යෙදුමෙන් කියවන්න

8. ධූමකාරිජාතකවණ‍්ණනා 413 අට‍්ඨකථා

8. ධූමකාරිජාතකවණ‍්ණනා (413)

8. ධූමකාරි ජාතකය (413)

රාජා අපුච‍්ඡි විධුරන‍්ති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො කොසලරඤ‍්ඤො ආගන‍්තුකසඞ‍්ගහං ආරබ‍්භ කථෙසි. සො කිර එකස‍්මිං සමයෙ පවෙණිආගතානං පොරාණකයොධානං සඞ‍්ගහං අකත්‍වා අභිනවාගතානං ආගන‍්තුකානඤ‍්ඤෙව සක‍්කාරසම‍්මානං අකාසි. අථස‍්ස පච‍්චන‍්තෙ කුපිතෙ යුජ‍්ඣනත්‍ථාය ගතස‍්ස “ආගන‍්තුකා ලද‍්ධසක‍්කාරා යුජ‍්ඣිස‍්සන‍්තී”ති පොරාණකයොධා න යුජ‍්ඣිංසු, “පොරාණකයොධා යුජ‍්ඣිස‍්සන‍්තී”ති ආගන‍්තුකාපි න යුජ‍්ඣිංසු. චොරා රාජානං ජිනිංසු. රාජා පරාජිතො ආගන‍්තුකසඞ‍්ගහදොසෙන අත‍්තනො පරාජිතභාවං ඤත්‍වා සාවත්‍ථිං පච‍්චාගන‍්ත්‍වා “කිං නු ඛො අහමෙව එවං කරොන‍්තො පරාජිතො, උදාහු අඤ‍්ඤෙපි රාජානො පරාජිතපුබ‍්බාති දසබලං පුච‍්ඡිස‍්සාමී”ති භුත‍්තපාතරාසො ජෙතවනං ගන‍්ත්‍වා සක‍්කාරං කත්‍වා සත්‍ථාරං වන්‍දිත්‍වා තමත්‍ථං පුච‍්ඡි. සත්‍ථා “න ඛො, මහාරාජ, ත්‍වමෙවෙකො, පොරාණකරාජානොපි ආගන‍්තුකසඞ‍්ගහං කත්‍වා පරාජිතා”ති වත්‍වා තෙන යාචිතො අතීතං ආහරි.

‘රාජා අපුච්ඡි විධුරං’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවෙසෙන සේක්, කොසොල් රජුගේ ‘ආගන්තුක සංග්‍රහයක්’ නිමිති කොටගෙන වදාළ සේක. කිසියම් දවසක කොසොල් රජතුමා ප්‍රවේණිගත ව පැමිණි, පැරණි යුධ භටයන්ට විශේෂ සැලකිලි නොකොට, අලුතින් පැමිණි, ආගන්තුක භටයන්ට සත්කාර සම්මාන කෙළේය. ඉන් ටික කලකට පසු රජුට අයත් කිසියම් පසල් දනව්වක මහත් වූ කලබලයක් හටගත්තේය. අතිවිශාල සොරු කණ්ඩායමක් ඒ පසල් දනව්වෙහි බලය අල්ලා ගන්නට උත්සාහ දැරූහ. මෙය දැනගත් රජතුමා සේනා පිරිසක් ගෙන, යුධ පිණිස එකී දනව්වට ළඟා විය. මේ යුද්ධ සේනාවට පැරණි අය මෙන් ම අලුතින් පැමිණි ආගන්තුක භටයන් ද ඇතුළත් විය. සංග්‍රාම භූමියේ දී ‘රජුගේ සත්කාර ලැබූ අය යුද්ධ කෙරෙති’යි, පැරණි යුධ භටයෝ යුද්ධයෙන් මගහැර සිටියෝය. අලුත් භට පිරිස ද, පලපුරුදු උදවිය යුද්ධය ගැන වගබලා ගනිති’යි සිතා, යුද්ධ නොකළහ. මෙයින් ප්‍රයෝජන ගත් සොරු රජු පරදවා ජය ගත්හ. පරාජයට පත් වූ රජතුමා තමාගේ පරාජයට මූල හේතුව ආගන්තුක භට පිරිසට කළ සංග්‍රහය විය යුතුයැ’යි, කල්පනා කොට ස්වකීය පරාජය පිළිගෙන සැවතට පසුබැස, ‘කිමෙක්ද? මේ හේතුව උඩ පරාජයට පත් වූ පළමුවැන්නා මම වෙම් ද? නැතහොත් අන් රජවරුන් ද, මීට පෙර එසේ පරාජයට පත් වී ඇත්දැ’යි කල්පනා කොට ඒ ගැන බුදුරදුන්ගෙන් විමසා බලා දැනගැනීමේ අටියෙන්, උදේ ආහාරය ගැනීමෙන් අනතුරුව ජේතවනය බලා ගොස්, බුදුරදුන් වැඳ උන්වහන්සේගෙන් එම ප්‍රශ්නය විචාළේය. එවිට බුදුරජාණන් වහන්සේ ‘මහරජතුමනි, එසේ පරාජය වූ පළමුවැන්නා ඔබ නොවේ. පැරණි රජවරුද ආගන්තුකයන්ට සංග්‍රහ සම්මාන සැලකිලි දක්වන්නට ගොස්, පරාජයට පත් වූවාහු යැ’යි වදාරා, රජුගේ අයැදුමෙන් මේ අතීත කථාපුවත මෙසේ වදාළ සේක.

