල සංවුතො’ යනු පංචශීල සංවරයෙහි පිහිටි’ යන අර්ථයි. ‘වැටුපෙන් ජීවත් වුවත්, දුස්සීල බව දුරුකොට ශීල සම්පන්නයෙක් වීමි’යි දක්වයි යන අර්ථයි. ‘කම්මාය නික්ඛමන්තාහං’ යනු ‘එදවස කළ යුතු වැඩක් කිරීම සඳහා නික්මුණු මම’ යන අර්ථයි. ‘චතුරෝ සමණේ අද්දසං’ යනු ‘සොඳුර, මම නුවරින් නික්ම මහමගට බැස, සිය වැඩපොළට යන්නේ, භික්ෂා පිණිස බරණැස් නුවරට පිවිසි, පව් සංසිඳවූ පැවිද්දන් සතර දෙනෙකුන් දුටුවෙමි’ යන අර්ථයි. ‘ආචාරසීලසම්පන්න’ යනු විසිඑකක් නුසුදුසු ජීවන ක්‍රමවලින් ජීවත්වීම, ‘අනාචාර’ නම් වේ. ඊට විරුද්ධ වූ ආචාරයෙන් ද, මාර්ග-ඵලවලින් ද, පූර්ණ වූ ශීලයෙන් ද, සමන්විත වූ’ යන අර්ථයි. ‘සීතිභූතෙ’ යනු ‘රාගාදි ගිනි සංසිඳවූ බැවින් ද, එකොළොස් ගිනි නිවූ බැවින් ද, සිසිල් භාවයට පැමිණි’ යන අර්ථයි. ‘අනාසවෙ’ යනු කාම ආදී ආශ්‍රවයන් රහිත’ යන අර්ථයි. ‘නිසීදෙත්වා’ යනු ‘වැලිගොඩවල් මත්තෙහි අතුරන ලද, කොළ ඇතිරියෙහි වඩා හිඳුවා’ යන අර්ථයි. මෙහි ‘සන්ථකෙ’ යනුවෙන් දක්වා ඇත්තේ ‘සන්ථාරෝ’ යන්නයි. ‘අදාසිං’ යනු ‘උන්වහන්සේට පැන් පිළිගන්වා, සකසා සියතින් පිට්ටු පිදුවෙමි’ යන අර්ථයි. ‘කුසලස්ස’ යනු ‘ආරෝග්‍ය හා නිරවද්‍ය අර්ථයෙන් වූ කුසලයට’ යන අර්ථයි. ‘ඵලං’ යනු ‘ඒ කුසලයේ විපාකය යි. ‘ඵිතං’ යනු ‘සියලු සම්පතින් පිරුණු’ යන අර්ථයි.
එවඤ්ච මහාසත්තස්ස අත්තනො කම්මඵලං විත්ථාරෙත්වා කථෙන්තස්ස සුත්වා දෙවී පසන්නමනා “සචෙ, මහාරාජ, එවං පච්චක්ඛතො දානඵලං ජානාථ, ඉතො දානි පට්ඨාය එකං භත්තපිණ්ඩං ලභිත්වා ධම්මිකසමණබ්රාහ්මණානං දත්වාව පරිභුඤ්ජෙය්යාථා”ති බොධිසත්තස්ස ථුතිං කරොන්තී –
මෙසේ බෝසත් රජතුමා තමාගේ කර්මයේ විපාකය විස්තරකොට ප්‍රකාශ කෙළේය. ඒ අසා සතුටින් යුතු ප්‍රසන්න මනසක් ඇති රාජදේවිය, ‘මහරජතුමනි, ඉදින් මෙසේ ප්රත්යක්ෂ වශයෙන් ඔබේ දානයේ විපාකය ඔබ අවබෝධ කරගත්තෙහිය. එබැවින් මෙතැන් පටන් එක බත්පිඬක් ලැබුණත්, එයින් කොටසක් මහණ බමුණන්ට පූජා කොට ම, අනුභව කරනු මැනවැ’යි රජුට ස්තුති කරමින් මෙසේ කීවාය.
