යෙදුමෙන් කියවන්න

5. සොමදත‍්තජාතකවණ‍්ණනා 410 අට‍්ඨකථා

5. සොමදත‍්තජාතකවණ‍්ණනා (410)

5. සෝමදත්ත ජාතකය (410)

යො මං පුරෙ පච‍්චුඩ‍්ඩෙතීති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො අඤ‍්ඤතරං මහල‍්ලකං ආරබ‍්භ කථෙසි. සො කිරෙකං සාමණෙරං පබ‍්බාජෙසි, සාමණෙරො තස‍්ස උපකාරකො හුත්‍වා තථාරූපෙන රොගෙන කාලමකාසි. මහල‍්ලකො තස‍්මිං කාලකතෙ රොදන‍්තො පරිදෙවන‍්තො විචරති. තං දිස‍්වා භික‍්ඛූ ධම‍්මසභායං කථං සමුට‍්ඨාපෙසුං “ආවුසො, අසුකමහල‍්ලකො සාමණෙරස‍්ස කාලකිරියාය රොදන‍්තො පරිදෙවන‍්තො විචරති, මරණස‍්සතිකම‍්මට‍්ඨානරහිතො මඤ‍්ඤෙ”ති. සත්‍ථා ආගන‍්ත්‍වා “කාය නුත්‍ථ, භික‍්ඛවෙ, එතරහි කථාය සන‍්නිසින‍්නා”ති පුච‍්ඡිත්‍වා “ඉමාය නාමා”ති වුත‍්තෙ “න, භික‍්ඛවෙ, ඉදානෙව, පුබ‍්බෙපෙස ඉමස‍්මිං මතෙ රොදියෙවා”ති වත්‍වා අතීතං ආහරි.

‘යො මං පූරෙ පච්චුදෙති’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථා වස්තුව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවාසය කරන සේක්, එක්තරා මහලු භික්‍සු නමක අරබයා වදාළ සේක. ඒ භික්‍ෂුව කිසියම් දරුවකු පැවිදි කොට ගත්තේය. ඒ සාමණේර නම සිය ගුරුවරයාට මහත් උපකාරිකයෙක් විය. පසුකලෙක දැඩි රෝගයකින් පීඩාවට පත් සාමණේර නම, ඒ රෝගයෙන් ම කලුරිය කෙළේය. ඔහු මළ කල්හි, මහලු භික්‍ෂුවට එය දරාගත නොහැකි විය. එබැවින් උන්වහන්සේ අඬමින් වැලපෙමින් කල්ගත කරන්නට පටන් ගත්හ. මේ දුටු භික්‍ෂූහු දම්සභාවේදී ඒ ගැන කතා කරමින් හුන්හ. ඒ අතර එතැනට වැඩි බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් සාකච්ඡා කළ කරුණු ඔවුන්ගෙන්ම විමසා දැන, ‘මහණෙනි, මොහු මෙසේ වැලපුනේ, හැඬුවේ දැන් පමණක් නොවේ. පෙර ද එසේ කෙළේ ම යැ’යි වදාරා, මේ අතීත කතාව මෙසේ වදාළ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො තාවතිංසභවනෙ සක‍්කත‍්තං කාරෙසි. අථෙකො කාසිගාමවාසී බ්‍රාහ‍්මණමහාසාලො කාමෙ පහාය හිමවන‍්තං පවිසිත්‍වා ඉසිපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා උඤ‍්ඡාචරියාය වනමූලඵලාඵලෙහි යාපෙන‍්තො වාසං කප‍්පෙසි. එකදිවසං ඵලාඵලත්‍ථාය ගතො එකං හත්‍ථිඡාපං දිස‍්වා අත‍්තනො අස‍්සමං ආනෙත්‍වා පුත‍්තට‍්ඨානෙ ඨපෙත්‍වා සොමදත‍්තොතිස‍්ස නාමං කත්‍වා තිණපණ‍්ණානි ඛාදාපෙන‍්තො පටිජග‍්ගි. සො වයප‍්පත‍්තො මහාසරීරො හුත්‍වා එකදිවසං බහුං භොජනං ගහෙත්‍වා අජීරකෙන දුබ‍්බලො අහොසි. තාපසො තං අස‍්සමපදෙ කත්‍වා ඵලාඵලත්‍ථාය ගතො, තස‍්මිං අනාගතෙයෙව හත්‍ථිපොතකො කාලමකාසි. තාපසො ඵලාඵලං ගහෙත්‍වා ආගච‍්ඡන‍්තො “අඤ‍්ඤෙසු දිවසෙසු මෙ පුත‍්තො පච‍්චුග‍්ගමනං කරොති, අජ‍්ජ න දිස‍්සති, කහං නු ඛො ගතො”ති පරිදෙවන‍්තො පඨමං ගාථමාහ –

පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, අප බෝසත් තෙමේ ශක්‍රයා ව ඉපිද සිටියේය. මේ අතර කසී රටට අයත් කිසියම් නියම්ගමෙක එක පොහොසත් බ්‍රාහ්මණයෙක් කම්සුව අතහැර හිමවතට පිවිස, සෘෂි පැවිද්දෙන් පැවිදිව, භික්‍ෂා චර්යාවෙන් හා වනමුල් පලවැලවලින් යැපෙමින් දිවි ගෙව්වේය. පලවැල සොයාගනු සඳහා අසපුවෙන් පිටවුණු තවුස්තුමා කැලයෙහි ඇවිදිනවිට, අතරමං වූ එක් ඇත් පැටවකු දැක, ඌ තමාගේ අසපුව වෙත ගොනවුත් පුත් තනතුරෙහි තබා, ‘සෝමදත්ත’ යන නම ද යොදා, ඇතිදැඩි කෙළේය. තණකොළ අතුඉති ආදිය කවමින්, තවුසා මැනවින් ඇත්පැටියා පෝෂණය කරන්නට වගබලා ගත්තේය. ටික කලකදී ම සෝමදත්ත නම් වූ මේ ඇත්පැටියා, විශාල සිරුරක් ඇතිව වැඩුනේය. කිසියම් දවසක පමණට වඩා ආහාර ගත් ඇත් පැටවාට ඒ ආහාර දිරවාගත නොහැකි විය. අජීර්ණය හේතු කොටගෙන ඇත් සිරුර දුබල විය. මේ ගැන කිසිත් නොදත් තවුසා ඇත් පැටවා අසපුවෙහි තනිකොට දමා, පලවැල සඳහා වනාන්තරයට ගියේය. තවුසා පෙරළා අසපුවට එන්නට පෙරාතුවම ඇත්පැටවා මිය ගියේය. පලවැල රැගෙන අසපුවට එන තවුසා ඇත්පැටවා කොහිදැ’යි විමසා බලා, ‘මගේ සෝමදත්ත පුතා අන් දිනවල මා අසපුවට එන කල්හි, මගේ ඉදිරියට පෙරගමන් එයි. අද ඔහු පෙනෙන්නට නැත්තේ කොහි ගිහින්දැයි වැලපෙමින් මෙසේ කීවේය.

“යො මං පුරෙ පච‍්චුඩ‍්ඩෙති, අරඤ‍්ඤෙ දූරමායතො; සො න දිස‍්සති මාතඞ‍්ගො, සොමදත‍්තො කුහිං ගතො”ති.

යො මං පුරෙ පච්චුදෙති - අරඤ්ඤෙ දුරමායතී, සො න දිස්සති මාතංගො - සොමදත්තො කුහිං ගතො

පෙරදී යමෙක් කැලයේ ඈත තියා, දුර සිටින මා ඉදිරියට පැමිණේද? ඒ මහත් සිරුරක් ඇති සෝමදත්ත පෙනෙන්නට නැත. කොහි ගියේද?

තත්‍ථ පුරෙති ඉතො පුරෙ. පච‍්චුඩ‍්ඩෙතීති පච‍්චුග‍්ගච‍්ඡති. අරඤ‍්ඤෙ දූරන‍්ති ඉමස‍්මිං නිම‍්මනුස‍්සෙ අරඤ‍්ඤෙ මං දූරං පච‍්චුඩ‍්ඩෙති. ආයතොති ආයාමසම‍්පන‍්නො.

මෙහි ‘පුරෙ’ යනු ‘මින් පෙර’ යන අර්ථයි. ‘පච්චුදෙති’ යනු ‘ඉදිරියට පැමිණෙයි’ න අර්ථයි. ‘අරඤ්ඤෙ දූරං’ යනු ‘මේ මිනිසුන් නැති කැලයෙහි, දුර සිටිනාම ඉදිරියට පැමිණෙයි’ යන අර්ථයි. ‘ආයති’ යනු ‘දිගින් යුතු’ යන අර්ථයි.

