10. බකජාතකවණ්ණනා 405 අට්ඨකථා
10. බකජාතකවණ්ණනා (405)
10. බකබ්‍රහ්ම ජාතකය (405)
ද්වාසත්තතීති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො බකබ්රහ්මානං ආරබ්භ කථෙසි. තස්ස හි “ඉදං නිච්චං ධුවං සස්සතං අචවනධම්මං, ඉතො අඤ්ඤං ලොකනිස්සරණං නිබ්බානං නාම නත්ථී”ති එවං දිට්ඨි උප්පජ්ජි. හෙට්ඨූපපත්තිකො කිරෙස බ්රහ්මා පුබ්බෙ ඣානං භාවෙත්වා වෙහප්ඵලෙසු නිබ්බත්තො, තත්ථ පඤ්චකප්පසතපරිමාණං ආයුං ඛෙපෙත්වා සුභකිණ්හෙසු නිබ්බත්තිත්වා චතුසට්ඨිකප්පං ඛෙපෙත්වා තතො චුතො අට්ඨකප්පායුකෙසු ආභස්සරෙසු නිබ්බත්ති, තත්රස්ස එසා දිට්ඨි උප්පජ්ජි. සො හි නෙව උපරිබ්රහ්මලොකතො චුතිං, න තත්ථ උපපත්තිං අනුස්සරි, තදුභයම්පි අපස්සන්තො එවං දිට්ඨිං ගණ්හි. භගවා තස්ස චෙතසා චෙතොපරිවිතක්කමඤ්ඤාය සෙය්යථාපි නාම බලවා පුරිසො සමිඤ්ජිතං වා බාහං පසාරෙය්ය, පසාරිතං වා බාහං සමිඤ්ජෙය්ය, එවමෙව ජෙතවනෙ අන්තරහිතො තස්මිං බ්රහ්මලොකෙ පාතුරහොසි. අථ බ්රහ්මා භගවන්තං දිස්වා “එහි ඛො, මාරිස, ස්වාගතං මාරිස, චිරස්සං ඛො, මාරිස, ඉමං පරියායමකාසි, යදිදං ඉධාගමනාය. ඉදඤ්හි මාරිස, නිච්චං ඉදං ධුවං ඉදං සස්සතං ඉදං කෙවලං ඉදං අචවනධම්මං, ඉදඤ්හි න ච ජායති න ජීයති න මීයති න චවති න උපපජ්ජති, ඉතො ච පනඤ්ඤං උත්තරි නිස්සරණං නත්ථී”ති ආහ.
‘ද්වාසත්තති’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවෙසෙන සේක්, බක බ්‍රහ්මයා අරබයා දේශනා කළ සේක. ඒ බ්‍රහ්මයාට ඔහුගේ ‘බ්රහ්මත්වය නිත්‍යය, ස්ථිරය, ශාස්වත චුතවීමක් නැති ධර්මයක් යැ’යි හැඟීමක් ඇති විය. එපමණක් නොව එම බ්රහ්මත්වයෙන් තොර අන්‍ය වූ ලෝකයාට මිදීමක්, නිවනක් නම්, නැතැ’යි යන මේ දෘෂ්ටිය ඇති විය. බ්රහ්මත්වයෙන් පහළ ලෝකවල ඉපිද සිටියදී, ඒ බ්‍රහ්මයා ධ්‍යාන උපදවාගෙන ‘වේහප්ඵල’ බඹලොව ඉපදුණේය. ඔහු එහි කල්ප පන්සියයක් ආයු වින්දනය කොට එම ආයු ප්‍රමාණය ගෙවා දමා, ‘සුභකිණ්හ’ බ්‍රහ්ම ලෝකයෙහි උපන්නේය. එහිද කල්ප හැටහතරක් ආයු වින්දනය කළ ඔහු, එයින් චුතව කල්ප අටක් ආයුෂ ඇති, ‘ආභස්සර’ බ්‍රහ්ම ලෝකයෙහි උපත ලැබුවේය. බක බ්‍රහ්මයාට ඉහත කී දෘෂ්ටිය ඇති වූයේ, එහිදී ය. ඔහු මේ ආභස්සර බඹලොවින් චුත වීමක් ඇති බව, තේරුම් නොගත්තේය. එහි උපතක් ඇති බවද, ඔහුට සිහි නොවීය. මේ කාරණා දෙකම තේරුම්ගත නොහැකිවීම නිසා, ඔහු මේ දෘෂ්ටියේ එල්බ ගත්තේය. ඔහුගේ සිතේ ඇති වූ මේ පරිවිතර්කය, සිය සිතින් අවබෝධ කරගත් භාග්‍යවතුන් වහන්සේ ‘ශක්තිමත් පුරුෂයෙක් හැකිලූ අතක් දිගු කරන්නේ යම් සේද? දිගු කළ අතක් හකුලන්නේ යම් සේද?’ එපමණ වේලාවක් තුළදී, දෙවරම් වෙහෙර ඉදිරිපිට අතුරුදන්ව, ආභස්සර බඹලොව පහළ වූ සේක. භාග්‍යවතුන් වහන්සේ දුටු බ්‍රහ්මයා, ‘නිදුකාණෙනි, එනු මැනව. ඔබ වහන්සේගේ පැමිණීම ඉතා යෙහෙකි. ඔබවහන්සේ මේ බ්‍රහ්ම ලෝකයට බොහෝ කලකින් පැමිණි සේක. නිදුකාණෙනි, මේ බ්‍රහ්ම ලෝකය වූ කලී නිත්‍යය. ස්ථිරය. ශාස්වතය. කිසිදා මෙතැනින් චුත නොවන සුලුය. ලොව ඇති ‘කේවලත්වය’ ද මෙය මය. මෙහි ඉපදීමක් නැත. වයසට යාමක් ද නැත. මරණයක් නැත. චුත වීමක් ද, ඉපදීමක් ද මෙහි නැත. මෙයින් අන්‍ය වූ, වඩා උසස් වූ, ‘මිදීමක්’ කොහේවත් නැතැ’යි කීය.