“දදං භුඤ්ජ මා ච පමාදො, චක්කං වත්තය කොසලාධිප; මා රාජ අධම්මිකො අහු, ධම්මං පාලය කොසලාධිපා”ති. – ඉමං ගාථමාහ;
12. කුශලාධිපති වූ රජතුමනි, පරිත්‍යාග කරමින් පරිභෝග කරන්න. අප්රමාදී වන්න. මේ ධර්ම චක්‍රය ම පවත්වන්න. අධාර්මික නොවන්න. ධර්මය ආරක්ෂා කරන්න.
තත්ථ දදං භුඤ්ජාති අඤ්ඤෙසං දත්වාව අත්තනා භුඤ්ජ. මා ච පමාදොති දානාදීසු පුඤ්ඤෙසු මා පමජ්ජි. චක්කං වත්තය කොසලාධිපාති කුසලජ්ඣාසය, මහාරාජ, පතිරූපදෙසවාසාදිකං චතුබ්බිධං ධම්මචක්කං පවත්තෙහි. පකතිරථො හි ද්වීහි චක්කෙහි ගච්ඡති, අයං පන කායො ඉමෙහි චතූහි චක්කෙහි දෙවලොකං ගච්ඡති, තෙන තෙ “ධම්මචක්ක”න්ති සඞ්ඛ්‍යං ගතා, තං ත්වං චක්කං පවත්තෙහි. අධම්මිකොති යථා අඤ්ඤෙ ඡන්දාගතිං ගච්ඡන්තා ලොකං උච්ඡුයන්තෙ පීළෙත්වා විය ධනමෙව සංකඩ්ඪන්තා අධම්මිකා හොන්ති, තථා ත්වං මා අධම්මිකො අහු. ධම්මං පාලයාති –
මෙහි ‘දද භුඤ්ජච’ යනු ‘අනුන්ට දී, ඔබ ද පරිභෝග කරන්න’ යන අර්ථයි. ‘මා ච පමාදො’ යනු ‘දානාදි පින්කම්හි පමා නොවන්න’ යන අර්ථයි. ‘චක්කං වත්තය කෝසලාධිප’ යනු ‘කුසල් අදහස් ඇති මහරජතුමනි, සුදුසු පෙදෙසක විසීම ආදී වූ, සිවු වැදෑරුම් දම් සක පවත්වනු මැනව.’ යන අර්ථයි. ‘සාමාන්‍ය රථයක් රෝද දෙකකින් ගමන් කරයි. මේ කය වනාහි, මේ රෝද සතරින් දෙව්ලොවට යයි. එබැවින් එය ධර්ම චක්‍ර සංඛ්‍යාවෙහි ලා ගැනේ. ඔබතුමා ඒ චක්‍රය පවත්වනු මැනව’ යන අර්ථයි. ‘මා අධම්මිකො’ යනු ‘යම් සේ අන් අය ඡන්දයෙන් අගතියට යන්නාහු, ලෝකයා උක් යන්ත්‍රයක ලා පෙළන්නාක් මෙන්, තළා ධනය ම එකතු කරමින් අධාර්මික වෙත් ද? ඔබතුමා එවැනි අධාර්මිකයකු නො වන්න’ යන අර්ථයි. ‘ධම්මං පාලය’ යනු,
“දානං සීලං පරිච්චාගං, අජ්ජවං මද්දවං තපං; අක්කොධං අවිහිංසඤ්ච, ඛන්තිඤ්ච අවිරොධන”න්ති. (ජා· 2.21.176) –
13. දානය - ශීලය - පරිත්‍යාගය - සෘජුබව - මෘදුබව - තපස - අක්‍රෝධය - අවිහිංසාව - ඉවසීම - අවිරෝධතාව (දස රාජ ධර්මය) යි. (ජාතක පාළි)
ඉමං පන දසවිධං රාජධම්මමෙව පාලය රක්ඛ, මා පරිච්චජි.
‘මේ රාජ ධර්ම දහය ම ආරක්ෂා කරන්න. රකින්න. එය අත් නොහරින්න’ යන අර්ථයි.
මහාසත්තො තස්සා වචනං සම්පටිච්ඡන්තො –
බෝසත් රජතුමා ඇයගේ ඒ වචන පිළිගනිමින්, මේ ගාථාව ප්‍රකාශ කෙළේය.