එවං පරිදෙවමානො ආගන‍්ත්‍වා තං චඞ‍්කමනකොටියං පතිතං දිස‍්වා ගලෙ ගහෙත්‍වා පරිදෙවමානො දුතියං ගාථමාහ –

බොහෝ වැලපෙමින් අසපුවට පැමිණි තවුසා, සක්මන්මලුවේ කෙළවර වැටී සිටි ඇත්පැටවා දැක, උගේ බෙල්ල බදාගෙන විලාපදෙමින් මෙසේ කීවේය.

“අයං වා සො මතො සෙති, අල‍්ලසිඞ‍්ගංව වච‍්ඡිතො; භූම්‍යා නිපතිතො සෙති, අමරා වත කුඤ‍්ජරො”ති.

2. ඒ මේ ඇතා ‘මාලුවා’ වැලකින් සිඳ දැමූ දළුවක් මෙන් අවසන් නින්දේ නිදයි. බිම වැතිරී නිදන මේ ඇතා ඒකාන්තයෙන් මළේය.

තත්‍ථ අයං වාති විභාවනත්‍ථෙ වා-සද‍්දො. අයමෙව සො, න අඤ‍්ඤොති තං විභාවෙන‍්තො එවමාහ. අල‍්ලසිඞ‍්ගන‍්ති මාලුවලතාය අග‍්ගපවාලං. වච‍්ඡිතොති ඡින‍්නො, ගිම‍්හකාලෙ මජ‍්ඣන‍්හිකසමයෙ තත‍්තවාලිකාපුලිනෙ නඛෙන ඡින්‍දිත්‍වා පාතිතො මාලුවලතාය අඞ‍්කුරො වියාති වුත‍්තං හොති. භූම්‍යාති භූමියං. අමරා වතාති මතො වත, “අමරී”තිපි පාඨො.

මෙහි ‘අයංවා’ යන්නෙහි ‘වා’ ශම්බදය විස්තර කිරීම් අර්ථයෙහි වැටේ. ‘අනෙකකු නොව මේ ඔහු ම යැ’යි පැහැදිලි කරමින් මෙසේ කීය’ යන අර්ථයි. ‘අල්ලපිංකං’ යනු ‘මාලුවා වැලේ අග දළුව’යි. ‘ඡිජ්ජිතො’ යනු ‘සිඳ දැමූ’ යන අර්ථයි. ‘ග්‍රීෂ්ම සමයේ මධ්‍යාහ්න වේලෙහි රත් වූ වැලි මත නියෙන් සිඳ හෙලූ අංකුරයක් වැනි යැ’යි කියන ලද්දේ වේ. ‘භූමසා’ යනු ‘පොළොවෙහි’ යන අර්ථයි. ‘අමරා වත’ යනු ‘ඒකාන්තයෙන් මළේය’ යන අර්ථයි. ‘අමරි’ යනු ද පාඨයකි.

තස‍්මිං ඛණෙ සක‍්කො ලොකං ඔලොකෙන‍්තො තං දිස‍්වා “අයං තාපසො පුත‍්තදාරං පහාය පබ‍්බජිතො, ඉදානි හත්‍ථිපොතකෙ පුත‍්තසඤ‍්ඤං කත්‍වා පරිදෙවති, සංවෙජෙත්‍වා නං සතිං පටිලභාපෙස‍්සාමී”ති තස‍්ස අස‍්සමපදං ආගන‍්ත්‍වා ආකාසෙ ඨිතොව තතියං ගාථමාහ –

එකෙණෙහි ලො බලන ශක්‍රයා, හඬන තවුසා දැක, ‘මේ තාපසයා අඹුදරුවන් අතහැර පැවිදි වූවෙකි. එසේ වූ ඔහු දැන් ඇත් පැටවකු කෙරෙහි පුත්‍ර ප්‍රේමය උපදවා ගෙන වැලපේ. එබැවින් ඔහු සංවේගයට පත්කොට මනා සිහියෙහි පිහිටුවන්නෙමැ’යි කල්පනා කොට තවුසාගේ අසපුව වෙත පැමිණ, අහසෙහි සිට ඔහු අමතා මෙසේ කීවේය.

“අනගාරියුපෙතස‍්ස , විප‍්පමුත‍්තස‍්ස තෙ සතො; සමණස‍්ස න තං සාධු, යං පෙතමනුසොචසී”ති.

