යෙදුමෙන් කියවන්න

7. කොටිසිම‍්බලිජාතකං

1107. අහං දසසතං ව්‍යාමං උරගමාදාය මාගතො, තඤ‍්ච මඤ‍්ච මහාකායං ධාරයං නප‍්පවෙධසි.

1107. මම බඹ දහසක් පමණ වූ නයකු ගෙන ආයෙමි. – විශාල ශරීරයක් ඇති ඒ නයා ද මා ද දරමින් නො සැලෙහි.

1108. අථ ඉමං ඛුද‍්දකං පක‍්ඛිං අප‍්පමංසතරං මයා, ධාරයං ව්‍යාධසෙ හිතො කමත්‍ථං කොටිසිම‍්බලි.

1108. කෝටිසිම්බලිය, මට වඩා අත්‍යල්ප මාංශ ඇති මේ කුඩා පක්‍ෂියා දරා සිටිමින් තෝ කවර කරුණින් බිය වූයෙහි දැ? යී.

1109. මංසභක‍්ඛො තුවං රාජ බලභක‍්ඛො අයං දිජො, අයං නිග්‍රොධ බීජානි පිලක‍්ඛදුම‍්බරානි ච අස‍්සත්‍ථානි ච භක‍්ඛෙත්‍වා ඛන්‍ධෙ මෙ ඔදහිස‍්සති.

1109. රජතුමනි, තෙපි මස් කන්නහු ය. මේ පක්‍ෂි තෙම ගෙඩි කන්නෙකි. මේ තෙමේ නුග පළොල් දිඹුල් ඇසතු යන මේ ගෙඩිවර්‍ග කා (මාගේ) කඳෙහි මල පහකරන්නේ ය.

1110. තෙ රුක‍්ඛා සංවිරූහන‍්ති මම පස‍්සෙ නිවාතජා, තෙ පරියොනනධිස‍්සන‍්ති අරුක‍්ඛං මං කරිස‍්සරෙ.

1110. මාගේ පාර්‍ශවයෙහි (අතු අතරෙහි) වාත රහිත තැන්හි වැඩුණු නුග ආදි රුක්හු සරුවට වැඩෙති, ඒ ගස් මා වැළැඳගනී. (පසුව) මා රුක් නැත්තකු කෙරෙත්.

1111. සන‍්ති අඤ‍්ඤෙපි රුක‍්ඛාසෙ මූලිනො ඛන්‍ධිනො දුමා, ඉමිනා සකුණජාතෙන බීජමාහරිත්‍වා හතා.

1111. නුග ආදි බිජුවට ගෙන එන මේ සකුණ සමූහයා විසින් නසනලද මුල් සහිත කඳ ඇති වෙනත් ගස්හු ඇතියහ.

1112. අජ‍්ඣාරූළ‍්හාභිවඩ‍්ඪන‍්ති බ්‍රහන‍්නම‍්පි වනස‍්පතිං, තස‍්මා රාජ පවෙධාමි සම‍්පස‍්සං නාගතං භයං.

1112. රජතුමනි, විශාලගස් යටපත් කරගෙන (ඇසටු ආදි ගස්) වැඩෙති. එහෙයින් අනාගත බිය දක්නෙම් සැලෙමි.

1113. සඞ‍්කය්‍යෙ සඞ‍්කිතබ‍්බානි රක‍්ඛෙය්‍යානාගතං භයං. අනාගතභයා ධීරො උභො ලොකෙ අවෙක‍්ඛතීති.

1113. සැක කටයුතු දෙය සැක කරන්නේ ය. නො පැමිණි බියෙන් රැකෙන්නේ ය. (නොහොත් පාණාතිපාතාදි පාපක්‍රියාවන් නොකර හැරීම හා පවිටුමිතුරන්ගේ හා වෛරී පුඟුලන්ගේ ඇසුරෙන් ඉවත් වන්නේ ය.) නුවණැත්තේ නො පැමිණි බියෙන් දෙලොව රැක ගන්නේ යි.

7. කොටිසිම‍්බලිජාතකං.

7. කෝටිසිම්බලි ජාතක යි.