5. දබ්භපුප්ඵජාතකවණ්ණනා 400 අට්ඨකථා
5. දබ්භපුප්ඵජාතකවණ්ණනා (400)
5. දබ්භපුප්ඵ ජාතකය (400)
අනුතීරචාරී භද්දන්තෙති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො උපනන්දං සක්යපුත්තං ආරබ්භ කථෙසි. සො හි සාසනෙ පබ්බජිත්වා අප්පිච්ඡතාදිගුණෙ පහාය මහාතණ්හො අහොසි. වස්සූපනායිකාය ද්වෙ තයො විහාරෙ පරිග්ගහෙත්වා එකස්මිං ඡත්තං වා උපාහනං වා එකස්මිං කත්තරයට්ඨිං වා උදකතුම්බං වා ඨපෙත්වා එකස්මිං සයං වසති. සො එකස්මිං ජනපදවිහාරෙ වස්සං උපගන්ත්වා “භික්ඛූහි නාම අප්පිච්ඡෙහි භවිතබ්බ”න්ති ආකාසෙ චන්දං උට්ඨාපෙන්තො විය භික්ඛූනං පච්චයසන්තොසදීපකං අරියවංසපටිපදං කථෙසි. තං සුත්වා භික්ඛූ මනාපානි පත්තචීවරානි ඡඩ්ඩෙත්වා මත්තිකාපත්තානි චෙව පංසුකූලචීවරානි ච ගණ්හිංසු. සො තානි අත්තනො වසනට්ඨානෙ ඨපෙත්වා වුත්ථවස්සො පවාරෙත්වා යානකං පූරෙත්වා ජෙතවනං ගච්ඡන්තො අන්තරාමග්ගෙ එකස්ස අරඤ්ඤවිහාරස්ස පිට්ඨිභාගෙ පාදෙ වල්ලියා පලිබුද්ධො “අද්ධා එත්ථ කිඤ්චි ලද්ධබ්බං භවිස්සතී”ති තං විහාරං පාවිසි. තත්ථ පන ද්වෙ මහල්ලකා භික්ඛූ වස්සං උපගච්ඡිංසු. තෙ ද්වෙ ච ථූලසාටකෙ එකඤ්ච සුඛුමකම්බලං ලභිත්වා භාජෙතුං අසක්කොන්තා තං දිස්වා “ථෙරො නො භාජෙත්වා දස්සතී”ති තුට්ඨචිත්තා “මයං, භන්තෙ, ඉමං වස්සාවාසිකං භාජෙතුං න සක්කොම, ඉමං නො නිස්සාය විවාදො හොති, ඉදං අම්හාකං භාජෙත්වා දෙථා”ති ආහංසු. සො “සාධු භාජෙස්සාමී”ති ද්වෙ ථූලසාටකෙ ද්වින්නම්පි භාජෙත්වා “අයං අම්හාකං විනයධරානං පාපුණාතී”ති කම්බලං ගහෙත්වා පක්කාමි.
‘අනුතීරචාරී භද්දන්තෙ’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථා වස්තුව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවාසය කරන සේක්, ශාක්‍යපුත්‍ර වූ උපනන්ද තෙරුන් අරබයා වදාළ සේක. සසුනෙහි පැවිදි වූ ඔහු අල්පේච්ඡතා ආදී උතුම් ගුණ අත්හැර දමා, තණ්හාධිකව කල්ගෙවීය. වස් වසන අවස්ථාවන්හිදී විහාරස්ථාන දෙක-තුනක වස් වසන්නට බාර ගන්නා ඔහු, එක් විහාරස්ථානයක තමාගේ කුඩය හෝ වහන් සඟල තබයි. තවත් එකෙක හැරමිටිය හෝ ඔහුගේ වතුර සෙම්බුව තැන්පත් කරයි. අනෙකෙහි තෙමේ වස් වසයි. මෙසේ එක නගරබද වෙහෙරක වස් එළඹි උපනන්ද හිමි, එහි විසූ අනෙකුත් භික්ෂූන් රැස්කොට ‘ඇවැත්නි, භික්ෂූන් විසින් අල්පේච්ඡව ම කටයුතු සිදුකළ යුතු යැ’යි, අහසෙහි හඳ මතුකොට පෙන්වන්නාක් මෙන්, ප්රත්යයන්ගෙන් සතුටු