එවං වුත්තෙ භගවා බකං බ්රහ්මානං එතදවොච “අවිජ්ජාගතො වත භො බකො බ්රහ්මා, අවිජ්ජාගතො වත භො බකො බ්රහ්මා, යත්ර හි නාම අනිච්චඤ්ඤෙව සමානං නිච්චන්ති වක්ඛති…පෙ… සන්තඤ්ච පනඤ්ඤං උත්තරි නිස්සරණං, නත්ථඤ්ඤං උත්තරි නිස්සරණන්ති වක්ඛතී”ති (සං· නි· 1.175). තං සුත්වා බ්රහ්මා “ත්වං එවං කථෙසි, ත්වං එවං කථෙසි, ඉති මං එස අනුයුඤ්ජන්තො අනුබන්ධතී”ති චින්තෙත්වා යථා නාම දුබ්බලො චොරො කතිපයෙ පහාරෙ ලභිත්වා “කිං අහමෙව චොරො, අසුකොපි චොරො අසුකොපි චොරො”ති සබ්බෙපි සහායකෙ ආචික්ඛති, තථෙව භගවතො අනුයොගභයෙන භීතො අඤ්ඤෙපි අත්තනො සහායකෙ ආචික්ඛන්තො පඨමං ගාථමාහ –
බ්‍රහ්මයා මෙසේ කී කල්හි, භාග්‍යවතුන් වහන්සේ ‘බක බ්‍රහ්මය, ඔබ අවිද්‍යාව නිසා මෙසේ කියයි. පින්වත් බක බ්‍රහ්මයා ඒකාන්තයෙන් අවිද්‍යා ග්‍රහණයට හසුවී ඇත. පින්වත් බක බ්‍රහ්මය, ඔබ යම්තැනෙක ඇති, අනිත්‍ය භාවය ම නිත්‍ය යැයි කියහි. එසේම යම්තැනෙක ඇති, අස්ථිර භාවය, අශාස්වත භාවය, චුත වන ස්වභාවය, ඊට විරුද්ධව දකියි. මීට වඩා උසස්, මෙයින් අන්‍ය වූ ‘මිදීමක්’ ඇති කල්හි, එවැන්නක් ලොව තුළ නැතැයි කියහි. එය එසේ නොවේ දැ’යි වදාළ සේක. බුදුරදුන්ගේ මේ ප්‍රකාශය අසා සිටි බ්‍රහ්මයා, ‘මේ බුදුරජාණන් වහන්සේ යම් යම් ප්‍රකාශ කරමින් මා පසුපස ම ලුහුබඳින සේකැ’යි සිතා, ‘යම් සේ පහර කීපයක් ලැබූ, එයින් අඩපණ වූ, දුබල සොරෙක් ‘කිමෙක්ද? සොරා මං විතරක්ද? අසවලාත්, සොරෙකි. අසවල් තැනැත්තාත්, සොරෙකැ’යි කියමින්, සියලු සහායකයන් ගැන තොරතුරු කියන්නාක් මෙන්, ‘භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියේදී, ‘කරුණු පැහැදිලි කරන්නට කී දේ ඔප්පු කරන්නට වේය’ යන බියෙන් තමාගේ සහායක වූ අන් අය ගැන ද, පැහැදිලි කරමින් මෙසේ කීවේය.
“ද්වාසත්තති ගොතම පුඤ්ඤකම්මා, වසවත්තිනො ජාතිජරං අතීතා; අයමන්තිමා වෙදගූ බ්රහ්මපත්ති, අස්මාභිජප්පන්ති ජනා අනෙකා”ති. (සං· නි· 1.175);
ද්වාසත්තති ගොතම පුඤ්ඤ කම්මා, වසවත්තිනො ජාති ජරං අතීතා, අයමන්ති මා වෙදගු බ්රහ්මපත්ති, අස්මාභි ජප්පන්ති ජනා අනෙකා
ගෞතමයන් වහන්ස, ජාති-ජරා ඉක්ම වූ, ස්වීයත්වය ඇති, පින් කළ උදවිය සැත්තෑ දෙදෙනෙකි. ප්‍රඥාවෙන් අගතැන් පැමිණි, මේ ‘නිෂ්ඨාව’ උතුම් ම ප්‍රාප්තිය වේ. අප හා එක්වන්නට, බොහෝ ජනයෝ ප්‍රාර්ථනා කෙරෙති.
තත්ථ ද්වාසත්තතීති න කෙවලං භො ගොතම, අහමෙව, අථ ඛො ඉමස්මිං බ්රහ්මලොකෙ මයං ද්වාසත්තති ජනා පුඤ්ඤකම්මා අඤ්ඤෙසං උපරි අත්ථනො වසං වත්තනෙන වසවත්තිනො ජාතිඤ්ච ජරඤ්ච අතීතා, අයං නො වෙදෙහි ගතත්තා වෙදගූ, අයං භො ගොතම අන්තිමා බ්රහ්මපත්ති, පච්ඡිමකොටිප්පත්ති සෙට්ඨභාවප්පත්ති. අස්මාභිජප්පන්ති ජනා අනෙකාති අම්හෙ අඤ්ඤෙ බහූ ජනා පඤ්ජලිකා හුත්වා – “අයං ඛො භවං බ්රහ්මා මහාබ්රහ්මා”තිආදීනි වදන්තා නමස්සන්ති පත්ථෙන්ති පිහයන්ති, “අහො වත මයම්පි එවරූපා භවෙය්යාමා”ති ඉච්ඡන්තීති අත්ථො.
