10. පාරාවතජාතකවණ‍්ණනා 395 අට‍්ඨකථා
10. පාරාවතජාතකවණ‍්ණනා (395)
10. කාක ජාතකය (395)
චිරස‍්සං වත පස‍්සාමීති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො ලොලභික‍්ඛුංයෙව ආරබ‍්භ කථෙසි. පච‍්චුප‍්පන‍්නවත්‍ථු හෙට‍්ඨා වුත‍්තනයමෙව.
‘චිරස්සං වත පස්සාම’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවාසය කරන සේක්, එක්තරා ලෝක භික්‍ෂුවක අරබයා වදාළ සේක. මෙහි වර්තමාන කථාව මීට ඉහත ‘වට්ටක’ ජාතකයේදී විස්තර කරන ලද කථාවට සමානය. ඊට අයත් අතීත කථාව මෙසේය.
අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො පාරාවතො හුත්‍වා බාරාණසිසෙට‍්ඨිනො මහානසෙ නීළපච‍්ඡියං වසති. කාකොපි තෙන සද‍්ධිං විස‍්සාසං කත්‍වා තත්‍ථෙව වසතීති සබ‍්බං විත්‍ථාරෙතබ‍්බං. භත‍්තකාරකො කාකපත‍්තානි ලුඤ‍්චිත්‍වා පිට‍්ඨෙන තං මක‍්ඛෙත්‍වා එකං කපාලඛණ‍්ඩං විජ‍්ඣිත්‍වා කණ‍්ඨෙ පිළන්‍ධිත්‍වා පච‍්ඡියං පක‍්ඛිපි. බොධිසත‍්තො අරඤ‍්ඤතො ආගන‍්ත්‍වා තං දිස‍්වා පරිහාසං කරොන‍්තො පඨමං ගාථමාහ –
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, අප බෝසත් තෙමේ පරෙවි කුලයේ ඉපිද, බරණැස් සිටුතුමාගේ මුළුතැන්ගෙයි, වෙසෙසින් සාදන ලද කූඩුවක වාසය කරයි. කපුටෙක් ද එහි පැමිණ බෝසත් පරෙවියා සමග මිතුරු වී එහිම, කල් ගෙවන්නට පටන් ගත්තේය. මේ හා සමාන ම විස්තරයක් එනම්, කපුටකු හා පරෙවියකු අතරේ පැවති මිතුරුකමක් ගැන මීට ඉහත දක්වන ලද ‘කපෝත’ ජාතකයෙහිදී විස්තර කරන ලදි. ඊට අනුව සියලු විස්තර තේරුම් ගත යුතුය. එහිදී අරක්කැමියා කපුටාගේ පිහාටු ගලවා දමා, ඔහු විසින් සාදාගන්නා ලද ඖෂධ සංයෝගය, කපුටාගේ ඇඟ පුරා තවරා කෙළවරකින් සිදුරු කරන ලද සිප්පි කටුවක් කපුටාගේ බෙල්ලෙහි මාලයක් මෙන් පළඳා, නැවත ඌ හුන් කූඩුව තුළම තැබුවේය. බෝසත් තෙමේ මේ කිසිත් නොදැන වනයේ සිට සිය කූඩුව වෙත පැමිණ, සිය මිතුරු කපුටා දැක. ඌට විහිළු කරමින් මෙසේ කීය.
“චිරස‍්සං වත පස‍්සාමි, සහායං මණිධාරිනං; සුකතා මස‍්සුකුත‍්තියා, සොභතෙ වත මෙ සඛා”ති.
චිරස්සං වත පස්සාම - සහායං මණි ධාරිනං, සුගතාය මස්සු කුත්තියා - සොභතෙ වත මෙ සඛාති
ඒකාන්තයෙන්, බොහෝ කලෙකින් මැණිකක් පැළඳි මිතුරකු දුටුවෙමි. මගේ යාලුවා රැවුල බෑම නිසා, ඒකාන්තයෙන් ශෝභමානය.
තත්‍ථ මස‍්සුකුත‍්තියාති ඉමාය මස‍්සුකිරියාය.
මෙහි ‘මස්සුකුත්තිය’ යනු ‘මේ රැවුල කැපීමේ ක්‍රියාව නිසා’ යන අර්ථයි.
තං සුත්‍වා කාකො දුතියං ගාථමාහ –
ඒ අසා සිටි කපුටා පරෙවියාට පිළිතුරු දෙමින්, මෙසේ පැවසීය.
