යෙදුමෙන් කියවන්න

3. කුම‍්භකාරජාතකවණ‍්ණනා 408 අට‍්ඨකථා

3. කුම‍්භකාරජාතකවණ‍්ණනා (408)

3. කුම්භකාර ජාතකය (408)

අම‍්බාහමද‍්දං වනමන‍්තරස‍්මින‍්ති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො කිලෙසනිග‍්ගහං ආරබ‍්භ කථෙසි. වත්‍ථු පානීයජාතකෙ (ජා· 1.11.59 ආදයො) ආවි භවිස‍්සති. තදා පන සාවත්‍ථියං පඤ‍්චසතා සහායකා පබ‍්බජිත්‍වා අන‍්තොකොටිසන්‍ථාරෙ වසමානා අඩ‍්ඪරත‍්තසමයෙ කාමවිතක‍්කං විතක‍්කයිංසු. සත්‍ථා අත‍්තනො සාවකෙ රත‍්තියා තයො වාරෙ, දිවසස‍්ස තයො වාරෙති රත‍්තින්‍දිවං ඡ වාරෙ ඔලොකෙන‍්තො කිකී අණ‍්ඩං විය, චමරී වාලධිං විය, මාතා පියපුත‍්තං විය, එකචක‍්ඛුකො පුරිසො චක‍්ඛුං විය රක‍්ඛති, තස‍්මිං තස‍්මිංයෙව ඛණෙ උප‍්පන‍්නකිලෙසං නිග‍්ගණ‍්හාති. සො තං දිවසං අඩ‍්ඪරත‍්තසමයෙ ජෙතවනං පරිග‍්ගණ‍්හන‍්තො තෙසං භික‍්ඛූනං විතක‍්කසමුදාචාරං ඤත්‍වා “ඉමෙසං භික‍්ඛූනං අබ‍්භන‍්තරෙ අයං කිලෙසො වඩ‍්ඪන‍්තො අරහත‍්තස‍්ස හෙතුං භින්‍දිස‍්සති, ඉදානෙව නෙසං කිලෙසං නිග‍්ගණ‍්හිත්‍වා අරහත‍්තං දස‍්සාමී”ති ගන්‍ධකුටිතො නික‍්ඛමිත්‍වා ආනන්‍දත්‍ථෙරං පක‍්කොසාපෙත්‍වා “ආනන්‍ද, අන‍්තොකොටිසන්‍ථාරෙ වසනකභික‍්ඛූ සබ‍්බෙ සන‍්නිපාතෙහී”ති සන‍්නිපාතාපෙත්‍වා පඤ‍්ඤත‍්තවරබුද‍්ධාසනෙ නිසීදිත්‍වා “න, භික‍්ඛවෙ, අන‍්තොපවත‍්තකිලෙසානං වසෙ වත‍්තිතුං වට‍්ටති, කිලෙසො හි වඩ‍්ඪමානො පච‍්චාමිත‍්තො විය මහාවිනාසං පාපෙති, භික‍්ඛුනා නාම අප‍්පමත‍්තකම‍්පි කිලෙසං නිග‍්ගණ‍්හිතුං වට‍්ටති, පොරාණකපණ‍්ඩිතා අප‍්පමත‍්තකං ආරම‍්මණං දිස‍්වා අබ‍්භන‍්තරෙ පවත‍්තකිලෙසං නිග‍්ගණ‍්හිත්‍වා පච‍්චෙකබොධිඤාණං නිබ‍්බත‍්තෙසු”න‍්ති වත්‍වා අතීතං ආහරි.

‘අම්බාහමද්දං වනමන්තරස්මි’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථා වස්තුව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවෙසෙන සේක, ක්ලේශ නිග්‍රහයක් නිමිති කොටගෙන වදාළ සේක. මෙහි වර්තමාන කථාවස්තුව ‘පාණීය’ ජාතකයෙහි දැක්වේ. ඒ අනුව සැවැත්නුවර විසූ පන්සියයක යහලු පිරිසක් සසුනෙහි පැවිදි වී දෙව්රම් වෙහෙර විශ්‍රාම ශාලාව තුළ කෙළවරෙහි වාසය කළහ. නොනිදා හුන් කිසියම් දවසක රෑ මැදියමේ දී ඔවුන්ට කාම විතර්කයක් ඇතිවිය. බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවකයන් ගැන දවල්ට තුන්වරක් බැගින් ද, රෑට තුන්වරක් බැගින් ද, සය වරක් සොයා බලන සේක. කිරල් දෙනක් තම බිත්තර රකින්නාක් මෙන් ද, සෙමර මුවකු වලිගය රකින්නාක් මෙන් ද, මවක ස්වකීය ප්‍රිය පුත්‍රයා රකින්නාක් මෙන් ද, කණකු තම එකම ඇස රකින්නාක් මෙන් ද, බුදුරජාණන් වහන්සේ තම සව්වන් රකින සේක. ඒ ඒ අවස්ථාවල උපන් ක්ලේශයන්ට නිග්‍රහ කරන බුදුරජාණන් වහන්සේ, එම කෙලෙසුන්ගෙන් මිදෙන අයුරු, භික්‍ෂූන්ට උගන්වන සේක. එදා ද බුදුරජාණන් වහන්සේ රෑ මැදියම් වේලෙහි භික්‍ෂූන් ගැන සොයා බලද්දී, මුළු ජේතවනයම පිරික්සද්දී, එකී භික්‍ෂූන්ට ඇති වූ විතර්කය දැක, ‘මේ භික්‍ෂූන්ගේ සිත් තුළ, මේ කාම විතර්කය වැඩුණහොත්, එය මොවුන්ගේ රහත්වීමට ඇති හේතුව සිඳ දමන්නේය. එබැවින් දැන්ම ම ඔවුන්ගේ ක්ලේශ, නිගරු කොට බැහැර කිරීමෙන්, ඔවුන්ට රහත් බව ලබා දෙන්නෙමි’යි, ගඳකිළියෙන් නික්ම ආනන්ද තෙරුන් කැඳවා, ‘ආනන්දය, සන්ථාගාරයෙහි කෙළවර වෙසෙන සියලු භික්‍ෂූන් මෙතැනට රැස් කරවන්නැ’යි වදාරා, ඔවුන් එතැනට රැස් කොට, තමන් වහන්සේ, පනවන ලද බුද්ධාසනයෙහි වැඩ හිඳ, ‘මහණෙනි, සිත තුළ ඇතිවන කෙලෙසුන්ට වසඟ වීම, කිසිසේත් නොවටී, වැඩෙන කෙලෙස් වනාහි සතුරකු වැනිය. ක්ලේශයෙන් යුත් භික්‍ෂුව මහා විපතකට පැමිණෙයි. එබැවින් භික්‍ෂූන්ට නම් අල්පමාත්‍ර වූ ද ක්ලේශයක් ඇති වූ කල්හි, එයට නිග්‍රහකොට බැහැර කරන්නට වටී. පැරණි පඬිවරු අල්පමාත්‍ර වූ ද අරමුණක් දැක, තම සිතේ පැවති කෙලෙසුන් බැහැරකොට, පසේ බුදු බව උපදවා ගත්හ’යි කියා මේ අතීත කථාව මෙසේ වදාළ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො බාරාණසිනගරස‍්ස ද‍්වාරගාමෙ කුම‍්භකාරකුලෙ නිබ‍්බත‍්තිත්‍වා වයප‍්පත‍්තො කුටුම‍්බං සණ‍්ඨපෙත්‍වා එකං පුත‍්තඤ‍්ච ධීතරඤ‍්ච ලභිත්‍වා කුම‍්භකාරකම‍්මං නිස‍්සාය පුත‍්තදාරං පොසෙසි. තදා කලිඞ‍්ගරට‍්ඨෙ දන‍්තපුරනගරෙ කරණ‍්ඩකො නාම රාජා මහන‍්තෙන පරිවාරෙන උය්‍යානං ගච‍්ඡන‍්තො උය්‍යානද‍්වාරෙ ඵලභාරභරිතං මධුරඵලං අම‍්බරුක‍්ඛං දිස‍්වා හත්‍ථික‍්ඛන්‍ධවරගතොයෙව හත්‍ථං පසාරෙත්‍වා එකං අම‍්බපිණ‍්ඩං ගහෙත්‍වා උය්‍යානං පවිසිත්‍වා මඞ‍්ගලසිලාය නිසින‍්නො දාතබ‍්බයුත‍්තකානං දත්‍වා අම‍්බං පරිභුඤ‍්ජි. “රඤ‍්ඤා ගහිතකාලතො පට‍්ඨාය සෙසෙහි නාම ගහෙතබ‍්බමෙවා”ති අමච‍්චාපි බ්‍රාහ‍්මණගහපතිකාදයොපි අම‍්බානි පාතෙත්‍වා ඛාදිංසු. පච‍්ඡා ආගතා රුක‍්ඛං ආරුය‍්හ මුග‍්ගරෙහි පොථෙත්‍වා ඔභග‍්ගවිභග‍්ගසාඛං කත්‍වා ආමකඵලම‍්පි අසෙසෙත්‍වා ඛාදිංසු.

පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, අප බෝසත් තෙමේ බරණැස් නුවර ප්‍රධාන වාසල් දොරටුව සමීපයෙහි කිසියම් කුඹල් පවුලක උපත ලැබ, නිසි වියට පත්ව පවුල් බර කරට ගෙන එක් පුතකු ද එක් දියණියක ද ලැබ, වළං සාදා විකිණීමෙන් අඹු දරුවන් පෝෂණය කරයි. මෙකල කළිඟු රටේ දන්ත පුරයෙහි ‘කරණ්ඩු’ නම් රජතුමා මහත් වූ පිරිවරින් උයනට යන කල්හි, උයන් දොරටුව සමීපයෙහි ගෙඩිවලින් පිරී අතු බරවුණු, මිහිරි රසැති ගෙඩි ඇති, අඹ ගසක් දැක ඇතුපිට ම හිඳගෙන, අත දිගුකොට ඉදුණු එක් අඹගෙඩියක් කඩාගෙන, උයනට පිවිස මඟුල් ගල්තලාවෙහි වාඩි වී, දිය යුතු අයට ද දී, අඹගෙඩිය අනුභව කෙළේය. එතෙක් කිසිවකු විසින් අතක් නොතැබූ, අඹගසට රජු අත තැබීමෙන් පසු, මහත් අපල කාලයක් උදා විය. රජු ගෙඩියක් කඩා ගනු දුටු ඇමතිවරු ද, බ්‍රාහ්මණ-ගෘහපති ආදීහුද, සෙසු පරිවාර ජනයෝ ද, අඹ කඩාගෙන කන්නට පටන් ගත්හ. පසුව එතැනට පැමිණි පැමිණි අය, පොලු මුගුරුවලින් ගසා ද, ගසට නැග අතු පිටින් බිඳගෙන ද අඹ කෑහ. අන්තිමේ දී ගසේ අමු අඹ ගෙඩියක්වත් ඉතිරි නොවීය.

රාජා දිවසං උය්‍යානෙ කීළිත්‍වා සායන‍්හසමයෙ අලඞ‍්කතහත්‍ථික‍්ඛන්‍ධවරෙ නිසීදිත්‍වා ගච‍්ඡන‍්තො තං රුක‍්ඛං දිස‍්වා හත්‍ථිතො ඔතරිත්‍වා රුක‍්ඛමූලං ගන‍්ත්‍වා රුක‍්ඛං ඔලොකෙත්‍වා “අයං පාතොව පස‍්සන‍්තානං අතිත‍්තිකරො ඵලභාරභරිතො සොභමානො අට‍්ඨාසි, ඉදානි ගහිතඵලො ඔභග‍්ගවිභග‍්ගො අසොභමානො ඨිතො”ති චින‍්තෙත්‍වා පුන අඤ‍්ඤතො ඔලොකෙන‍්තො අපරං නිප‍්ඵලං අම‍්බරුක‍්ඛං දිස‍්වා “එස රුක‍්ඛො අත‍්තනො නිප‍්ඵලභාවෙන මුණ‍්ඩමණිපබ‍්බතො විය සොභමානො ඨිතො, අයං පන සඵලභාවෙන ඉමං බ්‍යසනං පත‍්තො, ඉදං අගාරමජ‍්ඣම‍්පි ඵලිතරුක‍්ඛසදිසං, පබ‍්බජ‍්ජා නිප‍්ඵලරුක‍්ඛසදිසා, සධනස‍්සෙව භයං අත්‍ථි, නිද‍්ධනස‍්ස භයං නත්‍ථි, මයාපි නිප‍්ඵලරුක‍්ඛෙන විය භවිතබ‍්බ”න‍්ති ඵලරුක‍්ඛං ආරම‍්මණං කත්‍වා රුක‍්ඛමූලෙ ඨිතකොව තීණි ලක‍්ඛණානි සල‍්ලක‍්ඛෙත්‍වා විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා පච‍්චෙකබොධිඤාණං නිබ‍්බත‍්තෙත්‍වා “විද‍්ධංසිතා දානි මෙ මාතුකුච‍්ඡිකුටිකා, ඡින‍්නා තීසු භවෙසු පටිසන්‍ධි, සොධිතා සංසාරඋක‍්කාරභූමි, සොසිතො මයා අස‍්සුසමුද‍්දො, භින‍්නො අට‍්ඨිපාකාරො, නත්‍ථි මෙ පුන පටිසන්‍ධී”ති ආවජ‍්ජෙන‍්තො සබ‍්බාලඞ‍්කාරපටිමණ‍්ඩිතොව අට‍්ඨාසි.

මුළු දවස පුරාම උයන් ක්‍රීඩාවෙහි නිරත වූ රජතුමා, සැඳෑ කාලයේ, අලංකාර කරන ලද ඇතුපිට නැගී, පෙරළා වාසල වෙත යන්නට පිටත් විය. උයන් දොරටුව ළඟට පැමිණි රජතුමා ඉහත කී අඹ ගස දැක, එක්වරම ඇතුපිටින් බිමට බැස්සේය. තනිව ම අඹගස වෙතට ගිය රජතුමා අඹ ගස දෙස බලා, ‘මේ අඹ ගස උදෑසන දුටු අයට කෙතෙක් බලා සිටියත්, සෑහීමකට පත් නොවන අයුරින් තිබුණේය. ගෙඩිවලින් පිරී, අතු බර වී, ශෝභමානව තිබුණේය. දැන් වනාහි ගෙඩි කඩා ගැනීමෙන් අතු සුණු විසුණු වී, විනාශ වූ අඹ ගසක්ව අශෝභමානව පවතී යැ’යි සිතුවේය. මෙසේ සිතන රජතුමා වටපිට බලන අතර, වෙනත් ගෙඩි නැති අඹ ගසක් දැක, ‘මේ අඹගස මේ විපතට මුහුණ දුන්නේ, තමාගේ ගෙඩි නිසාමය. මේ ගිහි ජීවිතයද, ගෙඩි ඇති අඹ ගසක් වැනිය. පැවිද්ද වූ කලී ගෙඩි නැති ගසක් වැනිය. කරදර එනුයේ ගෙඩි ඇති ගසටය. බිය ඇති වන්නේ යමක්-කමක් ඇති පුද්ගලයාටමය. ධනය නැත්තකුට බියක් ද නැත. මා ද, ගෙඩි නැති ගසක තත්ත්වයට පත්විය යුතු යැ’යි සිතා, ගෙඩි ඇති ගස අරමුණු කොටගෙන, ගස මුලදීම හිටගෙන ම තිලකුණු මෙනෙහි කොට, විදර්ශනා වඩා, ‘පච්චේක බෝධි ඥානය’ උපදවා ගත්තේය. අනතුරුව ‘මම මාගේ මව්කුස නමැති කුටිය සිඳ-බිඳ දැමුවෙමි. භව තුනම සින්දෙමි. ප්‍රතිසන්ධිය බැහැර කෙළෙමි. සසර නමැති නිසරු භූමිය පිරිසිදු කෙළෙමි. කඳුළු සමුදුර වියලා දැම්මෙමි. ඇටසැකිල්ල නමැති පවුර බිඳ දැම්මෙමි. මට නැවත පිළිසිඳ ගැනීමක් කැල ම නැතැ’යි මෙසේ ආවර්ජනා කළ රජතුමා සර්වාභරණයෙන් ම සැරසී, ගස ළඟ හිටිවනම සිටියේය.

අථ නං අමච‍්චා ආහංසු “අතිබහුං ඨිතත්‍ථ, මහාරාජා”ති. “න මයං මහාරාජානො, පච‍්චෙකබුද‍්ධා නාම මය”න‍්ති. “පච‍්චෙකබුද‍්ධා නාම තුම‍්හාදිසා න හොන‍්ති, දෙවා”ති. “අථ කීදිසා හොන‍්තී”ති? “ඔරොපිතකෙසමස‍්සුකාසාවවත්‍ථපටිච‍්ඡන‍්නා කුලෙ වා ගණෙ වා අලග‍්ගා වාතච‍්ඡින‍්නවලාහකරාහුමුත‍්තචන්‍දමණ‍්ඩලපටිභාගා හිමවන‍්තෙ නන්‍දමූලකපබ‍්භාරෙ වසන‍්ති, එවරූපා දෙව, පච‍්චෙකබුද‍්ධා”ති. තස‍්මිං ඛණෙ රාජා හත්‍ථං උක‍්ඛිපිත්‍වා සීසං පරාමසි, තාවදෙවස‍්ස ගිහිලිඞ‍්ගං අන‍්තරධායි, සමණලිඞ‍්ගං පාතුරහොසි.

