7. සත‍්තුභස‍්තජාතකවණ‍්ණනා 402 අට‍්ඨකථා
7. සත‍්තුභස‍්තජාතකවණ‍්ණනා (402)
7. සත්තුභස්ත ජාතකය (402)
විබ‍්භන‍්තචිත‍්තොති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො අත‍්තනො පඤ‍්ඤාපාරමිං ආරබ‍්භ කථෙසි. පච‍්චුප‍්පන‍්නවත්‍ථු උමඞ‍්ගජාතකෙ (ජා· 2.22.590 ආදයො) ආවි භවිස‍්සති.
‘විබ්භන්ත චිත්තො’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථා වස්තුව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවාසය කරන සේක්, තමන් වහන්සේගේ ‘ප්‍රඥා පාරමිතාව’ අරබයා වදාළ සේක. මෙහි වර්තමාන කථාවස්තුව ‘උම්මග්ග ජාතකයෙහි’ විස්තර වේ. මේ එහි අතීත කථාවයි.
අතීතෙ බාරාණසියං ජනකො නාම රාජා රජ‍්ජං කාරෙසි. තදා බොධිසත‍්තො බ්‍රාහ‍්මණකුලෙ නිබ‍්බත‍්ති , සෙනකකුමාරොතිස‍්ස නාමං කරිංසු. සො වයප‍්පත‍්තො තක‍්කසිලායං සබ‍්බසිප‍්පානි උග‍්ගණ‍්හිත්‍වා බාරාණසිං පච‍්චාගන‍්ත්‍වා රාජානං පස‍්සි, රාජා තං අමච‍්චට‍්ඨානෙ ඨපෙසි, මහන‍්තඤ‍්චස‍්ස යසං අනුප‍්පදාසි . සො රඤ‍්ඤො අත්‍ථඤ‍්ච ධම‍්මඤ‍්ච අනුසාසි, මධුරකථො ධම‍්මකථිකො හුත්‍වා රාජානං පඤ‍්චසු සීලෙසු පතිට‍්ඨාපෙත්‍වා දානෙ උපොසථකම‍්මෙ දසසු කුසලකම‍්මපථෙසූති ඉමාය කල්‍යාණපටිපදාය පතිට‍්ඨාපෙසි , සකලරට‍්ඨෙ බුද‍්ධානං උප‍්පන‍්නකාලො විය අහොසි. පක‍්ඛදිවසෙසු රාජා ච උපරාජාදයො ච සබ‍්බෙ සන‍්නිපතිත්‍වා ධම‍්මසභං සජ‍්ජෙන‍්ති. මහාසත‍්තො සජ‍්ජිතධම‍්මසභායං රතනපල‍්ලඞ‍්කවරගතො බුද‍්ධලීළාය ධම‍්මං දෙසෙති, බුද‍්ධානං ධම‍්මකථාසදිසාවස‍්ස කථා හොති.
පෙර බරණැස් නුවර ‘ජනක’ නම් රජෙක් රාජ්‍යය කරවීය. එදා අප බෝසත් තෙමේ කිසියම් බ්‍රාහ්මණ පවුලක ඉපිද සිටියේය. ඔහුගේ දෙමාපියෝ ඔහුට ‘සේනක’ කුමාරයා යැයි නම් තැබූහ. තරුණවියට පත් වූ සේනක කුමරා තක්‍ෂිලාවට ගොස්, එහිදී සියලු ශිල්ප-ශාස්ත්‍ර උගෙන බරණැසට පෙරළා අවුත්, රජු මුණ ගැසුණේය. රජතුමා සේනක කුමරාට ඇමැති තනතුරක් දී, ඊට අමතරව මහත් වූ යසස් සම්පත් ද පිරිනැමීය. ඔහු රජුට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කෙළේය. මෙසේ ක්‍රමයෙන්, මිහිරිකථා ඇති ධර්ම කථිකයෙක් වූ සේනක ඇමැතිතුමා, රජු පන්සිල්හි පිහිටුවා, දානයෙහි ද පොහෝ කටයුතුවල ද දස කුසල කර්ම පථයන්හිද යන මේ යහපත් පිළිවෙත්හි රජු මෙහෙයවීය. මුළු රටම බුද්ධෝත්පාද කාලයක් වැනි විය. පසළොස්වක හා අමාවක පොහෝ දිනවල රජතුමා ද, යුවරජ ආදීහුද, සියලු නිලධාරීහුද, සෙසු සියල්ලෝ ද එකතු වී, ධර්මශාලාව පිළියෙල කරති. බෝසත් පඬිතුමා, සකසන ලද ධර්ම සභාවෙහි සරභ මුවකුගේ හැඩය ඇති පළඟ මත වාඩි වී, බුද්ධිමත් ලීලාවෙන් දහම් දෙසයි. ඔහුගේ දහම් කථා බුද්ධාදීන්ගේ දහම් කථා හා සමානය.
අථ අඤ‍්ඤතරො මහල‍්ලකබ්‍රාහ‍්මණො ධනභික‍්ඛං චරිත්‍වා කහාපණසහස‍්සං ලභිත්‍වා එකස‍්මිං බ්‍රාහ‍්මණකුලෙ නික‍්ඛිපිත්‍වා පුන “භික‍්ඛං චරිස‍්සාමී”ති ගතො. තස‍්ස ගතකාලෙ තං කුලං කහාපණෙ වළඤ‍්ජෙසි. සො ආගන‍්ත්‍වා කහාපණෙ ආහරාපෙසි. බ්‍රාහ‍්මණො කහාපණෙ දාතුං අසක‍්කොන‍්තො අත‍්තනො ධීතරං තස‍්ස පාදපරිචාරිකං කත්‍වා අදාසි. බ්‍රාහ‍්මණො තං ගහෙත්‍වා බාරාණසිතො අවිදූරෙ එකස‍්මිං බ්‍රාහ‍්මණගාමෙ වාසං කප‍්පෙසි. අථස‍්ස භරියා දහරතාය කාමෙසු අතිත‍්තා අඤ‍්ඤෙන තරුණබ්‍රාහ‍්මණෙන සද‍්ධිං මිච‍්ඡාචාරං චරි. සොළස හි අතප‍්පනීයවත්‍ථූනි නාම. කතමානි සොළස? සාගරො සබ‍්බසවන‍්තීහි න තප‍්පති, අග‍්ගි උපාදානෙන න තප‍්පති, රාජා රට‍්ඨෙන න තප‍්පති, බාලො පාපෙහි න තප‍්පති, ඉත්‍ථී මෙථුනධම‍්මෙන අලඞ‍්කාරෙන විජායනෙනාති ඉමෙහි තීහි න තප‍්පති, බ්‍රාහ‍්මණො මන‍්තෙහි න තප‍්පති, ඣායී විහාරසමාපත‍්තියා න තප‍්පති, සෙක‍්ඛො අපචයෙන න තප‍්පති, අප‍්පිච‍්ඡො ධුතඞ‍්ගගුණෙන න තප‍්පති, ආරද‍්ධවීරියො වීරියාරම‍්භෙන න තප‍්පති, ධම‍්මකථිකො සාකච‍්ඡාය න තප‍්පති, විසාරදො පරිසාය න තප‍්පති, සද‍්ධො සඞ‍්ඝුපට‍්ඨානෙන න තප‍්පති, දායකො පරිච‍්චාගෙන න තප‍්පති, පණ‍්ඩිතො ධම‍්මස‍්සවනෙන න තප‍්පති, චතස‍්සො පරිසා තථාගතදස‍්සනෙන න තප‍්පන‍්තීති.
මේ අතර එනුවර විසූ කිසියම් මහලු බමුණෙක්, ධන භික්‍ෂාවෙහි යෙදී කහවණු දහසක් එකතුකොට ගෙන, එය ආරක්‍ෂාව සඳහා කිසියම් බමුණු පවුලක භාරයේ තබා, තවදුරටත් ධන භික්‍ෂාව සඳහා පිටත්ව ගියේ ය. ඔහු එසේ ගිය පසු, ඔහුගේ ධනය රැකීමට භාරගත් පවුලේ උදවියට, ඒ ධනය ටිකෙන් ටික වියදම් විය. පසුකලෙක, එහි පැමිණි බමුණා තමා තැබූ කහවණු ආපසු ඉල්ලා සිටියේය. ඒ මුදල බමුණාට දීමට අපොහොසත් වූ ගෙදර අය, ඒ වෙනුවට තමන්ගේ දියණියක බමුණාට පාදපරිචාරිකා කොට දුන්හ. බමුණා ද ඈ කැටුව ගොස්, බරණැසට නුදුරෙහි වූ, කිසියම් බමුණු ගමෙක වාසය කරන්නට පටන් ගත්තේය. බමුණාගේ මේ තරුණ බිරිය, ලාබාල නිසාම කාමයන්හි තෘප්තියට නොපැමිණ, වෙනත් තරුණ බ්‍රාහ්මණයකු සමග, රහසිගතව මිථ්‍යාචාරයෙහි හැසිරුණාය. ලෝකයෙහි කිසිදා තෘප්තියට පත් නොවන වස්තු දහසයක් ඇත. ඒ වස්තු සොළස මෙසේය. (1) කෙතරම් ඇල-දොල-ගංගා ගලා පැමිණියමුත්, එයින් සාගරය තෘප්තියට පත්නොවේ. (2) දර-තෘණ-පරඬැල් මේ ආදිය කෙතරම් දැමූමුත්, එයින් ගින්නක් තෘප්තියට පත් නොවේ. (3) කෙතරම් රාජ්‍ය ලැබුණත්, රජෙක් ඉන් සෑහීමට පත් නොවේ. (4) මෝඩයෙක් පව්කම්වලින් තෘප්තියට පත් නොවේ. (5) ස්ත්‍රියක් මෛථුන ධර්මයෙන් ද, ආභරණ ලැබීමෙන් ද, දරුවන් වැදීමෙන් ද යන මේ කරුණු තුනෙන් තෘප්තියට පත් නොවේ. (6) බමුණෙක් වේද මන්ත්‍රයන්ගෙන් තෘප්තියට පත් නොවේ. (7) ධ්‍යාන වඩන්නෙක් විහරණ හා සමාපත්තිවලින් සෑහීමට පත් නොවේ. (8) සේඛ පුද්ගලයෙක් (සෝවාන් මාර්ගයේ පටන් අරහන්ත මාර්ගය දක්වා කිනම් තත්ත්වයකට හෝ පැමිණ සිටි අයෙක්) රැස්කළ දෙය දන් දීමෙන් තෘප්තියකට පත් නොවේ. (9) අල්පේච්ඡ පුද්ගලයෙක් ධුතාංග ගුණයන්ගෙන් සෑහීමට පත් නොවේ. (10) අරඹන ලද වීර්යය ඇත්තෙක් වීර්යාරම්භනයන්ගෙන් තෘප්තියට පත් නොවේ. (11) ධර්ම කථිකයෙක් ධර්ම සාකච්ඡාවලින් සෑහීමට පත් නොවේ. (12) විශාරදයෙක් පිරිස්වලින් තෘප්තියට පත් නොවේ. (13) සැදැහැවතෙක් සංඝ උපස්ථානයෙන් සෑහීමට පත් නොවේ. (14) දායකයෙක් පරිත්‍යාගයෙන් සෑහීමට පත් නොවේ. (15) පණ්ඩිතයෙක් ධර්ම ශ්‍රවණයෙන් සෑහීමට පත් නොවේ. (16) සිවුවණක් පිරිස තථාගත දර්ශනයෙන් සෑහීමට පත් නොවේ.
