යෙදුමෙන් කියවන්න

1. කුක‍්කුජාතකං

988. දියඩ‍්ඪකුක‍්කු උදයෙන කණ‍්ණිකා විදත්‍ථියො අට‍්ඨ පරික‍්ඛිපන‍්ති නං, සසිංසපා සාරමය අඵෙග‍්ගුකා කුහිං ඨිතා උපරිතො න ධංසති.

988. කැණිමඬල උසින් රියන් එකහමාරකි. අට වියතෙක් එය පිරිකෙව් කෙරෙයි. (වටප්‍රමාණය වියත් අටෙකි.) එලය නැති ඇට්ටේරිය අරටුවෙන් සෑදු කැණිමඩල කොහි පිහිටියා (බිමට) නො වැටේ ද?

989. යා තිංසති සාරමයා අනුජ‍්ජුකා පරිකිරිය ගොපාණසියො සමට‍්ඨිතා, තා සඞ‍්ගහිතා බලසා ච පීළිතා සමට‍්ඨිතා උපරිතො න ධංසති.

989. ඍජු නැති සාරදාරුයෙන් තැනූ තිසක් පමණ ගොනැස්හු හාත්පසින් සම ව පිරිවරා සිටියාහු ද ඔවුහු (එකිනෙක) මනා කොට එකට බලයෙන් පෙළන ලද්දාහු මනාකොට එකට බැඳී සමබරට උඩින් සිටියාහු වෙත් ද, එහෙයින් නො වැටෙත්.

990. එවං මිත‍්තෙහි දළ‍්හෙහි පණ‍්ඩිතො අභෙජ‍්ජරූපෙහි සුචීහි මන‍්තිහි, සුසඞ‍්ගහීතො සිරියා න ධංසති ගොපාණසී භාරවහාව කණ‍්ණිකා.

990. මෙසේ නුවණැති රජ දැඩි මිතුරු වූ නො බිඳෙන සුලු වූ පිරිසුදු ගති පැවැතුම් ඇති මැතිවරුන් හා දැඩිසේ සම්බන්‍ධ වූයේ, මනාසේ සම්බන්‍ධ වූ ගොණැස් බර දරන කැණිමඩල මෙන් රාජසම්පතින් නො පිරිහේ.

991. ඛරත‍්තවං මෙල‍්ලං යථාපි සත්‍ථවා අනාමසන‍්තොපි කරොති තිත‍්තකං, සමාහරං සාදුං කාරොති පත්‍ථිවා අසාදු කයිරා තනුවට‍්ට මුද‍්ධරං.

991. යම්සේ අවි ඇත්තේ ඝන ලෙල්ල ඇති නාරන්ගෙඩියේ ලෙල්ල සැස ඉවත් නො කරන්නේ, නාරන්ගෙඩියේ රස තිත්ත කෙරේ ද, ලෙල්ල සැස ඉවත් කරන්නේ රස මිහිරි කෙරේ ද, තුනී ලෙල්ල සැස ඉවත් කරන්නේ (එහි රසය) අමිහිරි කෙරේ ද,

992. එවම‍්පි ගාමනිගමෙසු පණ‍්ඩිතො අසාහසං රාජධනානි සංහරං, ධම‍්මානුවත‍්ති පටිපජ‍්ජමානො සඵානි කයිරා අවිහෙඨයං පරං.

992. මෙසේ නුවණැති රජ තෙමේ සැහැසි නො වී ගම්නියම්ගම්හි අයබදු අය කරන්නේ අනුන් නො පෙළා දහම් අනුව පැවැත්මෙන් පිළිපදනේ හේ අභිවෘඬිය කරන්නේ ය.

993. ඔදාතමූලං සුචිවාරිසම‍්භවං ජාතං යථා පොක‍්ඛරණීසු අම‍්බුජං, පදුමං යථා අග‍්ගිනිකාසඵාලිමං න කද‍්දමො න රජො න වාරි ලිම‍්පති.

993. පොකුණුවල සුදුමුල් ඇති පිරිසුදු ජලයේ හටගත් හිරු රැසින් පිපුණු පියුම්හි යම්සේ මඩ හෝ රජස් (දූවිලි) හෝ ජලය හෝ නො තැවරේ ද,

994. එවම‍්පි වොහාරසුචිං අසාහසං විසුද‍්ධකම‍්මන‍්තමපෙතපාපකං, න ලිම‍්පති කම‍්මකිලෙසතාදිසො ජාතං යථා පොක‍්ඛරණීසු අම‍්බුජ’න‍්ති

994. අගති රහිත ව නඩු විනිශ්චය කරන සාහසික ක්‍රියා නැති, පාපක්‍රියා නැති හෙයින් පවිත්‍ර වූ රජ තෙමේ පොකුණුවල හටගත් පියුම (පොකුණුදිය හා නො තැවරෙන්නා) මෙන් කර්‍ම ක්ලේශ හා නො වැකෙයි.

1. කුක‍්කුජාතකං.

1. කුක්කු ජාතක යි.