මේ දුටු ඇමැතිවරු ‘මහරජතුමනි, ඔතැන බොහෝ වේලාවක් සිටගෙන සිටියේ නොවේදැ’යි කීහ. ‘ඇමැතිවරුනි, මම රජෙක් නොවෙමි. මම වූ කලී පසේ බුදුවරයෙක්මි’යි එතුමා කීය. ‘රජතුමනි, පසේ බුදුවරු නම් ඔබ වැන්නෝ නොවෙති.’ ‘ඇමැතිවරුනි, ඔවුහු කෙබඳු වෙත්ද?’ ‘රජතුමනි, උන්වහන්සේ කෙස්රවුලු බහා, කසාවතින් වැසී, කුලයෙහි හෝ පිරිස් හි නො ඇලී, සුළඟින් වෙන්වුණු වලාකුළක් මෙන්, රාහුගෙන් මිදුණු සඳමඬල මෙන්, බබළමින් හිමාල වනයෙහි ‘නන්‍දමූලක’ පර්වත ප්‍රාන්තයෙහි වාසය කෙරෙති. දේවයිනි, පසේ බුදුවරු නම්, එබඳු ස්වරූප ඇත්තෝ යැ’යි ඇමැතිවරු උත්තර දුන්හ. එකෙණෙහි ම එතුමා සිය දකුණු අත ඔසවා, තම හිස පිරිමැද්දේය. ඒත් සමගම ගිහි බව අතුරුදන් විය. ශ්‍රමණ භාවය පහළ විය.

“තිචීවරඤ‍්ච පත‍්තො ච, වාසි සූචි ච බන්‍ධනං; පරිස‍්සාවනෙන අට‍්ඨෙතෙ, යුත‍්තයොගස‍්ස භික‍්ඛුනො”ති. –

1. තුන් සිවුර ද, පාත්‍රය ද, දැලි පිහිය ද, ඉඳිකටුව හා නූල් ද, පටිය ද, පෙරහන්කඩ ද, යෝගී භික්‍ෂුවට සුදුසුය.

එවං වුත‍්තා සමණපරික‍්ඛාරා කායපටිබද‍්ධාව අහෙසුං. සො ආකාසෙ ඨත්‍වා මහාජනස‍්ස ඔවාදං දත්‍වා අනිලපථෙන උත‍්තරහිමවන‍්තෙ නන්‍දමූලකපබ‍්භාරමෙව අගමාසි.

මෙසේ දක්වන ලද, මේ සියලු ශ්‍රමණ පිරිකර, එතුමාගේ කය හා සම්බන්ධ විය. මොහොතකින් අහසට නැගුණු මේ පසේ බුදුරජ තෙමේ අහසෙහි සිට මහජනයාට අවවාද දී, අහසින් ම උතුරු හිමාලයෙහි පිහිටි නන්‍දමූලක පර්වත ප්‍රාන්තයට වැඩියේය.

ගන්‍ධාරරට‍්ඨෙපි තක‍්කසිලනගරෙ නග‍්ගජි නාම රාජා උපරිපාසාදෙ පල‍්ලඞ‍්කමජ‍්ඣගතො එකං ඉත්‍ථිං එකෙකහත්‍ථෙ එකෙකං මණිවලයං පිළන්‍ධිත්‍වා අවිදූරෙ නිසීදිත්‍වා ගන්‍ධං පිසමානං දිස‍්වා “එතානි වලයානි එකෙකභාවෙන න ඝට‍්ටෙන‍්ති න විරවන‍්තී”ති ඔලොකෙන‍්තො නිසීදි. අථ සා දක‍්ඛිණහත්‍ථතො වලයං වාමහත්‍ථෙයෙව පිළන්‍ධිත්‍වා දක‍්ඛිණහත්‍ථෙන ගන්‍ධං සඞ‍්කඩ‍්ඪිත්‍වා පිසිතුං ආරභි, වාමහත්‍ථෙ වලයං දුතියං ආගම‍්ම ඝට‍්ටියමානං සද‍්දමකාසි. රාජා තානි ද‍්වෙ වලයානි අඤ‍්ඤමඤ‍්ඤං ඝට‍්ටෙන‍්තානි විරවන‍්තානි දිස‍්වා චින‍්තෙසි “ඉදං වලයං එකෙකකාලෙ න ඝට‍්ටෙසි, දුතියං ආගම‍්ම ඝට‍්ටෙති, සද‍්දං කරොති, එවමෙව ඉමෙ සත‍්තාපි එකෙකා න ඝට‍්ටෙන‍්ති න විවදන‍්ති, ද‍්වෙ තයො හුත්‍වා අඤ‍්ඤමඤ‍්ඤං ඝට‍්ටෙන‍්ති, කලහං කරොන‍්ති. අහං පන කස‍්මීරගන්‍ධාරෙසු ද‍්වීසු රජ‍්ජෙසු රට‍්ඨවාසිනො විචාරෙමි, මයාපි එකවලයසදිසෙන හුත්‍වා පරං අවිචාරෙත්‍වා අත‍්තානමෙව විචාරෙන‍්තෙන වසිතුං වට‍්ටතී”ති සඞ‍්ඝට‍්ටනවලයං ආරම‍්මණං කත්‍වා යථානිසින‍්නොව තීණි ලක‍්ඛණානි සල‍්ලක‍්ඛෙත්‍වා විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා පච‍්චෙකබොධිඤාණං නිබ‍්බත‍්තෙසි. සෙසං පුරිමසදිසමෙව.

ගන්ධාර රටේ තක්‍ෂිලා නුවර ‘නග්ගජි’ නම් රජතුමා ස්වකීය ප්‍රාසාදයෙහි උඩුමහල් තලයට නැග, එහි පනවා තිබුණු මාහැඟි ආසනය මත වැඩ හුන්නේය. ඒ සමීපයෙහි බිම හිඳගත් එක් වනිතාවක්, අවට සුවඳ ගැන්වීම සඳහා, සුවඳ කුඩු අඹරමින් හුන්නාය. ඇගේ එක් අතෙක එක් මැණික් වළල්ලක් බැගින් තිබුණි. දෑතින් ම මඳ වේලාවක් සුවඳ කුඩු ඇඹරූ ඈ එක් අතෙක තිබූ වළල්ල ගලවා අනෙකෙහි පැළඳ ගෙන වළල්ල නැති අතින් සුවඳ කුඩු එක්තැන් කරමින් ද, අලුත් කොටස් එකතු කරමින් ද, නැවත අරඹන්නට පටන් ගත්තාය. ඒ දුටු රජතුමා ‘මේ තැනැත්තියගේ අතෙහි වළලු දෙකක් එක් වූ පමණින්, ගැටෙන්නට පටන් ගත්තේය. නාදය පටන් ගත්තේය. වළලු දෙක වෙන්ව දෑතේ පවතිද්දී, කිසිදු ගැටීමක් නැත. එකතුවෙන්ම ගැටුමත්, ශබ්දයත් ඇතිවිය. මෙපරිද්දෙන් ම මෙලොව සත්ත්වයෝ ද වෙන් වෙන්ව සිටින කල්හි නො ගැටෙති. ශබ්ද නො කරති. එකට එකතු වූ කල්හිම එනම්, දෙන්නෙක් තුන්දෙනේක එක් වුවත්, ඔවුනොවුන් හා ගැටෙති. කලහ කෙරෙති. මම වනාහි කාශ්මීර-ගන්ධාර යන රාජ්‍ය දෙකෙහිම රටවැසියන්ට රජකම් කරමි. මේ සියල්ලම අත්හැර දමා තනිව වාසය කරන්නට වටී. එවිට මෙතෙක් පැවති කිසිදු ගැටුමක් මා ඉදිරියට නොපැමිණේ යැ’යි හිඳගෙනම වළලුවල ගැටීම අරමුණට ගෙන තිලකුණු මෙනෙහි කොට, විදර්ශනා වඩා, පච්චේක බෝධි ඥානය’ උපදවා ගත්තේය. සෙසු විස්තර මීට මුලින් කී කථාවට සමානය.

විදෙහරට‍්ඨෙ මිථිලනගරෙ නිමි නාම රාජා භුත‍්තපාතරාසො අමච‍්චගණපරිවුතො විවටසීහපඤ‍්ජරෙන අන‍්තරවීථිං පෙක‍්ඛමානො අට‍්ඨාසි. අථෙකො සෙනො සූනාපණතො මංසපෙසිං ගහෙත්‍වා ආකාසං පක‍්ඛන්‍දි. තමෙනං ඉතො චිතො ච ගිජ‍්ඣාදයො සකුණා සම‍්පරිවාරෙත්‍වා ආහාරහෙතු තුණ‍්ඩෙන විජ‍්ඣන‍්තා පක‍්ඛෙහි පහරන‍්තා පාදෙහි මද‍්දන‍්තා අගමංසු. සො අත‍්තනො වධං අසහමානො තං මංසං ඡඩ‍්ඩෙසි. අඤ‍්ඤො ගණ‍්හි, සකුණා ඉමං මුඤ‍්චිත්‍වා තං අනුබන්‍ධිංසු. තෙනපි විස‍්සට‍්ඨං අඤ‍්ඤො අග‍්ගහෙසි, තම‍්පි තථෙව විහෙඨෙසුං. රාජා තෙ සකුණෙ දිස‍්වා චින‍්තෙසි “යො යො මංසපෙසිං ගණ‍්හි, තස‍්ස තස‍්සෙව දුක‍්ඛං, යො යො තං විස‍්සජ‍්ජෙසි, තස‍්ස තස‍්සෙව සුඛං, ඉමෙපි පඤ‍්ච කාමගුණෙ යො යො ගණ‍්හාති, තස‍්ස තස‍්සෙව දුක‍්ඛං, ඉතරස‍්ස සුඛං, ඉමෙ හි බහූනං සාධාරණා, මය‍්හං ඛො පන සොළස ඉත්‍ථිසහස‍්සානි, මයා විස‍්සට‍්ඨමංසපිණ‍්ඩෙන විය සෙනෙන පඤ‍්ච කාමගුණෙ පහාය සුඛිතෙන භවිතුං වට‍්ටතී”ති. සො යොනිසො මනසි කරොන‍්තො යථාඨිතොව තීණි ලක‍්ඛණානි සල‍්ලක‍්ඛෙත්‍වා විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා පච‍්චෙකබොධිඤාණං නිබ‍්බත‍්තෙසි. සෙසං පුරිමසදිසමෙව.

