5. සොමදත‍්තජාතකං
1091. යො මං පුරෙ පච‍්චුදෙති අරඤ‍්ඤෙ දූරමායති, සො න දිස‍්සති මාතඞ‍්ගො සොමදත‍්තො කුහිං ගතො.
1091. යමෙක් පෙරැ වනයේ බොහෝ දුර මට පෙරගමන් යේ ද, වැඩීගිය දික්වූ සිරුරු ඇති ඒ සෝමදත්ත නො දක්නා ලැබේ. හේ කොහි ගියේ ද?
1092. අයං වා සො මතො සෙති අල‍්ලපිඞ‍්කංව ඡිජ‍්ජිතො, භුම්‍යා නිපතිතො සෙති අමරා වත කුඤ‍්ජරො.
1092. සිඳුනාලද මාලුවා ළපලුවක් සේ සෝමදත්ත මළේ හෝනේ වෙයි, මේ හේ ම යැ, බිම වැටී හෝනේ යැ, ඇතා ඒකාන්තයෙන් මළේ මැ ය.
1093. අනගාරියුපෙතස‍්ස විප‍්පමුත‍්තස‍්ස චෙතසො, සමණස‍්ස න තං සාධු යං පෙතමනුසොචසි.
1093. මළහුට ශෝක කිරීම යැ යන යමක් ඇද්ද එය අනාගාරික වූ කාමයෙන් මිදුණු සිත් ඇති ශ්‍රමණයකුට නො මැනැවි.
1094. සංවාසෙන භවෙ සක‍්ක මනුස‍්සස‍්ස මිගස‍්ස වා, හදයෙ ජායති පෙමං තං න සක‍්කා අසොවිතුං.
1094. ශක්‍රය, එක්ව විසීම නිසා ඒකාන්තයෙන් මිනිසාට ද තිරිසනාට ද සිතෙහි ඇති ප්‍රේමය උපදී. ඔහුට ශෝක නො කොට සිටින්නට නො හැක්ක.
1095. මතං මරිස‍්සං රොදන‍්ති යෙ රුදන‍්ති ලපන‍්ති ච, තස‍්මා ත්‍වං ඉසි මාරොදි රොදිතං මොඝමාසු සන‍්තො.
1095. යම් කෙනෙක් මළහුට හඬත් ද මමත් මැරෙන්නෙමි කියමින් වැලැපෙත් ද එය නිෂ්ඵල යයි සත්පුරුෂයෝ කීහු. එහෙයින් ඍෂිය, තෙපි නො හඬනු මැනැවි.
1096. කන්‍දිතෙන හවෙ බ්‍රහ‍්මෙ මතො පෙතො සමුට‍්ඨහෙ, සබ‍්බෙ සඞ‍්ගම‍්ම රොදාමි අඤ‍්ඤමඤ‍්ඤස‍්ස ඤාතකෙ.
1096. බමුණ, හැඬීම නිසා ඒකාන්තයෙන් මැරී පරලොව ගිය පුද්ගලයා නැගී සිටී නම් ඔවුනොවුන්ගේ මළ නෑයනට අපි සියලුදෙනමෝ එක්වැගෙන හඩම්හ.
1097. ආදිත‍්තං වත මං සන‍්තං ඝතසිත‍්තංව පාවකං, වාරිනා විය ඔසිඤ‍්චං සබ‍්බං නිබ‍්බාපයෙ දරං.
1097. ගිතෙල් ඉසින ලද දැල්වුණු ගින්නක් මෙන් (සොවින් දැවුණු) මා දිය ඉස නිවූ කලෙක මෙන් සියලු ශෝක දාහය නිවූයෙහි ය.
1098. අබ‍්බහී වත මෙ සල‍්ලං සොකං හදයනිස‍්සිතං, යො මෙ සොකපරෙතස‍්ස පුත‍්තසොකං අපානුදි.
1098. යමෙක් ශෝකයෙන් මඩනා ලද මාගේ පුත්‍රශෝකය දුරු කෙළේ ද, (ඒ තෙපි) මාගේ හෘදය ඇසිරි කළ යම් ශල්‍යයෙක් වී ද එය ඒකාන්තයෙන් බැහැර කළහු යැ.
1099. සොහං අබ‍්බූළ‍්හසල‍්ලොස‍්මි වීතසොකො අනාවිලො, න සොචාමි න රොදාමි තව සුත්‍වාන වාසවා’ති.
1099. ශෝක රහිත නො කැලඹුණු සිත් ඇති ඒ මම උපුටාලූ ශෝකශල්‍යය ඇතියෙම් වීමි. ශක්‍රය එහෙයින් තොපගේ බස් අසා ශෝක නො කරමි, නො හඬමි.