විය යුතු ආකාරය, භික්ෂූන්ට පැහැදිලි කරන ‘අරියවංශ ප්‍රතිපදාව’ දේශනා කෙළේය. ඒ ඇසූ එම වෙහෙරෙහි භික්ෂූුහ තමන්ට ලැබී තිබූ, මනෝරම්‍ය වූ පාසිවුරු හැර දමා, මැටි පාත්‍ර හා පාංශුකූල චීවර ප්‍රයෝජනයට යොදා ගත්හ. අනතුරුව ඔවුන් බැහැර කළ ඒ වටිනා සිවුරු හා පාත්‍රා එකතු කොටගත් උපනන්ද හිමි, ඒවා තමා වසන තැන ගොඩගසා ගත්තේය. වස් අවසානයේ දී පවාරණයෙන් පසු, සියලු මඩු-මුට්ටු කරත්තයක පටවා ගත් උපනන්ද හිමි, ජේතවනය බලා පිටත් විය. අතරමගදී එක් කැලෑබද විහාරයක් දුටු ඔහු, ඒ ගැන සිය සිත්හි කිසියම් අදහසක් ඇති කොටගෙන, කකුල්වල වැලක් පැටලුනාක් මෙන්, එකපාරටම නැවතී ‘මෙහෙනුත් මොනවා හරි ලැබිය හැකි වන්නේයැ’යි සිතා, ඒ විහාරයට පිවිසියේය. ඒ වෙහෙරෙහි මහලු භික්ෂු දෙනමක් වස් එළඹ විසූහ. ඒ දෙනමට දායකයන්ගෙන් දළ සළු දෙකක්ද, ඉතා සියුම් ලෝම වර්ගයකින් වියන ලද එක් මහඟු කම්බිලියක් ද, ලැබී තිබුණි. ඒවා ක්‍රමවත්ව බොදාගත නොහැකිව සිටි ඒ දෙනම, උපනන්ද තෙරුන් දැක, ඔහු ලවා වස්ත්‍ර වෙන්කොට ගැනීමට සිතා, සතුටු සිත් ඇතිව ‘ස්වාමීනි, අපට මේ වස්සාවාසික සුළු බෙදාගත නොහැකිය. මේ නිසා අප අතර විවාදයක් වුවද හටගන්නට බැරි නැත. එබැවින් කරුණා පෙරදැරිව මෙය අපට බෙදා දෙනු මැනවැ’යි උපනන්ද තෙරුන් කීහ. ඒ අසා සිටි උපනන්ද හිමි ‘මැනව, මම එය සුදුසු ලෙස බෙදා දෙන්නෙමැ’යි කියා, දළ සළු දෙක ඒ දෙනමට දී, ‘මේ ප්රශ්නය විසඳූ විනයධරයාට මේ වස්ත්‍රය සුදුසු යැ’යි කියා, සිනිඳු කම්බිලිය ගෙන, යන්නට ගියේය.
තෙපි ථෙරා කම්බලෙ සාලයා තෙනෙව සද්ධිං ජෙතවනං ගන්ත්වා විනයධරානං භික්ඛූනං තමත්ථං ආරොචෙත්වා “ලබ්භති නු ඛො, භන්තෙ, විනයධරානං එවං විලොපං ඛාදිතු”න්ති ආහංසු. භික්ඛූ උපනන්දත්ථෙරෙන ආභතං පත්තචීවරරාසිං දිස්වා “මහාපුඤ්ඤොසි ත්වං ආවුසො, බහුං තෙ පත්තචීවරං ලද්ධ”න්ති වදිංසු. සො “කුතො මෙ ආවුසො, පුඤ්ඤං, ඉමිනා මෙ උපායෙන ඉදං ලද්ධ”න්ති සබ්බං කථෙසි. භික්ඛූ ධම්මසභායං කථං සමුට්ඨාපෙසුං “ආවුසො, උපනන්දො සක්යපුත්තො මහාතණ්හො මහාලොභො”ති. සත්ථා ආගන්ත්වා “කාය නුත්ථ, භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා”ති පුච්ඡිත්වා “ඉමාය නාමා”ති වුත්තෙ “න, භික්ඛවෙ, උපනන්දෙන පටිපදාය අනුච්ඡවිකං කතං, පරස්ස පටිපදං කථෙන්තෙන නාම භික්ඛුනා පඨමං අත්තනො අනුච්ඡවිකං කත්වා පච්ඡා පරො ඔවදිතබ්බො”ති.