විදේහ රටේ මියුලු නුවර ‘නිමි’ රජතුමා උදේ ආහාරය නිමවා ඇමැති ගණයා පිරිවරාගෙන, උඩුමහල් තලයේ සීමැදුරු කවුළුව විවරකොට ගෙන, වීථිය දෙස බලාගෙන සිටියේය. ඒ අතර කිසියම් මස් කඩයකින් මස් පෙත්තක් ඩැහැගත්, උකුස්සෙක් අහසට පියඹා ගියේය. ඒ දුටු එහෙන් මෙහෙන් පියඹා ආ ගිජු ලිහිණි ආදි වෙනත් පක්‍ෂීහු ඒ උකුස්සාට, මස් කැබැල්ල හේතු කොටගෙන, ඌ වටකොට හොටවලින් කොටන්නටත්, පියාපත්වලින් පහර දෙන්නටත්, පාවලින් පාගන්නටත් පටන් ගත්හ. තමාට ඇති වූ වධය ඉවසාගත නොහුණු, උකුස්සා මස් පෙත්ත බිම හෙළීය. බිම වැටෙන්නට පෙරාතුවම එය වෙනත් කුරුල්ලෙක් ඩැහැ ගත්තේය. සැණෙකින් උකුස්සා අත්හළ පක්‍ෂීහු, මස් පෙත්ත ඩැහැගත් කුරුල්ලා පසුපස එලවමින් පහර දෙන්නට, ලුහුබඳින්නට පටන් ගත්හ. ඌ ද එය අත් හළේය. වෙනෙකෙක් එය ඩැහැ ගත්තේය. මේ දුටු රජතුමා ‘යම් යම් පක්‍ෂියෙක් මස් පෙත්ත ගත්තේ ද? ඔහුට ම දුක ඇතිවිය. ඔහුම පීඩාවට පත්විය. යමෙක් එය අත්හළේ ද, ඒ ඒ අයට සැනසීම ලැබුණි. මේ පංචකාම සම්පත්තිය එසේමය. යමෙක් යමෙක් එය ගනීද? ඔහුට ම දුක ලැබේ. අනෙකාට එනම්, එයින් මිදුණු තැනැත්තාට සැපය. මෙය හැමෝට ම සාධාරණ දහමකි. මට ස්ත්‍රීන් පමණක් සොළොස් දහසකි. එබැවින් උකුස්සා අත්හළ මස් කැබැල්ල මෙන්, මේ සියලු පස්කම් ගුණයන් බැහැරකොට, සැපවත් වන්නට මේ සුදුසු කාලයයි. මෙසේ කල්පනා කළ ඔහු, ඒ ගැන නුවණින් මෙනෙහි කොට බලා, තිලකුණු මෙනෙහිකොට, විදසුන් වඩා හිටිවන ම ‘පච්චේක බෝධි ඥානය උපදවා ගත්තේය. ඉතිරි විස්තරය මීට මුලින් කී කථාවට සමානය.

උත‍්තරපඤ‍්චාලරට‍්ඨෙ කපිලනගරෙ දුම‍්මුඛො නාම රාජා භුත‍්තපාතරාසො සබ‍්බාලඞ‍්කාරපටිමණ‍්ඩිතො අමච‍්චගණපරිවුතො විවටසීහපඤ‍්ජරෙ රාජඞ‍්ගණං ඔලොකෙන‍්තො අට‍්ඨාසි. තස‍්මිං ඛණෙ ගොපාලකා වජද‍්වාරං විවරිංසු, උසභා වජතො නික‍්ඛමිත්‍වා කිලෙසවසෙන එකං ගාවිං අනුබන්‍ධිංසු. තත්‍ථෙකො තිඛිණසිඞ‍්ගො මහාඋසභො අඤ‍්ඤං උසභං ආගච‍්ඡන‍්තං දිස‍්වා කිලෙසමච‍්ඡෙරාභිභූතො තිඛිණෙන සිඞ‍්ගෙන අන‍්තරසත්‍ථිම‍්හි පහරි. තස‍්ස පහාරමුඛෙන අන‍්තානි නික‍්ඛමිංසු, සො තත්‍ථෙව ජීවිතක‍්ඛයං පාපුණි. රාජා තං දිස‍්වා චින‍්තෙසි “ඉමෙ සත‍්තා තිරච‍්ඡානගතෙ ආදිං කත්‍වා කිලෙසවසෙන දුක‍්ඛං පාපුණන‍්ති, අයං උසභො කිලෙසං නිස‍්සාය ජීවිතක‍්ඛයං පත‍්තො, අඤ‍්ඤෙපි සත‍්තා කිලෙසෙහෙව කම‍්පන‍්ති, මයා ඉමෙසං සත‍්තානං කම‍්පනකිලෙසෙ පහාතුං වට‍්ටතී”ති. සො ඨිතකොව තීණි ලක‍්ඛණානි සල‍්ලක‍්ඛෙත්‍වා විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා පච‍්චෙකබොධිඤාණං නිබ‍්බත‍්තෙසි. සෙසං පුරිමසදිසමෙව.

උත්තර පංචාල රටේ කම්පිල්ල නුවර ‘දුම්මුඛ’ නම් රජෙක් රාජ්‍යය විචාළේය. උදෑසන ආහාරය වැළඳූ රජතුමා සියලු අලංකාරයෙන් සැරසුනේ, ඇමැති ගණයා විසින් පිරිවරන ලදුව, විවර කළ සීමැදුරු කවුළුවෙන් රජමිදුල දෙස බලමින් සිටියේය. එවිට ම රජගෙදර ගොපල්ලෝ හරක් ගාල් විවෘත කළහ. ගාලෙන් නික්මෙන හරක් අතර සිටි ගොන්නු කිහිප දෙනෙක්, එක් වැස්සියක කෙරෙහි හැඟීම් ඇතිකොට ගෙන, ඈ පසුපස ලුහුබැන්දාහ. එහි සිටි ඉතා සියුම් උල් සහිත අං යුවලක් ඇති, විශාල ගොනෙක් වැස්සියගේ ළඟින් ම යන කල්හි, තවත් ශක්තිමත් ගොනකු එතැනට පැමිණෙනු දැක, වහා නැවතී ඌ දෙස තරහින් බැලුවේය. ලිංගික ඊර්ෂ්‍යාවෙන් මැඩුණු (උල් සහිත අං යුවලක් ඇති) ඒ ගොනා ඔහු හා තරගයට පැමිණි ගොනාගේ පිටුපසින් ගොස්, උගේ දෙකලවා අතරට වැරෙන් පහර දුන්නේය. තුවාලය බරපතල විය. සිරුරෙහි ඇතුළත කොටස් තුවාලයෙන් එළියට පැන්නේය. පහර කෑ ගොනා එතැනම මරණයට පත්විය. ඒ දුටු රජතුමා ‘තිරිසනුන්ගේ පටන් මේ සත්ත්වයෝ ඇල්ම නිසා දුකට පත්වෙති. කාමයෙන් වැනසෙති. මේ ගොනා කාමය වෙනුවෙන් දිවි පිදුවේය. කාමයෙන් මුළාවට පත් සත්ත්වයෝ, ඒ නිසාම කම්පනයට පත්වෙති. එබැවින් සත්ත්වයන් කම්පනයට පත් කරන, මේ කාමයන් දුරු කිරීම ම වටී යැ’යි, කල්පනා කෙළේය. මෙසේ හිටිවනම බොහෝ වේලාවක් කල්පනා කළ රජතුමා තිලකුණු මෙනෙහි කොට විදසුන් වඩා, ‘පච්චේක බෝධි ඥානය’ ඉපදවීය. සෙසු සියලු විස්තර පෙර පරිදිමය.

