යෙදුමෙන් කියවන්න

9. කපිජාතකවණ‍්ණනා 404 අට‍්ඨකථා

9. කපිජාතකවණ‍්ණනා (404)

9. කපි ජාතකය (404)

යත්‍ථ වෙරී නිවසතීති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො දෙවදත‍්තස‍්ස පථවිපවෙසනං ආරබ‍්භ කථෙසි. තස‍්මිඤ‍්හි පථවිං පවිට‍්ඨෙ ධම‍්මසභායං කථං සමුට‍්ඨාපෙසුං “ආවුසො, දෙවදත‍්තො සහ පරිසාය නට‍්ඨො”ති. සත්‍ථා ආගන‍්ත්‍වා “කාය නුත්‍ථ, භික‍්ඛවෙ, එතරහි කථාය සන‍්නිසින‍්නා”ති පුච‍්ඡිත්‍වා “ඉමාය නාමා”ති වුත‍්තෙ “න, භික‍්ඛවෙ, ඉදානෙව දෙවදත‍්තො සහ පරිසාය නට‍්ඨො, පුබ‍්බෙපි නස‍්සියෙවා”ති වත්‍වා අතීතං ආහරි.

‘යත්‍ථ වෙරී නිවසති’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථා වස්තුව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවාසය කරන කල්හි, දෙව්දත් තෙරුන්ගේ පොළොව පලා යාම නිමිති කොටගෙන, වදාළ සේක. දම් සභාවෙහි රැස්වූ භික්‍ෂූහු, ඒ ගැන සාකච්ඡා කරමින් හුන්හ. එවිට එතැනට වැඩි බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් සාකච්ඡා කළ කරුණු, ඔවුන්ගෙන්ම අසා දැන, ‘මහණෙනි, තම පිරිසත් සමගම දෙව්දතුන් විනාශ වූයේ දැන් පමණක් නොවේ. පෙරද ඔහු සිය පිරිවර සමගම විනාශ වී යැ’යි වදාරා, මේ අතීත කථා පුවත මෙසේ දේශනා කළ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො කපියොනියං නිබ‍්බත‍්තිත්‍වා පඤ‍්චසතකපිපරිවාරො රාජුය්‍යානෙ වසි. දෙවදත‍්තොපි කපියොනියං නිබ‍්බත‍්තිත්‍වා පඤ‍්චසතකපිපරිවාරො තත්‍ථෙව වසි. අථෙකදිවසං පුරොහිතෙ උය්‍යානං ගන‍්ත්‍වා න‍්හත්‍වා අලඞ‍්කරිත්‍වා නික‍්ඛමන‍්තෙ එකො ලොලකපි පුරෙතරං ගන‍්ත්‍වා රාජුය්‍යානද‍්වාරෙ තොරණමත්‍ථකෙ නිසීදිත්‍වා තස‍්ස මත්‍ථකෙ වච‍්චපිණ‍්ඩං පාතෙත්‍වා පුන උද‍්ධං ඔලොකෙන‍්තස‍්ස මුඛෙ පාතෙසි. සො නිවත‍්තිත්‍වා “හොතු, ජානිස‍්සාමි තුම‍්හාකං කත‍්තබ‍්බ”න‍්ති මක‍්කටෙ සන‍්තජ‍්ජෙත්‍වා පුන න‍්හත්‍වා පක‍්කාමි. තෙන වෙරං ගහෙත්‍වා මක‍්කටානං සන‍්තජ‍්ජිතභාවං බොධිසත‍්තස‍්ස ආරොචෙසුං. සො “වෙරීනං නිවසනට‍්ඨානෙ නාම වසිතුං න වට‍්ටති, සබ‍්බොපි කපිගණො පලායිත්‍වා අඤ‍්ඤත්‍ථ ගච‍්ඡතූ”ති කපිසහස‍්සස‍්සපි ආරොචාපෙසි. දුබ‍්බචකපි අත‍්තනො පරිවාරමක‍්කටෙ ගහෙත්‍වා “පච‍්ඡා ජානිස‍්සාමී”ති තත්‍ථෙව නිසීදි. බොධිසත‍්තො අත‍්තනො පරිවාරං ගහෙත්‍වා අරඤ‍්ඤං පාවිසි. අථෙකදිවසං එකිස‍්සා වීහිකොට‍්ටිකාය දාසියා ආතපෙ පසාරිතවීහිං ඛාදන‍්තො එකො එළකො උම‍්මුක‍්කෙන පහාරං ලභිත්‍වා ආදිත‍්තසරීරො පලායන‍්තො එකිස‍්සා හත්‍ථිසාලං නිස‍්සාය තිණකුටියා කුට‍්ටෙ සරීරං ඝංසි . සො අග‍්ගි තිණකුටිකං ගණ‍්හි, තතො උට‍්ඨාය හත්‍ථිසාලං ගණ‍්හි, හත්‍ථිසාලාය හත්‍ථීනං පිට‍්ඨි ඣායි, හත්‍ථිවෙජ‍්ජා හත්‍ථීනං පටිජග‍්ගන‍්ති.

පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, අප බෝසත් තෙමේ වඳුරු කුලයෙක ඉපිද, පන්සියයක් වඳුරන් පිරිවරාගෙන රාජකීය උයනෙහි වාසය කෙළේය. වඳුරු යෝනියෙහි ඉපිද සිටි දේවදත්ත ද පන්සියයක් වඳුරන් පිරිවරාගෙන, බෝසතුන් විසූ උයනෙහි ම, එක් පැත්තක විසුවේය. මේ අතර කිසියම් දවසක, රජතුමාගේ පුරෝහිත බමුණා ජල ස්නානය සඳහා, රජුට අයත් මේ උයනට පිවිසියේය. පොකුණට බැස වතුර නෑ බමුණා වස්ත්‍ර හැඳ අලංකාර වී, උයනෙන් නික්මෙන කල්හි, එක් කෑදර වඳුරෙක් බමුණාට පෙර උයන් දොරටුව වෙත ගොස්, එහි තොරණ මතට නැගී, එහි වාඩි වී, උගේ නොහික්මුණුකම ප්‍රකට කරමින්, තොරණ යටින් ගමන් කරමින් සිටි, පුරෝහිත බමුණාගේ හිස මතට වර්චස් කෙළේය. බමුණා ‘තම ඔලුව උඩට වැටුණේ කුමක්දැ’යි විමසනු වස් උඩ බැලුවේය. එවිටම වඳුරා බමුණාගේ මූණ පුරා නැවත වරක් වර්චස් හෙළීය. සිය ගමන නවතා ආපසු හැරුණු පුරෝහිත බමුණා, ‘හොඳයි, තොපට කළ යුතු කාරිය මම දන්නෙමැ’යි කියා, වඳුරන්ට තර්ජනය කොට, නැවත පොකුණට පැමිණ, දෙවන වරටත් වතුර නා ගත්තේය. මෙසේ වඳුරන් සමග වෛර බැඳගෙන, පුරෝහිත බමුණා උයනින් පිටව ගිය බව, සිය වඳුරු සහචරයන්ගෙන්, බෝසත් වඳුරා දැන ගත්තේය. ඒ සම්බන්ධව සියලු තොරතුරු දැනගත් බෝසත් තෙමේ, ‘සතුරන් වෙසෙන තැනෙක නම්, විසීම නුසුදුසුය. එබැවින් සියලු වඳුරෝ මෙතැනින් පලා ගොස්, අන් තැනකට පිවිස ජීවත් වෙත්වා’යි සියලුම වඳුරන්ට එනම්, පක්‍ෂ දෙකේ වඳුරන් දහසටම, දැනුම් දුන්නේය. මේ අතර බෝසතුන්ගේ කථාව ගණන් නොගත් අකීකරු වඳුරා, තමාගේ සහචර වඳුරු සමූහයාට ‘අපි පසුව ඒ ගැන බලා ගමු’යි කියා, පලා නොගියේය. බෝසත් වඳුරා තම පිරිස ගෙන, නොපමාව මහ වනයට පිවිසියේය. කිසියම් දවසක රජගෙදර එක් දාසියක් අව්වෙහි වී වනා, පසෙක සිට වී කොටන්නට පටන් ගත්තාය. එතැනට පැමිණි එක් එළුවෙක්, වනා තිබූ වී කන්නට සූදානම් විය. ඒ දුටු දාසිය ගිනි පෙනෙල්ලක් අතට ගෙන වී කන එළුවාට දමා ගැසුවාය. එළුවාගේ ලෝමවලට ගිනි ඇවිලුණි. එයින් වේදනාවට පත් එළුවා, පලා දුවන්නට පටන් ගත්තේය. එසේ දිවැ ගිය ඌ එක් ඇත්හලක සමීපයේ තිබූ තණකොළ සෙවිලි කරන ලද කුටියක බිත්තියෙහි ගිනි ඇවිල ගත් සිය පිට ඇතිල්ලුවේය. එහිදී කෙසේ හෝ තණකොළවලට ගිනි ඇවිලුණි. කුටියේ පියස්සට ඇවිලුණු ගින්න, එයින් උඩට නැගී අත්හලට ඇවිල ගත්තේය. ඇත්හලේ පියස්සෙහි ගිනි ගත් කොටස්, ගින්දරත් සමග ඇතුන්ගේ සිරුරු මත ඇද හැලුණි. රජුගේ නියමයෙන්, ඇත් වෙදවරු ඇතුන්ට ප්‍රතිකාර කළහ. එහෙත් ඇතුන්ට ඒ හැටි සුවයක් නොවීය.