“සොහං තදෙව පුනප්පුනං, වටුමං ආචරිස්සාමි සොභනෙ; අරියාචරිතං සුකොසලෙ, අරහන්තො මෙ මනාපාව පස්සිතු”න්ති. – ගාථමාහ;
14. සොඳුර, කෝශල දියණිය, උතුමන් හැසිරුණු, ඒ මාර්ගයේ ම, ඒ මම නැවත නැවතත් හැසිරෙන්නෙමි. රහතන් වහන්සේ, මා දැකීමට ප්‍රිය මනාප අය වෙති.
තත්ථ වටුමන්ති මග්ගං. අරියාචරිතන්ති අරියෙහි බුද්ධාදීහි ආචිණ්ණං. සුකොසලෙති සොභනෙ කොසලරඤ්ඤො ධීතෙති අත්ථො. අරහන්තොති කිලෙසෙහි ආරකත්තා, අරානඤ්ච අරීනඤ්ච හතත්තා, පච්චයානං අරහත්තා එවංලද්ධනාමා පච්චෙකබුද්ධා. ඉදං වුත්තං හොති – භද්දෙ, කොසලරාජධීතෙ සො අහං “දානං මෙ දින්න”න්ති තිත්තිං අකත්වා පුනප්පුනං තදෙව අරියාචරිතං දානමග්ගං ආචරිස්සාමි. මය්හඤ්හි අග්ගදක්ඛිණෙය්‍යත්තා අරහන්තො මනාපදස්සනා, චීවරාදීනි දාතුකාමතාය තෙයෙව පස්සිතුං ඉච්ඡාමීති.
මෙහි ‘වටුමං’ යනු ‘මාර්ගය’යි. ‘අරියාචරිතං’ යනු ‘බුද්ධාදී ආර්යයන් විසින් පුරුදු කරන ලද’, යන අර්ථයි. ‘සුකෝසලේ’ යනු ‘කොසොල් රජුගේ සුන්දර වූ දියණියනි’, යන අර්ථයි. ‘අරහන්තො’ යනු ‘කෙලෙසුන්ගෙන් බැහැර වූ බැවින් ද, (සංසාර චක්‍රයේ) ‘අර’ සිඳ දැමූ හෙයින් ද (කෙලෙස්) සතුරන් නැසූ හෙයින් ද, සිවුපසයට සුදුසු වන බැවින් ද, රහත් නාමය ලැබූ පසේ බුදුවරු’, යන අර්ථයි. මින් කියන ලද අදහස නම්, මෙයයි. එනම්, සොඳුර, කෝශල රාජ දියණිය, මා විසින් දන් දෙන ලදැයි, ඒ මම එයින් තෘප්තියට පත් නොවී, ඒ උතුමන් හැසිරුණු දාන මාර්ගයෙහි ම හැසිරෙන්නෙමි. අග්‍ර දක්ෂිණෙය්ය වූ, ඒ රහතන් වහන්සේ දැකීම මට ප්‍රියමනාප ය. චීවරාදිය පූජා කිරීමට ඇති කැමැත්ත නිසා උන්වහන්සේ දැකීමට කැමැත්තෙමි’ යන අර්ථයි.
එවඤ්ච පන වත්වා රාජා දෙවියා සම්පත්තිං ඔලොකෙත්වා “භද්දෙ, මයා තාව පුරිමභවෙ අත්තනො කුසලකම්මං විත්ථාරෙත්වා කථිතං, ඉමාසං පන නාරීනං මජ්ඣෙ රූපෙන වා ලීළාවිලාසෙන වා තයා සදිසී එකාපි නත්ථි, සා ත්වං කිං කම්මං කත්වා ඉමං සම්පත්තිං පටිලභී”ති පුච්ඡන්තො පුන ගාථමාහ –
බෝසත් රජතුමා මෙසේ ද කියා, දේවියගේ සම්පත් දෙස බලා, ‘සොඳුර, මා විසින් ඔබට මාගේ පෙර භවයෙහි කුසලකර්ම විස්තර කොට කියන ලදි. මෙතැන්හි හිඳින මේ කාන්තාවන් මැද, රූපයෙන් හෝ භාවභාවලීලා විලාශයෙන් හෝ, ඔබ හා සමාන එකදු කාන්තාවක් නැත. ඒ ඔබ කිනම් කර්මයක් කොට, මේ සම්පත් ලැබුවාදැ’යි විචාරමින්, නැවත මේ ගාථාව ද කීයේය.
