යෙදුමෙන් කියවන්න

2. මහාකපිජාතකං

1069. අත‍්තානං සඞ‍්කමං කත්‍වා යො සොත්‍ථිං සමතාරයි, කිං ත්‍වං තෙසං කිමො තුය‍්හං හොන‍්ති එතෙ මහාකපි.

1069. එම්බා මහාවානරය, (යම්) තෙපි තමා සංක්‍රමණයක් (හෙයක්) කොට (මේ වඳුරන්) සුවසේ තරණය කළවු යැ, තෙපි ඒ වඳුරනට කවුරු වවු ද තුලුහු තොපට කවුරු වෙත් දැ? යි.

1070. රාජාහං ඉස‍්සරො තෙසං යූථස‍්ස පරිහාරකො, තෙසං සොකපරෙතානං භීතානං තෙ අරින්‍දම.

1070. අරින්‍දම රජතුමනි, මම (අසූදහසක් පමණවූ) ඔවුනට රජ වෙමි. තොප කෙරෙන් බියට පත් සොවින් මඬනා ලද ඔවුන්ගේ සමූහය පරිහරණය කරමි.

1071. උල‍්ලඞ‍්ඝයිත්‍වා අත‍්තානං විස‍්සට‍්ඨධනුනො සතං, තතො අපරපාදෙසු දළ‍්හං බද‍්ධං ලතාගුණං.

1071. ඒ මම අනාරෝපිත දුනුසියක් පමණ තැන් සිරුරු ලම්බන කොට (පැනැ) එතැනින් කටිභාගයෙහි දැඩි කොට බඳනා ලද වැල්බානක් ඇති වැ,

1072. ඡින‍්නබ‍්භමිව වාතෙන නුන‍්නො රුක‍්ඛං උපාගමිං, සොහං අප‍්පභවං තස‍්ස සාඛං හත්‍ථෙහි අග‍්ගහිං.

1072. වාතවේගයෙන් සිඳී ගිය වලාකඩක් සේ පිනුයෙම් ගසට ළං වීමි. ඒ මම රුක්මතට පනනට නො හැකිවූයෙම් එරුකැ අත්තක් අතින් ගතිමි.

1073. තං මං වියායතං සන‍්තං සාඛාය ච ලතාය ච, සමනුක‍්කමන‍්තා පාදෙහි සොත්‍ථිං සාඛාමිගා ගතා.

1073. වෘක්‍ෂගාඛායෙන් ද වෙත්‍රලතායෙන් ද, අදනාලද ඒ මා පයින් ඇක්මෙමින් සාමුවෝ (වඳුරෝ) සුවසේ ගියහ.

1074. තං මං න තපතෙ බද‍්ධො වධො මෙ න තපෙස‍්සති, සුඛමාහරිතං තෙසං යෙසං රජ‍්ජමකාරයිං.

1074. ඒ මා පළමු වල්ලිබන්‍ධ තෙම නො තවයි. දන් මටවන් (තොප කෙරෙන් පැමිණි) වධය මා නො තවන්නේ යැ. කවර හෙයින යත්: මම යම් කෙනකුන්ට රජ කෙළෙම් ද මා විසින් ඔවුනට සුව එළවනලද ද එහෙයිනි.

1075. එසා තෙ උපමා රාජ අත්‍ථසන්‍දස‍්සනී කතා, රඤ‍්ඤා රට‍්ඨස‍්ස යොග‍්ගස‍්ස බලස‍්ස නිගමස‍්ස ච. සබ‍්බෙසං සුඛමෙත්‍ථබ‍්බං ඛත‍්තියෙන පජානතා’ති.

1075. රජතුමනි, තොපට අභිවෘඬිය දක්වන මේ උපමාව කරන ලද නුවණ ඇති කෘෂත්‍රිය රජහු විසින් රාජ්‍යයට ද රථයෙහි යොදන අශ්වාදි සතුන්ට ද සේනාවට ද ගම්නියම්ගම් වැසියන්ට ද යන හැමට සුව සෙවිය යුත්තේ ය.

2. මහාකපිජාතකං.

2. මහාකපි ජාතක යි.