යෙදුමෙන් කියවන්න

6. සුසීමජාතකවණ‍්ණනා 411 අට‍්ඨකථා

6. සුසීමජාතකවණ‍්ණනා (411)

6. සුසීම ජාතකය (411)

කාළානි කෙසානි පුරෙ අහෙසුන‍්ති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො මහාභිනික‍්ඛමනං ආරබ‍්භ කථෙසි. තස‍්මිඤ‍්හි සමයෙ භික‍්ඛූ ධම‍්මසභායං නිසීදිත්‍වා දසබලස‍්ස නික‍්ඛමනං වණ‍්ණයිංසු. සත්‍ථා ආගන‍්ත්‍වා “කාය නුත්‍ථ, භික‍්ඛවෙ, එතරහි කථාය සන‍්නිසින‍්නා”ති පුච‍්ඡිත්‍වා “ඉමාය නාමා”ති වුත‍්තෙ “අනච‍්ඡරියං, භික‍්ඛවෙ, මයා දානි අනෙකානි කප‍්පකොටිසතසහස‍්සානි පූරිතපාරමිනා මහාභිනික‍්ඛමනං, පුබ‍්බෙපාහං තියොජනසතිකෙ කාසිරට‍්ඨෙ රජ‍්ජං ඡඩ‍්ඩෙත්‍වා නික‍්ඛන‍්තොයෙවා”ති වත්‍වා අතීතං ආහරි.

‘කාළානි කෙසානි පුරෙ අහෙසුං’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථා වස්තුව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙෙහර වැඩවාසය කරන සේක්, මහබිනික්මන් අරබයා වදාළ සේක. එකල දම්සභාවෙහි රැස්වූ භික්‍ෂු පිරිසක් බුදුරදුන්ගෙන් අබිනික්මන් සම්බන්ධයෙන් වර්ණනා මුඛයෙන් කථා කරමින් හුන්හ. එවේලෙහි එතැනට වැඩි බුදුරජාණන් වහන්සේ, භික්‍ෂූන් සාකච්ඡා කළ කරුණු ඔවුන්ගෙන්ම අසා දැන, ‘මහණෙනි, නොයෙක් කල්ප කෝටි ගණනක් පෙරුම්දම් පිරූ මා විසින් මහාභිනිෂ්ක්‍රමණය කිරීම මහා ආශ්චර්යයක් නොවේ. පෙරදී ද, මම දිග පළලින් යොදුන් තුන්සියයක් වූ ‘කාසි’ රට රාජ්‍යය අතහැර දමා, ගිහිගෙයින් නික්මී ගියෙමැ’යි වදාරා, මේ අතීත කථා පුවත මෙසේ වදාළ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො තස‍්ස පුරොහිතස‍්ස අග‍්ගමහෙසියා කුච‍්ඡිම‍්හි නිබ‍්බත‍්ති, තස‍්ස ජාතදිවසෙයෙව බාරාණසිරඤ‍්ඤොපි පුත‍්තො ජායි. තෙසං නාමග‍්ගහණදිවසෙ මහාසත‍්තස‍්ස සුසීමකුමාරොති නාමං අකංසු, රාජපුත‍්තස‍්ස බ්‍රහ‍්මදත‍්තකුමාරොති. බාරාණසිරාජා “පුත‍්තෙන මෙ සද‍්ධිං එකදිවසෙ ජාතො”ති බොධිසත‍්තං ආණාපෙත්‍වා ධාතියො දත්‍වා තෙන සද‍්ධිං එකතො වඩ‍්ඪෙසි. තෙ උභොපි වයප‍්පත‍්තා අභිරූපා දෙවකුමාරවණ‍්ණිනො හුත්‍වා තක‍්කසිලායං සබ‍්බසිප‍්පානි උග‍්ගණ‍්හිත්‍වා පච‍්චාගමිංසු. රාජපුත‍්තො උපරාජා හුත්‍වා බොධිසත‍්තෙන සද‍්ධිං එකතො ඛාදන‍්තො පිවන‍්තො නිසීදන‍්තො සයන‍්තො පිතු අච‍්චයෙන රජ‍්ජං පත්‍වා මහාසත‍්තස‍්ස මහන‍්තං යසං දත්‍වා පුරොහිතට‍්ඨානෙ තං ඨපෙත්‍වා එකදිවසං නගරං සජ‍්ජාපෙත්‍වා සක‍්කො දෙවරාජා විය අලඞ‍්කතො අලඞ‍්කතඑරාවණපටිභාගස‍්ස මත‍්තවරවාරණස‍්ස ඛන්‍ධෙ නිසීදිත්‍වා බොධිසත‍්තං පච‍්ඡාසනෙ හත්‍ථිපිට‍්ඨෙ නිසීදාපෙත්‍වා නගරං පදක‍්ඛිණං අකාසි. මාතාපිස‍්ස “පුත‍්තං ඔලොකෙස‍්සාමී”ති සීහපඤ‍්ජරෙ ඨත්‍වා තස‍්ස නගරං පදක‍්ඛිණං කත්‍වා ආගච‍්ඡන‍්තස‍්ස පච‍්ඡතො නිසින‍්නං පුරොහිතං දිස‍්වා පටිබද‍්ධචිත‍්තා හුත්‍වා සයනගබ‍්භං පවිසිත්‍වා “ඉමං අලභන‍්තී එත්‍ථෙව මරිස‍්සාමී”ති ආහාරං පච‍්ඡින්‍දිත්‍වා නිපජ‍්ජි.

පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, අප බෝසත් තෙමේ රජුගේ පුරෝහිත බමුණාට පුත්ව උපන්නේය. ඒ වනවිට රජුගේ අග මෙහෙසිය ද ගැබ්ගෙන සිටියාය. බෝසතුන් ඉපදුනු දා ම අගමෙහෙසිය ද පුත් කුමරුවකු බිහි කළාය. ඒ කුමාරවරුන්ට නම් තබන දිනයේ දී බෝසතුන්ට ‘සුසීම’ කුමාරයා යැයි ද, රාජ කුමාරයාට ‘බ්‍රහ්මදත්ත’ කුමාරයා යැයි ද, නම් තැබූහ. බරණැස් රජතුමා තම පුතණුවන් උපන්දින ම පුරෝහිත පුත්‍රයා ද උපන් බැවින්, මේ කුමාරවරුන් දෙදෙනා ම, එකට වැඩිය යුතු යැයි කල්පනා කෙළේය. අනතුරුව ඒ ගැන පුරෝහිතතුමා සමග සාකච්ඡා කළ රජතුමා, සුසීම කුමාරයා ද රජවාසලට ගෙනවුත්, කුමාරවරුන් දෙපලම එකට තබා, දෙදෙනාටම රජුගේ අණින් වෙන වෙන ම කිරි මවුවරුන් යොදා, සම ව වැඩුවේය. මේ දෙදෙනා ම නිසිවියට පත්වූ කල්හි, විශිෂ්ට රූපයෙන් යුතු දිව්‍ය කුමාර විලාශයෙන් ද දුටුවන් සිත් බැඳගන්නා වර්ණ සම්පත්තියෙන් ද හා තේජාන්විත භාවයෙන් ද යුක්ත වූවාහු වෙති. රජුගේ අනුදැනීමෙන් තක්‍ෂිලාවට ගිය කුමාරවරු දෙදෙනා, එහි දී සියලු ශිල්ප උගෙන පෙරළා සිය රට බලා පැමිණියහ. කුමාරවරුන්ගේ උගත්කම් ගැන සලකා බැලූ රජතුමා රාජපුත්‍රයාට යුවරජ තනතුර පිරිනැමීය. බෝසතුන්ට කිසිදු තනතුරක් නොලැබුණත් ඔහු තම මිත්‍රයා වන යුවරජු සමග. එකට කමින්-බොමින්-හිඳිමින්-නිදමින් කාලය ගත කෙළේය. ටික කලෙකින් අගරජතුමා මිය ගියේය. පියරජුගේ අභාවයෙන් අග රජ බවට පත්වූ යුවරජතුමා බෝසතුන්ට මහත් යසස් සම්පත් දී, ඊට අමතරව පුරෝහිත තනතුර ද පිරිනැමුවේය. එක් දවසක් නුවර සරසවා, ‘අලංකාර කරන ලද ඓරාවණ හස්තිරාජයා මතට නැගි සක්දෙව් රජු’ මෙන්, බරණස් රජතුමා සර්වාභරණයෙන් සැරසී, උතුම් වූ මංගල හස්තිරාජයා පිටට නැගී, බෝසත් පුරෝහිතතුමා තම අසුනට පිටුපස අසුනෙහි හිඳුවාගෙන, නුවර පැදකුනු කෙළේය. රජුත් පුරෝහිතතුමාත් දිව්‍ය රාජයන් මෙන් පෙනුණි. මේ අතර රජතුමාගේ මවු බිසව තම ‘පුතා බලන්නෙමැ’යි සීමැදුරු කවුළුව ළඟට වී, නගරය දෙස බලා සිටියාය. නුවර පැදකුණු කොට සහපිරිවරින් මාලිගයට එන රාජකීය පිරිස දෙස බලා සිටි, මවු බිසව ස්වකීය පුත් වූ, රජතුමා ඉක්මවා පසුපස අසුනෙහි හුන් ආරෝහ-පරිණාහ දේහ විලාශයෙන් යුතු පුරෝහිතතුමා දැක, ඔහු කෙරෙහි පිළිබඳ සිතක් ඇතිකොට ගත්තාය. බොහෝ වේලාවක් ඔහු දෙස බලාගත් වන ම සිටි ඈ, එතැනින් ඉවත්ව තම යහන් ගැබට ගොස්, ‘මේ පුරෝහිත තුරුණයා මට නො ලැබෙන්නේ නම් මෙහිම මිය යන්නෙමැ’යි අධිෂ්ඨාන කොටගෙන, සියලු ආහාර ප්‍රතික්‍ෂේප කරමින් යහනෙහි වැද හොත්තීය.

රාජා මාතරං අපස‍්සන‍්තො “කුහිං මෙ මාතා”ති පුච‍්ඡිත්‍වා “ගිලානා”ති සුත්‍වා තස‍්සා සන‍්තිකං ගන‍්ත්‍වා වන්‍දිත්‍වා “කිං අම‍්ම, අඵාසුක”න‍්ති පුච‍්ඡි. සා ලජ‍්ජාය න කථෙසි. සො ගන‍්ත්‍වා රාජපල‍්ලඞ‍්කෙ නිසීදිත්‍වා අත‍්තනො අග‍්ගමහෙසිං පක‍්කොසිත්‍වා “ගච‍්ඡ අම‍්මාය අඵාසුකං ජානාහී”ති පෙසෙසි. සා ගන‍්ත්‍වා පිට‍්ඨිං පරිමජ‍්ජන‍්තී පුච‍්ඡි, ඉත්‍ථියො නාම ඉත්‍ථීනං රහස‍්සං න නිගුහන‍්ති, සා තස‍්සා තමත්‍ථං ආරොචෙසි. ඉතරාපි තං සුත්‍වා ගන‍්ත්‍වා රඤ‍්ඤො ආරොචෙසි. රාජා “හොතු, ගච‍්ඡ නං සමස‍්සාසෙහි, පුරොහිතං රාජානං කත්‍වා තස‍්ස තං අග‍්ගමහෙසිං කරිස‍්සාමී”ති ආහ. සා ආගන‍්ත්‍වා තං සමස‍්සාසෙසි. රාජාපි පුරොහිතං පක‍්කොසාපෙත්‍වා එතමත්‍ථං ආරොචෙත්‍වා “සම‍්ම, මාතු මෙ ජීවිතං දෙහි, ත්‍වං රාජා භවිස‍්සසි, සා අග‍්ගමහෙසී, අහං උපරාජා”ති ආහ. සො “න සක‍්කා එවං කාතු”න‍්ති පටික‍්ඛිපිත්‍වා තෙන පුනප‍්පුනං යාචියමානො සම‍්පටිච‍්ඡි. රාජා පුරොහිතං රාජානං, මාතරං අග‍්ගමහෙසිං කාරෙත්‍වා සයං උපරාජා අහොසි.