“දෙවී විය අච්ඡරූපමා, මජ්ඣෙ නාරිගණස්ස සොභසි; කිං කම්මමකාසි භද්දකං, කෙනාසි වණ්ණවතී සුකොසලෙ”ති.
15. සුන්දර කොසොල් දියණිය, ඔබ අප්සරාවක් වැනිය. දෙවඟනක් වැනිය. වරඟනන් මැද එසේ බබළයි. ඔබ යහපත් වූ කුමන කර්මයක් කෙළෙහිද? කුමන කර්මයක් නිසා, වර්ණවත් තැනැත්තියක් වූයෙහිද?
තස්සත්ථො – භද්දෙ සුකොසලෙ කොසලරඤ්ඤො සුධීතෙ ත්වං රූපසම්පත්තියා අච්ඡරූපමා තිදසපුරෙ සක්කස්ස දෙවරඤ්ඤො අඤ්ඤතරා දෙවධීතා විය ඉමස්ස නාරීගණස්ස මජ්ඣෙ සොභසි, පුබ්බෙ කිං නාම භද්දකං කල්යාණකම්මං අකාසි, කෙනාසි කාරණෙන එවං වණ්ණවතී ජාතාති.
සොඳුර, කොසොල් රජුගේ යහපත් දියණියෙනි, රූ සපුවෙන් ඔබ අප්සරාවක වැනිය. තවුතිසාවෙහි සක්දෙව් රජුගේ කිසියම් දෙව්දුවක මෙන්, මේ නාරි ගණයා මැද බබළයි. ඔබ පෙර කිනම් වූ යහපත් පින්කමක් කෙළෙහිද? කුමන කරුණක් නිසා මෙසේ වර්ණවත්ව ඉපදුනිද? යන අර්ථයි.
අථස්ස සා පුරිමභවෙ කල්යාණකම්මං කථෙන්තී සෙසගාථාද්වයමාහ –
ඉක්බිති තමාගේ පෙර භවයෙහි සිදුකරන ලද පින්කම් පැහැදිලි කරන රාජ දේවිය. එම විස්තරය ජාති ස්මරණ ඥානයෙන් පිරිසිඳ දැනගෙනම, මේ ගාථා දෙක ප්‍රකාශ කළාය.
“අම්බට්ඨකුලස්ස ඛත්තිය, දාස්යාහං පරපෙසියා අහුං; සඤ්ඤතා ච ධම්මජීවිනී, සීලවතී ච අපාපදස්සනා.
16. රජතුමනි, මම (කිසියම්) කෙළෙඹි කුලයක අනුන්ගේ මෙහෙවරෙහි යෙදුණු දාසියක් වීමි. දැහැමින් ජීවත්වන, සංයම වූ, සිල්වත්, දැකුම්කලු තැනැත්තියක් ද වීමි.
“උද්ධටභත්තං අහං තදා, චරමානස්ස අදාසිං භික්ඛුනො; විත්තා සුමනා සයං අහං, තස්ස කම්මස්ස ඵලං මමෙදිස”න්ති.
17. එකල්හි මම (මට) ලැබුණු බතක් පිඬු පිණිස හැසිරෙන භික්ෂු නමකට දුනිමි. ඒ මම (ඒ ගැන) මැනවින් දැන, සතුටු වූයෙමි. මගේ ඒ කර්මයේ විපාකය යි මේ.
සාපි කිර ජාතිස්සරාව අහොසි, තස්මා අත්තනො ජාතිස්සරඤාණෙන පරිච්ඡින්දිත්වාව කථෙසි.
තත්ථ අම්බට්ඨකුලස්සාති කුටුම්බියකුලස්ස. දාස්යාහන්ති දාසී අහං, “දාසාහ”න්තිපි පාඨො. පරපෙසියාති පරෙහි තස්ස තස්ස කිච්චස්ස කරණත්ථාය පෙසිතබ්බා පෙසනකාරිකා. සඤ්ඤතාති දාසියො නාම දුස්සීලා හොන්ති, අහං පන තීහි ද්වාරෙහි සඤ්ඤතා සීලසම්පන්නා. ධම්මජීවිනීති පරවඤ්චනාදීනි අකත්වා ධම්මෙන සමෙන පවත්තිතජීවිකා. සීලවතීති ආචාරසම්පන්නා ගුණවතී. අපාපදස්සනාති කල්යාණදස්සනා පියධම්මා.
