8. ධූමකාරිජාතකං
1114. රාජා අපුච්ඡි විධුරං ධම්මකාමො යුධිට්ඨිලො, අපි බ්රාහ්මණ ජානාසි කො එකො බහු සොචති.
1114. සුචරිත ධර්මය ප්රිය කරන ‘යුධිෂ්ඨීර’ රජු විධුර පඬි තුමා අතින් විචාළේ ය. බමුණ, එකලා ව වසන කවරෙක් බොහෝ කොට ශෝක කෙරේ දැ යි කිම දන්නෙහි ද?
1115. බ්රාහ්මණො අජයූථෙන බහූතෙධො වනෙ වසං, ධූමං අකාසි වාසෙට්ඨො රත්තින්දිවමතන්දිතො.
1115. එළු රැළ හා සමග බොහෝ දර ඇති ව වනයෙහි වෙසෙන ‘වාසෙට්ඨ’ බමුණු දවරැයෙහි අනලස් වැ මදුරු උවදුරු නැති කරන්නට ගිනි දල්වා දුම් ඇති කෙළේ ය.
1116. තස්ස තං ධූමගන්ධෙන සරභා මකසද්දිතා, වස්සාවාසං උපගඤ්ඡුං ධූමකාරිස්ස සන්තිකෙ.
1116. මැසිමදුරුවන්ගෙන් පෙළුණු සරභ මෘගයෝ ඒ දුම් ගඳින් දුම හටගන්වන ඒ බමුණා සමීපයෙහි වැසිකල විසීමට පැමිණියහ.
1117. සරභෙසු මනං කත්වා අජායො නාවබුජ්ඣථ, ආගච්ඡන්තී වජන්තී වා තස්ස තා විනස්සුං අජා.
1117. සරභ මුවන් කෙරෙහි ස්නේහය උපදවාගත් ඒ බමුණු වනයෙන් පෙරළා එන්නාවූ හෝ ගොවුදෙන් වනයට යන්නාවූ හෝ එළුවන් නො දනී. එහෙයින් ඔහුගේ ඒ එළුවෝ නැසුණහ.
1118. සරභා ච සරදෙ කාලෙ පහීනමකසෙ වනෙ, පාවිසුං ගිරිදුග්ගානි නදීනං පභවානි ච.
1118. වනයෙහි මදුරුවන් ප්රහීණ ව ගිය සරත් කාලයෙහි සරභමුවෝ ගඞ්ගා හටගන්නා ගිරිදුර්ගවලට පිවිසියහ.
1119. සරභෙ ච ගතෙ දිස්වා අජා ච විභවං ගතා, කිසො ච විවණ්ණො ආසි පණ්ඩුරොගී ච බ්රාහ්මණො.
1119. සරභමුවන් වල් වැදුණු බව ද එළුවන් මළ බව ද දැකැ බමුණු කෘශ වූ දුර්වර්ණ වූ පාණ්ඩුරෝගියෙක් විය.
1120. එවං යො සංනිරංකත්වා ආගන්තුං කුරුතෙ පියං, සො එකො බහු සොචති ධූමකාරීව බ්රාහ්මණොති.
1120. යමෙක් මෙලෙස ස්වකීයයන් බැහැර කොට අමුත්තන් ප්රිය කෙරේ ද හෙතෙම ධූමකාරී බමුණා මෙන් එකලා ව බොහෝ දුක් ඇතියෙක.