යෙදුමෙන් කියවන්න

4. දළ‍්හධම‍්මජාතකං

1084. අහඤ‍්චෙ දළ‍්හධම‍්මාය වහන‍්ති නාභිරාධයිං, නුදන‍්ති උරසි සල‍්ලං යුද‍්ධෙ වික‍්කන‍්තචාරිනී.

1084. දූත කටයුතු කරන උරෙහි බැඳි හෙල්ල දමා ගසන සටන්හි දස්කම් පා හැසිරෙන මම දළ්හධම්ම රජතුමාගේ සිත සතුටු නො කෙළෙම් නම් කවරෙක් සතුටු කෙරේ ද.

1085. නහ නූන රාජා ජානාති මම වික‍්කමපොරිසං, සඞ‍්ගාමෙ සුකතං තානි දූතවිප‍්පහිතානි ච.

1085. මාගේ වික්‍රමය ද පුරුෂ පරාක්‍රමය ද සඞ්ග්‍රාමයෙහි සුකෘතයෝ ද දූත මෙහෙවර ද ඒකාන්තයෙන් තොපගේ රජ නො දනී.

1086. සානූනාහං මරිස‍්සාමි අබන්‍ධූ අපරායිනී, තදාහි කුම‍්භකාරස‍්ස දින‍්නා ඡකණහාරිකා.

1086. නෑයන් නැති පිහිටක් නැති ඒ මම ඒකාන්තයෙන් මියෙමි. යම් හෙයෙකින් කුඹලාට ගොම වැරැටි අදනා කොට රජතුමා විසින් දෙන ලදිම් ද එහෙයිනි.

1087. යාවතාසිංසති පොසො තාවදෙව පවීණති, අත්‍ථාපායෙ ජහන‍්ති නං ඔට‍්ඨිව්‍යාධිංව ඛත‍්තියො.

1087. පුරුෂ තෙම යම්තාක් (මොහුගෙන් අර්‍ත්‍ථ ඇතැ යි) ප්‍රාථිනා කෙරේ ද ඒ තාක් සෙවුනේ යැ. ප්‍රයෝජන පහවගිය කල්හි ඔහු ඔට්ඨිව්‍යාධි ඇතින්න හළ රජ මෙන් හැරැපියත්.

1088. යො පුබ‍්බෙ කතකල්‍යාණො කතත්‍ථො නාවබුජ‍්ඣති, අත්‍ථා තස‍්ස පලුජ‍්ජන‍්ති යෙ හොන‍්ති අභිපත්‍ථිතා.

1088. යමෙක් පෙරැ (අනුන් විසින්) කළ උපකාර ඇත්තේ කරනලද හිතවැඩ ඇත්තේ පසුව (ඒ උපකාර) නො දනී ද ඔහු විසින් පතන ලද යම් අර්‍ත්‍ථ කෙනෙක් ඇද්ද ඒ ඔහු වෙසෙසින් නැසෙත්.

1089. යො පුබ‍්බෙ කතකල්‍යාණො කතත්‍ථො මනුබුජ‍්ඣති, අත්‍ථා තස‍්ස පලුවඩ‍්ඪන‍්ති යෙ හොන‍්ති අභිපත්‍ථිතා.

1089. යමෙක් පෙර (අනුන් විසින් තමහට) කරනලද කල්‍යාණකර්‍ම ඇත්තේ කරන ලද හිතවැඩ ඇත්තේ පසුව දනී ද (සිහි කෙරේ ද) ඔහු විසින් ප්‍රාර්ත්‍ථිත වූ යම් අර්‍ත්‍ථ කෙනෙක් ඇද්ද ඔහු ප්‍රකර්‍ෂයෙන් වඩනාහු වෙත්.

1090. තං වො වදාමි භද‍්දං වො යාවනෙතත්‍ථ සමාගතා, සබ‍්බෙ කතඤ‍්ඤුනො හොථ චිරං සග‍්ගම‍්හි ඨස‍්සථාති.

1090. මෙහි යම් පමණ කෙනෙක් රැස් වූ ද ඒ තාක් තොපට සෙතක් වේවා. එහෙයින් තොපට කියමි හැමදෙන කළගුණ දන්නෝ වවු. එයින් බොහෝ කල් දෙව්ලොව සම්පත් විඳිමින් සිටිවු.

4. දළ‍්හධම‍්මජාතකං

4. දළ්හධම්ම ජාතක යි.