යෙදුමෙන් කියවන්න

9. ජාගරජාතකවණ‍්ණනා 414 අට‍්ඨකථා

9. ජාගරජාතකවණ‍්ණනා (414)

9. ජාගර ජාතකය (414)

කොධ ජාගරතං සුත‍්තොති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො අඤ‍්ඤතරං උපාසකං ආරබ‍්භ කථෙසි. සො හි සොතාපන‍්නො අරියසාවකො සාවත්‍ථිතො සකටසත්‍ථෙන සද‍්ධිං කන‍්තාරමග‍්ගං පටිපජ‍්ජි. සත්‍ථවාහො තත්‍ථ එකස‍්මිං උදකඵාසුකට‍්ඨානෙ පඤ‍්ච සකටසතානි මොචෙත්‍වා ඛාදනීයභොජනීයං සංවිදහිත්‍වා වාසං උපගච‍්ඡි. තෙ මනුස‍්සා තත්‍ථ තත්‍ථ නිපජ‍්ජිත්‍වා සුපිංසු, උපාසකො පන සත්‍ථවාහස‍්ස සන‍්තිකෙ එකස‍්මිං රුක‍්ඛමූලෙ චඞ‍්කමං අධිට‍්ඨාසි. අථ නං සත්‍ථං විලුම‍්පිතුකාමා පඤ‍්චසතා චොරා නානාවුධානි ගහෙත්‍වා සත්‍ථං පරිවාරෙත්‍වා අට‍්ඨංසු. තෙ තං උපාසකං චඞ‍්කමන‍්තං දිස‍්වා “ඉමස‍්ස නිද‍්දායනකාලෙ විලුම‍්පිස‍්සාමා”ති තත්‍ථ තත්‍ථ අට‍්ඨංසු, සොපි තියාමරත‍්තිං චඞ‍්කමියෙව. චොරා පච‍්චූසසමයෙ ගහිතගහිතා පාසාණමුග‍්ගරාදයො ඡඩ‍්ඩෙත්‍වා “භො සත්‍ථවාහ, ඉමං අප‍්පමාදෙන ජග‍්ගන‍්තං පුරිසං නිස‍්සාය ජීවිතං ලභිත්‍වා තව සන‍්තකස‍්ස සාමිකො ජාතො, එතස‍්ස සක‍්කාරං කරෙය්‍යාසී”ති වත්‍වා පක‍්කමිංසු. මනුස‍්සා කාලස‍්සෙව වුට‍්ඨාය තෙහි ඡඩ‍්ඩිතපාසාණමුග‍්ගරාදයො දිස‍්වා “ඉමං නිස‍්සාය අම‍්හෙහි ජීවිතං ලද‍්ධ”න‍්ති උපාසකස‍්ස සක‍්කාරං අකංසු. උපාසකොපි ඉච‍්ඡිතට‍්ඨානං ගන‍්ත්‍වා කතකිච‍්චො පුන සාවත්‍ථිං ආගන‍්ත්‍වා ජෙතවනං ගන‍්ත්‍වා තථාගතං පූජෙත්‍වා වන්‍දිත්‍වා නිසින‍්නො “කිං, උපාසක, න පඤ‍්ඤායසී”ති වුත‍්තෙ තමත්‍ථං ආරොචෙසි. සත්‍ථා “න ඛො, උපාසක, ත්‍වංයෙව අනිද‍්දායිත්‍වා ජග‍්ගන‍්තො විසෙසං ලභි, පොරාණකපණ‍්ඩිතාපි ජග‍්ගන‍්තා විසෙසං ගුණං ලභිංසූ”ති වත්‍වා තෙන යාචිතො අතීතං ආහරි.