මෙහි ‘අම්බට්ඨ කුලස්ස’ යනු ‘කෙළෙඹි කුලයක’ යන අර්ථයි. ‘දාස්යාහං’ යනු ‘මම දාසියක් වීමි’ යන අර්ථයි. ‘දාසාහං’ යනු ද පාඨයකි. ‘පරෙපෙස්සියා’ යනු ‘අනුන් විසින් ඒ ඒ කටයුතු කිරීම සඳහා, යවන ලද වැඩකාරියකි’ යන අර්ථයි. ‘සඤ්ඤතා’ යනු ‘දාසියෝ නම්, දුසිල් තැනැත්තියෝ වෙති. මම වනාහි තුන්දොරින් සංවර වූ සිල්වතියක් වීමි’, යන අර්ථයි. ‘ධම්මජීවිනි’ යනු ‘අනුන්ට වංචා ආදිය නොකොට දැහැමින්, සෙමෙන් දිවි පවත්වාගෙන ගියෙමි’ යන අර්ථයි. ‘සීලවතී’ යනු ‘ආචාර සම්පන්න ගුණවතියක් වීමි’ යන අර්ථයි. ‘අපාපදස්සනා’ යනු දැකුම්කලු පෙනුමක් ඇති, ප්‍රිය ස්වභාවයක් ඇති තැනැත්තියක් වීමි’ යන අර්ථයි.
උද්ධටභත්තන්ති අත්තනො පත්තකොට්ඨාසවසෙන උද්ධරිත්වා ලද්ධභාගභත්තං. භික්ඛුනොති භින්නකිලෙසස්ස පච්චෙකබුද්ධස්ස. විත්තා සුමනාති තුට්ඨා සොමනස්සජාතා කම්මඵලං සද්දහන්තී. තස්ස කම්මස්සාති තස්ස එකභික්ඛාදානකම්මස්ස. ඉදං වුත්තං හොති – අහං, මහාරාජ, පුබ්බෙ සාවත්ථියං අඤ්ඤතරස්ස කුටුම්බියකුලස්ස දාසී හුත්වා අත්තනො ලද්ධභාගභත්තං ආදාය නික්ඛමන්තී එකං පච්චෙකබුද්ධං පිණ්ඩාය චරන්තං දිස්වා අත්තනො තණ්හං මිලාපෙත්වා සඤ්ඤතාදිගුණසම්පන්නා කම්මඵලං සද්දහන්තී තස්ස තං භත්තං අදාසිං, සාහං යාවතායුකං ඨත්වා කාලං කත්වා තත්ථ සාවත්ථියං කොසලරඤ්ඤො අග්ගමහෙසියා කුච්ඡිම්හි නිබ්බත්තිත්වා ඉදානි තව පාදෙ පරිචරමානා එවරූපං සම්පත්තිං අනුභවාමි, තස්ස මම කම්මස්ස ඉදමීදිසං ඵලන්ති. තත්ථ ගුණසම්පන්නානං දින්නදානස්ස මහප්ඵලභාවදස්සනත්ථං –
‘උද්ධටභත්තං’ යනු ‘තමන්ට කොටස් වශයෙන් ලැබුණු බත, එනම් කොටස් වශයෙන් තමන්ට වෙන්කොට දුන් බත’ යන අර්ථයි. ‘භික්ඛුනො’ යනු ‘නැසූ කෙලෙස් ඇති, පසේ බුදුවරයකුට’ යන අර්ථයි. ‘විත්තා සුමනා’ යනු ‘සතුටට, සොම්නසට පත් වූ (මම) කර්ම-ඵල විශ්වාස කරමින්’, යන අර්ථයි. ‘තස්ස කම්මස්ස’ යනු ‘එක් භික්ෂාවක් දන් දුන් ඒ කර්මයෙහි’ යන අර්ථයි. ‘මින් කියන ලද්දේ මේ කාරණය යි. එනම්, මහරජතුමනි, මම පෙර සැවැත්නුවර එක්තරා කෙළෙඹි කුලයක දාසියක් වී උපන්නෙමි. එහිදී මට අනුභවය සඳහා ලැබුණු කෑම කොටසත් රැගෙන නිවෙසින් නික්මුණු මම, එක් පසේ බුදුවරයකු පිඬු පිණිස හැසිරෙනු දැක, මගේ කෑම පංගුව ගැන, මා