කම්බිලිය ගැන අදහස් ඇතිව සිටි, ඒ මහලු භික්ෂු දෙනම උපනන්ද තෙරුන් සමගම දෙව්රම් වෙහෙරට ගොස්, එහි විසූ විනයධර භික්ෂූන්ට සියලු විස්තර කියා, ‘ස්වාමීනි, විනයධර භික්ෂූන්ට මෙවැනි පැහැර ගැනීම් කරන්නටත්, ඒවා පරිභෝග කරන්නටත් සුදුසුදැ’යි, ඇසූහ. මේ අතර උපනන්ද තෙරුන් විසින් කරත්තයක් පුරා පටවාගෙන ආ, පාත්‍ර හා සිවුරු පිරිකර රාශිය දුටු, සෙසු භික්ෂූහු, ‘ඇවැත්නි, උපනන්ද ඔබට බොාහෝ පා සිවුරු ලැබී ඇති බව පෙනේ. එබැවින් ඔබ මහා පුණ්‍යවන්තයෙකි’යි, පැවසූහ. එවිට උපනන්ද හිමි ‘ඇවැත්නි. මොන පිනක්ද? මේ සියලු දේවල් මම උපායෙන් ලබා ගත් ඒවා යැ’යි පැවසීය. මේ සියලු සිද්ධීන් වැඩි වේලාවක් යන්නට පෙර, සියලු භික්ෂූන් අතර ප්‍රකට විය. දම්සභාවෙහි රැස් වූ භික්ෂූහු, උපනන්ද තෙරුන්ගේ ක්‍රියා පටිපාටිය ගැන කථා කරමින් හුන්හ. එවේලෙහි එතැනට වැඩි බුදුරජාණන් වහන්සේ භික්ෂූන් සාකච්ඡා කළ කරුණු ගැන, ඔවුන්ගෙන්ම විමසා දැන ‘මහණෙනි, උපනන්ද භික්ෂුව නොගැලපෙන ප්‍රතිපදා ඇත්තෙකි. අනුන්ට භික්ෂු ප්‍රතිපත්ති කියාදෙන භික්ෂුවක විසින්, පළමුකොට තමා සුදුසුකම් ඇත්තකු ව, පසුව අනුනට අවවාද දිය යුතුය.’
“අත්තානමෙව පඨමං, පතිරූපෙ නිවෙසයෙ; අථඤ්ඤමනුසාසෙය්‍ය, න කිලිස්සෙය්‍ය පණ්ඩිතො”ති. (ධ· ප· 158) –
අත්තාන මෙව පඨමං - පතිරූපෙ නිවෙධියෙ, අථඤ්ඤ මනුසාසෙය්ය - න කිලිස්සෙය්‍ය පණ්ඩිතො
පළමුකොට තමා ම සුදුසු තත්ත්වයට පත් වන්නේය. අනතුරුව නුවණැත්තෙක් නම්, නො කෙලෙසෙන්නේ යැයි අනුන්ට අනුශාසනා කරන්නේය.
ඉමාය ධම්මපදෙ ගාථාය ධම්මං දෙසෙත්වා “න, භික්ඛවෙ, උපනන්දො ඉදානෙව, පුබ්බෙපෙස මහාතණ්හො මහාලොභොව, න ච පන ඉදානෙව, පුබ්බෙපෙස ඉමෙසං සන්තකං විලුම්පියෙවා”ති වත්වා අතීතං ආහරි.
යන මේ ධම්මපදයෙහි එන ගාථාවෙන් ධර්ම දේශනාකොට ‘මහණෙනි, දැන් පමණක් නොව, උපනන්ද පෙර ද මහා ලෝභයෙකි. මේ මහලු දෙනම සන්තක වූ දේ, ඔහු කොල්ලකෑ පළමු වතාව මෙය නොවේ යැ’යි වදාරා මේ අතීත කථා පුවත මෙසේ දේශනා කළහ.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො නදීතීරෙ රුක්ඛදෙවතා අහොසි. තදා එකො සිඞ්ගාලො මායාවිං නාම භරියං ගහෙත්වා නදීතීරෙ එකස්මිං ඨානෙ වසි. අථෙකදිවසං සිඞ්ගාලී සිඞ්ගාලං ආහ “දොහළො මෙ සාමි, උප්පන්නො, අල්ලරොහිතමච්ඡං ඛාදිතුං ඉච්ඡාමී”ති. සිඞ්ගාලො “අප්පොස්සුක්කා හොහි, ආහරිස්සාමි තෙ”ති නදීතීරෙ චරන්තො වල්ලියා පාදෙ පලිබුජ්ඣිත්වා අනුතීරමෙව අගමාසි. තස්මිං ඛණෙ ගම්භීරචාරී ච අනුතීරචාරී චාති ද්වෙ උද්දා මච්ඡෙ පරියෙසන්තා තීරෙ අට්ඨංසු. තෙසු ගම්භීරචාරී මහන්තං රොහිතමච්ඡං දිස්වා වෙගෙන උදකෙ පවිසිත්වා තං නඞ්ගුට්ඨෙ ගණ්හි. බලවා මච්ඡො පරිකඩ්ඪන්තො යාසි. සො ගම්භීරචාරී උද්දො “මහාමච්ඡො උභින්නම්පි නො පහොස්සති, එහි මෙ සහායො හොහී”ති ඉතරෙන සද්ධිං සල්ලපන්තො පඨමං ගාථමාහ –
