7. සත‍්තුභස‍්තජාතකං
1033. විබ‍්භන‍්තචිත‍්තො කුපිතින්‍ද්‍රියොසි නෙත‍්තෙහි තෙ වාරිගණා සවන‍්ති, කිං තෙ නට‍්ඨං කිං පන පත්‍ථයානො ඉධාගමා බ්‍රාහ‍්මණ ඉඞ‍්ඝ බ්‍රූහි.
1033. බ්‍රාහ්මණය, චංචල සිත් ඇත්තෙහි ඇලළීගිය චක්‍ෂුරින්‍ද්‍රිය ඇත්තෙහි නෙතින් කඳුළුබිඳු වැගිරෙයි. තොපගේ කුමක් නටුයේ වී ද කුමක් ප්‍රාර්‍ත්‍ථනා කරන්නෙහි මෙහි ආයෙහි දැ යි. එබැවින් එ කරුණ කියව.
1034. මීයෙථ භරියා වජතො මමජ‍්ජ අගච‍්ඡතො මරණං ආහ යක‍්ඛො, එතෙන දුක‍්ඛෙන පවෙධිතොස‍්මි අක‍්ඛාහි මෙ සෙනක එතමත්‍ථං.
1034. සේනක පඬිතුමනි, අද ගෙට යන මාගේ බිරිඳ මියෙයි ල, ගෙට නොයන මට (අතරමග) මරණයයි යකෙක් (දෙවියෙක්) කී ය. මේ දුකින් වෙවුළමි. සේනකයෙනි, මෙ කරුණ මට කියව.
1035. බහූනි ඨානානි විචින‍්තයිත්‍වා යමෙත්‍ථ වක‍්ඛාමි තදෙව සච‍්චං, මඤ‍්ඤාමි තෙ බ්‍රාහ‍්මණ සත‍්තුභස‍්තං අජානතො කණ‍්හසප‍්පො පවිට‍්ඨො.
1035. බමුණ, බොහෝ වූ මරණ කරුණු සිතා අවබෝධ කොට ගෙන මෙහි යමක් කියම් ද එ මැ සත්‍ය යැ. තොපගේ අත්සුණු පසුම්බියට තොප නොදන්නා පරිද්දෙන් කළුනයෙක් පිවිසියේ යැ යි සිතමි.
1036. ආදාය දණ‍්ඩං පරිසුම‍්භ භස‍්තං පස‍්සෙළමූගං උරගං ද‍්විජිව‍්හං, ඡින්‍දජ‍්ජ කඞ‍්ඛං විචිකිච‍්ඡිතානි භුජඞ‍්ගමං පස‍්ස පමුඤ‍්ච භස‍්තං.
1036. දණ්ඩක් ගෙන පසුම්බියට ගසව. මුවින් කෙළ වැගිරෙන දිව් දෙකක් ඇති සර්‍පයා (පසුම්බියෙන් නික්මෙන්නා) බලව. අද තොපගේ සැකය විචිකිච්ඡාව සිඳුව. සර්‍පයා බලව. පසුම්බිය මුදව.
1037. සංවිග‍්ගරූපො පරිසාය මජ‍්ඣෙ සො බ්‍රාහ‍්මණො සත‍්තුභස‍්තං පමුඤ‍්චි, අථ නික‍්ඛමි උරගො උග‍්ගතෙජො ආසීවිසො සප‍්පො ඵණං කරිත්‍වා සුලද‍්ධ ලාභා ජනකස‍්ස රඤ‍්ඤො යො පස‍්සති සෙනකං සාධුපඤ‍්ඤං.
1037. තැතිගත් ස්වභාවයෙන් සිටි ඒ බමුණු තෙමේ පිරිස මැද අත්සුණු පසුම්බිය මිදුයේ ය. එකල උග්‍රතේජස් ඇති වහා පැතිරෙන විෂ ඇති සර්‍පයා පෙණය දක්වා පසුම්බියෙන් නික්මිණ. යමෙක් මනා නුවණැති සේනක පඬිතුමා නිතර දක්නේ ද ජනක රජතුමා ලද උසස් ලාභයෝ යි.
1038. විවත‍්තච‍්ඡද‍්දො නුසි සබ‍්බදස‍්සී ඤාණං නු තෙ බ්‍රාහ‍්මණ භිංසරූපං ඉමානි මෙ සත‍්තු සතානි අත්‍ථි ගණ‍්හාහි සබ‍්බානි දදාමි තුය‍්හං, තයා හි මෙ ජීවිතමජ‍්ජ ලද‍්ධං අථොපි භරියායමකාසි සොත්‍ථිං.
1038. බ්‍රාහ්මණයෙනි, කිම? තෙපි විවෘත ඥේයධර්‍ම ඇති සර්‍වඥ බුද්ධ වවු ද? (අසර්‍වඥ වූ මැ) තොපගේ ඥානය (සර්‍වඥතාඥානය මෙන්) බලවත් වෙයි. යම් හෙයෙකින් අද තොප විසින් දෙන ලද ජීවිතය මා විසින් ලබන ලද යැ. තව ද මාගේ අඹුවට ද සෙතක් කෙළේ ද. එහෙයින් මේ මා සතු කහවණු සත්සියයක් ඇත. එ හැම තොපට දෙමි. එය ගනු මැනැවි.
1039. න පණ‍්ඩිතා වෙත‍්තනමාදියන‍්ති චිත්‍රාහි ගාථාහි සුභාසිතාහි, ඉතොපි තෙ බ්‍රහ‍්මෙ දදන‍්තු විත‍්තං ආදාය තං ගච‍්ඡ සකං නිකෙතන‍්ති.
1039. සුභාෂිත වූ චිත්‍රගාථාවන් කරණකොට ගෙන පඬිවරු කුලී නො ගනිති. බ්‍රාහ්මණය, තොපට මෙයිනුදු (මාගේ පාමුල් පෙට්ටියෙනු) දු (කහවණු තුන්සියක්) ධනය දෙත්වා. එය ගෙන සිය නිවෙසට යව.