යෙදුමෙන් කියවන්න

4. දළ‍්හධම‍්මජාතකවණ‍්ණනා 409 අට‍්ඨකථා

4. දළ‍්හධම‍්මජාතකවණ‍්ණනා (409)

4. දළ්හධම්ම ජාතකය (409)

අහං චෙ දළ‍්හධම‍්මස‍්සාති ඉදං සත්‍ථා කොසම‍්බිං නිස‍්සාය ඝොසිතාරාමෙ විහරන‍්තො උදෙනස‍්ස රඤ‍්ඤො භද‍්දවතිකං හත්‍ථිනිං ආරබ‍්භ කථෙසි. තස‍්සා පන හත්‍ථිනියා ලද‍්ධවිධානඤ‍්ච උදෙනස‍්ස රාජවංසො ච මාතඞ‍්ගජාතකෙ (ජා· 1.15.1 ආදයො) ආවි භවිස‍්සති. එකදිවසං පන සා හත්‍ථිනී නගරා නික‍්ඛමන‍්තී භගවන‍්තං පාතොව අරියගණපරිවුතං අනොමාය බුද‍්ධසිරියා නගරං පිණ‍්ඩාය පවිසන‍්තං දිස‍්වා තථාගතස‍්ස පාදමූලෙ නිපජ‍්ජිත්‍වා “භගවා සබ‍්බඤ‍්ඤු සබ‍්බලොකනිත්‍ථරණ උදෙනො වංසරාජා මං තරුණකාලෙ කම‍්මං නිත්‍ථරිතුං සමත්‍ථකාලෙ ‘ඉමං නිස‍්සාය මයා ජීවිතඤ‍්ච රජ‍්ජඤ‍්ච දෙවී ච ලද‍්ධා’ති පියායිත්‍වා මහන‍්තං පරිහාරං අදාසි, සබ‍්බාලඞ‍්කාරෙහි අලඞ‍්කරිත්‍වා ඨිතට‍්ඨානං ගන්‍ධෙන පරිභණ‍්ඩං කාරෙත්‍වා මත්‍ථකෙ සුවණ‍්ණතාරකඛචිතවිතානං බන්‍ධාපෙත්‍වා සමන‍්තා චිත්‍රසාණිං පරික‍්ඛිපාපෙත්‍වා ගන්‍ධතෙලෙන දීපං ජාලාපෙත්‍වා ධූමතට‍්ටකං ඨපාපෙත්‍වා කරීසඡඩ‍්ඩනට‍්ඨානෙ සුවණ‍්ණකටාහං පතිට‍්ඨපාපෙත්‍වා මං චිත‍්තත්‍ථරණපිට‍්ඨෙ ඨපෙසි, රාජාරහඤ‍්ච මෙ නානග‍්ගරසභොජනං දාපෙසි. ඉදානි පන මෙ මහල‍්ලකකාලෙ කම‍්මං නිත්‍ථරිතුං අසමත්‍ථකාලෙ සබ‍්බං තං පරිහාරං අච‍්ඡින්‍දි, අනාථා නිප‍්පච‍්චයා හුත්‍වා අරඤ‍්ඤෙ කෙතකානි ඛාදන‍්තී ජීවාමි, අඤ‍්ඤං මය‍්හං පටිසරණං නත්‍ථි, උදෙනං මම ගුණං සල‍්ලක‍්ඛාපෙත්‍වා පොරාණකපරිහාරං මෙ පටිපාකතිකං කාරෙථ භගවා”ති පරිදෙවමානා තථාගතං යාචි.