අථෙකදිවසං චත‍්තාරො පච‍්චෙකබුද‍්ධා භික‍්ඛාචාරවෙලං සල‍්ලක‍්ඛෙත්‍වා නන්‍දමූලකපබ‍්භාරා නික‍්ඛම‍්ම අනොතත‍්තදහෙ නාගලතාදන‍්තකට‍්ඨං ඛාදිත්‍වා කතසරීරපටිජග‍්ගනා මනොසිලාතලෙ ඨත්‍වා නිවාසෙත්‍වා පත‍්තචීවරමාදාය ඉද‍්ධියා ආකාසෙ උප‍්පතිත්‍වා පඤ‍්චවණ‍්ණවලාහකෙ මද‍්දමානා ගන‍්ත්‍වා බාරාණසිනගරද‍්වාරගාමකස‍්ස අවිදූරෙ ඔතරිත්‍වා එකස‍්මිං ඵාසුකට‍්ඨානෙ චීවරං පාරුපිත්‍වා පත‍්තං ගහෙත්‍වා ද‍්වාරගාමං පවිසිත්‍වා පිණ‍්ඩාය චරන‍්තා බොධිසත‍්තස‍්ස ගෙහද‍්වාරං සම‍්පාපුණිංසු. බොධිසත‍්තො තෙ දිස‍්වා තුට‍්ඨචිත‍්තො හුත්‍වා ගෙහං පවෙසෙත්‍වා පඤ‍්ඤත‍්තාසනෙ නිසීදාපෙත්‍වා දක‍්ඛිණොදකං දත්‍වා පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන පරිවිසිත්‍වා එකමන‍්තං නිසීදිත්‍වා සඞ‍්ඝත්‍ථෙරං වන්‍දිත්‍වා “භන‍්තෙ, තුම‍්හාකං පබ‍්බජ‍්ජා අතිවිය සොභති, විප‍්පසන‍්නානි වො ඉන්‍ද්‍රියානි, පරිසුද‍්ධො ඡවිවණ‍්ණො, කිං නු ඛො ආරම‍්මණං දිස‍්වා තුම‍්හෙ ඉමං භික‍්ඛාචරියපබ‍්බජ‍්ජං උපගතා”ති පුච‍්ඡි. යථා ච සඞ‍්ඝත්‍ථෙරං, එවං සෙසෙපි උපසඞ‍්කමිත්‍වා පුච‍්ඡි. අථස‍්ස තෙ චත‍්තාරොපි ජනා “අහං අසුකනගරෙ අසුකරට‍්ඨෙ අසුකරාජා නාම හුත්‍වා”තිආදිනා නයෙන අත‍්තනො අත‍්තනො අභිනික‍්ඛමනවත්‍ථූනි කථෙත්‍වා පටිපාටියා එකෙකං ගාථමාහංසු –

ඉක්බිති කිසියම් දවසක මේ පසේ බුදුරජාණන් වහන්සේ සතර නම, පිඬු සිඟා යන වේලාව සලකා, නන්‍දමූලක පර්වත ප්‍රාන්තයෙන් නික්ම ‘අනෝතත්ත’ විලට පැමිණ, එහි දී නාලිය දැහැටි වළඳා, සිරුරු පිළිදැගුම් (අත-පය-මුහුණ-කට සෝදා) කොට, ඒ සමීපයෙහි වූ හිරියල් පර්වත තලාවෙහි සිට, සිවුරු හැඳ පොරවා පා සිවුරු ගෙන, සෘද්ධියෙන් අහසට පැන නැගී, පංච වර්ණ වලාකුළු මඩිමින් අහසින්ම ගොස්, බරණැස් නුවර වාසල් දොරටු සමීපයෙහි වූ ගමකට නුදුරෙන් බැස, කිසියම් සුවපහසු තැනකදී සිවුරු පොරවා පාත්‍රා ගෙන, එකී ගමේ පිඬු පිණිස හැසිරෙමින් අනුක්‍රමයෙන් බෝසතුන්ගේ නිවෙස වෙත පැමිණි සේක. පසේ බුදුවරුන් දුටු බෝසත් තෙමේ සතුටු සිතින්, උන්වහන්සේ ගේ තුළට වැඩමවා පනවන ලද අසුන්හි වඩා හිඳුවා, පැන් පිළිගන්වා ප්‍රණීත වූ කෑම හා භෝජනයන්ගෙන් ද, පාන වර්ගයන්ගෙන් ද, සංග්‍රහ කොට, එකත්පසෙක හිඳ ඒ පසේබුදුවරුන් අතුරෙන් සංඝත්‍ථෙර (වැඩිමහලු ම) තෙරුන්ට වැඳ, ‘ස්වාමීනි, ඔබේ පැවිදි ස්වරූපය අතිශයින් බබළයි. ඉතා ප්‍රසන්න ඉඳුරන් ඇත. සමේ වර්ණය පිරිසිදුය. පැහැපත්ය. ඔබවහන්සේ කුමක් නම් අරමුණු කොටගෙන, මේ භික්‍ෂාවෙන් යැපෙන පැවිද්දට එළඹුනාහු දැ’යි විචාළේය. එයින් නො නැවතුනු බෝසත් තෙමේ සෙසු පසේ බුදුවරුන් වෙත ද එළඹ, ඒ ප්‍රශ්නයම විචාළේය. අනතුරුව ඒ පසේ බුදුරජාණන් වහන්සේ සතර නම අතුරෙන් එක් එක් නම වශයෙන් ‘මම අසවල් රටේ, අසවල් නුවර, අසවල් රජතුමා වී, ආදි වශයෙන් තම-තමන්ගේ අභිනිෂ්ක්‍රමණයන්ට හේතුභූත වූ කරුණු පැහැදිලි කරමින්, එක් එක් ගාථාව බැගින්, අනුපිළිවෙලට මෙසේ ප්‍රකාශ කළහ.

“අම‍්බාහමද‍්දං වනමන‍්තරස‍්මිං, නිලොභාසං ඵලිතං සංවිරූළ‍්හං; තමද‍්දසං ඵලහෙතු විභග‍්ගං, තං දිස‍්වා භික‍්ඛාචරියං චරාමි.

අම්බාහං මද්දං වන මන්තරස්මිං, නීළොභාසං එලිතං සංවිරූළ්හං, තමද්දසං ඵලහෙතු විභග්ගං, තං දිස්වා භික්ඛාචරියං චරාමි

වනය ඇතුළෙහි, මනාව වැඩුණු නිල් පැහැයෙන් පල ගත් අඹගසක් දුටුවෙමි. ඒ අඹගස, ගෙඩි හේතු කොටගෙන, කැඩී, බිඳී තිබෙනු ද දුටුවෙමි. ඒ දැක භික්‍ෂු චර්යාවෙහි හැසිරෙමි.

“සෙලං සුමට‍්ඨං නරවීරනිට‍්ඨිතං, නාරී යුගං ධාරයි අප‍්පසද‍්දං; දුතියඤ‍්ච ආගම‍්ම අහොසි සද‍්දො, තං දිස‍්වා භික‍්ඛාචරියං චරාමි.

3. කාන්තාවක්, දක්‍ෂ ශිල්පීන් විසින් නිමවන ලද, මටසිලිටි, හඬ නැගීමකින් තොර, වළලු දෙකක් දැරුවාය. එක් වළල්ලක් අනෙක වෙත එකතු වූ කල්හි, නාද විය. ඒ දැක භික්‍ෂු චර්යාවෙහි හැසිරෙමි.

“දිජා දිජං කුණපමාහරන‍්තං, එකං සමානං බහුකා සමෙච‍්ච; ආහාරහෙතූ පරිපාතයිංසු, තං දිස‍්වා භික‍්ඛාචරියං චරාමි.

4. කුණපයක් රැගෙන එන තනි වූ කුරුල්ලකුට, බොහෝ කුරුල්ලෝ එකතු වී, ආහාර හේතු කොටගෙන, වටකොට පහර දෙන්නට පටන් ගත්හ. ඒ දැක භික්‍ෂු චර්යාවෙහි හැසිරෙමි.

“උසභාහමද‍්දං යූථස‍්ස මජ‍්ඣෙ, චලක‍්කකුං වණ‍්ණබලූපපන‍්නං; තමද‍්දසං කාමහෙතු විතුන‍්නං, තං දිස‍්වා භික‍්ඛාචරියං චරාමී”ති.

5. (ගව) රංචුව මැද, සැලෙන මොල්ලියක් ඇති, වර්ණයෙන් හා බලයෙන් යුක්ත ගොනකු මම දුටුවෙමි. ඌ කාම හේතුවෙන් ඇණුම් කනු ද දුටුවෙමි. ඒ දැක භික්‍ෂු චර්යාවෙහි හැසිරෙමි.

තත්‍ථ අම‍්බාහමද‍්දන‍්ති අම‍්බරුක‍්ඛං අහං අද‍්දසං. වනමන‍්තරස‍්මින‍්ති වනඅන‍්තරෙ, අම‍්බවනමජ‍්ඣෙති අත්‍ථො. සංවිරූළ‍්හන‍්ති සුවඩ‍්ඪිතං. තමද‍්දසන‍්ති තං උය්‍යානතො නික‍්ඛන‍්තො ඵලහෙතු විභග‍්ගං පුන අද‍්දසං. තං දිස‍්වාති තං ඵලහෙතු විභග‍්ගං දිස‍්වා පටිලද‍්ධසංවෙගො පච‍්චෙකබොධිඤාණං නිබ‍්බත‍්තෙත්‍වා ඉමං භික‍්ඛාචරියපබ‍්බජ‍්ජං උපගතොස‍්මි, තස‍්මා භික‍්ඛාචරියං චරාමීති. ඉදං සො ඵලහෙතු විභග‍්ගං අම‍්බරුක‍්ඛං දස‍්සනතො පට‍්ඨාය සබ‍්බං චිත‍්තාචාරං කථෙසි. සෙසානං විස‍්සජ‍්ජනෙසුපි එසෙව නයො. අයං පනෙත්‍ථ අනුත‍්තානපදවණ‍්ණනා – සෙලන‍්ති මණිවලයං. නරවීරනිට‍්ඨිතන‍්ති වීරනරෙහි නිට‍්ඨිතං, පණ‍්ඩිතපුරිසෙහි කතන‍්ති අත්‍ථො. යුගන‍්ති එකෙකස‍්මිං එකෙකං කත්‍වා එකං වලයයුගළං. දිජා දිජන‍්ති ගහිතමංසපිණ‍්ඩං දිජං අවසෙසදිජා. කුණපමාහරන‍්තන‍්ති මංසපිණ‍්ඩං ආදාය ආහරන‍්තං. සමෙච‍්චාති සමාගන‍්ත්‍වා සන‍්නිපතිත්‍වා. පරිපාතයිංසූති කොට‍්ටෙන‍්තා අනුබන්‍ධිංසු. උසභාහමද‍්දන‍්ති උසභං අහං අද‍්දසං. චලක‍්කකුන‍්ති චලක‍්කකුධං.