සාපි බ්‍රාහ‍්මණී මෙථුනධම‍්මෙන, අතිත‍්තා තං බ්‍රාහ‍්මණං නීහරිත්‍වා විස‍්සත්‍ථා පාපකම‍්මං කාතුකාමා හුත්‍වා එකදිවසං දුම‍්මනා නිපජ‍්ජිත්‍වා “කිං භොතී”ති වුත‍්තා “බ්‍රාහ‍්මණ, අහං තව ගෙහෙ කම‍්මං කාතුං න සක‍්කොමි, දාසිදාසං ආනෙහී”ති ආහ. “භොති ධනං මෙ නත්‍ථි, කිං දත්‍වා ආනෙමී”ති. “භික‍්ඛං චරිත්‍වා ධනං පරියෙසිත්‍වා ආනෙහී”ති. “තෙන හි භොති පාථෙය්‍යං මෙ සජ‍්ජෙහී”ති. “සා තස‍්ස බද‍්ධසත‍්තූනඤ‍්ච අබද‍්ධසත‍්තූනඤ‍්ච චම‍්මපසිබ‍්බකං පූරෙත්‍වා අදාසි”. බ්‍රාහ‍්මණො ගාමනිගමරාජධානීසු චරන‍්තො සත‍්ත කහාපණසතානි ලභිත්‍වා “අලං මෙ එත‍්තකං ධනං දාසිදාසමූලායා”ති නිවත‍්තිත්‍වා අත‍්තනො ගාමං ආගච‍්ඡන‍්තො එකස‍්මිං උදකඵාසුකට‍්ඨානෙ පසිබ‍්බකං මුඤ‍්චිත්‍වා සත‍්තුං ඛාදිත්‍වා පසිබ‍්බකමුඛං අබන්‍ධිත්‍වාව පානීයං පිවිතුං ඔතිණ‍්ණො. අථෙකස‍්මිං රුක‍්ඛසුසිරෙ එකො කණ‍්හසප‍්පො සත‍්තුගන්‍ධං ඝායිත්‍වා පසිබ‍්බකං පවිසිත්‍වා භොගං ආභුජිත්‍වා සත‍්තුං ඛාදන‍්තො නිපජ‍්ජි. බ්‍රාහ‍්මණො ආගන‍්ත්‍වා පසිබ‍්බකස‍්ස අබ‍්භන‍්තරං අනොලොකෙත්‍වා පසිබ‍්බකං බන්‍ධිත්‍වා අංසෙ කත්‍වා පායාසි. අන‍්තරාමග‍්ගෙ එකස‍්මිං රුක‍්ඛෙ නිබ‍්බත‍්තදෙවතා ඛන්‍ධවිටපෙ ඨත්‍වා “බ්‍රාහ‍්මණ, සචෙ අන‍්තරාමග‍්ගෙ වසිස‍්සසි, සයං මරිස‍්සසි, සචෙ අජ‍්ජ ඝරං ගමිස‍්සසි, භරියා තෙ මරිස‍්සතී”ති වත්‍වා අන‍්තරධායි. සො ඔලොකෙන‍්තො දෙවතං අදිස‍්වා භීතො මරණභයතජ‍්ජිතො රොදන‍්තො පරිදෙවන‍්තො බාරාණසිනගරද‍්වාරං සම‍්පාපුණි.
මෙසේ ඒ බැමිණිය ද, සිය තරුණකම නිසා මෛථුන ධර්මයෙහි තෘප්තියට පත් නොවූවාය. එබැවින් ම බමුණා ගෙදරින් බැහැර කොට, හිතේ විශ්වාසයෙන් යුතුව, පව්කම් කිරීමට කැමැත්තක් ඇති වී, දිනක් හිතේ දුකින් මෙන් වැද හොත්තීය. එතැනට පැමිණි බමුණා, ‘පින්වතිය, කිමෙක්ද? ඔබට ඇති ප්‍රශ්නය මට කියනු මැනවැ’යි කීය. ‘බමුණ, මට මේ ගෙදර කටයුතු කළ නොහැකිය. එබැවින් දාසියක ගෙනෙව’. ‘පින්වතිය, ඒ සඳහා මට මුදල් නැත. කුමක් දී ගෙනෙම්ද?’ ‘පෙර මෙන් භික්‍ෂාවෙහි හැසිර ධනය සොයා, එයින් දාසියක ගෙනෙව’ ‘පින්වතිය, එසේ වී නම් මට, මගට අවශ්‍ය දෑ පිළියෙල කොට දෙනු මැනවැ’යි බමුණා තම තරුණ බිරියට කීවේය. ඇය ඔහුට බැදපු පිටිවලින් අග්ගලා සකසා, ඒවා හම් පසුම්බියක පුරවා දුන්නාය. එය උරයේ එල්ලාගත් බමුණා ගම්-නියම්ගම්-රාජධානිවල හැසිර, කහවණු සත් සියයක් එකතු කොටගෙන, ‘දාසයකු හෝ දාසියක හෝ ලබාගැනීමට මට මේ ධනය ප්‍රමාණවත් යැ’යි එතැනින් ආපසු හැරී, ස්වකීය ගමට එන්නට පිටත් විය. අතරමගදී පහසුවෙන් ජලය ලබා ගතහැකි තැනක් දැක, එතැන නැවතී අග්ගලා පසිම්බුව ලිහා එයින් අග්ගලා අනුභව කොට, මල්ලෙහි කට නොබැඳ ම, පැන් බීම සඳහා දියට බැස්සේය. ඒ ස්ථානයෙහි පිහිටි ගසෙක, රුක් බිලයක විසූ, එක් කළු නයෙක් අග්ගලා සුවඳ ආඝ්‍රාණය කොට, මල්ල වෙත අවුත් ඊට පිවිස, දරණ ගසාගෙන අග්ගලා කමින්, එහි ම හොත්තේය. දියෙන් ගොඩට ආ බමුණා. මල්ලෙහි ඇතුළත පරීක්‍ෂා නොකොට ම මල්ල බැඳ, එය උරයේ එල්ලාගෙන ගමන පිටත් විය. ඒ එන ගමනේ දී අතරමග, එක් ගසෙක හුන් රුක් දෙවියෙක් ගසේ කඳෙහි වූ විවරයක සිට, ‘බමුණ, ඉදින් නුඹ අතරමග නවාතැන් ගතහොත්, මරණයට පත් වන්නේය. ඉදින් අද ම ගෙදර ගියහොත්, ඔබේ බිරිඳ මරණයට පත් වන්නී යැ’යි කියා අතුරුදන් විය. කලබල වී වටපිට බැලූ, බමුණා කිසිවකු නො දැක බියට පත්ව, මරණ බයෙන් තර්ජිත ව, හඬමින්, වැළපෙමින්, බරණැස් නුවර වාසල් දොරටුව වෙත පැමිණුනේය.
තදා ච පන‍්නරසුපොසථො හොති අලඞ‍්කතධම‍්මාසනෙ නිසීදිත්‍වා බොධිසත‍්තස‍්ස ධම‍්මකථනදිවසො. මහාජනො නානාගන්‍ධපුප‍්ඵාදිහත්‍ථො වග‍්ගවග‍්ගො හුත්‍වා ධම‍්මිං කථං සොතුං ගච‍්ඡති. බ්‍රාහ‍්මණො තං දිස‍්වා “කහං ගච‍්ඡථා”ති පුච‍්ඡිත්‍වා “බ්‍රාහ‍්මණ, අජ‍්ජ සෙනකපණ‍්ඩිතො මධුරස‍්සරෙන බුද‍්ධලීළාය ධම‍්මං දෙසෙති, කිං ත්‍වම‍්පි න ජානාසී”ති වුත‍්තෙ චින‍්තෙසි “පණ‍්ඩිතො කිර ධම‍්මකථිකො, අහඤ‍්චම‍්හි මරණභයතජ‍්ජිතො, පණ‍්ඩිතා ඛො පන මහන‍්තම‍්පි සොකං හරිතුං සක‍්කොන‍්ති, මයාපි තත්‍ථ ගන‍්ත්‍වා ධම‍්මං සොතුං වට‍්ටතී”ති. සො තෙහි සද‍්ධිං තත්‍ථ ගන‍්ත්‍වා මහාසත‍්තං පරිවාරෙත්‍වා නිසින‍්නාය සරාජිකාය පරිසාය පරියන‍්තෙ සත‍්තුපසිබ‍්බකෙන ඛන්‍ධගතෙන ධම‍්මාසනතො අවිදූරෙ මරණභයතජ‍්ජිතො රොදමානො අට‍්ඨාසි. මහාසත‍්තො ආකාසගඞ‍්ගං ඔතරන‍්තො විය අමතවස‍්සං වස‍්සෙන‍්තො විය ච ධම‍්මං දෙසෙසි. මහාජනො සඤ‍්ජාතසොමනස‍්සො සාධුකාරං දත්‍වා ධම‍්මං අස‍්සොසි.
හරියට ම එදා පසළොස්වක පොහෝ දිනය යි. අලංකාර කරන ලද ධර්මාසනයක වැඩහිඳ, බෝසතුන් බණ කියන දවසකි. මේ අතර මහජනයා සුවඳ-මල් ආදිය ගත් අත් ඇතිව කාණ්ඩ-කාණ්ඩ වශයෙන්, බණ ඇසීම සඳහා ශාලාව වෙත පැමිණෙති. ඒ දුටු බමුණා ‘පින්වතුනි, තෙපි කොහි යවුදැ’යි විචාරා සිටියේය. ‘බමුණ, අද සේනක පඬිතුමා, මිහිරි සරින් ප්‍රබුද්ධ ලීලාවෙන් දහම් දෙසයි. ඒ බව ඔබ නො දන්නෙහි දැ’යි පිරිස කී කල්හි, බමුණා කල්පනා කරන්නට පටන් ගත්තේය. ‘මේ සේනක පඬිතුමා වනාහි, ධර්ම කථිකයෙකි. මම දැන් බියෙන් පීඩිතව, මරණ බියෙන් බියපත්ව හිඳිමි. පඬිවරු නම් මහත් වූ ශෝකයක් වුවත්, බැහැර කරලන්නට සමත් වූවෝ වෙති. එබැවින් ධර්ම ශාලාවට ගොස් බණ අසන්නට ඇත්නම්, එය මට බෙහෙවින් ම වටී යැ’යි මෙසේ කල්පනා කළ බමුණා සෙසු මිනිසුන් සමග එහි ගොස්, රජු සහිත ඔහු පිරිස වටකොට ගෙන, බෝසතුන් අසුනෙහි හිඳිනු දැක, අග්ගලා මල්ලක් එල්ලා ගෙන, ධර්මාසනයට නුදුරෙහි මරණ බියෙන් බියපත්ව, හඬමින් ම වාඩිවිය. බෝසත් තෙමේ අහස් ගඟින් ගලා හැලෙන අමා වැස්සක් වස්සන්නාක් මෙන්, දහම් දෙසයි. මහජනයා ද හටගත් සොම්නසින් සාධුකාර දෙමින් බණ ඇසීය.
