8. අට‍්ඨිසෙනජාතකවණ‍්ණනා 403 අට‍්ඨකථා
8. අට‍්ඨිසෙනජාතකවණ‍්ණනා (403)
8. අට්ඨිසේන ජාතකය (403)
යෙමෙ අහං න ජානාමීති ඉදං සත්‍ථා ආළවිං නිස‍්සාය අග‍්ගාළවෙ චෙතියෙ විහරන‍්තො කුටිකාරසික‍්ඛාපදං ආරබ‍්භ කථෙසි. පච‍්චුප‍්පන‍්නවත්‍ථු හෙට‍්ඨා මණිකණ‍්ඨජාතකෙ (ජා· 1.3.7 ආදයො) කථිතමෙව. සත්‍ථා පන තෙ භික‍්ඛූ ආමන‍්තෙත්‍වා “භික‍්ඛවෙ, පොරාණකපණ‍්ඩිතා පුබ‍්බෙ අනුප‍්පන‍්නෙ බුද‍්ධෙ බාහිරකපබ‍්බජ‍්ජාය පබ‍්බජිත්‍වා රාජූහි පවාරිතාපි ‘යාචනා නාම පරෙසං අප‍්පියා අමනාපා’ති න යාචිංසූ”ති වත්‍වා අතීතං ආහරි.
‘යෙ මෙ අහං ජානාමි’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථාව බුදුරජාණන් වහන්සේ, අලවු නුවර ‘අග්ගාලව’ චෛත්‍ය ස්ථානයේ දී කුටිකාර ශික්‍ෂාපදය නිමිති කොටගෙන, වදාළ සේක. මෙහි වර්තමාන කථාවස්තුව, මීට ඉහතින් ‘මණිකණ්ඨ’ ජාතකයෙහි දක්වන ලදි. බුදුරජාණන් වහන්සේ එම භික්‍ෂූන් අමතා, ‘මහණෙනි, පෙර අබුද්ධෝත්පාද කාලයෙහි, බාහිර පැවිදි භාවයන් ලැබූ පැවිද්දෝ පවා, රජවරුන් විසින් සිය කැමැත්තෙන් යම් යම් දේ පැවරූ නමුත් ‘ඉල්ලීම්’ නම් අනුන්ට අප්‍රිය අමනාප ඇති කරන දෙයක් බැවින්, කිසිදා කිසිවක් කාගෙන්වත් නොඉල්ලූහ’යි වදාරා, මේ අතීත කථා පුවත දේශනා කළ සේක.
අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො එකස‍්මිං නිගමෙ බ්‍රාහ‍්මණකුලෙ නිබ‍්බත‍්ති, අට‍්ඨිසෙනකුමාරොතිස‍්ස නාමං කරිංසු. සො වයප‍්පත‍්තො තක‍්කසිලායං සබ‍්බසිප‍්පානි උග‍්ගණ‍්හිත්‍වා අපරභාගෙ කාමෙසු ආදීනවං දිස‍්වා ඝරාවාසතො නික‍්ඛමිත්‍වා ඉසිපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා ඣානාභිඤ‍්ඤාසමාපත‍්තියො නිබ‍්බත‍්තෙත්‍වා හිමවන‍්තපදෙසෙ චිරං වසිත්‍වා ලොණම‍්බිලසෙවනත්‍ථාය මනුස‍්සපථං ඔතරිත්‍වා අනුපුබ‍්බෙන බාරාණසිං පත්‍වා රාජුය්‍යානෙ වසිත්‍වා පුනදිවසෙ භික‍්ඛාය චරන‍්තො රාජඞ‍්ගණං අගමාසි. රාජා තස‍්සාචාරවිහාරෙ පසීදිත්‍වා තං නිමන‍්තාපෙත්‍වා පාසාදතලෙ පල‍්ලඞ‍්කෙ නිසීදාපෙත්‍වා සුභොජනං භොජෙත්‍වා භොජනාවසානෙ අනුමොදනං සුත්‍වා පසන‍්නො පටිඤ‍්ඤං ගහෙත්‍වා මහාසත‍්තං රාජුය්‍යානෙ වසාපෙසි, දිවසස‍්ස ච ද‍්වෙ තයො වාරෙ උපට‍්ඨානං අගමාසි. සො එකදිවසං ධම‍්මකථාය පසන‍්නො රජ‍්ජං ආදිං කත්‍වා “යෙන වො අත්‍ථො, තං වදෙය්‍යාථා”ති පවාරෙසි. බොධිසත‍්තො “ඉදං නාම මෙ දෙහී”ති න වදති. අඤ‍්ඤෙ යාචකා “ඉදං දෙහි, ඉදං දෙහී”ති ඉච‍්ඡිතිච‍්ඡිතං යාචන‍්ති, රාජා අසජ‍්ජමානො දෙතියෙව. සො