මෙහි ‘අම්බාහමද්දං’ යනු ‘මම අඹගසක් දුටුවෙමි’ යන අර්ථයි. ‘වනමන්තරස්මිං’ යනු ‘වනය අතරේ එනම්, වනය මැද’ යන අර්ථයි. ‘සංවිරූළ්හං’ යනු ‘මනාව වැඩුණු’ යන අර්ථයි. ‘තමද්දසං’ යනු ‘උයනින් නික්මෙන මම, ‘ඒ ගස ගෙඩි හේතුවෙන් කඩාබිඳ දමනු’ දුටුවෙමි’, යන අර්ථයි. ‘තං දිස්වා’ යනු ‘ගෙඩි හේතුවෙන් කඩා බිඳ දමන ලද, ඒ ගස දැක, හටගත් සංවේග ඇති මම, ‘පච්චේක බෝධි ඥානය’ උපදවා ගෙන, මේ භික්‍ෂාචාර පැවිද්දට, ඒ හේතුවෙන් පැමිණියේ වෙමි’ යන අර්ථයි. ‘භික්ඛාචරියං චරාමි’ යනු ‘ඒ මේ ඵල හේතුවෙන් හානියට පත් අඹ ගස, දුටු තැන් පටන් සිත තුළ ඇති වූ සියලු අදහස් කීවේය’ යන අර්ථයි. සෙසු ගාථා පැහැදිලි කිරීමේ න්‍යාය මෙයම වේ. මේ දක්වනුයේ මෙතෙක් නොකියන ලද පදයන්හි වර්ණනා ය. ‘සේලං’ යනු ‘මැණික් වළල්ල’ය. ‘නරවීරනිට්ඨිතං’ යනු ‘වීර මිනිසුන් විසින් නිමවන ලද, පණ්ඩිත පුරුෂයන් විසින් කරන ලද’ යන අර්ථයි. ‘යුගං’ යනු ‘එක් අතෙක එක බැගින් වන පරිද්දෙන් තිබූ, එක් වළලු ජෝඩුවක්’ යන අර්ථයි. ‘දිජා දිජං’ යනු ‘සෙසු කුරුල්ලෝ, මස් කැබැල්ල ගත් කුරුල්ලාට’ යන අර්ථයි. ‘කුණපමාහරන්තං’ යනු ‘ඒ මස් පිඬ රැගෙන යන්නා වූ’ යන අර්ථයි. ‘සමෙච්ච’ යනු ‘එක් වී, රැස් වී’ යන අර්ථයි. ‘පරිපාතයිංසු’ යනු ‘කොටමින් ලුහුබැන්දාහ’ යන අර්ථයි. ‘උසභාහමද්දං’ යනු මම ගොනකු දුටුවෙමි’ යන අර්ථයි. ‘චලක්කකුං’ යනු ‘සෙලවෙන මොල්ලියක් ඇති’ යන අර්ථයි.

බොධිසත‍්තො එකෙකං ගාථං සුත්‍වා “සාධු, භන‍්තෙ, තුම‍්හාකමෙව තං ආරම‍්මණං අනුරූප”න‍්ති එකෙකස‍්ස පච‍්චෙකබුද‍්ධස‍්ස ථුතිං අකාසි. තඤ‍්ච පන චතූහි ජනෙහි දෙසිතං ධම‍්මකථං සුත්‍වා ඝරාවාසෙ අනපෙක‍්ඛො හුත්‍වා පක‍්කන‍්තෙසු පච‍්චෙකබුද‍්ධෙසු භුත‍්තපාතරාසො සුඛනිසින‍්නො භරියං ආමන‍්තෙත්‍වා “භද‍්දෙ, එතෙ චත‍්තාරො පච‍්චෙකබුද‍්ධා රජ‍්ජං පහාය පබ‍්බජිත්‍වා අකිඤ‍්චනා අපලිබොධා පබ‍්බජ‍්ජාසුඛෙන වීතිනාමෙන‍්ති, අහං පන භතියා ජීවිකං කප‍්පෙමි, කිං මෙ ඝරාවාසෙන, ත්‍වං පුත‍්තකෙ සඞ‍්ගණ‍්හන‍්තී ගෙහෙ වසා”ති වත්‍වා ද‍්වෙ ගාථා අභාසි –

බෝසත් තෙමේ මේ එක් එක් ගාථාවක් අසා ‘මැනව ස්වාමීනි, ඒ අරමුණු ඔබවහන්සේට ම අනුරූප ඒවා යැ’යි, එක් එක් පසේ බුදුරජාණන් වහන්සේට ස්තුති කෙළේය. ඒ සතරදෙනා වහන්සේ විසින් දේශිත වූ දහම් කථා අසා, ගිහිගෙයි කලකිරුණු බෝසත් තෙමේ, උන්වහන්සේ වැඩි පසු උදේ ආහාරය නිමවා, සුවපහසු ලෙස වාඩි වී, සිය බිරිය ළඟට කැඳවා, ‘සොඳුර, ඒ පසේ බුදුවරු සතර නම ස්වකීය රාජ්‍යයන් අත්හැර පැවිදි වී, දැන් කිසිදු බරක් නැතිව, කිසිදු කරදරයකින් තොරව, පැවිදි සුවයෙන් කල් ගෙවති. මම වනාහි කුලී වැඩ කිරීමෙන් දිවි ගෙවන්නෙක්මි. මේ ගිහි ජීවිතයෙන් කවර නම් ප්‍රයෝජනයක්ද? එබැවින් ඔබ දරුවන් බලාගෙන ගෙදර වෙසෙනු මැනවැ’යි මේ ගාථා දෙක කීවේය.

“කරණ‍්ඩකො කලිඞ‍්ගානං, ගන්‍ධාරානඤ‍්ච නග‍්ගජි; නිමිරාජා විදෙහානං, පඤ‍්චාලානඤ‍්ච දුම‍්මුඛො; එතෙ රට‍්ඨානි හිත්‍වාන, පබ‍්බජිංසු අකිඤ‍්චනා.

6. කළිඟු රටේ ‘කරණ්ඩු’ නම් රජ ද, ගන්ධාරයේ ‘නග්ගජි’ නම් රජ ද, විදේහ රටේ ‘නිමි’ රජ ද, පංචාලයේ ‘දුම්මුඛ’ රජ ද, යන මොවුහු සිය රටවල් ද, අන් සියල්ල ද, අත්හැර පැවිදි වූහ.

“සබ‍්බෙපිමෙ දෙවසමා සමාගතා, අග‍්ගී යථා පජ‍්ජලිතො තථෙවිමෙ; අහම‍්පි එකො චරිස‍්සාමි භග‍්ගවි, හිත්‍වාන කාමානි යථොධිකානී”ති.

7. මෙහි වැඩි ‘විසුද්ධි දේව’ නම් වූ මේ සියලු දෙනා, දිලිසෙන ගිනි වැනිය. භාර්ගවිය, අධික වූ මේ කාමයන් හැර දමා, මම ද තනිව ම (භික්‍ෂා චර්යාවෙහි) හැසිරෙන්නෙමි.

තාසං අත්‍ථො – භද‍්දෙ, එස සඞ‍්ඝත්‍ථෙරො පච‍්චෙකබුද‍්ධො දන‍්තපුරෙ නාම නගරෙ කරණ‍්ඩකො නාම කලිඞ‍්ගානං ජනපදස‍්ස රාජා, දුතියො තක‍්කසිලනගරෙ නග‍්ගජි නාම ගන්‍ධාරානං ජනපදස‍්ස රාජා, තතියො මිථිලනගරෙ නිමි නාම විදෙහානං ජනපදස‍්ස රාජා, චතුත්‍ථො කපිලනගරෙ දුම‍්මුඛො නාම උත‍්තරපඤ‍්චාලානං ජනපදස‍්ස රාජා, එතෙ එවරූපානි රට‍්ඨානි හිත්‍වා අකිඤ‍්චනා හුත්‍වා පබ‍්බජිංසු. සබ‍්බෙපිමෙති ඉමෙ පන සබ‍්බෙපි විසුද‍්ධිදෙවෙහි පුරිමපච‍්චෙකබුද‍්ධෙහි සමානා එකතො සමාගතා. අග‍්ගී යථාති යථා හි අග‍්ගි පජ‍්ජලිතො ඔභාසති. තථෙවිමෙති ඉමෙපි තථෙව සීලාදීහි පඤ‍්චහි ගුණෙහි ඔභාසන‍්ති. යථා එතෙ, තථා අහම‍්පි පබ‍්බජිත්‍වා එකො චරිස‍්සාමීති අත්‍ථො. භග‍්ගවීති භරියං ආලපති. හිත්‍වාන කාමානීති රූපාදයො වත්‍ථුකාමෙ හිත්‍වා. යථොධිකානීති අත‍්තනො ඔධිවසෙන ඨිතානි. ඉදං වුත‍්තං හොති – රූපාදිඔධිවසෙන යථාඨිතෙ කාමෙ පහාය අහම‍්පි පබ‍්බජිත්‍වා එකො චරිස‍්සාමීති. “යතොධිකානී”තිපි පාඨො, තස‍්සත්‍ථො – යතො උපරතො ඔධි එතෙසන‍්ති යතොධිකානි, උපරතකොට‍්ඨාසානි. පබ‍්බජිස‍්සාමීති චින‍්තිතකාලතො පට‍්ඨාය හි කිලෙසකාමානං එකො කොට‍්ඨාසො උපරතො නාම හොති නිරුද‍්ධො, තස‍්ස වත්‍ථුභූතො කාමකොට‍්ඨාසොපි උපරතොව හොතීති.

