1. කුක්කුජාතකවණ්ණනා 396 අට්ඨකථා
1. කුක්කුජාතකවණ්ණනා (396)
1. කුක්කු ජාතකය (396)
දියඩ්ඪකුක්කූති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො රාජොවාදං ආරබ්භ කථෙසි. පච්චුප්පන්නවත්ථු තෙසකුණජාතකෙ (ජා· 2.17.1 ආදයො) ආවි භවිස්සති.
‘දියඩ්ඪ කුක්කු’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවෙසෙන සේක්, රජුට දුන් අවවාදයක් නිමිති කොටගෙන වදාළ සේක. මෙහි වර්තමාන කථා වස්තුව ‘තේසකුණ’ ජාතකයෙහි විස්තර වේ. එහි අතීත කථාව මෙසේය.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො තස්ස අත්ථධම්මානුසාසකො අමච්චො අහොසි. රාජා අගතිගමනෙ පතිට්ඨාය අධම්මෙන රජ්ජං කාරෙසි, ජනපදං පීළෙත්වා ධනමෙව සංහරි. බොධිසත්තො රාජානං ඔවදිතුකාමො එකං උපමං උපධාරෙන්තො විචරති, රඤ්ඤො උය්යානෙ වාසාගාරං විප්පකතං හොති අනිට්ඨිතච්ඡදනං, දාරුකණ්ණිකං ආරොපෙත්වා ගොපානසියො පවෙසිතමත්තා හොන්ති. රාජා කීළනත්ථාය උය්යානං ගන්ත්වා තත්ථ විචරිත්වා තං ගෙහං පවිසිත්වා උල්ලොකෙන්තො කණ්ණිකමණ්ඩලං දිස්වා අත්තනො උපරිපතනභයෙන නික්ඛමිත්වා බහි ඨිතො පුන ඔලොකෙත්වා “කිං නු ඛො නිස්සාය කණ්ණිකා ඨිතා, කිං නිස්සාය ගොපානසියො”ති චින්තෙත්වා බොධිසත්තං පුච්ඡන්තො පඨමං ගාථමාහ –
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, අප බෝසත් තෙමේ රජුට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන ඇමතිවරයා විය. අගතියෙහි පිහිටි රජතුමා අධර්මයෙන් රාජ්‍ය පාලනය ගෙන ගියේය. ජනපදවාසීන් පෙළා ධනය ම එකතු කිරීම, රජුගේ අභිලාෂය විය. බෝසත් ඇමතිතුමා රජුට අවවාද කරනු සඳහා ඊට අවස්ථාවක් සොයමින් සිටියේය. රජතුමාගේ මඟුල් උයනෙහි රජු විසින් අරඹන ලද විවේකාගාරයක් විය. එහි කටයුතු අඩකින් අවසන් ව තිබුණි. කුමක් හෝ හේතුවකින් හෝ එම විවේකාගාරයෙහි වහලයේ කටයුතු පමා වී තිබුණි. එහි වහලයේ දැව කර්ණිකාව සකස්කොට, පරාල යොදා තිබුණ මුත්, එකදු පරාලයක්වත්, කර්ණිකාවට සම්බන්ධකොට තිබුණේ නැත. කිසියම් දවසක උයන්කෙළි පිණිස රාජකීය උද්‍යානයට සපිරිවරින් ගිය රජතුමා, එහි දී අඩක් නිමකොට තිබූ ශාලාව වෙත ගොස්, එය විවෘතකොට ඇතුළට පිවිස වහලය පිරික්සා කොට බලා ‘වහලේ කැණිමඬල සිය හිස මත වැටේ’ය යන බියෙන් වහා ශාලාවෙන් ඉවතට පැන, එලියේ සිට එය නැවත නරඹා ‘කිමෙක්ද? කුමක ආධාරයෙන් මේ කැණිමඬල නො වැටී මෙසේ පවතීද? කුමක් නිසා පරාල ඉවතට නො ඇදී මෙසේ පවතීදැ’යි කල්පනා කරමින්, බෝසතුන්ගෙන් ඒ ගැන විමසමින් මෙසේ පැවසීය.