අතීතෙ කුරුරට‍්ඨෙ ඉන්‍දපත්‍ථනගරෙ යුධිට‍්ඨිලගොත‍්තො ධනඤ‍්චයො නාම කොරබ්‍යරාජා රජ‍්ජං කාරෙසි. තදා බොධිසත‍්තො තස‍්ස පුරොහිතකුලෙ නිබ‍්බත‍්තිත්‍වා වයප‍්පත‍්තො තක‍්කසිලායං සබ‍්බසිප‍්පානි උග‍්ගණ‍්හිත්‍වා ඉන්‍දපත්‍ථං පච‍්චාගන‍්ත්‍වා පිතු අච‍්චයෙන පුරොහිතට‍්ඨානං ලභිත්‍වා රඤ‍්ඤො අත්‍ථධම‍්මානුසාසකො අහොසි, විධුරපණ‍්ඩිතොතිස‍්ස නාමං කරිංසු. තදා ධනඤ‍්චයරාජා පොරාණකයොධෙ අගණෙත්‍වා ආගන‍්තුකානඤ‍්ඤෙව සඞ‍්ගහං අකාසි. තස‍්ස පච‍්චන‍්තෙ කුපිතෙ යුජ‍්ඣනත්‍ථාය ගතස‍්ස “ආගන‍්තුකා ජානිස‍්සන‍්තී”ති නෙව පොරාණකා යුජ‍්ඣිංසු, “පොරාණකා යුජ‍්ඣිස‍්සන‍්තී”ති න ආගන‍්තුකා යුජ‍්ඣිංසු. රාජා පරාජිතො ඉන්‍දපත්‍ථමෙව පච‍්චාගන‍්ත්‍වා “ආගන‍්තුකසඞ‍්ගහස‍්ස කතභාවෙන පරාජිතොම‍්හී”ති චින‍්තෙසි. සො එකදිවසං “කිං නු ඛො අහමෙව ආගන‍්තුකසඞ‍්ගහං කත්‍වා පරාජිතො, උදාහු අඤ‍්ඤෙපි රාජානො පරාජිතපුබ‍්බා අත්‍ථීති විධුරපණ‍්ඩිතං පුච‍්ඡිස‍්සාමී”ති චින‍්තෙත්‍වා තං රාජුපට‍්ඨානං ආගන‍්ත්‍වා නිසින‍්නං තමත්‍ථං පුච‍්ඡි. අථස‍්ස තං පුච‍්ඡනාකාරං ආවිකරොන‍්තො සත්‍ථා උපඩ‍්ඪං ගාථමාහ –