මැදුරට පිවිසි රජතුමා ටික වේලාවකින් සිය මෑණියන් දක්නට නොමැති බැවින්, ‘මාගේ මෑණියන් කොහිදැ’යි සේවිකාවගෙන් අසා, ඇය ගිලන් ව ඇති බව ඔවුන්ගෙන් දැන, වහා මෑණියන්ගේ යහන් ගැබට පිවිස, පළමුකොට ඇයට වැඳ ‘මෑණියනි, ඔබට ඇති අසනීපය කුමක්දැ’යි විචාළේය. ලජ්ජාවෙන් මිරිකුණු ඇය වචනයක්වත් නොකීවාය. මඳ වේලාවකින් ආපසු පැමිණි රජතුමා සිංහාසනයෙහි වාඩි වී කල්පනා කරන්නට පටන් ගත්තේය. අනතුරුව සිය අගමෙහෙසිය ළඟට කැඳවා ගත් රජතුමා, ‘සොඳුර, ඔබ අප මෑණියන්ගේ යහන්ගැබට යන්න. ඈට ඇති අසනීපය කෙසේ හෝ දැනගෙනම ආපසු එන්නැ’යි කියා මෙහෙසිය පිටත්කොට හැරියේය. අගමෙහෙසිය ද, මවු බිසව වෙත ගොස් ඇගේ පිට පිරිමදිමින් අසනීපය ගැන ප්‍රශ්න කළාය. ස්ත්‍රීහු නම් ස්වකීය රහස් ස්ත්‍රීන්ගෙන් නො සඟවති. එබැවින් මවු බිසව තම සිතේ ඇති වූ ආශාව ස්වකීය ලේලියට රහසිගතව කීවාය. ඇයද ඒ සියලු විස්තර නොවළහා රජුට සැල කළාය. ටික වේලාවක් කල්පනා කළ රජතුමා, ‘සොඳුර, කමෙක් නැත. පුරෝහිතතුමා අගරජු බවට පත්කොට, මෑණියන් ඔහුට අගමෙහෙසිය කොට දෙන්නෙමැ’යි, මා කී බව මෑණියන්ට කියා ඇය අස්වසනු මැනවැ’යි නැවත වරක් අගමෙහෙසිය සිය මෑණියන් වෙත පිටත්කොට හැරියේය. අගමෙහෙසිය ද, රජුගේ පණිවුඩය මවු බිසවට කියා, ඈ අස්වැසුවාය. පසුදා රාජකාරි සඳහා රජමැදුරට පැමිණි පුරෝහිතතුමාට කථා කළ රජතුමා, මේ සියලු කාරණා ඔහුට පවසා ‘මගේ හිතවත් මිත්‍රය, මගේ මැණියන්ගේ ජීවිතය බේරාදෙනු මැනවි. ඔබතුමා අගරජු වන්න. මාගේ මෑණියන් අගමෙහෙසිය කොට පිළිගන්න. මම යුවරජු වන්නෙමි’යි කීයේය. ‘මට මෙය කිසිසේත් කළ නොහැක්කකැ’යි කියා ගැනීමට නොහැකිවූ පුරෝහිතතුමා, වචනයකින්වත් විරෝධයක් පෑමට තරම් ශක්තියක් නැතිව, බලාගත් අත බලාගෙන, නිශ්ශබ්දවම හුන්නේය. පසුව ඉතාමත් අපහසුවෙන් වචන ගොතා, ඒ යෝජනාවට තමා අකමැති බව පුරෝහිතතුමා, රජුට කෙසේ හෝ කියා ගත්තේය. එයින් දුර්මුඛ නොවුණු රජතුමා, නැවත නැවත යාඥා කොට, එකී යෝජනාවට පුරෝහිතතුමා, මහත් අපහසුවෙන් කැමති කරවා ගත්තේය. මහත් උත්සවාකාරයෙන් පුරෝහිතතුමා අගරජු බවට පත් කළ රජතුමා, සිය මෑණියන් අගමෙහෙසිය කොට, අලුත් රජතුමාට පාවා දී තෙමේ යුවරජ තනතුරට පත් විය.

තෙසං සමග‍්ගවාසං වසන‍්තානං අපරභාගෙ බොධිසත‍්තො අගාරමජ‍්ඣෙ උක‍්කණ‍්ඨිතො කාමෙ පහාය පබ‍්බජ‍්ජාය නින‍්නචිත‍්තො කිලෙසරතිං අනල‍්ලීයන‍්තො එකකොව තිට‍්ඨති, එකකොව නිසීදති, එකකොව සයති, බන්‍ධනාගාරෙ බද‍්ධො විය පඤ‍්ජරෙ පක‍්ඛිත‍්තකුක‍්කුටො විය ච අහොසි. අථස‍්ස අග‍්ගමහෙසී “අයං රාජා මයා සද‍්ධිං නාභිරමති, එකකොව තිට‍්ඨති නිසීදති සෙය්‍යං කප‍්පෙති, අයං ඛො පන දහරො තරුණො, අහං මහල‍්ලිකා, සීසෙ මෙ පලිතානි පඤ‍්ඤායන‍්ති, යංනූනාහං ‘සීසෙ තෙ දෙව, එකං පලිතං පඤ‍්ඤායතී’ති මුසාවාදං කත්‍වා එකෙනුපායෙන රාජානං පත‍්තියාපෙත්‍වා මයා සද‍්ධිං අභිරමාපෙය්‍ය”න‍්ති චින‍්තෙත්‍වා එකදිවසං රඤ‍්ඤො සීසෙ ඌකා විචිනන‍්තී විය හුත්‍වා “දෙව, මහල‍්ලකොසි ජාතො, සීසෙ තෙ එකං පලිතං පඤ‍්ඤායතී”ති ආහ. “තෙන හි භද‍්දෙ, එතං පලිතං ලුඤ‍්ජිත්‍වා මය‍්හං හත්‍ථෙ ඨපෙහී”ති. සා තස‍්ස සීසතො එකං කෙසං ලුඤ‍්ජිත්‍වා අත‍්තනො සීසෙ පලිතං ගහෙත්‍වා “ඉදං තෙ, දෙව, පලිත”න‍්ති තස‍්ස හත්‍ථෙ ඨපෙසි. බොධිසත‍්තස‍්ස තං දිස‍්වාව භීතතසිතස‍්ස කඤ‍්චනපට‍්ටසදිසා නලාටා සෙදා මුච‍්චිංසු.