“දියඩ්ඪකුක්කූ උදයෙන කණ්ණිකා, විදත්ථියො අට්ඨ පරික්ඛිපන්ති නං; සා සිංසපා, සාරමයා අඵෙග්ගුකා, කුහිං ඨිතා උප්පරිතො න ධංසතී”ති.
දියඩ්ඪකුක්කු උදයෙන කණ්ණිකා - විදත්ථියො අට්ඨපරික්ඛි පන්තිනං, සසිංසපා සාරමයා අඵෙග්ගකා - කුහිං ඨිතා උපරිතො න ධංසතී ති
කැණිමඬල උසින් රියන් එකහමාරකි. එහි වටේට වියත් අටකි. එය ඵලය නැති ඇට්ටේරියා අරටුවෙන් නිමවන ලදි. එය කොහි පිහිටා ඇත්ද? උඩින් පහත් නො වී එය කෙසේ පවතීද?
තත්ථ දියඩ්ඪකුක්කූති දියඩ්ඪරතනා. උදයෙනාති උච්චත්තෙන. පරික්ඛිපන්ති නන්ති තං පනෙතං අට්ඨ විදත්ථියො පරික්ඛිපන්ති, පරික්ඛෙපතො අට්ඨවිදත්ථිපමාණාති වුත්තං හොති. කුහිං ඨිතාති කත්ථ පතිට්ඨිතා හුත්වා. න ධංසතීති න පතති.
මෙය ‘දියඩ්ඪකුක්කු’ යනු ‘රියන් එකහමාරය’ යන අර්ථයි. ‘උදයෙන’ යනු ‘උසින්’, යන අර්ථයි. ‘පරික්ඛිපන්ති නං’ යනු ‘එය වියත් අටකින් වටකොට ඇත’ යන අර්ථයි. වටින් අට වියතක් පමණ යැයි කියන ලද්දේ වේ. ‘කුහිංඨිතා’ යනු ‘කොතැනක පිහිටා’, යන අර්ථයි. ‘ධංසති’ යනු ‘නොවැටේද?’ යන අර්ථයි.
තං සුත්වා බොධිසත්තො “ලද්ධා දානි මෙ රඤ්ඤො ඔවාදත්ථාය උපමා”ති චින්තෙත්වා ඉමා ගාථා ආහ –
මේ ඇසූ බෝසත් තෙමේ ‘රජුට අවවාද දීම සඳහා කදිම අවස්ථාවක්, සුදුසු මාතෘකාවක් මට ලැබුණේ යැ’යි, සිතා මෙසේ උත්තර දුන්නේය.
“යා තිංසති සාරමයා අනුජ්ජුකා, පරිකිරිය ගොපානසියො සමං ඨිතා; තාහි සුසඞ්ගහිතා බලසා පීළිතා, සමං ඨිතා උප්පරිතො න ධංසති.
2. අරටුවෙන් නිමවන ලද, වක් වූ තිහක් පමණ වූ පරාලවලින් වටකරන ලදුව, සමව ඇති බැවින්, ඒවායේ ශක්තියෙන් තෙරපන ලදුව, මැනවින් ඒකාබද්ධව සමව පිහිටා ඇති බැවින්, එය උඩින් පහත් නොවේ.
“එවම්පි මිත්තෙහි දළ්හෙහි පණ්ඩිතො, අභෙජ්ජරූපෙහි සුචීහි මන්තිභි; සුසඞ්ගහීතො සිරියා න ධංසති, ගොපානසීභාරවහාව කණ්ණිකා”ති.
3. එපරිද්දෙන් නුවණැත්තා දැඩි මිත්‍රශීලීත්වයෙන් යුතු, නොබිඳෙන සුලු වූ, පිරිසිදු චරිත ඇති මන්ත්‍රීන් සමග ඒකාබද්ධ වූ විට, පරාලවලින් බර ඔසවා සිටින කැණිමඬලක් මෙන්, සම්පත්තියෙන් නො පිරිහේ.