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, අප බෝසත් තෙමේ නදී තෙරක රුක් දෙවියෙක්ව උපන්නේය. එකල එක් සිවලෙක් ‘මායාවි’ නම් වූ සිය බිරිඳ ද රැගෙන අවුත්, එම නදී තීරයෙහි ම කිසියම් තැනෙක වාසය කෙළේය. දිනක් සිවලා ඇමතූ සිවලියා ‘ස්වාමීනි, මේ නදියෙහි වෙසෙන රතුපැහැති මාලුවකු, මරපු ගමන් කන්නට මට දොළදුකක් හටගත්තේ යැ’යි කීවාය. එවිට සිවලා ‘ඔබ සිතට කරදර නොගන්න. මම එය ඔබට කෙසේ හෝ ගෙනත් දෙන්නෙමි’යි සිවලිය අස්වැසුවේය. ඉන්පසු නදී ඉවුරට ගිය සිවලා, පාවල වැලක් පැටලුනාක් මෙන් ගංතෙර ම, එහෙට මෙහෙට ගියේය. මේ අතර ‘ගම්භීරචාරී’ (ගැඹුරු දියේ හැසිරෙන්නා) නම් වූ ද, ‘අනුතීරචාරී’ (නොගැඹුරු දියේ හැසිරෙන්නා) නම් වූ ද, දිය බල්ලෝ දෙදෙනෙක්, මාලු සොයමින් නදී තෙරට පැමිණියහ. ඒ දෙදෙනා අතුරෙන් ගම්භීරචාරියා මහත් වූ රතුපැහැති මාලුවකු දැක වේගයෙන් දියට පැන, මාලුවාගේ වලිගය ඩැහැ ගත්තේය. බලවත් මාලුවා දිය බල්ලා ද, ඇදගෙන පීනා ගියේය. එවිට ඒ ගම්භීරචාරියා මාලුවාත් සමග වතුරෙන් උඩට මතු වූ විටෙක, සිය මිතුරා වන අනෙකාට කථා කරමින් ‘මේ මාලුවා අතිවිශාලය. අප දෙදෙනාටම සෑහේ. එබැවින් වහා මෙහි එව. මට සහාය වෙව’යි, මෙසේ කීවේය.
“අනුතීරචාරී භද්දන්තෙ, සහායමනුධාව මං; මහා මෙ ගහිතො මච්ඡො, සො මං හරති වෙගසා”ති.
අනුතීර චාරි භද්දන්තෙ - සහාය මනුධාව මං, මහා මෙ ගහිතො මච්ඡො - සො මං හරති වෙගසා
යහලු අනුතීරිචාරිය, ඔබට යහපතක් වේවා! මා වෙත දිවැ එන්න. මා විසින් මහා මාලුවෙක් අල්ලා ගන්නා ලදි. ඌ මා වේගයෙන් ඇදගෙන යයි.
තත්ථ සහායමනුධාව මන්ති සහාය අනුධාව මං, සන්ධිවසෙන ම-කාරො වුත්තො. ඉදං වුත්තං හොති – යථාහං ඉමිනා මච්ඡෙන න සංහීරාමි, එවං මං නඞ්ගුට්ඨඛණ්ඩෙ ගහෙත්වා ත්වං අනුධාවාති.
මෙහි ‘සහායමනුධාව මං’ යනු ‘යහලුව, මා වෙත දිවැ එන්න’, යන අර්ථයි. මෙහි ‘ම’ කාරය සන්ධි පිණිස යොදන ලද්දකි. මෙහි අර්ථය මෙසේය. එනම්, යම් සේ මේ මාලුවාට, මා ඇදගෙන යන්නට බැරිවන ලෙස, මෙසේ මාලුවාගේ වලගය ගදින් ඩැහැගෙන සිටින මා වෙතට, ඔබ දිවැ එන්න, යනුවෙනි.
තං සුත්වා ඉතරො දුතියං ගාථමාහ –
ඒ ඇසූ අනුතීරචාරියා මෙසේ පැවසීය.
“ගම්භීරචාරී භද්දන්තෙ, දළ්හං ගණ්හාහි ථාමසා; අහං තං උද්ධරිස්සාමි, සුපණ්ණො උරගාමිවා”ති.
3. ගම්භීරචාරිය, ඔබට යහපතක් වේවා! ශක්ති පරිද්දෙන් දැඩිව අල්ලා ගන්න ගුරුළෙක් සර්පයකු ඩැහැ ගත්තාක් මෙන්, මම ඔබ ගොඩට ගන්නෙමි.
තත්ථ ථාමසාති ථාමෙන. උද්ධරිස්සාමීති නීහරිස්සාමි. සුපණ්ණො උරගාමිවාති ගරුළො සප්පං විය.
මෙහි ‘ථාමසා’ යනු ‘ශක්තියෙන්’ යන අර්ථයි. ‘උද්ධරිස්සාමි’ යනු ‘ඉවතට ගන්නෙමි’ යන අර්ථයි. ‘සුපණ්ණො උරගම්මිව’ යනු ‘ගුරුළෙක් උරගයකු මෙන්’ යන අර්ථයි.