‘කෝධ ජාගරතං සුත්තො’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථා වස්තුව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවෙසෙන සේක්, කිසියම් උපාසකයකු අරබයා වදාළ සේක. ඔහු වනාහි සෝවාන් වූ ආර්ය ශ්‍රාවකයෙකි. කිසියම් දිනෙක ගැල් සාත්තුවත් සමග, වෙනත් ගමනක් යනු පිණිස සැවතින් පිටත් වූ, ඒ උපාසකතුමා කාන්තාර මාර්ගයකට පිවිසුණේය. එහි ජල පහසුව ඇති කිසියම් තැනක ගැල් කණ්ඩායම නැවතුණි. පන්සියයක් ගැල්වලින් ගොනුන් මුදාහළ ගැල්කරුවෝ කෑම-බීම ආදී භෝජන සකසමින් එහි නවාතැන් ගත්හ. රෑට කෑම කෑ ඒ මිනිස්සු ඒ ඒ තැන්වල වැදහෙව නිදාගත්හ. උපාසකයා ගැල් සමූහයට නුදුරෙන් කිසියම් ගසක් මුල සක්මන් කරමින් කාලය ගත කෙළේය. මේ අතර කිසියම් සොර මුලක් ගැල් සමූහය වටකොට ගෙන, සැඟව සිටියහ. පන්සියයක් වූ මේ සොරු කණ්ඩායම උපාසකයා සක්මන් කරනු දැක, ‘මොහු නින්දට ගියකල්හි ගැල් සමූහය කොල්ල කන්නෙමු’යි, කතිකා කොටගෙන බලා සිටියහ. උපාසකයා ද රාත්‍රියෙහි තුන්යම මුළුල්ලෙහි සක්මන් කෙළේමය. සොරු අලුයම් සමය වනතෙක් බලාසිට, තම-තමන් විසින් ගත්-ගත් ගල්ගෙඩි, මුගුරු ආදිය ඉවත දමා, ගැල්කරුවන්ට කථාකොට, ‘පින්වත් ගැල්කරුවෙනි, නුඹලා අප්‍රමාදීව කටයුතු කරන, ආරක්ෂාවෙහි නිරත වූ මේ පුරුෂයා නිසා දිවි ලැබුවාහුය. වස්තුවට ද හිමිකම් කීමට තවදුරටත් අවස්ථාව සලසා ගත්තාහුය. එබැවින් මොහුට සත්කාර කරවු යැ’යි කියා යන්නට ගියහ. මිනිස්සු මෙයින් කලබලයට පත්ව, කලින් ම නැගිට, අවට ඇවිද පරීක්‍ෂාකොට බලා, සොරුන් විසින් දමා යන ලද ගල්, මුගුරු ආදිය දැක, මේ උපාසකයා නිසා අපේ ජීවිත බේරුණේ යැ’යි සිතා, උපාසකයාට මහත් වූ සත්කාර කළහ. උපාසකයාද තමා යන්නට ආ ගමන ගොස්, කරගත යුතු කටයුතු ද ඉටුකොට ගෙන, පෙරළා සැවතට අවුත් දෙව්රම් වෙහෙරට ගියේය. එහිදී බුදුරදුන්ට නමස්කාර කොට පූජා පැවැත්වූ ඔහු, එකත්පසෙක හිඳ ගත්තේය. එවිට බුදුරජාණන් වහන්සේ ‘උපාසකය, ඔබ පසුගිය දිනවල පෙනෙන්නට නො සිටියෙහි යැ’යි වදාළහ. එවිට උපාසකයා තමාගේ ගමන ගැනත්, ගමනේ දී සිදු වූ සියල්ලත් බුදුරදුන් හමුවෙහි විස්තර කෙළේය. ‘උපාසකය, මෙසේ නොනිදා රැකවල්හි යෙදී අනුන්ගේ සත්කාරයට පාත්‍ර වූයේ ඔබ පමණක් නොවේ. පෙර විසූ පඬිවරු ද එසේ තමා රැකීමෙන් අනුන් ද රැක, විශේෂ වූ ප්‍රතිලාභ ඔවුන්ගෙන් ලැබූහ’යි වදාරා උපාසකයාගේ අයැදුමෙන් බුදුරජාණන් වහන්සේ මේ අතීත කථාව මෙසේ වදාළ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො බ්‍රාහ‍්මණකුලෙ නිබ‍්බත‍්තිත්‍වා වයප‍්පත‍්තො තක‍්කසිලායං සබ‍්බසිප‍්පානි උග‍්ගණ‍්හිත්‍වා පච‍්චාගන‍්ත්‍වා අගාරමජ‍්ඣෙ වසන‍්තො අපරභාගෙ නික‍්ඛමිත්‍වා ඉසිපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා න චිරස‍්සෙව ඣානාභිඤ‍්ඤං නිබ‍්බත‍්තෙත්‍වා හිමවන‍්තපදෙසෙ ඨානචඞ‍්කමිරියාපථො හුත්‍වා වසන‍්තො නිද‍්දං අනුපගන‍්ත්‍වා සබ‍්බරත‍්තිං චඞ‍්කමති. අථස‍්ස චඞ‍්කමනකොටියං නිබ‍්බත‍්තරුක‍්ඛදෙවතා තුස‍්සිත්‍වා රුක‍්ඛවිටපෙ ඨත්‍වා පඤ‍්හං පුච‍්ඡන‍්තී පඨමං ගාථමාහ –

පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, අප බෝසත් තෙමේ බමුණු කුලයක ඉපිද, නිසිවියට පත්ව තක්‍ෂිලාවට ගොස්, එහි දී සියලු ශිල්ප උගෙන, පෙරළා සියරට පැමිණ මඳ කලක් ගිහිගෙයි වැස, පසුකලෙක එයින් ද නික්ම, සෘෂි පැවිද්දෙන් පැවිදිව නොබෝ කලෙකින්ම ධ්‍යාන හා අභිඥා උපදවාගෙන, හිමාල පෙදෙසෙහි කිසියම් ස්ථානයක සක්මන් මලුවක් සකසාගෙන, සක්මන් ඉරියව්වෙන් ම භාවනා කරමින් නින්දට නොගොසින් මුළු රැයම පහන් කෙළේය. මේ අතර ඔහුගේ සක්මන කෙළවරෙහි කිසියම් ගසෙක ජීවත් වූ දෙවඟනක් තවුසා කෙරෙහි සතුටට පත්ව, ගසේ අතු අතර සිට, තවුසාගෙන් ප්‍රශ්න විචාරමින් මෙසේ කීවාය.

“කොධ ජාගරතං සුත‍්තො, කොධ සුත‍්තෙසු ජාගරො; කො මමෙතං විජානාති, කො තං පටිභණාති මෙ”ති.

කොධ ජාගරතං සුත්තො - කොධ සුත්තෙසු ජාගරෙ, කෙ මමෙතං විජානාති - කො තං පටිභණාති මෙ

මෙලොව නිදිවරන්නන් අතුරෙන් කවරෙක් නිදා ද? මෙලොව නිදන්නන් අතුරෙන් කවරෙක් නිදිවරාද? කවරෙක් මගේ මේ ප්‍රශ්නය තේරුම් ගනීද? කවරෙක් එය මට පැහැදිලි කොට දේ ද?

තත්‍ථ කොධාති කො ඉධ. කො මමෙතන‍්ති කො මම එතං පඤ‍්හං විජානාති. කො තං පටිභණාති මෙති එතං මයා පුට‍්ඨං පඤ‍්හං මය‍්හං කො පටිභණාති, කො බ්‍යාකරිතුං සක‍්ඛිස‍්සතීති පුච‍්ඡති.

මෙහි ‘කෝධ’ යනු ‘මෙලොව කවරෙක්’, යන අර්ථයි. ‘කෝමමේතං’ යනු ‘කවරෙක් මගේ මේ ප්‍රශ්නය තේරුම් ගනී ද?’ යන අර්ථයි. ‘කෝ තං පටිභණාති මෙ’ යනු ‘මා විසින් අසන ලද, ඒ මේ ප්‍රශ්නයට, මට කවරෙක් උත්තර දේද? කවරෙක් එය මට පැහැදිලි කරන්නට සමත් වේදැ’යි විචාරයි’

බොධිසත‍්තො තස‍්සා වචනං සුත්‍වා –

බෝසත් තවුසා ඇයගේ ප්‍රශ්නය අසා, මෙසේ ඊට පිළිතුරු දුන්නේය.

“අහං ජාගරතං සුත‍්තො, අහං සුත‍්තෙසු ජාගරො; අහමෙතං විජානාමි, අහං පටිභණාමි තෙ”ති. –

2. මම නිදි වරන්නන් අතුරෙන් නිදන්නා වෙමි. මම නිදනවුන් අතුරෙන් නිදිවරන්නා වෙමි. මේ කාරණය මම දනිමි. මම එය ඔබට පැහැදිලි කරමි.

ඉමං ගාථං වත්‍වා පුන තාය –

මේ අසා සිටි දෙවඟන නැවත තවුසාගෙන්, මෙසේ ප්‍රශ්න කළාය.

“කථං ජාගරතං සුත‍්තො, කථං සුත‍්තෙසු ජාගරො; කථං එතං විජානාසි, කථං පටිභණාසි මෙ”ති. –

3. කෙසේ නිදි වරනවුන් අතුරෙන් නිදන්නා වේද? කෙසේ නිදන්නන් අතුරෙන් නිදි වරන්නා වේද? කෙසේ මේ කරුණ තේරුම් ගන්නෙහිද? කෙසේ එය මට පැහැදිලි කරන්නෙහිද?