‘සොඳුර, මේ සංඝත්‍ථෙර වූ පසේ බුදුරජාණන් වහන්සේ දන්තපුර නම් නුවර කළිඟු ජනපදයේ කරණ්ඩු නම් වූ රජතුමාය. දෙවැනි පසේ බුදුරදහු තක්‍ෂිලා නුවර ගන්ධාර ජනපදයේ නග්ගජි නම් රජතුමාය. තෙවැනි පසේ බුදුරදහු මියුලු නුවර විදේහ ජනපදයේ නිමි නම් වූ රජතුමාය. සිව්වෙනි පසේ බුදුරදහු කම්පිල්ල නුවර උත්තර පංචාල ජනපදයේ දුම්මුඛ නම් රජතුමාය. උන්වහන්සේ සතර නම එවැනි රටවල් අත්හැර, සියල්ලෙන් මිදී පැවිදි වූහ. මෙහි ‘සබ්බෙපි මෙ’ යනු ‘මේ සියලු දෙනා ‘විසුද්ධි දේව’ නම් වූ පූර්ව පසේ බුදුවරුන් හා සමාන වෙති. එකම තත්ත්වයට පැමිණියාහු වෙති.’ යන අර්ථයි. ‘අග්ගි යථා’ යනු ‘ඒ සියලු දෙනා වහන්සේ දිලෙන ගිනි මෙන් බබළති’ යන අර්ථයි. ‘තථෙවිමෙ’ යනු ‘එසේම උන්වහන්සේ ශීලාදී වූ පංචවිධ ගුණයන්ගෙන් ද බබළති’ යන අර්ථයි. ‘එකො චරිස්සාමි’ යනු ‘උන්වහන්සේ යම් සේ ද? මම ද එසේම පැවිදි වී හුදකලා ව හැසිරෙන්නෙමි’ යන අර්ථයි. ‘භග්ගවි’ යනුවෙන් සිය බිරිය අමතයි. ‘හිත්‍වාන කාමානි’ යනු ‘රූපාදී වූ වස්තු කාමයන් අත්හැර’ යන අර්ථයි. ‘යථොධිකානි’ යනු ‘සීමාසහිත ව තමාට අයත්ව තිබුණු’ යන අර්ථයි. මින් කියන ලද්දේ මේ අර්ථයයි. එනම් රූපාදී වශයෙන් සීමාසහිතව තිබූ, වස්තුකාමයන් අතහැර මම ද පැවිදි වී, එකලාව හැසිරෙන්නෙමි’ යන අර්ථයි. ‘යථො’ යනු ද පාඨයකි. එහි අර්ථය මෙසේය. යමෙකින් වෙන් වී ද, එහි සීමාව ‘යථොධිකානි’ නම් වේ. එනම්, වෙන් වූ කොටසයි. ‘පැවිදි වන්නෙමි’යි සිතූ තැන් පටන්, ක්ලේශ කාමයන්ගෙන් එක් කොටසක් නිමා වූයේ, නිරුද්ධ වූයේ වෙයි. ඔහුගේ ‘වස්තු කාම’ නම් වූ කොටස ද නිමා වූයේ වේ’ යන අර්ථයි.

සා තස‍්ස කථං සුත්‍වා “මය‍්හම‍්පි ඛො සාමි, පච‍්චෙකබුද‍්ධානං ධම‍්මකථං සුතකාලතො පට‍්ඨාය අගාරෙ චිත‍්තං න සණ‍්ඨාතී”ති වත්‍වා ඉමං ගාථමාහ –

ස්වාමි පුරුෂයාගේ මේ කථාව ඇසූ ඇය ‘ස්වාමීනි, පසේ බුදුවරුන්ගේ බණ ඇසූ තැන් පටන්, මගේ සිත ද ගිහිගෙයි නො ඇලේ’ යැයි කියා මේ ගාථාව පැවසුවාය.

“අයමෙව කාලො න හි අඤ‍්ඤො අත්‍ථි, අනුසාසිතා මෙ න භවෙය්‍ය පච‍්ඡා; අහම‍්පි එකා චරිස‍්සාමි භග‍්ගව, සකුණීව මුත‍්තා පුරිසස‍්ස හත්‍ථා”ති.

8. භාර්ගවය, කාලය මෙයයි. වෙනත් අවස්ථාවක් නැත. පසුව මට අනුශාසනාවක් නොලැබෙන්නේය. මිනිසකුගේ අතින් මිදුණු කිරිල්ලක මෙන්, මම ද තනිවම (තපස් චර්යාවෙහි) හැසිරෙන්නෙමි.

තත්‍ථ අනුසාසිතා මෙ න භවෙය්‍ය පච‍්ඡාති අනුසාසකො ඔවාදකො න භවෙය්‍ය දුල‍්ලභත‍්තා ඔවාදකානං, තස‍්මා අයමෙව පබ‍්බජිතුං කාලො, න හි අඤ‍්ඤො අත්‍ථීති දස‍්සෙති. සකුණීව මුත‍්තාති යථා සාකුණිකෙන ගහෙත්‍වා සකුණපච‍්ඡියං ඛිත‍්තාසු සකුණීසු තස‍්ස හත්‍ථතො මුත‍්තා එකා සකුණී අනිලපථං ලඞ‍්ඝයිත්‍වා යථාරුචිතට‍්ඨානං ගන‍්ත්‍වා එකිකාව චරෙය්‍ය, තථා අහම‍්පි තව හත්‍ථතො මුත‍්තා එකිකා චරිස‍්සාමීති සයම‍්පි පබ‍්බජිතුකාමා හුත්‍වා එවමාහ.

මෙහි ‘අනුසාසිතා මෙ න භවෙය්‍ය පච්ඡා’ යනු ‘අනුශාසකයෙක්, අවවාද දෙන්නෙක් නො වන්නේ නම්, අවවාද දෙන්නන් දුර්ලභ බැවින්, ඒ නිසා මෙයම පැවිද්දට සුදුසු කාලයයි. වෙනත් අවස්ථාවක් නැතැයි දක්වයි’ යන අර්ථයි. ‘සකුණීව මුත්තා’ යනු ‘යම් සේ කුරුලු වැද්දකු විසින් අල්ලා ගෙන, කුරුලු කූඩුවක දමන ලද කිරිල්ලන් අතුරෙන්, ඔහුගේ අතින් මිදුණු එක් කිරිල්ලක් අහසට පැන, කැමති තැනකට ගොස් තනිවම හැසිරෙන්නේ ද, එසේ මම ද ඔබේ අතින් මිදී, හුදෙකලා වී හැසිරෙන්නෙමැයි තමා ද පැවිද්දට කැමති ව මෙසේ කීවාය’ යන අර්ථයි.

බොධිසත‍්තො තස‍්සා කථං සුත්‍වා තුණ‍්හී අහොසි. සා පන බොධිසත‍්තං වඤ‍්චෙත්‍වා පුරෙතරං පබ‍්බජිතුකාමා “සාමි, පානීයතිත්‍ථං ගමිස‍්සාමි, දාරකෙ ඔලොකෙහී”ති ඝටං ආදාය ගච‍්ඡන‍්තී විය පලායිත්‍වා නගරසාමන‍්තෙ තාපසානං සන‍්තිකෙ ගන‍්ත්‍වා පබ‍්බජි. බොධිසත‍්තො තස‍්සා අනාගමනං ඤත්‍වා සයං දාරකෙ පොසෙසි. අපරභාගෙ තෙසු ථොකං වඩ‍්ඪිත්‍වා අත‍්තනො අයානයජානනසමත්‍ථතං සම‍්පත‍්තෙසු තෙසං වීමංසනත්‍ථං එකදිවසං භත‍්තං පචන‍්තො ථොකං උත‍්තණ‍්ඩුලං පචි, එකදිවසං ථොකං කිලින‍්නං, එකදිවසං සුපක‍්කං, එකදිවසං අතිකිලින‍්නං, එකදිවසං අලොණකං, එකදිවසං අතිලොණකං. දාරකා “තාත, අජ‍්ජ භත‍්තං උත‍්තණ‍්ඩුලං, අජ‍්ජ කිලින‍්නං, අජ‍්ජ සුපක‍්කං, අජ‍්ජ අතිකිලින‍්නං, අජ‍්ජ අලොණකං, අජ‍්ජ අතිලොණක”න‍්ති ආහංසු. තං සුත්‍වා බොධිසත‍්තො “ආම, තාතා”ති වත්‍වා චින‍්තෙසි “ඉමෙ දාරකා ඉදානි ආමපක‍්කලොණිකඅතිලොණිකානි ජානන‍්ති, අත‍්තනො ධම‍්මතාය ජීවිතුං සක‍්ඛිස‍්සන‍්ති, මයා පබ‍්බජිතුං වට‍්ටතී”ති. අථ තෙ දාරකෙ ඤාතකානං දත්‍වා පටිච‍්ඡාපෙත්‍වා “අම‍්මතාතා, ඉමෙ දාරකෙ සාධුකං පොසෙථා”ති වත්‍වා සො ඤාතකානං පරිදෙවන‍්තානඤ‍්ඤෙව නගරා නික‍්ඛමිත්‍වා ඉසිපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා නගරස‍්ස සාමන‍්තෙයෙව වසි.

