යෙදුමෙන් කියවන්න

1. ගන්‍ධාරජාතකවණ‍්ණනා 406 අට‍්ඨකථා

1. ගන්‍ධාරජාතකවණ‍්ණනා (406)

1. ගන්‍ධාර ජාතකය (406)

හිත්‍වා ගාමසහස‍්සානීති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො භෙසජ‍්ජසන‍්නිධිකාරසික‍්ඛාපදං ආරබ‍්භ කථෙසි. වත්‍ථු පන රාජගහෙ සමුට‍්ඨිතං. ආයස‍්මතා හි පිලින්‍දවච‍්ඡෙන ආරාමිකකුලං මොචෙතුං රාජනිවෙසනං ගන‍්ත්‍වා රඤ‍්ඤො පාසාදෙ ඉද‍්ධිබලෙන සොවණ‍්ණමයෙ කතෙ මනුස‍්සා පසීදිත්‍වා ථෙරස‍්ස පඤ‍්ච භෙසජ‍්ජානි පහිණිංසු. සො තානි පරිසාය විස‍්සජ‍්ජෙසි. පරිසා පනස‍්ස බාහුල‍්ලිකා අහොසි, ලද‍්ධං ලද‍්ධං කොළම‍්බෙපි ඝටෙපි පත‍්තත්‍ථවිකායොපි පූරෙත්‍වා පටිසාමෙසි. මනුස‍්සා දිස‍්වා “මහිච‍්ඡා ඉමෙ සමණා අන‍්තොකොට‍්ඨාගාරිකා”ති උජ‍්ඣායිංසු. සත්‍ථා තං පවත‍්තිං සුත්‍වා “යානි ඛො පන තානි ගිලානානං භික‍්ඛූන”න‍්ති (පාරා· 622-623) සික‍්ඛාපදං පඤ‍්ඤපෙත්‍වා “භික‍්ඛවෙ, පොරාණකපණ‍්ඩිතා අනුප‍්පන‍්නෙ බුද‍්ධෙ බාහිරකපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා පඤ‍්චසීලමත‍්තකං රක‍්ඛන‍්තාපි ලොණසක‍්ඛරමත‍්තකං පුනදිවසත්‍ථාය නිදහන‍්තෙ ගරහිංසු, තුම‍්හෙ පන එවරූපෙ නිය්‍යානිකසාසනෙ පබ‍්බජිත්‍වා දුතියතතියදිවසත්‍ථාය සන‍්නිධිං කරොන‍්තා අයුත‍්තං කරොථා”ති වත්‍වා අතීතං ආහරි.

‘හිත්‍වා ගාමසහස්සානි’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථා වස්තුව, බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවෙසෙන සේක්, ‘භෙසජ්ජසන්නිධිකාර’ ශික්‍ෂාපදය නිමිති කොටගෙන වදාළ සේක. මෙහි වර්තමාන කථා වස්තුව රජගහ නුවරදී සිදු වූවකි. ඒ අනුව ආයුෂ්මත් ‘පිලින්‍දිවච්ඡ’ තෙරුන් වහන්සේගේ ආරාමය සකස් කරගැනීම සඳහා, අත් උදව් දුන් පවුල් අතරින්, කිසියම් පවුලක් රජු විසින් අත්අඩංගුවට ගත් කල්හි, ඒ දායක පවුල රජුගෙන් මුදාගැනීම සඳහා, පිලින්‍දිවච්ඡ තෙරුන් වහන්සේ රජමැදුරට වැඩි සේක. එහිදී රජතුමා සමග සංවාදයක යෙදුණු තෙරුන් වහන්සේ ස්වකීය සෘද්ධි බලයෙන්, මුළු මාලිගාව ම ස්වර්ණමය මන්දිරයක් බවට පත් කළහ. මේ සිද්ධිය මුළු නුවර පුරා පැතිර ගියේය. මෙයින් පසු මිනිසුන්ගේ සිත් තුළ, පිලින්‍දිවච්ඡ තෙරුන් ගැන අතිශය ප්‍රසාදයක් ඇති විය. එසේ පැහැදුණු මිනිස්සු, තෙරුන් වහන්සේට පඤ්චභෙසජ්ජ (ගිතෙල්-වෙඬරු-තලතෙල්-මීපැණි-සකුරු) රැගෙන ගොස් පිදූහ. උන්වහන්සේ ඒ පස් බෙහෙත් සෙසු භික්‍ෂූන් අතර බෙදාහැරි සේක. මෙසේ නිතර නිතර එකී පස් බෙහෙත්, විහාරස්ථානයට නොකඩවා ලැබෙන්නට විය. තෙරණුවෝ ද ඒවා බෙදා හරිති. මෙසේ එම වෙහෙර භික්‍ෂූහු එම පිරිකරවලින් බහුලත්වයට පත් වූහ. ලැබෙන ලැබෙන ගිතෙල් ආදී ද්‍රව්‍ය, විශාල සැලිවල ද, කළවල ද, පාත්‍රා කවරවලද, පුරව පුරවා ඒ ඒ තන්හි තැන්පත් කරති. මේ අතර පන්සලට පැමිණෙන මිනිස්සු, ඉහත කී පස් බෙහෙත් සමූහය දැක, ‘මෙහි වෙසෙන භික්‍ෂූහු බොහෝ අපේක්‍ෂා ඇත්තෝය. ඇතුළත කොටු පුරවා, ඒවා රකින්නෝ යැ’යි භික්‍ෂූන්ට දොස් නැගූහ. කෙසේ හෝ මේ පුවත බුදුරදුන්ට ආරංචි විය. අනතුරුව බුදුරජාණන් වහන්සේ ‘යානි ඛො පන තානි ගිලානානං භික්ඛුනං පටිසායනීයානි භෙසජ්ජා නි’ (වි.පි. මහාවග්ගපාලි, භෙසජ්ජක ඛන්‍ධකය) යන ශික්‍ෂාපදය පනවා, ‘මහණෙනි, පෙර අබුද්ධෝත්පාද කාලයෙහි බාහිර පැවිද්දෙන් පැවිදි වූ (තවුස් පැවිදි ආදී වූ කිසියම් පැවිද්දකින් ශ්‍රමණ භාවයට පත්වූ (පඬිවරු පවා, පන්සිල් පමණක් රකිමින් වුව ද, ලුණු කැටයක් පමණවත් පසුදිනට ගැනීම සඳහා සඟවා තබා ගන්නා අයට, ගර්හා කළහ’යි වදාරා, ‘මෙබඳු වූ නෛර්යානික (නිවනට පමුණුවන) ශාසනයෙහි පැවිදි වූ තොප දින දෙක තුනක් සඳහාන මෙසේ බඩු රැස් කිරීමෙන්, අයුත්තක් ම කරන්නහු යැ’යි දේශනා කොට, ඊට අනුගත ව මේ අතීත කථාව මෙසේ වදාළ සේක.

