6. දසණ‍්ණකජාතකං
1026. දසණ‍්ණකං තිඛිණධාරං අසිං සම‍්පන‍්නපායිනං, පරිසායං පුරිසො ගලති කිං දුක‍්කරතං තතො යදඤ‍්ඤං දුක‍්කරං ඨානං තං මෙ අක‍්ඛාහි පුච‍්ඡිතො.
1026. මේ පුරුෂ (ධනලෝභයෙන්) පිරිස්මැද හිඳ දසාර්‍ණක දේශයෙහි ජාත වූ පිරිපුන් වැ ලේ බොන තියුණු මුවහත් ඇති කඩුව ගිලී. මීට වඩා දුෂ්කර වූ අන් කරුණෙක් ඇද්ද? විචාරන ලද මට කියන්න.
1027. ගිලෙය්‍ය පුරිසො ලොභා අසිං සම‍්පන‍්නපායිනං, යො ච වජ‍්ජා දදාමිති තං දුක‍්කරතරං තතො සබ‍්බඤ‍්ඤං සුකරං ඨානං එවං ජානාහි මාගධ.
1027. මගධාධිපතිතුමනි, පුරුෂයෙක් වස්තුලෝභයෙන් පිරිපුන් වැ ලේ බොන කඩුව ගිලින්නේ ය. යමෙක් දෙමි යි කියන්නේ නම් එය ඊට වඩා අතිශයින් දුෂ්කර වෙයි. මෙයින් අන් සියලු කරුණු කරන්නට පහසු වේ යයි මෙසේ දත මැනව.
1028. ව්‍යාකාසි ආයුරො පඤ‍්හං අත්‍ථධම‍්මස‍්ස කොවිදො, පුක‍්කුසං දානි පුච‍්ඡාමි කිං දුක‍්කරතරං තතො; යදඤ‍්ඤං දුක‍්කරං ඨානං තං මෙ අක‍්ඛාහි පුච‍්ඡිතො.
1028. ඒ අර්‍ත්‍ථද්‍යොතක ශාස්ත්‍රයෙහි නිපුණ වූ ආයුර තෙම ප්‍රශ්නයාගේ අර්‍ත්‍ථය ප්‍රකාශ කෙළේ ය. (ප්‍රශ්නයට පිළිතුර දුන්නේ ය.) දැන් පුක්කුසයන් පුළුවුස්මි. ඒ ‘දෙමි’ යන වචනයට වඩා ඉතා දුෂ්කර කාරණය කුමක් ද? යම් අනෙක් දුෂ්කර කරුණක් ඇද්ද? විචාරන මට කියව.
1029. න වාචමුපජීවන‍්ති අඵලං ගිරමුදීරිතං, යො ච දත්‍වා අවාකයිරා තං දුක‍්කරතරං තතො; සබ‍්බඤ‍්ඤං සුකරං ඨානං එවං ජානාහි මාගධ.
1029. මගධාධිපතිතුමනි, කියන ලද නිෂ්ඵල වචනය නිසා කිසිකෙනෙක් ජීවත් නො වෙති. යමෙක් යමක් දෙමි යි පිළින කොට ඒ පරිදි එය දී එහි ලෝභය දුරු කෙරේ ද, එය කඩුව ගිලිනුවාට වඩා කරන්නට දුෂ්කර ය. අනෙක් හැම දේ කරන්නට පහසු බව දනු මැනැව.
1030. ව්‍යාකාසි පුක‍්කුසො පඤ‍්හං අත්‍ථං ධම‍්මස‍්ස කොවිදො, සෙනකන්‍දානි පුච‍්ඡාමි කිං දුක‍්කරතරං තතො; යදඤ‍්ඤං දුක‍්කරං ඨානං තං මෙ අක‍්ඛාහි පුච‍්ඡිතො.
1030. අරුත් විසඳන ග්‍රන්‍ථ සංඛ්‍යාත ශාස්ත්‍රයෙහි නිපුණ පුක්කුස තෙම ප්‍රශ්නයට පිළිතුර එලි කෙළේ ය. දැන් සේනකයන් විචාරමි. එයට වඩා දුෂ්කර කාර්‍ය්‍යය කුමක් ද? යම් අනෙක් දුෂ්කර කාර්‍ය්‍යයක් තිබේ ද? විචාරන මට කියව.
1031. දදෙය්‍ය පුරිසො දානං අප‍්පං වා යදි වා බහුං, යො ච දත්‍වා නානුතපෙ තං දුක‍්කරතරං තතො; සබ‍්බඤ‍්ඤං සුකරං ඨානං එවං ජානාහි මාගධ.
1031. මගධේශ්වරය, යම් පුරුෂයෙක් ස්වල්ප වූ හෝ බොහෝ වූ හෝ දනක් දෙන්නේ ද, දීමෙන් පසු නො තැවෙන්නේ ද එය ඊට වඩා දුෂ්කර ය. අනෙක් හැම කරුණ කරන්නට පහසු බව දනුව.
1032. ව්‍යාකාසි ආයුරො පඤ‍්හං අථො පුක‍්කුසපොරිසො, සබ‍්බෙ පඤ‍්හෙ අභිභොති යථා භාසති සෙනකො’ති.
1032. ආයුරත් පුක්කුස පුරුෂයාත් ප්‍රශ්න විසඳාලූහ. සේනක තෙමේ යම් පරිදි විසඳන ලද ද එය සියලු පැනවිසඳුම් ඉක්මවා සිටී. හෙවත් හැම විසඳුමකට වඩා එය උතුමි.