මෙසේ යුගදිවියට එළඹුණු අලුත් රජතුමා වැඩි දවසක් යන්නට මත්තෙන් ගිහිගෙයි කළකිරුණේය. සියලු දේ අතහැර මහණවීම සඳහා සිත නැමුණේය. තමාගේ සිත නිතර නිතර, ඒ සඳහාම බල කරන්නට පටන් ගත්තේය. රතියෙහි අල්පමාත්‍ර වූ ද ඇල්මක් නැති ඔහු, තනිව සිටින්නටත්, තනිව හිඳින්නටත්, තනිව නිදන්නටත් හුරු විය. මේ රජ සැප කෙතෙක් අධිකව තිබුණත් රජුට දැනුණේ ‘තමා සිරගෙදර, සිරමැදිරියකු කොටු වූවකු’ ලෙසිනි. ‘කූඩුවක දමන ලද කුකුළකු වැනි යැ’යි ඔහුට තමා ගැනම සිතුණි. මේ අතර අගමෙහෙසිය රජු ගැන, නිතර නිතර සිතන්නට පටන් ගත්තාය. මාගේ ස්වාමි වූ මේ රජතුමා මා කෙරෙහි ඇලුම් නොදක්වයි. තනිවම සිටී. තනිවම හිඳී. තනිවම නිදයි. මොහු වනාහි ලාබාල තරුණයෙක්මි. මම මැහැල්ලක්මි. ඔහුගේ හිසකෙස් කළුය. මාගේ හිසකෙස් සුදු වී ඇත. දැන් කරන්නට ඇත්තේ එකම දෙයකි. එනම් කිසියම් උපායකින් රජු රවටා මා කෙරෙහි නතුකොට ගැනීම යි’. මෙසේ සිතූ ඇය කිසියම් දිනෙක රජුගේ හිස පරීක්‍ෂා කරන ආකාරයක් බොරුවට පෙන්වමින්, හිස අතගාමින් සිට, ‘දේවයිනි, ඔබතුමා මහලු වූ සෙයක් පෙනේ. ඔබේ හිසේ ඉදුණු කෙස්ගසක් ඇතැ’යි කීවාය. මෙයින් කිසිදු වෙනසකට පත් නොවූ රජතුමා, ‘සොඳුර, එසේ වී නම් ඒ ඉදුණු කෙස් ගස ගලවා මාගේ අත්ල මත තබනු මැනවැ’යි කීවේය. එවිට ඇය තම හිසින් එක් කෙස්ගසක් ගලවා, ‘දේවයන් වහන්ස, මේ ඔබේ කෙස් ගස යැ’යි කියා, එය රජුගේ අත්ල මත තැබුවාය. මුලදී බිසවගේ කථාව විශ්වාසයට නොගත් රජතුමා, මෙය දුටු මතින් බියෙන් ත්‍රස්ත විය. රත්රන් පටියක් වැනි සිය නළල් තලයෙන් ඩාදිය වැගිරෙන්නට විය.

සො අත‍්තානං ඔවදන‍්තො “සුසීම, ත්‍වං දහරො හුත්‍වා මහල‍්ලකො ජාතො, එත‍්තකං කාලං ගූථකලලෙ නිමුග‍්ගො ගාමසූකරො විය කාමකලලෙ නිමුජ‍්ජිත්‍වා තං කලලං ජහිතුං න සක‍්කොසි, නනු කාමෙ පහාය හිමවන‍්තං පවිසිත්‍වා පබ‍්බජිත්‍වා බ්‍රහ‍්මචරියවාසස‍්ස තෙ කාලො”ති චින‍්තෙත්‍වා පඨමං ගාථමාහ –

රජතුමා තමාටම අවවාද කරගනිමින්, ‘සුසීම, නුඹ තරුණයකු ලෙස සිතා සිටියත්, දැන් නුඹ මහල්ලෙකි. නුඹ මෙතෙක් කල් අසූචි වළක ගිලුණු, ගම් ඌරකු මෙන්, කාම මඩෙහි එරී, ඒ මඩින් මිදෙන්නට නොහැකිව, සිටියෙහිය. දැන් මේ උදා වී ඇත්තේ, කාමයන් අත්හැර හිමවතට පිවිස පැවිදිව, බඹසර රැකීමට සුදුසු කාලය නොවේදැ’යි සිතා, මෙසේ කීවේය.

“කාළානි කෙසානි පුරෙ අහෙසුං, ජාතානි සීසම‍්හි යථාපදෙසෙ; තානජ‍්ජ සෙතානි සුසීම දිස‍්වා, ධම‍්මං චර බ්‍රහ‍්මචරියස‍්ස කාලො”ති.

කාළානු කෙසානි පුරෙ අහෙසුං, ජාතානි සීසම්හි යතා පදෙසෙ, තානජ්ජ සෙතානි සුසීම දස්වා, ධම්මංචර බ්‍රහ්මචරියස්ස කාලො

සුසීම, හිසේ කෙස් ඇති ප්‍රදේශයෙහි හටගත් කෙස්, පෙර කළුපාට විය. ඒවා අද සුදුපාට වී ඇති බව දැක, ධර්මයෙහි හැසිරෙව. මේ බඹසර රැකීමට කාලය යි.

තත්‍ථ යථාපදෙසෙති තව සීසෙ තස‍්මිං තස‍්මිං කෙසානං අනුරූපෙ පදෙසෙ ඉතො පුබ‍්බෙ කාළානි භමරපත‍්තවණ‍්ණානි කෙසානි ජාතානි අහෙසුන‍්ති වදති. ධම‍්මං චරාති දසකුසලකම‍්මපථධම‍්මං චරාති අත‍්තානමෙව ආණාපෙති. බ්‍රහ‍්මචරියස‍්සාති මෙථුනවිරතියා තෙ කාලොති අත්‍ථො.

මෙහි ‘යථා පදෙසෙ’ යනු ‘ඔබේ හිසේ කෙස් හටගැනීමට සුදුසු, ඒ ඒ ප්‍රදේශයෙහි, මින් පෙර බමර වර්ණයෙන් යුතු, කළු කෙස් හටගෙන පැවතිණි යැයි කියයි’ යන අර්ථයි. ‘ධම්මං චර’ යනු ‘දස කුසල කර්මපථ ධර්මයෙහි හැසිරෙවැයි තමාට ම අණ කරයි’ යන අර්ථයි. ‘බ්‍රහ්මචරියස්ස’ යනු ‘ඔබට මේ කාම සේවනයෙන් බැහැර වීමට සුදුසු කාලය යි’ යන අර්ථයි.

එවං බොධිසත‍්තෙන බ්‍රහ‍්මචරියවාසස‍්ස ගුණෙ වණ‍්ණිතෙ ඉතරා “අහං ‘ඉමස‍්ස ලග‍්ගනං කරිස‍්සාමී’ති විස‍්සජ‍්ජනමෙව කරි”න‍්ති භීතතසිතා “ඉදානිස‍්ස අපබ‍්බජ‍්ජනත්‍ථාය සරීරවණ‍්ණං වණ‍්ණයිස‍්සාමී”ති චින‍්තෙත්‍වා ද‍්වෙ ගාථා අභාසි –

මෙසේ බෝසත්තුමා විසින් බ්‍රහ්මචර්ය ජීවිතයෙහි ගුණ වර්ණනා කළ කල්හි, ඒ අසා සිටි අගබිසව, ‘මම රජුට මා කෙරෙහි ලෝභ උපදවන්නෙමැ’යි ඒ සඳහා කටයුතු කිරීමට ගොස්, සියල්ල අත්හැර දමා යාමට කටයුතු යෙදුවේ නොවේ දැ’යි, බියෙන් ත්‍රස්තව ‘දැන් මම මොහු පැවිද්දෙන් වළක්වා ගැනීම සඳහා ඔහුගේ ම දේහ විලාශය වර්ණනා කරන්නෙමැ’යි කල්පනාකොට මෙසේ කීවාය.