අතීතෙ ගන්‍ධාරරට‍්ඨෙ බොධිසත‍්තො ගන්‍ධාරරඤ‍්ඤො පුත‍්තො හුත්‍වා පිතු අච‍්චයෙන රජ‍්ජෙ පතිට‍්ඨාය ධම‍්මෙන රජ‍්ජං කාරෙසි. මජ‍්ඣිමපදෙසෙපි විදෙහරට‍්ඨෙ විදෙහො නාම රාජා රජ‍්ජං කාරෙසි. තෙ ද‍්වෙපි රාජානො අදිට‍්ඨසහායා හුත්‍වා අඤ‍්ඤමඤ‍්ඤං ථිරවිස‍්සාසා අහෙසුං. තදා මනුස‍්සා දීඝායුකා හොන‍්ති, තිංස වස‍්සසහස‍්සානි ජීවන‍්ති. අථෙකදා ගන්‍ධාරරාජා පුණ‍්ණමුපොසථදිවසෙ සමාදින‍්නසීලො මහාතලෙ පඤ‍්ඤත‍්තවරපල‍්ලඞ‍්කමජ‍්ඣගතො විවටෙන සීහපඤ‍්ජරෙන පාචීනලොකධාතුං ඔලොකෙන‍්තො අමච‍්චානං ධම‍්මත්‍ථයුත‍්තකථං කථෙන‍්තො නිසීදි. තස‍්මිං ඛණෙ ගගනතලං අතිලඞ‍්ඝන‍්තමිව පරිපුණ‍්ණං චන්‍දමණ‍්ඩලං රාහු අවත්‍ථරි, චන්‍දප‍්පභා අන‍්තරධායි. අමච‍්චා චන්‍දාලොකං අපස‍්සන‍්තා චන්‍දස‍්ස රාහුනා ගහිතභාවං රඤ‍්ඤො ආරොචෙසුං. රාජා චන්‍දං ඔලොකෙත්‍වා “අයං චන්‍දො ආගන‍්තුකඋපක‍්කිලෙසෙන උපක‍්කිලිට‍්ඨො නිප‍්පභො ජාතො, මය‍්හම‍්පෙස රාජපරිවාරො උපක‍්කිලෙසො, න ඛො පන මෙතං පතිරූපං, යාහං රාහුනා ගහිතචන්‍දො විය නිප‍්පභො භවෙය්‍යං, විසුද‍්ධෙ ගගනතරෙ විරොචන‍්තං චන්‍දමණ‍්ඩලං විය රජ‍්ජං පහාය පබ‍්බජිස‍්සාමි, කිං මෙ පරෙන ඔවදිතෙන , කුලෙ ච ගණෙ ච අලග‍්ගො හුත්‍වා අත‍්තානමෙව ඔවදන‍්තො විචරිස‍්සාමි, ඉදං මෙ පතිරූප”න‍්ති චින‍්තෙත්‍වා “යං ඉච‍්ඡථ, තං රාජානං කරොථා”ති රජ‍්ජං අමච‍්චානං නිය්‍යාදෙසි. සො රජ‍්ජං ඡඩ‍්ඩෙත්‍වා ඉසිපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා ඣානාභිඤ‍්ඤායො නිබ‍්බත‍්තෙත්‍වා ඣානරතිසමප‍්පිතො හිමවන‍්තපදෙසෙ වාසං කප‍්පෙසි.

පෙර ‘ගන්‍ධාර’ රටේ ගන්ධාර රජතුමා රාජ්‍යය කරවන කල්හි, අප බෝසත් තෙමේ, ඒ රජුට පුත් ව උපන්නේය. පියාගේ ඇවෑමෙන් රජකමට පැමිණි එතුමා, දැහැමින් රාජ්‍යය කරවීය. මේ අතර මධ්‍යම දේශයෙහි ‘විදේහ’ රටේ, විදේහ රජතුමා මනා වූ පාලකයෙක් ව, රාජ්‍යය විචාළේය. මේ රජවරු දෙපලම නොදුටු මිතුරෝ වූහ. ඔවුනොවුන් කෙරෙහි ස්ථිර විශ්වාසයෙන් දෙදෙනා ම කටයුතු කළහ. මෙකල මනුෂ්‍යයෝ ඉතා දීර්ඝ ආයුෂ ඇත්තෝ වූහ. එකල ඔවුන්ගේ පරමායුෂ වසර තිස්දහසකි. කිසියම් දිනෙක බෝසත් ගන්ධාර රජතුමා, පසළොස්වක් පොහොය උදා වූ බැවින්, සිල් සමාදන් ව උඩුමහල් තලයෙහි පනවන ලද උතුම් පළඟක වාඩි වී, විවර කළ සීමැදුරු කවුළුවෙන් පෙරදිග ලෝකය දිහා බලාගෙන ඇමතියන්ට අර්ථ-ධර්ම දෙකින් යුතු දේශනාවක් පවත්වමින් හුන්නේය. එකෙණෙහි ගගන තලයට පැන නැගී තිබුණු, පිරිපුන් සඳමඬල රාහු ගිල ගත්තේය. සඳකිරණ අතුරුදන් විය. ඒ දුටු ඇමැතිවරු සඳ, රාහු ගිලගත් බව රජුට දැනුම් දුන්හ. රජතුමා සඳ දෙස බලා, ‘මේ සඳ ආගන්තුකව පැමිණි කෙලෙසුන්ගෙන් (උවදුරු වලින්) කිලිටි විය. එයින්ම නිෂ්ප්‍රභා විය. එසේ ම මාගේ පරිවාර සම්පත්තිය ද, ආගන්තුක ව පැමිණෙන කිසියම් උවදුරකින් කිලුටට පත් වුවහොත්, එය අයුත්තකි. යම් විදියකින් එසේ වුවහොත්, මම ද රාහු ග්‍රහණයට ගත් චන්ද්‍රයාගේ තත්ත්වයට වැටී, නිෂ්ප්‍රභා වන්නේ නම්, එය නුසුදුස්සකි. එබැවින් පිරිසිදු අහස්තලයෙහි බබළන සඳමඬල වැනි මේ රාජ්‍යය, හැරදමා පැවිදි වන්නෙමි. ඒ සඳහා අනුන්ගේ අවවාදයෙන් මට කවර ප්‍රයෝජනයක්දැ’යි කල්පනා කළ රජතුමා, ස්වකීය රාජ කුලය (රජ පවුල) ද, රාජකීය පිරිස ද, නො සලකා ඔවුන් කෙරෙහි නොඇලී, ‘තෙමේ තමාට ම අවවාද කර ගනිමින් වසන්නෙමි. එය මට ඉතාම සුදුසු යැ’යි කල්පනා කොට, සිය ඇමැතිවරුන් ළඟට කැඳවා ‘මේ රජය භාරගෙන තෙපි, යමක් සුදුසු නම්, එය කරවු යැ’යි, ඔවුන්ට රජය පවරා දුන්නේය. මෙසේ රජය අත්හළ ඔහු සෘෂි පැවිද්දෙන් පැවිදි ව, ධ්‍යාන හා අභිඥා උපදවාගෙන, ධ්‍යාන රතියෙන් යුතු ව සතුටින්, හිමවත් පෙදෙසෙහි වාසය කෙළේය.