මෙහි ‘ද්වාසත්තති’ යනු ‘ගෞතමයන් වහන්ස, තවද මේ බඹලොව හුදෙක් මා පමණක් නොව, පුණ්‍යකාමී වූ අපි සැත්තෑ දෙදෙනෙක් වෙමු’ යන අර්ථයි. ‘වසවත්තිනො’ යනු ‘අනුන් කෙරෙහි බලය පැවැත්විය හැකි බැවින්, එනම් වේ’ යන අර්ථයි. අපගේ ප්‍රඥාව කරණ කොටගෙන, ජාති-ජරා ඉක්මවා ගිය බැවින්, මේ ‘වේදගූ’ යන වචනය යෙදේ. ගෞතමයන් වහන්ස, මේ ‘අන්තිමා බ්රහ්මපත්ති’ යනු කෙළවරේ ම ඇති, අන්තිමට ම ඇති ‘ප්‍රාප්තිය’යි. එනම්, උතුම් ම තත්ත්වයට පැමිණීමයි. ‘අස්මාභිජප්පන්ති’ යනු ‘අප ගැන අන් බොහෝ ජනයෝ ඇඳිලි බැඳ, ‘මේ තෙමේ පින්වත් බ්‍රහ්මයෙකි. මේ මහා බ්‍රහ්මයා යැ’යි කියමින් නමස්කාර කෙරෙති. ප්‍රාර්ථනා කෙරෙති. ආශා කෙරෙති. ‘අහෝ! ඒකාන්තයෙන් අපිදු මෙබඳු උතුමෝ වන්නෙමු’යි, කැමැත්ත පළ කෙරෙති’ යන අර්ථයි.
තස්ස වචනං සුත්වා සත්ථා දුතියං ගාථමාහ –
බ්‍රහ්මයාගේ මේ කථාව අසා, බුදුරජාණන් වහන්සේ මෙසේ පැවසූ සේක.
“අප්පං හි එතං න හි දීඝමායු, යං ත්වං බක මඤ්ඤසි දීඝමායුං; සතං සහස්සානි නිරබ්බුදානං, ආයුං පජානාමි තවාහ බ්රහ්මෙ”ති. (සං· නි· 1.175);
2. බක බ්‍රහ්මය, මම ඔබේ ආයු ප්‍රමාණය දනිමි. ඔබ දීර්ඝායු සේ සිතන, ආයු ප්‍රමාණය දීර්ඝායුෂක් නොවේ. එය ‘නිරබ්බුද’ ගණනින් කියතොත්, නිරබ්බුද ලක්ෂයකි. එය මඳ ආයු ප්රමාණයකි.
තත්ථ සතං සහස්සානි නිරබ්බුදානන්ති නිරබ්බුදසඞ්ඛාතානං ගණනානං සතසහස්සානි. වස්සානඤ්හි දසදසකං සතං, දස සතානං සහස්සං, සතං සහස්සානං සතසහස්සං, සතං සතසහස්සානං කොටි නාම, සතං කොටිසතසහස්සානං පකොටි නාම, සතං පකොටිසතසහස්සානං කොටිපකොටි නාම, සතං කොටිපකොටිසතසහස්සානං එකං නහුතං නාම, සතං නහුතසතසහස්සානං එකං නින්නහුතං නාම. ඡෙකො ගණකො එත්තකං ගණෙතුං සක්කොති, තතො පරං ගණනා නාම බුද්ධානමෙව විසයො. තත්ථ සතං නින්නහුතසතසහස්සානං එකං අබ්බුදං, වීසති අබ්බුදානි එකං නිරබ්බුදං, තෙසං නිරබ්බුදසතසහස්සානං එකං අහහං නාම, එත්තකං බකස්ස බ්රහ්මුනො තස්මිං භවෙ අවසිට්ඨං ආයු, තං සන්ධාය භගවා එවමාහ.
මෙහි ‘සතං සහස්සානං නිරබ්බුදානං’ යනු ‘නිරබ්බුද ගණනින් ලක්ෂයකි’ යන අර්ථයි. වර්ෂයන්ගේ දහයේ ඒවා දහයක්, සියයකි. සියයේ ඒවා දහයක්, දහසකි. දහසේ ඒවා සියයක්, ලක්ෂයකි. ලක්ෂ සියයක් කෝටියකි. කෝටි ලක්ෂයේ සියයක්, ප්‍රකෝටියකි. ප්‍රකෝටි ලක්ෂයේ සියයක්, කෝටි ප්‍රකෝටියකි. කෝටිප්රකෝටි ලක්ෂයේ සියයක්, නහුතයකි. නහුත ලක්ෂ සියයක් නින්නහුතයකි. දක්ෂ ගණිතඥයෙක් මෙපමණක් ගණන් කරයි. එය ඉක්මවා යාම බුද්ධ විෂයකි. ඒ අනුව නින්නහුත ලක්ෂ සියයක්, ‘අබ්බුද’ නම් වේ. අබ්බුද විස්සක් ‘නිරබ්බුද’ නම් වේ. නිරබ්බුද ලක්ෂ සියයක්, ‘අහහ’ නම් වේ. බක බ්‍රහ්මයාගේ එම භවයෙහි, ඉතිරි ආයු ප්‍රමාණය සලකා, ‘නිරබ්බුද ලක්ෂයකැ’යි බුදුරජාණන් වහන්සේ වදාළ සේක.
තං සුත්වා බකො තතියං ගාථමාහ –
බුදුරජාණන් වහන්සේගේ මේ විවරණය ඇසූ බක බ්‍රහ්මයා මෙසේ කීවේය.
“අනන්තදස්සී භගවාහමස්මි, ජාතිජ්ජරං සොකමුපාතිවත්තො; කිං මෙ පුරාණං වතසීලවත්තං, ආචික්ඛ මෙ තං යමහං විජඤ්ඤ”න්ති. (සං· නි· 1.175);
3. භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ ‘මම අනන්තය දක්නේ වෙමි. ජාති-ජරා-ශෝක ඉක්මවා සිටියෙමැ’යි කියන සේක. (එසේ නම්) ‘පෙර මාගේ ශීලයන් හා වෘත සමාදානයන් කෙබඳු දැ’යි, මාගේ දැනීම සඳහා කියනු මැනවි.
