යෙදුමෙන් කියවන්න

7. කොටසිම‍්බලිජාතකවණ‍්ණනා 412 අට‍්ඨකථා

7. කොටසිම‍්බලිජාතකවණ‍්ණනා (412)

7. කෝටිසිම්බලි ජාතකය (412)

අහං දසසතංබ්‍යාමන‍්ති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො කිලෙසනිග‍්ගහං ආරබ‍්භ කථෙසි. වත්‍ථු පන පානීයජාතකෙ (ජා· 1.11.59 ආදයො) ආවි භවිස‍්සති. ඉධාපි සත්‍ථා අන‍්තොකොටිසන්‍ථාරෙ කාමවිතක‍්කාභිභූතෙ පඤ‍්චසතෙ භික‍්ඛූ දිස‍්වා භික‍්ඛුසඞ‍්ඝං සන‍්නිපාතාපෙත්‍වා “භික‍්ඛවෙ, ආසඞ‍්කිතබ‍්බයුත‍්තකං නාම ආසඞ‍්කිතුං වට‍්ටති, කිලෙසා නාම වඩ‍්ඪන‍්තා වනෙ නිග්‍රොධාදයො විය රුක‍්ඛං, පුරිසං භඤ‍්ජන‍්ති, තෙනෙව පුබ‍්බෙපි කොටසිම‍්බලියං නිබ‍්බත‍්තදෙවතා එකං සකුණං නිග්‍රොධබීජානි ඛාදිත්‍වා අත‍්තනො රුක‍්ඛස‍්ස සාඛන‍්තරෙ වච‍්චං පාතෙන‍්තං දිස‍්වා ‘ඉතො මෙ විමානස‍්ස විනාසො භවිස‍්සතී’ති භයප‍්පත‍්තා අහොසී”ති වත්‍වා අතීතං ආහරි.

