1. ගන්‍ධාරජාතකං
1062. හිත්‍වා ගාමසහස‍්සානි පරිපුණ‍්ණානි සොළස, කොට‍්ඨාගාරානි ඵීතානි සන‍්නිධිංදානි කුබ‍්බසි.
1062. (උපභෝග පරිභෝග වස්තූන්ගෙන්) පිරුණු සොළොස් දහසක් ගම් ද (රන්රුවනින් පිරුණු) කොටුගුළු ද හැරපියා දැන් සන්නිධි (රැස් කිරීම) කරන්නෙහි.
1063. හිත්‍වා ගන්‍ධාරවිසයං පහූතධනධානියං, පසාසනිතො නික‍්ඛන‍්තො ඉධදානි පසාසසි.
1063. බොහෝ ධනධාන්‍ය ඇති ගන්‍ධාර රට හැරපියා (රටවැසියන්ට කරන) අනුශාසනයෙන් ඉවත්වූයෙහි. දැන් (මේ වනයෙහි) අනුශාසනා කරන්නෙහි.
1064. ධම‍්මං භණාමි වෙදෙහ අධම‍්මො මෙ න රුච‍්චති, ධම‍්මං මෙ භණමානස‍්ස න පාපමුපලිප‍්පති.
1064. වේදේහය, ධර්‍මය කියමි. මට අධර්‍මය නො රුස්නේ ය. ධර්‍මය කියන්නා වූ මට පාප (සිතුවිලි) නො ඇලේ.
1065. යෙ කෙනචි වණ‍්ණෙන පාරො ලභති රුප‍්පනං, මහත්‍ථියම‍්පි චෙ වාචං න තං භාසෙය්‍ය පණ‍්ඩිතො.
1065. යම් කිසි කරුණෙකින් අන්‍යයා ගැටීම ලබා ද (හෙවත් ක්‍රෝධය උපදවා ගනී ද) මහත් අර්‍ත්‍ථ ඇති වූ ද ඒ තෙපුල ප්‍රාඥ තෙම නො කියන්නේ ය.
1066. කාමං රුප‍්පතු වා මා වා භුසං වා විකිරීයතු, ධම‍්ම මෙ භණමානස‍්ස න පාපමුපලිප‍්පති.
1066. ඒකාන්තයෙන් ගැටීම වේවයි නො වේවයි. දහවියා මිටක් සේ විසිරේවයි ධර්‍මය කියන මට පාප (සිතුවිලි) නො ඇලේ.
1067. නො චෙ අස‍්ස සකා බුද‍්ධි විනයො වා සුසික‍්ඛිතො, වනෙ අන්‍ධමහිසොව චරෙය්‍ය බහුකො ජනො.
1067. ඉදින් තමාට නුවණ නැති නම්, මොනොවට හික්මෙන ලද ආචාරවිනය හෝ නො වී නම් බොහෝ වූ එබඳු ජනයා ඇස් නැති වල්මීවකු මෙන් වනයෙහි ඇවිදින්නේ ය.
1068. යස‍්මා ච පනිධෙකච‍්චෙ ආචාරම‍්භි සුසික‍්ඛිතා, තස‍්මා විනීතවිනයා චරන‍්ති සුසමාහිතා’ති. .
1068. යම් හෙයෙකින් මෙලොව ඇතැම් කෙනෙක් ආචාරීන් කෙරෙහි මොනොවට හික්මුණාහු එහෙයින් හික්මුණු ආචාරවිනය ඇත්තාහු සමාහිත සිත් ඇති වැ හැසිරෙත්.