තත්ථ භගවාති භගවා තුම්හෙ “ආයුං පජානාමි තවාහ”න්ති වදන්තා “අහං අනන්තදස්සී ජාතිජරඤ්ච සොකඤ්ච උපාතිවත්තොස්මී”ති වදථ. වතසීලවත්තන්ති වතසමාදානඤ්ච සීලවත්තඤ්ච. ඉදං වුත්තං හොති – යදි තුම්හෙ සබ්බඤ්ඤුබුද්ධා, එවං සන්තෙ කිං මය්හං පුරාණං වතඤ්ච සීලවත්තඤ්ච, ආචික්ඛ මෙ තං, යමහං තයා ආචික්ඛිතං යාථාවසරසතො විජානෙය්යන්ති.
මෙහි ‘භගවා’ යනු ‘භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ ‘මම ඔබේ ආයු ප්‍රමාණය දනිමියි ද, මම අනන්තය දක්නේ වෙමි කියා ද, ජාති-ජරා-ශෝක ඉක්මවා සිටියේ වෙමැ’යි කියා ද පවසන සේක’ යන අර්ථයි. ‘වත සීලවත්තං’ යනු ‘ව්‍රත සමාදානය ද, සිල්වත්කම් ද’ යන අර්ථයි. මින් කියන ලද්දේ මේ අර්ථයයි. එනම් ‘ඉදින් ඔබවහන්සේ සර්වඥ වූ බුදුවරයෙක් නම්, එසේ වූ කල්හි, පෙර මාගේ ශීලයන් හා චරණයන් ද, ව්‍රත සමාදානයන්ද, කෙසේදැයි මට කියනු මැනව. ඔබවහන්සේ කියන දේ යමක්ද? මම එය අවසර ලත් පරිද්දෙන් දැන ගන්නෙමි’ යන අර්ථයි.
අථස්ස භගවා අතීතානි වත්ථූනි ආහරිත්වා ආචික්ඛන්තො චතස්සො ගාථා අභාසි –
ඉක්බිති බුදුරජාණන් වහන්සේ ඔහුගේ අතීත කතා පුවත් ගෙනහැර දක්වමින් ඔහුට ඒවා පැහැදිලි කරමින් ගාථා හතරක් වදාළ සේක.
“යං ත්වං අපායෙසි බහූ මනුස්සෙ, පිපාසිතෙ ඝම්මනි සම්පරෙතෙ; තං තෙ පුරාණං වතසීලවත්තං, සුත්තප්පබුද්ධොව අනුස්සරාමි.
4. ඔබ ග්‍රීෂ්ම කාලයෙහි දාහයෙන් පීඩිත වූ, පිපාසිත වූ, බොහෝ මිනිසුන්ට යමක් (පානීය ජලය) පෙවුයෙහිද? ඔබේ ඒ පුරාණ ශීල හා ව්‍රත සමාදානයන් (මම) නිදා පිබිදියාක් මෙන්, සිහිපත් කරමි.
“යං එණිකූලස්මි ජනං ගහීතං, අමොචයී ගය්හක නීයමානං; තං තෙ පුරාණං වතසීලවත්තං, සුත්තප්පබුද්ධොව අනුස්සරාමි.
“ගඞ්ගාය සොතස්මිං ගහීතනාවං, ලුද්දෙන නාගෙන මනුස්සකප්පා; අමොචයි ත්වං බලසා පසය්හ, තං තෙ පුරාණං වතසීලවත්තං; සුත්තප්පබුද්ධොව අනුස්සරාමි.
5. බිහිසුණු නාගයකු විසින් මිනිසුන් නසනු කැමති වූ (ඔවුන්ගේ) නැව ‘ගංගා’ නදියේ සැර පහර මැදදී, අල්ලා ගත් කල්හි, ඔබ ඔබේ ශීලය යොදා, එය මැඩ පවත්වා මිනිසුන් මුදා ගත්තෙහිද? ඒ ඔබගේ පුරාණ ශීල හා ව්‍රත සමාදානයන් (මම) නිදා පිබිදියාක් මෙන් සිහිපත් කරමි.
“කප්පො ච තෙ බද්ධචරො අහොසිං, සම්බුද්ධිමන්තං වතිනං අමඤ්ඤං; තං තෙ පුරාණං වතසීලවත්තං, සුත්තප්පබුද්ධොව අනුස්සරාමී”ති. (සං· නි· 1.175);
7. (පෙර) ‘කප්ප’ නමින් (මම) ඔබේ අතවැසියෙක් වීමි. මනා බුද්ධිය හා ව්‍රත ඇත්තකු කොට (ඔබ ගැන) සිතුවෙමි. ඒ ඔබගේ පුරාණ ශීල හා ව්‍රත සමාදානයන්, (මම) නිදා පිබිදියාක් මෙන්, සිහිපත් කරමි.