පුරොහිතොපි මක‍්කටානං ගහණූපායං උපධාරෙන‍්තො විචරති. අථ නං රාජුපට‍්ඨානං ආගන‍්ත්‍වා නිසින‍්නං රාජා ආහ “ආචරිය, බහූ නො හත්‍ථී වණිතා ජාතා, හත්‍ථිවෙජ‍්ජා පටිජග‍්ගිතුං න ජානන‍්ති, ජානාසි නු ඛො කිඤ‍්චි භෙසජ‍්ජ”න‍්ති? “ජානාමි, මහාරාජා”ති. “කිං නාමා”ති? “මක‍්කටවසා, මහාරාජා”ති. “කහං ලභිස‍්සාමා”ති? “නනු උය්‍යානෙ බහූ මක‍්කටා”ති? රාජා “උය්‍යානෙ මක‍්කටෙ මාරෙත්‍වා වසං ආනෙථා”ති ආහ. ධනුග‍්ගහා ගන‍්ත්‍වා පඤ‍්චසතෙපි මක‍්කටෙ විජ‍්ඣිත්‍වා මාරෙසුං. එකො පන ජෙට‍්ඨකමක‍්කටො පලායන‍්තො සරපහාරං ලභිත්‍වාපි තත්‍ථෙව අපතිත්‍වා බොධිසත‍්තස‍්ස වසනට‍්ඨානං පත්‍වා පති. වානරා “අම‍්හාකං වසනට‍්ඨානං පත්‍වා මතො”ති තස‍්ස පහාරං ලද‍්ධා මතභාවං බොධිසත‍්තස‍්ස ආරොචෙසුං. සො ගන‍්ත්‍වා කපිගණමජ‍්ඣෙ නිසින‍්නො “පණ‍්ඩිතානං ඔවාදං අකත්‍වා වෙරිට‍්ඨානෙ වසන‍්තා නාම එවං විනස‍්සන‍්තී”ති කපිගණස‍්ස ඔවාදවසෙන ඉමා ගාථා අභාසි –