පණ‍්ඩිතා ච නාම දිසාචක‍්ඛුකා හොන‍්ති. තස‍්මිං ඛණෙ මහාසත‍්තො පසන‍්නපඤ‍්චපසාදානි අක‍්ඛීනි උම‍්මීලෙත්‍වා සමන‍්තතො පරිසං ඔලොකෙන‍්තො තං බ්‍රාහ‍්මණං දිස‍්වා චින‍්තෙසි “එත‍්තකා පරිසා සොමනස‍්සජාතා සාධුකාරං දත්‍වා ධම‍්මං සුණන‍්ති, අයං පනෙකො බ්‍රාහ‍්මණො දොමනස‍්සප‍්පත‍්තො රොදති, එතස‍්ස අබ‍්භන‍්තරෙ අස‍්සුජනනසමත්‍ථෙන සොකෙන භවිතබ‍්බං, තමස‍්ස අම‍්බිලෙන පහරිත්‍වා තම‍්බමලං විය පදුමපලාසතො උදකබින්‍දුං විය විනිවත‍්තෙත්‍වා එත්‍ථෙව නං නිස‍්සොකං තුට‍්ඨමානසං කත්‍වා ධම‍්මං දෙසෙස‍්සාමී”ති. සො තං ආමන‍්තෙත්‍වා “බ්‍රාහ‍්මණ, සෙනකපණ‍්ඩිතො නාමාහං, ඉදානෙව තං නිස‍්සොකං කරිස‍්සාමි, විස‍්සත්‍ථො කථෙහී”ති තෙන සද‍්ධිං සල‍්ලපන‍්තො පඨමං ගාථමාහ –
‘පඬිවරුන්ට හැම පැත්තටම ඇස් ඇතැ’යි කථාවක් තිබේ. ඒ මොහොතෙහි බෝසත් තෙමේ, ප්‍රසන්න වූ පංච ප්‍රසාද ඇති ඇස් දල්වා, අවට පිරිස දෙස බලමින් දම් දෙසනවිට, ඒ බමුණා හඬනු දුටුවේය. එසේ දැක ‘මොහු, මෙතෙක් පිරිස සොම්නසට පත්ව සාධුකාර දෙමින්, බණ අසන අතුරතුරේ, මේ බමුණා තනිවම දොම්නසට පත්ව හඬයි. එබැවින් මොහුගේ සිත තුළ කඳුලු ඉපදවීමට තරම් වූ ශෝකයක් තිබිය යුතුමය. එබැවින් ඇඹුල් ඇතිල්ලීමෙන් තඹ භාජනයකින් බැහැර කළ පැල්ලම් සේ, පියුම් පතෙකින් ඉවත් වූ දිය බිඳුවක් සේ, මොහුගේ එම ශෝකය බැහැරකොට මෙතනදීම ඔහු ශෝක නැත්තකු, සතුටු සිත් ඇත්තකු, බවක් පත්කොට දහම් දෙසන්නෙමැ’යි සිතූ, බෝසත් තෙමේ බමුණා අමතා ‘බමුණ, මම සේනක පඬිතුමා වෙමි. එබැවින් මේ දැන් ම ම ඔබේ ශෝකය දුරු කරන්නෙමි. විශ්වාසවන්තව ඔබේ ගැටළුව මට කියව’යි, බමුණා සමග කථා කරමින් මෙසේ පැවසීය.
“විබ‍්භන‍්තචිත‍්තො කුපිතින්‍ද්‍රියොසි, නෙත‍්තෙහි තෙ වාරිගණා සවන‍්ති; කිං තෙ නට්ඨං කිං පන පත්‍ථයානො, ඉධාගමා බ්‍රහ‍්මෙ තදිඞ‍්ඝ බ්‍රූහී”ති.
විබ්භන්ත චිත්තො කුපිතින්‍ද්‍රියො සි, නෙත්තෙහි තෙ වාරිගණා සචන්ති, කිං තෙ නට්ඨං කිං පන පත්‍ථයා නො, ඉධාගමා බ්‍රාහ්මණා ඉංඝ බ්‍රෑභිති
බමුණ, ඔබ අවුල් වූ සිත් ඇත්තෙහිය. සසල වූ ඉඳුරන් ඇත්තෙහිය. ඔබේ දෑසින් කඳුළු ගලයි. ඔබේ කුමක් අහිමි වී ද? කුමක් බලාපොරොත්තුවෙන් මෙහි පැමිණියෙහි දැ’යි කියව.
තත්‍ථ කුපිතින්‍ද්‍රියොසීති චක‍්ඛුන්‍ද්‍රියමෙව සන්‍ධාය “කුපිතින්‍ද්‍රියොසී”ති ආහ. වාරිගණාති අස‍්සුබින්‍දූනි. ඉඞ‍්ඝාති චොදනත්‍ථෙ නිපාතො. තඤ‍්හි මහාසත‍්තො චොදෙන‍්තො එවමාහ “බ්‍රාහ‍්මණ, සත‍්තා නාම ද‍්වීහි කාරණෙහි සොචන‍්ති පරිදෙවන‍්ති සත‍්තසඞ‍්ඛාරෙසු කිස‍්මිඤ‍්චිදෙව පියජාතිකෙ නට‍්ඨෙ වා, කිඤ‍්චිදෙව පියජාතිකං පත්‍ථෙත්‍වා අලභන‍්තා වා. තත්‍ථ කිං තෙ නට්ඨං, කිං වා පන පත්‍ථයන‍්තො ත්‍වං ඉධ ආගතො, ඉදං මෙ ඛිප‍්පං බ්‍රූහී”ති.
මෙහි ‘කුපිතින්‍ද්‍රියොසි’ යනු චක්ඛු ඉන්‍ද්‍රිය සඳහා ම මේ වචනය කීය යන අර්ථයි. ‘වාරිගණා’ යනු ‘කඳුලු බිඳුය. ‘ඉංඝ’ යනු චෝදනා අර්ථයෙහි නිපාතයෙකි. බෝසත් තෙමේ ඔහුට චෝදනා කරමින් මෙසේ කීය. ‘බමුණ, සත්ත්වයෝ නම්, කරුණු දෙකකට ශෝක කෙරෙති. වැලපෙති. සත්ත්වයෝ තමන් රැස්කොට ගත් වස්තූන් අතුරෙන්, කුමන හෝ ප්‍රිය වස්තුවක් විනාශ වූ කල්හි, හෝ එබන්දක් ප්‍රාර්ථනා කොට නොලද කල්හි, හෝ ශෝක කෙරෙති’ යනුවෙනි. ඔබගේ කුමක් නැතිවීද? ඔබ කුමක් ප්‍රාර්ථනා කරමින් මෙහි පැමිණියෙහිද? එය මට වහා කියව’ යන අර්ථයි.
අථස‍්ස අත‍්තනො සොකකාරණං කථෙන‍්තො බ්‍රාහ‍්මණො දුතියං ගාථමාහ –
ඉක්බිති බෝසතුන්ගේ වචනය ඇසූ බමුණා, තමාගේ ශෝකයට හේතුභූත වූ කරුණු පැහැදිලි කරමින්, මෙසේ පැවසීය.
“මිය්‍යෙථ භරියා වජතො මමජ‍්ජ, අගච‍්ඡතො මරණමාහ යක‍්ඛො; එතෙන දුක‍්ඛෙන පවෙධිතොස‍්මි, අක‍්ඛාහි මෙ සෙනක එතමත්‍ථ”න‍්ති.
2. අද ගෙදර ගියොත් මගේ අඹුව මියැදෙන්නීය. නො ගියොත් මට මරණය වන්නේ යැයි, දෙවියෙක් කීවේය. මම ඒ දුකෙන් වෙවුලන්නේ වෙමි. සේනක පඬිතුමනි, මෙහි අර්ථය මට කියා දෙනු මැනව.
තත්‍ථ වජතොති ගෙහං ගච‍්ඡන‍්තස‍්ස. අගච‍්ඡතොති අගච‍්ඡන‍්තස‍්ස. යක‍්ඛොති අන‍්තරාමග‍්ගෙ එකා රුක‍්ඛදෙවතා එවමාහාති වදති. සා කිර දෙවතා “පසිබ‍්බකෙ තෙ බ්‍රාහ‍්මණ, කණ‍්හසප‍්පො”ති අනාචික‍්ඛන‍්තී බොධිසත‍්තස‍්ස ඤාණානුභාවප‍්පකාසනත්‍ථං නාචික‍්ඛි. එතෙන දුක‍්ඛෙනාති ගච‍්ඡතො භරියාය මරණදුක‍්ඛෙන, අගච‍්ඡතො අත‍්තනො මරණදුක‍්ඛෙන, තෙනස‍්මි පවෙධිතො ඝට‍්ටිතො කම‍්පිතො. එතමත්‍ථන‍්ති එතං කාරණං. යෙන මෙ කාරණෙන ගච‍්ඡතො භරියාය මරණං, අගච‍්ඡතො අත‍්තනො මරණං හොති, එතං මෙ කාරණං ආචික‍්ඛාහීති අත්‍ථො.
මෙහි ‘වජතො’ යනු ‘ගෙදර යන්නාගේ’ යන අර්ථයි. ‘අගච්ඡතො’ යනු ‘නොයන්නාගේ’ යන අර්ථයි. ‘යක්ඛො’ යනු ‘අතරමගදී එක් රුක් දෙවියෙක් මෙසේ පැවසී යැයි කියයි යන අර්ථයි. ‘ඒ දෙවියා වනාහි බමුණ, ඔබේ ඔලගුවෙහි කළු සර්පයෙකැ’යි නොකියා හැරියේ, බෝසතුන්ගේ ඥානයේ ආනුභාවය ප්‍රකට කිරීම සඳහා ය’ යන අර්ථයි. ‘එතෙන දුක්ඛෙන’ යනු ගෙදර ගියොත් බිරියගේ මරණය දුකෙන් ද, නොගියොත් තමාගේ මරණ දුකෙන් ද යන අර්ථයි. ‘එබැවින් මම කම්පා වන්නේ, වෙවුලන්නේ, ගැහෙන්නේ වෙමි’ යන අදහසයි. ‘එතමත්‍ථං’ යනු ‘ගෙදර ගියොත් අඹුවගේ මරණයත්, නොගියොත් මගේ මරණයත් සිදුවන්නේ යම් කාරණයකින් ද? ඒ මේ කාරණය මට කියනු මැනවි’ යන අර්ථයි.
