යෙදුමෙන් කියවන්න

9. කපිජාතකං

1047. යත්‍ථ වෙරී නිවසති න වසෙ තත්‍ථ පණ‍්ඩිතො, එකරත‍්තං දිරත‍්තං වා දුක‍්ඛං වසති වෙරිසු.

1047. යම් තැනෙක සතුරා වෙසේ ද එතැන නැණවතා නො වසන්නේ යැ. වෛරීන් අතුරෙහි එක රැයකුදු දෙරැයකුදු දුකසේ වසන්නේ යැ.

1048. දිසො චෙ ලහුචිත‍්තස‍්ස පොසස‍්ස අනුවිධිය්‍යතො, එකස‍්ස කපිනො හෙතු යූථස‍්ස අනයො කතො.

1048. ලඝු වූ සිත් ඇත්තේ අනුවර්තිත වූ පුරුෂයාහට ඒකාන්තයෙන් සතුරු වන්නෙ යැ. (බලව ලඝු සිත් ඇති අන්‍ධ බාල වූ) එක් වඳුරකුගේ හේතුයෙන් වානර සමූහයාට ව්‍යසනයක් කරන ලද.

1049. බාලො ච පණ‍්ඩිතමානී යූථස‍්ස පරිහාරකො. සචිත‍්තස‍්ස වසං ගන‍්ත්‍වා සයෙථායං යථා කපි.

1049. සේනා පරිහරණය කරන පණ්ඩිතයෙමි යි සිතන අඥාන වූ තැනැත්තේ ද ස්වකීය චිත්තයාගේ වසඟයට ගොස් මේ වඳුරා සෙයින් (විනාශයට පැමිණ) හෝනේ යැ.

1050. න සාධු බලවා බාලො යූථස‍්ස පරිහාරකො, අහිතො භවති ඤාතීනං සකුණානංව චෙතකො.

1050. ගණපරිහරණය කරන නොමනා පැවැතුම් ඇති බලවත් වූ අඥාන තෙම (තිත්තිර) සකුණයනට සේවටුවා මෙන් නෑයන්ට සතුරු වේ.

1051. ධීරො ච බලවා සාධු යූථස‍්ස පරිහාරකො, හිතො භවති ඤාතීනං තිදසානං ච වාසවො,

1051. ගණපරිහරණය කරන මනා පැවැතුම් ඇති බලවත් නැණවතා දෙව්ලෝවැසි ශක්‍රයා මෙන් නෑයන්ට හිතෛෂී වේ.

1052. යො ච සීලඤ‍්ච පඤ‍්ඤඤ‍්ච සුතඤ‍්චත‍්තනි පස‍්සති, උභින‍්නමත්‍ථං චරති අත‍්තනො ච පරස‍්ස ච.

1052. යමෙක් තමා කෙරෙහි සීලය ද ප්‍රඥාව ද ශ්‍රැතයැ ද දකී නම් හේ තමාට ද මෙරමාට ද යන දෙදෙනාට යහපතක් කරයි.

1053. තස‍්මා තුලෙය්‍යමත‍්තානං සීලපඤ‍්ඤාසුතාමිව, ගණං වා පරිභරෙ ධීරො එකොවාපි පරිබ‍්බජෙති.

1053. එසේ හෙයින් ප්‍රාඥ තෙම ශීල යැ ප්‍රඥා යැ ශ්‍රැත යැ යන මොවුන් මෙන් තුලනය කොට (ශීලාදියෙහි පිහිටි බැව් පසක් කොට) සමූහ පරිහරණ හෝ කරන්නේ ය. එකඟ වැ හෝ වෙසෙන්නේ ය.

9. කපිජාතකං.

9. කපි ජාතක යි.