පෙර කුරු රට ඉඳිපත් නුවර ‘යුධීෂ්ඨිර’ ගෝත්‍රයෙහි ධනංජය නම් කෝරව්‍ය රජෙක් රාජ්‍යය කරවීය. එකල අප බෝසත් තෙමේ රජුගේ පුරෝහිත මැදුරෙහි උපත ලැබ, නිසි වියට පත්ව තක්‍ෂිලාවට ගොස්, සියලු ශිල්ප උගෙන පෙරළා ඉඳිපත් නුවරට පැමිණ, සිය පියාගේ ඇවෑමෙන් පුරෝහිත තනතුරට පත්විය. එතුමා රජතුමාට ‘අර්ථයෙන් හා ධර්මයෙන් අනුශාසනා කරන්නා’ විය. මහත් ප්‍රඥාවන්තයෙක් වූ එතුමා ‘විධුර’ පඬිතුමා යැයි රටේ ප්‍රසිද්ධියට පත්විය. එකල ධනංජය රජතුමා පැරණි යුධ භටයන් ගණන් නොගෙන, ආගන්තුක භටයන්ට ම සංග්‍රහ කෙළේය. එකල පසල් දනව්වක කෝලාහලයක් ඇතිවිය. රජතුමා සේනාව රැගෙන එය මැඩලීමට ගිය නමුත්, ඉන් ලැබූ ප්‍රතිඵලය කොසොල් රජතුමාට අත්වූ ප්‍රතිඵලයම විය. පරාජයට පත්වූ රජතුමා පෙරළා ඉඳිපත් නුවරට ම පැමිණ, ආගන්තුකයන්ට කළ සංග්‍රහය පරාජයට හේතු වී යැ’යි කල්පනා කෙළේය. මෙසේ සිතන ඔහුට ‘මේ අයුරින් පරාජයට පත් වූ පළමුවැන්නා මම වෙම්ද? නැතහොත් එවැනි පරාජයන් ලද වෙන අයත්, මීට පෙර සිටියාහුදැ’යි කල්පනා කොට, ඒ ගැන විධුර පඬිතුමාගෙන් විචාළේය. රජුගේ එම ප්‍රශ්න විචාරය පැහැදිලි කරමින්, බුදුරජාණන් වහන්සේ එක් ගාථාවක් අර්ධය බැගින් මෙසේ වදාළ සේක.

“රාජා අපුච‍්ඡි විධුරං, ධම‍්මකාමො යුධිට‍්ඨිලො”ති.

“රාජා අප්‍රණී විධුරං ධම්මකාමො යුධිට්ඨිලො,

දහමට කැමැති යුධීෂ්ඨිර ගෝත්‍ර රජතුමා, විධුර පඬිතුමාගෙන් විචාළේය.

තත්‍ථ ධම‍්මකාමොති සුචරිතධම‍්මප‍්පියො.

මෙහි ‘ධම්මකාමො’ යනු ‘සුචරිත ධර්මයට ප්‍රිය’, යන අර්ථයි.

“අපි බ්‍රාහ‍්මණ ජානාසි, කො එකො බහු සොචතී”ති –

“අපි බ්‍රාහ්මණ ජානාසි කො එකො බහු සොචතී” ති

බමුණ, කවරෙක් තනිව බොහෝ ශෝක කෙරේ දැ’යි, දන්නෙහිද?

සෙසඋපඩ‍්ඪගාථාය පන අයමත්‍ථො – අපි නාම, බ්‍රාහ‍්මණ, ත්‍වං ජානාසි “කො ඉමස‍්මිං ලොකෙ එකො බහු සොචති, නානාකාරණෙන සොචතී”ති.