තත්ථ යා තිංසති සාරමයාති යා එතා සාරරුක්ඛමයා තිංසති ගොපානසියො. පරිකිරියාති පරිවාරෙත්වා. සමං ඨිතාති සමභාගෙන ඨිතා. බලසා පීළිතාති තාහි තාහි ගොපානසීහි බලෙන පීළිතා සුට්ඨු සඞ්ගහිතා එකාබද්ධා හුත්වා. පණ්ඩිතොති ඤාණසම්පන්නො රාජා. සුචීහීති සුචිසමාචාරෙහි කල්යාණමිත්තෙහි. මන්තිභීති මන්තකුසලෙහි. ගොපානසීභාරවහාව කණ්ණිකාති යථා ගොපානසීනං භාරං වහමානා කණ්ණිකා න ධංසති න පතති, එවං රාජාපි වුත්තප්පකාරෙහි මන්තීහි අභිජ්ජහදයෙහි සුසඞ්ගහිතො සිරිතො න ධංසති න පතති න පරිහායති.
මෙහි ‘යා තිංසති සාරමයා’ යනු ‘ගස්වල අරටුවෙන් නිමවන ලද තිහක් පමණ වූ පරාල’, යන අර්ථයි. ‘පරිකිරිය’ යනු ‘පිරිවරා’ යන අර්ථයි. ‘සමට්ඨිතා’ යනු ‘සම ව පැවති’ යන අර්ථයි. ‘බලසා ච පීළිතා’ යනු ඒ ඒ පරාලවල ශක්තියෙන් තෙරපා, මැනවින් සම්බන්ධකොට ඒකාබද්ධ කරන ලද’ යන අර්ථයි. ‘පණ්ඩිතො’ යනු ‘නුවණැති රජතුමා’ යන අර්ථයි. ‘සුචීහි’ යනු පිරිසිදු සමාචාර ඇති කල්‍යාණ මිත්‍රයන් විසින්’ යන අර්ථයි. ‘මනතීහි’ යනු ‘මන්ත්‍රණයෙහි දක්ෂයන් විසින්’ යන අර්ථයි. ‘ගොපාණසීභාරවහාව කණ්ණිකා’ යනු ‘යම් සේ පරාලවලින් බර උසුලන කැණිමඬල පහත් නොවී පවතීද? එසේ රජතුමා ද, ඉහත කී ලක්ෂණවලින් යුතුව හදවතින් බැඳී, මන්ත්‍රීන් සමග සුසම්බන්ධ වූයේ සම්පතින් නොපිරිහේ, ඉසුරින් නොපිරිහේ, නොවැටේ’ යන අර්ථයි.
රාජා බොධිසත්තෙ කථෙන්තෙයෙව අත්තනො කිරියං සල්ලක්ඛෙත්වා කණ්ණිකාය අසති ගොපානසියො න තිට්ඨන්ති, ගොපානසීහි අසඞ්ගහිතා කණ්ණිකා න තිට්ඨති, ගොපානසීසු භිජ්ජන්තීසු කණ්ණිකා පතති, එවමෙව අධම්මිකො රාජා අත්තනො මිත්තාමච්චෙ ච බලකායෙ ච බ්රාහ්මණගහපතිකෙ ච අසඞ්ගණ්හන්තො තෙසු භිජ්ජන්තෙසු තෙහි අසඞ්ගහිතො ඉස්සරියා ධංසති, රඤ්ඤා නාම ධම්මිකෙන භවිතබ්බන්ති. අථස්ස තස්මිං ඛණෙ පණ්ණාකාරත්ථාය මාතුලුඞ්ගං ආහරිංසු. රාජා “සහාය, ඉමං මාතුලුඞ්ගං ඛාදා”ති බොධිසත්තං ආහ. බොධිසත්තො තං ගහෙත්වා “මහාරාජ, ඉමං ඛාදිතුං අජානන්තා තිත්තකං වා කරොන්ති අම්බිලං වා, ජානන්තා පන පණ්ඩිතා තිත්තකං හාරෙත්වා අම්බිලං අනීහරිත්වා මාතුලුඞ්ගරසං අනාසෙත්වාව ඛාදන්තී”ති රඤ්ඤො ඉමාය උපමාය ධනසඞ්ඝරණූපායං දස්සෙන්තො ද්වෙ ගාථා අභාසි –