විදෙහරාජාපි “සුඛං මෙ සහායස‍්සා”ති වාණිජෙ පුච‍්ඡිත්‍වා තස‍්ස පබ‍්බජිතභාවං සුත්‍වා “මම සහායෙ පබ‍්බජිතෙ අහං රජ‍්ජෙන කිං කරිස‍්සාමී”ති සත‍්තයොජනිකෙ මිථිලනගරෙ තියොජනසතිකෙ විදෙහරට‍්ඨෙ සොළසසු ගාමසහස‍්සෙසු පූරිතානි කොට‍්ඨාගාරානි, සොළසසහස‍්සා ච නාටකිත්‍ථියො ඡඩ‍්ඩෙත්‍වා පුත‍්තධීතරො අමනසිකත්‍වා හිමවන‍්තපදෙසං පවිසිත්‍වා පබ‍්බජිත්‍වා පවත‍්තඵලභොජනො හුත්‍වා සමප‍්පවත‍්තවාසං වසන‍්තො විචරි. තෙ උභොපි සමවත‍්තචාරං චරන‍්තා අපරභාගෙ සමාගච‍්ඡිංසු, න පන අඤ‍්ඤමඤ‍්ඤං සඤ‍්ජානිංසු, සම‍්මොදමානා එකතොව සමප‍්පවත‍්තවාසං වසිංසු. තදා විදෙහතාපසො ගන්‍ධාරතාපසස‍්ස උපට‍්ඨානං කරොති. තෙසං එකස‍්මිං පුණ‍්ණමදිවසෙ අඤ‍්ඤතරස‍්මිං රුක‍්ඛමූලෙ නිසීදිත්‍වා ධම‍්මත්‍ථයුත‍්තකථං කථෙන‍්තානං ගගනතලෙ විරොචමානං චන්‍දමණ‍්ඩලං රාහු අවත්‍ථරි. විදෙහතාපසො “කිං නු ඛො චන්‍දස‍්ස පභා නට‍්ඨා”ති ඔලොකෙත්‍වා රාහුනා ගහිතං චන්‍දං දිස‍්වා “කො නු ඛො එස ආචරිය, චන්‍දං අවත්‍ථරිත්‍වා නිප‍්පභමකාසී”ති පුච‍්ඡි. අන‍්තෙවාසික අයං රාහු නාම චන්‍දස‍්සෙකො උපක‍්කිලෙසො, විරොචිතුං න දෙති, අහම‍්පි රාහුගහිතං චන්‍දමණ‍්ඩලං දිස‍්වා “ඉදං පරිසුද‍්ධස‍්ස චන්‍දමණ‍්ඩලස‍්ස ආගන‍්තුකෙන උපක‍්කිලෙසෙන නිප‍්පභං ජාතං, මය‍්හම‍්පි ඉදං රජ‍්ජං උපක‍්කිලෙසො, යාව චන්‍දමණ‍්ඩලං රාහු විය ඉදං නිප‍්පභං න කරොති, තාව පබ‍්බජිස‍්සාමී”ති චින‍්තෙත්‍වා තදෙව රාහුගහිතං චන්‍දමණ‍්ඩලං ආරම‍්මණං කත්‍වා මහාරජ‍්ජං ඡඩ‍්ඩෙත්‍වා පබ‍්බජිතොති. “ආචරිය, ත්‍වං ගන්‍ධාරරාජා”ති ? “ආම, අහ”න‍්ති. “ආචරිය, අහම‍්පි විදෙහරට‍්ඨෙ මිථිලනගරෙ විදෙහරාජා නාම, නනු මයං අඤ‍්ඤමඤ‍්ඤං අදිට‍්ඨසහායා”ති. “කිං පන තෙ ආරම‍්මණං අහොසී”ති? අහං “තුම‍්හෙ පබ‍්බජිතා”ති සුත්‍වා “අද‍්ධා පබ‍්බජ‍්ජාය මහන‍්තං ගුණං අද‍්දසා”ති තුම‍්හෙයෙව ආරම‍්මණං කත්‍වා රජ‍්ජං පහාය පබ‍්බජිතොති. තෙ තතො පට‍්ඨාය අතිවිය සමග‍්ගා සම‍්මොදමානා පවත‍්තඵලභොජනා හුත්‍වා විහරිංසු. තත්‍ථ දීඝරත‍්තං වසිත්‍වා ච පන ලොණම‍්බිලසෙවනත්‍ථාය හිමවන‍්තතො ඔතරිත්‍වා එකං පච‍්චන‍්තගාමං සම‍්පාපුණිංසු.