‘අහං දසසතං ව්‍යාමං’ යන මේ ගාථා කොටස අයත් ජාතක කතා වස්තුව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවාසය කරන සේක්, ක්ලේශ නිග්‍රහයක් නිමිති කොටගෙන වදාළ සේක. මෙහි වර්තමාන කතාවස්තුව ‘පාණීය’ ජාතකයෙහි දැක්වේ. ඊට අනුව බුදුරජාණන් වහන්සේ සන්තාගාරයෙහි ඇතුල් කෙළවරේ විසූ පන්සියයක් භික්‍ෂූන් කාම විතර්කයකින් පීඩා විඳිනු දැක, ඔවුන් තමන්වහන්සේ වෙත කැඳවා, ‘මහණෙනි, සැක කළ යුතු යමක් වේ නම්, එය සැක කිරීම ම වටී. ක්ලේශයෝ නම් වනයෙහි ගස්වල හටගත් නුග පැල වැනි වෙති. නුග පැලය කිසියම් ගසක් අල්ලාගෙන වැඩී, ටික දිනකින් ම ඒ ගස විනාශ කරයි. මිනිසා තුළ වැඩෙන ක්ලේශය ද, ටික කලකින් ම විශාලත්වයට පත්වී, ඒ මිනිසා විනාශයට පමුණුවයි. මේ නිසාම අතීතයේ දී, කොළ ඉඹුල් ගසකට අරක් ගෙන සිටි දේවතාවෙක්, නුග ගෙඩි අනුභව කළ එක් කිරිල්ලක් කොළ ඉඹුල් ගස වෙත පැමිණ, එහි අතුපතර වැසූ එක් අත්තෙක වර්චස් පිඩක් හෙළනු දැක, ‘මේ හේතුවෙන් මාගේ මේ විමානයට මහත් විනාශයක් වන්නේ යැ’යි අතිශයින් බියට පත් වී යැ’යි වදාරා, මේ අතීත කතාව මෙසේ වදාළ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො කොටසිම‍්බලියං රුක‍්ඛදෙවතා හුත්‍වා නිබ‍්බත‍්ති. අථෙකො සුපණ‍්ණරාජා දියඩ‍්ඪයොජනසතිකං අත‍්තභාවං මාපෙත්‍වා පක‍්ඛවාතෙහි මහාසමුද‍්දෙ උදකං ද‍්විධා කත්‍වා එකං බ්‍යාමසහස‍්සායාමං නාගරාජානං නඞ‍්ගුට‍්ඨෙ ගහෙත්‍වා මුඛෙනස‍්ස ගහිතගොචරං ඡඩ‍්ඩාපෙත්‍වා කොටසිම‍්බලිං සන්‍ධාය වනමත්‍ථකෙන පායාසි. නාගරාජා “ඔලම‍්බෙන‍්තො අත‍්තානං මොචෙස‍්සාමී”ති නිග්‍රොධරුක‍්ඛෙ භොගං පවෙසෙත්‍වා නිග්‍රොධං වෙඨෙත්‍වා ගණ‍්හි. සුපණ‍්ණරඤ‍්ඤො මහාබලතාය නාගරාජස‍්ස ච මහාසරීරතාය නිග්‍රොධරුක‍්ඛො සමුග‍්ඝාටං අගමාසි. නාගරාජා නෙව රුක‍්ඛං විස‍්සජ‍්ජෙසි, සුපණ‍්ණරාජා සද‍්ධිං නිග්‍රොධරුක‍්ඛෙන නාගරාජානං ගහෙත්‍වා කොටසිම‍්බලිං පත්‍වා නාගරාජානං ඛන්‍ධපිට‍්ඨෙ නිපජ‍්ජාපෙත්‍වා උදරමස‍්ස ඵාලෙත්‍වා නාගමෙදං ඛාදිත්‍වා සෙසකළෙවරං සමුද‍්දෙ විස‍්සජ‍්ජෙසි. තස‍්මිං පන නිග්‍රොධෙ එකා සකුණිකා අත්‍ථි, සා නිග්‍රොධරුක‍්ඛෙ විස‍්සට‍්ඨෙ උප‍්පතිත්‍වා කොටසිම‍්බලියා සාඛන‍්තරෙ නිසීදි. රුක‍්ඛදෙවතා තං දිස‍්වා “අයං සකුණිකා මම රුක‍්ඛක‍්ඛන්‍ධෙ වච‍්චං පාතෙස‍්සති, තතො නිග්‍රොධගච‍්ඡො වා පිලක‍්ඛගච‍්ඡො වා උට‍්ඨහිත්‍වා සකලරුක‍්ඛං ඔත්‍ථරිත්‍වා ගච‍්ඡිස‍්සති, අථ මෙ විමානං නස‍්සිස‍්සතී”ති භීතතසිතා පවෙධි. තස‍්සා පවෙධන‍්තියා කොටසිම‍්බලීපි යාව මූලා පවෙධි. සුපණ‍්ණරාජා තං පවෙධමානං දිස‍්වා කාරණං පුච‍්ඡන‍්තො ද‍්වෙ ගාථා අභාසි –

පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, බෝසත් තෙමේ කොළ ඉඹුල් ගසක රුක් දෙවියෙක් ව උපන්නේය. එකල එක් ගුරුළු රාජයෙක් යොදුන් එකසිය පනහක් පමණ වූ, දැවැන්ත ආත්ම භාවයක් මවාගෙන, ස්වකීය පියාපත්වල වාත වේගයෙන් මහා සමුද්‍රයේ ජලය දෙබෑ කරගෙන ගොස්, බඹ දහසක් පමණ දික් වූ, එක් නාගරාජයකු නගුටෙන් ඩැහැගෙන, මුහුදු ජලයෙන් මතුපිටට පැමිණියේය. නාග රාජයාගේ මුව තුළ තිබූ ගොදුරු, මුහුදු ජලය මතට ඇදවැටිණි. මෙසේ නාගයකු ඩැහැගත් ගුරුළා, ඉහත කී කොළ ඉඹුල් ගස වෙත, වනපෙතට ඉහළින් පියඹා ගියේය. විශාල සිරුරක් ඇති මේ නාගරාජයා, ගුරුළාගේ ග්‍රහණයට හසු වී සිටි නමුත්, උගෙන් මිදීම සඳහා මහත් වෙහෙසක් ගනිමින් සිටියේය. ඒ අනුව ගුරුළා ඩැහැගෙන යද්දී ම නාගරාජයා, ඒ යන ගමන්මගෙහි පිහිටි කිසියම් නුග ගසක් දැක, ක්‍ෂණිකව සිය දරණවැල නුග ගසෙහි පටලවා ගත්තේය. නාගරාජයාගේ සිරුර කෙතරම් දීර්ඝ එකක් වුවද, ගුරුළාට එයින් වූ බලපෑම මඳ විය. එබැවින් අධික ශක්තියකින් යුතු දැවැන්ත ගුරුළු රාජයා, නා රජු වෙළී සිටි නුග ගසත් ගලවාගෙන ම, තම ගමන ගියේය. නාගරාජයා ද, නුග ගස මුදා හැරියේ නැත. මෙසේ අනුක්‍රමයෙන් කොළ ඉඹුල් ගස වෙත පැමිණි ගුරුළා, නුග ගසින් මුදා ගත්, නාග ශරීරය කොළ ඉඹුල් ගස මත හෙළා, නාගයාගේ බඩ පලා නාග මේදය අනුභව කෙළේය. ඉන්පසු නාගයාගේ මළකඳ ඔසවා ගත් ගුරුළා නැවතත් සමුදුර වෙත ගොස්, එය මුහුදු ජලපිට හෙළුවේය. නාගරාජයාගෙන් මුදා ඉවත දමන ලද නුග ගසෙහි කූඩුවක එක කිරිල්ලක් වාසය කළාය. ඇය කූඩුවෙන් එළියට පැමිණ, නුග ගෙඩි කමින් සිටියාය. මඳ වේලාවකට පසු නුග ගසින් නික්මුණු කිරිල්ල, කොළ ඉඹුල් ගසට පියඹා විත්, එහි අත්තක වැසුවාය. කොළ ඉඹුල් ගස සිය විමානය කොටගත් දේවතාවා, ඒ කිරිල්ලගේ ක්‍රියාව දැක, ‘මේ කිරිල්ල මගේ මේ ගස මත වර්චස් හෙළන්නී නම්, එයින් මේ ගසේ නුග පැලයක් හෝ, පිලිල පැලයක් හෝ, පැල වුවහෝත ටික කලකින් ම එය මේ ගස වසා පැතිරෙන්නේය. එවිට මාගේ මේ විමානය විනාශ වන්නේ යැ’යි, බියෙන් ත්‍රස්තව වෙවුලන්ට පටන් ගත්තේය. දේවතාවාගේ එම වෙව්ලීමෙන් කොළ ඉඹුල් ගසේ මුල දක්වාම හෙල්ලෙන්නට පටන් ගත්තේය. මේ වෙව්ලීම දුටු ගුරුළු රාජයා, ඒ ගැන විමසමින් මෙසේ කීවේය.

“අහං දසසතංබ්‍යාමං, උරගමාදාය ආගතො; තඤ‍්ච මඤ‍්ච මහාකායං, ධාරයං නප‍්පවෙධසි.

අහං දසසතං වතමං උරගමාදාය මාගතො, තඤ්ච මඤ්ච මහා කායං ධාරයං නප්පවෙධසී

“අථිමං ඛුද‍්දකං පක‍්ඛිං, අප‍්පමංසතරං මයා; ධාරයං බ්‍යථසි භීතා, කමත්‍ථං කොටසිම‍්බලී”ති.

අථ මෙං ඛුද්දකං පක්ඛිං අප්පමංස තරං මයා, ධාරයං ව්‍යාධසො භීතො කමත්‍ථං කොටි සිම්බලී ති

කටු ඉඹුල් වෘක්‍ෂය, මම බඹ දහසක් දිග උරගයකු ගෙන (මෙහි) පැමිණියෙමි. මහා ශරීර ඇති, අප දෙදෙනා උසුලමින් (නුඹ) කම්පා නොවූයෙහිය. එසේ ඇතිකල්හි, මට වඩා ඉතාමත් මඳ වූ මස් ඇති, මේ කුඩා කිරිල්ල උසුලමින් කුමක් නිසා බියට පත්ව වෙවුලහිද?

තත්‍ථ දසසතංබ්‍යාමන‍්ති සහස‍්සබ්‍යාමමත‍්තායාමං. උරගමාදාය ආගතොති එවං මහන‍්තං උරගං ආදාය ඉධ ආගතො. තඤ‍්ච මඤ‍්චාති තඤ‍්ච උරගං මඤ‍්ච. ධාරයන‍්ති ධාරයමානා. බ්‍යථසීති කම‍්පසි. කමත්‍ථන‍්ති කිං අත්‍ථං, කෙන කාරණෙනාති පුච‍්ඡති, කං වා අත්‍ථං සම‍්පස‍්සමානාතිපි අත්‍ථො. කොටසිම‍්බලීති රුක‍්ඛනාමෙන දෙවපුත‍්තං ආලපති. සො හි සිම‍්බලිරුක‍්ඛො ඛන්‍ධසාඛමහන‍්තතාය කොටසිම‍්බලිනාමං ලභති, තස‍්මිං අධිවත්‍ථදෙවපුත‍්තස‍්සපි තදෙව නාමං.