මෙහි දෙවන අර්ධයේ අදහස මෙසේය. එනම්, මෙලොව කවරෙක් තනිව බොහෝ ශෝක කෙරේද? නොයෙක් අයුරෙන් ශෝක වේද?’ යන අර්ථයි.

තං සුත්‍වා බොධිසත‍්තො “මහාරාජ, කිං සොකො නාම තුම‍්හාකං සොකො, පුබ‍්බෙ ධූමකාරී නාමෙකො අජපාලබ්‍රාහ‍්මණො මහන‍්තං අජයූථං ගහෙත්‍වා අරඤ‍්ඤෙ වජං කත්‍වා තත්‍ථ අජා ඨපෙත්‍වා අග‍්ගිඤ‍්ච ධූමඤ‍්ච කත්‍වා අජයූථං පටිජග‍්ගන‍්තො ඛීරාදීනි පරිභුඤ‍්ජන‍්තො වසි. සො තත්‍ථ ආගතෙ සුවණ‍්ණවණ‍්ණෙ සරභෙ දිස‍්වා තෙසු සිනෙහං කත්‍වා අජා අගණෙත්‍වා අජානං සක‍්කාරං සරභානං කත්‍වා සරදකාලෙ සරභෙසු පලායිත්‍වා හිමවන‍්තං ගතෙසු අජාසුපි නට‍්ඨාසු සරභෙ අපස‍්සන‍්තො සොකෙන පණ‍්ඩුරොගී හුත්‍වා ජීවිතක‍්ඛයං පත‍්තො, අයං ආගන‍්තුකසඞ‍්ගහං කත්‍වා තුම‍්හෙහි සතගුණෙන සහස‍්සගුණෙන සොචිත්‍වා කිලමිත්‍වා විනාසං පත‍්තො”ති ඉදං උදාහරණං ආනෙත්‍වා දස‍්සෙන‍්තො ඉමා ගාථා ආහ –

ඒ අසා බෝසත් තෙමේ ‘මහරජතුමනි, ඔබේ ශෝකය කිනම් ශෝකයක් ද? පෙර එළුවන් රකින ‘ධූමකාරි’ නමින් යුත් එක් බමුණෙක් මහත් වූ එළු රංචුවක් ගෙන කැලයට ගොස්, එහි ගාලක් සකසා එළුවන්ට ඒ තුළ පහසුවෙන් හිඳින්නට සලස්වා, රෑට උන්ගේ ආරක්‍ෂාවට ගිනිමැල දල්වමින්, මැසි මදුරුවන් එළවීම සඳහා දුම් ගසමින්, එළු රැළ මැනවින් පෝෂණය කෙළේය. ඔහු ද එළුකිරි ආදිය පරිභෝග කරමින් සැප සේ වාසය කෙළේය. කලෙක දී රන්වන් සිරුරු ඇති සරභ මුව රංචුවක් එතැනට පැමිණියහ. ඒ දුටු බමුණා ඒ සරභ මුවන් කෙරෙහි තදින් සිත් බැඳ ගත්තේය. ඒ මුවන්ට දැඩි ආදරයක් දැක්වූ ධූමකාරි බමුණා එළුවන් ගණනකට නොගෙන, ඔවුන් වෙනුවෙන් කළ සියලු සත්කාර රන්වන් මුවන්ට දක්වන්නට පටන් ගත්තේය. මාස කීපයකට පසු ‘ශරත් සෘතුව’ පැමිණියේය. ශරත් සෘතුව එළඹෙනවාත් සමගම සරභ මුවෝ බමුණා වෙතින් පලා ගොස්, හිමාල වනයට වන්හ. මේ වනවිට එළුවන් නොතකා හළ බැවින්, උන් ආ ගිය අතක් දැනගත නොහැකි විය. උදෑසන අවදි වී වටපිට බලන බමුණාට, සරභ මුවන් පැන ගොස් ඇති බව දැනුණි. එළුවන් ද දක්නට නැත. මුවන් නොදැකීමේ ශෝකයෙන් ම පාණ්ඩු රෝගියකු බවට පත්වූ බමුණා, ඒ දුකෙන්ම ජීවිතක්‍ෂයට පත්විය. රජතුමනි, ඒ බමුණා මෙසේ ආගන්තුකව පැමිණි පිරිසකට සංග්‍රහ කරන්නට ගොස්, ඔබතුමාට වඩා සිය දහස් ගුණයෙන් ශෝක කොට, වෙහෙසට පත්ව, විනාශ වී යැ’යි යන මේ උදාහරණය දක්වමින් මේ ගාථා ප්‍රකාශ කෙළේය.