‘අහඤ්චෙ දළ්හධම්මාය’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථා වස්තුව බුදුරජාණන් වහන්සේ කොසඹෑ නුවර ඝෝෂිතාරාමයෙහි වැඩ වෙසෙන සේක්, ‘උදේනි’ රජුගේ ‘භද්‍රවතී’ ඇතින්න නිමිතිකොට ගෙන වදාළ සේක. ඒ ඇතින්න විසින් ලබන ලද විවිධ වූ විධානයන් ගැන ද, උදේනි රජුගේ රාජ වංශය සම්බන්ධ විස්තර ද, ‘මාතංග’ ජාතකයෙහි විස්තර කෙරේ. කිසියම් දිනෙක ඉහත කී භද්‍රවතී ඇතින්න නුවරින් නික්මී යනවිට ආර්ය සංඝයා පිරිවරා ගත් බුදුරජාණන් වහන්සේ, උදෑසනම අප්‍රමාණ වූ බුද්ධශ්‍රීයෙන්, පිඬු පිණිස නුවරට ඇතුල්වනු දැක, වහා ගොස් බුදුරදුන්ගේ පාමුල වැද හෙව, ‘සියල්ලන් ලෝකයෙන් එතෙර කරන, සියල්ල දත්, භාග්‍යවතුන් වහන්ස, උදේනි වංශික මේ රජතුමා, මා තරුණ කාලයේ දී, නියම කළ කටයුතු වහා නිම කළ හැකි කාලයේ දී, ‘මැය නිසා මගේ ජීවිතය බේරුණි. මේ රාජ්‍යයත්, මාගේ අග මෙහෙසියත් ලැබුණේ මෑ නිසාම යැ’යි කල්පනා කොට, මා කෙරෙහි ප්‍රියභාවය උපදවා, මහත් වූ රැකවරණ හා සම්පත් මට දුන්නේය. සියලු අලංකාරයන්ගෙන් මාගේ සිරුර සැරසුවේය. එපමණක් නොව, මා වෙසෙන තැන සරසා, සුවඳ පිරිබඩ ගල්වා, හිස ඉහළින් රන්තරු වලින් වැඩ දමන ලද වියන් බන්දවා, අවට විසිතුරු වටතිරවලින් සරසා, සුවඳ තෙල් යොදා පහන් දල්වා, සුවද දුම් තැටි තැන තැන තබ්බවා, මළපහ කරන තැන විශාල ස්වර්ණමය භාජනයක් පිහිටුවා, මා නිදාගන්නා ස්ථානයෙහි, විසිතුරු ඇතිරිල්ලක් එලා, ඒ මත මා සැතපවීය. රාජභෝජන හා සම වූ නොයෙක් රසයෙන් යුතු ආහාර කන්නට දෙවීය. එහෙත් දැන් වනාහී, මා මෙසේ මහලු බවට පත්වූ කල්හි වැඩක් පලක් කරගැනීමට නොහැකි කල්හි, මට දුන් ඒ සියලු රැකවරණ හා සැප සම්පත් සිඳ දැමුවේය. අනාථව පිහිටක් නැතිව ආහාර පවා හිඟව, දැන් මම කැලයට වැදි, වැටකේ කොළ කා ජීවත් වෙමි. එබැවින් ස්වාමීනි, ඔබවහන්සේ හැර අන් පිළිසරණක් මට නැත. මා කෙරෙහි අනුකම්පාකොට උදේනි රජුට මාගේ ගුණ සිහිපත් කරවා, අහිමි වූ පැරණි සැලකිලි හා රැකවරණ මට නැවත සලසා දෙනු මැනවැ’යි වැලපෙමින් තථාගතයන් වහන්සේට යැද්දාය.

සත්‍ථා “ගච‍්ඡ ත්‍වං, අහං තෙ රඤ‍්ඤො කථෙත්‍වා යසං පටිපාකතිකං කාරෙස‍්සාමී”ති වත්‍වා රඤ‍්ඤො නිවෙසනද‍්වාරං අගමාසි. රාජා තථාගතං අන‍්තොනිවෙසනං පවෙසෙත්‍වා බුද‍්ධප‍්පමුඛස‍්ස සඞ‍්ඝස‍්ස මහාදානං පවත‍්තෙසි. සත්‍ථා භත‍්තකිච‍්චපරියොසානෙ අනුමොදනං කරොන‍්තො “මහාරාජ, භද‍්දවතිකා කහ”න‍්ති පුච‍්ඡි. “න ජානාමි, භන‍්තෙ”ති. “මහාරාජ, උපකාරකානං යසං දත්‍වා මහල‍්ලකකාලෙ ගහෙතුං නාම න වට‍්ටති, කතඤ‍්ඤුනා කතවෙදිනා භවිතුං වට‍්ටති. භද‍්දවතිකා ඉදානි මහල‍්ලිකා ජරාජිණ‍්ණා අනාථා හුත්‍වා අරඤ‍්ඤෙ කෙතකානි ඛාදන‍්තී ජීවති, තං ජිණ‍්ණකාලෙ අනාථං කාතුං තුම‍්හාකං අයුත‍්ත”න‍්ති භද‍්දවතිකාය ගුණං කථෙත්‍වා “සබ‍්බං පොරාණකපරිහාරං පටිපාකතිකං කරොහී”ති වත්‍වා පක‍්කාමි. රාජා තථා අකාසි. “තථාගතෙන කිර භද‍්දවතිකාය ගුණං කථෙත්‍වා පොරාණකයසො පටිපාකතිකො කාරිතො”ති සකලනගරං පත්‍ථරි, භික‍්ඛුසඞ‍්ඝෙපි සා පවත‍්ති පාකටා ජාතා. අථ භික‍්ඛූ ධම‍්මසභායං කථං සමුට‍්ඨාපෙසුං “ආවුසො, සත්‍ථාරා කිර භද‍්දවතිකාය ගුණං කථෙත්‍වා පොරාණකයසො පටිපාකතිකො කාරිතො”ති. සත්‍ථා ආගන‍්ත්‍වා “කාය නුත්‍ථ, භික‍්ඛවෙ, එතරහි කථාය සන‍්නිසින‍්නා”ති පුච‍්ඡිත්‍වා “ඉමාය නාමා”ති වුත‍්තෙ “න, භික‍්ඛවෙ, ඉදානෙව, පුබ‍්බෙපි තථාගතො එතිස‍්සා ගුණං කථෙත්‍වා නට‍්ඨයසං පටිපාකතිකං කාරෙසියෙවා”ති වත්‍වා අතීතං ආහරි.