එකදිවසං චින‍්තෙසි “අඤ‍්ඤෙ යාචනකවනිබ‍්බකා ‘ඉදඤ‍්චිදඤ‍්ච අම‍්හාකං දෙහී’ති මං යාචන‍්ති, අය්‍යො පන අට‍්ඨිසෙනො පවාරිතකාලතො පට‍්ඨාය න කිඤ‍්චි යාචති, පඤ‍්ඤවා ඛො පනෙස උපායකුසලො, පුච‍්ඡිස‍්සාමි න”න‍්ති. සො එකදිවසං භුත‍්තපාතරාසො ගන‍්ත්‍වා වන්‍දිත්‍වා එකමන‍්තං නිසින‍්නො අඤ‍්ඤෙසං යාචනකාරණං තස‍්ස ච අයාචනකාරණං පුච‍්ඡන‍්තො පඨමං ගාථමාහ –
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, අප බෝසත් තෙමේ, කිසියම් නියම්ගමෙක බ්‍රාහ්මණ පවුලක ඉපදුණේය. දෙමාපියෝ ඔහුට ‘අට්ඨිසේන’ කුමාරයා යැයි නම් කළහ. තරුණ වියට පත් වූ ඔහු, තක්‍ෂිලාවට ගොස් එහිදී සියලු ශිල්ප-ශාස්ත්‍ර ඉගෙන, පසුකලෙක කාමයන්හි ආදීනව මැනවින් තේරුම් ගෙන, සෘෂි පැවිද්දෙන් පැවිදි බිමට පත්විය. අභිඥාවන් ද, සමාපත්ති ද, උපදවා ගත් එතුමා හිමාල වනයෙහි බොහෝ කලක් වැස, ලුණු-ඇඹුල් සේවනය කිරීම සඳහා මිනිස් පියසට බැස, බරණැසට අවුත් රජතුමාගේ උයනෙහි නවාතැන් ගෙන, පසුදා භික්‍ෂාවෙහි හැසිරෙමින් රජ මිදුලට පැමිණියේය. එතුමාගේ හැසිරීම් ආදි විහරණයන්හි පැහැදුණු රජතුමා, එතුමා කැඳවාගෙන රජමැදුරේ උඩුමහල් තලයට කැටුව ගොස්, එහි මාහැඟි අසුනක වඩා හිඳුවා රාජ භෝජන වළඳවා, දානයෙන් පසු අනුමෝදනා බණ අසා, එතුමා කෙරෙහි අතිශයින් පැහැදී, සිය උයනෙහි රඳන මෙන් පොරොන්දු කරවාගෙන, බෝසතුන් එහි නවත්වා ගත්තේය. එදා පටන් රජතුමා දවසට දෙතුන් වරක්, තවුසාට උවටැන් පිණිස උයනට යයි. එක්දිනක් තවුසාගේ ධර්ම දේශනාවකට පැහැදුණු රජතුමා, එතුමාට ‘ස්වකීය රාජ්‍යය ප්‍රධානකොට, ඕනෑම දෙයක් ඔබතුමාට අවශ්‍ය වී නම්, එය මට කියනු මැනවැ’යි බලය පැවරුවේය. බෝසත් තෙමේ ‘මෙය මට අවශ්‍යය. එය මට දෙනු මැනවැ’යි කිසිදා රජුට නො කියයි. වෙනත් යාචකයෝ ‘අපට මේ මේ දෑ දෙනු මැනවැ’යි කැමති කැමති දෑ රජුගෙන් ඉල්ලති. රජතුමා ද කිසිදු පැකිලීමකින් තොරවම, ඒ ඒ දෑ ඔවුන්ට දෙයි. දිනක් රජතුමා ‘වෙනත් යාචකයෝ ද, වණිබ්බකයෝ ද, ‘මේ මේ දෑ අපට දෙනු මැනවැ’යි කියමින් ඉල්ලීම් ඉල්ලති. එහෙත් අපේ මේ අට්ඨිසේන උත්තමයා ‘ඕනෑ දෙයක් ඉල්ලන්න’ යැයි කියා තිබියදීත්, කිසිවක් නො ඉල්ලයි. ඔහු ඒකාන්තයෙන් උපායෙහි දක්ෂ නුවණැත්තෙකි. එබැවින් ඔහුගෙන් මේ ගැන විමසා බැලිය යුතුයැ’යි රජතුමා තරයේ සිතා ගත්තේය. පසුදා උදේ ආහාරය නිම කළ රජතුමා, තවුසා වෙත ගොස්, එතුමාට වැඳ එකත්පසෙක හිඳ, අන් අයගේ ඉල්ලීම් ගැන ද, තවුසාගේ නො ඉල්ලීම ගැන ද, ප්‍රශ්න විචාරමින් මෙසේ කීවේය.