මේ අතර වඳුරන්ගේ පලිගැනීම සඳහා උපායක් කල්පනා කරමින් සිටි පුරෝහිත බමුණා, රාජ්‍ය සේවය පිණිස රජවාසලට පැමිණියේය. ඔහු දුටු රජතුමා, ‘ආචාර්යතුමනි, තුවාල වූ බොහෝ ඇතුන්ගේ සිරුරුවල, පිළිස්සීමෙන් ගෙඩි හටගෙන ඇත. ඇත් වෙද්දු එවැනි දේට ප්‍රතිකාර නො දනිති. ඔබ ඊට කිසියම් බෙහෙතක් දන්නෙහිදැ’යි ප්‍රශ්න කෙළේය. වඳුරන්ගෙන් පළිගැනීමට මේ සුදුසු ම අවස්ථාව මේ යැයි, කල්පනා කළ පුරෝහිතයා ‘දනිමි දේවයන් වහන්සැ’යි උත්තර දුන්නේය. ‘ඒ කිනම් බෙහෙතක්ද?’ ‘රජතුමනි, වඳුරන්ගේ ‘චුරුණු තෙල්’ ඊට කදිම බෙහෙතකි.’ ‘ආචාර්යය, චුරුණු තෙල් කෙසේ ලබම්ද?’ ‘රජතුමනි, ඔබතුමාගේ උයනෙහි බොහෝ වඳුරෝ වෙති. පුරුෂයන් යොදවා වඳුරන් මරවා, චුරුණු තෙල් ගෙන්වාගත මැනවැ’යි, පුරෝහිතයා රජුට කීය. අනතුරුව රජතුමා දුනුවායන් පිටත් කොට යවා, පන්සියයක් වඳුරන් විද මැරවීය. වඳුරු රැළේ නායක වඳුරා ඊ පහර කා, එතැන නොවැටී තනිවම පලා ගොස්, බෝසත් වඳුරා වෙසෙන ස්ථානයට පිවිස එහි ඇද වැටුනේය. ඒ දුටු එතැන සිටි වඳුරෝ, වහා ඌ ළඟට කිට්ටු වී බලා ඌ මියගොස් ඇති බව දැන, තම නායකයා වන බෝසත් වඳුරු රාජයා වෙත වහා ගොස්, ඒ බව ඔහුට දැන්වූහ. ඉක්මණින් මළ වඳුරා වෙත පැමිණි බෝසත් වඳුරා, වඳුරු ගණයා පිරිවරා, ඒ මැද හිඳිමින් ‘නුවණැත්තන්ගේ අවවාද ක්‍රියාත්මක නොකොට සතුරන්ගේ ඇසුරෙහි වසන අය, මෙසේ වැනසෙන්නා හ’යි පිරිසට අවවාද වශයෙන් කියා, තවදුරටත් මෙසේ ද කීවේය.

“යත්‍ථ වෙරී නිවසති, න වසෙ තත්‍ථ පණ‍්ඩිතො; එකරත‍්තං ද‍්විරත‍්තං වා, දුක‍්ඛං වසති වෙරිසු.

යත්‍ථ වෙරී නිවසති - න වසෙ තත්‍ථ පණ්ඩිතො, එකරත්තිං දිරත්තං වා - දුක්ඛං වසති වෙසූකි

යම් තැනෙක වෛරක්කාරයෙක් වෙසේ ද? එහි පණ්ඩිතයෙක් නොවසන්නේය. රැයක් - දෙකක් වුවද, වෛරක්කාරයන් අතර විසීම දුකකි.

“දිසො වෙ ලහුචිත‍්තස‍්ස, පොසස‍්සානුවිධීයතො; එකස‍්ස කපිනො හෙතු, යූථස‍්ස අනයො කතො.

2. ලඝු සිත් ඇත්තා, අනුවර්තී පුද්ගලයාට, ඒකාන්තයෙන් සතුරු වන්නේය. එක් වඳුරකු නිසා, වඳුරු රංචුවටම හානියක් විය.

“බාලොව පණ‍්ඩිතමානී, යූථස‍්ස පරිහාරකො; සචිත‍්තස‍්ස වසං ගන‍්ත්‍වා, සයෙථායං යථා කපි.