“බ්‍රාහ‍්මණො අජයූථෙන, පහූතෙජො වනෙ වසං; ධූමං අකාසි වාසෙට‍්ඨො, රත‍්තින්‍දිවමතන්‍දිතො.

2. වාසෙට්ඨ බමුණා එළු රැළත් සමග, බොහේ දර ද රැස්කොට ගෙන, වනයෙහි වෙසෙමින්, දිවා-රෑ දෙක්හි නොමැලිව දුම් ගැසීය.

“තස‍්ස තංධූමගන්‍ධෙන, සරභා මකසඩ‍්ඩිතා; වස‍්සාවාසං උපගච‍්ඡුං, ධූමකාරිස‍්ස සන‍්තිකෙ.

3. ඔහුගේ ඒ දුම් ගඳින්, මදුරුවන්ගෙන් පීඩා ලැබූ සරභ මුවෝ, දුම් දෙන බමුණා ළඟට, වැසි කාලයේ විසීම සඳහා පැමිණියහ.

“සරභෙසු මනං කත්‍වා, අජා සො නාවබුජ‍්ඣථ; ආගච‍්ඡන‍්තී වජන‍්තී වා, තස‍්ස තා විනසුං අජා.

4. සරභ මුවන් කෙරෙහි හිත ගිය ඔහු, පැමිණෙන හෝ පිටත්ව යන හෝ, ඒ එළුදෙනුන් ගැන තේරුම් නොගත්තේය. (මෙසේ) ඔහුගේ ඒ එළුවෝ විනාශ වූහ.

“සරභා සරදෙ කාලෙ, පහීනමකසෙ වනෙ; පාවිසුං ගිරිදුග‍්ගානි, නදීනං පභවානි ච.

5. සරභ මුවෝ ද, ශරත් කාලයෙහි, වනය මදුරුවන්ගෙන් තොර වූ කල්හි, නදීන් හට ගන්නා ගිරි-දුර්ග කරා ගියහ.

“සරභෙ ච ගතෙ දිස‍්වා, අජා ච විභවං ගතා; කිසො ච විවණ‍්ණො චාසි, පණ‍්ඩුරොගී ච බ්‍රාහ‍්මණො.

6. එළුවෝ ද විනාශ වූහ. සරභ මුවන් පැන ගිය බව දුටු බ්‍රාහ්මණයා කෙට්ටු වී, දුර්වර්ණ වූ පාණ්ඩු රෝගියෙක් බවට පත්විය.

“එවං යො සං නිරංකත්‍වා, ආගන‍්තුං කුරුතෙ පියං; සො එකො බහු සොචති, ධූමකාරීව බ්‍රාහ‍්මණො”ති.

7. මෙසේ යමෙක් ස්වකීය අය පිටමං කොට, ආගන්තුකයින් ප්‍රිය කෙරේ ද? ඔහු ධූමකාරි බමුණා මෙන් තනිව ම බොහෝ සෙයින් ශෝක කෙරේ.