තුළ තිබූ ආශාව දුරුකොට, මාගේ සංයමය ආදී වූ ගුණවත්කම් අනුව, කර්ම-ඵල අදහමින්, උන්වහන්සේට ඒ මගේ කෑම කොටස පූජා කෙළෙමි. එසේ කළ ඒ මම, දිවි ඇති තෙක් ජීවත්ව සිට මියගොස්, ඒ සැවැත් නුවර ම කොසොල් රජතුමාගේ අග මෙහෙසිය කුස ඉපදුණෙමි. දැන් ඒ මම ඔබතුමාගේ පා ළඟ සැරිසරමින්, මෙබඳු වූ රූප සම්පත්තියක් ලැබ, මෙපමණ සැපසම්පත් විඳිමි. ඒ මගේ පුණ්‍ය කර්මයේ විපාකය මෙබඳු යැ’යි රාජදේවිය තම පූර්ව භවයේ විස්තර මෙසේ ගලපා කීවාය.’ යන අර්ථයි. මෙහි ගුණ සම්පතින් පිරුණු උතුමන්ට දුන් දැයෙහි, මහත්-ඵල භාවය පැහැදිලි කරගැනීමට,
“අග්ගතො වෙ පසන්නාන”න්ති (ඉතිවු· 90) ච.
‘අග්ගතො වේ පසන්නානං’ යන මේ (ඉතිවුත්තක පාළියේ - අග්ගපසාද සූත්‍රයේ එන) ගාථාව ද,
“එස දෙවමනුස්සානං, සබ්බකාමදදො නිධී”ති (ඛු· පා· 8.10) ච. –
‘ඒස දේව මනුස්සානං සබ්බකාමදද්රෝනිධි’ යන මේ (ඛුද්දක පාඨයේ - නිධිකණ්ඩ සූත්‍රයේ එන) ගාථාව ද,
ආදිගාථා විත්ථාරෙතබ්බා.
යන මේවා විමසා බැලිය යුතුය, යන අර්ථයි.
ඉති තෙ උභොපි අත්තනො පුරිමකම්මං විත්ථාරතො කථෙත්වා තතො පට්ඨාය චතූසු නගරද්වාරෙසු නගරමජ්ඣෙ නිවෙසනද්වාරෙති ඡ දානසාලායො කාරෙත්වා සකලජම්බුදීපං උන්නඞ්ගලං කත්වා මහාදානං පවත්තෙත්වා සීලං රක්ඛිත්වා උපොසථකම්මං කත්වා ජීවිතපරියොසානෙ සග්ගපරායණා අහෙසුං.
මෙසේ රජතුමා ද, අගමෙහෙසිය ද, යන මේ දෙදෙනා ම තම-තමන්ගේ පූර්ව කර්මයන් විස්තරකොට කියමින්, පිරිස දැනුම්වත් කළහ. ඔවුහු එතැන් පටන් නුවර සතරවාසල් දොරටුවල ද, නගරය මැද ද, රජමැදුර ඉදිරිපිට ද, යන ස්ථාන හයක දානශාලා හයක් කරවා, මුළු දඹදිව වැස්සන්ගේ සියලු කටයුතු තාවකාලිකව නවත්වා, මහදන් පවත්වා, නිති පන්සිල් රකිමින්, පොහොය අටසිල් සමාදන් වෙමින්, දිවි ඇති තෙක් දැහැමි ජීවිත ගතකොට, මැරී ගොස් දෙව්ලොව උපන්හ.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා ජාතකං සමොධානෙසි – “තදා දෙවී රාහුලමාතා අහොසි, රාජා පන අහමෙව අහොසි”න්ති.
බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා, ජාතකය නිමවා වදාළ සේක. එදා දේවිය නම්, රාහුල මාතාවය. රජතුමා වූ කලී ‘මම ම යැ’යි බුදුරජාණන් වහන්සේ, තමන් වහන්සේ දක්වා වදාළ සේක.
කුම්මාසපිණ්ඩිජාතකවණ්ණනා දසමා.