අථ ද්වෙපි තෙ එකතො හුත්වා රොහිතමච්ඡං නීහරිත්වා ථලෙ ඨපෙත්වා මාරෙත්වා “ත්වං භාජෙහි, ත්වං භාජෙහී”ති කලහං කත්වා භාජෙතුං අසක්කොන්තා ඨපෙත්වා නිසීදිංසු. තස්මිං කාලෙ සිඞ්ගාලො තං ඨානං අනුප්පත්තො. තෙ තං දිස්වා උභොපි පච්චුග්ගමනං කත්වා “අයං, සම්ම, දබ්භපුප්ඵමච්ඡො අම්හෙහි එකතො හුත්වා ගහිතො, තං නො භාජෙතුං අසක්කොන්තානං විවාදො උප්පන්නො, සමභාගං නො භාජෙත්වා දෙහී”ති තතියං ගාථමාහංසු –
ඉක්බිති දෙදෙනාම එකතු වී, රතුපැහැති මාලුවා දියෙන් ගොඩට ගෙන ඌ මරා, ‘ඔබ බෙදන්න, ඔබ බෙදන්නැ’යි කියමින්, එකිනෙකා කලහ කරමින්, මාලුවා බෙදාගත නොහැකිව, ඌ පසෙකින් තබා, දෙදෙනා දෙපසට වී බලා සිටියහ. එකෙණෙහි සිවලා එතැනට පැමිණියේය. ඒ දුටු දිය බල්ලෝ දෙදෙනා පෙරගමන් ගොස්, ඌ හමුවී ‘මිතුර, දබ්භපුප්ඵ’, අප දෙදෙනා එකතු වී මාලුවෙක් අල්ලා ගන්නා ලදි. ඌ බෙදාගත නොහැකිව අප දෙදෙනා අතර විවාදයක් හට ගත්තේය. එබැවින් මාලුවා සමභාග කොට අපට බෙදා දෙනු මැනවැ’යි මෙසේ පැවසූහ.
“විවාදො නො සමුප්පන්නො, දබ්භපුප්ඵ සුණොහි මෙ; සමෙහි මෙධගං සම්මා, විවාදො වූපසම්මත”න්ති.
4. දබ්භපුප්ඵය, මාගේ වචනය අසන්න. අප අතර විවාදයක් ඇති විය. මිත්‍රය, මේ කලහය, මේ විවාදය සංසිඳුවනු මැනව.
තත්ථ දබ්භපුප්ඵාති දබ්භපුප්ඵසමානවණ්ණතාය තං ආලපන්ති. මෙධගන්ති කලහං.
මෙහි ‘දබ්භපුප්ඵ’ යනු ‘කුසතණ’වලට සමාන පැහැ ඇති බැවින් සිවලාට එනමින් අමතයි’ යන අර්ථයි. ‘මේධගං’ යනු ‘කලහය’යි.
තෙසං වචනං සුත්වා සිඞ්ගාලො අත්තනො බලං දීපෙන්තො –
ඒ දෙදෙනාගේ වචන අසා සිටි සිවලා තමාගේ බලය ප්‍රදර්ශනය කරමින් මෙසේ පැවසීය.
“ධම්මට්ඨොහං පුරෙ ආසිං, බහූ අඩ්ඩා මෙ තීරිතා; සමෙමි මෙධගං සම්මා, විවාදො වූපසම්මත”න්ති. –
5. පෙර සිට මම ධර්මයෙහි පිහිටියෙක් වෙමි. මා විසින් බොහෝ නඩු විසඳන ලදි. මිත්‍රවරුනි, කලහය සංසිඳුවමි. විවාදය සංසිඳේවා!
ඉදං ගාථං වත්වා භාජෙන්තො –
මෙසේ කී සිවලා මාලුවා බෙදමින්, මේ අදහස් පළ කෙළේය.
“අනුතීරචාරි නඞ්ගුට්ඨං, සීසං ගම්භීරචාරිනො; අච්චායං මජ්ඣිමො ඛණ්ඩො, ධම්මට්ඨස්ස භවිස්සතී”ති. – ඉමං ගාථමාහ –
6. නගුට අනුතීරචාරියාටය. හිස ගම්භීරචාරියාට ය. තවද (මාලුවාගේ) මේ මැද කොටස, ධර්මයෙහි පිහිටි මට ලැබිය යුතු වන්නේය.
තත්ථ පඨමගාථාය අයමත්ථො – අහං පුබ්බෙ රාජූනං විනිච්ඡයාමච්චො ආසිං, තෙන මයා විනිච්ඡයෙ නිසීදිත්වා බහූ අඩ්ඩා තීරිතා, තෙසං තෙසං බ්රාහ්මණගහපතිකාදීනං බහූ අඩ්ඩා තීරිතා විනිච්ඡිතා, ස්වාහං තුම්හාදිසානං සමජාතිකානං චතුප්පදානං අඩ්ඩං තීරෙතුං කිං න සක්ඛිස්සාමි, අහං වො සමෙමි මෙධගං, සම්මා මං නිස්සාය තුම්හාකං විවාදො වූපසම්මතූති .