බෝසතුන් මෙසේ කියන කල්හි, රජතුමා තමාගේ ක්‍රියාවන් ගැන නැවත සලකා බලා, ‘කැණිමඬල නැති කල්හි, පරාලවල පැවැත්මක් නැත. පරාල නොමැතිව කැණිමඬල නොපවතී. පරාල බිඳී වැටෙනවිට, කැණිමඬල ද ඇද වැටේ. මෙපරිද්දෙන් ම අධාර්මික රජෙක්, මනා වූ ඒකාබද්ධතාවක් නොමැතිකම නිසා, තමාට හිතවත් ඇමතිවරුන්ගෙන්ද, හමුදාවෙන්ද, බ්‍රාහ්මණ-ගෘහපතියන්ගෙන් ද වෙන්වූ කල්හි, ඒ නිසාම එනම්, නිලධාරීන්ගේ එකඟතාව නොමැති වීමෙන් ඉසුරුමත් බවින් පිරිහේ. එබැවින් රජකු නම්, දැහැමි විය යුතුම යැයි සිතුවේය. මේ අතර රජුට තෑගි වශයෙන් ලැබුණු නාරං කූඩයක්, රාජපුරුෂයෝ රජු වෙතට ගෙන ආහ. රජතුමා ‘මිතුර, මේ නාරං ගෙඩිය කන්න යැ’යි, කියා බෝසතුන්ට ඉන් එකක් දුන්නේය. බෝසත් තෙමේ එය අතට ගෙන ‘මහරජතුමනි, නාරං කෑමට නොදන්නා උදවිය, එය පොඩිකර ගැනීමෙන් තිත්ත රස කර ගනිති. එහි ඇඹුල් ද ඉවත හලා ගනිති. නාරං කෑමට මැනවින් දන්නා අය, නාරං රසය නො නසාම ඒවා කති’යි, කියා රජුට උපමාවකින් ධනය රැස්කරන ක්‍රමය පැහැදිලි කරමින්, මෙසේ ද කීය.
“ඛරත්තචං බෙල්ලං යථාපි සත්ථවා, අනාමසන්තොපි කරොති තිත්තකං; සමාහරං සාදුං කරොති පත්ථිව, අසාදුං කයිරා තනුබන්ධමුද්ධරං.
4. යම්සේ ආයුධයක් අතේ ඇත්තා තද ලෙල්ලක් ඇති නාරං ගෙඩිය ලෙලි නොගසා තිත්ත රස කරයිද? රජතුමනි, නාරං ගෙඩිය (ලෙලි ගසා) ගන්නා තැනැත්තා එය මනාව මිහිරි රස කරයි. ඇතුළත සිවිය ගලවන්නා ද එය (පොඩිකර ගැනීමෙන්) අමිහිරි කරයි.
“එවම්පි ගාමනිගමෙසු පණ්ඩිතො, අසාහසං රාජධනානි සඞ්ඝරං; ධම්මානුවත්තී පටිපජ්ජමානො, ස ඵාති කයිරා අවිහෙඨයං පර”න්ති.
5. රජතුමනි, මෙසේ නුවණැත්තා සැහැසි නො වී ගම්-නියම්ගම්හි ධනය රැස කරන්නේ, ධර්මයට අනුව කටයුතු කරමින්, ධර්මය පිළිපදිමින්, අනුන් නො වෙහෙසා අභිවෘද්ධිය සිදු කරන්නේය.