තත්ථ අපායෙසීති පායෙසි. ඝම්මනි සම්පරෙතෙති ඝම්මෙන සම්පරෙතෙ අතිවිය ඵුට්ඨෙ ඝම්මකිලන්තෙ. සුත්තප්පබුද්ධොවාති පච්චූසකාලෙ සුපන්තො සුපිනං පස්සිත්වා තං සුපිනකං විය අනුස්සරාමි. සො කිර බකබ්රහ්මා එකස්මිං කප්පෙ තාපසො හුත්වා මරුකන්තාරෙ වසන්තො බහූනං කන්තාරපටිපන්නානං පානීයං ආහරිත්වා අදාසි. අථෙකදිවසං එකො සත්ථවාහො පඤ්චහි සකටසතෙහි මරුකන්තාරං පටිපජ්ජි. මනුස්සා දිසා වවත්ථපෙතුං අසක්කොන්තා සත්ත දිවසානි ආහිණ්ඩිත්වා ඛීණදාරුදකා නිරාහාරා උණ්හාභිභූතා “ඉදානි නො ජීවිතං නත්ථී”ති සකටෙ පරිවත්තෙත්වා ගොණෙ මොචෙත්වා හෙට්ඨාසකටෙසු නිපජ්ජිංසු. තදා තාපසො ආවජ්ජෙන්තො තෙ දිස්වා “මයි පස්සන්තෙ මා නස්සිංසූ”ති චින්තෙත්වා අත්තනො ඉද්ධානුභාවෙන ගඞ්ගාසොතං උබ්බත්තෙත්වා සත්ථවාහාභිමුඛං අකාසි, අවිදූරෙ ච එකං වනසණ්ඩං මාපෙසි. මනුස්සා පානීයං පිවිත්වා න්හත්වා ගොණෙ සන්තප්පෙත්වා වනසණ්ඩතො තිණං ලායිත්වා දාරූනි ගහෙත්වා දිසං සල්ලක්ඛෙත්වා අරොගා කන්තාරං අතික්කමිංසු, තං සන්ධායෙතං වුත්තං.
මෙහි ‘අපායෙසී’ යනු ‘පෙවී’ය යන අර්ථයි. ‘ඝම්මනි සම්පරේත’ යනු ‘ග්‍රීෂ්මයෙන් අතිශය පීඩාවට පත් වී, එයින් ක්ලාන්ත වූවන්’ යන අර්ථයි. ‘සුත්තප්පබුද්ධො’ යනු ‘නිදා හුන් කල්හි, අලුයම් කාලයේදී සිහිනයක් දැක ඇහැරී, එය සිහිපත් කරන්නාක් මෙන්, සිහි කරමි’ යන අර්ථයි. ඒ බක බ්‍රහ්මයා එක් කල්පයක තවුසෙක් වී මරු කතර වසමින්, ඒ කතරෙහි පටන් ගන්නා, බොහෝ අයට පැන් ලබා දුන්නේය. ඉක්බිති එක් දිනක් පන්සියයක් ගැල් සහිත එක් ගැල් සාත්තුවක්, ඒ මරු කතරට පැමිණියේය. දිසාවන් තීරණය කරගැනීමට අපහසු වූ මිනිස්සු, දින හතක් ඒ මේ අත ඇවිද, දර හා දිය අවසන් වූ පසු, නිරාහාරව පිපාසිතව ‘දැන් අපට ජීවිතයක් නැතැ’යි ගොනුන් මුදා හැර, ගැල් අනෙක් අතට පෙරළා දමා, එම ගැල යට වැද හොත්තාහුය. එදා ආවර්ජනා කිරීමෙන් ඔවුන් දුටු තවුසා, ‘මා බලා සිටියදී ඔවුන්ට මිය යන්නට ඉඩ දිය නොහැකි යැ’යි සිතා තම සෘද්ධි ආනුභාවයෙන් ‘ගංගා’ නදියේ ජලකඳ ඔසවා, ගැල් සාත්තුව දෙසට යොමු කෙළේය. ගැල් සාත්තුව නුදුරෙන්, එක් වන ලැහැබක් ද මැවීය. එවිට ඒ ගැල්කරුවෝ පැන් බී, දිය නා, ගොනුන් ද සන්තර්පණය කොටගෙන, වන ලැහැබින්, තණකොළ කපාගෙන, දර කඩාගෙන වුත් අහර සකසාගෙන, පසුව දිසාව ද සොයාගෙන, සුවසේ කාන්තාරය තරණය කළහ. ඉහතින් සඳහන් කළ සිව්වන ගාථාව ඒ ගැන කියන ලද්දකි.
එණිකූලස්මින්ති එණියා නාම නදියා කූලෙ. ගය්හක නීයමානන්ති කරමරගාහං ගහෙත්වා නීයමානං. සො කිර තාපසො අපරස්මිං කාලෙ එකං පච්චන්තගාමං නිස්සාය නදීතීරෙ වනසණ්ඩෙ විහාසි. අථෙකස්මිං දිවසෙ පබ්බතතො චොරා ඔතරිත්වා තං ගාමං පහරිත්වා මහාජනං ගහෙත්වා පබ්බතං ආරොපෙත්වා අන්තරාමග්ගෙ චාරකමනුස්සෙ ඨපෙත්වා පබ්බතබිලං පවිසිත්වා ආහාරං පචාපෙන්තා නිසීදිංසු. තාපසො ගොමහිංසාදීනඤ්චෙව දාරකදාරිකාදීනඤ්ච මහන්තං අට්ටස්සරං සුත්වා “මයි පස්සන්තෙ මා නස්සිංසූ”ති ඉද්ධානුභාවෙන අත්තභාවං ජහිත්වා චතුරඞ්ගිනියා සෙනාය පරිවුතො රාජා හුත්වා යුද්ධභෙරිං ආකොටාපෙන්තො තං ඨානං අගමාසි. චාරකමනුස්සා තං දිස්වා චොරානං ආරොචෙසුං. චොරා “රඤ්ඤා සද්ධිං විග්ගහො නාම න යුත්තො”ති සබ්බං ගහිතගහිතං භණ්ඩකං ඡඩ්ඩෙත්වා භත්තං අභුඤ්ජිත්වාව පලායිංසු. තාපසො තෙ සබ්බෙ ආනෙත්වා සකගාමෙයෙව පතිට්ඨාපෙසි, තං සන්ධායෙතං වුත්තං.