මහාසත‍්තො බ්‍රාහ‍්මණස‍්ස වචනං සුත්‍වා සමුද‍්දමත්‍ථකෙ ජාලං ඛිපන‍්තො විය ඤාණජාලං පත්‍ථරිත්‍වා “ඉමෙසං සත‍්තානං බහූනි මරණකාරණානි. සමුද‍්දෙ නිමුග‍්ගාපි මරන‍්ති, තත්‍ථ වාළමච‍්ඡෙහි ගහිතාපි, ගඞ‍්ගාය පතිතාපි, තත්‍ථ සුසුමාරෙහි ගහිතාපි, රුක‍්ඛතො පතිතාපි, කණ‍්ටකෙන විද‍්ධාපි, නානප‍්පකාරෙහි ආවුධෙහි පහටාපි, විසං ඛාදිත්‍වාපි, උබ‍්බන්‍ධිත්‍වාපි, පපාතෙ පතිතාපි, අතිසීතාදීහි වා නානප‍්පකාරෙහි වා රොගෙහි උපද‍්දුතාපි මරන‍්තියෙව, එවං බහූසු මරණකාරණෙසු කතරෙන නු ඛො කාරණෙන අජ‍්ජෙස බ්‍රාහ‍්මණො අන‍්තරාමග‍්ගෙ වසන‍්තො සයං මරිස‍්සති, ගෙහමස‍්ස වජතො භරියා මරිස‍්සතී”ති චින‍්තෙසි. චින‍්තෙන‍්තො එව බ්‍රාහ‍්මණස‍්ස ඛන්‍ධෙ පසිබ‍්බකං දිස‍්වා “ඉමස‍්මිං පසිබ‍්බකෙ එකෙන සප‍්පෙන පවිට‍්ඨෙන භවිතබ‍්බං, පවිසන‍්තො ච පනෙසො ඉමස‍්මිං බ්‍රාහ‍්මණෙ පාතරාසසමයෙ සත‍්තුං ඛාදිත්‍වා පසිබ‍්බකමුඛං අබන්‍ධිත්‍වා පානීයං පාතුං ගතෙ සත‍්තුගන්‍ධෙන සප‍්පො පවිට‍්ඨො භවිස‍්සති. බ්‍රාහ‍්මණොපි පානීයං පිවිත්‍වා ආගතො සප‍්පස‍්ස පවිට‍්ඨභාවං අජානිත්‍වා පසිබ‍්බකං බන්‍ධිත්‍වා ආදාය පක‍්කන‍්තො භවිස‍්සති, සචායං අන‍්තරාමග‍්ගෙ වසන‍්තො සායං වසනට‍්ඨානෙ “සත‍්තුං ඛාදිස‍්සාමී”ති පසිබ‍්බකං මුඤ‍්චිත්‍වා හත්‍ථං පවෙසෙස‍්සති , අථ නං සප‍්පො හත්‍ථෙ ඩංසිත්‍වා ජීවිතක‍්ඛයං පාපෙස‍්සති, ඉදමස‍්ස අන‍්තරාමග‍්ගෙ වසන‍්තස‍්ස මරණකාරණං. සචෙ පන ගෙහං ගච‍්ඡෙය්‍ය, පසිබ‍්බකො භරියාය හත්‍ථගතො භවිස‍්සති, සා ‘අන‍්තොභණ‍්ඩං ඔලොකෙස‍්සාමී”ති පසිබ‍්බකං මුඤ‍්චිත්‍වා හත්‍ථං පවෙසෙස‍්සති, අථ නං සප‍්පො ඩංසිත්‍වා ජීවිතක‍්ඛයං පාපෙස‍්සති, ඉදමස‍්ස අජ‍්ජ ගෙහං ගතස‍්ස භරියාය මරණකාරණ”න‍්ති උපායකොසල‍්ලඤාණෙනෙව අඤ‍්ඤාසි.
බෝසත් තෙමේ බමුණාගේ වචන අසා මුහුද මත දැලක් එලන්නාක් මෙන් ස්වකීය ඤාණ ජාලය මෙහෙයවා ‘මෙලොව සතුන්ට මරණයට කාරණා බොහෝය. මුහුදේ ගිලී මැරෙති. එහි වැටී නපුරු මාලුන් විසින් කන ලදුව මැරෙති. නදීන්හි වැටී ද මැරෙති. කිඹුලන් විසින් අල්ලා ගන්නා ලදුව ද මැරෙති. ගස්වලින් වැටී ද මැරෙති. කටුවලින් විදීම නිසා ද මැරෙති. විවිධ ආයුධවලින් පහර කෑමෙන් ද මැරෙති. වස-විස කා-බී මැරෙති. බෙල්ලේ වැල් ලා ගැනීමෙන් ද මැරෙති. ප්‍රපාතයෙන් පැනීම නිසා ද මැරෙති. අධික ශීතල නිසා ද මැරෙති. විවිධ රෝග කරණ කොටගෙන ද, විවිධ උවදුරු නිසා ද මැරෙති. මෙසේ බොහෝ අය විවිධ කාරණා නිසා මිය යති. අද ඒ කාරණා අතුරෙන් ‘කුමන කාරණයක් නිසා, ‘මේ බමුණාට අතරමග සිටියොත් මැරෙන්නට සිදු වේ යැ’යි කියා ද, ‘ගෙදර ගියොත් ඔහුගේ බිරිඳට මැරෙන්නට සිදු වේ යැ’යි කියා ද යන මේ ප්‍රකාශ කියන ලද්දේ දැ’යි, ඒ ගැන දැඩි ලෙස තර්ක කරන්නට පටන් ගත්තේය. මෙසේ සිතමින් හුන් බෝසත්තුමා එක් වරම බමුණාගේ උරෙහි එල්ලෙමින් තිබූ මල්ල දැක, ‘ස්ථිර වශයෙන් ම මේ මල්ල තුළට කිසියම් සර්පයකු පිවිස ඇතුවාට සැකයක් නැත. එකත් එකටම මේ බමුණා උදේ ආහාරය සඳහා මල්ලෙහි ඇති දෑ කන්නට ඇත. එසේ කෑ ඔහු මල්ලෙහි කට නොබැඳ, පැන් බීම සඳහා ඉව්තව යන්නට ඇත. කෑම සුවඳින් පිබිදුණු නයා මල්ලට පිවිසෙන්නට ඇත. නැවත මල්ල වෙත පැමිණි බමුණා. මල්ලට සර්පයකු පිවිසි බව නොදැනම, එහි කටබැඳ එයත් රැගෙන පිටත් වූයේ විය යුතු යැ’යි කල්පනා කෙළේය. තවද ‘මේ බමුණා අතරමග නවාතැන් ගතහොත්, රෑ කෑම පිණිස මල්ලට අත දැමීමෙන්, සර්පයා ලවා දෂ්ට කරවාගෙන, මැරෙන්නේය’ ‘මග සිටියොත් නුඹ මරණයට පත් වන්නේය’ යන කීමෙහි අර්ථය මෙය විය යුතුය. ‘යම් විදියකින් බුමණාට ගෙදර යන්නට ලැබුණොත්, මල්ල බිරිඳගේ අතට පත් වන්නේය. ඇය මල්ලට අත දැමූ සැණෙකින්, සර්පයා දෂ්ට කොට ජීවිතක්‍ෂයට පත් වන්නීය.’ මේ කාරණය නිසා ‘ගෙදර ගියොත් අඹුව මිය යන්නේය’ යන ප්‍රකාශය කළා විය යුතු යැයි මෙසේ මේ සියලු විස්තර, බෝසත් තෙමේ තම උපාය-කෞශල්‍ය ඤාණයෙන් ම තේරුම් ගත්තේය.
අථස‍්ස එතදහොසි “ඉමිනා කණ‍්හසප‍්පෙන සූරෙන නිබ‍්භයෙන භවිතබ‍්බං. අයඤ‍්හි බ්‍රාහ‍්මණස‍්ස මහාඵාසුකං පහරන‍්තොපි පසිබ‍්බකෙ අත‍්තනො චලනං වා ඵන්‍දනං වා න දස‍්සෙති, එවරූපාය පරිසාය මජ‍්ඣෙපි අත‍්තනො අත්‍ථිභාවං න දස‍්සෙති, තස‍්මා ඉමිනා කණ‍්හසප‍්පෙන සූරෙන නිබ‍්භයෙන භවිතබ‍්බ”න‍්ති. ඉදම‍්පි සො උපායකොසල‍්ලඤාණෙනෙව දිබ‍්බචක‍්ඛුනා පස‍්සන‍්තො විය අඤ‍්ඤාසි. එවං සරාජිකාය පරිසාය මජ‍්ඣෙ සප‍්පං පසිබ‍්බකං පවිසන‍්තං දිස‍්වා ඨිතපුරිසො විය මහාසත‍්තො උපායකොසල‍්ලඤාණෙනෙව පරිච‍්ඡින්‍දිත්‍වා බ්‍රාහ‍්මණස‍්ස පඤ‍්හං කථෙන‍්තො තතියං ගාථමාහ –
ඉක්බිති බෝසතුන්ට මෙසේ සිතුණි. ‘බමුණාගේ මල්ලෙහි හිඳින මේ සර්පයා සූරයකු විය යුතුය. භය නැති එකකු විය යුතුය. මේ මල්ල බමුණාගේ ඇලපතෙහි කී වරක් නම්, වදින්ට ඇත්ද? එවිට ඌ දැඟලුවා නම්, පිම්බා නම්, එය බමුණාට දැනේ. දැන් මෙතැනදීත් මෙතරම් පිරිසක් මැද වුවත්, මේ සර්පයා, තමා මල්ලෙහි ඇති බවක් වත්, නොපෙන්වයි. එබැවින් ස්ථිර වශයෙන්ම, මූ ශූරයකු, බිය නැති එකකු විය යුතුය’ යනුවෙනි. බෝසත්තුමා මේ කාරණය ද, ස්වකීය උපාය කෞශල්‍ය ඤාණයෙන්ම, දිවැසින් දකින්නාක් මෙන්, තේරුම් ගත්තේය. ඊළඟට රජු සහිත පිරිස මැද දී බෝසත් තෙමේ, මල්ලට සර්පයකු පිවිසෙනු ඇසින් දුටු කෙනකු මෙන්, ස්වකීය උපාය කෞශල්‍ය ඤාණයෙන්ම, සියල්ල පිරිසිඳ දැන, බමුණාගෙන් ප්‍රශ්න කෙරෙමින් මෙසේ කීය.
