යෙදුමෙන් කියවන්න

8. අට‍්ඨිසෙනජාතකං

1040. යෙ මෙ අහං න ජානාමි අට‍්ඨසෙන වණිබ‍්බකෙ, තෙ මං සඞ‍්ගම‍්ම යාචන‍්ති කස‍්මා මං ත්‍වං න යාචසි.

1040. ආර්‍ය්‍ය අස්ථිසේනයෙනි, යම් යාචක කෙනකුන් මම නො හඳුනම් ද ඔහු පවා මා කරා පැමිණ ඉල්වති. තෙපි කුමක් හෙයින් නො ඉල්වවු ද?

1041. යාචකො අප‍්පියො හොති යාචං අදදමප‍්පියො, තස‍්මාහන‍්තං න යාචාමි මා මෙ විද‍්දෙසනා අහූ.

1041. යාචක තෙම අප්‍රිය වෙයි යාච්ඤා කළ දැය නො දෙන්නෙ ද වෙයි. එහෙයින් මම තොප අතින් නො ඉල්වමි. (ඉල්වූ කල තොපට ද ඉල්වූ දැය නො දෙන කල අපට ද උපදනා) ද්වේෂය නො වේවා.

1042. යො චෙ යාවනජීවානො කාලෙ යාවං න යාචති, පරඤ‍්ච පුඤ‍්ඤා ධංසෙති අත‍්තනාපි න ජීවති.

1042. සිඟමනෙන් ජීවත්වන යමෙක් ඉල්වියයුතු දැය සුදුසු කාලයෙහි නො ඉල්ලා ද හේ අනෙකා ද පිනෙන් පිරිහෙළයි. තෙමේ ද සුවසේ ජීවත් නො වේ.

1043. යො චෙ යාචනජිවානො කාලෙ යාවං න යාචති, පරඤ‍්ච පුඤ‍්ඤං ලබ‍්භෙති අත‍්තනාපි න ජීවති.

1043. සිඟමනෙන් ජීවත්වන යමෙක් ඉල්ලියයුතු දැය සුදුසු සමයෙහි ඉල්ලා ද හේ අනෙකාට පින ලබාදෙයි. තෙමේ ද සුවසේ ජීවත් වේ.

1044. න වෙ දිස‍්සන‍්ති සප‍්පඤ‍්ඤා දිස‍්වා යාචකමාගතෙ, බ්‍රහ‍්මචාරි පියො මෙසි වරතං භඤ‍්ඤමිච‍්ඡසි.

1044. තපස්විය, (දානය දානඵලය දන්නා) නුවණැත්තෝ තමා වෙත පත් යාචකයන් දැක ඒකාන්තයෙන් නො කිපෙති. තෙපි මට ප්‍රිය වවු. කියැයුතු යම් දැයක් කැමැත්තවු නම් ඒ දැය ඉල්ලවු.

1045. න වෙ යාචන‍්ති සප‍්පඤ‍්ඤා ධීරො වෙදිතුමරහති, උද‍්දිස‍්ස අරියා තිට‍්ඨන‍්ති එසා අරියානයාචනා.

1045. නුවණැත්තෝ ඒකාන්තයෙන් නො ඉල්ලති. නුවණැති උපස්ථායක අවස්ථාවට සුදුසු දැය දැනගන්නට වටී. ආර්‍ය්‍යයෝ (වාග් භේද නො කොට) උදෙසා සිටිති, මේ ආර්‍ය යාචනා යි.

1046. දදාමි තෙ බ්‍රාහ‍්මණ රොහිණීනං ගවං සහස‍්සං සහ පුඞ‍්ගවෙන, අරියො හි අරියස‍්ස කථං න දජ‍්ජා සුත්‍වාන ගාථා තව ධම‍්මයුත‍්තාති.

1046. බමුණ, වෘෂභරාජයකු හා සමග රතුදෙනුන් දහසක් තොපට දෙමි. ධර්‍මයෙන් යුක්ත වූ තොපගේ ගාථා අසා තොප වැනි ආචාර ආර්‍ය්‍යයක්හට ආර්‍ය්‍යයෙක් කෙසේ නම් නො දෙන්නේ ද.

8. අට‍්ඨිසෙනජාතකං.

8. අට්ඨිසේන ජාතක යි.