‘ඒණි කුලස්මිං’ යනු ‘ඒණි නම් වූ නදී තෙරදී’ යන අර්ථයි. ‘ගය්හක නිය්යමානං’ යනු ‘බලහත්කාරයෙන් අල්ලාගෙන යනු ලබන’ යන අර්ථයි. ඉහත කී තවුසාම පසුකාලයකදී, එක් පසල් ගමක් ඇසුරුකොට නදී තෙරක තිබූ, වන ලැහැබක වාසය කරයි. කිසියම් දිනක ඒ අසල තිබූ, පර්වතයක විසූ සොර පිරිසක් පර්වතයෙන් බැස, ඒ ගමට අවුත්, ගමේ වස්තුව පැහැරගෙන, ගමේ විසූ මහජනයාද අත්අඩංගුවට ගෙන, එකී පර්වතයට නගින අවස්ථාවේදී, අතරමග චර පුරුෂයන් යොදවා තබා, මදක් තැන් ගොස් නැවතී, දිවා ආහාරය සකසන්නට පටන් ගත්හ. මේ කටයුතු සිදුකරන ලද්දේ, ඔවුන් නවාතැන් ගත් ස්ථානයේ පිහිටි, ගල් ගුහාවක් තුළදී ය. ඔවුහු එහිදී ආහාර පිසමින් තැනින් තැන වාඩිගෙන හුන්හ. මේ අතර තවුසා ඉහත කී පිරිස අතරේ හුන් දරු දැරියන්ගේද, ඒ පිරිසටම අයත් ඵල හරක්, මී හරක් ආදී සතුන්ගේ ද, මහත් වූ බැගෑ හඬ අසා, ‘මා බලා හිඳිද්දී මොවුන්ට නැසෙන්නට ඉඩ දිය නොහැකැ’යි කල්පනා කොට, ස්වකීය සෘද්ධියේ ආනුභාවයෙන්, සිය ස්වභාවය වෙනස් කොටගෙන, සිවුරඟ සෙනඟ පිරිවරා ගත් රජකුගේ විලාසයෙන්, යුද බෙර වයමින්, ඇතුන් අසුන්ගේ ශබ්ද නංවමින්, ඉහත කී සොරුන් ඇතුළු පිරිස වෙත හඹා ගියේය. විශාල රාජකීය හමුදාවක් එනු දුටු චර පුරුෂයෝ, වහා දිවැ ගොස්, සොරුන්ට ඒ බව දැන්වූහ. මහත් බියට පත්වූ සොරු, ‘රජකු සමග මොන සටනක් දැයි කියා, පැහැරගත් සියලු භාණ්ඩ සහ ගම්වැසි මිනිසුන් ද හැර දමා, කෑම ද, නො කාම පලා ගියහ. තවුසා එහි සිටි සියලු පිරිස් කැඳවාගෙන අවුත්, ඔවුන්ගේ ගමටම ඇරලුවේය. මේ විස්තරය පස්වන ගාථාව සඳහා කියන ලද්දකි.
ගහීතනාවන්ති නිග්ගහිතනාවං. ලුද්දෙනාති කක්ඛළෙන. මනුස්සකප්පාති මනුස්සෙ විනාසෙතුකාමතාය. බලසාති බලෙන. පසය්හාති අභිභවිත්වා. අපරස්මිං කාලෙ සො තාපසො ගඞ්ගාතීරෙ විහාසි. තදා මනුස්සා ද්වෙ තයො නාවාසඞ්ඝාටෙ බන්ධිත්වා සඞ්ඝාටමත්ථකෙ පුප්ඵමණ්ඩපං කාරෙත්වා සඞ්ඝාටෙ නිසීදිත්වා ඛාදන්තා පිවන්තා සම්බන්ධකුලං ගච්ඡන්ති. තෙ පීතාවසෙසං සුරං භුත්තඛාදිතාවසෙසානි භත්තමච්ඡමංසතම්බුලාදීනි ගඞ්ගායමෙව පාතෙන්ති. ගඞ්ගෙය්යො නාගරාජා “ඉමෙ උච්ඡිට්ඨකං මම උපරි ඛිපන්තී”ති කුජ්ඣිත්වා “සබ්බෙ තෙ ජනෙ ගහෙත්වා ගඞ්ගාය ඔසීදාපෙස්සාමී”ති මහන්තං එකදොණිකනාවප්පමාණං අත්තභාවං මාපෙත්වා උදකං භින්දිත්වා ඵණං ධාරයමානො තෙසං අභිමුඛො පායාසි. තෙ නාගරාජානං දිස්වා මරණභයතජ්ජිතා එකප්පහාරෙනෙව මහාසද්දං කරිංසු. තාපසො තෙසං පරිදෙවිතසද්දං සුත්වා නාගරාජස්ස ච කුද්ධභාවං ඤත්වා “මයි පස්සන්තෙ මා නස්සිංසූ”ති ඛිප්පනිසන්තියා අත්තනො ආනුභාවෙන ඛිප්පං සුපණ්ණවණ්ණං අත්තානං මාපෙත්වා අගමාසි . නාගරාජා තං දිස්වා මරණභයතජ්ජිතො උදකෙ නිමුජ්ජි. මනුස්සා සොත්ථිභාවං පත්වා අගමංසු, තං සන්ධායෙතං වුත්තං.