තත්ථ ඛරත්තචන්ති ථද්ධතචං. බෙල්ලන්ති මාතුලුඞ්ගං. ‘බෙල”න්තිපි පාඨො, අයමෙවත්ථො. සත්ථවාති සත්ථකහත්ථො. අනාමසන්තොති බහිතචං තනුකම්පි අතච්ඡන්තො ඉදං ඵලං තිත්තකං කරොති. සමාහරන්ති සමාහරන්තො බහිතචං තච්ඡන්තො අන්තො ච අම්බිලං අනීහරන්තො තං සාදුං කරොති. පත්ථිවාති රාජානං ආලපති. තනුබන්ධමුද්ධරන්ති තනුකං පන තචං උද්ධරන්තො සබ්බසො තිත්තකස්ස අනපනීතත්තා තං අසාදුමෙව කයිරා. එවන්ති එවං පණ්ඩිතො රාජාපි අසාහසං සාහසියා තණ්හාය වසං අගච්ඡන්තො අගතිගමනං පහාය රට්ඨං අපීළෙත්වා උපචිකානං වම්මිකවඩ්ඪනනියාමෙන මධුකරානං රෙණුං ගහෙත්වා මධුකරණනියාමෙන ච ධනං සඞ්ඝරන්තො –
මෙහි ‘ඛරත්තංචං’ යනු ‘තද ලෙල්ල යි’. ‘මෙල්ලං’ යනු ‘නාරං’ය. ‘බෙල්ලං’ යනු ද පාඨයකි. අර්ථය එය ම වේ. ‘සත්ථවා’ යනු ‘ආයුධ ගත් අත් ඇත්තා’ ය. ‘අනාමසන්තො’ යනු ‘පිට ලෙල්ල සියුම් ලෙස ඉවත් නො කරන්නා නාරං ගෙඩිය තිත්ත රස කරයි’ යන අර්ථයි.’ ‘සමාහරං’ යනු එය මැනවින් සකස් කරන්නා පිට ලෙල්ල ඉවත්කොට ඇතුළත ඇඹුල්, පිට නොවැගිරෙන පරිද්දෙන් එය මැනවින් කරයි’ යන අර්ථයි. ‘පත්ථිවා’ යනුවෙන් රජුට අමතයි. ‘තනුවට්ටමුද්ධරං’ යනු ‘සියුම් කොටස් පවා ඉවත් කරන්නා මුළුමනින් තිත්ත රස බැහැර නොකළ බැවින්, එය අමිහිරි දෙයක් බවට පත් කරන්නේය’ යන අර්ථයි. ‘එවං’ යනු ‘මෙසේ පණ්ඩිත වූ රජතුමා ද සැහැසි නොවී, තණ්හාවේ වසඟයට නො ගොස්, අගතිගාමි නොවී, රට නො පෙළා, වේයන්ගේ තුඹසක් වැඩෙන අයුරින්, මීමැස්සන් රොන් ගෙන ගොස්, මීවදයක් සාදන නියායෙන් ධනය රැස් කරන්නේය’ යන අර්ථයි.
“දානං සීලං පරිච්චාගං, අජ්ජවං මද්දවං තපං; අක්කොධං අවිහිංසඤ්ච, ඛන්තිඤ්ච අවිරොධන”න්ති. –
6. දානය - ශීලය - පරිත්‍යාගය - සෘජු බව - මෘදු බව - තපස - අක්‍රෝධය - අවිහිංසාව - ඉවසීම - අවිරෝධතා යනු (දසරාජ ධර්ම) යි.
ඉති ඉමෙසං දසන්නං රාජධම්මානං අනුවත්තනෙන ධම්මානුවත්තී හුත්වා පටිපජ්ජමානො සො අත්තනො ච පරෙසඤ්ච ඵාතිං වඩ්ඪිං කරෙය්ය පරං අවිහෙඨෙන්තොයෙවාති.
මේ දසරාජ ධර්මයන්ට අනුව පවතිමින් ධර්‍මානුවර්තී ව එය පිළිපදිමින් ඒ රජතුමා තමන්ගේ ද අනුන්ගේ ද අභිවෘද්ධිය, දියුණුව ඇති කරන්නේය. අනුන් වෙහෙසට පත් නො කරන්නේය.