3. සේනාව පරිහරණය කරන්නා වූ ‘මම නුවණැත්තෙක්මි’යි, සිතන අනුවණයා, තම සිතට වහල් වී, මේ වඳුරා මේ විපතට පත් වන්නේය.

“න සාධු බලවා බාලො, යූථස‍්ස පරිහාරකො; අහිතො භවති ඤාතීනං, සකුණානංව චෙතකො.

4. පිරිස පරිහරණය කරන අනුවණයා බලවතකු වුවත්, යහපත් නොවේ. එවැන්නා කුරුල්ලන්ට ‘සේ වටුවා’ මෙන්, නෑයන්ට සතුරු වේ.

“ධීරොව බලවා සාධු, යූථස‍්ස පරිහාරකො; හිතො භවති ඤාතීනං, තිදසානංව වාසවො.

5. පිරිස පරිහරණය කරන නුවණැති බලවතා යහපත්ය. එවැන්නා ‘තව්තිසා වැසියන්ට ශක්‍රයා මෙන්’ නෑයන්ට හිතවැඩ සලසයි.

“යො ච සීලඤ‍්ච පඤ‍්ඤඤ‍්ච, සුතඤ‍්චත‍්තනි පස‍්සති; උභින‍්නමත්‍ථං චරති, අත‍්තනො ච පරස‍්ස ච.

6. යමෙක් ශීලයත්, ප්‍රඥාවත්, උගත්කමත්, තමා කෙරෙහි දකී ද? ඔහු තමාට ද අනුන්ට ද යන දෙකොටසට ම හිතවැඩ සලසයි.

“තස‍්මා තුලෙය්‍ය මත‍්තානං, සීලපඤ‍්ඤාසුතාමිව; ගණං වා පරිහරෙ ධීරො, එකො වාපි පරිබ‍්බජෙ”ති.

7. එබැවින් තමා තුළ ඇති ශීලය-ප්‍රඥාව-උගත්කම යන මේවා තුලනය කර බලන්නේ නම්, ඒ නුවණැත්තා පිරිසක් පරිහරණය කළත්, තනිව ජීවත් වුවත් කම් නැත.

තත්‍ථ ලහුචිත‍්තස‍්සාති ලහුචිත‍්තො අස‍්ස. ඉදං වුත‍්තං හොති – යො පොසො ලහුචිත‍්තස‍්ස මිත‍්තස‍්ස වා ඤාතිනො වා අනුවිධීයති අනුවත‍්තති, තස‍්ස පොසස‍්ස අනුවිධීයතො සො ලහුචිත‍්තො දිසො හොති, වෙරිකිච‍්චං කරොති. එකස‍්ස කපිනොති පස‍්සථ එකස‍්ස ලහුචිත‍්තස‍්ස අන්‍ධබාලස‍්ස කපිනො හෙතු අයං සකලස‍්ස යූථස‍්ස අනයො අවුඩ‍්ඪි මහාවිනාසො කතොති. පණ‍්ඩිතමානීති යො සයං බාලො හුත්‍වා “අහං පණ‍්ඩිතො”ති අත‍්තානං මඤ‍්ඤමානො පණ‍්ඩිතානං ඔවාදං අකත්‍වා සකස‍්ස චිත‍්තස‍්ස වසං ගච‍්ඡති, සො සචිත‍්තස‍්ස වසං ගන‍්ත්‍වා යථායං දුබ‍්බචකපි මතසයනං සයිතො, එවං සයෙථාති අත්‍ථො.