මේ අතර ගන්ධාර නුවර සිට විදේහ රාජ්‍යයට පැමිණි වෙළඳ පිරිසක් හමු වූ විදේහ රජතුමා, ඔවුන්ගෙන් තම යහලුවාගේ සැප දුක් ගැන විචාරා, ඔහු රජකම අත්හැර පැවිදි වූ බව, ඒ වෙළෙඳුන්ගෙන් දැන, ‘මගේ මිතුරා පැවිදි වූ කල්හි, මම මේ රජය බදාගෙන කුමක් නම් කරන්නෙම් දැ’යි සිතා, සත් යොදුනක් දිග පළල ඇති ‘මිථිලා’ අගනුවර ද, යොදුන් තුන්සියයක් දිග-පළල ඇති මුළු විදේහ රට ද, සොළොස් දහසක් ගම්වල පුරවන ලද කෝෂ්ඨාගාර ද, සොළොස් දහසක් නාටිකාංගනාවන් ද, හැරදමා, දූ පුතුන් ගැන මෙනෙහි නොකොට ම හිමවතට පිවිස, සෘෂි පැවිද්දෙන් පැවිදිව, පවත්තඵල භෝජන (වැටුණු ගෙඩි පමණක් අනුභව කරන්නෙක්) ව, සමාන වත් ඇති ව, සැරිසරමින් වාසය කරන්නට පටන් ගත්තේය. හිමාලයේ වෙසෙන ගන්ධාර තවුසා ද, විදේහ තවුසා ද යන මේ දෙදෙනා ම සම වත් ඇතිව, සම ආචාර ඇතිව, මෙසේ සැරිසරන කල්හි, පසුකලෙක එකට මුණ ගැසුණහ. එහෙත් ඔවුනොවුන් හඳුනා නොගත්හ. එසේ වූ නමුත් දෙදෙනාම ඉතා සතුටින් එකට එකතුව, සම වූ වත් ඇතිව වාසය කළහ. මේ අතර විදේහ තවුසා, ගන්ධාර තවුසාට උවටැන් කරන්නට ද, පටන් ගත්තේය. කිසියම් පුන් පොහෝ දවසක එක්තරා ගසක් මුල වාඩි වූ ඔවුහු දැහැමි කතාවන් කතා කරමින් කල්ගත කළහ. ඒ අතර අහස් තලයේ බබළන සඳමඬල, එක්වරම රාහු ඩැහැ ගත්තේය. සඳේ ආලෝකය කෙසේ නැති වී දැයි, සොයා බැලූ විදේහ තාපසතුමා, එය රාහුගේ ග්‍රහණයට හසු වූ බව දැන, ‘ඇදුරුතුමනි, කවරෙක් නම්, මේ සඳ වසාගෙන, එය නිෂ්ප්‍රභා කෙළේදැ’යි විචාළේය. ‘අන්තේවාසිකය, සඳට ඇති එකම උපක්ලේශය රාහුය. ඔහු ඊට බබළන්නට ඉඩ නො දෙයි. මම ද රාහු ගිලගත් සඳමඬල දැක පැවිදි වූයෙමි’යි, ගන්ධාර තවුසා උත්තර දුන්නේය. ‘ඇදුරුතුමනි, එතකොට ඔබතුමා ගන්ධාර රජතුමා ද?’ ‘අන්තේවාසිකය, එසේය. ඒ මම වෙමි.’ ‘ඇදුරුතුමනි, එසේ නම් අසනු මැනවි. මම විදේහ රටේ මිථිලා නුවර, විදේහ රජතුමා වෙමි. එබැවින් අපි දෙදෙනා ඔවුනොවුන් නො දුටු මිතුරෝ නේදැ’යි විදේහ තවුසා කීය. ‘අන්තේවාසිකය, ඔබ කුමක් අරමුණු කොට, පැවිදි වී ද?’ ‘ඇදුරුතුමනි, ඔබ පැවිදි වූ බව ඇසූ මම, ඒකාන්තයෙන් ම ඔබ පැවිදි වූයේ, පැවිද්දෙහි වූ කිසියම් විශේෂ ගුණයක් දැකීමෙන්ම විය යුතු යැයි සිතා, ඔබ ම අරමුණු කොට ගෙන, මම රාජ්‍යය අතහැර, පැවිදි බිමට පත් වූයෙමි’යි, විදේහ තවුසා පැහැදිලි කෙළේය. එතැන් පටන් ඔවුහු පෙරටත් වඩා, අතිශයින් සතුටු සිතින් යුතුව සමගිව, වැටුණු ගෙඩි පමණක් අනුභව කරමින් වාසය කළහ. මෙසේ හිමාල අඩවියේ දිගුකලක් විසූ ඔවුහු, ලුණුඇඹුල් සේවනය පිණිස, පසුකලෙක හිමවතින් බැස, එක් පසල්ගමකට පැමිණියහ.

මනුස‍්සා තෙසං ඉරියාපථෙ පසීදිත්‍වා භික‍්ඛං දත්‍වා පටිඤ‍්ඤං ගහෙත්‍වා අරඤ‍්ඤෙ රත‍්තිදිවට‍්ඨානාදීනි මාපෙත්‍වා වසාපෙසුං. අන‍්තරාමග‍්ගෙපි නෙසං භත‍්තකිච‍්චකරණත්‍ථාය උදකඵාසුකට‍්ඨානෙ පණ‍්ණසාලං කාරෙසුං. තෙ පච‍්චන‍්තගාමෙ භික‍්ඛං චරිත්‍වා තාය පණ‍්ණසාලාය නිසීදිත්‍වා පරිභුඤ‍්ජිත්‍වා අත‍්තනො වසනට‍්ඨානං ගච‍්ඡන‍්ති. තෙපි මනුස‍්සා තෙසං ආහාරං දදමානා එකදා ලොණං පත‍්තෙ පක‍්ඛිපිත්‍වා දෙන‍්ති, එකදා පණ‍්ණපුටෙ බන්‍ධිත්‍වා දෙන‍්ති, එකදා අලොණකාහාරමෙව දෙන‍්ති. තෙ එකදිවසං පණ‍්ණපුටෙ බහුතරං ලොණං අදංසු. විදෙහතාපසො ලොණං ආදාය ගන‍්ත්‍වා බොධිසත‍්තස‍්ස භත‍්තකිච‍්චකාලෙ පහොනකං දත්‍වා අත‍්තනොපි පමාණයුත‍්තං ගහෙත්‍වා අතිරෙකං පණ‍්ණපුටෙ බන්‍ධිත්‍වා “අලොණකදිවසෙ භවිස‍්සතී”ති තිණවට‍්ටිකඅන‍්තරෙ ඨපෙසි. අථෙකදිවසං අලොණකෙ ආහාරෙ ලද‍්ධෙ විදෙහො ගන්‍ධාරස‍්ස භික‍්ඛාභාජනං දත්‍වා තිණවට‍්ටිකඅන‍්තරතො ලොණං ආහරිත්‍වා “ආචරිය, ලොණං ගණ‍්හථා”ති ආහ. “අජ‍්ජ මනුස‍්සෙහි ලොණං න දින‍්නං, ත්‍වං කුතො ලභසී”ති? “ආචරිය, පුරිමදිවසෙ මනුස‍්සා බහුං ලොණමදංසු, අථාහං ‘අලොණකදිවසෙ භවිස‍්සතී’ති අතිරෙකං ලොණං ඨපෙසි”න‍්ති. අථ නං බොධිසත‍්තො “මොඝපුරිස, තියොජනසතිකං විදෙහරට‍්ඨං පහාය පබ‍්බජිත්‍වා අකිඤ‍්චනභාවං පත්‍වා ඉදානි ලොණසක‍්ඛරාය තණ‍්හං ජනෙසී”ති තජ‍්ජෙත්‍වා ඔවදන‍්තො පඨමං ගාථමාහ –