“යෙමෙ අහං න ජානාමි, අට‍්ඨිසෙන වනිබ‍්බකෙ; තෙ මං සඞ‍්ගම‍්ම යාචන‍්ති, කස්මා මං ත්‍වං න යාචසී”ති.
යෙ මෙ අහං න ජානාමි - අට්ඨිසෙන වණිබ්බකෙ, තෙ මං සංගම්ම යාචන්ති කස්මා මං ත්‍වයා නයාවසී ති
අට්ඨිසේන තවුසාණෙනි, යම් යම් යාචකයෝ මා වෙත පැමිණ, ඒ ඒ දෑ ඉල්ලති. මම ඔවුන් නො හඳුනමි. ඔබතුමා මගෙන් කිසිවක් නො ඉල්ලන්නේ ඇයි?
තත්‍ථ වනිබ‍්බකෙති යාචනකෙ. සඞ‍්ගම‍්මාති සමාගන‍්ත්‍වා. ඉදං වුත‍්තං හොති – අය්‍ය, අට‍්ඨිසෙන, යෙමෙ වනිබ‍්බකෙ අහං නාමගොත‍්තජාතිකුලප‍්පදෙසෙන “ඉමෙ නාමෙතෙ”තිපි න ජානාමි, තෙ මං සමාගන‍්ත්‍වා ඉච‍්ඡිතිච‍්ඡිතං යාචන‍්ති, ත්‍වං පන කස‍්මා මං කිඤ‍්චි න යාචසීති.
මෙහි ‘වණිබ්බකෙ’ යනු ‘යාචකයෝ ය’ ‘සංගම්ම’ යනු ‘වෙත පැමිණි’ යන අර්ථයි. මින් කියන ලද්දේ මේ අර්ථය යි. එනම්, ‘අට්ඨිසේන උතුමාණෙනි, අන් යාචකයන් ගැන ජාති-ගෝත්‍ර-කුල-ප්‍රදේශ වශයෙන්, මේ මේ උදවිය යැයි මම නො හඳුනමි. ඔවුහු මා වෙත අවුත් කැමති කැමති දෑ මගෙන් ඉල්ලති. ඉතින් ඔබ කුමක් නිසා මගෙන් කිසිවක් නොඉල්ලන්නෙහිද?’ යන අර්ථයි.
තං සුත්‍වා බොධිසත‍්තො දුතියං ගාථමාහ –
ඒ අසා බෝසත් තවුසා, රජුට මෙසේ උත්තර දුන්නේය.
“යාචකො අප‍්පියො හොති, යාචං අදදමප‍්පියො; තස‍්මාහං තං න යාචාමි, මා මෙ විදෙස‍්සනා අහූ”ති.
2. ඉල්ලන්නා අප්‍රිය වේ. ඉල්ලූ දේ නො දෙන්නා ද අප්‍රිය ය. තරහවට මම අකැමැති වෙමි. එබැවින් මම නො ඉල්ලමි.