3. ‘මළවුන් වෙනුවෙන් ශෝක කෙරෙයි’ යන යමක් වේ නම්, එය අනගාරික භාවයෙන් යුතු, මිදුණු සිත් ඇති, පැවිද්දකුට තරම් නොවේ.

අථස‍්ස වචනං සුත්‍වා තාපසො චතුත්‍ථං ගාථමාහ –

ශක්‍රයාගේ මේ කියමන අසා හුන් තවුසා, ඔහුට පිළිතුරු වශයෙන් මෙසේ කීයේය.

“සංවාසෙන හවෙ සක‍්ක, මනුස‍්සස‍්ස මිගස‍්ස වා; හදයෙ ජායතෙ පෙමං, තං න සක‍්කා අසොචිතු”න‍්ති.

4. ශක්‍රය, එකට විසීම නිසා මිනිසකුගේ වුවත්, තිරිසනකුගේ වුවත් හදවතෙහි ප්‍රේමයක් හටගනී. (එබැවින්) ඔහු ගැන ශෝක නො කිරීමට නොහැකිය.

තත්‍ථ මිගස‍්ස වාති ඉමස‍්මිං ඨානෙ සබ‍්බෙපි තිරච‍්ඡානා “මිගා”ති වුත‍්තා. තන‍්ති පියායිතං සත‍්තං.

මෙහි ‘මිගස්ස වා’ යන මෙහි ‘මිගා’ යන්නෙන් සියලු තිරිසනුන් ගැන කියන ලදි යන අර්ථයි. ‘තං’ යනු ‘ප්‍රිය කළ සතා’ යන අර්ථයි.

අථ නං ඔවදන‍්තො සක‍්කො ද‍්වෙ ගාථා අභාසි –

තවුසාගේ පිළිතුර අසා සිටි, සක්දෙව් රජ ඔහුට අවවාද වශයෙන් මෙසේ කීය.

“මතං මරිස‍්සං රොදන‍්ති, යෙ රුදන‍්ති ලපන‍්ති ච; තස‍්මා ත්‍වං ඉසි මා රොදි, රොදිතං මොඝමාහු සන‍්තො.

5. යම් කෙනෙක් මියගිය තැනැත්තා වෙනුවෙන් හඬත් ද? ‘මැරෙමි’යි කියා වැලපෙත් ද? ඒ හැඬීම හිස් දෙයකැ’යි සත්පුරුෂයෝ කියති. සෘෂිය, එබැවින් ඔබ නොහඬනු මැනව.

“කන්‍දිතෙන හවෙ බ්‍රහ‍්මෙ, මතො පෙතො සමුට‍්ඨහෙ; සබ‍්බෙ සඞ‍්ගම‍්ම රොදාම, අඤ‍්ඤමඤ‍්ඤස‍්ස ඤාතකෙ”ති.

6. බමුණ, ඒකාන්තයෙන් මියගිය තැනැත්තා, ‘හැඬීම’ නිසා මළවුන්ගෙන් නැගිටියි නම්, සියලු දෙනා එකතු වී ඔවුනොවුන්ගේ මිය ගිය නෑයින් වෙනුවෙන් හඬමු.

තත්‍ථ යෙ රුදන‍්ති ලපන‍්ති චාති බ්‍රහ‍්මෙ යෙ සත‍්තා රොදන‍්ති පරිදෙවන‍්ති ච, සබ‍්බෙ තෙ මතං, යො ච මරිස‍්සති, තං රොදන‍්ති, තෙසංයෙව එවං රොදන‍්තානං අස‍්සුසුක‍්ඛනකාලො නත්‍ථි, තස‍්මා ත්‍වං ඉසි මා රොදි. කිංකාරණා? රොදිතං මොඝමාහු සන‍්තො, පණ‍්ඩිතා හි “රොදිතං නිප‍්ඵල”න‍්ති වදන‍්ති. මතො පෙතොති යදි එස පෙතොති සඞ‍්ඛ්‍යං ගතො මතො රොදිතෙන සමුට‍්ඨහෙය්‍ය, එවං සන‍්තෙ සබ‍්බෙපි මයං සමාගන‍්ත්‍වා අඤ‍්ඤමඤ‍්ඤස‍්ස ඤාතකෙ රොදාම, කිං නික‍්කම‍්මා අච‍්ඡාමාති.