රාජා බොධිසත්තෙන සද්ධිං මන්තෙන්තො පොක්ඛරණීතීරං ගන්ත්වා සුපුප්ඵිතං බාලසූරියවණ්ණං උදකෙන අනුපලිත්තං පදුමං දිස්වා ආහ – “සහාය, ඉමං පදුමං උදකෙ සඤ්ජාතමෙව උදකෙන අලිම්පමානං ඨිත”න්ති. අථ නං බොධිසත්තො “මහාරාජ, රඤ්ඤා නාම එවරූපෙන භවිතබ්බ”න්ති ඔවදන්තො ඉමා ගාථා ආහ –
අනතුරුව බෝසතුන් සමග කථා කරමින් ම, මඟුල් පොකුණේ ඉවුරට ගිය රජතුමා එහි, ලා හිරු පැහැයෙන් යුතු, ජලයෙන් උඩට විත් දියේ නො ගැවී තිබුණු, එක් පිපුණු පියුමක් දැක ‘මිත්‍රය, මේ පියුම ජලයෙහි ම හටගත්තකි. එහෙත් එය දියෙහි නොගෑවී පවතී යැ’යි බෝසතුන්ට කීය. ‘මහරජතුමනි, රජකු විසින් ද එබඳු ම විය යුතු යැ’යි, කී බෝසත් තෙමේ රජුට අවවාද වශයෙන් මෙසේ පැවසීය.
“ඔදාතමූලං සුචිවාරිසම්භවං, ජාතං යථා පොක්ඛරණීසු අම්බුජං; පදුමං යථා අග්ගිනිකාසිඵාලිමං, න කද්දමො න රජො න වාරි ලිම්පති.
7. මෙසේම පිරිසිදු ව්‍යවහාර ඇති, සැහැසි ක්‍රියාවලින් තොර, පිරිසිදු කර්මාන්ත ඇති, පවින් වැළකුණු එබඳු පුද්ගලයා, පොකුණුවල හටගත් පියුමක් දියෙහි නොගෑවෙන්නාක් මෙන්, කර්ම-ක්ලේශයන්හි නොගෑවේ.
“එවම්පි වොහාරසුචිං අසාහසං, විසුද්ධකම්මන්තමපෙතපාපකං; න ලිම්පති කම්මකිලෙස තාදිසො, ජාතං යථා පොක්ඛරණීසු අම්බුජ”න්ති.
තත්ථ ඔදාතමූලන්ති පණ්ඩරමූලං. අම්බුජන්ති පදුමස්සෙව වෙවචනං. අග්ගිනිකාසිඵාලිමන්ති අග්ගිනිකාසිනා සූරියෙන ඵාලිතං විකසිතන්ති අත්ථො. න කද්දමො න රජො න වාරි ලිම්පතීති නෙව කද්දමො න රජො න උදකං ලිම්පති, න මක්ඛෙතීති අත්ථො. “ලිප්පති”ච්චෙව වා පාඨො, භුම්මත්ථෙ වා එතානි පච්චත්තවචනානි, එතෙසු කද්දමාදීසු න ලිප්පති, න අල්ලීයතීති අත්ථො. වොහාරසුචින්ති පොරාණකෙහි ධම්මිකරාජූහි ලිඛාපෙත්වා ඨපිතවිනිච්ඡයවොහාරෙ සුචිං, අගතිගමනං පහාය ධම්මෙන විනිච්ඡයකාරකන්ති අත්ථො. අසාහසන්ති ධම්මිකවිනිච්ඡයෙ ඨිතත්තායෙව සාහසිකකිරියාය විරහිතං. විසුද්ධකම්මන්තන්ති තෙනෙව අසාහසිකට්ඨෙන විසුද්ධකම්මන්තං සච්චවාදිං නික්කොධං මජ්ඣත්තං තුලාභූතං ලොකස්ස. අපෙතපාපකන්ති අපගතපාපකම්මං. න ලිම්පති කම්මකිලෙස තාදිසොති තං රාජානං පාණාතිපාතො අදින්නාදානං කාමෙසුමිච්ඡාචාරො මුසාවාදොති අයං කම්මකිලෙසො න අල්ලීයති. කිංකාරණා? තාදිසො ජාතං යථා පොක්ඛරණීසු අම්බුජං. තාදිසො හි රාජා යථා පොක්ඛරණීසු ජාතං පදුමං අනුපලිත්තං, එවං අනුපලිත්තො නාම හොති.