බුදුරජාණන් වහන්සේ, ‘ඇතින්න, ඔබ යන්නට ආ ගමන යන්න. මම ඔබ ගැන රජුට කියා, නැති වූ සම්පත් යසස් පෙරළා ලබා දෙන්නට කටයුතු කරන්නෙමැ’යි වදාරා රජුගේ මාලිගාව වෙත වැඩි සේක. බුදුරදුන් දුටු රජතුමා උන්වහන්සේ මාලිගාව තුළට වඩම්මා, රජගෙයි දී, බුද්ධප්‍රමුඛ මහා දන් පැවැත්වීය. දානයෙන් පසු අනුමෝදනා බණ දෙසන බුදුරජාණන් වහන්සේ, දේශනාවෙන් අනතුරුව, ‘මහරජතුමනි, භද්‍රවතිකා ඇතින්න කොහි දැ’යි ඇසූ සේක. ‘ස්වාමීනි, ඈ ගැන මම නො දනිමි’යි රජතුමා උත්තර දුන්නේය. ‘මහරජ, තමාට උපකාර කළ අයට යසස් සම්පත් දී, ඔවුන්ගේ මහලු කාලයේ දී, දුන් සම්පත් ආපසු ලබාගැනීම නො වටී. කළගුණ සැලකීම, කෘතවේදී වීම, වටිනා දහමකි. භද්‍රවතිකා දැන් මහලුය. ජරාජීර්ණ වූ ඇය අනාථ කිරීම, ඔබට තරම් වූවක් නොවේ. එය අයුතු යැ’යි වදාළ බුදුරජාණන් වහන්සේ, ‘මහරජ, ඔබ නො දන්නවාට, ඇය දැන් කැලයට වැදී වැටකේ කොළ කා ජීවත් වන්නීය. එබැවින් මහලු කල, පිහිටක් නැති කල, ඇය රැකගැනීම ඔබේ යුතුකමකි. පැරණි සම්පත් ඇයට නැවතත් ලබාදීමට කටයුතු යොදනු මැනවැ’යි භද්‍රවතිකා ඇතින්නගේ ගුණ කී, බුදුරජාණන් වහන්සේ රජගෙදරින් නික්ම වැඩියේය. අනතුරුව රජතුමා ද, බුදුරදුන් කී අයුරෙන් ම ඇතින්න වෙනුවෙන්, කටයුතු සම්පාදනය කෙළේය. මේ සිද්ධිය මුළු නුවර පුරා කටින් කට පැතිර ගියේය. භික්‍ෂු සංඝයා අතරද, මේ පුවත ප්‍රචලිත විය. දම්සභාවට රැස් වූ භික්‍ෂූහු, ඒ ගැන කථා කරමින් හුන්හ. එවේලෙහි, එතැනට වැඩි බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් සාකච්ඡා කළ කරුණු, ඔවුන්ගෙන් ම අසා දැන, ‘මහණෙනි, දැන් පමණක් නොව පෙර ද මම භද්‍රවතිකාගේ නැති වූ සම්පත් නැවත ලබා දෙන්නට, කටයුතු කෙළෙමැ’යි වදාරා, මේ අතීත කථා පුවත මෙසේ වදාළ සේක.

අතීතෙ බාරාණසියං දළ‍්හධම‍්මො නාම රාජා රජ‍්ජං කාරෙසි. තදා බොධිසත‍්තො අමච‍්චකුලෙ නිබ‍්බත‍්තිත්‍වා වයප‍්පත‍්තො තං රාජානං උපට‍්ඨහි. සො තස‍්ස සන‍්තිකා මහන‍්තං යසං ලභිත්‍වා අමච‍්චරතනට‍්ඨානෙ අට‍්ඨාසි. තදා තස‍්ස රඤ‍්ඤො එකා ඔට‍්ඨිබ්‍යාධි හත්‍ථිනී ථාමබලසම‍්පන‍්නා මහබ‍්බලා අහොසි. සා එකදිවසං යොජනසතං ගච‍්ඡති, රඤ‍්ඤො දූතෙය්‍යහරණකිච‍්චං කරොති, සඞ‍්ගාමෙ යුද‍්ධං කත්‍වා සත‍්තු මද‍්දනං කරොති. රාජා “අයං මෙ බහූපකාරා”ති තස‍්සා සබ‍්බාලඞ‍්කාරං දත්‍වා උදෙනෙන භද‍්දවතිකාය දින‍්නසදිසං සබ‍්බං පරිහාරං දාපෙසි. අථස‍්සා ජිණ‍්ණදුබ‍්බලකාලෙ රාජා සබ‍්බං යසං ගණ‍්හි. සා තතො පට‍්ඨාය අනාථා හුත්‍වා අරඤ‍්ඤෙ තිණපණ‍්ණානි ඛාදන‍්තී ජීවති. අථෙකදිවසං රාජකුලෙ භාජනෙසු අප‍්පහොන‍්තෙසු රාජා කුම‍්භකාරං පක‍්කොසාපෙත්‍වා “භාජනානි කිර නප‍්පහොන‍්තී”ති ආහ. “ගොමයාහරණයානකෙ යොජෙතුං ගොණෙ න ලභාමි, දෙවා”ති. රාජා තස‍්ස කථං සුත්‍වා “අම‍්හාකං ඔට‍්ඨිබ්‍යාධි කහ”න‍්ති පුච‍්ඡි. “අත‍්තනො ධම‍්මතාය චරති, දෙවා”ති. රාජා “ඉතො පට‍්ඨාය තං යොජෙත්‍වා ගොමයං ආහරා”ති තං කුම‍්භකාරස‍්ස අදාසි. කුම‍්භකාරො “සාධු, දෙවා”ති තථා අකාසි.