ඒ ගමේ මිනිස්සු තවුසන් දෙදෙනාගේ ඉරියව්හි පැහැද, ඔවුන්ට පිණ්ඩපාතය දෙමින්, එගම සමීපයෙහි නවතින්ට ඔවුන් පොරොන්දු කරවාගෙන, ගම අසල කැලෑබද පෙදෙසක, රාත්‍රී ස්ථාන - දිවා ස්ථාන ආදිය සකසා දී, එහිම නවත්වා ගත්හ. එම ආරණ්‍යයට යන පාරෙහි අතරමග, තවුසන්ට දානය වැළඳීම සඳහා ජල පහසුව ඇති තැනෙක, පන්සලක් ද, ඉදිකොට දුන්හ. තාපසවරු පසල් ගමේ පිඬුසිඟා ගොස්, එකී පන්සලට පැමිණ, එහි වැඩහිඳ දන් වළඳා, තමන් වෙසෙන කැලයට පිටත්ව යති. තවුසන්ට දානය පිරිනමන මිනිස්සු, ඇතැම් දවසක වෙනම ලුණු ටිකක් පාත්‍රයට දමා දෙති. සමහර දිනෙක නෙලුම් කොළයක ලුණු මුලක් බැඳ, පූජා කෙරෙති. සමහර දිනෙක, ලැබෙන දානයෙහි ලුණු නැත. එදාට, කලින් දා ලැබුණු, අමතර ලුණු ප්‍රයෝජනවත් වේ. කිසියම් දිනෙක විදේහ තවුසාට ලුණු ගොඩක් ලැබුණි. එය රැගෙන ගිය ඔහු, බෝසතුන් දන් වළඳන වේලාවෙහි, ඔහුට සෑහෙන ප්‍රමාණයක් ලුණු දී, තමා ද ඇතිතාක් ගෙන ඉතිරිය, ඒ කොළයේ ම බැඳ, ලුණු නැති දිනෙක ගන්නෙමැ’යි සිතා එය තණ වැටියක් අතර සඟවා තැබුවේය. පසුදිනෙක ලුණු නැති අහර, තවුසන් දෙදෙනාට ම ලැබුණි. එකල්හි විදේහ තවුසා තණවැටිය අතුරෙන් ලුණු මුල ගෙන, ගන්ධාර තවුසා වෙත ගොස්, ‘ඇදුරුතුමනි, ලුණු ගනු මැනවැ’යි කීය. ‘අන්තේවාසිකය, අද මිනිසුන්ගෙන් ලුණු ලැබුණේ නැත. එසේ ඇති කල්හි, ඔබට ලුණු කොයින්ද?’ ‘ඇදුරුතුමනි, කලින්ද, මිනිස්සු අපට බොහෝ ලුණු දුන්හ. එවිට මම ලුණු නැති දවසට ප්‍රයෝජනයත් වේ යැයි සිතා, ඒවා සඟවා තැබුවෙමි.’ ‘හිස් මිනිස, යොදුන් තුන්සියයක් දිග-පළල ඇති, මුළු විදේහ රට අතැර දමා, පැවිදි වී, කිසිත් නැති තත්ත්වයට පත් වී, දැන් ඔබ ලුණු කැටයකට තෘෂ්ණාව උපදවන්නෙහි දැ’යි විදේහ තවුසාට තර්ජනය කළ බෝසත් තවුසා, ඔහුට අවවාද වශයෙන් මෙසේ ද කීය.

“හිත්‍වා ගාමසහස‍්සානි, පරිපුණ‍්ණානි සොළස; කොට‍්ඨාගාරානි ඵීතානි, සන‍්නිධිං දානි කුබ‍්බසී”ති.

භිත්‍වා ගාම සහස්සානි - පරිපුණ්ණානි සොළස, කොට්ඨාගාරානි ඵීතානි - සන්නිධිං දානි කුබ්බසීති

(සියලු දැයින්) පිරිපුන් සොළොස් දහසක් ගම් ද, පිරුණු කෝෂ්ඨාගාර ද, අතහැර දැන් (නැවත) රැස්කිරීම් පටන් ගත්තේ ද?

තත්‍ථ කොට‍්ඨාගාරානීති සුවණ‍්ණරජතමණිමුත‍්තාදිරතනකොට‍්ඨාගාරානි චෙව දුස‍්සකොට‍්ඨාගාරානි ච ධඤ‍්ඤකොට‍්ඨාගාරානි ච. ඵීතානීති පූරානි. සන‍්නිධිං දානි කුබ‍්බසීති ඉදානි “ස‍්වෙ භවිස‍්සති, තතියදිවසෙ භවිස‍්සතී”ති ලොණමත‍්තං සන‍්නිධිං කරොසීති.

මෙහි ‘කොට්ඨාගාරානි’ යනු ‘රන්-රිදී-මිණි-මුතු ආදී රත්නයන්ගෙන් යුතු කෝෂ්ඨාගාර ද, රෙදි හා ධාන්‍ය කෝෂ්ඨාගාර ද’ යන අර්ථයි. ‘පීතානි’ යනු ‘පිරුණු’ යන අර්ථයි. ‘සන්නිධිංදානි කුබ්බසි’ යනු ‘දැන්, හෙට අනිද්දා ප්‍රයෝජන වන්නේ යැයි ලුණු ටිකක් අරන් තියන්නෙහිද?’ යන අර්ථයි.

විදෙහො එවං ගරහියමානො ගරහං අසහන‍්තො පටිපක‍්ඛො හුත්‍වා “ආචරිය, තුම‍්හෙ අත‍්තනො දොසං අදිස‍්වා මය‍්හමෙව දොසං පස‍්සථ, නනු තුම‍්හෙ ‘කිං මෙ පරෙන ඔවදිතෙන, අත‍්තානමෙව ඔවදිස‍්සාමී’ති රජ‍්ජං ඡඩ‍්ඩෙත්‍වා පබ‍්බජිතා, තුම‍්හෙ ඉදානි මං කස‍්මා ඔවදථා”ති චොදෙන‍්තො දුතියං ගාථමාහ –

මෙසේ බෝසතුන් විසින් ගරහනු ලැබූ විදේහ තවුසා, එම ගැරහීම නොඉවසමින් ඊට විරුද්ධව ‘ඇදුරුතුමනි, ඔබ ඔබගේ දොස් නො බලා, මගේ ම දොස් ගැන බලන්නෙහිද? මට අනුන්ගේ අවවාදයෙන් කවර ප්‍රයෝජනයක්ද? එබැවින් මම මට ම අවවාද කර ගන්නෙමැ’යි කියා, පැවිදි වූ ඔබතුමා දැන් මට කුමට අවවාද කරහි දැ’යි කියා, මේ ගාථාව පැවසීය.

“හිත්‍වා ගන්‍ධාරවිසයං, පහූතධනධාරියං; පසාසනතො නික‍්ඛන‍්තො, ඉධ දානි පසාසසී”ති.

2. බොහෝ ධන-ධාන්‍ය ඇති, ගන්ධාර රට හැරදමා, (තමා ම) අවවාද කර ගනිමින් නික්මුණු (ඔබ) දැන් මෙහිදී (මට) අවවාද දෙන්නෙහි ද?

තත්‍ථ පසාසනතොති ඔවාදානුසාසනීදානතො. ඉධ දානීති ඉදානි ඉධ අරඤ‍්ඤෙ කස‍්මා මං ඔවදථාති.