“මමෙව දෙව පලිතං න තුය‍්හං, මමෙව සීසං මම උත‍්තමඞ‍්ගං; ‘අත්‍ථං කරිස‍්ස’න‍්ති මුසා අභාණිං, එකාපරාධං ඛම රාජසෙට‍්ඨ.

2. දේවයිනි, මේ පැසුණු කෙස් ගස මගේ ම ය. එය ඔබේ නොවේ. (පැසුණු කෙස් ඇති) හිස හෙවත් උත්තමාංගය මගේ ම ය. (මට) යහපතක් කර ගන්නෙමැ’යි බොරු කීවෙමි. උතුම් රජතුමනි, (මාගේ) එකම අපරාධයට සමාවුව මැනව.

“දහරො තුවං දස‍්සනියොසි රාජ, පඨමුග‍්ගතො හොති යථා කළීරො; රජ‍්ජඤ‍්ච කාරෙහි මමඤ‍්ච පස‍්ස, මා කාලිකං අනුධාවී ජනින්‍දා”ති.

3. රජතුමනි, ඔබ තරුණයෙකි. ලස්සන ය. ළපටි ගොබයක් මෙන් පළමු වයසේ සිටින්නෙකි. ජනේන්‍ද්‍රය, රාජ්‍යයත් විචාරන්න. මා ගැන ද බලන්න. බ්‍රහ්මචර්යාවට නො දුවන්න.

තත්‍ථ මමෙව සීසන‍්ති මමෙව සීසෙ සඤ‍්ජාතං පලිතන‍්ති දීපෙති. ඉතරං තස‍්සෙව වෙවචනං. අත්‍ථන‍්ති අත‍්තනො වුඩ‍්ඪිං කරිස‍්සාමීති මුසා කථෙසිං. එකාපරාධන‍්ති. ඉමං මය‍්හං එකං අපරාධං. පඨමුග‍්ගතොති පඨමවයෙන උග‍්ගතො. හොහීති හොසි, පඨමවයෙ පතිට‍්ඨිතොසීති අත්‍ථො. “හොසී”තියෙව වා පාඨො. යථා කළීරොති යථා සිනිද‍්ධඡවිතරුණකළීරො මන්‍දවාතෙරිතො අතිවිය සොභති, එවරූපොසි ත්‍වන‍්ති දස‍්සෙති. “පඨමුග‍්ගතො හොතී”තිපි පාඨො, තස‍්සත්‍ථො – යථා පඨමුග‍්ගතො තරුණකළීරො දස‍්සනීයො හොති, එවං ත්‍වම‍්පි දස‍්සනීයොති. මමඤ‍්ච පස‍්සාති මමඤ‍්ච ඔලොකෙහි, මා මං අනාථං විධවං කරොහීති අත්‍ථො. කාලිකන‍්ති බ්‍රහ‍්මචරියචරණං නාම දුතියෙ වා තතියෙ වා අත‍්තභාවෙ විපාකදානතො කාලිකං නාම, රජ‍්ජං පන ඉමස‍්මිංයෙව අත‍්තභාවෙ කාමගුණසුඛුප‍්පාදනතො අකාලිකං, සො ත්‍වං ඉමං අකාලිකං පහාය මා කාලිකං අනුධාවීති වදති.

මෙහි ‘මමෙව සීසං’ යනු ‘මගේ ම හිසේ හට ගත් පැසුණු කෙස් යැ’යි දක්වයි යන අර්ථයි. ‘උත්තමංග’ යන වචනයේ ද තේරුම එයම වේ. ‘අත්‍ථං’ යනු ‘මට ම යහපතක් කර ගන්නෙමැ’යි බොරු කීමි’ යන අර්ථයි. ‘ඒකාපරාධං’ යනු ‘මේ මගේ එක් අපරාධයකි.’ යන අර්ථයි. ‘පඨමුග්ගතො’ යනු ‘පළමු වයසේ පසුවන්නෙකි’ යන අර්ථයි. ‘හොහී’ යනු ‘වෙහි’ යන අර්ථයි. එනම්, පළමු වයසේ පිහිටා සිටින්නෙකි යන අර්ථයි. ‘හෝසි’ යනු ද පාඨයකි. ‘යථා කළිරො’ යනු ‘සිනිඳු වූ මනා පැහැ ඇති ළපටි දළුවක්, මඳ සුළඟින් සැලෙන කල්හි, අතිශයින් සුන්දරය. ඔබත් එසේ පෙනේ’ යන අර්ථයි. ‘පඨමුග්ගතොහොති’ යනු ද පාඨයකි. එහි අර්ථය මෙසේ ය. එනම්, පළමුවෙන් ඉහළට නැගී ආ ළා ගොබයක්, ළපටි දළුවක් කෙතරම් ලස්සන ද? ඔබ ද එසේ ලස්සනය’ යන අර්ථයි. ‘මමඤ්ච පස්ස’ යනු ‘මැ ගැනද බලනු මැනව, අනාථ වූ වැන්දඹුවක් නො කරනු මැනව’ යන අර්ථයි. ‘කාලිකං’ යනු බඹසර වැස මරණයට පත්වීම වනාහි, දෙවන, තෙවන ආත්ම භාවයන්හි විපාක දෙන බැවින් ‘කාලික’ නම් වේ. රජ සැප වනාහි, මේ ආත්මයේ දී ම කම්සුව ලබාදෙන බැවින්, ‘අකාලික’ නම් වේ. ‘ඒ ඔබ මේ අකාලික සුව හැර දමා කාලික සුවය සොයා නො දුවනු මැනවැ’යි කියයි’ යන අර්ථයි.