“බහූනි ඨානානි විචින‍්තයිත්‍වා, යමෙත්‍ථ වක‍්ඛාමි තදෙව සච‍්චං; මඤ‍්ඤාමි තෙ බ්‍රාහ‍්මණ සත‍්තුභස‍්තං, අජානතො කණ‍්හසප‍්පො පවිට‍්ඨො”ති.
3. මම බොහෝ කරුණු සලකා බලා මෙහිදී, යමක් කියම් ද? එය සත්‍යයක්මය. බමුණ, ඔබගේ අග්ගලා මල්ලට ඔබ නොදැනුවත්, කළු සර්පයෙක් පිවිසියේ යැයි සිතමි.
තත්‍ථ බහූනි ඨානානීති බහූනි කාරණානි. විචින‍්තයිත්‍වාති පටිවිජ‍්ඣිත්‍වා චින‍්තාවසෙන පවත‍්තපටිවෙධො හුත්‍වා. යමෙත්‍ථ වක‍්ඛාමීති යං තෙ අහං එතෙසු කාරණෙසු එතං කාරණං වක‍්ඛාමි. තදෙව සච‍්චන‍්ති තදෙව තථං දිබ‍්බචක‍්ඛුනා දිස‍්වා කථිතසදිසං භවිස‍්සතීති දීපෙති. මඤ‍්ඤාමීති සල‍්ලක‍්ඛෙමි. සත‍්තුභස‍්තන‍්ති සත‍්තුපසිබ‍්බකං. අජානතොති අජානන‍්තස‍්සෙව එකො කණ‍්හසප‍්පො පවිට‍්ඨොති මඤ‍්ඤාමීති.
මෙහි ‘බහූනි ඨානානි’ යනු ‘බොහෝ කරුණු’, යන අර්ථයි. ‘විචින්තයිත්‍වා’ යන අර්ථයි. ‘යමෙත්‍ථ වක්ඛාමි’ යනු ‘මේ කරුණු අතරින් මම ඔබට කිසියම් එක් කරුණක් ගැන කියමි’ යන අර්ථයි. ‘තදෙව සච්චං’ යනු ‘එයම සත්‍යය, ‘දිවැසින් දැක කියන ලද්දක් වැනි යැ’යි දක්වයි’ යන අර්ථයි. ‘මඤ්ඤාමි’ යනු ‘සලකමි’ යන අර්ථයි. ‘සත්තුභස්තං’ යනු ‘අග්ගලා ඔලගුව’යි. ‘අජානතො’ යනු ‘ඔබට නොදැනෙන්ට, ‘එක් කළු සර්පයෙක් එහි පිවිසුණේ යැ’යි හඟිමි’ යන අර්ථයි.
එවඤ‍්ච පන වත්‍වා “අත්‍ථි තෙ බ්‍රාහ‍්මණ, එතස‍්මිං පසිබ‍්බකෙ සත‍්තූ”ති පුච‍්ඡි. “අත්‍ථි, පණ‍්ඩිතා”ති. “අජ‍්ජ පාතරාසවෙලාය සත‍්තුං ඛාදී”ති? “ආම, පණ‍්ඩිතා”ති. “කත්‍ථ නිසීදිත්‍වා”ති? “අරඤ‍්ඤෙ රුක‍්ඛමූලස‍්මිං, පණ‍්ඩිතා”ති. “සත‍්තුං ඛාදිත්‍වා පානීයං පාතුං ගච‍්ඡන‍්තො පසිබ‍්බකමුඛං බන්‍ධි, න බන්‍ධී”ති? “න බන්‍ධිං, පණ‍්ඩිතා”ති. “පානීයං පිවිත්‍වා ආගතො පසිබ‍්බකං ඔලොකෙත්‍වා බන්‍ධී”ති. “අනොලොකෙත්‍වාව බන්‍ධිං, පණ‍්ඩිතා”ති. “බ්‍රාහ‍්මණ, තව පානීයං පාතුං ගතකාලෙ අජානන‍්තස‍්සෙව තෙ සත‍්තුගන්‍ධෙන පසිබ‍්බකං සප‍්පො පවිට‍්ඨොති මඤ‍්ඤාමි, එවමෙත්‍ථ ආගතො ත්‍වං, තස‍්මා පසිබ‍්බකං ඔතාරෙත්‍වා පරිසමජ‍්ඣෙ ඨපෙත්‍වා පසිබ‍්බකමුඛං මොචෙත්‍වා පටික‍්කම‍්ම ඨිතො එකං දණ‍්ඩකං ගහෙත්‍වා පසිබ‍්බකං තාව පහර, තතො පත්‍ථටඵණං සුසූතිසද‍්දං කත්‍වා නික‍්ඛමන‍්තං කණ‍්හසප‍්පං දිස‍්වා නික‍්කඞ‍්ඛො භවිස‍්සතී”ති චතුත්‍ථං ගාථමාහ –
මෙසේ කී බෝසත් පඬිතුමා ‘බමුණ, ඔබේ ඔය අල්ලෙහි අග්ගලා ඇද්දැ’යි ඇසීය. ‘එසේය, පඬිතුමනි, එහි අග්ගලා ඇත.’ ‘බමුණ, ඔබ අද උදයේ අග්ගලා කෑවෙහිද?’ ‘එසේය, පඬිතුමනි,’ ‘බමුණ, ‘කොහි දී කෑවෙහිද?’ ‘පඬිතුමනි, කැලයේ ගසක් මුල තබාගෙන කෑවෙමි.’ ‘බමුණ, අග්ගලා අනුභවකොට ඔබ පැන් බොන්නට යද්දී, මල්ලේ කට බැඳ තබා ගියෙහිද?’ ‘පඬිතුමනි, මල්ලෙහි කට බැඳීමට මට අමතක විය.’ ‘බමුණ, පැන් බී ආපසු පැමිණ, ඔලගුව පරීක්‍ෂා කොට බලා, එහි කට බැන්දේද?’ ‘පඬිතුමනි, පරීක්‍ෂා නොකොටම, මල්ලේ කට බැන්දෙමි’ ‘එසේ නම් බමුණ, ඔබ පැන් බොන්නට ගිය කල්හි, ඔබට නොදැනෙන්නට අග්ගලාවල සුවඳට ‘මල්ල වෙත පැමිණි සර්පයෙක්, එහි පිවිසියේ යැ’යි සිතමි. ඒ අනුව ඔබ මෙහි පැමිණියේ, ඌත් සමග විය යුතුය. එබැවින් දැන් ඔබ ඔය මල්ල, මේ පිරිස මැද තබා එය ලිහා, එතැනින් ඉවත්ව, එක් දණ්ඩක් ගෙන මල්ලට තට්ටු කරව, එවිට ‘සූ සූ’ යැයි පිඹිමින් එලියට පැමිණෙන සර්පයා දැක, සැක දුරු කරගත හැකියැ’යි, බෝසත් පඬිතුමා බමුණාට ප්‍රකාශ කරමින්, තවදුරටත් මෙසේ ද කීයේය.
“ආදාය දණ‍්ඩං පරිසුම‍්භ භස‍්තං, පස‍්සෙළමූගං උරගං දුජිව‍්හං; ඡින්‍දජ‍්ජ කඞ‍්ඛං විචිකිච‍්ඡිතානි, භුජඞ‍්ගමං පස‍්ස පමුඤ‍්ච භස‍්ත”න‍්ති.
4. අද සැකයන්, විචිකිච්ඡාවන් නැති කරගනුව. මල්ල ලිහා සර්පයා දැකගන්න. දණ්ඩක් ගෙන මල්ලට තට්ටු කරන්න. කෙළ වැගිරෙන කටක් ඇති, දිව දෙකක් ඇති සර්පයා දැක ගන්න.
තත්‍ථ පරිසුම‍්භාති පහර. පස‍්සෙළමූගන‍්ති එළං පග‍්ඝරන‍්තෙන මුඛෙන එළමූගං පසිබ‍්බකතො නික‍්ඛමන‍්තං දුජිව‍්හං උරගං පස‍්ස. ඡන්‍දජ‍්ජ කඞ‍්ඛං විචිකිච‍්ඡිතානීති “අත්‍ථි නු ඛො මෙ පසිබ‍්බකෙ සප‍්පො, උදාහු නත්‍ථී”ති කඞ‍්ඛමෙව පුනප‍්පුනං උප‍්පජ‍්ජමානානි විචිකිච‍්ඡිතානි ච අජ‍්ජ ඡින්‍ද, මය‍්හං සද‍්දහ, අවිතථඤ‍්හි මෙ වෙය්‍යාකරණං, ඉදානෙව නික‍්ඛමන‍්තං භුජඞ‍්ගමං පස‍්ස පමුඤ‍්ච භස‍්තන‍්ති.
මෙහි ‘පරිසුම්හ’ යනු ‘ගසන්න’ යන අර්ථයි. ‘පස්සෙලමූගං’ යනු ‘කෙළ වැගිරෙන කටින් යුතුව මල්ලෙන් නික්මෙන. දිව් දෙකක් ඇති සර්පයා දෙස බලන්න’ යන අර්ථයි. ‘ඡින්‍දජ්ජ කංඛං විචිකිච්ඡිතානි’ යනු මගේ මල්ලේ සර්පයා ඇත්තේද? නැති නම් නැත්තේ දැ’යි, යන සැකය ද, නැවත නැවත ඇතිවන විචිකිච්ඡාවන් ද, අද සිඳ ගනුව. මා විශ්වාස කරන්න. මා විසින් පැහැදිලි කරන ලද්දේ සත්‍යයකි. දැන් මල්ල ලිහන්න. එළියට එන සර්පයා දෙස බලන්න’ යන අර්ථයි.
බ්‍රාහ‍්මණො මහාසත‍්තස‍්ස කථං සුත්‍වා සංවිග‍්ගො භයප‍්පත‍්තො තථා අකාසි. සප‍්පොපි සත‍්තුභස‍්තෙ දණ‍්ඩෙන පහටෙ පසිබ‍්බකමුඛා නික‍්ඛමිත්‍වා මහාජනං ඔලොකෙන‍්තො අට‍්ඨාසි. තමත්‍ථං පකාසෙන‍්තො සත්‍ථා පඤ‍්චමං ගාථමාහ –
ඉක්බිති බමුණා බෝසතුන්ගේ කථාව අසා, සංවේගයට ද, බියටද පත්ව, බෝසතුන් කී කටයුත්ත කෙසේ හෝ ඉටු කෙළේය. දණ්ඩෙන් පහර ලද සර්පයා ද, මල්ලෙහි කටෙන් එළියට පැමිණ, මහජනයා දෙස බලමින් සිටියේය. මේ කාරණය පැහැදිලි කරමින්, බුදුරදුන් වදාළ කථාවකි මේ.