තත්‍ථ යාචකො අප‍්පියො හොතීති යො හි, මහාරාජ, පුග‍්ගලො “ඉදං මෙ දෙහී”ති යාචකො, සො මාතාපිතූනම‍්පි මිත‍්තාමච‍්චාදීනම‍්පි අප‍්පියො හොති අමනාපො. තස‍්ස අප‍්පියභාවො මණිකණ‍්ඨජාතකෙන දීපෙතබ‍්බො. යාචන‍්ති යාචිතභණ‍්ඩං. අදදන‍්ති අදදමානො. ඉදං වුත‍්තං හොති – යොපි යාචිතං න දෙති, සො මාතාපිතරො ආදිං කත්‍වා අදදමානො පුග‍්ගලො යාචකස‍්ස අප‍්පියො හොතීති. තස‍්මාති යස‍්මා යාචකොපි දායකස‍්ස, යාචිතං භණ‍්ඩං අදදන‍්තොපි යාචකස‍්ස අප‍්පියො හොති, තස‍්මා අහං තං න යාචාමි. මා මෙ විදෙස‍්සනා අහූති සචෙ හි අහං යාචෙය්‍යමෙව, තව විදෙස‍්සො භවෙය්‍ය, සා මෙ තව සන‍්තිකා උප‍්පන‍්නා විදෙස‍්සනා, සචෙ පන ත්‍වං න දදෙය්‍යාසි, මම විදෙස‍්සො භවෙය්‍යාසි, සා ච මම තයි විදෙස‍්සනා, එවං සබ‍්බථාපි මා මෙ විදෙස‍්සනා අහු, මා නො උභින‍්නම‍්පි මෙත‍්තා භිජ‍්ජීති එතමත්‍ථං සම‍්පස‍්සන‍්තො අහං තං න කිඤ‍්චි යාචාමීති.
මෙහි ‘යාචකො අප්පියො හොත’ යනු ‘මහරජතුමනි, යම් පුද්ගලයෙක් ‘මෙය මට දෙන්නැ’යි කියා යමක් ඉල්ලයි ද? ඒ යාචකයා මවුපියන්ට ද මිත්‍රයන්ටද අප්‍රිය හා අමනාප වේ’ යන අර්ථයි. ඒ අප්‍රිය භාවය ගැන මණිකණ්ඨ ජාතකයෙහි ද දක්වා ඇත. ‘යාචං’ යනු ‘ඉල්ලිය යුතු දේ’ ය. ‘අදදං’ යනු නො දෙන්නාය. මින් කියන ලද්දේ මේ අර්ථය යි. එනම් ‘යමෙක් ඉල්ලපු දේ නො දේ ද? ඒ නො දෙන අය මවුපියන් වුවත්, ඔවුන් ඉල්ලූ තැනැත්තාට අප්‍රිය වේ’ යන අර්ථයි. ‘තස්මා’ යනු ‘යම් හෙයකින් යාචකයා දායකයාටත්, ඉල්ලූ දේ නො දෙන දායකයා, යාචකයාටත් අප්‍රිය වේද? එබැවින් මම නො ඉල්ලමි’ යන අර්ථයි. ‘මා මෙ විද්දෙසනා අහු’ යනු ඉදින් මම යමක් ඉල්ලන්නෙම් නම්, ඔබත් එය දෙන්නෙහි නම්, එවිට ඔබට ඉන් අමනාපයක් ඇතිවිය හැකිය. ඔබට ඇති වූ ඒ අමනාපය මා නිසා වූවකි. ඉදින් ඔබ, ඉල්ලූ දේ මට නොදෙන්නේ නම්, ඒ අමනාපය මට ඇති වූවකි. ඉදින් ඔබ, ඉල්ලූ දේ මට නොදෙන්නේ නම්, ඒ අමනාපය මට ඇතිවිය හැකිය. මගේ ඒ අමනාපය ඔබ නිසා වූවකි. එබැවින් ඒ අමනාපයට මම මුළුමනින් අකැමැති වෙමි. එවිට අප දෙදෙනාගේම මෛත්‍රිය නොබිඳේ. මේ කාරණය දන්නා නිසා, මම ඔබෙන් කිසිවක් නො ඉල්ලමි’ යන අර්ථයි.
අථස‍්ස වචනං සුත්‍වා රාජා තිස‍්සො ගාථා අභාසි –
මෙසේ තවුස්තුමාගේ වචනය ඇසූ, රජතුමා මේ අදහස් ප්‍රකාශ කෙළේය.
“යො වෙ යාචනජීවානො, කාලෙ යාචං න යාචති; පරඤ‍්ච පුඤ‍්ඤා ධංසෙති, අත‍්තනාපි න ජීවති.
3. ඉදින් ඉල්ලීමෙන් ජීවත්වන යමෙක්, සුදුසුවිට නොඉල්ලයි නම්, ඔහු අනෙකා පිනෙන් බැහැර කරයි. ඔහු ද (යහතින්) ජීවත් නොවේ.
“යො ච යාචනජීවානො, කාලෙ යාචඤ‍්හි යාචති; පරඤ‍්ච පුඤ‍්ඤං ලබ‍්භෙති, අත‍්තනාපි ච ජීවති.