මෙහි ‘යෙ රුදන්ති ලපන්ති ච’ යනු ‘බමුණ, යම් සත්ත්ව කෙනෙක් හඬත් ද? වැලපෙත් ද? ඔවුහු මළ කෙනකු වෙනුවෙන් ම එසේ කෙරෙති. යමෙක් මැරේ ද? ඔවුහු ඒ මළ තැනැත්තා ගැන හඬති. එසේ හඬන ඔවුන්ගේ ඇස්වල කඳුළු වියැලෙන දවසක් නැත’ යන අර්ථයි. ‘තස්මා ත්‍වං ඉසි මා රොදි’ එබැවින් සෘෂිය, ඔබ නො හඬනු මැනව. කුමක් නිසාද?’ යන අර්ථයි. ‘රොදිතං මොඝාමාහුසන්තො’ යනු ‘පඬිවරු වනාහි හැඬීම නිශ්ඵල වැඩෙකැ’යි කියති’ යන අර්ථයි. ‘මතො පෙතො’ යනු ‘මේ මියගිය කෙනා ප්‍රේත යන සංඛ්‍යාවට වැටේ. ඉදින් හැඬීම නිසා, මියගිය කෙනා නැගිටින්නේ නම්, එසේ ඇති කල්හි, අපි සියලු දෙනා එක්ව ඔවුනොවුන්ගේ නෑයින් වෙනුවෙන් හඬමු. එයින් ඉවත්ව කුමට හිඳිමුද?’ යන අර්ථයි.

තාපසො සක‍්කස‍්ස වචනං සුත්‍වා සතිං පටිලභිත්‍වා විගතසොකො අස‍්සූනි පුඤ‍්ඡිත්‍වා සක‍්කස‍්ස ථුතිවසෙන සෙසගාථා ආහ –

තවුස්තුමා ශක්‍රයාගේ මේ වචන අසා, සිහි එළවා, ශෝකය දුරුකොට කඳුළු පිස, ශක්‍රයාට ස්තුති කරමින් මේ ගාථා ප්‍රකාශ කෙළේය.

“ආදිත‍්තං වත මං සන‍්තං, ඝතසිත‍්තංව පාවකං; වාරිනා විය ඔසිඤ‍්චං, සබ‍්බං නිබ‍්බාපයෙ දරං.

7. ගිතෙල් ඉසින ලද ගින්නක් මෙන්, රත් වී හුන් මට ජලය ඉස්සාක් වැනි විය. සියලු පීඩා නිව්වෙහිය.

“අබ‍්බහී වත මෙ සල‍්ලං, යමාසි හදයස‍්සිතං; යො මෙ සොකපරෙතස‍්ස, පුත‍්තසොකං අපානුදි.

8. යමකේ ශෝකයෙන් පීඩාවට පත් වූ මගේ, ඒ පුත්‍ර ශෝකය දුරු කෙළේ ද?’ (ඔහු) මාගේ හදවතෙහි වූ ශෝක නමැති හුල ඒකාන්තයෙන් උදුරා දැමීය.

“සොහං අබ‍්බූළ‍්හසල‍්ලොස‍්මි, වීතසොකො අනාවිලො; න සොචාමි න රොදාමි, තව සුත්‍වාන වාසවා”ති.

9. පහ වූ ශෝක ඇති, එකඟ වූ සිත් ඇති, ඒ මම ඉදිරූ හුල් ඇත්තේ වෙමි. ශක්‍රය, ඔබේ දෙසුමන් අසා ශෝක නොකරමි. නො හඬමි.

තා හෙට‍්ඨා වුත‍්තත්‍ථායෙව. එවං සක‍්කො තාපසස‍්ස ඔවාදං දත්‍වා සකට‍්ඨානමෙව ගතො.

මෙහි එන වචන ගැන විස්තර මීට ඉහතින් දක්වන ලදි. මෙසේ ශක්‍රයා තවුසාට අවවාද කොට ස්වකීය දෙව්ලොව බලා ගියේය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි – “තදා හත්‍ථිපොතකො සාමණෙරො අහොසි, තාපසො මහල‍්ලකො, සක‍්කො පන අහමෙව අහොසි”න‍්ති.

බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා, ජාතකය නිමවා වදාළ සේක. එදා ඇත් පැටවා නම්, මෙදා සාමණේරයා ය. එදා තාපසා නම්, මෙදා මේ මහලු භික්‍ෂුව යි. සක්දෙව් රජ වූ කලී ‘මම ම යැ’යි බුදුරජාණන් වහන්සේ, තමන් වහන්සේ දක්වා වදාළ සේක.

සොමදත‍්තජාතකවණ‍්ණනා පඤ‍්චමා.