9. ජාගරජාතකං
1121. කොධ ජාගරතං සුත්තො කොධො සුත්තෙසු ජාගරො, කො මමෙතං විජානාති කො තං පටිභණාති මෙ.
1121. මෙලොව කවරෙක් නිදිවර්ජිතයන් අතුරෙහි සයනය කෙළේ ද? සයනය කළවුන් අතුරෙහි කවරෙක් නිදිවර්ජිත ද? මාගේ තෙල ප්රශ්නය දනී ද? කවරෙක් මේ ප්රශ්නය විසඳන්නට සමත් වේ ද?
1122. අහං ජාගරතං සුත්තො අහං සුත්තෙසු ජාගරො, අහමෙතං විජානාමි අහං පටිභණාමි තෙ.
1122. නිදි වර්ජිතයන් අතුරෙහි මම නිදන්නෙමි, සයනය කරන්නන් අතරෙහි මම නිදි වර්ජනය කරමි. මේ ප්රශ්නය මම දනිමි, තොප විසින් පහදන්නට මම පොහොසත්මි.
1123. කථං ජාගරතං සුත්තො කථං සුත්තෙසු ජාගරො, කථං එතං විජානාසි කථං පටිභණාසි මෙ.
1123. නිදි වර්ජිතයන් අතුරෙහි කෙසේ නිදාගත්තේ ද? නිදන්නවුන් අතුරෙහි නිදි දුරු කළේ කෙසේ ද? මේ ප්රශ්නය කෙසේ දනිහි ද? මා ඇසූ ප්රශ්නයට පිළිතුරු දෙන්නට කෙසේ සමත් වෙහි ද?
1124. යෙ ධම්මං නප්පජානන්ති සංයමොති දමොති ච, තෙසු සුප්පමානෙසු අහං ජග්ගාමි දෙවතෙ.
1124. දේවතාවෙනි, සිල්වත් වීම ඉන්ද්රිය දමනය යන ගුණ ධර්මයන් යම් කෙනෙක් නො දනිත් ද, ඔවුහු කෙලෙස් නින්දෙන් නිදද්දී මම අප්රමාද ගුණයෙහි පිහිටා නො නිදා සිටිමි.
1125. යෙසං රාගො ච දොසො ච අවිජ්ජා ච විරාජිතා, තෙසු ජාගරමානෙසු අහං සුත්තොස්මි දෙවතෙ.
1125. දේවතාවෙනි, යම් රහතුන් වහන්සේ කෙනකුන්ගේ රාගදෝසමෝහයෝ නැසුණාහු ද ඒ ආර්ය්යයන් නො නිදන කලැ මම නිදාගත්තෙමි.
1126. එවං ජාගරතං සුත්තො එවං සුත්තෙසු ජාගරො, එවමෙතං විජානාසි එවං පටිභණාමි තෙ.
1126. නිදි දුරුකරන්නවුන් අතුරෙහි මම මෙසේ නිදමි, නිදන්නවුන් අතුරෙහි මම මෙසේ නිදි වර්ජනය කරමි. මෙසේ මේ ප්රශ්නය දනිමි. ඔබට මෙසේ ප්රකාශ කරන්නට සමත් වෙමි.
1127. සාධු ජාගරතං සුත්තො සාධු සුත්තෙසු ජාගරො, සාධු මෙතං විජානාසි සාධු පටිභණාසි මෙති.
1127. මනාලෙස නො නිදන්නවුන් අතුරෙහි සයනය කෙළෙහි, මනාලෙස නිදන්නවුන් අතුරෙහි නො නිදන්නෙහි, මනාසේ ප්රශ්නය දත්තෙහි, මා ඇසූ ප්රශ්නය මනාලෙස විසඳන්නට සමත් වෙහි යි.