මෙහි පස්වන ගාථාවේ අර්ථය මෙසේය. ‘මම පෙර රජවරුන්ගේ විනිශ්චයකාර ඇමැතියා වීමි. එහිදී විනිශ්චයාසනයෙහි හිඳ ගන්නා ලද මා විසින් බොහෝ නඩු විසඳන ලදි. ඒ ඒ බ්‍රාහ්මණ-ගෘහපතියන්ගේ බොහෝ නඩු ද විසඳන ලදි. ඒ මම තොප වැනි සම ජාතික සිවුපාවුන්ගේ නඩුවක් විසඳීමට, කුමක් නිසා අපොහොසත් වෙම්ද? මම තොපගේ කලහය සංසිඳවමි. මිත්‍රවරුනි, මා හේතුකොට ගෙන, තොපගේ විවාදය සංසිඳේවා!’
එවඤ්ච පන වත්වා මච්ඡං තයො කොට්ඨාසෙ කත්වා අනුතීරචාරි ත්වං නඞ්ගුට්ඨං ගණ්හ, සීසං ගම්භීරචාරිනො හොතු. අච්චායං මජ්ඣිමො ඛණ්ඩොති අපිච අයං මජ්ඣිමො කොට්ඨාසො. අථ වා අච්චාති අතිච්ච, ඉමෙ ද්වෙ කොට්ඨාසෙ අතික්කමිත්වා ඨිතො අයං මජ්ඣිමො ඛණ්ඩො ධම්මට්ඨස්ස විනිච්ඡයසාමිකස්ස මය්හං භවිස්සතීති.
මෙසේ කී සිවලා මාලුවා කොටස් තුනකට වෙන්කොට ‘අනුතීරචාරිය, නුඹ වලිගය ගනුව. හිස ගම්භීරචාරියාටය. මැද කොටස මට යැ’යි කීවේය. මෙහි ‘අථායං මජ්ඣිමො ඛණ්ඩො’ යනු ‘තවද මේ මැද කොටස යි’ යන අර්ථයි. මෙහි එන ‘අථායං’ යන්න ‘අච්චායං’ යනුවෙන් ගතහොත් එහි අර්ථය ‘ඉක්මවා’ යනු යි. එනම් මේ කොටස් දෙක ඉක්මවා ඇති මේ මැද කොටස, විනිශ්චයට ස්වාමි වූ, ධර්මයෙහි පිහිටි මට සුදුසු වන්නේය’ යන අර්ථයි.
එවං තං මච්ඡං විභජිත්වා “තුම්හෙ කලහං අකත්වා නඞ්ගුට්ඨඤ්ච සීසඤ්ච ඛාදථා”ති වත්වා මජ්ඣිමඛණ්ඩං මුඛෙන ඩංසිත්වා තෙසං පස්සන්තානංයෙව පලායි. තෙ සහස්සං පරාජිතා විය දුම්මුඛා නිසීදිත්වා ගාථමාහංසු –
මෙසේ සිවලා ඒ මාලුවා බෙදා, තෙපි කලහ නොකොට නගුටත් හිසත් කා දමවු යැ’යි කියා, මැද කොටස කටින් ඩැහැගෙන, දිය බල්ලන් බලා සිටිද්දීම පලා ගියේය. ඒ දුටු දිය බල්ලෝ දෙදෙනා සූදු කෙළ, දහසක් පරාද වූවන් සේ, දුර්මුඛව බලාහිඳ, මෙසේ පැවසූහ.
“චිරම්පි භක්ඛො අභවිස්ස, සචෙ න විවදෙමසෙ; අසීසකං අනඞ්ගුට්ඨං, සිඞ්ගාලො හරති රොහිත”න්ති.
7. ඉදින් (අප අතර) විවාදයක් නොවූයේ නම්, බොහෝ කාලයකට කෑම ඉතිරි කරගන්නට තිබුණි. හිස නැති, වලිගය නැති, ‘රෝහිත’ නම් වූ මේ මාලුවා, සිවලා ගෙන ගියේය. (රෝහිත යනු රතු පැහැති යන තේරුමයි.)
තත්ථ චිරම්පීති ද්වෙ තයො දිවසෙ සන්ධාය වුත්තං.
මෙහි ‘චිරම්පි’ යනු දින දෙක-තුනක් සඳහා කියන ලදි’ යන අර්ථයි.