4. ඉල්ලීමෙන් ජීවත්වන යමෙක්, ඔහුගේ ඉල්ලීම සුදුසු කල්හි කරයි නම්, ඔහු අනෙකාට ද, පින් ලබා දෙන්නේය. ඔහු ද (යහතින්) ජීවත් වේ.
“න වෙදෙස‍්සන‍්ති සප‍්පඤ‍්ඤා, දිස‍්වා යාචකමාගතෙ; බ්‍රහ‍්මචාරි පියො මෙසි, වද ත්‍වං භඤ‍්ඤමිච‍්ඡසී”ති.
5. නුවණැත්තෝ තමන් වෙත පැමිණි යාචකයන් දැක, ඒකාන්තයෙන් නො කිපෙති. බ්‍රහ්මචාරිය, ඔබ මට ප්‍රිය ය. එබැවින් කැමති දෙයක් කියා, මගෙන් ඉල්ලනු මැනවි.
තත්‍ථ යාචනජීවානොති යාචනජීවමානො, අයමෙව වා පාඨො. ඉදං වුත‍්තං හොති – අය්‍ය, අට‍්ඨිසෙන යො යාචනෙන ජීවමානො ධම‍්මිකො සමණො වා බ්‍රාහ‍්මණො වා යාචිතබ‍්බයුත‍්තපත‍්තකාලෙ කිඤ‍්චිදෙව යාචිතබ‍්බං න යාචති, සො පරඤ‍්ච දායකං පුඤ‍්ඤා ධංසෙති පරිහාපෙති, අත‍්තනාපි ච සුඛං න ජීවති. පුඤ‍්ඤං ලබ‍්භෙතීති කාලෙ පන යාචිතබ‍්බං යාචන‍්තො පරඤ‍්ච පුඤ‍්ඤං අධිගමෙති, අත‍්තනාපි ච සුඛං ජීවති. න වෙදෙස‍්සන‍්තීති යං ත්‍වං වදෙසි “මා මෙ විදෙස‍්සනා අහූ”ති, තං කස‍්මා වදසි. සප‍්පඤ‍්ඤා හි දානඤ‍්ච දානඵලඤ‍්ච ජානන‍්තා පණ‍්ඩිතා යාචකෙ ආගතෙ දිස‍්වා න දෙස‍්සන‍්ති න කුජ‍්ඣන‍්ති, අඤ‍්ඤදත්‍ථු පන පමුදිතාව හොන‍්තීති දීපෙති. යාචකමාගතෙති ම-කාරො බ්‍යඤ‍්ජනසන්‍ධිවසෙන වුත‍්තො, යාචකෙ ආගතෙති අත්‍ථො. බ්‍රහ‍්මචාරි පියො මෙසීති අය්‍ය අට‍්ඨිසෙන, පරිසුද‍්ධචාරි මහාපුඤ‍්ඤ, ත්‍වං මය‍්හං අතිවිය පියො, තස‍්මා වරං ත්‍වං මං වදෙහි යාචාහියෙව. භඤ‍්ඤමිච‍්ඡසීති යංකිඤ‍්චි වත‍්තබ‍්බං ඉච‍්ඡසි, සබ‍්බං වද, රජ‍්ජම‍්පි තෙ දස‍්සාමියෙවාති.
