4. මාතුපොසකගිජ‍්ඣජාතකවණ‍්ණනා 399 අට‍්ඨකථා
4. මාතුපොසකගිජ‍්ඣජාතකවණ‍්ණනා (399)
4. ගිජ්ඣ ජාතකය (399)
තෙ කථං නු කරිස‍්සන‍්තීති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො එකං මාතුපොසකභික‍්ඛුං ආරබ‍්භ කථෙසි. වත්‍ථු සාමජාතකෙ (ජා· 2.22.296 ආදයො) ආවි භවිස‍්සති.
‘තෙ කථන්නු කරිස්සන්ති’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථා වස්තුව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක්, මාතුපෝෂක එක් භික්‍ෂුවක අරබයා වදාළ සේක.
අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො ගිජ‍්ඣයොනියං නිබ‍්බත‍්තිත්‍වා වයප‍්පත‍්තො වුද‍්ධෙ පරිහීනචක‍්ඛුකෙ මාතාපිතරො ගිජ‍්ඣගුහායං ඨපෙත්‍වා ගොමංසාදීනි ආහරිත්‍වා පොසෙසි. තස‍්මිං කාලෙ බාරාණසියං සුසානෙ එකො නෙසාදො අනියමෙත්‍වා ගිජ‍්ඣානං පාසෙ ඔඩ‍්ඩෙසි. අථෙකදිවසං බොධිසත‍්තො ගොමංසාදිං පරියෙසන‍්තො සුසානං පවිට‍්ඨො පාදෙන පාසෙ බජ‍්ඣිත්‍වා අත‍්තනො න චින‍්තෙසි, වුද‍්ධෙ පරිහීනචක‍්ඛුකෙ මාතාපිතරො අනුස‍්සරිත්‍වා “කථං නු ඛො මෙ මාතාපිතරො යාපෙස‍්සන‍්ති, මම බද‍්ධභාවම‍්පි අජානන‍්තා අනාථා නිප‍්පච‍්චයා පබ‍්බතගුහායමෙව සුස‍්සිත්‍වා මරිස‍්සන‍්ති මඤ‍්ඤෙ”ති විලපන‍්තො පඨමං ගාථමාහ –
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, අප බෝසත් තෙමේ ගිජුලිහිණි ජාතියෙහි ඉපිද, තරුණවියට පත්වූයේ, මහළු වූ ඇස් අන්ධ වූ දෙමාපියන් ගිජු ලිහිණි ගුහාවෙහි තබා, ගවමස් ආදිය ගෙනවුත්, ඔවුන් පෝෂණය කෙළේය. එකල බරණැස් නුවර සුසාන භූමියක එක් වැද්දෙක් නිශ්චිත භාවයකින් තොරව ගිජු ලිහිණියන්ට මළපුඬු ඇටවීය. ඉක්බිති එක් දවසක් බෝසත් ලිහිණියා ගව මස් සොයමින් සුසාන භූමියට පිවිසියේය. එහි ඇවිදින කල්හි, ලිහිණියාගේ එක් කකුලක් උගුලක හිර විය. එහෙත් එහි දී ඌ තමා ගැන නොසිතුවේය. ඌ සිතුවේ, තම මහලු දෙමාපියන් ගැනය. ‘මට මෙතැනින් බේරී යන්නට නොහැකි වුවහොත්, කෙසේ නම් මාගේ මව සහ පියා යැපෙන්නාහු ද? මා උගුලක සිරවූ බව නොදන්නා ඔවුහු අනාථව, ආහාර නැතිව, පර්වත ගුහාව තුළ ම, වියලී මිය යන්නාහ’යි ඒ ගැන කල්පනා කොට වැලපෙන්නට පටන්ගත්, ගිජු ලිහිණියා මෙසේ පැවසීය.
“තෙ කථං නු කරිස‍්සන‍්ති, වුද්ධා ගිරිදරීසයා; අහං බද්ධොස්මි පාසෙන, නිලීයස‍්ස වසං ගතො”ති.
තෙ කථන්නු කරිස්සන්ති - වුද්ධා ගිරිදරීසයා, අහං බද්ධොස්මි පාසෙන නිලීයස්ස වසංගතොති
නීලිය වැද්දාගේ වසඟයට හසුවූ මම, මළපුඬුවේ බැඳුනෙම්, පර්වත කුහරයෙහි නිදන, ඒ මහලු මව්පියෝ කුමක්නම් කරන්නාහුද?