මෙහි ‘දසසතං ව්‍යාමං’ යනු ‘බඹ දහසක්’ යන අර්ථයි. ‘උරගමාදාය මාගතො’ යනු ‘මෙබඳු මහත් වූ උරගයකු ගෙන මෙහි පැමිණියෙමි’ යන අර්ථයි. ‘තඤ්ච මඤ්ච’ යනු ‘ඒ උරගයා ද මා ද’ යන අර්ථයි. ‘ධාරයං’ යනු ‘උසුලමින්’ යන අර්ථයි. ‘ව්‍යාධසෙ’ යනු කම්පා වෙහිද? යන අර්ථයි. ‘කමත්‍ථං’ යනු ‘කුමටද? කුමන කාරණයක් නිසා දැ’යි විචාරයි’ යන අර්ථයි. ‘කුමන කාරණයක් දැක දැ’යි යන අර්ථයි. ‘කොටිසිම්බලි’ යනු ‘ගසේ නාමයෙන් දෙවියාට අමතයි’ යන අර්ථයි. ‘ඒ කටු ඉඹුල් ගස මහත් වූ කඳන් හා අතු ඇති බැවින් ඒ නම ලැබීය. එහි අධිගෘහිත දිව්‍ය පුත්‍රයාට ද ඒ නම ම කියයි’ යන අර්ථයි.

අථස‍්ස කාරණං කථෙන‍්තො දෙවපුත‍්තො චතස‍්සො ගාථා අභාසි –

ගුරුළාගේ මේ ප්‍රශ්නයට පිළිතුරු සපයමින් දිව්‍ය පුත්‍රයා ගාථා සතරක් පැවසීය.

“මංසභක‍්ඛො තුවං රාජ, ඵලභක‍්ඛො අයං දිජො; අයං නිග්‍රොධබීජානි, පිලක‍්ඛුදුම‍්බරානි ච; අස‍්සත්‍ථානි ච භක‍්ඛිත්‍වා, ඛන්‍ධෙ මෙ ඔහදිස‍්සති.

3. ගුරුළු රාජය, ඔබ මස් කන්නෙකි. මේ කුරුල්ලා ගෙඩි කන්නෙකි. මූ නුගබීජ හෝ, පුලිල බීජ හෝ, දිඹුල් බීජ හෝ, ඇසතු බීජ හෝ අනුභව කොට මගේ (රුක්) කඳ මත හෙළන්නේය.

“තෙ රුක‍්ඛා සංවිරූහන‍්ති, මම පස‍්සෙ නිවාතජා; තෙ මං පරියොනන්‍ධිස‍්සන‍්ති, අරුක‍්ඛං මං කරිස‍්සරෙ.

4. මගේ පැත්තෙක, සුළං නැති තැනෙක, පැලවුණු ඒ ගස් වර්ධනය වේ. ඒවා මා හාත්පසින් වෙළා ගනියි. මා ගසක් නැත්තකු බවට පත් කරන්නේය. (මට ගසක් නැති කරන්නේය)

“සන‍්ති අඤ‍්ඤෙපි රුක‍්ඛා සෙ, මූලිනො ඛන්‍ධිනො දුමා; ඉමිනා සකුණජාතෙන, බීජමාහරිතා හතා.

5. මේ කුරුලු ජාතිය විසින් බීජ ගෙනැවිත් දමා, නසන ලද (මනා වූ) මුල් ඇති, කඳන් ඇති, ‘ද්‍රැම’ නම් වූ වෙනත් ගස් ද ඇත.

“අජ‍්ඣාරූහාභිවඩ‍්ඪන‍්ති, බ්‍රහන‍්තම‍්පි වනප‍්පතිං; තස‍්මා රාජ පවෙධාමි, සම‍්පස‍්සංනාගතං භය”න‍්ති.

6. රාජය, විශාල වූ මේ වනස්පති වෘක්‍ෂය අභිබවා (ඒවා) වැඩෙයි. එබැවින් මේ අනාගත භය දකිමින් වෙවුලමි.