ඉමං ගාථං පුට‍්ඨො තමත්‍ථං බ්‍යාකරොන‍්තො –

ඇගේ ඒ ප්‍රශ්නයට අරුත් පැහැදිලි කරමින්, තවුසා මෙසේ පැවසීය.

“යෙ ධම‍්මං නප‍්පජානන‍්ති, සංයමොති දමොති ච; තෙසු සුප‍්පමානෙසු, අහං ජග‍්ගාමි දෙවතෙ.

4. දෙවඟන, යම් කෙනෙක් ‘සංයමය’ කියාත්. (ඉන්‍ද්‍රිය) ‘දමනය’ කියාත්, ධර්මය නො දනිත්ද? ඒ (කෙලෙස් නින්දෙන්) නිදන්නවුන් අතුරෙන් මම ආරක්‍ෂා වන්නෙක් වෙමි.

“යෙසං රාගො ච දොසො ච, අවිජ‍්ජා ච විරාජිතා; තෙසු ජාගරමානෙසු, අහං සුත‍්තොස‍්මි දෙවතෙ.

5. දේවතාවිය, යම් කෙනෙකුන්ගේ රාගය, ද්වේෂය, අවිද්‍යාව ප්‍රහීණද, ඒ නිදිවරන්නන් අතුරෙන් මම නිදන්නෙක් වෙමි.

“එවං ජාගරතං සුත‍්තො, එවං සුත‍්තෙසු ජාගරො; එවමෙතං විජානාමි, එවං පටිභණාමි තෙ”ති. – ඉමා ගාථා ආහ;

6. මෙසේ නිදිවරන්නන් අතුරෙන් නිදන්නෙක් වෙමි. මෙසේ නිදනවුන් අතුරෙන් නිදිවරන්නෙක් වෙමි. මෙසේ මේ කාරණය තේරුම් ගනිමි. මෙසේ එය ඔබට ප්‍රකාශ කරමි.

තත්‍ථ කථං ජාගරතං සුත‍්තොති කථං ත්‍වං ජාගරතං සත‍්තානං අන‍්තරෙ සුත‍්තො නාම හොසි. එස නයො සබ‍්බත්‍ථ. යෙ ධම‍්මන‍්ති යෙ සත‍්තා නවවිධං ලොකුත‍්තරධම‍්මං න පජානන‍්ති. සංයමොති දමොති චාති “අයං සංයමො, අයං දමො”ති එවඤ‍්ච යෙ මග‍්ගෙන ආගතං සීලඤ‍්චෙව ඉන්‍ද්‍රියසංවරඤ‍්ච න ජානන‍්ති. ඉන්‍ද්‍රියසංවරො හි මනච‍්ඡට‍්ඨානං ඉන්‍ද්‍රියානං දමනතො “දමො”ති වුච‍්චති. තෙසු සුප‍්පමානෙසූති තෙසු කිලෙසනිද‍්දාවසෙන සුපන‍්තෙසු සත‍්තෙසු අහං අප‍්පමාදවසෙන ජග‍්ගාමි.

මෙහි ‘කථං ජාගරතං සුත්තො’ යනු ‘ඔබ, කෙසේ නිදිවරන සත්ත්වයන් අතුරෙන් නිදන්නා නම් වෙහිද? යන අර්ථයි. සෙසු තන්හිද මේ ක්‍රමය යි. ‘යෙ ධම්මං’ යනු ‘යම් සත්ත්ව කෙනෙක් නවවිධ ලෝකෝත්තර ධර්මයන් නො දනිත්ද?’ යන අර්ථයි. ‘සඤ්ඤමෝති දමොති ච’ යනු ‘මොහු සංයම පුද්ගලයෙකි. මොහු ඉන්‍ද්‍රිය දමනය කළ තැනැත්තෙකි’යි මෙසේ යම් කෙනෙක්, ‘මාර්ගයෙන් පැමිණි ශීලයත්, ඉන්‍ද්‍රිය සංවරයත් නො දනිත්ද? ඉන්‍ද්‍රිය සංවර පුද්ගලයා වනාහි, මනස සහිත ඉන්‍ද්‍රිය සය දමනය කිරීම් වශයෙන් ‘දම’ යැයි කියනු ලැබේ’ යන අර්ථයි. ‘තේසු සුප්පමානෙසු’ යනු ‘ක්ලේශ නිද්‍රා වශයෙන් නිදිගත් ඔවුන් අතුරෙන්, මම අප්‍රමාදී වශයෙන් රැකෙමි’ යන අර්ථයි.

