10. කුම‍්මාසපිණ‍්ඩජාතකං
1128. න කිරත්‍ථි අනොමදස‍්සිසු පාරිචරියා බුද‍්ධෙසු අප‍්පිකා, සුක‍්ඛාය අලොණිකාය ච පස‍්ස ඵලං කුම‍්මාසපිණ‍්ඩියා.
1128. අලාමක වූ ප්‍රත්‍යෙකබෝධිඥාන ඇති පසේබුදුවරයන් කෙරෙහි කළ වැඳුම් පිදුම් ආදි පරිචර්‍ය්‍යාවන්ගේ ආනිසංසය ස්වල්ප නො වේ. තෙල්, පැණි රහිත කොමුපිඬු දානයෙහි විපාක බල.
1129. හත්‍ථිගවාස‍්සා ච මෙ බහූ ධනධඤ‍්ඤං පඨවී ච කෙවලා, නාරියො චිමා අච‍්ඡරූපමා පස‍්ස ඵලං කුම‍්මාසපිණ‍්ඩියා.
1129. ඇත් අස් ගවයෝ ද ධනධාන්‍යයෝ ද සියලු මහ පොළොව ද, දෙවඟනන් වැනි සුන්‍දර රූපිකාවෝ ද මට බොහෝ වෙති. කොමුපිඬු දානයෙහි විපාක බල.
1130. අභික‍්ඛණං රාජකුඤ‍්ජර ගාථා භාසසී කොසලාධිප, පුච‍්ඡාමි තං රට‍්ඨවඩ‍්ඪන බාළ‍්හං පීතිමනො පභාසසි.
1130. කුශලාධ්‍යශය ඇති රාජශ්‍රේෂ්ඨය, නිරතුරු ගාථා කියන්නෙහි ය රාජ්‍යය දියුණු කරන උතුමාණෙනි, ඔබ විචාරමි. ප්‍රමුදිත ව මෙහි අරුත් කියනු මැන.
1131. ඉමස‍්මිං යෙව නගරෙ කුලෙ අඤ‍්ඤතරෙ අහුං, පරකම‍්මකාරො ආසිං භතකො සීලසංවුතො.
1131. මේ නගරයේ ම එක්තරා කුලයෙක උපන්මි. අනුන්ට බැලමෙහෙකම් කොට දිවි රක්නෙම් පිරිසුදු පන්සිල් ඇති වීමි.
1132. කම‍්මාය නික‍්ඛමන‍්තාහං චතුරො සමණෙ අද‍්දසං. ආචාරසීලසම‍්පන‍්නෙ සීතීභූතෙ අනාසවෙ.
1132. කර්‍මාන්ත සඳහා යන මම ආචාරයෙන් හා ශීලයෙන් සම්පූර්‍ණ වූ පාප රහිත හෙයින් සිහිල් වූ ආස්‍රව රහිත වූ ශ්‍රමණයන් වහන්සේ සතර නමක් දිටිමි.
1133. තෙසු චිත‍්තං පසාදෙත්‍වා නිසීදෙත්‍වා පණ‍්ණසන්‍ථතෙ, අදාසිං බුද‍්ධානං කුම‍්මාසං පසන‍්නො සෙහි පාණිහි.
1133. උන්වහන්සේ කෙරෙහි සිත පහදවා කොළ ඇතිරියෙහි වඩාහිඳුවා පහන් සිතැති ව පසේබුදුවරුන්හට සියතින් කොමුපිඬු පිළිගැන්වූයෙමි.
1134. තස‍්ස කම‍්මස‍්ස කුසලස‍්ස ඉදං මෙ එදිසං ඵලං, අනුභොමි ඉදං රජ‍්ජං ඵීතං ධරණිමුත‍්තමං.
1134. මාගේ පුණ්‍යකර්‍මයේ විපාකඵලය මෙබඳු ය. හැම සම්පත්තියෙන් ආඪ්‍ය වූ උතුම් පොළොව සහිත රාජසම්පත විඳිමි.
1135. දද භුඤ‍්ජ ච මා ච පමාදො චක‍්කං වත‍්තය කොසලාධිප, මා රාජ අධම‍්මිකො අහූ ධම‍්මං පාලය කොසලාධිප.
1135. කෝසලාධිපය, දන් දී වළඳනු මැනැවි. දානාදි පුණ්‍ය ක්‍රියාහි නොසැලැකිලි නොවන්නේ මැනැවි. චතුශ්චක්‍රක සම්පත් සපුරාලනු මැනවි. රජතුමනි, අධාර්මිකයකු නොවනු මැනැවි. දහම් රකින්නේ මැනැවි.
1136. සොහං තදෙව පුනප‍්පුනං වටුමං ආචරිස‍්සාමි සොභනෙ, අරියාචරිතං සුකොසලෙ අරහන‍්තො මෙ මනාපා පස‍්සිතුං.
1136. ඒ මම බුද්ධාදි ආර්‍ය්‍යයන් නැවැතැ නැවැතැ පුරුදු කළ මඟෙහි ම හැසිරෙන්නෙමි, රහතුන් වහන්සේ දකින්නට මට රිසි ඇත.
1137. දෙවී වියච‍්ඡරූපමා මජ‍්ඣෙ නාරිගණස‍්ස සොභසි, කිං කම‍්මමකාසි භද‍්දකං තෙනාසි වණ‍්ණවතී සුකොසලෙ.
1137. දේවිය, (කොසොල්රජුගේ දුවක වූ තෙපි) කතුන් මැද අප්සරාවක මෙන් බබලන්නවු ය. පෙර කිනම් කුශලකර්‍මයක් කළා ද? කවර කරුණෙකින් වර්‍ණවත් වූවා ද?
1138. අම‍්බට‍්ඨකුලස‍්ස ඛත‍්තිය දාස්‍යාහං පරපෙස‍්සියා අහුං, සඤ‍්ඤතා ධම‍්මජිවිනී සීලවතී ච අපාපදස‍්සනා.
1138. රජතුමනි, මම කෙළෙඹිකුලයක පණිවුඩ ගෙනයන දාසියක් වීමි. තිදොරින් සංවර වූ දැහැමෙන් ජීවත් වන ආචාරසීල සම්පන්න වූ දැකුම්කලු වීමි.
1139. උද‍්ධටභත‍්තං අහං තදා චරමානස‍්ස අදාසිං භික‍්ඛුනො, විත‍්තා සුමනා සයං අහං තස‍්ස කම‍්මස‍්ස ඵලං මමෙදිස’න‍්ති.
1139. එකලැ මම තමහට ලැබුණු බත්කොටස ගෙනෙනුයේ පිඬුසිඟා වඩනා බුන් කෙලෙස් ඇති පසේබුදුන් වහන්සේට සතුටු සිත් ඇති ව දුනිමි. (පිදීමි) ඒ කර්‍මයේ ඵලය මෙබඳු ය.