තත්‍ථ ඔහදිස‍්සතීති වච‍්චං පාතෙස‍්සති. තෙ රුක‍්ඛාති තෙහි බීජෙහි ජාතා නිග්‍රොධාදයො රුක‍්ඛා. සංවිරූහන‍්තීති සංවිරුහිස‍්සන‍්ති වඩ‍්ඪිස‍්සන‍්ති. මම පස‍්සෙති මම සාඛන‍්තරාදීසු. නිවාතජාති මම සාඛාහි වාතස‍්ස නිවාරිතත‍්තා නිවාතෙ ජාතා. තෙ මං පරියොනන්‍ධිස‍්සන‍්තීති එතෙ එවං වඩ‍්ඪිතා මං පරියොනන්‍ධිස‍්සන‍්තීති අයමෙත්‍ථාධිප‍්පායො. කරිස‍්සරෙති අථෙවං පරියොනන්‍ධිත්‍වා මං අරුක‍්ඛමෙව කරිස‍්සන‍්ති සබ‍්බසො භඤ‍්ජිස‍්සන‍්ති. රුක‍්ඛා සෙති රුක‍්ඛා. මූලිනො ඛන්‍ධිනොති මූලසම‍්පන‍්නා චෙව ඛන්‍ධසම‍්පන‍්නා ච. දුමාති රුක‍්ඛවෙවචනමෙව. බීජමාහරිතාති බීජං ආහරිත්‍වා. හතාති අඤ‍්ඤෙපි ඉමස‍්මිං වනෙ රුක‍්ඛා විනාසිතා සන‍්ති. අජ‍්ඣාරූහාභිවඩ‍්ඪන‍්තීති නිග්‍රොධාදයො රුක‍්ඛා අජ‍්ඣාරූහා හුත්‍වා මහන‍්තම‍්පි අඤ‍්ඤං වනප‍්පතිං අතික‍්කම‍්ම වඩ‍්ඪන‍්තීති දස‍්සෙති. එත්‍ථ පන වනෙ පති, වනස‍්ස පති, වනප‍්පතීති තයොපි පාඨායෙව. රාජාති සුපණ‍්ණං ආලපති.

මෙහි ‘ඔදහිස්සති’ යනු ‘වර්චස්’ හෙළන්නේය’ යන අර්ථයි. ‘තෙ රුක්ඛා’ යනු ඒ බීජවලින් හටගත් නුග ආදී ගස් යන අර්ථයි. ‘සංවිරූහන්ති’ යනු ‘මැනවින් වැඩෙන්නාහ. වර්ධනය වන්නාහ’ යන අර්ථයි. ‘මම පස්සෙ’ යනු ‘මාගෙ අතු පතර ආදියෙහි’ යන අර්ථයි. ‘නිවාතජා’ යනු ‘මගේ අතුවලින් වළක්වන ලදුව, වාතය නැති තැන්වල හටගත්’ යන අර්ථයි. ‘පරියොනන්‍ධිස්සන්ති’ යනු ‘එසේ වැඩුණු ඒවා මා හාත්පසින් වෙළා ගන්නේය’ යන අර්ථයි. මෙය ම පාඨය හෝ විය හැකිය. ‘කරිස්සරෙ’ යනු ‘තව ද මෙසේ වෙළාගෙන, මා ගසක් නැත්තකු කරන්නේය. මුළුමනින් විනාශ කරන්නේය’ යන අර්ථයි. ‘රුක්ඛාසෙ’ යනු ‘ගස්’ය. ‘මූලිනො බන්‍ධිනො’ යනු ‘වැඩුණු මුල් හා කඳ ඇති’ යන අර්ථයි. ‘දුමා’ යනු ගසට කියන තවත් නමෙකි. ‘බීජමාහරිත්‍වා’ යනු ‘බීජ ගෙනවුත්’ යන අර්ථයි. ‘හතා’ යනු ‘මේ වනයෙහි විනාශ කරන ලද වෙනත් ගස් ද වේ’ යන අර්ථයි. ‘අජ්ඣාරූළ්හා භිවඩ්ඪන්ති’ යනු ‘නුග ආදී ගස්, ඒවා අභිබවා ගොස් එනම්, වෙනත් විශාල වනස්පති වෘක්‍ෂ ඉක්මවා වැඩේ යැයි දක්වයි, යන අර්ථයි. මෙහි ‘වනෙපති වනස්සපති, වනස්පති’ යනුවෙන් පාඨ තුනෙකි. ‘රාජා’ යනුවෙන් ගුරුළාට අමතයි.

