යෙදුමෙන් කියවන්න

5. දබ‍්හපුප‍්ඵජාතකං

1016. අනුතීරචාරි භද‍්දන‍්තෙ සහායමනුධාව මං, මහා මෙ ගහිතො මච‍්ඡො සො මං හරති වෙගසා.

1016. ඉවුර ළඟ හැසිරෙන මිතුර තොපට යහපතක් වේවා! මා වෙත දුව එන්න, මා විසින් මහත් වූ මසෙක් ගන්නා ලද, ඒ මාළුවා මා ඉක්මනින් දියට ගෙන යයි.

1017. ගම‍්භීරචාරි භද‍්දන‍්තෙ දළ‍්හං ගණ‍්හාහි ථාමසා, අහං තං උද‍්ධරිස‍්සාමි සුපණ‍්ණො උරගම‍්මිව.

1017. ගැඹුරෙහි හැසිරෙනුව, තොපට යහපතක් වේවා! දැඩිව ගනුව, ගුරුළෙක් සර්‍පයෙකු සෙයින් මම තා දියෙන් නඟා ගන්නෙමි.

1018. විවාදො නො සමුප‍්පන‍්නො දබ‍්භපුප‍්ඵ සුණොහි මෙ, සමෙහි මෙධගං සම‍්ම විවාදො වූපසම‍්මතං.

1018. දබ්බපුප්ඵය, (කුසතණමල් පැහැය ඇති සිවලා) මා කියන්නක් අසන්න. අපගේ විවාදයෙක් උපන, යහළුව කලහය සන්හිඳුවනු මැන, විවාදය සන්හිඳේවා.

1019. ධම‍්මට‍්ඨොහං පුරෙ ආසිං බහු අට‍්ටං මෙ තීරිතං, සමෙමි මෙධගං සම‍්මා විවාදො උපසම‍්මතු.

1019. මම පෙරැ ධර්‍මයෙහි සිටියෙමි. මා විසින් බොහෝ අර්‍ත්‍ථ නිශ්චය කරන ලද. යහළුව, කලහය සන්හිඳුවමි, තොප දෙදෙනාගේ විවාදය සන්හිඳේවා.

1020. අනුතීරචාරි නඞ‍්ගුට‍්ඨං සීසං ගම‍්භීරචාරිනො, අථායං මජ‍්ඣිමො ඛණ‍්ඩො ධම‍්මට‍්ඨස‍්ස භවිස‍්සති.

1020. ඉවුරෙහි හැසිරෙන්නාට නඟුට හිමි වේ. ගැඹුරෙහි හැසිරෙන්නාට හිස හිමිවේ. මේ මැද කොටස නඩුව විසඳු මට හිමි ය.

1021. චිරම‍්පි භක‍්ඛො අභවිස‍්ස සචෙ න විවදෙමසෙ, අසීසකං අනඞ‍්ගුට‍්ඨං සිගාලො හරති රොහති.

1021. ඉදින් විවාද නො කළමෝ නම් දවස් කීපයකට ප්‍රමාණවත් මාළු ලැබෙන්නේ ය. හිස සහ නඟුට නැති රෝහිත මාළුවා හිවල් තෙමේ ගෙන යයි.

1022. යථාපි රාජා නන්‍දෙය්‍ය රජ‍්ජං ලද‍්ධාන ඛත‍්තියො, එවාහමජ‍්ජ නන්‍දාමි දිස‍්වා පුණ‍්ණමුඛං පතිං.

1022. ක්‍ෂත්‍රිය රජෙක් රාජ්‍යයක් ලැබැ සතුටු වන්නේ යම් සේ ද එසේ අද මම (සතුටෙන්) පිරුණු මුහුණ ඇති ස්වාමියා දැක සතුටු වෙමි.

1023. කථන‍්නු ථලජො සන‍්තො උදකෙ මච‍්ඡං පරාමසි, පුට‍්ඨො මෙ සම‍්ම අක‍්ඛාහි කථං අධිගතං තයා.

1023. ගොඩ සිට දියේ ගැවසෙන මාළුවා අල්ලා ගත්තේ කෙසේ ද, මිතුර විචාරන ලද මට එය කියන්න. තොප විසින් එය ලැබූයේ කෙසේ ද?

1024. විවාදෙන කිසා හොන‍්ති විවාදෙන ධනක‍්ඛයා, ජීනා උද‍්දා විවාදෙන භුඤ‍්ජ මායාවි රොහිතං.

1024. මායාකාරිය, විවාදයෙන් කෘෂ වෙති. විවාදයෙන් ධනය නැසේ. විවාදය නිසා මස්කාවෝ පිරිහුනාහ. රේමසා බුදින්න.

1025. එවමෙවං මනුස‍්සෙසු විවාදො යත්‍ථ ජායති, ධම‍්මට‍්ඨං පටිධාවන‍්ති සො හි නෙසං විනායකො ධනාපි තත්‍ථ ජීයන‍්ති රාජකොසො පවඩ‍්ඪතී’ති.

1025. එසේ මිනිසුන් අතරේ යම් තැනක විවාදය හටගනී ද විනිසකරුවන් සමීපයට යති. හේ ඔවුන්ගේ විවාදය සන්හිඳුවන්නා වෙයි. ඒ නිසා ධනය පිරිහේ. රාජ කෝෂ්ටාගාරය තර වේ.

5. දබ‍්හපුප‍්ඵජාතකං.

5. දබ්භපුප්ඵ ජාතක යි.