6. සුසීමජාතකං
1100. කාළානි කෙසානි පුරෙ අහෙසුං ජාතානි සීසම්භි යථාපදෙසෙ, තානජ්ජ සෙතානි සුසීම දිස්වා ධම්මං චර බ්රහ්මචරියස්ස කාලො.
1100. සුසීම, හිසැ කේසයට අනුරූප පෙදෙස්හි හටගත් කේසයෝ පෙරැ කළුපැහැයෙන් යුතු වූහ, දැන් සුදු වූ ඒ කෙස් දැක දසකුසල්දහම්හි හැසිරෙව, මෙථුන විරති සංඛ්‍යාත බඹසරට මේ සුදුසු කාලය වෙයි.
1101. මමෙව දෙව පලිතං න තුය්හං මමෙව සීසං මම උත්තමඞ්ගං, අත්ථං කරිස්සන්ති මුසා අභාණිං එකාපරාධං ඛම රාජසෙට්ඨ.
1101. දේවයෙනි, නරකෙස් ඇතියේ මගේ හිසෙහි යැ, ඔබගේ හිසෙහි නො වෙයි, මාගේ මැ හිස යැ, මාගේ උතුමඟ යැ, තමහට අර්‍ත්‍ථයක් කරන්නෙමි යි සිතා බොරු කීමි. රජතුමනි, එක් අපරාධයකට කමා කළ මැනවි.
1102. දහරො තුවං දස්සනීයොසි රාජ පඨමුග්ගතො හොහි යථා කළීරො, රජ්ජඤ්ච කාරෙහි මමං ච පස්ස මා කාලිකං අනුධාවී ජිනින්ද.
1102. රජතුමනි, තෙපි තරුණවහු, දැකුම්කලුවහු, තුරුණු කිළීලක් (ගොබයක්) වැනි ජීවිතයෙහි පළමු වයසෙහි සිටින්නහු යැ. එහෙයින් රාජ්‍යය ද කරනු මැනැවි, මා ද බලනු මැනැවි. (නොහොත් මා අනාථ නො කරනු මැනැවි.) ජනෙන්ද්රය, කාලික වූ සුවය අනුව නො දුවනු මැනැවි, නොහොත් මේ ජීවිතයෙහි වින්ද යුතු රජසුව අත් නොහළ මැනැවි.
1103. පස්සාමි වොහං දහරිං කුමාරිං සාමට්ඨපස්සං සුතනුං සුමජ්ඣං, කාළාපවාළාව පවෙල්ලමානා පලොභයන්තීව නරෙසු ගච්ඡති.
1103. සිලිටි පහස ද සොඳුරු සිරුර ද යහපත් මැදපෙදෙස ද ඇති කුමරිය මම් දකිමි, කළුවැල් ළපලුවක් මෙන් සැලෙන ඕ කෙලෙස් වසඟ වූවා පුරුෂයන් සමීපයෙහි යයි.
1104. තමෙන පස්සාමි පරෙන නාරිං අසීතිකං නාවුතිකංව ජච්චා, දණ්ඩං ගහෙත්වාන පවෙධමානං ගොපාණසීභොග්ගසමං චරන්තිං.
1104. උපතින් අසූ හැවිරිදි වූ හෝ අනු හැවිරිදි වූ හෝ සැරයටියක් ගෙන වෙවුළමින් ගොනැස්සක් සෙයින් බිඳුණු සිරුරු ඇති ව ඇවිදින ඒ ස්ත්‍රිය පසුකලෙක දකිමි.
1105. සොහං තමෙවානුවිචින්තයන්තො එකො සයාමි සයනස්ස මජ්ඣෙ, අහම්පි එවං ඉති පෙක්ඛමානො න ගෙහෙ රමෙ බ්රහ්මචරියස්ස කාලො.
1105. ඒ මම් එය මැ නැවත නැවත සිතමින් යහන්මැද එකලා වැ හෝමි. මම ද මෙසේ (ජරාවට පත් වන්නෙමි යි) සිතා බලනුයෙම් ගෘහවාසයෙහි නො ඇලෙමි. (සොඳුර) මෙය බඹසර රක්නට සුදුසු කාලය යි.
1106. රජ්ජුවාලම්බනී චෙසා යා ගෙහෙ වසතො රති, එතම්පි ඡෙත්වාන වජන්ති ධීරා අනපෙක්ඛිනො කාමසුඛං පහායා’ති.
1106. ගිහිගෙයි වසනුවහුගේ යම් පස්කම් සුවයෙහි ඇලීමෙක් වේ ද, තෙල එල්බෙන රැහැනක් වැන්න, පස්කම්සුවය ද හැරපියා ප්‍රාඥයෝ අපේක්ෂා රහිත වූවාහු කම්සුව හැරපියා තපස් රක්නට යති යි.