පෙර බරණැස් නුවර ‘දළ්හධම්ම’ නමින් රජෙක් රාජ්‍යය කෙළේය. එකල අප බෝසත් තෙමේ ඇමැති පවුලක උපත ලැබ, නිසිවියට පත්ව, රජුට රාජකාරිය කෛළ්ය. ඔහු ටික කලකදීම රජුගේ සිත් දිනාගෙන මහත් වූ යසඉසුරු ලැබ ඉහළම තලයේ ඇමැති පදවියක් හෙබවීය. එකල රජුට ‘ඔට්ඨිව්‍යාධි’ නමින් යුතු, ශක්තියෙන් හා බලයෙන් ඉතාමත් ශක්ති සම්පන්න වූ, ජවාධික ඇතින්නක් වූවාය. ඈ එක් දිනකට යොදුන් සියයක් ගමන් කරයි. ඇගේ ප්‍රධාන රාජකාරිය රජුගේ දූත මෙහෙවරෙහි යෙදීමයි. එහෙත් යුධමය අවස්ථාවක් එළඹුණු කල්හිද, ඈ නො පිරිහෙළා සතුරන් මැඩීමෙහි යෙදේ. රජතුමා ඇයගෙන් ලද, බොහෝ උපකාර සැලකිල්ලට ගෙන, ඇයට සර්වාභරණ ලබාදී, උදේනි රජු විසින් භද්‍රවතිකා ඇතින්නට ලබාදුන් ආකාරයේ සියලුම සම්පත් හා රැකවරණ දෙවීය. එහෙත් ඇය ජරාජීර්ණ වී දුබල වූ කල්හි, රජතුමා ඇයට දුන් සම්පත් නැවත ආපසු ගත්තේය. එතැන් පටන් අනාථ අසරණ භාවයට පත් ඔට්ඨිව්‍යාධි ඇතින්න කැලයට වැදී තණකොළ කමින්, ජීවත් වන්නට පටන් ගත්තාය. කිසියම් දිනෙක රජපවුලෙහි වළං හිඟ වූ අවස්ථාවක, රජතුමා කුඹලා කැඳවා, රජමැදුරට වැඩිපුර භාජන අවශ්‍ය බව දැනුම් දුන්නේය. එවිට කුඹලා රජුට වැඳ ‘ස්වාමීනි, වළං පිළිස්සීම සඳහා ගොමරිටි අත්‍යාවශ්‍යය. ගොම රිටි පටවා ගෙනෙන කරත්තයට යෙදීම සඳහා ගොනකු ලබාදෙනු මැනවැ’යි කීය. කුඹලාගේ කථාව ඇසූ රජතුමා, ළඟ සිටි පුරුෂයන් අමතා ‘අපේ ඔට්ඨිව්‍යාධි ඇතින්න කොහිදැ’යි ඇසීය. ‘දේවයිනි, ඇය ඉබාගාතේ ඇවිදිමින් සිටීයැ’යි පුරුෂයෝ පිළිතුරු දුන්හ. කුඹලා ඇමතූ රජතුමා, ‘අද පටන් නුඹේ රථයෙහි, ඒ ඇතින්න යොදා ගොමරිටි ඇද ගනුව’යි කියා කුඹලාට ඇය භාර කෙළේය. කුඹලා ද සතුටින් යුතුව ‘දේවයිනි, යහපතැ’යි කියා, කී ලෙසින්ම කටයුතු කෙළේය.

අථෙකදිවසං සා නගරා නික‍්ඛමමානා නගරං පවිසන‍්තං බොධිසත‍්තං දිස‍්වා වන්‍දිත්‍වා තස‍්ස පාදමූලෙ නිපජ‍්ජිත්‍වා පරිදෙවමානා “සාමි, රාජා මං ‘තරුණකාලෙ බහූපකාරා’ති සල‍්ලක‍්ඛෙත්‍වා මහන‍්තං යසං දත්‍වා ඉදානි මහල‍්ලකකාලෙ සබ‍්බං අච‍්ඡින්‍දිත්‍වා මයි චිත‍්තම‍්පි න කරොති, අහං පන අනාථා අරඤ‍්ඤෙ තිණපණ‍්ණානි ඛාදන‍්තී ජීවාමි, එවං දුක‍්ඛප‍්පත‍්තං මං ඉදානි යානකෙ යොජෙතුං කුම‍්භකාරස‍්ස අදාසි, ඨපෙත්‍වා තුම‍්හෙ අඤ‍්ඤං මය‍්හං පටිසරණං නත්‍ථි, මයා රඤ‍්ඤො කතූපකාරං තුම‍්හෙ ජානාථ, සාධු ඉදානි මෙ නට‍්ඨං යසං පටිපාකතිකං කරොථා”ති වත්‍වා තිස‍්සො ගාථා අභාසි –