මෙහි ‘පසාසනිතො’ යනු ‘අවවාද අනුශාසනා දීම් වශයෙන්’, යන අර්ථයි. ‘ඉධදානි’ යනු ‘දැන් මේ කැලයේ දී කුමක් හෙයින් මට අවවාද කරහිද?’ යන අර්ථයි.

තං සුත්‍වා බොධිසත‍්තො තතියං ගාථමාහ –

මේ ඇසූ බෝසත් තවුසා පිළිතුරු වශයෙන් මෙසේ කීවේය.

“ධම‍්මං භණාමි වෙදෙහ, අධම‍්මො මෙ න රුච‍්චති; ධම‍්මං මෙ භණමානස‍්ස, න පාපමුපලිම‍්පතී”ති.

3. විදේහ තවුස, මම ධර්මය කියමි. අධර්මය මට රුචි නො වේ. බණ කියන මා කෙරෙහි පාපය නො ඇලේ.

තත්‍ථ ධම‍්මන‍්ති සභාවං, බුද‍්ධාදීහි වණ‍්ණිතං පසත්‍ථං කාරණමෙව. අධම‍්මො මෙ න රුච‍්චතීති අධම‍්මො නාම අසභාවො මය‍්හං කදාචිපි න රුච‍්චති. න පාපමුපලිම‍්පතීති මම සභාවමෙව කාරණමෙව භණන‍්තස‍්ස පාපං නාම හදයෙ න ලිම‍්පති න අල‍්ලීයති. ඔවාදදානං නාමෙතං බුද‍්ධපච‍්චෙකබුද‍්ධසාවකබොධිසත‍්තානං පවෙණී. තෙහි දින‍්නොවාදං බාලා න ගණ‍්හන‍්ති, ඔවාදදායකස‍්ස පන පාපං නාම නත්‍ථි.

මෙහි ‘ධම්මං’ යනු ‘ස්වභාව’ යි. බුද්ධාදී උතුමන් විසින් වර්ණනා කරන ලද උසස් කාරණා ම’ යන අර්ථයි. ‘අධම්මො මෙ න රුච්චති’ යන මෙහි ‘අධම්මො’ යනු ‘අස්වභාව’ යි. ‘එය මට කවදාවත් රුචි නැත’ යන අර්ථයි. ‘න පාපමුපලිප්පති’ යනු ‘ස්වභාව ම, කාරණ ම, කියන මගේ හදවතෙහි, පාපය නො ඇලේ. අවවාද දීම නම් වූ මේ කාරණය, බුදු-පසේබුදු-බුද්ධශ්‍රාවක-බෝධිසත්ත්ව යන උතුමන්ගේ ප්‍රවේණිය යි. ඔවුන් විසින් දෙන ලද අවවාද අනුවණයෝ නො ගනිති. අවවාද දෙන්නාට ඉන් වන පාපයක් නැත’ යන අර්ථයි.

“නිධීනංව පවත‍්තාරං, යං පස‍්සෙ වජ‍්ජදස‍්සිනං; නිග‍්ගය‍්හවාදිං මෙධාවිං, තාදිසං පණ‍්ඩිතං භජෙ; තාදිසං භජමානස‍්ස, සෙය්‍යො හොති න පාපියො.

4. නිධානයක් පෙන්වන්නාක් මෙන්, යමෙක් තමා තුළ ඇති වරද පෙන්වා දේ ද? නිග්‍රහ කෙරේද? එබඳු වූ නුවණැත්තකු, පඬිවරයකු ඇසුරු කරන්න. එබන්දකු ඇසුරු කරන්නා උතුමෙක් වේ. පවිටකු නොවේ. (ධම්මපදය)

“ඔවදෙය්‍යානුසාසෙය්‍ය, අසබ‍්භා ච නිවාරයෙ; සතඤ‍්හි සො පියො හොති, අසතං හොති අප‍්පියො”ති. (ධ· ප· 76-77);

5. අවවාද අනුශාසනා කරන, පවින් වළකන, ඒ පුද්ගලයා සත්පුරුෂයන්ට ප්‍රිය වන අතර, අසත්පුරුෂයන්ට අප්‍රිය වේ. (ධම්මපදය)

විදෙහතාපසො බොධිසත‍්තස‍්ස කථං සුත්‍වා “ආචරිය, අත්‍ථනිස‍්සිතං කථෙන‍්තෙනපි පරං ඝට‍්ටෙත්‍වා රොසෙත්‍වා කථෙතුං න වට‍්ටති, ත්‍වං මං කුණ‍්ඨසත්‍ථකෙන මුණ‍්ඩෙන‍්තො විය අතිඵරුසං කථෙසී”ති වත්‍වා චතුත්‍ථං ගාථමාහ –

විදේහ තාපසයා බෝසත් තවුසාගේ මේ කතාව අසා ‘ඇදුරුතුමනි, අර්ථ සහිත යමක් කියනවිට, අනුන් හා ගටා, තරහින් කීම නො වටියි. ධර්මය වුවත් ඔබ මට කියා දුන්නේ, මොට්ට ආයුධයකින් හිස මුඩු කරන්නාක් මෙන්, ඉතාමත් පරුෂ ආකාරයකිනි’යි කියා මේ ගාථාව පැවසීය.

“යෙන කෙනචි වණ‍්ණෙන, පරො ලභති රුප‍්පනං; මහත්‍ථියම‍්පි චෙ වාචං, න තං භාසෙය්‍ය පණ‍්ඩිතො”ති.

6. යම්කිසි කාරණයකින් අනෙකා ගටනු ලබයි ද? ඉදින් මහත් අර්ථයක් ඇති වචනයක් වුවත්, පණ්ඩිතයෙක් එවැන්නක් නො කියන්නේ ය.

තත්‍ථ යෙන කෙනචීති ධම‍්මයුත‍්තෙනාපි කාරණෙන. ලභති රුප‍්පනන‍්ති ඝට‍්ටනං දුස‍්සනං කුප‍්පනං ලභතියෙව. න තං භාසෙය්‍යාති තස‍්මා තං පරපුග‍්ගලං යාය සො වාචාය දුස‍්සති, තං මහත්‍ථියං මහන‍්තං අත්‍ථනිස‍්සිතම‍්පි වාචං න භාසෙය්‍යාති අත්‍ථො.

මෙහි ‘යෙන කෙනචි’ යනු ‘දහමින් යුතු කරුණෙකින්’ යන අර්ථයි. ‘ලභති රුප්පනං’ යනු ‘ගැටුමක්, දූෂණයක්, තරහක් ලබාම ය’ යන අර්ථයි. ‘න තං භාසෙය්‍ය’ යනු ‘එබැවින් ඔහු ඒ අන්‍ය පුද්ගලයා යම් වචනයකින් තරහ ගන්වාද? එය මහත් වූ අර්ථයක් සලසන වචනයක් වුවත්, නො කියන්නේය’ යන අර්ථයි.