මෙහි ‘යාවනජීවානො’ යනු ‘ඉල්ලීමෙන් ජීවත් වන’ යන අර්ථයි. ‘යාචනජීවමානො’ යන මෙයම පාඨය හෝ විය හැකිය. මින් කියන ලද්දේ මේ අර්ථය යි. එනම්, ‘අට්ඨසේන උතුමාණෙනි, සිඟීමෙන් ජීවත්වන දැහැමි වූ යම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ, ඉල්විය යුතු අවස්ථාවේ, ඉල්විය යුතු කිසිවක් නොඉල්ලයි ද? ඔහු දායකයා පිනෙන් බැහැර කරයි. පිරිහෙලයි. තමා ද සැපසේ ජීවත් නොවේ’ යන අර්ථයි. ‘පුඤ්ඤං ලබ්භෙති’ යනු ඉල්ලන්නට සුදුසු කල ඉල්ලන්නා, අනුන්ට පින් පමුණුවයි. තමා ද සැප සේ ජීවත් වේ’ යන අර්ථයි. ‘න වෙ දිස්සන්ති’ යනු ‘මම ද්වේෂයට අකැමැති වෙමි යි, ඔබ යමක් කීවෙහිද? එය කුමක් නිසා කී වෙහිද? දානයත්, එහි විපාකයත් දන්නා වූ බුද්ධිමත් පඬිවරු යාචකයන් එනු දැක, ද්වේෂ නො කෙරෙති. නො කිපෙති. ඒකාන්තයෙන්ම මුදිතාවෙන් යුතු වෙතැ’යි දක්වයි’ යන අර්ථයි. ‘යාචකමාගතෙ’ යන්නෙහි ‘ම’ කාරය ව්‍යඤ්ජන සන්ධි වශයෙන් යොදන ලදි. ‘යාචකයන් පැමිණි කල්හි’ යන අර්ථයි. ‘බ්‍රහ්මචාරි පියෝ මේසී’ යනු ‘අට්ඨිසේන උතුමාණෙනි, පිරිසිදු හැසිරීම් ඇති, මහා ප්‍රඥාවෙන් යුතු ඔබ මට අතිශයින් ම ප්‍රියය. එබැවින් මගෙන් ඕනෑ දෙයක් ඉල්ලනු මැනවි’ යන අර්ථයි. ‘භඤ්ඤමිච්ඡසි’ යනු ‘ඔබ යමක් ඉල්ලනු කැමැත්තෙහි නම්, ඒ සියල්ල මට කියන්න, මගේ රාජ්‍යය වුවද, මම ඔබට දෙන්නෙමි’ යන අර්ථයි.
එවං බොධිසත‍්තො රඤ‍්ඤා රජ‍්ජෙනාපි පවාරිතො නෙව කිඤ‍්චි යාචි. රඤ‍්ඤො පන එවං අත‍්තනො අජ‍්ඣාසයෙ කථිතෙ මහාසත‍්තොපි පබ‍්බජිතපටිපත‍්තිං දස‍්සෙතුං “මහාරාජ, යාචනා හි නාමෙසා කාමභොගීනං ගිහීනං ආචිණ‍්ණා, න පබ‍්බජිතානං, පබ‍්බජිතෙන පන පබ‍්බජිතකාලතො පට‍්ඨාය ගිහීහි අසමානපරිසුද‍්ධාජීවෙන භවිතබ‍්බ”න‍්ති පබ‍්බජිතපටිපදං දස‍්සෙන‍්තො ඡට‍්ඨං ගාථමාහ –
මෙසේ රජතුමා විසින් තම රාජ්‍යයෙන් පැවරූ නමුත්, බෝසත් තෙමේ ඔහුගෙන් කිසිවක් නොඉල්ලීය. රජතුමා තම අදහස තවුසා ඉදිරියෙහි දී පැහැදිලි කළ කල්හි, බෝසත් තවුසා රජතුමාට ප්‍රවෘජිත ප්‍රතිපදාව පැහැදිලි කරමින්, ‘මහරජතුමනි, ඉල්ලීම් යන මේ කාරණය කාමභෝගී ගිහියන්ගේ පුරුද්දකි. එය කිසිසේත් පැවිද්දන්ගේ පුරුද්දක් නොවේ. පැවිද්දකු විසින් පැවිදි වූ දා පටන්, ගිහියන්ගේ වෙනස් වූ, පිරිසිදු ආජීවයකින් යුක්ත විය යුතු යැ’යි මෙසේ පැවිදි ආකල්ප තවදුරටත් පැහැදිලි කරමින් මෙසේ ද කීයේය.
“න වෙ යාචන‍්ති සප‍්පඤ‍්ඤා, ධීරො ච වෙදිතුමරහති; උද‍්දිස‍්ස අරියා තිට‍්ඨන‍්ති, එසා අරියාන යාචනා”ති.
6. නුවණැත්තෝ ඒකාන්තයෙන් නොඉල්ලති. පණ්ඩිතයා අවබෝධයට සුදුසු ය. ආර්යයෝ ‘උදෙසා’ සිටිති. මෙය වූ කලී උතුමන්ගේ යාචනා ක්‍රමයයි.