“පරූළ‍්හකච‍්ඡනඛලොමො, අහං කම‍්මෙසු බ්‍යාවටො; චිරස‍්සං න‍්හාපිතං ලද‍්ධා, ලොමං තං අජ‍්ජ හාරයි”න‍්ති.
2. වැඩ කටයුතුවල නිරතව සිටි මම, වැඩුණු ලෝම-නිය ඇත්තේ වෙමි. හුඟ කලෙකින් කරණවෑමියකු හමු වී, ඒ ලෝම ආදිය ඉවත් කරවීමි.
තත්‍ථ අහං කම‍්මෙසු බ්‍යාවටොති අහං සම‍්ම පාරාවත, රාජකම‍්මෙසු බ්‍යාවටො ඔකාසං අලභන‍්තො පරූළ‍්හකච‍්ඡනඛලොමො අහොසින‍්ති වදති. අජ‍්ජ හාරයින‍්ති අජ‍්ජ හාරෙසිං.
මෙහි ‘අහං කම්මෙසු ව්‍යාවටො’ යනු ‘මම මේ රාජකාරිවල යෙදී සිටීම හේතුවෙන් ඉඩක් නොලද නිසා, වැඩුණු කිහිලි රෝම හා නිය ඇත්තේ වීමි’යි කියයි’ යන අර්ථයි.
තතො බොධිසත‍්තො තතියං ගාථමාහ –
නැවත බෝසත් පරෙවියා මෙසේ කීවේය.
“යං නු ලොමං අහාරෙසි, දුල‍්ලභං ලද‍්ධ කප‍්පකං; අථ කිඤ‍්චරහි තෙ සම‍්ම, කණ‍්ඨෙ කිණිකිණායතී”ති.
3. යම් හෙයකින් කරණවෑමියකු ඉතා කලාතුරකින් ලැබ, ලෝම බැහැර කරවූයෙහිය. තවද මිතුර, දැන් ඔබේ ගෙලෙහි කුමක් නම්, කිණි-කිණි ගායිද?
තස‍්සත්‍ථො – යං තාව දුල‍්ලභං කප‍්පකං ලභිත්‍වා ලොමං හරාපෙසි, තං හරාපය, අථ කිඤ‍්චරහි තෙ වයස‍්ස ඉදං කණ‍්ඨෙ කිණිකිණායතීති.
ඔබ බොහෝ කලෙකින් කපුවකු ලැබ, ලෝම ඉවත් කරවූවෙහිය. ලොම් බැහැර කරවූවෙහිය. තවද මිත්‍රය, දැන් ඔබේ ගෙලෙහි කුමක් නම් කිණි-කිණි ගායිද? යන අර්ථයි.
තතො කාකො ද‍්වෙ ගාථා අභාසි –
ඊට පිළිතුරු වශයෙන්, කපුටා මෙසේ උත්තර දුන්නේය.
“මනුස‍්සසුඛුමාලානං, මණි කණ‍්ඨෙසු ලම‍්බති; තෙසාහං අනුසික‍්ඛාමි, මා ත්‍වං මඤ‍්ඤි දවා කතං.
4. සියුමැලි මිනිසුන්ගේ ගෙලවල මැණික් එල්ලෙයි. ඔවුන්ට අනුව මම ද ක්‍රියා කළෙමි. නුඹ එය සෙල්ලමකට කළ දෙයක් ලෙස, නො සිතව.
“සචෙපිමං පිහයසි, මස‍්සුකුත‍්තිං සුකාරිතං; කාරයිස‍්සාමි තෙ සම‍්ම, මණිඤ‍්චාපි දදාමි තෙ”ති.
5. ඉදින් මාගේ මැනවින් කරන ලද රැවුල බෑම ඔබට ප්‍රිය නම්, සබඳ ඔබට ද එය කරවන්නෙමි. මැණිකක් ද ඔබට දෙමි.
තත්‍ථ මණීති එවරූපානං මනුස‍්සානං එකං මණිරතනං කණ‍්ඨෙසු ලම‍්බති. තෙසාහන‍්ති තෙසං අහං. මා ත්‍වං මඤ‍්ඤීති ත්‍වං පන “එතං මයා දවා කත”න‍්ති මා මඤ‍්ඤි. සචෙපිමං පිහයසීති සචෙ ඉමං මම කතං මස‍්සුකුත‍්තිං ත්‍වං ඉච‍්ඡසි.