කිසියම් දවසක නගරයෙන් නික්මෙමින් සිටි ඈ, නගරයට පිවිසෙන බෝසත් ඇමතිතුමන් දැක, ඔහුගේ පාමුල වැතිර, හඬා වැලපෙමින් ‘ස්වාමීනි, මා තරුණ කාලයේ දී ‘බොහෝ උපකාර වූ සතෙකැ’යි සලකා, රජතුමා මට මහත් යස ඉසුරු දෙවීය. එහෙත් දැන් මා මහලු කල්හි, දුන් සියලු වස්තුව ආපසු ගෙන මා අමතක කොට දමා ඇත. දැන් ඔහු මා සිටින බවක්වත් සිහිපත් නොකරයි. එයින් අනාථ අසරණ භාවයට පත්වූ, මම දැන් කැලයට වැදී තණකොළ කා ජීවත් වෙමි. මෙසේ දුකට පත් මා විඳින කරදර මදිවාට, කරත්තයකින් ගොම ඇදීම සඳහා මා කුඹලාට භාර කෙළේය. එබැවින් ස්වාමීනි, මට දැන් ඔබ හැර අන් පිළිසරණක් නැත. මා විසින් රජුට කළ උපකාරය ඔබ දනී. එබැවින් මාගේ ඒ අහිමි වූ සම්පත්, නැවත ප්‍රකෘතිමත් කොට දෙනු මැනවැ’යි, කී ඇතින්න තවදුරටත් කථා කරමින් මෙසේ ද කීවාය.

“අහං චෙ දළ‍්හධම‍්මස‍්ස, වහන‍්තී නාභිරාධයිං; ධරන‍්තී උරසි සල‍්ලං, යුද‍්ධෙ වික‍්කන‍්තචාරිනී.

අහඤ්චෙ දළ්හ ධම්මාය - වහන්තී නාභිරාධයිං, නුදන්ති උරසී සල්ලං - යුද්ධෙ වික්කන්ත වාරිණී

ඉදින් මම සංග්‍රාමයේ දී (සතුරන්ගේ) පපුවලට ආයුධ විසිකරමින්, වික්‍රමාන්විත ක්‍රියා කෙරෙමින්, දළ්හධම්ම රජු ඔසවාගෙන යමින්, (ඔහු) සතුටු නො කෙළෙම්ද?

“නූන රාජා න ජානාති, මම වික‍්කමපොරිසං; සඞ‍්ගාමෙ සුකතන‍්තානි, දූතවිප‍්පහිතානි ච.

2. ඒකාන්තයෙන් රජතුමා මාගේ පෞරුෂය ද, වික්‍රමයන් ද, යුද්ධයේදී කළ ක්‍රියාවන් ද, දූත මෙහෙවර ද නො දනියි.

“සා නූනාහං මරිස‍්සාමි, අබන්‍ධු අපරායිනී; තදා හි කුම‍්භකාරස‍්ස, දින‍්නා ඡකණහාරිකා”ති.

3. ගොමරිටි ඇදීම සඳහා කුඹලාට දෙන ලද්දා වූ, නෑයින්ගෙන් තොර, අසරණ වූ, ඒ මම ඒකාන්තයෙන් මරණයට පත් වන්නෙමි.

තත්‍ථ වහන‍්තීති දූතෙය්‍යහරණං සඞ‍්ගාමෙ බලකොට‍්ඨකභින්‍දනං තං තං කිච‍්චං වහන‍්තී නිත්‍ථරන‍්තී. ධරන‍්තී උරසි සල‍්ලන‍්ති උරස‍්මිං බද‍්ධං කණ‍්ඩං වා අසිං වා සත‍්තිං වා යුද‍්ධකාලෙ සත‍්තූනං උපරි අභිහරන‍්තී. වික‍්කන‍්තචාරිනීති වික‍්කමං පරක‍්කමං කත්‍වා පරබලවිජයෙන යුද‍්ධෙ වික‍්කන‍්තගාමිනී. ඉදං වුත‍්තං හොති – සචෙ සාමි, අහං ඉමානි කිච‍්චානි කරොන‍්තී රඤ‍්ඤො දළ‍්හධම‍්මස‍්ස චිත‍්තං නාරාධයිං න පරිතොසෙසිං, කො දානි අඤ‍්ඤො තස‍්ස චිත‍්තං ආරාධයිස‍්සතීති.

මෙහි ‘වහන්තී’ යනු ‘පණිවිඩ පනත් ගෙන යාම, යුද්ධයේදී බලකොටු බිඳීම ආදි වූ ඒ ඒ කටයුතු කරමින්, නිරත වූ කටයුතු නිමා කරමින්’, යන අර්ථයි. ‘නුදන්තී උරසි සල්ලං’ යනු ‘යුධබිමේදී පපු පෙදෙසෙහි බඳින ලද ඊයක් හෝ, කඩුවක් හෝ, ආයුධයක් හෝ, සතුරන් මතට පමුණුවමින්’ යන අර්ථයි. ‘වික්කන්තචාරිණී’ යනු ‘වික්‍රම කොට සතුරු බලයන් දිනීමෙන්, සංග්‍රාමයේදී විවිධ වික්‍රමයන් කරමින්’, යන අර්ථයි. මින් කියන ලද්දේ මේ අර්ථයයි. එනම්, ‘ස්වාමීනි, ඔබ මේ කටයුතු කරමින් දළ්හධම්ම රජුගේ සිත් නො ගත්තෙන් නම්, ඔහු සතුටු නො කෙළෙම් නම්, එකල අන් කවරෙක් ඔහුගේ සිත් සතුටු කරන්නේද?’ යන අර්ථයි.

