3. සුතනුජාතකං
1002. රාජා තෙ භත‍්තං පාහෙසි සුචිමංසූපසෙචනං, මඛාදෙවස‍්මිං අධිවත්‍ථෙ එහි නික‍්ඛම භුඤ‍්ජස‍්සු.
1002. මඛාදේව නමැති නුගයෙහි වෙසෙන දෙවිය, රජතුමා පවිත්‍ර මස්රසයෙන් යුතු බත එවී ය. මෑතට අවුත් වළඳනු මැනැවි.
1003. එහි මාණව ඔරෙන භික‍්ඛමාදාය සුපිතං, ත්‍වඤ‍්ච මාණව භික‍්ඛා ච උභො භක‍්ඛා භවිස‍්සථ.
1003. මාණවකය, මස්රස සහිත ආහාරය ගෙන ඔබින් මෙහි එව මාණවකය, තො ද (තා ගෙනා) බත ද මට ගොදුර වන්නවු ය.
1004. අප‍්පකෙන තුවං යක‍්ඛ ථුල‍්ලමත්‍ථං ජහිස‍්සසි, භික‍්ඛං තෙ නාහරිස‍්සන‍්ති ජනා මරණසඤ‍්ඤිනො.
1004. යක්‍ෂය, මරණබිය ඇති ජනයෝ තට ආහාරය නො ගෙනෙති. එහෙයින් තෝ මද දැයෙකින් මහත් ප්‍රයෝජනයක් අත් හරෙනහි ය හෙවත් නො ලබන්නෙහි ය.
1005. ලද‍්ධාය යක‍්ඛ තව නිච‍්චභික‍්ඛං සුචිං පණීතං රසසා උපෙතං, භික‍්ඛඤ‍්ච තෙ ආහරියො නරො ඉධ සුදුල‍්ලභො හොහිති ඛාදිතෙ මයි.
1005. යක්‍ෂය, තට රසයෙන් යුත් පවිත්‍ර මිහිරි ආහාරය ලැබෙන්නේ ය. මා කෑ කල්හි ආහාරය ගෙනෙන්නකු දැකීම ඉතා දුලබ වෙයි.
1006. මමෙසං සුතනො අත්‍ථො යථා භාසසි මාණව, මයා ත්‍වං සමනුඤ‍්ඤාතො සොත්‍ථිං පස‍්සසි මාතරං.
1006. මාණවකය සුතනුවෙනි, තෝ යමක් කීයෙහි ද එය මට වැඩ පිණිස වේ. තෝ මා විසින් අනුදන්නා ලද්දෙහි සුවසේ ගොස් මව දකින්නෙහි ය.
1007. ඛග‍්ගං ඡත‍්තඤ‍්ච පාතිඤ‍්ච ගච‍්ඡෙවාදාය මාණව, සොත්‍ථිං පස‍්සතු තෙ මාතා ත්‍වඤ‍්ච පස‍්සාහි මාතරං.
1007. මාණවකය, තොපගේ කඩුව ද ඡත්‍රය ද රන්තලිය ද ගෙන මැ යව. තොපගේ මව සුවසේ දකීවා. තො ද මව බලව.
1008. එවං යක‍්ඛ සුඛී හොහි සහ සබ‍්බෙහි ඤාතිභි, ධනඤ‍්ච මෙ අධිගතං රඤ‍්ඤො ච වචනං කතන‍්ති.
1008. යක්‍ෂය, මා විසින් ධනය ලබන ලදී. රජ කී ලෙස කරන ලදී. සියලු නෑයන් සමග තෙපි සුවපත් වෙවයි.
3. සුතනුජාතකං.
3. සුතනු ජාතක යි.
1009. තෙ කථන‍්නු කරිස‍්සන‍්ති වුද‍්ධා ගිරිදරීසයා, අහං බද‍්ධොස‍්මි පාසෙන නීලියස‍්ස වසං ගතො.
1009. පාශයෙන් බැඳුණු මම් නීලිය නම් වැද්දාගේ වසයට ගියෙම් වෙමි. පර්‍වත කුහරයෙහි වෙසෙන මහලු වූ ඒ මගේ මවුපියෝ කුමක් කරන්නාහු දෝ හෝ.
1010. කිං ගිජ‍්ඣ පරිදෙවසි කානු තෙ පරිදෙවනා, න මෙ සුතො වා දිට‍්ඨො වා භාසන‍්තො මානුසිං දිජො.
1010. ගිජුළිහිණිය, කුමක් හෙයින් වැලැපෙහි ද? තාගේ හැඬීම කවර? මිනිස් බසින් කථා කරන පක්‍ෂියෙක් මා විසින් අසන ලද්දේ හෝ දක්නා ලද්දේ හෝ නැති.
1011. භරාමි මාතාපිතරො මුද‍්ධෙ ගිරිදරීසයෙ, තෙ කථන‍්නු කරිස‍්සන‍්ති අහං වසං ගතො තව.
1011. මහලු වූ ගිරිකුහරයෙහි වෙසෙන මවුපිය දෙදෙන පෝෂණය කෙරෙමි. මම තොපගේ වසයට ගියෙමි. ඒ මවුපියෝ කුමක් කෙරෙද්ද (හෙවත් ජීවත් වන්නේ කෙසේ ද?)
1012. යන‍්නු ගිජ‍්ඣො යොජනසතං කුණපානි අවෙක‍්ඛති, කස‍්මා ජාලඤ‍්ච පාසඤ‍්ච ආසජ‍්ජාපි න බුජ‍්ඣසි.
1012. ගිජුළිහිණියා යොදුන් සියයෙකින් ඔබ්බෙහි තුබූ කුණපයන් ඉවෙන් දැනගන්නට සමත් යයි කියනු ලැබේ. දැල හා පාශය සමීපයට පැමිණ ද කුමක් හෙයින් (බැඳෙන බව) නො දත්තේ ද?
1013. යදා පරාභවො හොති පොසො ජීවිතසඞ‍්ඛයෙ, අථ ජාලඤ‍්ච පාසඤ‍්ච ආසජ‍්ජාපි න බුජ‍්ඣති.
1013. යම් කලෙකැ විනාශය වේ ද එකල පුරුෂ ජීවිත විනාශය ඇති කල්හි දැලට ද පාශයට ද ළංවුවත් බැඳෙන බව නො දනී.
1014. භරස‍්සු මාතාපිතරො වුද‍්ධෙ ගිරිදරීසයෙ, මයා ත්‍වං සමනුඤ‍්ඤාතො සොත්‍ථිං පස‍්සාහි ඤාතකෙ.
1014. පර්‍වතගුහාවෙහි වෙසෙන මහලු මවුපියන් පෝෂණය කරව. මා විසින් අනුදන්නා ලද තෝ සුවසේ ගොස් නෑයන් බලව.
1015. එවං ලුද‍්දක නන්‍දස‍්සු සහසබ‍්බෙහි ඤාතිභි, භරිස‍්සං මාතාපිතරො වුද‍්ධෙ ගිරිදරීසයෙති.
1015. වැද්දාණෙනි, පර්‍වතගුහාවෙහි වෙසෙන මහලු මවුපියන් (යම්සේ) පෝෂණය කෙරෙම් ද, එසේ සියලු නෑයන් සමග තෙපි බොහෝ කල් සතුටු වව!