“සංවිග‍්ගරූපො පරිසාය මජ‍්ඣෙ, සො බ්‍රාහ‍්මණො සත‍්තුභස‍්තං පමුඤ‍්චි; අථ නික‍්ඛමි උරගො උග‍්ගතෙජො, ආසීවිසො සප‍්පො ඵණං කරිත්‍වා”ති.
5. සංවේග ස්වරූප ඇති, ඒ බ්‍රාහ්මණයා පිරිස මැද දී, අග්ගලා මල්ල ලිහීය. ඉක්බිති උග්‍ර තේජස් ඇති, වහා පැතිර යන විෂ ඇති, උරගයකු වන ඒ කළු නයා පෙණය පුප්ඵාගෙන, එළියට ආවේය.
සප‍්පස‍්ස ඵණං කත්‍වා නික‍්ඛන‍්තකාලෙ “මහාසත‍්තස‍්ස සබ‍්බඤ‍්ඤුබුද‍්ධස‍්සෙව බ්‍යාකරණං අහොසී”ති මහාජනො චෙලුක‍්ඛෙපසහස‍්සානි පවත‍්තෙසි, අඞ‍්ගුලිඵොටනසහස‍්සානි පරිබ‍්භමිංසු, ඝනමෙඝවස‍්සං විය සත‍්තරතනවස‍්සං වස‍්සි, සාධුකාරසහස‍්සානි පවත‍්තිංසු, මහාපථවීභිජ‍්ජනසද‍්දො විය අහොසි. ඉදං පන බුද‍්ධලීළාය එවරූපස‍්ස පඤ‍්හස‍්ස කථනං නාම නෙව ජාතියා බලං, න ගොත‍්තකුලප‍්පදෙසානං බලං, කස‍්ස පනෙතං බලන‍්ති? පඤ‍්ඤාය බලං. පඤ‍්ඤවා හි පුග‍්ගලො විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා අරියමග‍්ගද‍්වාරං විවරිත්‍වා අමතමහානිබ‍්බානං පවිසති, සාවකපාරමිම‍්පි පච‍්චෙකබොධිම‍්පි සම‍්මාසම‍්බොධිම‍්පි පටිවිජ‍්ඣති. අමතමහානිබ‍්බානසම‍්පාපකෙසු හි ධම‍්මෙසු පඤ‍්ඤාව සෙට‍්ඨා, අවසෙසා තස‍්සා පරිවාරා හොන‍්ති. තෙනෙතං වුත‍්තං –
සර්පයා පෙනය කරගෙන මල්ලෙන් එළියට ආ කල්හි, බෝසතුන්ගේ මේ පැහැදිලි කිරීම, බුදුරදුන්ගේ පැහැදිලි කිරීමක් මෙන්, බලා සිටි අයට ඒත්තු ගියේය. මේ දුටු මහජනයා, දහස් ගණන් සළු හිස වටා කරකවමින්, දහස් ගණනින් අත්පොළසන් දෙමින් නටන්නට පටන් ගත්හ. ඝන මේඝ වර්ෂාවක් මේ, සත්රුවන් වැසි වසින්නට විය. ලක්‍ෂ ගණනින් පැවැත්වූ සාධුකාරය, අවට ගිගුම් දුන්නේය. පොළොව කම්පා වෙන්නාක් මෙන්, මහත් ශබ්දයක් ඇතිවිය. මෙසේ ප්‍රබුද්ධ ලීලාවෙන්, මෙබඳු ගැටලුවක් විසඳීම නම් වූ, මේ කාරණය උත්පත්ති බලයකින් කළ දෙයක් නොවේ. කුල-ගෝත්‍ර-ප්‍රදේශ-යශස-ධනය ආදී වූ වෙනත් කිසියම් ශක්තියකින්, කළ දෙයක් ද නොවේ. එසේ නම් මෙය කුමන බලයක්ද? ප්‍රඥාවේ බලයයි. ප්‍රඥා සම්පන්න පුද්ගලයෙක් විදර්ශනා වඩා, ආර්ය මාර්ගයේ දොරටුව විවරකොට, අමා මහ නිවනට පිවිසෙයි. ශ්‍රාවක පාරමිතාව ද, පසේබුදු බව ද, සම්මා සම්බුද්ධත්වය ද, ප්‍රඥාව කරණකොටගෙනම අවබෝධ කෙරේ. අමා මහ නිවනට පමුණුවන ධර්මයන් අතුරෙන්, ප්‍රඥාව ම ශ්‍රේෂ්ඨය. සෙසු සියල්ල ඊට පරිවාර වේ. එහෙයින් ම මෙසේ දක්වන ලදි.
“පඤ‍්ඤා හි සෙට‍්ඨා කුසලා වදන‍්ති, නක‍්ඛත‍්තරාජාරිව තාරකානං; සීලං සිරී චාපි සතඤ‍්ච ධම‍්මො, අන්‍වායිකා පඤ‍්ඤවතො භවන‍්තී”ති. (ජා· 2.17.81);
6. කුසල් ඇත්තෝ, ‘ප්‍රඥාව ශ්‍රේෂ්ඨ යැ’යි කියති. එය තරු මඬුල්ලට සඳ වැනි ය. සත්පුරුෂ ධර්මයද, ශීලයද, සම්පත්තියද, යන මේ ධර්මයෝ ප්‍රඥාවන්තයා අනුගමනය කරන්නාහු වෙති.
එවං කථිතෙ ච පන මහාසත‍්තෙන පඤ‍්හෙ එකො අහිතුණ‍්ඩිකො සප‍්පස‍්ස මුඛබන්‍ධනං කත්‍වා සප‍්පං ගහෙත්‍වා අරඤ‍්ඤෙ විස‍්සජ‍්ජෙසි. බ්‍රාහ‍්මණො රාජානං උපසඞ‍්කමිත්‍වා ජයාපෙත්‍වා අඤ‍්ජලිං පග‍්ගය‍්හ රඤ‍්ඤො ථුතිං කරොන‍්තො උපඩ‍්ඪගාථමාහ –
මහ බෝසතුන් විසින් මේ ගැටලුව මෙසේ විසඳූ කල්හි, රජුගේ අණින් එහි පැමිණි, එක් අහිගුණ්ඨිකයෙක් සර්පයාගේ මුඛ බන්‍ධනය කොට, සර්පයා ගෙනගොස් කැලයට මුදා හැරියේය. ඉන් පසු බමුණා රජුවෙත එළඹ, රජුට ජය ප්‍රාර්ථනා කොට, ඇඳිලි බැඳගෙන රජුට ස්තුති කරමින්, මේ ගාථා අර්ථය පැවසීය.
“සුලද‍්ධලාභා ජනකස‍්ස රඤ‍්ඤො; යො පස‍්සතී සෙනකං සාධුපඤ‍්ඤ”න‍්ති.
7. යමෙක් උතුම් ප්‍රඥාවක් ඇති සේනක පඬිතුමා දකීද? එය ජනතාවගේ පියා වන රජුට මනා වූ ලාභයකි.
තස‍්සත්‍ථො – යො සාධුපඤ‍්ඤං උත‍්තමපඤ‍්ඤං සෙනකපණ‍්ඩිතං අක‍්ඛීනි උම‍්මීලෙත්‍වා ඉච‍්ඡිතිච‍්ඡිතක‍්ඛණෙ පියචක‍්ඛූහි පස‍්සිතුං ලභති, තස‍්ස රඤ‍්ඤො ජනකස‍්ස එතෙ ඉච‍්ඡිතිච‍්ඡිතක‍්ඛණෙ දස‍්සනලාභා සුලද‍්ධලාභා වත, එතෙන ලද‍්ධෙසු සබ‍්බලාභෙසු එතෙව ලාභා සුලද‍්ධලාභා නාමාති.
මෙහි ‘සාධුපඤ්ඤං’ යනු ‘උතුම් ප්‍රඥා ඇති’, යන අර්ථයි. එබඳු වූ සේනක පඬිතුමා දෙස. ඇස් දල්වා කැමති කැමති අවස්ථාවල ප්‍රිය ඇස්වලින් බල-බලා ඉන්නට ඉඩ ලැබේද? ජනතාවගේ පියා වන, ඒ රජුට එකී සිතු-සිතූ විට බැලීමේ දර්ශන ලාභය වනාහි, ඒකාන්තයෙන්ම මනා වූ ලාභයකි. ඔහු විසින් ලබන ලද, සියලු ලාභයන් අතුරෙන්, මේ ලාභය ම, උතුම් ලාභය ම නම් වේ’ යන අර්ථයි.
බ්‍රාහ‍්මණොපි රඤ‍්ඤො ථුතිං කත්‍වා පුන පසිබ‍්බකතො සත‍්ත කහාපණසතානි ගහෙත්‍වා මහාසත‍්තස‍්ස ථුතිං කත්‍වා තුට‍්ඨිදායං දාතුකාමො දියඩ‍්ඪගාථමාහ –
මෙසේ රජුට ස්තුති කළ බමුණා, සිය ඔලගුව අත ගා කහවණු සත්සියයක් ඉන් ඉවතට ගෙන, පළමුව බෝසතුන්ට ස්තුතිකොට, එකී මුදල තුටු පඬුරක් ලෙසින් බෝසතුන්ට පිරිනැමීමට කැමතිව, මෙසේ මේ ගාථා එකහමාර කීවේය.
“විවට‍්ටඡද‍්දො නුසි සබ‍්බදස‍්සී, ඤාණං නු තෙ බ්‍රාහ‍්මණ භිංසරූපං.
8. බ්‍රාහ්මණ සේනක පඬිතුමනි, ඔබ විසින් අද මට ජීවිතය ලබාදෙන ලදි. තවද මගේ බිරිඳට ද, යහපතක් කෙළේය. ඔබ සියල්ල විවෘත කොට ප්‍රදර්ශනය කෙළෙහිය. ඔබ සියල්ල දකින්නෙකි. ඔබේ ඤාණයද, ඉතා බලවත් ස්වරූප ඇත්තේය. සත්සියයක ධනයක් මා සතුව ඇත. ඒ සියල්ල මම ඔබට දෙමි. එය පිළිගනු මැනවි.
“ඉමානි මෙ සත‍්තසතානි අත්‍ථි, ගණ‍්හාහි සබ‍්බානි දදාමි තුය‍්හං; තයා හි මෙ ජීවිතමජ‍්ජ ලද‍්ධං, අථොපි භරියාය මකාසි සොත්‍ථි”න‍්ති.
තත්‍ථ විවට‍්ටඡද‍්දො නුසි සබ‍්බදස‍්සීති කිං නු ඛො ත්‍වං සබ‍්බෙසු ධම‍්මාකාරෙසු විවට‍්ටඡදනො විවට‍්ටනෙය්‍යධම‍්මො සබ‍්බඤ‍්ඤුබුද‍්ධොති ථුතිවසෙන පුච‍්ඡති. ඤාණං නු තෙ බ්‍රාහ‍්මණ භිංසරූපන‍්ති උදාහු අසබ‍්බඤ‍්ඤුස‍්සපි සතො තව ඤාණං අතිවිය භිංසරූපං සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණං විය බලවන‍්ති. තයා හි මෙති තයා හි දින‍්නත‍්තා අජ‍්ජ මයා ජීවිතං ලද‍්ධං. අථොපි භරියාය මකාසි සොත්‍ථින‍්ති අථොපි මෙ භරියාය ත්‍වමෙව සොත්‍ථිං අකාසි.