බෝසත් තෙමේ ඇයගේ කථාව අසා නිශ්ශබ්ද විය. ඇය වනාහි බෝසතුන් රවටා, ඔහුට කලින් පැවිදි වනු කැමතිව ‘ස්වාමීනි, මම දැන් පැන් තොටට යන්නෙමි. දරුවන් බලා ගනු මැනවැ’යි කියා, කළයද අතට ගෙන දිය ගෙන ඒමට යන්නියක මෙන්, ගෙදරින් පලාගොස් නුවර කෙළවර පිහිටි තාපසාරාමයකට ගොස් තවුස් පැවිද්දෙන් පැවිදි වූවාය. බෝසත් තෙමේ ඇය පෙරළා නොඑන බව දැන, තෙමේ ම දරුවන් පෝෂණය කරන්නට පටන් ගත්තේය. පසුකලෙක දරුවන් ටික ටික වැඩෙද්දී ඔවුන් හොඳ නරක තේරෙන වයසට පත්වූ කල්හි, දරුවන් පරීක්‍ෂා කිරීමට සිතූ බෝසත් තෙමේ, එදා බත පිසනවිට, නොපැසුණු බතක් සැකසීය. තවත් දිනෙක, කැඳ සහිත බතක් ද, වෙනත් දිනෙක මැනවින් පැසුණු බතක් ද, තවත් දිනෙක කැඳ ඉතා වැඩි බතක් ද, තවත් දවසෙක, ලුණු නැති ආහාරද ද, එක් දවසක, ලුණු වැඩි ආහාර ද වශයෙන් විවිධ අයුරෙන් කෑම සකස් කෙළේය. ඒ සෑම දිනකම ආහාරවල අඩුපාඩු, දරුවෝ සිය පියාට පෙන්වා දුන්හ. එවිට බෝසත් තෙමේ, දැන් මේ දරුවන්ට යමක් කමක් තේරෙන බව පෙනේ. ඔවුහු දැන් හොඳ නරක දනිති. එබැවින් කාරණා මැනවින් දැන ජීවත්වීම, මේ දරුවන්ට ගැටළුවක් නොවන නිසා, මේ මට පැවිදිවීමට සුදුසු කාලය යැ’යි කල්පනා කෙළේය. ඉක්බිති ඒ දරුවන් තම ඥාතීන්ට පවරා දුන් බෝසත්තුමා වැඩිහිටි ඥාතීන් අමතා ‘මෑණියෙනි, පියාණෙනි, මේ දරුවන් මැනවින් රැක බලාගෙන, පෝෂණය කරනු මැනවැ’යි කියා, ඔවුන්ගෙන් සමුගෙන නෑයන් වැලපෙද්දී ම නුවරින් නික්ම, සෘෂි පැවිද්දෙන් පැවිදිව, නගරය කෙළවරෙහි අසපුවක වාසය කෙළේය.

අථ නං එකදිවසං බාරාණසියං භික‍්ඛාය චරන‍්තං පරිබ‍්බාජිකා දිස‍්වා වන්‍දිත්‍වා “අය්‍ය, දාරකා තෙ නාසිතා මඤ‍්ඤෙ”ති ආහ. මහාසත‍්තො “නාහං දාරකෙ නාසෙමි, තෙසං අත‍්තනො අයානයජානනකාලෙ පබ‍්බජිතොම‍්හි , ත්‍වං තෙසං අචින‍්තෙත්‍වා පබ‍්බජ‍්ජාය අභිරමා”ති වත්‍වා ඔසානගාථමාහ –

කිසියම් දවසක ඔහු බරණස් නුවර පිඬු පිණිස හැසිරුණේය. ඒ දුටු පරිබ්‍රාජිකාව වහා ඔහු වෙත ගොස්, ඔහුට නමස්කාර කොට, ‘උතුමාණෙනි, ඔබතුමා දරුවන් අත්හැර දැමුවේ යැ’යි සිතමි’යි කීවාය. එවිට බෝසත් තවුසා ‘මම දරුවන් අත්හැර නො දැම්මෙමි. ඔවුන්ට හොඳ නරක තේරෙන අවදියේදී, ඒ සියලු දෙනා අපගේ ඥාතීන්ට පවරා දී, මම පැවිදි වූයෙමි.’ එබැවින් ඔබ ඔවුන් ගැන නොසිතා, පැවිද්දෙහි ඇලී කටයුතු කරනු මැනවැ’යි මේ ගාථාව පැවසුවේය.

“ආමං පක‍්කඤ‍්ච ජානන‍්ති, අථො ලොණං අලොණකං; තමහං දිස‍්වාන පබ‍්බජිං, චරෙව ත්‍වං චරාමහ”න‍්ති.

9. (බතේ) අමු බව, පැසුණු බව (ඔවුහු) දනිති. තව ද ලුණු මඳ බව, ලුණු ඇති බවද දනිති. ඒ දුටු මම පැවිදි වීමි. ඔබද පැවිද්දෙහි හැසිරෙව. මම ද හැසිරෙමි.

තත්‍ථ තමහන‍්ති තං අහං දාරකානං කිරියං දිස‍්වා පබ‍්බජිතො. චරෙව ත්‍වං චරාමහන‍්ති ත්‍වම‍්පි භික‍්ඛාචරියමෙව චර, අහම‍්පි භික‍්ඛාචරියමෙව චරිස‍්සාමීති.

මෙහි ‘තමහං’ යනු ‘මම දරුවන්ගේ ඒ ක්‍රියාව දැක පැවිදි වූයෙමි’, යන අර්ථයි. ‘චරෙව ත්‍වං චරාමහං’ යනු ‘ඔබ ද භික්‍ෂාචර්යාවෙහිම හැසිරෙව. මම ද භික්‍ෂාචර්යාවෙහිම හැසිරෙමි’, යන අර්ථයි.

ඉති සො පරිබ‍්බාජිකං ඔවදිත්‍වා උය්‍යොජෙසි. සාපි ඔවාදං ගහෙත්‍වා මහාසත‍්තං වන්‍දිත්‍වා යථාරුචිතං ඨානං ගතා. ඨපෙත්‍වා කිර තං දිවසං න තෙ පුන අඤ‍්ඤමඤ‍්ඤං අද‍්දසංසු. බොධිසත‍්තො ච ඣානාභිඤ‍්ඤං නිබ‍්බත‍්තෙත්‍වා බ්‍රහ‍්මලොකූපගො අහොසි.

බෝසත් තවුසා මෙසේ ඒ පරිබ්‍රාජිකාවට ඔවදන් දී, පිටත්කොට හැරියේය. ඇය ද, ඒ අවවාද පිළිගෙන බෝසතුන්ට වැඳ, ඈ කැමති තැනකට පිටත්ව ගියාය. එදා පටන් ඒ දෙදෙනා නැවත කිසිදා හමු නොවූහ. බෝසත් තෙමේ ධ්‍යාන හා අභිඥා උපදවා, දිගුකලක් ජීවත්ව සිට, පසුකලෙක මිය ගොස්, බඹලොව උපන්නේය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා සච‍්චානි පකාසෙත්‍වා ජාතකං සමොධානෙසි, සච‍්චපරියොසානෙ තෙ පඤ‍්චසතා භික‍්ඛූ අරහත‍්තෙ පතිට‍්ඨහිංසු. තදා ධීතා උප‍්පලවණ‍්ණා අහොසි, පුත‍්තො රාහුලකුමාරො, පරිබ‍්බාජිකා රාහුලමාතා, පරිබ‍්බාජකො පන අහමෙව අහොසින‍්ති.

බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා, සත්‍යය ප්‍රකාශ කොට, ජාතකය නිමවා වදාළ සේක. දේශනාව අවසානයේ දී, පන්සියයක් භික්‍ෂූහු රහත් ඵලයෙහි පිහිටියහ. එදා දියණිය නම්, උප්පලවණ්ණා ය. පුතා නම්, රාහුල කුමාරයා ය. පරිබ්‍රාජිකාව නම්, රාහුල මාතාවය. තාපසයා වූ කලී, ‘මම ම යැ’යි බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ දක්වා වදාළ සේක.

කුම‍්භකාරජාතකවණ‍්ණනා තතියා.