මම වික‍්කමපොරිසන‍්ති මයා කතං පුරිසපරක‍්කමං. සුකතන‍්තානීති සුකතානි. යථා හි කම‍්මානෙව කම‍්මන‍්තානි, වනානෙව වනන‍්තානි, එවමිධ සුකතානෙව “සුකතන‍්තානී”ති වුත‍්තානි. දූතවිප‍්පහිතානි චාති ගලෙ පණ‍්ණං බන්‍ධිත්‍වා “අසුකරඤ‍්ඤො නාම දෙහී”ති පහිතාය මයා එකදිවසෙනෙව යොජනසතං ගන‍්ත්‍වා කතානි දූතපෙසනානි ච. නූන රාජා න ජානාතීති නූන තුම‍්හාකං එස රාජා එතානි මයා කතානි කිච‍්චානි න ජානාති. අපරායිනීති අප‍්පතිට‍්ඨා අප‍්පටිසරණා. තදා හීති තථා හි, අයමෙව වා පාඨො. දින‍්නාති අහං රඤ‍්ඤා ඡකණහාරිකා කත්‍වා කුම‍්භකාරස‍්ස දින‍්නාති.

‘සුකතන්තානි’ යන මෙහි ‘කම්මානි’ යන පදය ‘කම්මන්තානි’ වන්නා සේ, ‘වනානි’ යන්න ‘වනන්තානි’ වන්නා සේ, ‘සුකතානි’ යන පදයම ‘සුකන්තානි’ යැය කියන ලදි. එහි අර්ථය ඉතා මැනවින් කටයුතු කරන ලදි’ යන්නයි. ‘දූතවිප්පහිතානි ච’ යනු ‘ගෙලෙහි පණිවුඩපත් එල්ලාගෙන, ‘අසවල් රජුට මෙය දෙන්නැ’යි කියා පිටත් කළ කල්හි, මා විසින් එක් දිනකින් ම යොදුන් සියයක් ගොස්, දූත මෙහෙවර කරන ලදි’ යන අර්ථයි. ‘නහනූන රාජා ජානානි’ යනු ‘ඔබතුමාගේ ඔය රජතුමා මා විසින් කරන ලද මේ සියලු කටයුතු, ඒකාන්තයෙන් නොදී’ යන අර්ථයි. ‘අපරායිණී’ යනු ‘පිහිටක්, පිළිසරණක් නැති’ යන අර්ථයි. ‘තදා හි’ යනු ‘තථාහි’ යන්නයි. පාඨය මෙය ම හෝ විය හැකිය. ‘එසේම’ යන අර්ථයි. ‘දින්නා’ යනු ‘රජු විසින් වළං තනන්නාට ගොමරිටි ඇදීම පිණිස මම දෙනු ලැබීමි’ යන අර්ථයි.

බොධිසත‍්තො තස‍්සා කථං සුත්‍වා “ත්‍වං මා සොචි, අහං රඤ‍්ඤො කථෙත්‍වා තව යසං පටිපාකතිකං කරිස‍්සාමී”ති තං සමස‍්සාසෙත්‍වා නගරං පවිසිත්‍වා භුත‍්තපාතරාසො රඤ‍්ඤො සන‍්තිකං ගන‍්ත්‍වා කථං සමුට‍්ඨාපෙත්‍වා “මහාරාජ, නනු තුම‍්හාකං අසුකා නාම ඔට‍්ඨිබ්‍යාධි අසුකට‍්ඨානෙ ච අසුකට‍්ඨානෙ ච උරෙ සල‍්ලං බන්‍ධිත්‍වා සඞ‍්ගාමං නිත්‍ථරි, අසුකදිවසං නාම ගීවාය පණ‍්ණං බන්‍ධිත්‍වා පෙසිතා යොජනසතං අගමාසි, තුම‍්හෙපිස‍්සා මහන‍්තං යසං අදත්‍ථ, සා ඉදානි කහ”න‍්ති පුච‍්ඡි. “තමහං කුම‍්භකාරස‍්ස ගොමයහරණත්‍ථාය අදාසි”න‍්ති. අථ නං බොධිසත‍්තො “අයුත‍්තං ඛො, මහාරාජ, තුම‍්හාකං තං කුම‍්භකාරස‍්ස යානකෙ යොජනත්‍ථාය දාතු”න‍්ති වත්‍වා රඤ‍්ඤො ඔවාදවසෙන චතස‍්සො ගාථා අභාසි –

බෝසත් තෙමේ ඇගේ කථාව අසා, ‘ඔබ දුක් නොවන්න. මම රජුට කියා ඔබගේ නැති වූ සම්පත්, නැවත ලබාදීමට කටයුතු කරන්නෙමැ’යි, ඈ අස්වසා නගරයට පිවිස උදේ ආහාරය ගෙන, ඉන්පසු රජු වෙත ගොස්, රජු සමග කථාවකට මුලපුරා ‘මහරජතුමනි, ඔබතුමාගේ ඔට්ඨිව්‍යාධි ඇතින්න, අසවල් යුද්ධයේ දී, අසවල් සංග්‍රාමයේදී, පපුවෙහි ආයුධ බැඳගෙන, යුධ කටයුතු නිමාකොට ජයග්‍රහණය ලැබුවා නොවේදැ’යි මතක් කෙළේය. තවද අසවල් දින ඇය, තම ගෙලෙහි පණිවිඩ බැඳි යව ලදුව, යොදුන් සිය ගණන් දුර ගියා නොවේදැ’යි, මතක් කෙළේය. එකල ඔබෙන් මහත් යසඉසුරු ලැබූ ඇය දැන් කොහිදැ’යි, රජුගෙන් ප්‍රශ්න කෙළේය. ‘ඇමතිය, මම ඈ කුඹලාට ගොම ඇදීම සඳහා දුන්නෙමි’යි, රජතුමා පිළිතුරු දුන්නේ ය. එවිට බෝසත් තෙමේ ‘මහරජතුමනි, මෙතරම් ඔබට උදව් කළ ඇතින්න, කරත්තයක බැඳීමට දීම අයුතු නොවේදැ’යි, කියා රජුට අවවාද වශයෙන් මේ ගාථා සතර ප්‍රකාශ කෙළේය.