රුක‍්ඛදෙවතාය වචනං සුත්‍වා සුපණ‍්ණො ඔසානගාථමාහ –

වෘක්‍ෂ දේවතාවාගේ කියමන් අසා සිටි ගුරුළු රාජයා මේ අවසාන ගාථාව කීවේය.

“සඞ‍්කෙය්‍ය සඞ‍්කිතබ‍්බානි, රක‍්ඛෙය්‍යානාගතං භයං; අනාගතභයා ධීරො, උභො ලොකෙ අවෙක‍්ඛතී”ති.

7. සැක කළ යුතු දේ සැක කරන්නේය. අනාගත බියෙන් ආරක්‍ෂා වන්නේය. අනාගත බිය හේතු කොටගෙන, නුවණැත්තා දෙලොවම බලන්නේය.

තත්‍ථ අනාගතං භයන‍්ති පාණාතිපාතාදීහි විරමන‍්තො දිට‍්ඨධම‍්මිකම‍්පි සම‍්පරායිකම‍්පි අනාගතං භයං රක‍්ඛති නාම, පාපමිත‍්තෙ වෙරිපුග‍්ගලෙ ච අනුපසඞ‍්කමන‍්තො අනාගතභයං රක‍්ඛති නාම. එවං අනාගතං භයං රක‍්ඛෙය්‍ය. අනාගතභයාති අනාගතභයකාරණා තං භයං පස‍්සන‍්තො ධීරො ඉධලොකඤ‍්ච පරලොකඤ‍්ච අවෙක‍්ඛති ඔලොකෙති නාම.

මෙහි ‘අනාගත භයං’ යනු ‘පරපණ නැසීම් ආදියෙන් වැළකෙන්නා, මෙලොව ද පරලොව ද, අනාගත භයෙන් රැකෙන්නකි. පවිටු මිතුරන්, වෛරක්කාරයන් වෙත, නොඑළඹෙන්නා ද අනාගත බියෙන් රැකෙන්නකි. මෙසේ අනාගත බියෙන් ආරක්ෂා වන්නේ ය’ යන අර්ථයි. ‘අනාගතභයා’ යනු ‘අනාගත බිය හේතු කොටගෙන, ඒ බිය දක්නා වූ නුවණැත්තා, මෙලොවත් පරලොවත් දකින්නෙකි’ යන අර්ථයි.

එවඤ‍්ච පන වත්‍වා සුපණ‍්ණො අත‍්තනො ආනුභාවෙන තං පක‍්ඛිං තම‍්හා රුක‍්ඛා පලාපෙසි.

මෙසේ කී ගුරුළු රාජයා තමාගේ ආනුභාවයෙන් ඒ කිරිල්ලිය, එම ගසින් එළවා දැමීය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා “ආසඞ‍්කිතබ‍්බයුත‍්තකං ආසඞ‍්කිතුං වට‍්ටතී”ති වත්‍වා සච‍්චානි පකාසෙත්‍වා ජාතකං සමොධානෙසි, සච‍්චපරියොසානෙ පඤ‍්චසතා භික‍්ඛූ අරහත‍්තඵලෙ පතිට‍්ඨහිංසු.

බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා, ‘සැක කළයුතු දෑ සැක කිරීම ම වටී යැ’යි, වදාරා සත්‍යය ප්‍රකාශ කොට, ජාතකය නිමවා වදාළ සේක. දේශනාව අවසානයේ දී, පන්සියයක් භික්‍ෂූහු රහත් බවට පත්වූහ.

තදා සුපණ‍්ණරාජා සාරිපුත‍්තො අහොසි, රුක‍්ඛදෙවතා පන අහමෙව අහොසින‍්ති.

එදා ගුරුළු රජු නම්, සැරියුත් තෙරණුවෝය. වෘක්‍ෂ දේවතාවා වූ කලී ‘මම ම යැ’යි බුදුරජාණන් වහන්සේ, තමන් වහන්සේ දක්වා වදාළ සේක.

කොටසිම‍්බලිජාතකවණ‍්ණනා සත‍්තමා.