[missing trans]
ඉති සො වත්‍වා “සචෙපි සතසහස‍්සං භවෙය්‍ය, දදෙය්‍යමෙවාහං, එත‍්තකමෙව මෙ ධනං, ඉමානි මෙ සත‍්ත සතානි ගණ‍්හා”ති පුනප‍්පුනං බොධිසත‍්තං යාචි. තං සුත්‍වා බොධිසත‍්තො අට‍්ඨමං ගාථමාහ –
මෙසේ කී බමුණා තවදුරටත් කථා කරමින් ‘පඬිතුමනි, මා වෙත ලක්‍ෂයක් විණි නම්, ඒ මුදල ඔබට දෙන්නෙමි. මා ළඟ ඇත්තේ මෙපමණක්මය. එබැවින් සත්සියයක් වූ මේ ධනය පිළිගනු මැනවැ’යි පුන පුනා බෝසතුන්ට යාඥා කෙළේය. ඒ අසා බෝසත් තෙමේ මෙසේ කීයේය.
“න පණ‍්ඩිතා වෙතනමාදියන‍්ති, චිත්‍රාහි ගාථාහි සුභාසිතාහි; ඉතොපි තෙ බ්‍රහ‍්මෙ දදන‍්තු විත්තං, ආදාය ත්‍වං ගච‍්ඡ සකං නිකෙත”න‍්ති.
9. මැනවින් දේශිත වූ විසිතුරු ගාථා කරණකොටගෙන, පඬිවරු (ඒ සඳහා) වැටුප් නොගනිති. බමුණ, මෙතැනින් (මා වෙතින්) ද, ඔබට ධනය ලැබෙනු ඇත. එය ද රැගෙන සිය නිවෙසට යව.
තත්‍ථ වෙතනන‍්ති වෙත‍්තනං, අයමෙව වා පාඨො. ඉතොපි තෙ බ්‍රහ‍්මෙති බ්‍රාහ‍්මණ, ඉතො මම පාදමූලතොපි තුය‍්හං ධනං දදන‍්තු. විත්තං ආදාය ත්‍වං ගච‍්ඡාති ඉතො අඤ‍්ඤානි තීණි සතානි ගහෙත්‍වා සහස‍්සභණ‍්ඩිකං ආදාය සකනිවෙසනං ගච‍්ඡ.
මෙහි ‘වෙත්තනං’ යනු ‘වැටුප’යි. ‘වේතන’ යන මෙය ම පාඨය හෝ විය හැකිය. ‘ඉතොපි තෙ බ්‍රහ්මෙ’ යනු ‘බමුණ, මාගේ පාද මූලයෙන්ද, ඔබට ධනය ලැබේ’ යන අර්ථයි. ‘දදන්තු විත්තං ආදාය තං ගච්ඡ’ යනු ‘මෙතැනින් තවත් තුන්සියයක් මුදල් ගෙන, දහසක පොදියක් කොට, එයත් රැගෙන සිය නිවෙසට යන්න’ යන අර්ථයි.
එවඤ‍්ච පන වත්‍වා මහාසත‍්තො බ්‍රාහ‍්මණස‍්ස සහස‍්සං පූරාපෙන‍්තො කහාපණෙ දාපෙත්‍වා “බ්‍රාහ‍්මණ, කෙන ත්‍වං ධනභික‍්ඛාය පෙසිතො”ති පුච‍්ඡි. “භරියාය මෙ පණ‍්ඩිතා”ති. “භරියා පන තෙ මහල‍්ලිකා, දහරා”ති. “දහරා, පණ‍්ඩිතා”ති. “තෙන හි සා අඤ‍්ඤෙන සද‍්ධිං අනාචාරං කරොන‍්තී ‘නිබ‍්භයා හුත්‍වා කරිස‍්සාමී’ති තං පෙසෙසි, සචෙ ඉමෙ කහාපණෙ ඝරං නෙස‍්සසි, සා තෙ දුක‍්ඛෙන ලද‍්ධකහාපණෙ අත‍්තනො ජාරස‍්ස දස‍්සති, තස‍්මා ත්‍වං උජුකමෙව ගෙහං අගන‍්ත්‍වා බහිගාමෙ රුක‍්ඛමූලෙ වා යත්‍ථ කත්‍ථචි වා කහාපණෙ ඨපෙත්‍වා පවිසෙය්‍යාසී”ති වත්‍වා තං උය්‍යොජෙසි. සො ගාමසමීපං ගන‍්ත්‍වා එකස‍්මිං රුක‍්ඛමූලෙ කහාපණෙ ඨපෙත්‍වා සායං ගෙහං අගමාසි. භරියාපිස‍්ස තස‍්මිං ඛණෙ ජාරෙන සද‍්ධිං නිසින‍්නා අහොසි. බ්‍රාහ‍්මණො ද‍්වාරෙ ඨත්‍වා “භොතී”ති ආහ. සා තස‍්ස සද‍්දං සල‍්ලක‍්ඛෙත්‍වා දීපං නිබ‍්බාපෙත්‍වා ද‍්වාරං විවරිත්‍වා බ්‍රාහ‍්මණෙ අන‍්තො පවිට‍්ඨෙ ඉතරං නීහරිත්‍වා ද‍්වාරමූලෙ ඨපෙත්‍වා ගෙහං පවිසිත්‍වා පසිබ‍්බකෙ කිඤ‍්චි අදිස‍්වා “බ්‍රාහ‍්මණ, කිං තෙ භික‍්ඛං චරිත්‍වා ලද‍්ධ”න‍්ති පුච‍්ඡි. “සහස‍්සං මෙ ලද‍්ධ”න‍්ති. “කහං පන ත”න‍්ති. “අසුකට‍්ඨානෙ නාම ඨපිතං, පාතොව ආහරිස‍්සාමි, මා චින‍්තයී”ති. සා ගන‍්ත්‍වා ජාරස‍්ස ආචික‍්ඛි. සො නික‍්ඛමිත්‍වා අත‍්තනා ඨපිතං විය ගණ‍්හි.
මෙසේ කී බෝසත් තෙමේ තමාගේ අතින් කහවණු තුන්සියයක් ද, එක් කොට කහවණු දහසක පොදියක් සකසා, බමුණාට එය දී ‘බමුණ, ඔබ මේ ධන භික්‍ෂාවෙහි කවරකු විසින් යොදවන ලද්දෙහිද?’ ‘පඬිතුමනි, මා ගියේ මාගේ බිරිඳගේ මෙහෙයවීමෙනි’ ‘බමුණ, ඔබේ බිරිඳ මහලුද? නැතිනම් තරුණද?’ ‘පඬිතුමනි, ඈ තරුණය’ බමුණාගේ මේ පිළිතුරෙන් පඬිතුමා, ‘බමුණාගේ බිරිඳ අනාචාරයේ යෙදෙන්නියකැ’යි තේරුම් ගෙන, ‘මම මේ බමුණා මේ ප්‍රශ්නයෙන් ද, මුදවා ගන්නෙමැ’යි සිතා, බමුණාට කථා කොට, ‘බමුණ, ඔබේ බිරිඳ අනාචාරී තැනැත්තියකි. එබැවින් ඔබ මේ ධනය ගෙදර රැගෙන ගියහොත්, ඔබ දුක සේ සපයා ගත් මේ මුදල, ඇය ඇගේ සොර සැමියාට දෙන්නීය. එබැවින් ඔබ සෘජුව ම ගෙදර නොගොස්, ගමෙන් පිට කිසියම් ගසක් මුල හෝ වෙනත් යම්කිසි තැනෙක ධනය සඟවා තබා, ගෙදර යනු මැනවැ’යි කියා, බමුණා පිටත් කොට හැරියේය. ගම කිට්ටුවට ගිය බමුණා, කිසියම් ගසක් මුල කහවණු පොදිය සඟවා තබා, සැන්දෑ වූ පසු ගෙදර ගියේය. මේ අවස්ථාව වනවිට, බමුණාගේ බිරිඳ සිය සොර සැමියා සමග වැද හොත්තීය. නිවසේ දොර ළඟට ගිය බමුණා ‘පින්වතිය යැ’යි කියමින් සිය බිරිඳට අඬ ගෑවේය. ඒ ශබ්දය ඇසූ තරු බැමිණිය, මඳක් කල්පනා කොට පළමුව, දැල්වෙන පහන නිවා දැමුවාය. දෙවනුව තම සොර සැමියා දොර මුල්ලට සිටින සේ, දොර විවෘත කළ ඈ, බමුණා ඇතුළට ගෙන සොර සැමියා දොර ළඟ එළියෙන් තබා, ගෙට පිවිස බමුණා වෙතින් මල්ල අතට ගෙන, එහි කිසිදු වස්තුවක් නොමැති බව දැන, ‘කිමෙක්ද බමුණ? ඔබ භික්‍ෂාවෙන් කිසිවක් නොලද්දෙහි දැ’යි ඇසුවාය. ‘සොඳුර, කහවණු දහසක් ලැබුවෙමි.’ ‘ඒවා කොහිද?’ ‘අසවල් තැන සැඟවූයෙමි. උදෙන්ම එහි ගොස් ගෙනැවිත් දෙන්නෙමි. එනිසා සිත නරක් කර නොගන්නැ’යි බමුණා බැමිණියට කීවේය. වහා එතැනින් එළියට ගිය බැමිණිය, සොර සැමියාට සියලු විස්තර නොවළහා කීවාය. රෑම එතැනට ගිය සොර සැමියා, තමා තැබූ දෙයක් ගන්නාක් මෙන්, බමුණාගේ මුදල් පොදිය ගත්තේය.