බොධිසත‍්තො තස‍්සා වචනං සුත්‍වා “භද‍්දෙ, ත්‍වං භවිතබ‍්බමෙවෙතං කථං කථෙසි, පරිණමන‍්තෙ හි මම වයෙ ඉමෙහි කාළකෙසෙහි පරිවත‍්තෙත්‍වා සාණවාකසදිසෙහි පණ‍්ඩරෙහි භවිතබ‍්බං. අහඤ‍්හි නීලුප‍්පලාදිකුසුමදාමසදිසකුමාරානං කඤ‍්චනරූපපටිභාගානං උත‍්තමයොබ‍්බනවිලාසසම‍්පත‍්තානං ඛත‍්තියකඤ‍්ඤාදීනං වයෙ පරිණමන‍්තෙ ජරං පත‍්තානං වෙවණ‍්ණියඤ‍්චෙව සරීරභඞ‍්ගඤ‍්ච පස‍්සාමි. එවං විපත‍්තිපරියොසානොවෙස භද‍්දෙ, ජීවලොකො”ති වත්‍වා උපරි බුද‍්ධලීළාය ධම‍්මං දෙසෙන‍්තො ගාථාද‍්වයමාහ –

බෝසත් තෙමේ ඇයගේ වචන අසා ‘සොඳුර, ඔබ විය යුතු ම විය හැකි ම දෙයක් කීවෙහිය. වයසට යනවිට මේ කළු කෙස් වෙනස් වී, හම වැරළි මෙන් සුදුපැහැ ගැන් වේ. මම වනාහි, නුලුපුල් ආදී වූ මල්දම් වැනි සුකුමාල වූ, රන්පිළිම වැනි, උතුම් වූ යොවුන් විලාශයෙන් පිරිපුන්, රාජ කුමාරිකාවන් දැක ඇත්තෙමි. එසේම ඔවුන් වයසට පත් වී, ජරාපත් සිරුරු ඇතිව, දුර්වර්ණ වී වකුටු ගැසුණු සිරුරු ඇතිව, මැරී වැටී ඇති අයුරු ද දැක ඇත්තෙමි. මෙබඳු වූ විපත්ති කෙළවර කොට ඇති, මේ ජීව ලෝකය සදාකල් එක් අයුරින් නො පවතී. එබැවින් සොඳුර, මෙය වටහා ගැනීම ඉතා යහපත් ය. මෙසේ කී බෝසත් තෙමේ ඉන්පසු ප්‍රබුද්ධ ලීලාවෙන් දහම් දෙසමින් මෙසේ පැවසීය.

“පස‍්සාමි වොහං දහරිං කුමාරිං, සාමට‍්ඨපස‍්සං සුතනුං සුමජ‍්ඣං; කාළප‍්පවාළාව පවෙල‍්ලමානා, පලොභයන‍්තීව නරෙසු ගච‍්ඡති.

4. මම සිනිඳු පහස දනවන සුන්දර සිරුරක් ඇති, මනා වූ මැද පෙදෙසක් ඇති, සැලෙන කළුවැල් දළුවක් වැනි, තරුණ කුමාරිකාවක දුටිමි. ඇය මිනිසුන් සමීපයෙන් පොළඹවන්නට මෙන්, ගමන් කරයි.

“තමෙන පස‍්සාමිපරෙන නාරිං, ආසීතිකං නාවුතිකංව ජච‍්චා; දණ‍්ඩං ගහෙත්‍වාන පවෙධමානං, ගොපානසීභොග‍්ගසමං චරන‍්ති”න‍්ති.

5. පසුකලෙක ඒ කාන්තාව ම, වයසින් අසූවෙහි දී හෝ, අනූවෙහි දී හෝ, හැරමිටියක් අතින් ගෙන, වෙවුලමින් (නැමි පියසිවලට යොදන) නැමි පරාලයක් මෙන්, වී ඇවිදිනු දුටිමි.

තත්‍ථ වොති නිපාතමත‍්තං. සාමට‍්ඨපස‍්සන‍්ති සම‍්මට‍්ඨපස‍්සං. අයමෙව වා පාඨො, සබ‍්බපස‍්සෙසු මට‍්ඨඡවිවණ‍්ණන‍්ති අත්‍ථො. සුතනුන‍්ති සුන්‍දරසරීරං. සුමජ‍්ඣන‍්ති සුසණ‍්ඨිතමජ‍්ඣං. කාළප‍්පවාළාව පවෙල‍්ලමානාති යථා නාම තරුණකාලෙ සුසමුග‍්ගතා කාළවල‍්ලී පවාළා වා හුත්‍වා මන්‍දවාතෙරිතා ඉතො චිතො ච පවෙල‍්ලති, එවං පවෙල‍්ලමානා ඉත්‍ථිවිලාසං දස‍්සයමානා කුමාරිකා පලොභයන‍්තීව නරෙසු ගච‍්ඡති. සමීපත්‍ථෙ භුම‍්මවචනං, පුරිසානං සන‍්තිකෙ තෙ පුරිසෙ කිලෙසවසෙන පලොභයන‍්තී විය ගච‍්ඡති.

මෙහි ‘වො’ යනු නිපාතයක් පමණි. ‘සාමට්ඨපස්සං’ යනු ‘සිනිඳු පහස් ඇති’ යන අර්ථයි. ‘සම්මට්ඨපස්සං’ යන මෙය ම පාඨය හෝ විය හැකිය. ‘හැම පැත්තෙහි ම සුමුදු ඡවි වර්ණය ඇති’ යන අර්ථයි. ‘සුතනුං’ යනු ‘සුන්දර සිරුරක් ඇති’ යන අර්ථයි. ‘සුමජ්ඣං’ යනු ‘මනාව පිහිටි මැද පෙදෙසක් (ඉඟටියක්) ඇති’ යන අර්ථයි. ‘කාළාපවාළාව පවෙල්ලමානා’ යනු ‘තරුණ කාලයෙහි යම් සේ මැනවින් උඩට නැගි කළුවැල් දළුවක් මෙන්, මඳ සුළඟින් ඒ මේ අතර වැනේ ද? එසේ ලෙළෙන ස්ත්‍රී විලාශ දක්වමින්, ඒ කුමාරිකාව මිනිසුන් සමීපයෙන්, පොළඹවන්නට මෙන්, ගමන් කරයි’ යන අර්ථයි. ‘නරෙසු’ යන්න සමීප අර්ථයෙහි සත්තමී විභක්තිය යි. පුරුෂයන්ගේ සමීපයෙහි, ඒ පුරුෂයන් ආශාවෙන් පොළඹවන්නට මෙන්, ගමන් කරයි’ යන අර්ථයි.

තමෙන පස‍්සාමිපරෙන නාරින‍්ති තමෙනං නාරිං අපරෙන සමයෙන ජරං පත‍්තං අන‍්තරහිතරූපසොභග‍්ගප‍්පත‍්තං පස‍්සාමි. බොධිසත‍්තො හි පඨමගාථාය රූපෙ අස‍්සාදං කථෙත්‍වා ඉදානි ආදීනවං දස‍්සෙන‍්තො එවමාහ. ආසීතිකං නාවුතිකංව ජච‍්චාති අසීතිසංවච‍්ඡරං වා නවුතිසංවච‍්ඡරං වා ජාතියා. ගොපානසීභොග‍්ගසමන‍්ති ගොපානසීසමං භොග‍්ගං, ගොපානසීආකාරෙන භග‍්ගසරීරං ඔනමිත්‍වා නට‍්ඨකාකණිකං පරියෙසන‍්තිං විය චරමානන‍්ති අත්‍ථො. කාමඤ‍්ච බොධිසත‍්තෙන දහරකාලෙ දිස‍්වා පුන නාවුතිකකාලෙ දිට‍්ඨපුබ‍්බා නාම නත්‍ථි, ඤාණෙන දිට‍්ඨභාවං සන්‍ධාය පනෙතං වුත‍්තං.