තත්‍ථ නිලීයස‍්සාති එවංනාමකස‍්ස නෙසාදපුත‍්තස‍්ස.
මෙහි ‘නීලියස්ස’ යනු ‘ඒ ම ඇති වැදි පුත්‍රයාගේ’ යන අර්ථයි.
අථ නෙසාදපුත‍්තො ගිජ‍්ඣරාජස‍්ස පරිදෙවිතසද‍්දං සුත්‍වා දුතියං ගාථමාහ –
ඉක්බිති වැදිපුත්‍රයා ගිජු ලිහිණි රාජයාගේ වැලපීම් ශබ්දය අසා මෙසේ කීවේය.
“කිං ගිජ‍්ඣ පරිදෙවසි, කා නු තෙ පරිදෙවනා; න මෙ සුතො වා දිට‍්ඨො වා, භාසන‍්තො මානුසිං දිජො”ති.
2. ගිජු ලිහිණිය, කුමට වැලපෙහි ද? කුමන වැලපුමක් ද? මිනිස් බසින් කථා කරන කුරුල්ලකු, මා මීට පෙර දැක නැත. අසා ද නැත.
ගිජ‍්ඣො ආහ –
“භරාමි මාතාපිතරො, වුද‍්ධෙ ගිරිදරීසයෙ; තෙ කථං නු කරිස‍්සන‍්ති, අහං වසං ගතො තවා”ති.
3. මම පර්වත කුහරයෙහි නිදන, මහලු දෙමාපියන් පෝෂණය කරමි. මම දැන් ඔබේ වසඟයට පත් වූයෙමි. දැන් ඔවුහු (මව්පියෝ) කුමක් නම්, කරන්නාහුද?
නෙසාදො ආහ –
“යං නු ගිජ‍්ඣො යොජනසතං, කුණපානි අවෙක‍්ඛති; කස‍්මා ජාලඤ‍්ච පාසඤ‍්ච, ආසජ‍්ජාපි න බුජ‍්ඣසී”ති.
4. ගිජු ලිහිණියෙක් යොදුන් සියයක් දුර ඇති මළ කුණු දකියි. මෙතරම් ළංවීත්, කුමක් නිසා දැලත්, මළපුඬුවත් ඇති බව තේරුම් නොගත්තේද?
ගිජ‍්ඣරාජා ආහ –
“යදා පරාභවො හොති, පොසො ජීවිතසඞ‍්ඛයෙ; අථ ජාලඤ‍්ච පාසඤ‍්ච, ආසජ‍්ජාපි න බුජ‍්ඣතී”ති.
5. යම්කලෙක විනාශය ළං වනවිට, ජීවිත හානිය කිට්ටු වනවිට, ඒ තැනැත්තා සමීපයේ වූ දැලත්, මළපුඬුවත් අවබෝධ කොට නොගනියි.
“භරස‍්සු මාතාපිතරො, වුද‍්ධෙ ගිරිදරීසයෙ; මයා ත්‍වං සමනුඤ‍්ඤාතො, සොත්‍ථිං පස‍්සාහි ඤාතකෙ.
6. පර්වත ගුහාවෙහි සයනය කරන, මහලු දෙමාපියන් පෝෂණය කරව. එය මා විසින් අනුමත කරන ලදි. ඔබ සුව සේ ගොස් නෑයින් දකින්න.
“එවං ලුද‍්දක නන්‍දස‍්සු, සහ සබ‍්බෙහි ඤාතිභි; භරිස‍්සං මාතාපිතරො, වුද‍්ධෙ ගිරිදරීසයෙ”ති. –
7. වැද්දාණෙනි, එපරිද්දෙන්, ඔබත් සියලු ඥාතීන් සමග සතුටු වේවා! මම පර්වත ගුහාවෙහි නිදන, මහලු දෙමාපියන් පෝෂණය කරන්නෙමි.
නෙසාදපුත‍්තෙන දුතියා, ගිජ‍්ඣෙන තතියාති ඉමා ගාථා පටිපාටියා වුත‍්තා.
මෙහි 2-4-6 යන ගාථා වැදි පුත්‍රයා විසින් ද 3-5-7 යන ගාථා ගිජු ලිහිණියා විසින්ද කියන ලද්දේය.
