යෙදුමෙන් කියවන්න

2. මනොජජාතකං

995. යථා චාපො නින‍්නමති ජියා චාපි නිකූජති, හඤ‍්ඤතෙ නූන මනොජො මිගරාජා සඛා මම.

995. යම් පරිදි දුන්න නැමේ ද දුනුදිය පොළන (ලද්දී) හඬ නඟා ද මේ කරුණෙන් මාගේ මනෝජ නමැති යහළු සිංහයා මරනු ලැබිය යි සිතමි.

996. හන්‍දදානි වනං තාණං පක‍්කමාමි යථාසුඛං, නෙතාදිසා සඛා හොන‍්ති ලබ‍්භා මෙ ජීවතො සඛා.

996. එබැවින් දැන් සුවසේ ක්‍ෂේම වූ වනයට යමි. මෙවැනි මළාහු යාළුවෝ නො වෙති. ජීවත්වන මා විසින් යාළුවෝ ලැබිය හැක්කාහ.

997. න පාපජනසංසෙවී අච‍්චන‍්තං සුඛමෙධති, මනොජං පස‍්ස සෙමානං ගිරියස‍්සානුසාසනී.

997. පවිටු ජනයා ඇසුරු කරනුයේ බොහෝකල් සුව නො ලැබෙයි. ඊපහර ලැබ හෝනා මනෝජයා බල. ගිරිය නම් හිවලා ගේ අනුශාසනය මෙබඳු ය.

998. න පාපසම‍්පවඞ‍්කෙන මාතා පුත‍්තෙන නන්‍දති, මනොජං පස‍්ස සෙමානං අච‍්ඡන‍්නං සම‍්හි ලොහිතෙ.

998. පවට නැමුණු පුත්‍රයා නිසා මව සතුටු නො වේ. ඒ එසේ මැ ය. තමාගේ ම ලෙයෙහි ගැලී හෝනා මනෝජයා බල.

999. එවමාපජ‍්ජති පොසො පාපියඤ‍්ච නිගච‍්ඡති, යො වෙ හිතානං වචනං න කාරොති අත්‍ථදස‍්සිනං.

999. යමෙක් අනාගත අභිවෘඩිය දක්නා හිතෛෂීන්ගේ ඔවා අනුව ක්‍රියා නො කෙරේ ද, එබඳු පුරුෂ තෙම මෙ වැනි දුකට පැමිණේ. ලාමක බවට ද පැමිණෙයි.

1000. එවඤ‍්ච සො හොති තතො ච පාපියො යො උත‍්තමො අධමනුජපසෙවී පසසුත‍්තමං අධමජනූපසෙවිතං මිගාධිපං සරවරවෙධනිබ‍්බුතං,

1000. උතුම් වූ යමෙක් ගුණනුවණින් හීනයකු ඇසුරු කෙරේ ද හේ හීනයාට වඩා පහත් කෙනකු වන්නේ ය. ඒ එසේ මැ ය. හීනයකු ඇසුරු කළ හී පහරින් මළා වූ උත්තම සිංහයා බල.

1001. නිහීයති පුරිසො නිහීනසෙවී න ච හායෙථ කදාචි තුල්‍යසෙවී, සෙට‍්ඨමුපනමං උදෙති ඛිප‍්පං තස‍්මා අත‍්තනො උත‍්තරිං භජෙථාති.

1001. හීන ජනයන් ඇසුරු කරන පුරුෂ තෙම පිරිහෙයි. සමානයකු (ගුණයෙන්) ඇසුරු කරනුයේ කිසිකලෙක නො පිරිහෙයි. සීලාදිගුණයන්ගෙන් පිරුණු කෙනකුන් ඇසුරු කරනුයේ වහා දියුණුවට පැමිණෙයි. එහෙයින් තමාට වඩා ගුණැතියන් ඇසුරු කරන්නේ යි.

2. මනොජජාතකං.

2. මනෝජ ජාතක යි.