තත්‍ථ සප‍්පඤ‍්ඤාති බුද‍්ධා ච බුද‍්දසාවකා ච බොධියා පටිපන‍්නා ඉසිපබ‍්බජ‍්ජං පබ‍්බජිතා බොධිසත‍්තා ච සබ‍්බෙපි සප‍්පඤ‍්ඤා ච සුසීලා ච, එතෙ එවරූපා සප‍්පඤ‍්ඤා “අම‍්හාකං ඉදඤ‍්චිදඤ‍්ච දෙථා”ති න යාචන‍්ති. ධීරො ච වෙදිතුමරහතීති උපට‍්ඨාකො පන ධීරො පණ‍්ඩිතො ගිලානකාලෙ ච අගිලානකාලෙ ච යෙන යෙනත්‍ථො, තං සබ‍්බං සයමෙව වෙදිතුං ජානිතුං අරහති. උද‍්දිස‍්ස අරියා තිට‍්ඨන‍්තීති අරියා පන වාචං අභින්‍දිත්‍වා යෙනත්‍ථිකා හොන‍්ති, තං උද‍්දිස‍්ස කෙවලං භික‍්ඛාචාරවත‍්තෙන තිට‍්ඨන‍්ති, නෙව කායඞ‍්ගං වා වාචඞ‍්ගං වා කොපෙන‍්ති. කායවිකාරං දස‍්සෙත්‍වා නිමිත‍්තං කරොන‍්තො හි කායඞ‍්ගං කොපෙති නාම, වචීභෙදං කරොන‍්තො වාචඞ‍්ගං කොපෙති නාම, තදුභයං අකත්‍වා බුද‍්ධාදයො අරියා තිට‍්ඨන‍්ති. එසා අරියාන යාචනාති එසා කායඞ‍්ගවාචඞ‍්ගං අකොපෙත්‍වා භික‍්ඛාය තිට‍්ඨමානා අරියානං යාචනා නාම.
මෙහි ‘සප්පඤ්ඤා’ යනු ‘බුදුවරු ද, බුද්ධ ශ්‍රාවකයෝ ද, බෝධිය සඳහා සෘෂි පැවිද්දෙන් පැවිදි වූ බෝධිසත්ත්වවරු ද, යන මේ ප්‍රාඥයෝ එනම්, නුවණැති, සිල්වත් එවැනි පඬිවරු, අපට මේ මේ දේ දෙවු යැ’යි, නො ඉල්ලති’ යන අර්ථයි. ‘ධීරො වෙදිතුමරහති’ යනු ‘ධෛර්යය සම්පන්න වූ නුවණැති උපස්ථායකයා ද, රෝගියෙකුට වුවත්, නිරෝගියකුට වුවත්, යම් යම් දෙයක් අවශ්‍ය නම්, ඒ සියල්ල තමාම තම සිතින් ම, අවබෝධ කරගැනීමට සමත් වෙයි’ යන අර්ථයි. ‘උද්දිස්ස අරියා තිට්ඨන්ති’ යනු ‘උතුමෝ වනාහි වචන කථා නොකොට’ යමක් බලාපොරොත්තු වෙත් නම්, පිණ්ඩපාතාකාරයෙන් උදෙසා සිටිති. කයින් හෝ වචනයෙන් හෝ, සිතැඟි නොපෙන්වති. කය හැසිරවීමෙන් හෝ, වචන හැසිරවීමෙන් හෝ, අවැසි දේ හැඟවීම ‘සිතැඟි පෙන්වීම’ නම් වේ. බුද්ධාදී උතුමෝ ඒවා නො කෙරෙති’ යන අර්ථයි. ‘එසා අරියාන යාචනා’ යනු ‘එසේ කයින්-වචනයෙන් සිතැඟි නොපෙන්වා, පිඬු පිණිස සිටීම, උතුමන්ගේ යාචනා ක්‍රමය නම් වේ’ යන අර්ථයි.
රාජා බොධිසත‍්තස‍්ස වචනං සුත්‍වා “භන‍්තෙ, යදි සප‍්පඤ‍්ඤො උපට‍්ඨාකො අත‍්තනාව ඤත්‍වා කුලූපකස‍්ස දාතබ‍්බං දෙති, අහම‍්පි තුම‍්හාකං ඉදඤ‍්චිදඤ‍්ච දම‍්මී”ති වදන‍්තො සත‍්තමං ගාථමාහ –
රජතුමා බෝසත් තවුසාගේ මේ වචන අසා, ‘ස්වාමීනි, ඉදින් නුවණැති උපස්ථායකයෙක්, තමා විසින්ම තේරුම් ගෙන, කුලුපග උතුමකුට දිය යුත්තක් දෙයි නම්, එය යහපත්ය. ‘මම ද ඔබතුමාට මේ මේ දේ දෙමි’යි මේ ගාථාව කීවේය.