‘ගහීතනාවං’ යනු ‘අල්වා ගත් නැව’ යන අර්ථයි. ‘ලුද්දෙන’ යනු ‘බිහිසුණු වූ’ යන අර්ථයි. ‘මනුස්සකප්පා’ යනු ‘මිනිසුන් විනාශ කරනු කැමතිව’ යන අර්ථයි. ‘බලසා’ යනු ‘බලයෙන්’ යන අර්ථයි. ‘පසය්හ’ යනු ‘මැඩ පවත්වා’ යන අර්ථයි. ‘ඒ තාපසයාම පසුකලෙකදී, ගංගා නදියේ තීරයෙහි වාසය කෙළේය. එකල්හි මිනිස්සු නැව් දෙක තුනක් එකට සම්බන්ධ කොට බැඳ, ඒ මැද පුෂ්ප මණ්ඩපයක් සකස් කරවා, ඒ තුළ වාඩි වී, ඒ ඒ පවුල්වල උදවිය එකතු කොටගෙන කමින්, බොමින්, විනෝද වෙමින් ගමන් කරති. මෙසේ යන අතර ඔවුන් විසින් පානය කිරීමෙන් ඉතිරි වූ සුරා ආදිය ද, කෑමෙන් ඉතිරි වූ බත්-මස්-මාලු-සහල් ආදියද, ගඟටම හෙළති. මේ ගංගා නදියෙහි මහා බලසම්පන්න නාගරාජයෙක් වෙසේ. නැව තුළ වූ මිනිසුන්ගේ මේ ක්‍රියාදාමය ගැන කල්පනා කළ නාගරාජයා, ‘මොවුහු උන්ගේ ඉඳුල් මාගේ වාසස්ථානයෙහි හෙළති. එබැවින් මුන් සියලු දෙනා අල්ලා ගඟේ ගිල්වන්නෙමි’යි, කෝපයෙන් මහත් වූ ඔරුකඳක් පමණ වූ විශාල ශරීරයක් මවාගෙන, ජලය දෙබෑ කරගෙන, අති විශාල පෙණය පුප්පාගෙන, මිනිසුන් හිඳින නැවට මුහුණලා, ඒ දෙසට ඉතා වේගයෙන් ඇදී ගියේය. තමන් ලුහුබැඳ එන නාගරාජයා දුටු මිනිස්සු මරණ බියෙන් බියපත්ව, එක හඬින් ඝෝෂා කරන්නට පටන් ගත්හ. සමහරු හැඬූහ. තවත් සමහරු මහ හඬින් වැලපුනහ. ඔවුන්ගේ ඒ වැලපීම් ශබ්දයත්, නාගරාජයාගේ කෝපයත්, මැනවින් තේරුම් ගත් තාපසතුමා, ‘මා බලා සිටිද්දී මොවුන්ට මේ විනාශය සිදු කිරීමට ඉඩදිය නොහැකැ’යි සිතා, ස්වකීය සෘද්ධියේ ආනුභාවයෙන්, වහා මහත් වූ ගුරුළු වෙසක් මවාගෙන, නැව දෙසට පියඹා ගියේය. දැවැන්ත ගුරුළා දුටු නාගරාජයා මරණ බියෙන් බියපත්ව, දිය යට සැඟවුනේය. විපතින් මිදුණු මිනිස්සු සුවපත් භාවයට පත්ව, ඔවුන්ගේ ගමන ගියහ. මෙය සවැනි ගාථාව සඳහා කියන ලද්දකි.
බද්ධචරොති අන්තෙවාසිකො. සම්බුද්ධිමන්තං වතිනං අමඤ්ඤන්ති බුද්ධිසම්පන්නො චෙව වතසම්පන්නො ච තාපසොති තං මඤ්ඤමානො. ඉමිනා කිං දස්සෙති? මහාබ්රහ්මෙ අහං අතීතෙ තව කෙසවතාපසකාලෙ කප්පො නාම අන්තෙවාසිකො වෙය්යාවච්චකරො හුත්වා තුය්හං නාරදෙන නාම අමච්චෙන බාරාණසිතො හිමවන්තං ආනීතස්ස රොගං වූපසමෙසිං. අථ නං නාරදො දුතියවාරෙ ආගන්ත්වා නිරොගං දිස්වා ඉමං ගාථං අභාසි –
‘බද්ධචරො’ යනු ‘අතවැසියා’ය. ‘සම්බුද්ධිවන්තං වතිනං අමඤ්ඤං’ යනු ‘ඔබ බුද්ධි සම්පන්න හා ව්‍රත සම්පන්න තවුසෙක් ය යන හැඟීමෙන් යුක්තව’ යන අර්ථයි. මින් කුමක් නම් දක්වයිද? ‘මහා බ්‍රහ්මය, පෙර ඔබ කේශව තාපසයාව සිටි කාලයේ දී මම නමින් ‘කප්ප’ නම් වූයෙමි. එසේ ම ඔබට වතාවත් කරන අන්තේවාසිකයා ද වූයෙමි. එකල ‘නාරද’ නම් වූ ඇමැතියා විසින් අසනීපයෙන් පසුවූ ඔබ, බරණැස් පුරයෙන් හිමවතට එනම්, මා විසූ තැනට කැඳවාගෙන එන ලදි. එහිදී මම ඔබගේ ඒ රෝගය සංසිඳවූයෙමි. ඔබ හිමවතට ඇරලා, පෙරළා බරණැසට ගිය නාරද ඇමැතියා දෙවන වර ඔබගේ සුවදුක් බලන්නට හිමාලයට පැමිණියේය. එහිදී ඔබ නිරෝගී ව හිඳනු බලා, නාරද මේ ගාථාව කීවේය.
“මනුස්සින්‍දං ජහිත්වාන, සබ්බකාමසමිද්ධිනං; කථං නු භගවා කෙසි, කප්පස්ස රමති අස්සමෙ”ති. (ජා· 1.4.181);
8. තමා කැමති සියලු ම දැයින් සපිරි රජු අතහැර, කෙසේ නම් පින්වත් කේශව තවුසා, කප්ප තවුසාගේ අසපුවෙහි සිත් අලවා වෙසේද?
තමෙනං ත්වං එතදවොච –
නාරද ඇමතියාගේ මේ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඔබ එදා මෙසේ කීවෙහිය.
“සාදූනි රමණීයානි, සන්ති වක්ඛා මනොරමා; සුභාසිතානි කප්පස්ස, නාරද රමයන්ති ම”න්ති. (ජා· 1.4.182);
9. නාරදය, කප්ප තවුසාගේ රමණීය වූ සුභාෂිත වචන මිහිරිය. වනපෙත ද සිත්කලුය. මේ හැම දෙයක් ම මා සතුටු කරයි.