‘තමෙනසපස්සාමි පරෙන නාරිං’ යනු ‘පසුකලෙක ඒ කාන්තාව ම, රූප ශෝභාව වැහැරී ගොස්, ජරාවට පත්ව සිටිනු දුටිමි. මෙසේ බෝසත් තෙමේ, සිවුවන ගාථාවෙන් රූපයෙහි ආශ්වාදය පැහැදිලි කොට, දැන් එහි ආදීනව දක්වමින් මෙසේ කීය’ යන අර්ථයි. ‘ආසීතිකං නාවුතිකංච ජච්චා’ යනු ‘උපතින් වසර අසූවක් හෝ අනූවක් හෝ’ යන අර්ථයි. ‘ගොපාණසීභොග්ගස්මං’ යනු ‘නැමි පරාලයක් මෙන්, ඇදවුණු යන අර්ථයි. ඒ ආකාරයෙන් ශරීරයෙන් නැමී, නැති වූ කාසියක් සොයන්නාක් මෙන්, හැසිරෙන’ යන අර්ථයි. මෙය බෝසතුන් විසින් ඒකාන්තයෙන් කුඩා කල දක්නට ලැබී, නැවත වසර අනූවේ දී දැකීමෙන් කියන ලද්දක් නොවේ. ඤාණයෙන් දුටු බව පැහැදිලි කිරීම සඳහා, මෙසේ කියන ලදී’ යන අර්ථයි.

ඉති මහාසත‍්තො ඉමාය ගාථාය රූපස‍්ස ආදීනවං දස‍්සෙත්‍වා ඉදානි අගාරමජ‍්ඣෙ අත‍්තනො අනභිරතිං පකාසෙන‍්තො ගාථාද‍්වයමාහ –

මෙසේ බෝසත් තෙමේ මේ ගාථාවෙන් රූපයේ ආදීනව දක්වා, නැවත මේ වනවිට තමා තුළ ගිහිගෙයි ඇල්මක් කැල ම නැති බව, පැහැදිලි කරමින්, මේ ගාථා දෙක ප්‍රකාශ කෙළේය.

“සොහං තමෙවානුවිචින‍්තයන‍්තො, එකො සයාමි සයනස‍්ස මජ‍්ඣෙ; ‘අහම‍්පි එවං’ ඉති පෙක‍්ඛමානො, න ගහෙ රමෙ බ්‍රහ‍්මචරියස‍්ස කාලො.

6. ඒ මම, ඒ ගැනම සිතමින්, යහන මැද තනිව නිදමි. මම ද මෙසේ (ජරාවට පත් වේ) යැයි බලමින් ගිහිගෙයි නොඇලෙමි. මේ බ්‍රහ්මචර්යාවට කාලයයි.

“රජ‍්ජුවාලම‍්බනී චෙසා, යා ගෙහෙ වසතො රති; එතම‍්පි ඡෙත්‍වාන වජන‍්ති ධීරා, අනපෙක‍්ඛිනො කාමසුඛං පහායා”ති.

7. ඉදින් ගිහිගෙයි වසන්නාගේ යම් ඇල්මක් වේද? එය එල්ලෙන රැහැනක් වැනිය. අපේක්‍ෂාවක් නැති ධෛර්යය සම්පන්න පුද්ගලයෝ, එය ද සිඳ දමා, කම්සැප අත්හැර පිටව යති.

තත්‍ථ සොහන‍්ති සො අහං. තමෙවානුවිචින‍්තයන‍්තොති තමෙව රූපානං අස‍්සාදඤ‍්ච ආදීනවඤ‍්ච චින‍්තෙන‍්තො. එවං ඉති පෙක‍්ඛමානොති “යථා එසා පරිණතා, අහම‍්පි ජරං පත‍්තො භග‍්ගසරීරො භවිස‍්සාමී”ති පෙක‍්ඛමානො. න ගහෙ රමෙති ගෙහෙ න රමාමි. බ්‍රහ‍්මචරියස‍්ස කාලොති භද‍්දෙ, බ්‍රහ‍්මචරියස‍්ස මෙ කාලො, තස‍්මා පබ‍්බජිස‍්සාමීති දීපෙති.

මෙහි ‘සොභං’ යනු ‘ඒ මම’ යන අර්ථයි. ‘තමේවානුවිචින්තයන්තො’ යනු ‘රූපයන්ගේ ඒ ආශ්වාදය ද, ආදීනවය ද සිතමින්’ යන අර්ථයි. ‘එවං ඉති පෙක්ඛමානො’ යනු ‘යම් සේ ඇය මහලු ද? මම ද එසේ ජරාවට පත් ව, බිඳුන ශරීර ඇත්තෙක් වන්නෙමැ’යි බලමින්’ යන අර්ථයි. ‘බ්‍රහ්මචරියස්ස කාලො’ යනු ‘සොඳුර, මේ මට බ්‍රහ්මචර්යාවට කාලයයි. එබැවින් පැවිදි වන්නෙමැ’යි දක්වයි’ යන අර්ථයි.