“යාවතාසීසතී පොසො, තාවදෙව පවීණති; අත්‍ථාපායෙ ජහන‍්ති නං, ඔට‍්ඨිබ්‍යාධිංව ඛත‍්තියො.

4. පුරුෂයා (යමකු) යම්තාක් බලාපොරොත්තු වේද? ඒතාක් කල්ම ඇසුර පවත්වයි. ඔහු (ඇය) ගෙන් ප්‍රයෝජනයක් නැති කල්හි, ‘රජතුමා ඔට්ඨිව්‍යාධි ඇතින්න මෙන්’ අත්හැර දමයි.

“යො පුබ‍්බෙ කතකල්‍යාණො, කතත්‍ථො නාවබුජ‍්ඣති; අත්‍ථා තස‍්ස පලුජ‍්ජන‍්ති, යෙ හොන‍්ති අභිපත්‍ථිතා.

5. යමෙක් පෙර කළ යහපත් දේවල්, දියුණුව සඳහා කළ උදව් උපකාර (පසුව) අමතක කෙරේද? ඔහු බලාපොරොත්තු වන යම් දියුණුවක් වේනම්, එය විනාශ වේ.

“යො පුබ‍්බෙ කතකල්‍යාණො, කතත්‍ථො මනුබුජ‍්ඣති; අත්‍ථා තස‍්ස පවඩ‍්ඪන‍්ති, යෙ හොන‍්ති අභිපත්‍ථිකා.

6. යමෙක් පෙර කළ යහපත් දේවල්, දියුණුව සඳහා කළ යුතු උදව් උපකාර තේරුම් ගනීද? ඔහු බලාපොරොත්තු වන යම් දියුණුවක් වේ නම්, එය මැනවින් වර්ධනය වේ.

“තං වො වදාමි භද‍්දන‍්තෙ, යාවන‍්තෙත්‍ථ සමාගතා; සබ‍්බෙ කතඤ‍්ඤුනො හොථ, චිරං සග‍්ගම‍්හි ඨස‍්සථා”ති.

7. මෙහි රැස්වූ, යම්තාක් ඔබ හැමට යහපතක් කියමි. සියලු දෙනා කළගුණ දන්නා අය වවු. දෙව්ලොව බොහෝ කලක් වාසය කරවු.

තත්‍ථ පඨමගාථාය තාව අත්‍ථො – ඉධෙකච‍්චො අඤ‍්ඤාණජාතිකො පොසො යාවතාසීසතී, යාව “ඉදං නාම මෙ අයං කාතුං සක‍්ඛිස‍්සතී”ති පච‍්චාසීසති, තාවදෙව තං පුරිසං පවීණති භජති සෙවති, තස‍්ස පන අත්‍ථාපායෙ වඩ‍්ඪියා අපගමනෙ පරිහීනකාලෙ තං නානාකිච‍්චෙසු පත්‍ථිතං පොසං එකච‍්චෙ බාලා ඉමං ඔට‍්ඨිබ්‍යාධිං අයං ඛත‍්තියො විය ජහන‍්ති.

මෙහි දැක්වූ ගාථා අතුරෙන් පළමුවැන්නේ අර්ථය මුලින් දැක්වේ. ‘පොසො යාවතාසිංස’ යනු ‘මෙලොව කිසියම් අනුවණ පුරුෂයෙක්’ මොහු මේ මේ දේ කිරීමට හැකියාව ඇත්තෙකැ’යි, ඔහුගෙන් යම් ප්‍රයෝජනයක් බලාපොරොත්තු වේද? එය ඉටුකර ගන්නා තෙක්, ඒ පුරුෂයා සේවනය කරයි. ඇසුරු කරයි. ඔහුගෙන් ප්‍රයෝජනයක් ගත නොහැකි කල්හි, මහලු බවට පත්වූ කල්හි, ක්‍රියාකාරිත්වයෙන් පිරිහුණු කල්හි, නොයෙක් කටයුතුවල යෙදුණු ඒ පුද්ගලයා, ඇතැම් මෝඩ උදවිය ‘මේ ඔට්ඨිව්‍යාධි ඇතින්න නොසලකා හළ මේ රජතුමා මෙන් ‘අත්හැර දමති’ යන අර්ථයි.

