යෙදුමෙන් කියවන්න

3. කුම‍්භකාරජාතකං

1076. අම‍්බාහමද‍්දං වනමන‍්තරස‍්මිං නීලොභාසං එලිනං සංවිරූළ‍්හං, සමද‍්දසං ඵලහෙතූ විභග‍්ගං තං දිස‍්වා භික‍්ඛාචරියං චරාමි.

1076. වන අතුරෙහි මැනැවින් වැඩුණු නිල්පැහැ ඇති පල ගත් අඹරුකක් දිටිමි. එ රුක පල හේතුවින් බිඳුනාලද ද දිටිමි. එය දැක (කලකිරී සංස්කාරයන්ගේ අනිත්‍යභාවය මෙනෙහි කොට පසේබුදු වැ) පිඬු සිඟා හැසිරෙමි.

1077. සෙලං සුමට‍්ටං නරවීර නිට‍්ඨිතං නාරී යුගන්‍ධාරයි අප‍්පසද‍්දං, දුතියඤ‍්ච ආගම‍්ම අහොසි සද‍්දො තං දිස‍්වා භික‍්ඛාචරියං චරාමි.

1077. නුවණැති ශිල්පියකු විසින් නිමවනලද මට වූ ශබ්ද රහිත මිණිවළලු දෙකක් ස්ත්‍රියක් (දෑතෙහි) දැරුවා ය. (දෑතේ දමා තුබූ වළලු දෙක එක අතක දමා ලූ කල) පළමු වළල්ල දෙවැන්නට පැමිණ හඬ නැඟී. එය දැක (බොහෝ දෙනා හා එක්ව විසීම කලහ සිදුවන්නට හේතුය යි කලකිරී තිලකුණු වඩා පසේබුදු වැ) පිඬුසිඟා හැසිරෙමි.

1078. දිජා දිජං කුණපමාහරන‍්තං එකං සමානං බහුකා සමෙච‍්ච, ආහාරහෙතු පරිපාතයිංසු තං දිස‍්වා භික‍්ඛාචරියං චරාමි.

1078. බොහෝ පක්‍ෂීහු රැස් වැ කුණපය ගෙන එන එකලා වූ පක්‍ෂියා ආහාර හේතුවෙන් කොටමින් ලුහුබැඳ හෙළූහ. එය දැක (කලකිරී තිලකුණු වඩා පසේබුදු වැ) පිඬුසිඟා හැසිරෙමි.

1079. උසභාහමද‍්දං යූථස‍්ස මජ‍්ඣෙ චලක‍්කකුං වණ‍්ණබලූප‍්පන‍්නං, තමද‍්දසං කාමහෙතු විතුන‍්නං තං දිස‍්වා භික‍්ඛාචරියං චරාමි.

1079. මම ගෙරි සමූහයා මැද සැලෙන මොල්ලිය ඇති පැහැයෙන් හා බලයෙන් යුතු වෘෂභයකු දුටිමි. ඔහු කාමය නිසා (අන්) ගොනකු විසින් අනිනු ලැබැ මළහු දිටිමි. එය දැකැ (කලකිරී සංස්කාරයන්ගේ අනිත්‍යතාව මෙනෙහි කොට පසේ බුදු වැ) පිඬුසිඟා හැසිරෙමි.

1080. කරණ‍්ඩු නාම කලිඞ‍්ගානං ලන්‍ධාරානඤ‍්ච නග‍්ගජි, නිමිරාජා විදෙහානං පඤ‍්චාලානඤ‍්ච දුම‍්මුඛො. එතෙ රට‍්ඨානි හිත්‍වාන පබ‍්බජිංසු අකිඤ‍්චනා.

1080. කලිඟුදනවු වැසියන්ගේ කරණ්ඩුක නම් රජ යැ ගන්‍ධාර ජනපද වාසීන්ගේ නග්ගජි නම් රජ යැ විදේහ ජනපද වාසීන්ගේ නිමි නම් රජ ය පංචාල ජනපද වාසීන්ගේ දුර්මුඛ නම් රජ යැ යන රජවරු රාජ්‍යයන් හැරපියා පළිබෝධ රහිත වැ පැවිදි වූහ.

1081. සබ‍්බෙව මෙ දෙවසමා සමාගතා අග‍්ගි යථා පජ‍්ජලිතො තථෙවිමෙ, අහම‍්පි එකොව චරිස‍්සාමි භග‍්ගවි හිත්‍වාන කාමානි යථොධිකානි.

1081. භගවිය, මෙහැම දෙන මැ විශුද්ධ දේවයන් (පූර්‍වප්‍රත්‍යෙකබුද්ධයන්) සමාන විශුද්ධ වූවාහු එක්රැස් වූහ. දිලිසෙන ගිනි යම්සේ බබළා ද එසෙයින් මැ මොහු බබළති. අවධි වශයෙන් සිටි (රූපාදි) වස්තුකාමයන් හැරපියා එකලා ව හැසිරෙමි.

1082. අයමෙව කාලො නහි අඤ‍්ඤො අත්‍ථි අනුසාසිතා මෙ න භවෙය්‍ය පච‍්ඡා, අහම‍්පි එකාව චරිස‍්සාමි භග‍්ගව සකුණීව මුත‍්තා පුරිසස‍්ස හත්‍ථා.

1082. භග්ගව, මෙ මැ පැවිද්දට කලි. අන්කලෙක් නැති. (අනුශාසකයන් දුර්‍ලභ හෙයින්) පසුව මට අනුශාසනා කරන්නෙක් නො වන්නෙ යැ. (එහෙයින්) මම ද පුරුෂයක්හු අතින් මිදුණු කිරිල්ලක සේ එකලා වැ හැසිරෙන්නෙමි.

1083. ආමං පක‍්කඤ‍්ච ජානන‍්ති අථො ලොණං අලොණිකං, තමහං දිස‍්වා පබ‍්බජිං චරෙව ත්‍වං චරාමහත‍්ති

1083. (අපගේ දරුවෝ) නො පැසුණු පැසුණු අහර දනිති. ලුණු ඇති ලුණු නැති අහර ද දනිති. (එයින් දිවිවඩනට හැකි වෙති.) උන්ගේ ඒ ක්‍රියාව දැක මම පැවිදි වීම්. තෙපි ද පිඬු සිඟා හැසිරෙව. මම ද පිඬු සිඟා හැසිරෙමි.

3. කුම‍්භකාරජාතකං.

3. කුම්භකාර ජාතක යි.