අථස‍්ස බොධිසත‍්තො පඤ‍්චමං ගාථමාහ –

ඉක්බිති බෝසත් තවුසා, විදේහ තවුසා අමතා මෙසේ කීවේය.

“කාමං රුප‍්පතු වා මා වා, භුසංව විකිරීයතු; ධම‍්මං මෙ භණමානස‍්ස, න පාපමුපලිම‍්පතී”ති.

7. ඒකාන්තයෙන් ගැටුනත්, නො ගැටුනත්, බොල් මෙන් විසිර ගියත්, ධර්මය ම කියන්නා වූ මට පව් සිදු නොවේ.

තත්‍ථ කාමන‍්ති එකංසෙන. ඉදං වුත‍්තං හොති – අයුත‍්තකාරකො පුග‍්ගලො “අයුත‍්තං තෙ කත”න‍්ති ඔවදියමානො එකංසෙනෙව කුජ‍්ඣතු වා මා වා කුජ‍්ඣතු, අථ වා භුසමුට‍්ඨි විය විකිරීයතු, මය‍්හං පන ධම‍්මං භණන‍්තස‍්ස පාපං නාම නත්‍ථීති.

මෙහි ‘කාමං’ යනු ‘ඒකාන්තයෙන්’ යන අර්ථයි. මින් කියන ලද්දේ මේ අර්ථය යි. එනම්, නුසුදුසු යමක් කරන කෙනෙකුට ඔබ විසින් නුසුදුස්සක් කරන ලදැ’යි අවවාද දෙන විට, ඒකාන්තයෙන් කිපුණත් නැතත්, නැති නම් බොල් මිටක් මෙන් විසිර ගියත්, ධර්මය ම කියන මට පවක් නැත’ යන අර්ථයි.

එවඤ‍්ච පන වත්‍වා “න වො අහං, ආනන්‍ද, තථා පරක‍්කමිස‍්සාමි, යථා කුම‍්භකාරො ආමකෙ ආමකමත‍්තෙ. නිග‍්ගය‍්හ නිග‍්ගය‍්හාහං ආනන්‍ද, වක‍්ඛාමි, යො සාරො සො ඨස‍්සතී”ති (ම· නි· 3.196) ඉමස‍්ස සුගතොවාදස‍්ස අනුරූපාය පටිපත‍්තියා ඨත්‍වා “යථා කුම‍්භකාරො භාජනෙසු පුනප‍්පුනං ආකොටෙත්‍වා ආකොටෙත්‍වා ආමකං අග‍්ගහෙත්‍වා සුපක‍්කමෙව භාජනං ගණ‍්හාති, එවං පුනප‍්පුනං ඔවදිත්‍වා නිග‍්ගණ‍්හිත්‍වා පක‍්කභාජනසදිසො පුග‍්ගලො ගහෙතබ‍්බො”ති දස‍්සෙතුං පුන තං ඔවදන‍්තො –

මෙසේ ද කියා තවදුරටත් කරුණු දක්වමින් (බුදුරජාණන් වහන්සේ, ‘ආනන්දය, කිසියම් කුඹලෙක් අමු මැටිවල ඇති රොඩු, ගල් බොරලු තෝර තෝරා ඉවත් කරන්නාක් මෙන්, මම එසේ අනුන් හික්මවනු පිණිස වීර්යය නො කරන්නෙමි. ආනන්දය. මම නිග්‍රහ කරමින්, දොස් කියමින් කරුණු දක්වන්නෙමි. යමෙක් නුවණැත්තේ නම්, ඔහු එහි පිහිටන්නේය යන මේ බුදුරදුන්ගේ අවවාදයට අනුරූප වූ ප්‍රතිපත්තියක පිහිටා, යම් සේ කුඹලෙක් පිළිස්සූ භාජනවලට අතින් තට්ටු කරමින් බලා, නො පිළිස්සුණු වළං ඉවත් කරමින්, පිළිස්සුණු ඒවා ම ගනියි ද? එසේ නැවත නැවත අවවාද කොට, නිග්‍රහකොට මැනවින් පිළිස්සුණු වළඳක් වැනි, පුද්ගලයාම ගත යුතු යැ’යි දැක්වීම සඳහා)* නැවතත් ඔහුට අවවාද කරමින් මෙසේ කීය.

“නො චෙ අස‍්ස සකා බුද‍්ධි, විනයො වා සුසික‍්ඛිතො; වනෙ අන්‍ධමහිංසොව, චරෙය්‍ය බහුකො ජනො.

8. ඉදින් ස්වකීය වූ බුද්ධියක් නැතිනම්, හික්මීමක් හෝ පුහුණුවක් හෝ නැතිනම්, ඒ බොහෝ වූ ජනයා, වනයෙහි වෙසෙන අන්ධ මීමකු මෙන්, හැසිරෙන්නේය.

“යස‍්මා ච පනිධෙකච‍්චෙ, ආචෙරම‍්හි සුසික‍්ඛිතා; තස‍්මා විනීතවිනයා, චරන‍්ති සුසමාහිතා”ති. – ඉදං ගාථාද‍්වයමාහ;

9. යම් හෙයකින් මෙලොව සමහර අය, ගුරුවරුන් කෙරෙහි මැනවින් හික්මුණාහුද, ශික්‍ෂිත විනය ඇති, ඒ නුවණැත්තෝ සාමාහිත සිත් ඇතිව හැසිරෙති.

තස‍්සත්‍ථො – සම‍්ම වෙදෙහ, ඉමෙසඤ‍්හි සත‍්තානං සචෙ අත‍්තනො බුද‍්ධි වා පණ‍්ඩිතෙ ඔවාදදායකෙ නිස‍්සාය ආචාරපණ‍්ණත‍්තිවිනයො වා සුසික‍්ඛිතො න භවෙය්‍ය, එවං සන‍්තෙ යථා තිණලතාදිගහනෙ වනෙ අන්‍ධමහිංසො ගොචරාගොචරං සාසඞ‍්කනිරාසඞ‍්කඤ‍්ච ඨානං අජානන‍්තො චරති, තථා තුම‍්හාදිසො බහුකො ජනො චරෙය්‍ය. යස‍්මා පන ඉධ එකච‍්චෙ සකාය බුද‍්ධියා රහිතා සත‍්තා ආචරියසන‍්තිකෙ ආචාරපණ‍්ණත‍්තිසුසික‍්ඛිතා, තස‍්මා ආචරියෙහි අත‍්තනො අත‍්තනො අනුරූපෙන විනයෙන විනීතත‍්තා විනීතවිනයා සුසමාහිතා එකග‍්ගචිත‍්තා හුත්‍වා චරන‍්තීති.