තත්‍ථ යං නූති යං නු එතං ලොකෙ කථීයති. ගිජ‍්ඣො යොජනසතං, කුණපානි අවෙක‍්ඛතීති යොජනසතං අතික‍්කම‍්ම ඨිතානිපි කුණපානි පස‍්සති, තං යදි තථං, අථ කස‍්මා ත්‍වං ඉමං ජාලඤ‍්ච පාසඤ‍්ච ආසජ‍්ජාපි න බුජ‍්ඣසි, සන‍්තිකං ආගන‍්ත්‍වාපි න ජානාසීති.
මෙහි ‘යන්නූ’ යනු ‘ලෝ වැස්සන් විසින් යමක් කියනු ලැබේ ද?’ යන අර්ථයි. ‘ගිජ්ඣො යෝජනසතං කුණපානි අවෙක්ඛති’ යනු ‘යොදුන් සියයක් ඉක්මවා පැවති මළකුණු ගිජු ලිහිණියෙක් දකියි යන මෙය ඇත්තක් වුවත් නැතත්, කුමක් හෙයින් ඔබ මේ දැලත් මළපුඬුවත් මෙතරම් ළංව තිබියදීත්, අවබෝධ කොට නොගත්තෙහිද? ළඟ ඇවිල්ලත්, දැන නො ගත්තේද? යන අර්ථයි.
පරාභවොති විනාසො. භරස‍්සූති ඉදං සො බොධිසත‍්තස‍්ස ධම‍්මකථං සුත්‍වා “පණ‍්ඩිතො ගිජ‍්ඣරාජා පරිදෙවන‍්තො න අත‍්තනො පරිදෙවති, මාතාපිතූනං පරිදෙවති, නායං මාරෙතුං යුත‍්තො”ති තුස‍්සිත්‍වා ආහ, වත්‍වා ච පන පියචිත‍්තෙන මුදුචිත‍්තෙන පාසං මොචෙසි.
‘පරාභවො’ යනු ‘විනාශය’යි. ‘භරස්සු’ යනු ‘මෙසේ ඒ වැද්දා බෝසතුන්ගේ දැහැමි කථාව අසා ‘මේ නුවණැති ගිජුලිහිණි රාජයා වැලපුනත්, එය තමා වෙනුවෙන් නොව, සිය මවුපියන් වෙනුවෙනි. එබැවින් මොහු මැරීම අයුතු යැයි, බෝසතුන් ගැන සතුටුව එසේ කීය’ යන අර්ථයි.
අථස‍්ස බොධිසත‍්තො මරණමුඛා පමුත‍්තො සුඛිතො අනුමොදනං කරොන‍්තො ඔසානගාථං වත්‍වා මුඛපූරං මංසං ආදාය මාතාපිතූනං අදාසි.
ඉක්බිති මරණ දුකින් මිදී සුවපත් වූ බෝසත් තෙමේ, වැද්දාට පිං අනුමෝදන් කරමින්, ඉහතින් දක්වා ඇති සත්වන ගාථාව කියා, සිය මුඛයට ගතහැකි තරම් මස් රැගෙන ගොස්, සිය මවුපියන්ට ඒවා දුන්නේය.
සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා සච‍්චානි පකාසෙත්‍වා ජාතකං සමොධානෙසි, සච‍්චපරියොසානෙ මාතුපොසකභික‍්ඛු සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨහි .
බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා සත්‍යය ප්‍රකාශ කොට, ජාතකය නිමවා වදාළ සේක. දේශනාව අවසානයේදී, මාතුපෝසක භික්‍ෂුව සෝවාන් ඵලයෙහි පිහිටියේය.
තදා නෙසාදපුත‍්තො ඡන‍්නො අහොසි, මාතාපිතරො මහාරාජකුලානි, ගිජ‍්ඣරාජා පන අහමෙව අහොසින‍්ති.
එදා වැදිපුත්‍රයා නම්, ඡන්නය. මවුපිය දෙදෙනා නම්, සුද්ධෝධන රජතුමා සහ මහාමායා දේවියයි. ගිජුලිහිණි රාජයා වූ කලී, ‘මම ම යැ’යි බුදුරජාණන් වහන්සේ, තමන් වහන්සේ දක්වා වදාළ සේක.
මාතුපොසකගිජ‍්ඣජාතකවණ‍්ණනා චතුත්‍ථා.