මෙහි ‘ඕදාතමලං’ යනු ‘සුදු පැහැති අල ඇති’ යන අර්ථයි. ‘අම්බුජං’ යනු ‘පියුමටම කියන තවත් නමකි. ‘අග්ගිනිකාසිඵාලිමං’ යනු ‘ගිනි වැනි සූර්යයා කරණ කොටගෙන පිපෙන, විකසිත වන’ යන අර්ථයි. ‘න කද්දමො න රජො න වාරි ලිම්පති’ යනු ‘මඩ ද, දූවිලි ද, ජලය ද නො ගෑවේ, නො තැවරේ’ යන අර්ථයි. ‘ලෙපති’ යනු ද පාඨයකි. මේ ප්‍රථමා විභක්ත්‍යන්ත පද විටෙක සත්තමී විභක්තියෙහි යෙදේ. ඒ අනුව (පියුම) ඒ මඩ ආදියෙහි නොගෑවේ, නො ඇලේ’ යන අර්ථයි. ‘වොහාර-සුචිං’ යනු පැරණි දැහැමි රජුන් විසින් ලියවා තබන ලද විනිශ්චය ක්රමයෙහි, පිරිසිදුව අගතිගාමී නොවී දැහැමිව විනිශ්චය කරන ලද’ යන අර්ථයි. ‘අසාහසං’ යනු ‘දැහැමි විනිශ්චයෙහි පිහිටා සිටි බැවින් සැහැසි ක්‍රියා රහිත’ යන අර්ථයි. ‘විසුද්ධකම්මන්තං’ යනු ‘ඒ සැහැසි ක්‍රියා නැති බව නිසා ම, පිරිසිදු කටයුතු ඇති, සත්‍යවාදී වූ, ක්‍රෝධ රහිත වූ, ලෝකයාට මධ්‍යස්ථව, තුලාවක් මෙන් වූ’ යන අර්ථයි. ‘අපෙතපාපකං’ යනු ‘පවින් ඉවත් වූ’ යන අර්ථයි. ‘න ලිම්පති කම්මකිලෙසතාදිසො’ යනු ‘ප්‍රාණඝාතය, අදත්තාදානය, මිථ්‍යාචාරය, මුසාවාදය යන මේ කර්ම ක්ලේශයෝ රජු කෙරෙහි නො ඇලෙති. මක් නිසා ද යත්? එවැනි රජතුමා පොකුණුවල හටගත් පියුම දියෙහි නොඇලී පවතින්නාක් මෙන්, කෙලෙසුන් කෙරෙන් නොඇලෙන බැවිනි’ යන අර්ථයි.
රාජා බොධිසත්තස්ස ඔවාදං සුත්වා තතො පට්ඨාය ධම්මෙන රජ්ජං කාරෙන්තො දානාදීනි පුඤ්ඤානි කත්වා සග්ගපරායණො අහොසි.
රජතුමා මෙසේ බෝධිසත්ත්වයන්ගේ අවවාද අසා, එතැන් පටන් දැහැමින් රාජ්‍යය විචාරමින්, දානාදී විවිධ පින්කම් කරමින් ජීවත්ව සිට, පසුව මියගොස් දෙව්ලොව උපන්නේය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා ජාතකං සමොධානෙසි – “තදා රාජා ආනන්දො අහොසි, පණ්ඩිතාමච්චො පන අහමෙව අහොසි”න්ති.
බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා සත්‍යය ප්‍රකාශකොට, ජාතකය නිමවා වදාළ සේක. එදා රජතුමා නම්, ආනන්ද තෙරණුවෝය. පණ්ඩිත වූ ඇමතිවරයා නම්, ‘මම ම යැ’යි බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ දක්වා වදාළ සේක.
කුක්කුජාතකවණ්ණනා පඨමා.