සිඞ්ගාලොපි “අජ්ජ භරියං රොහිතමච්ඡං ඛාදාපෙස්සාමී”ති තුට්ඨචිත්තො තස්සා සන්තිකං අගමාසි. සා තං ආගච්ඡන්තං දිස්වා අභිනන්දමානා –
මේ අතර සිවලා ද ‘අද බිරියට රෝහිත මාලුවා කවන්නෙමැ’යි, සතුටු සිතින් ඈ වෙත ගියේය. සිවලා එනු දුටු සිවලිය අතිශයින් සතුටුව මෙසේ කීවාය.
“යථාපි රාජා නන්දෙය්ය, රජ්ජං ලද්ධාන ඛත්තියො; එවාහමජ්ජ නන්දාමි, දිස්වා පුණ්ණමුඛං පති”න්ති. –
8. යම් සේ ක්ෂත්රිය රජෙක් රාජ්‍යත්වය ලැබ සතුටු වන්නේද? එපරිද්දෙන් මම අද (සතුටින්) පිරුණු මුහුණ ඇති සැමියා, දැක සතුටු වෙමි.
ඉමං ගාථං වත්වා අධිගමූපායං පුච්ඡන්තී –
මෙසේ කී සිවලිය මාලුවා ලැබූ ආකාරය සිය සැමියාගෙන් විමසමින් මේ ප්රශ්නය ඇසුවාය.
“කථං නු ථලජො සන්තො, උදකෙ මච්ඡං පරාමසි; පුට්ඨො මෙ සම්ම අක්ඛාහි, කථං අධිගතං තයා”ති. –
9. සබඳ, විචාරණ මට කියනු මැනවි. ගොඩබිම වෙසෙන ඔබ, ජලයෙහි වෙසෙන මාලුවා කෙසේ ඇල්ලුවෙහිද? කෙසේ නම් ඔබ විසින් ඌ ග්‍රහණය කරගන්නා ලදද?
ඉමං ගාථමාහ –
තත්ථ කථං නූති “ඛාද, භද්දෙ”ති මච්ඡඛණ්ඩෙ පුරතො ඨපිතෙ “කථං නු ත්වං ථලජො සමානො උදකෙ මච්ඡං ගණ්හී”ති පුච්ඡි.
මෙහි ‘කථන්නු’ යනු ‘සිවලා, සොඳුර, කවයි කියා මාලු කෑල්ල ඈ ඉදිරියේ තැබූ කල්හි, ගොඩබිම වෙසෙන ඔබ කෙසේ නම් දියෙහි වූ මාලුවා අල්ලා ගත්තෙහිදැ’යි සිවලිය විචාළාය’ යන අර්ථයි.
සිඞ්ගාලො තස්සා අධිගමූපායං ආචික්ඛන්තො අනන්තරගාථමාහ –
සිවලියගේ ප්‍රශ්නයට පිළිතුරු දෙන සිවලා ඈට තමා මාලු කෑල්ල ලබාගත් අයුරු පැහැදිලි කරමින් මෙසේ පැවසීය.
“විවාදෙන කිසා හොන්ති, විවාදෙන ධනක්ඛයා; ජීනා උද්දා විවාදෙන, භුඤ්ජ මායාවි රොහිත”න්ති.
10. කලහ නිසා ඇති දේ නැති වේ. ඒ නිසාම ධනය ද නැතිවේ. දියබල්ලෝ කලහය නිසා පිරිහුණාහුය. ‘මායාවිය, මාලුවා අනුභව කරව’
තත්ථ විවාදෙන කිසා හොන්තීති භද්දෙ, ඉමෙ සත්තා විවාදං කරොන්තා විවාදං නිස්සාය කිසා අප්පමංසලොහිතා හොන්ති. විවාදෙන ධනක්ඛයාති හිරඤ්ඤසුවණ්ණාදීනං ධනානං ඛයා විවාදෙනෙව හොන්ති. ද්වීසුපි විවදන්තෙසු එකො පරාජිතො පරාජිතත්තා ධනක්ඛයං පාපුණාති, ඉතරො ජයභාගදානෙන. ජීනා උද්දාති ද්වෙ උද්දාපි විවාදෙනෙව ඉමං මච්ඡං ජීනා, තස්මා ත්වං මයා ආභතස්ස උප්පත්තිං මා පුච්ඡ, කෙවලං ඉමං භුඤ්ජ මායාවි රොහිතන්ති.