“දදාමි තෙ බ්‍රාහ‍්මණ රොහිණීනං, ගවං සහස‍්සං සහ පුඞ‍්ගවෙන; අරියො හි අරියස‍්ස කථං න දජ‍්ජා, සුත්‍වාන ගාථා තව ධම‍්මයුත‍්තා”ති.
7. බමුණුතුමනි, උතුමකු වන ඔබගේ දැහැමි ගාථා අසා, උතුමෙක් කෙසේ නම්, (යමක්) නො දෙන්නේද? (මම) ඔබට වෘෂභ රාජයකු සමග රතු පැහැති ගවයන් දහසක් දෙන්නෙමි.
තත්‍ථ රොහිණීනන‍්ති රත‍්තවණ‍්ණානං. ගවං සහස‍්සන‍්ති ඛීරදධිආදිමධුරරසපරිභොගත්‍ථාය එවරූපානං ගුන‍්නං සහස‍්සං තුය‍්හං දම‍්මි, තං මෙ පටිග‍්ගණ‍්හ. අරියොති ආචාරඅරියො. අරියස‍්සාති ආචාරඅරියස‍්ස. කථං න දජ‍්ජාති කෙන කාරණෙන න දදෙය්‍ය.
මෙහි ‘රෝහිණීනං’ යනු ‘රතු පැහැති’ යන අර්ථයි. ‘ගවං සහස්සං’ යනු ‘කිරි-දී කිරි ආදී මිහිරි පස් ගෝ රස සඳහා, මෙබඳු ගවයන් දහසක් ඔබට දෙමි. මාගේ ඒ පූජාව පිළිගනු මැනවි’ යන අර්ථයි. ‘අරියො’ යනු ‘ආචාර සම්පන්න උත්තමයා’ය. ‘අරියස්ස’ යනු ආචාර සම්පන්න උත්තමයකුට’ යන අර්ථයි. ‘කථං න දජ්ජා’ යනු ‘කුමන කරුණක් නිසා, නොදෙන්නේද?’ යන අර්ථයි.
එවං වුත‍්තෙ බොධිසත‍්තො “අහං මහාරාජ, අකිඤ‍්චනො පබ‍්බජිතො, න මෙ ගාවීහි අත්‍ථො”ති පටික‍්ඛිපි. රාජා තස‍්සොවාදෙ ඨත්‍වා දානාදීනි පුඤ‍්ඤානි කත්‍වා සග‍්ගපරායණො අහොසි. සොපි අපරිහීනජ‍්ඣානො බ්‍රහ‍්මලොකෙ උප‍්පජ‍්ජි.
රජතුමා මෙසේ කී කල්හි, බෝසත් තවුසා ‘මහරජතුමනි, මම සියල්ල අත්හළ කිසිවක් නැති පැවිද්දෙක්මි. එබැවින් මට දෙනුන්ගෙන් කම් නැතැ’යි, එය ප්‍රතික්‍ෂෙප කෙළේය. රජතුමා ඉන්පසු බෝසතුන්ගේ අවවාදයෙහි පිහිටා, දානාදී වූ පින්කම් කොට, පසුකලෙක මියගොස්, දෙව්ලොව උපන්නේය. නො පිරිහුණු ධ්‍යාන ඇති, බෝසත් තවුසා ද, පසුකලෙක මියගොස්, බඹලොව උපන්නේය.
සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා සච‍්චානි පකාසෙත්‍වා ජාතකං සමොධානෙසි, සච‍්චපරියොසානෙ බහූ සොතාපත‍්තිඵලාදීසු පතිට‍්ඨිතා. තදා රාජා ආනන්‍දො අහොසි, අට‍්ඨිසෙනො පන අහමෙව අහොසින‍්ති.
බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා, සත්‍යය ප්‍රකාශකොට, ජාතකය නිමවා වදාළ සේක. දේශනාව අවසානයේදී, බොහෝ අය සෝවාන් ආදි මාර්ගඵලවලට පත්වූහ. එදා රජතුමා නම්, ආනන්ද තෙරණුවෝය. අට්ඨිසේන තවුසා නම්, ‘මම ම යැ’යි බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ දක්වා වදාළ සේක.
අට‍්ඨිසෙනජාතකවණ‍්ණනා අට‍්ඨමා.