තත්‍ථ පහූතෙජොති පහූතඉන්‍ධනො. ධූමං අකාසීති මක‍්ඛිකපරිපන්‍ථහරණත්‍ථාය අග‍්ගිඤ‍්ච ධූමඤ‍්ච අකාසි. වාසෙට‍්ඨොති තස‍්ස ගොත‍්තං. අතන්‍දිතොති අනලසො හුත්‍වා. තංධූමගන්‍ධෙනාති තෙන ධූමගන්‍ධෙන. සරභාති සරභමිගා. මකසඩ‍්ඩිතාති මකසෙහි උපද‍්දුතා පීළිතා. සෙසමක‍්ඛිකාපි මකසග‍්ගහණෙනෙව ගහිතා. වස‍්සාවාසන‍්ති වස‍්සාරත‍්තවාසං වසිංසු. මනං කත්‍වාති සිනෙහං උප‍්පාදෙත්‍වා. නාවබුජ‍්ඣථාති අරඤ‍්ඤතො චරිත්‍වා වජං ආගච‍්ඡන‍්තී චෙව වජතො අරඤ‍්ඤං ගච‍්ඡන‍්තී ච “එත‍්තකා ආගතා, එත‍්තකා අනාගතා”ති න ජානාති. තස‍්ස තා විනසුන‍්ති තස‍්ස තා එවං අපච‍්චවෙක‍්ඛන‍්තස‍්ස සීහපරිපන්‍ථාදිතො අරක‍්ඛියමානා අජා සීහපරිපන්‍ථාදීහි විනස‍්සිංසු, සබ‍්බාව විනට‍්ඨා.

මෙහි ‘බහුතෙධො’ යනු ‘බොහෝ දර ඇති’ යන අර්ථයි. ‘ධූමං අකාසි’ යනු ‘මැසි උවදුර දුරු කරනු සඳහා ගිනි ද, දුම ද ඇති කෙළේය’ යන අර්ථයි. ‘වාසෙට්ඨා’ යනු ‘ඔහුගේ ගෝත්‍රය යි. ‘අතන්‍දිනො’ යනු ‘නොමැලිව’ යන අර්ථයි. ‘තං ධූම ගන්‍ධෙනා’ යනු ‘ඒ දුම්ගඳින් යන අර්ථයි. ‘සරභා’ යනු ‘සරභ මුවෝ’ ය යන අර්ථයි. ‘මකසද්දිතා’ යනු ‘මදුරු උවදුරෙන් පෙළුණු’ යන අර්ථයි. ‘මකස’ යන්නෙන් සෙසු මැස්සන් ද අර්ථවත් වේ. ‘වස්සාවාසං’ යනු ‘වැසි කල ඇලී විසූහ’ යන අර්ථයි. ‘මනං කත්‍වා’ යනු ‘සෙනෙහස උපදවා’ යන අර්ථයි. ‘නාවබුජ්ඣථ’ යනු ‘කැලයේ හැසිර, ඉන් ගාලට පැමිණෙන්නා වූ ද, ගාලෙන් කැලයට යන්නා වූ ද (එළුවන් ගැන) ‘මෙපමණක් ආවාහු යැ’යි ද, ‘මෙපමණක් නාවාහු යැ’යි ද නොදනී’ යන අර්ථයි. ‘තස්ස තා විනස්සුං’ යනු ‘මෙසේ සිහියෙන් කටයුතු නොකරන, ඔහුගේ එළු දෙනුන් සිංහ උවදුරු ආදියෙන් නොරැකීමෙන්, එම උවදුර නිසා, එළුවෝ විනාශ වූහ. සියලු දෙනා නැසුණාහ’, යන අර්ථයි.

නදීනං පභවානි චාති පබ‍්බතෙය්‍යානං නදීනං පභවට‍්ඨානානි ච පවිට‍්ඨා. විභවන‍්ති අභාවං. අජා ච විනාසං පත‍්තා දිස‍්වා ජානිත්‍වා. කිසො ච විවණ‍්ණොති ඛීරාදිදායිකා අජා පහාය සරභෙ සඞ‍්ගණ‍්හිත්‍වා තෙපි අපස‍්සන‍්තො උභතො පරිහීනො සොකාභිභූතො කිසො චෙව දුබ‍්බණ‍්ණො ච අහොසි. එවං යො සං නිරංකත්‍වාති එවං මහාරාජ, යො සකං පොරාණං අජ‍්ඣත‍්තිකං ජනං නීහරිත්‍වා පහාය කිස‍්මිඤ‍්චි අගණෙත්‍වා ආගන‍්තුකං පියං කරොති, සො තුම‍්හාදිසො එකො බහු සොචති, අයං තෙ මයා දස‍්සිතො ධූමකාරී බ්‍රාහ‍්මණො විය බහු සොචතීති.