බ්‍රාහ‍්මණො පුනදිවසෙ ගන‍්ත්‍වා කහාපණෙ අපස‍්සන‍්තො බොධිසත‍්තස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා “කිං, බ්‍රාහ‍්මණා”ති වුත‍්තෙ “කහාපණෙ න පස‍්සාමි, පණ‍්ඩිතා”ති ආහ. “භරියාය තෙ ආචික‍්ඛී”ති? “ආම, පණ‍්ඩිතා”ති. මහාසත‍්තො තාය ජාරස‍්ස ආචික‍්ඛිතභාවං ඤත්‍වා “අත්‍ථි පන තෙ බ්‍රාහ‍්මණ, භරියාය කුලූපකබ්‍රාහ‍්මණො”ති පුච‍්ඡි. “අත්‍ථි, පණ‍්ඩිතා”ති. “තුය‍්හම‍්පි අත්‍ථී”ති? “ආම, පණ‍්ඩිතා”ති. අථස‍්ස මහාසත‍්තො සත‍්තන‍්නං දිවසානං පරිබ‍්බයං දාපෙත්‍වා “ගච‍්ඡ පඨමදිවසෙ තව සත‍්ත, භරියාය තෙ සත‍්තාති චුද‍්දස බ්‍රාහ‍්මණෙ නිමන‍්තෙත්‍වා භොජෙථ, පුනදිවසතො පට‍්ඨාය එකෙකං හාපෙත්‍වා සත‍්තමෙ දිවසෙ තව එකං, භරියාය තෙ එකන‍්ති ද‍්වෙ බ්‍රාහ‍්මණෙ නිමන‍්තෙත්‍වා භරියාය තෙ සත‍්ත දිවසෙ නිමන‍්තිතබ්‍රාහ‍්මණස‍්ස නිබද‍්ධං ආගමනභාවං ඤත්‍වා මය‍්හං ආරොචෙහී”ති ආහ. බ්‍රාහ‍්මණො තථා කත්‍වා “සල‍්ලක‍්ඛිතො මෙ පණ‍්ඩිත, නිබද‍්ධං භුඤ‍්ජනකබ්‍රාහ‍්මණො”ති මහාසත‍්තස‍්ස ආරොචෙසි.
පසුදා උදයේම නිවසින් පිටවූ බමුණා, ගස මුලට ගොස් සාරා බලා කහවණු නොදැක, ඒ ගමන් ම බෝසතුන් වෙත ගොස්, පසෙකින් දුක්මුසුව හිඳ ගත්තේය. ඒ දුටු සේනක පඬිතුමා ‘බමුණා, කිමෙක්දැ’යි ඇසුවේය. ‘පඬිතුමනි, මගේ කහවණු පොදිය තිබූ තැන නැත.’ ‘කිමෙක්ද? බමුණ ඔබ ඒ ගැන ඔබේ බැමිණියට කීවෙහිද?’ ‘එසේය, පඬිතුමනි,’ ‘බමුණාගේ මේ උත්තරයෙන්ම, බැමිණිය සොර සැමියාට මුදල් ගැන ආරංචිය දුන් බව, තේරුම් ගත් පඬිතුමා. ‘බමුණ ඔබේ බිරිඳට හිතවත් වූ කිසියම් බ්‍රාහ්මණයෙක් ඇත්දැ’යි ඇසීය. ‘පඬිතුමනි, එවැන්නෙක් සිටී.’ ‘කිමෙක්ද? බමුණ, ඔබටත් එවැන්නෙක් සිටීද?’ ‘පඬිතුමනි, එසේ යැ’යි බමුණා පිළිතුරු දුන්නේය. ඉක්බිති බමුණා ඇමතූ සේනක පඬිතුමා, ‘බමුණ, ඔබගේ නිවසෙහි සතියක් පුරාවට දානයක් පිළියෙල කරන්න. ඒ සියල්ලට අවශ්‍ය මුළු ධනය මම ඔබට දෙන්නෙමි. එම දානයට ප්‍රතිග්‍රාහකයෙක් වශයෙන්, ඔබ නමින් බමුණන් සත් දෙනකුන් ද, ඔබේ බිරිඳ නමින් සත් දෙනකුන් දැයි වශයෙන්, දහහතර දෙනෙකුන් වනසේ කැඳවා ගන්න. දිනපතා ඔබෙන් එක් කෙනකු ද, බිරිඳගෙන් එක් කෙනකුද වශයෙන් බමුණන් ගණන අඩු කරගෙන යන්න. එසේ කරන විට සත්වැනි දින දානයට ඉතිරි වන්නේ, බමුණන් දෙදෙනකු පමණි. ඒ ඔබෙන් එක් කෙනකුත් බිරිඳගෙන් එක් කෙනකුත් වශයෙනි. බිරිඳ නමින් දින හතේම පැමිණි බමුණා හොඳින් හඳුනාගෙන, මට ඇවිත් කියව’ යි බමුණාට උපදෙස් දුන්නේය. දානයට අවශ්‍ය මුදල් ද දුන්නේය. ගෙදර ගිය බමුණා ද, එදා සිට පඬිතුමා කී අයුරින් සතියක් පුරා බමුණන්ට දන් දුන්නේය. සතිය අවසානයේ පඬිතුමා හමුවට පැමිණි බමුණා, ‘පඬිතුමනි, මගේ ගෙදරින් සතියක් ම කෑ බමුණා මොහු යැ’යි කියා කිසියම් බමුණකු ගැන තොරතුරු විස්තර කෙළේය.
බොධිසත‍්තො තෙන සද‍්ධිං පුරිසෙ පෙසෙත්‍වා තං බ්‍රාහ‍්මණං ආහරාපෙත්‍වා “අසුකරුක‍්ඛමූලතො තෙ ඉමස‍්ස බ්‍රාහ‍්මණස‍්ස සන‍්තකං කහාපණසහස‍්සං ගහිත”න‍්ති පුච‍්ඡි. “න ගණ‍්හාමි, පණ‍්ඩිතා”ති. “ත්‍වං මම සෙනකපණ‍්ඩිතභාවං න ජානාසි, ආහරාපෙස‍්සාමි තෙ කහාපණෙ”ති. සො භීතො “ගහිතා මෙ”ති සම‍්පටිච‍්ඡි. “කුහිං තෙ ඨපිතා”ති? “තත්‍ථෙව, පණ‍්ඩිත, ඨපිතා”ති. බොධිසත‍්තො බ්‍රාහ‍්මණං පුච‍්ඡි “බ්‍රාහ‍්මණ, කිං තෙ සායෙව භරියා හොතු, උදාහු අඤ‍්ඤං ගණ‍්හිස‍්සසී”ති. “සායෙව මෙ හොතු, පණ‍්ඩිතා”ති. බොධිසත‍්තො මනුස‍්සෙ පෙසෙත්‍වා බ්‍රාහ‍්මණස‍්ස කහාපණෙ ච බ්‍රාහ‍්මණිඤ‍්ච ආහරාපෙත්‍වා චොරබ්‍රාහ‍්මණස‍්ස හත්‍ථතො කහාපණෙ බ්‍රාහ‍්මණස‍්ස දාපෙත්‍වා ඉතරස‍්ස රාජාණං කාරෙත්‍වා නගරා නීහරාපෙත්‍වා බ්‍රාහ‍්මණියාපි රාජාණං කාරෙත්‍වා බ්‍රාහ‍්මණස‍්ස මහන‍්තං යසං දත්‍වා අත‍්තනොයෙව සන‍්තිකෙ වසාපෙසි.
ඉන්පසු සේනක පඬිතුමා රාජ පුරුෂයන් කිහිප දෙනකුන් කැඳවා, ඔවුන් බමුණා සමග පිටත්කොට යවා, ඉහත කී ‘සොර බමුණා’ රාජාඥා යටතේ ගෙන්වා ගත්තේ ය. ඒ බමුණා තමාගේ ඉදිරියට කැඳවා ගත් පඬිතුමා, ‘බමුණ, අසවල් ගස මුල තිබූ මුදල් පොදිය, මේ බමුණාගේය. මේ බමුණා සන්තක ඒ කහවණු දහස, නුඹ ගත්තෙහිදැ’යි ඇසුවේය. ‘පඬිතුමනි, මම එය නො ගත්තෙමි.’ ‘එම්බල බමුණ, නුඹ මා සේනක පණ්ඩිතයා බව නො දන්නෙහිද? මම මේ දැන් ඒ මුදල්, මේ රාජ පුරුෂයන් ලවා ගෙන්වන්නෙම්ද?’ සේනක පඬිතුමාගේ මේ තර්ජනයෙන් අතිශයින් බියට පත් වූ, සොර බමුණා ‘පඬිතුමනි, මම එය ගත්තෙමැ’යි කීයේය. වරද ද පිළිගත්තේය. ‘බමුණ, තා විසින් ඒ මුදල් කොහි තබන ලදද?’ ‘පඬිතුමනි, පසුව එය මම එතැන ම වැළලුවෙමැ’යි සොර බමුණා උත්තර දුන්නේය. එවිට බෝසත් පඬිතුමා, මහලු බමුණා අමතා මෙසේ කීය. බමුණ, කිමෙක්ද? ඔබට ඒ බැමිණියම බිරිඳ වශයෙන් අවශ්‍ය ද? නැතහොත් වෙනත් එකියක පාවා ගන්නෙහිද?’ ‘පඬිතුමා මට ඇයම හොඳ යැ’යි බමුණා කීය. ඉන්පසු සේනක පඬිතුමා රාජපුරුෂයන් පිටත් කොට යවා, ‘බමුණාගේ මුදල් බමුණා අතටම ලබා දිය යුතුයැ’යි සිතා රාජ පුරුෂයන්ට අණකොට, බැමිණිය ද එතැනට ම ගෙන්වා ගත්තේය. මේ අතර රාජපුරුෂයන් රැගෙන ආ කහවණු, සොර බ්‍රාහ්මණයා අතට දී, ඔහු ලවා ම මහලු බමුණාට එය පිළිගැන්වීය. අනතුරුව සොර බමුණාට රාජාඥා නිකුත් කරවා, ඔහු නුවරින් පිටුවහල් කරවීය. නැවත බැමිණිය දෙසට හැරුණු පඬිතුමා ඇයට තදින් අවවාද කොට, නැවත වැරදි නොකරන ලෙස තරවටු කොට, බමුණාට මහත් යශස් සම්පත් දී, තමා වෙසෙන සමීපයෙහි ම වාසය කරන්නට ඉඩ සලසා දුන්නේය.
සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා සච‍්චානි පකාසෙත්‍වා ජාතකං සමොධානෙසි, සච‍්චපරියොසානෙ බහූ සොතාපත‍්තිඵලාදීනි සච‍්ඡිකරිංසු. තදා බ්‍රාහ‍්මණො ආනන්‍දො අහොසි, රුක‍්ඛදෙවතා සාරිපුත‍්තො, පරිසා බුද‍්ධපරිසා, සෙනකපණ‍්ඩිතො පන අහමෙව අහොසින‍්ති.
බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා, සත්‍යය ප්‍රකාශකොට, ජාතකය නිමවා වදාළ සේක. දේශනාව අවසානයේදී, බොහෝ අය සෝවාන් ආදී මාර්ග-ඵලවලට පත්වූහ. එදා බමුණා නම්, ආනන්ද තෙරණුවෝය. දේවතාවා නම්, සැරියුත් තෙරණුවෝය. පිරිස වනාහි බුද්ධ පිරිසය. සේනක පඬිතුමා වූ කලී, ‘මම ම යැ’යි බුදුරජාණන් වහන්සේ, තමන් වහන්සේ දක්වා වදාළ සේක.
සත‍්තුභස‍්තජාතකවණ‍්ණනා සත‍්තමා.