කතකල්‍යාණොති පරෙන අත‍්තනො කතකල්‍යාණකම‍්මො. කතත්‍ථොති නිප‍්ඵාදිතකිච‍්චො. නාවබුජ‍්ඣතීති පච‍්ඡාපි තං පරෙන කතං උපකාරං තස‍්ස ජරාජිණ‍්ණකාලෙ අසමත්‍ථකාලෙ න සරති, අත‍්තනා දින‍්නම‍්පි යසං පුන ගණ‍්හාති. පලුජ‍්ජන‍්තීති භිජ‍්ජන‍්ති නස‍්සන‍්ති. යෙ හොන‍්ති අභිපත්‍ථිතාති යෙ කෙචි අත්‍ථා ඉච‍්ඡිතා නාම හොන‍්ති, සබ‍්බෙ නස‍්සන‍්තීති දීපෙති. මිත‍්තදුබ‍්භිපුග‍්ගලස‍්ස හි පත්‍ථිතපත්‍ථිතං අග‍්ගිම‍්හි පක‍්ඛිත‍්තබීජං විය නස‍්සති. කතත්‍ථො මනුබුජ‍්ඣතීති කතත්‍ථො අනුබුජ‍්ඣති, ම-කාරො බ්‍යඤ‍්ජනසන්‍ධිවසෙන ගහිතො. තං වො වදාමීති තෙන කාරණෙන තුම‍්හෙ වදාමි. ඨස‍්සථාති කතඤ‍්ඤුනො හුත්‍වා චිරකාලං සග‍්ගම‍්හි දිබ‍්බසම‍්පත‍්තිං අනුභවන‍්තා පතිට‍්ඨහිස‍්සථ.

‘කතකල්‍යාණො’ යනු ‘අනෙකා විසින් තමාට කළ, යහපත් උදව්-උපකාර යන අර්ථයි. ‘කතත්‍ථො’ යනු ‘නිම කළ කටයුතු’ යන අර්ථයි. ‘නාවබුජ්ඣති’ යනු ‘අනෙකා විසින් කළ ඒ උපකාර, පසුකලෙක එනම්, ඔහුගේ ජරා-ජීර්ණ කාලයේ දී, වැඩක් කරගත නොහැකි කාලයේ දී අමතක කර දමයි. තමා විසින් ඔහුට දෙන ලද යසස් ද ආපසු ගනියි’ යන අර්ථයි. ‘පලුජ්ජන්ති’ යනු ‘බිඳෙති, නැසෙති’ යන අර්ථයි. ‘යෙ හොන්ති අභිපත්‍ථිතා’ යනු ‘යම් කෙනෙක් කිසියම් දියුණුවක් බලාපොරොත්තු වෙත් නම්, ඒ සියල්ල වැනසේ යැයි දක්වයි. මිත්‍රද්‍රෝහී පුද්ගලයාගේ පැතු-පැතු ප්‍රාර්ථනා ගින්නෙහි හෙලූ බිජුවට මෙන් නැසේ’ යන අර්ථයි. ‘කතත්‍ථො මනුබුජ්ඣති’ යනු ‘කළගුණ තේරුම් ගනීද?’ යන අර්ථයි. මෙහි ‘ම’ කාරය ව්‍යඤ්ජන සන්ධි වශයෙන් යොදන ලද්දකි. ‘තං වෝ වදාමි’ යනු ‘ඒ හේතුව නිසා තොපට කියමි’ යන අර්ථයි. ‘ඨස්සථ’ යනු ‘කළගුණ දක්නා අය වී, බොහෝ කලක් දෙව්ලොව ‘සග්ගම්හි’ දෙව් සැප විඳිමින් එහි වසවු’ යන අර්ථයි.

එවං මහාසත‍්තො රාජානං ආදිං කත්‍වා සන‍්නිපතිතානං සබ‍්බෙසං ඔවාදං අදාසි. තං සුත්‍වා රාජා ඔට‍්ඨිබ්‍යාධියා යසං පටිපාකතිකං අකාසි. බොධිසත‍්තස‍්ස ච ඔවාදෙ ඨත්‍වා දානාදීනි පුඤ‍්ඤානි කත්‍වා සග‍්ගපරායණො අහොසි.

බෝසත් තෙමේ මේ ආකාරයෙන් රජතුමා ප්‍රධානකොට එතැනට රැස්ව සිටි සියලු දෙනාට ම, අවවාද දුන්නේය. ඒ අවවාදවලට කන් දුන් රජතුමා, ඔට්ඨිව්‍යාධි ඇතින්නට කලින් ලබාදී තිබූ පරිද්දෙන් ම සියලු සම්පත් හා ආරක්‍ෂාව ප්‍රකෘතිමත් කෙළේය. අනතුරුව බෝසතුන්ගේ අවවාදයෙහි පිහිටි, රජතුමා දානාදී වූ පින්දහම් සිදුකොට, පසුකලෙක මැරී දෙව්ලොව උපන්නේය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි – “තදා ඔට‍්ඨිබ්‍යාධි භද‍්දවතිකා අහොසි, රාජා ආනන්‍දො, අමච‍්චො පන අහමෙව අහොසි”න‍්ති.

බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා, ජාතකය නිමවා වදාළ සේක. එදා ඔට්ඨිව්‍යාධි ඇතින්න නම්, මෙදා භද්‍රවතිකා ඇතින්න ය. රජතුමා නම්, ආනන්ද තෙරණුවෝය. ඇමැතිතුමා වූ කලී, ‘මම ම යැ’යි බුදුරජාණන් වහන්සේ, තමන් වහන්සේ දක්වා වදාළ සේක.

දළ‍්හධම‍්මජාතකවණ‍්ණනා චතුත්‍ථා.