‘නදීනං පභවානි ච’ යනු ‘පර්වතවල නදීන් හටගන්නා තැන්වලට පිවිසුණාහුය’ යන අර්ථයි. ‘විභවං’ යනු ‘අභාවය’යි. ‘එළුවෝ විනාශයට පැමිණියාහු යැ’යි දැක, හා දැන’, යන අර්ථයි. ‘කිසෝ ච විවණ්ණො’ යනු ‘කිරිදෙන එළු දෙනුන් හැර, සරභ මුවන්ට සංග්‍රහ කොට, ඔවුන් ද දක්නට නැතිවිට, දෙවර්ගයම පිරිහුණු කල්හි, බමුණා ශෝකයෙන් මඩනා ලදුව, කෙට්ටු වී දුර්වර්ණ විය’ යන අර්ථයි. ‘එවං යො සං නිරං’ යනු ‘මහරජතුමනි, මෙසේ යමෙක් ස්වකීය වූ ද, පැරණි වූ ද, තම ජනයන් බැහැරකොට, කිසිවක් ගණන් නොගෙන, ආගන්තුකයන් ප්‍රිය කෙරේ ද? ඔහු ඔබ වැනි ව, තනිව ම බොහෝ ශෝක කෙරේ. මා විසින් ඔබට පැහැදිලි කරන ලද මේ ධූමකාරී බමුණා මෙන් බොහෝ සේ ශෝක කෙරේ’ යන අර්ථයි.

එවං මහාසත‍්තො රාජානං සඤ‍්ඤාපෙන‍්තො කථෙසි. සොපි සඤ‍්ඤත‍්තං ගන‍්ත්‍වා තස‍්ස පසීදිත්‍වා බහුං ධනං අදාසි. තතො පට‍්ඨාය ච අජ‍්ඣත‍්තිකසඞ‍්ගහමෙව කරොන‍්තො දානාදීනි පුඤ‍්ඤානි කත්‍වා සග‍්ගපරායණො අහොසි.

මෙසේ බෝසත් තෙමේ රජු දැනුම්වත් කරමින් කරුණු පැහැදිලි කෙළේය. රජතුමා ද එය මැනවින් තේරුම් ගෙන බෝසතුන් කෙරෙහි පැහැදී, ඔහුට බොහෝ ධනය පරිත්‍යාග කෙළේය. එතැන් පටන් ස්වකීය පැරණි ජනයාටම සංග්‍රහ කරන්නට පටන් ගත් රජතුමා දානාදි වූ බොහෝ පින්කම්කොට, දිගුකලක් ජීවත් වී, පසුව මියගොස් දෙව්ලොව උපන්නේය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි – “තදා කොරබ්‍යරාජා ආනන්‍දො අහොසි, ධූමකාරී පසෙනදිකොසලො, විධුරපණ‍්ඩිතො පන අහමෙව අහොසි”න‍්ති.

බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව මෙසේ ගෙනහැර දක්වා, ජාතකය නිමවා වදාළ සේක. එදා කෝරව්‍ය රජතුමා නම්, ආනන්ද තෙරණුවෝය. ධූමකාරි තවුසා නම්, මේ පසේනදී කොසොල් රජතුමාය. විධුර පඬිතුමා නම්, ‘මම ම යැ’යි බුදුරජාණන් වහන්සේ, තමන් වහන්සේ දක්වා වදාළ සේක.

ධූමකාරිජාතකවණ‍්ණනා අට‍්ඨමා.