“යෙසං රාගො චා”ති ගාථාය යෙසං මහාඛීණාසවානං පදසතෙන නිද‍්දිට‍්ඨදියඩ‍්ඪසහස‍්සතණ‍්හාලොභසඞ‍්ඛාතො රාගො ච නවආඝාතවත්‍ථුසමුට‍්ඨානො දොසො ච දුක‍්ඛාදීසු අට‍්ඨසු වත්‍ථූසු අඤ‍්ඤාණභූතා අවිජ‍්ජා චාති ඉමෙ කිලෙසා විරාජිතා පහීනා, තෙසු අරියෙසු සබ‍්බාකාරෙන ජාගරමානෙසු තෙ උපාදාය අහං සුත‍්තො නාම දෙවතෙති අත්‍ථො. එවං ජාගරතන‍්ති එවං දෙවතෙ අහං ඉමිනා කාරණෙන ජාගරතං සුත‍්තො නාමාති. එස නයො සබ‍්බපදෙසු.

‘යෙසං රාගො ච’ යන ගාථාවෙන් යම්බඳු මහරහතන් වහන්සේ නමකගේ පද සියයෙන් නිර්දේශ කරන ලද තණ්හා-ලෝභ සංඛ්‍යාත වූ කෙලෙස් එක්දහස් පන්සියයක් වූ රාගය ද, නව ආඝාත වස්තුවෙන් හටගත් ද්වේෂය ද, දුක්ඛාදී වූ වස්තු අට නොදැනීමෙන් හටගත් අවිද්‍යාව ද යන මේ කෙලෙස් බැහැර කරන ලද, ප්‍රහීණ කරන ලද, සියලු ආකාරයෙන් නිදිවර්ජිත වූ, ඒ ආර්යයන් අතුරෙන් ඊට සාපේක්‍ෂව, මම නිදන්නෙක් වෙමි’ යන අර්ථයි. ‘ඒවං ජාගරතං’ යනු ‘දේවතාවිය, මම මේ කරුණින් නිදි වරන්නන් අතුරෙන් නිදන්නා වෙමි’ යන අර්ථයි. සියලු පදයන්හි විස්තර කිරීමේ ක්‍රමය මෙය ම වේ.

එවං මහාසත‍්තෙන පඤ‍්හෙ කථිතෙ තුට‍්ඨා දෙවතා තස‍්ස ථුතිං කරොන‍්තී ඔසානගාථමාහ –

මෙසේ බෝසතුන් විසින් ප්‍රශ්නය විසඳා උත්තර කී කල්හි, ඉන් සතුටට පත් දෙවඟන ස්තුති කරමින් මේ ගාථාව කීවාය.

“සාධු ජාගරතං සුත‍්තො, සාධු සුත‍්තෙසු ජාගරො; සාධු මෙතං විජානාසි, සාධු පටිභණාසි මෙ”ති.

7. නිදිවරන්නන් අතුරෙන් නිදීම ද මැනවි. නිදන්නන් අතුරෙන් නිදි වැරීම ද මැනවි. මගේ ඒ ප්‍රශ්නය (ඔබ) මැනවින් තේරුම් ගත්තෙහිය. මට එය පැහැදිලි කළ ආකාරය ද මැනවි.

තත්‍ථ සාධූති භද‍්දකං කත්‍වා ත්‍වං ඉමං පඤ‍්හං කථෙසි, මයම‍්පි නං එවමෙව කථෙමාති. එවං සා බොධිසත‍්තස‍්ස ථුතිං කත්‍වා අත‍්තනො විමානමෙව පාවිසි.

මෙහි ‘සාධු’ යනු ‘මැනවි, වැල්මී දඬුවක් කොට මේ ප්‍රශ්නය විසඳුවෙහිය.’ යන අර්ථයි. අපිදු ‘එය ඔය විදියට ම කියමු’යි ප්‍රකාශ කළ, ඒ දෙවඟන බෝසතුන්ට ස්තුති කොට, තමාගේ විමානයට ම පිවිසියාය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි – “තදා දෙවධීතා උප‍්පලවණ‍්ණා අහොසි, තාපසො පන අහමෙව අහොසි”න‍්ති.

බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා ජාතකය නිමවා වදාළ සේක. එදා දෙවඟන නම් උප්පලවණ්ණා ය. තාපසයා වූ කලී ‘මම ම යැ’යි බුදුරජාණන් වහන්සේ වදාළ සේක.

ජාගරජාතකවණ‍්ණනා නවමා.

7.2.10