මෙහි ‘ලහුචිත්තස්ස’ යනු ‘ලඝු සිත් ඇත්තෙක් වන්නේය’ යන අර්ථයි. මින් කියන ලද්දේ මේ අර්ථයි. ‘එනම්, යම් මිනිසෙක් ලඝු සිත් ඇති මිතුරකුට හෝ නෑයින්ට හෝ අනුගතව පවතීද? ලඝු සිත් ඇති ඒ පුද්ගලයා, ඒ මිනිසාට සතුරු වන්නේය. විරුද්ධව කටයුතු කෙරෙයි’ යන අර්ථයි. ‘ඒකස්ස කපිනො’ යනු ‘බලවු, ලඝු සිත් ඇති එක් අඳබාල වඳුරකුගේ ක්‍රියා කලාපය හේතුවෙන්, මුළු වඳුරු රංචුවට ම මේ විපත සිදුවුණි. මහා විනාශයක් කරන ලදි’ යන අර්ථයි. ‘පණ්ඩිතමානි’ යනු ‘යමෙක් තෙමේ ම බාලයෙක් ව, ‘මම පණ්ඩිතයෙක්මි’යි මෙසේ තමා ගැන ම සිතමින් පඬිවරුන්ගේ අවවාද නොතකා, තම සිතට වසඟව කටයුතු කෙරේද? තම සිතට වහල් වූ මේ අකීකරු වඳුරා මෙන්, මරණ මංචකයේ හෝනේ වේ. මෙසේ සයනය කරන්නට වන්නේය, යන අර්ථයි.

න සාධූති බාලො නාම බලසම‍්පන‍්නො යූථස‍්ස පරිහාරකො න සාධු න ලද‍්ධකො. කිංකාරණා? සො හි අහිතො භවති ඤාතීනං, විනාසමෙව වහති. සකුණානංව චෙතකොති යථා හි තිත‍්තිරසකුණානං දීපකතිත‍්තිරො දිවසම‍්පි වස‍්සන‍්තො අඤ‍්ඤෙ සකුණෙ න මාරෙති, ඤාතකෙව මාරෙති, තෙසඤ‍්ඤෙව අහිතො හොති, එවන‍්ති අත්‍ථො. හිතො භවතීති කායෙනපි වාචායපි මනසාපි හිතකාරකොයෙව. උභින‍්නමත්‍ථං චරතීති යො ඉධ පුග‍්ගලො එතෙ සීලාදයො ගුණෙ අත‍්තනි පස‍්සති, සො “මය‍්හං ආචාරසීලම‍්පි අත්‍ථි, පඤ‍්ඤාපි සුතපරියත‍්තිපි අත්‍ථී”ති තථතො ජානිත්‍වා ගණං පරිහරන‍්තො අත‍්තනො ච පරෙසඤ‍්ච අත‍්තානං පරිවාරෙත්‍වා චරන‍්තානන‍්ති උභින‍්නම‍්පි අත්‍ථමෙව චරති.

‘න සාධු’ යනු ‘රංචුවේ ආරක්ෂකයා බලසම්පන්නයකු වුවත්, ඔහු මෝඩයේක නම්, නුසුදුස්සෙකි. මක්නිසාද යත්, එවැන්නෙක් සිය ඥාතීන්ට පවා අහිත කරන්නෙකි. විනාශයක් ම ළඟා කරන්නෙකි. කුරුල්ලන්ට සේවටුවකු වැනිය සේ වටුවෙක් එක්තැනෙක දවසක් වාසය කළොත්, ඌ උගේ නාදයෙන් වටුවන් පමණක් එනම්, තම ඥාතීන් පමණක් කැඳවා මරණයට පමුණුවයි. ඌ වටුවන් හැර අනෙක් සතුන්ට හානියක් නොකරයි. මේ වඳුරා ද එසේය’ යන අර්ථයි. ‘හිතො භවති’ යනු ‘සිත-කය-වචන යන තුන් දොරින්ම හිත-වැඩ සලසන්නේ වේ’ යන අර්ථයි. ‘උභින්නමත්‍ථං චරති’ යනු ‘මෙලොව යම් පුද්ගලයෙක් මෙකී ශීලාදී ගුණ තමා කෙරෙහි දකීද? ඔහු මා ළඟ ආචාරශීලී භාවය ඇත. ප්‍රඥාව ද උගත්කම ද ඇතැ’යි ඇති සැටියෙන් දැන, පිරිස පරිහරණය කරන්නේ, තමා ද, තමා වටේ හැසිරෙන අය ද යන දෙගොල්ලටම යහපත සලසයි යන අර්ථයි.