රජ‍්ජුවාලම‍්බනී චෙසාති ච-කාරො නිපාතමත‍්තො, ආලම‍්බනරජ‍්ජු විය එසාති අත්‍ථො. කතරා? යා ගෙහෙ වසතො රති, යා ගෙහෙ වසන‍්තස‍්ස රූපාදීසු ආරම‍්මණෙසු කාමරතීති අත්‍ථො. ඉමිනා කාමානං අප‍්පස‍්සාදතං දස‍්සෙති. අයං එත්‍ථාධිප‍්පායො – යථා ගිලානස‍්ස මනුස‍්සස‍්ස අත‍්තනො බලෙන පරිවත‍්තිතුං අසක‍්කොන‍්තස‍්ස “ඉමං ආලම‍්බිත්‍වා පරිවත‍්තෙය්‍යාසී”ති ආලම‍්බනරජ‍්ජුං බන්‍ධෙය්‍යුං, තස‍්ස තං ආලම‍්බිත්‍වා පරිවත‍්තන‍්තස‍්ස අප‍්පමත‍්තකං කායිකචෙතසිකසුඛං භවෙය්‍ය, එවං කිලෙසාතුරානං සත‍්තානං විවෙකසුඛවසෙන පරිවත‍්තිතුං අසක‍්කොන‍්තානං අගාරමජ‍්ඣෙ ඨපිතානි කාමරතිදායකානි රූපාදීනි ආරම‍්මණානි තෙසං කිලෙසපරිළාහකාලෙ මෙථුනධම‍්මපටිසෙවනවසෙන තානි ආරබ‍්භ පරිවත‍්තමානානං කායිකචෙතසිකසුඛසඞ‍්ඛාතා කාමරති නාම තං මුහුත‍්තං උප‍්පජ‍්ජමානා අප‍්පමත‍්තිකා හොති, එවං අප‍්පස‍්සාදා කාමාති. එතම‍්පි ඡෙත්‍වානාති යස‍්මා පන බහුදුක‍්ඛා කාමා බහුපායාසා, ආදීනවො එත්‍ථ භිය්‍යො, තස‍්මා තං ආදීනවං සම‍්පස‍්සමානා පණ‍්ඩිතා එතම‍්පි රජ‍්ජුං ඡෙත්‍වා ගූථකූපෙ නිමුග‍්ගපුරිසො තං පජහන‍්තො විය අනපෙක‍්ඛිනො එතං අප‍්පමත‍්තකං බහුදුක‍්ඛං කාමසුඛං පහාය වජන‍්ති, නික‍්ඛමිත්‍වා මනොරමං පබ‍්බජ‍්ජං පබ‍්බජන‍්තීති.

‘රජ්ජුවාලම්බනී චේසා’ යන මෙහි ‘ච’ කාරය නිපාතයක් පමණි. එය (සිරුරේ) එල්ලෙන රැහැනක් වැනි ය’ යන අර්ථයි. එය කුමක්ද? ‘යා ගේහෙ වසතො රතී’ යනු ‘ගිහිගෙයි වසන්නාගේ රූපාදී අරමුණුවල යම් කාම රතියක් වේද? එයයි’ යන අර්ථයි. මෙයින් කාමයන්ගේ ‘අල්පාස්වාදී බව’ දක්වයි. එහි අදහස මෙයයි. එනම් ස්වශක්තියෙන් නැගී සිටින්නට බැරි, රෝගී මිනිසකුට ‘මෙහි එල්ලී නැගී සිටුව’යි, කියා යම්සේ එල්ලීමට රැහැනක් බඳින්නාහු නම්, එහි එල්ලී නැගී සිටින්නාට, අල්ප වූ කායික-චෛතසික සුවයක් එයින් ලැබෙන්නේය. එසේ විවේක සුව වශයෙන් නැගී සිටින්නට බැරි, කෙලෙසුන්ගෙන් රෝගී වූ, සත්ත්වයන්ට ගිහිගෙයි මැද තබන ලද, කම්සුව දෙන, රූපාදී අරමුණු ආශාවන් වශයෙන්, ඔවුන්ගේ සිරුරු දවන කල්හි, ඒ නිමිති කොටගෙන, මෙවුන්දම් සෙවීම් වශයෙන් ඇතිවන කායික-චෛතසික සුඛ සංඛ්‍යාත වෙනස්වීම්, ‘කාම-රති’ නම් වේ. මොහොතක් තුළ ඇතිවන ඒ සැප ඉතා අල්පය. මෙසේ ‘කාම’ අල්පාස්වාද ඇත්තේය’ යන අර්ථයි. ‘ඒතම්පි ජෙත්‍වාන’ යනු ‘යම් හෙයකින් ‘කාම’ බොහෝ දුක් ඇත්තේද? බොහෝ කරදර ඇත්තේද? බොහෝ ආදීනව ඇත්තේද? එහෙයින් ඒ ආදීනව දක්වා වූ පඬිවරු මේ රැහැන ද, සිඳ දමා, අසූචි වළක ගිලුණු පුරුෂයකු ඉන් බැහැර වන්නාක් මෙන්’, යන අර්ථයි. ‘අනපෙක්ඛිනො’ යනු බොහෝ දුක් ඇති, මේ අල්පමාත්‍ර වූ කම්සුව බැහැර කොට යති. එසේ නික්ම ගොස්, මනෝරම්‍ය වූ පැවිද්දට පිවිසෙති’ යන අර්ථයි.

එවං මහාසත‍්තො කාමෙසු අස‍්සාදඤ‍්ච ආදීනවඤ‍්ච දස‍්සෙන‍්තො බුද‍්ධලීළාය ධම‍්මං දෙසෙත්‍වා සහායං පක‍්කොසාපෙත්‍වා රජ‍්ජං පටිච‍්ඡාපෙත්‍වා ඤාතිමිත‍්තසුහජ‍්ජානං රොදන‍්තානං පරිදෙවන‍්තානමෙව සිරිවිභවං ඡඩ‍්ඩෙත්‍වා හිමවන‍්තං පවිසිත්‍වා ඉසිපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා ඣානාභිඤ‍්ඤං නිබ‍්බත‍්තෙත්‍වා බ්‍රහ‍්මලොකපරායණො අහොසි.

මෙසේ බෝසත් තෙමේ කාමයන්හි ආස්වාද ද, ආදීනව ද, ප්‍රකාශ කොට ප්‍රබුද්ධ ලීලාවෙන් දම් දෙසා, සිය මිතුරා වන යුවරජු කැඳවා, රාජ්‍යය ඔහුට පවරා දී, ඤාතීන්, මිතුරන්, හිතවතුන් හඬද්දී ම, වැලපෙද්දීම, සියලු සම්පත් හැර දමා, හිමවතට පිවිස සෘෂි පැවිද්දෙන් පැවිදිව, ධ්‍යාන හා අභිඥා උපදවාගෙන, දිගුකලක් එහි වැස, පසුකලෙක මියගොස්, බඹලොව උපන්නේය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා සච‍්චානි පකාසෙත්‍වා බහූ ජනෙ අමතපානං පායෙත්‍වා ජාතකං සමොධානෙසි – “තදා අග‍්ගමහෙසී රාහුලමාතා අහොසි, සහායරාජා ආනන්‍දො, සුසීමරාජා පන අහමෙව අහොසි”න‍්ති.

බුදුරජාණන් වහන්සේ මේ ජාතකය මෙසේ වදාරා, සත්‍යය ප්‍රකාශ කොට, බොහෝ දෙනාට අමා පැන් පොවා දේශනාව නිමවා වදාළ සේක. එදා අගමෙහෙසිය නම්, රාහුල මාතාවය. යුවරජතුමා නම්, ආනන්ද තෙරණුවෝය. සුසීම රජු වූ කලී, ‘මම ම යැ’යි බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ දක්වා වදාළ සේක.

සුසීමජාතකවණ‍්ණනා ඡට‍්ඨා.