යහලු වේදේහය, මේ සත්ත්වයන් අතුරෙන් යමෙක්, ඉදින් තමාගේ බුද්ධියෙන් හෝ, අවවාද දෙන පඬිවරුන් නිසා හෝ ගුරුවරුන්ගේ පැණවීම් සංඛ්‍යාත විනයෙන් හික්මුණු තැනැත්තෙක් නො වන්නේ නම්, එසේ ඇති කල්හි, ඔහු තෘණ-ලතාදියෙන් ගහණ වනයෙක, අන්ධ මීමකු වැනිය. යෝග්‍ය කෑම හෝ අයෝග්‍ය කෑම හෝ, සැක සහිත ස්ථාන හෝ, සැක රහිත ස්ථාන හෝ, යන මේ කිසිවක් ඌ නො දනියි. ඔබ වැන්නෝ ද, එසේ වෙති. එවැනි බොහෝ අය මෙලොව වෙති. මෙලොව ස්වකීය බුද්ධියෙන් තොර ඇතැම් උදවිය, ගුරුවරුන් සමීපයෙහි දී ආචාර-ප්‍රඥප්තීන්ගෙන් මොනවට හික්මුණාහු වෙති. එබැවින් ගුරුවරුන් විසින් තම-තමාට සුදුසු වූ විනයෙන් හික්මවන ලද බැවින්, ඔවුහු ‘විනීත විනයා’ නම් වෙති. ඔවුහු සුසමාහිතව, එනම් එකඟ වූ සිත් ඇතිව, හැසිරෙති.

ඉමිනා ඉදං දස‍්සෙති – ඉමිනා හි සත‍්තෙන ගිහිනා හුත්‍වා අත‍්තනො කුලානුරූපා, පබ‍්බජිතෙන පබ‍්බජිතානුරූපා සික‍්ඛා සික‍්ඛිතබ‍්බා. ගිහිනොපි හි අත‍්තනො කුලානුරූපෙසු කසිගොරක‍්ඛාදීසු සික‍්ඛිතාව සම‍්පන‍්නාජීවා හුත්‍වා සුසමාහිතා චරන‍්ති, පබ‍්බජිතාපි පබ‍්බජිතානුරූපෙසු පාසාදිකෙසු අභික‍්කන‍්තපටික‍්කන‍්තාදීසු අධිසීලඅධිචිත‍්තඅධිපඤ‍්ඤාසික‍්ඛාසු සික‍්ඛිතාව විගතවික‍්ඛෙපා සුසමාහිතා චරන‍්ති. ලොකස‍්මිඤ‍්හි –

මෙයින් දක්වනුයේ මේ කරුණයි. එනම්, මේ පුද්ගලයා විසින් ගිහියකු වශයෙන් නම්, සිය පවුලට අනුරූප වූ ද, පැවිද්දකු වශයෙන් නම්, මහණකමට අනුරූප වූ ද, ශික්‍ෂාවන්ගෙන් හික්මිය යුතුය. ගිහියෝ පවා, තම පවුලට සුදුසු වූ කෘෂි කර්මාන්ත, ගව පාලනය ආදී වූ දේවල් ඉගෙන, යහපත් ජීවිකාවෙන් සම්පූර්ණව, සමාහිත සිත් ඇතිව කටයුතු කරති. පැවිද්දෝ ද, මහණකමට අනුරූප වූ, පැහැදීම්වලට තුඩු දෙන ලක්‍ෂණවලින් යුතු යෑම්-ඊම් ආදියෙහි ද, අධිශීල-අධිචිත්ත-අධිප්‍රඥා යන ශික්‍ෂාවන්හිද, මැනවින් හික්මී, කලබල හා අවුල් ස්වභාවයන් දුරුකොට, සමාහිත සිත් ඇතිව, හැසිරෙති. ලෝකයෙහි,

“බාහුසච‍්චඤ‍්ච සිප‍්පඤ‍්ච, විනයො ච සුසික‍්ඛිතො; සුභාසිතා ච යා වාචා, එතං මඞ‍්ගලමුත‍්තම”න‍්ති. (ඛු· පා· 5.5; සු· නි· 264);

10. බහුශ්‍රැත තාවයත්, ශිලප ඤාණයත්, විනයෙන් ලද හික්මුණු බවත්, සුභාෂිත වචන කතා කිරීමත්, යන මේවා මංගල කරුණු වේ. (මහාමංගල සූත්‍රය, සුත්ත නිපාත)

තං සුත්‍වා වෙදෙහතාපසො “ආචරිය, ඉතො පට‍්ඨාය මං ඔවදථ අනුසාසථ, අහං අනධිවාසනජාතිකතාය තුම‍්හෙහි සද‍්ධිං කථෙසිං, තං මෙ ඛමථා”ති වන්‍දිත්‍වා මහාසත‍්තං ඛමාපෙසි. තෙ සමග‍්ගවාසං වසිත්‍වා පුන හිමවන‍්තමෙව අගමංසු. තත්‍ර බොධිසත‍්තො වෙදෙහතාපසස‍්ස කසිණපරිකම‍්මං කථෙසි. සො තං කත්‍වා අභිඤ‍්ඤා ච සමාපත‍්තියො ච නිබ‍්බත‍්තෙසි. ඉති තෙ උභොපි අපරිහීනජ‍්ඣානා බ්‍රහ‍්මලොකපරායණා අහෙසුං.

මේ අසා විදේහ තාපසයා, ‘ඇදුරුතුමනි, මෙතැන්පටන් මට අවවාද කරනු මැනව. නොඉවසන්නකු වන මම ඔබ සමග විරුදු ව කතා කෙළෙමි. ඊට මට සමා වුව මැනවැ’යි කියා, බෝසතුන් සමා කරවා ගත්තේය. අනතුරුව ඔවුහු ඉතා සමගියෙන් බොහෝ කලක් වැස, ඒ ගමෙන් නික්ම පෙරළා හිමවතට ම ගියහ. එහිදී බෝසත් තවුසා, විදේහ තාපසයාට කසිණ පරිකර්මය ඉගැන්වීය. ඔහු ද, එය අනුගමනය කොට අභිඥාවන් ද, සමාපත්ති ද, ඉපදවීය. මෙසේ ඔවුහු දෙදෙනා ම, නොපිරිහුණු ධ්‍යාන ඇතිව ජීවත් වී, පසුකලෙක දිවි කෙළවර මියගොස්, බඹලොව උපන්හ.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි – “තදා වෙදෙහො ආනන්‍දො අහොසි, ගන්‍ධාරරාජා පන අහමෙව අහොසී”න‍්ති.

බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා, ජාතකය නිමවා වදාළ සේක. එදා විදේහ තාපසයා නම්, ආනන්ද තෙරණුවෝය. ගන්ධාර රජතුමා වූ කලී, ‘මම ම යැ’යි, බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ දක්වා වදාළ සේක.

ගන්‍ධාරජාතකවණ‍්ණනා පඨමා.