තුලෙය්‍ය මත‍්තානන‍්ති තුලෙය්‍ය අත‍්තානං. තුලෙය්‍යාති තුලෙත්‍වා. සීලපඤ‍්ඤාසුතාමිවාති එතානි සීලාදීනි විය. ඉදං වුත‍්තං හොති – යස‍්මා සීලාදීනි අත‍්තනි සමනුපස‍්සන‍්තො උභින‍්නමත්‍ථං චරති, තස‍්මා පණ‍්ඩිතො එතානි සීලාදීනි විය අත‍්තානම‍්පි තෙසු තුලෙත්‍වා “පතිට‍්ඨිතො නු ඛොම‍්හි සීලෙ පඤ‍්ඤාය සුතෙ”ති තීරෙත්‍වා පතිට‍්ඨිතභාවං පච‍්චක‍්ඛං කත්‍වා ධීරො ගණං වා පරිහරෙය්‍ය, චතූසු ඉරියාපථෙසු එකො වා හුත්‍වා පරිබ‍්බජෙය්‍ය වත‍්තෙය්‍ය, පරිසුපට‍්ඨාකෙනපි විවෙකචාරිනාපි ඉමෙහි තීහි ධම‍්මෙහි සමන‍්නාගතෙනෙව භවිතබ‍්බන‍්ති. එවං මහාසත‍්තො කපිරාජා හුත්‍වාපි විනයපරියත‍්තිකිච‍්චං කථෙසි.

‘තුලෙය්‍යමත්තානං’ යනු ‘තමා ගැන තුලනය කොට බලා’ යන අර්ථයි. ‘සීලපඤ්ඤා සුතාමිච’ යනු ‘මේ ශීලාදිය මෙහිදී යන අර්ථයි. මින් කියන ලද්දේ මේ අර්ථයයි. එනම්, තමා ළඟ ඇති සිල් ගැන සොයා බලා, දෙගොල්ලටම යහපත සලසයි. එබැවින් පණ්ඩිතයෙක් මේ සිල් ආදිය ගැන මෙන්, තමා තුළ ඇති ගුණධර්ම ගැන තුලනය කොට බලා, තමා ශීලයෙහි මැනවින් පිහිටා, ප්‍රඥාවෙන් හා උගත්කමෙන් යුතුව, ඒ සියලු ගුණයන් තමා තුළ ඇත්දැ’යි බලා, ප්‍රත්‍යක්‍ෂ වශයෙන් දැන, ධෛර්යය සම්පන්නව පිරිස පරිහරණය කරන්නේය. සිවු ඉරියව්හි එක්වන්ව සැරි සරන්නේය. ඒ අනුව පවතින්නේය. පිරිස් හසුරුවන්නකු විසින් වුවත්, තනිව හැසිරෙන්නකු විසින් වුවත්, මේ ත්‍රිවිධ ධර්මයන්ගෙන් යුක්ත වූවන් විය යුතු යැ’යි, යන අර්ථයි. මෙසේ බෝසත් තෙමේ වඳුරු රජෙක්ව ඉපිද සිටියත්, විනය පර්යාප්තියේ කටයුතු මෙසේ පැහැදිලි කෙළේය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි – “තදා දුබ‍්බචකපි දෙවදත‍්තො අහොසි, පරිසාපිස‍්ස දෙවදත‍්තපරිසා, පණ‍්ඩිතකපිරාජා පන අහමෙව අහොසි”න‍්ති.

බුදුරජාණන් වහන්සේ, මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා, සත්‍යය ප්‍රකාශකොට, ජාතකය නිමවා වදාළ සේක. එදා අකීකරු වඳුරා නම්, දේවදත්තය. ඒ වඳුරාගේ සහාය වඳුරු පිරිස, දේවදත්තගේ පිරිසයි. නුවණැති වඳුරු රජා වූ කලී, ‘මම ම යැ’යි, බුදුරජාණන් වහන්සේ, තමන් වහන්සේ දක්වා වදාළ සේක.

කපිජාතකවණ‍්ණනා නවමා.