මෙහි ‘විවාදෙන කිසා හොන්ති’ යනු ‘සොඳුර, මේ සත්ත්වයෝ දෙදෙනා විවාද කරමින්, ඒ විවාදය නිසා ම ඉතා මඳ වූ ද, ඉතා අල්ප වූ ද මස් හා ලේ ලැබූහ’ යන අර්ථයි. ‘විවාදෙන ධනක්ඛයා’ යනු ‘අමු රන්, රත්රන් ආදී වූ ධනයන්ගේ විනාශය ද, කලහ නිසා සිදුවේ. දෙදෙනෙකු කලහ කරගන්නා කල්හි, පරාජිතයා ඒ පරාජය නිසාම, ධන හානියට පැමිණෙයි. අනෙකා ජය හේතුවෙන් සංග්‍රහ කරන්නට ගොස් ධන හානියට පැමිණේ’ යන අර්ථයි. ‘ජිනා උද්දා’ යනු ‘මේ දිය බල්ලෝ දෙදෙනාම, විවාදය හේතු කොටගෙනම, මේ මාලුවා අහිමි කරගත්හ. එබැවින් ඔබ මා විසින් ගෙනෙන ලද, මේ සතාගේ උත්පත්තිය නො විචාරව. මායාවිය, මේ රෝහිත මාලුවා නුඹ තනියෙන් අනුභව කරව’ යන අර්ථයි.
ඉතරා අභිසම්බුද්ධගාථා –
මෙහි පහතින් දැක්වෙන අදහස් බුදුරජාණන් වහන්සේ වදාළ ඒවාය.
“එවමෙව මනුස්සෙසු, විවාදො යත්ථ ජායති; ධම්මට්ඨං පටිධාවති, සො හි නෙසං විනායකො; ධනාපි තත්ථ ජීයන්ති, රාජකොසො පවඩ්ඪතී”ති.
11. එපරිද්දෙන් මිනිසුන් අතර, යම්විටෙක කලහ ඇතිවේද? පසුව ඒ අය විනිශ්චය සොයා දුවති. විනිශ්චයකරු ඔවුන්ට විසඳුම ලබා දෙන්නේය. එහිදී ධනය විනාශ වේ. රජයේ ආදායම වැඩිවේ.
තත්ථ එවමෙවාති භික්ඛවෙ, යථා එතෙ උද්දා ජීනා, එවමෙව මනුස්සෙසුපි යස්මිං ඨානෙ විවාදො ජායති, තත්ථ තෙ මනුස්සා ධම්මට්ඨං පතිධාවන්ති, විනිච්ඡයසාමිකං උපසඞ්කමන්ති. කිංකාරණා? සො හි නෙසං විනායකො, සො තෙසං විවාදාපන්නානං විවාදවූපසමකොති අත්ථො. ධනාපි තත්ථාති තත්ථ තෙ විවාදාපන්නා ධනතොපි ජීයන්ති, අත්තනො සන්තකා පරිහායන්ති, දණ්ඩෙන චෙව ජයභාගග්ගහණෙන ච රාජකොසො පවඩ්ඪතීති.
මෙහි ‘එවමෙවං’ යනු ‘මහණෙනි, යම් සේ මේ දිය බල්ලෝ භෝජනයෙන් පිරිහුණාහුද? එපරිද්දෙන් මිනිසුන් අතර ද කිසියම් විටෙක වාද විවාද හට ගනියි. එහිදී ඒ මිනිස්සු විනිශ්චය සොයා දුවති. නීති විශාරදයින් වෙත එළඹෙති. මක්නිසාද? ඔවුන්ට විසඳුම ලබා දෙන්නන් නීතිඥයන් වන බැවිනි. මෙහි ‘විනායක’ යනු විවාදාපන්න මිනිසුන්ගේ විවාදය සංසිඳවන්නා’ යන අර්ථයි. ‘ධනාපි තත්ථ’ යනු ‘එහිදී ඒ විවාදාපන්න මිනිස්සු සිය ධනයෙන් ද පිරිහෙති’ යන අර්ථයි. ‘ජීයං’ යනු ‘තමා සන්තක දෙයින් පිරිහෙති. එනම්, දඩ ගෙවීමෙන් ද, ජයග්‍රහණය නිමිත්තෙන් කරන වියදම්වලින් ද, වශයෙනි. ඊටත් අමතර ව, එයින් රජයේ භාණ්ඩාගාරයද තරවේ’ යන අර්ථයි.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා ජාතකං සමොධානෙසි – “තදා සිඞ්ගාලො උපනන්දො අහොසි, උද්දා ද්වෙ මහල්ලකා, තස්ස කාරණස්ස පච්චක්ඛකාරිකා රුක්ඛදෙවතා පන අහමෙව අහොසි”න්ති.
බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා සත්‍යය ප්‍රකාශකොට, ජාතකය නිමවා වදාළ සේක. එදා සිවලා නම්, උපනන්ද තෙරණුවෝ ය. දිය බල්ලෝ දෙදෙනා නම්, මේ මහලු භික්ෂු දෙනමය. මේ සියලු කරුණු ප්රත්යක්ෂ වශයෙන් දුටු වෘක්ෂ දේවතාවා නම්, ‘මම ම යැ’යි, බුදුරජාණන් වහන්සේ, තමන් වහන්සේ දක්වා වදාළ සේක.
දබ්භපුප්ඵජාතකවණ්ණනා පඤ්චමා.