ඉතිස්ස භගවා ඉමං අත්තනා අන්තෙවාසිකෙන හුත්වා රොගස්ස වූපසමිතභාවං දීපෙන්තො එවමාහ. තඤ්ච පන බ්රහ්මුනා මනුස්සලොකෙ කතකම්මං සබ්බං මහාබ්රහ්මානං සල්ලක්ඛාපෙන්තොව කථෙසි.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ ‘තමා ඔහුගේ අතවැසියා වී ඔහුගේ රෝගය සුව කළ හැකි බව’ පැහැදිලි කරමින්, මේ සත්වෙනි ගාථාව වදාළ සේක. මෙය ද ‘ඒ බ්‍රහ්මයා විසින් මිනිසත් බව ලැබ සිටි කාලයේදී කරන ලද්දකැ’යි යනුවෙන්, බුදුරජාණන් වහන්සේ වදාළ සේක. මේ සියල්ල එසේ වදාළේ මහා බ්‍රහ්මයා දැනුවත් කිරීම සඳහාමය.
සො සත්ථු වචනෙන අත්තනා කතකම්මං සරිත්වා තථාගතස්ස ථුතිං කරොන්තො ඔසානගාථමාහ –
මෙවිට බක බ්‍රහ්මයා, බුදුරජාණන් වහන්සේගේ දේශනයෙන් අනතුරුව, පෙර තමා විසින් කළ කටයුතු සිහිකොට, තථාගතයන් වහන්සේට ස්තුති කරමින්, මේ අවසන ගාථාව කීවේය.
“අද්ධා පජානාසි මමෙතමායුං, අඤ්ඤම්පි ජානාසි තථා හි බුද්ධො; තථා හි තායං ජලිතානුභාවො, ඔභාසයං තිට්ඨති බ්‍රහ්මලොක”න්ති.
10. ඔබ මාගේ ආයු ප්‍රමාණය ඒකාන්තයෙන්ම දන්නේය. වෙනත් දේවල් ද දන්නේය. ඒ නිසාම ඔබ ‘බුද්ධ’ය. ඒ නිසා ම (ඔබගේ) මේ දිලිසෙන, (තේජස් සම්පන්න) ආනුභාවය බඹලොව බබුළුවමින් සිටී.
තත්ථ තථා හි බුද්ධොති තථා හි ත්වං බුද්ධො. බුද්ධානඤ්හි අඤ්ඤාතං නාම නත්ථි, සබ්බධම්මානං බුද්ධත්තායෙව හි තෙ බුද්ධා නාමාති දස්සෙති. තථා හි තායන්ති බුද්ධත්තායෙව ච පන තව අයං ජලිතො සරීරප්පභානුභාවො. ඔභාසයං තිට්ඨතීති ඉමං සකලම්පි බ්රහ්මලොකං ඔභාසෙන්තො තිට්ඨති.
මෙහි ‘තථා හි බුද්ධො’ යනු ‘ඒ නිසා ඔබ බුද්ධ ය. බුදුවරුන්ට තේරුම් නො ගත හැකි කිසිවක් නැත. සියලු ධර්මයන් අවබෝධ කළ බැවින් ම, ඔවුහු ‘බුද්ධ’ නම් වූවාහු වෙතැ’යි, දක්වයි. යන අර්ථයි. ‘තථා හි තායං’ යනු ‘බුදු වූ බැවින් ම ඔබගේ මේ දිලිසෙන ශරීර ප්‍රභාව’, යන අර්ථයි. ‘ඔභාසයං තිට්ඨති’ යනු ‘මේ මුළු මහත් බඹලොව බබුළුවමින් සිටී’ යන අර්ථයි.
එවං සත්ථා අත්තනො බුද්ධගුණං ජානාපෙන්තො ධම්මං දෙසෙත්වා සච්චානි පකාසෙසි, සච්චපරියොසානෙ සම්පත්තානං දසමත්තානං බ්රහ්මසහස්සානං අනුපාදාය ආසවෙහි චිත්තානි විමුච්චිංසු. ඉති භගවා බහූනං බ්රහ්මානං අවස්සයො හුත්වා බ්රහ්මලොකා ජෙතවනං ආගන්ත්වා තත්ථ කථිතනියාමෙනෙව තං ධම්මදෙසනං භික්ඛූනං කථෙත්වා ජාතකං සමොධානෙසි – “තදා කෙසවතාපසො බකබ්රහ්මා අහොසි, කප්පමාණවො පන අහමෙව අහොසි”න්ති.
මෙසේ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ බුදුගුණ ප්‍රකට කරමින්, දහම් දෙසා සත්‍යය ම ප්‍රකාශ කළ සේක. මේ දේශනාව අවසානයේ දී බ්‍රහ්මයා දස දහසක් පමණ, ආශ්‍රවයන්ගේ සිත් මුදාගෙන නිවන් දුටහ. මෙසේ භාග්‍යවතුන් වහන්සේ බොහෝ වූ බ්‍රහ්මයන්ට පිළිසරණ වී, බඹලොවින් හැරී ජේතවනාරාමයට වැඩ, බඹලොව දී දේශනා කළ ආකාරයෙන් ම දෙව්රම දී ද, එම දේශනාව ම භික්ෂූන්ට දෙසා, ජාතකය නිමවා වදාළ සේක. එදා ‘කේශව’ තාපසයා නම්, බක බ්‍රහ්මයා විය. ‘කප්ප’ මානවකයා නම්, ‘මම ම යැ’යි බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ දක්වා වදාළ සේක.
බකජාතකවණ්ණනා දසමා.
කුක්කුවග්ගො පඨමො.
පළමුවන කුක්කු වර්ගය යි.