මෙහි ‘මණි’ යනු ‘මිනිසුන්ගේ ගෙලවල මෙබඳු එක් මැණිකක් බැගින් එල්ලෙයි’ යන අර්ථයි. ‘තෙසාහං’ යනු ‘මම ඔවුන්ට’ යන අර්ථයි. ‘මා ත්‍වං මඤ්ඤි’ යනු ‘ඔබ වනාහි මා විසින් මෙය විහිළුවට කරන ලද්දකැ’යි නො සිතව’ යන අර්ථයි. ‘පියහසි’ යනු ඉදින් මාගේ මේ රැවුල බෑමේ ක්‍රියාවට ඔබ කැමති වෙහිද?’ යන අර්ථයි.
තං සුත්‍වා බොධිසත‍්තො ඡට‍්ඨං ගාථමාහ –
ඉන්පසු බෝසත් පරෙවියා අවසාන වශයෙන්, මෙසේ කීවේය.
“ත්‍වඤ‍්ඤෙව මණිනා ඡන‍්නො, සුකතාය ච මස‍්සුයා; ආමන‍්ත ඛො තං ගච‍්ඡාමි, පියං මෙ තවදස‍්සන”න‍්ති.
6. මැණිකට සුදුස්සා ඔබ ම ය. මනා වූ රැවුල බෑමට ද ඔබ ම සුදුසුය. ඔබේ දර්ශනය ද, මට ප්‍රියය. ඔබ හා කථාකොට මම යන්න යමි.
තත්‍ථ මණිනාති මණිනො, අයමෙව වා පාඨො. ඉදං වුත‍්තං හොති – සම‍්ම වායස, ත්‍වඤ‍්ඤෙව ඉමස‍්ස මණිනො අනුච‍්ඡවිකො ඉමිස‍්සා ච සුකතාය මස‍්සුයා , මම පන තව අදස‍්සනමෙව පියං, තස‍්මා තං ආමන‍්තයිත්‍වා ගච‍්ඡාමීති.
මෙහි ‘මණිනා’ යනු ‘මැණිකට’ යන අර්ථයි. මෙහි ‘මණිනො’ යන මේ පදය ම නිවැරදි පාඨය විය හැකිය. මින් කියන ලද්දේ මේ අර්ථය යි. එනම් ‘සබඳ, කවුඩුව, මේ මැණිකට සුදුස්සා ඔබමය. මෙලෙස රැවුල කැපීමට ද ඔබ සුදුසුය. මට වනාහි ඔබේ නොදැක්ම ම පියය. එබැවින් ඔබ අමතා මම යමි’ යන අර්ථයි.
එවඤ‍්ච පන වත්‍වා බොධිසත‍්තො උප‍්පතිත්‍වා අඤ‍්ඤත්‍ථ ගතො. කාකො තත්‍ථෙව ජීවිතක‍්ඛයං පත‍්තො.
බෝසත් පරෙවියා මෙසේ කියා අහසට පැන, අන් තැනක් බලා පියඹා ගියේය. කපුටා වනාහි ටික වේලාවකට පසු, එතැන ම ජීවිතක්‍ෂයට පත්විය.
සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා සච‍්චානි පකාසෙත්‍වා ජාතකං සමොධානෙසි, සච‍්චපරියොසානෙ ලොලභික‍්ඛු අනාගාමිඵලෙ පතිට‍්ඨහි. තදා කාකො ලොලභික‍්ඛු අහොසි, පාරාවතො පන අහමෙව අහොසින‍්ති.
බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව මෙසේ ගෙනහැර දක්වා සත්‍යය ප්‍රකාශකොට ජාතකය නිමවා වදාළ සේක. දේශනාව අවසානයේ දී ඉහත කී ලෝල භික්‍ෂුව අනාගාමි ඵලයෙහි පිහිටියේය. එදා කපුටා නම් මෙකී ලෝල භික්‍ෂුවය. පරෙවියා වූ කලී, ‘මම ම යැ’යි බුදුරජාණන් වහන්සේ, තමන් වහන්සේ දක්වා වදාළ සේක.
පාරාවතජාතකවණ‍්ණනා දසමා.
ඛරපුත‍්තවග‍්ගො දුතියො නිට‍්ඨිතො.
දෙවෙනි සේනක වර්ගය යි.
ජාතකුද‍්දානං –
අවාරියං සෙතකෙතු, දරීමුඛඤ‍්ච නෙරු ච; ආසඞ‍්කමිගාලොපඤ‍්ච, කාළකණ‍්ණී ච කුක‍්කුටං.
ධම‍්මධජඤ‍්ච නන්‍දියං, ඛරපුත‍්තං සූචි චෙව; තුණ‍්ඩිලං සොණ‍්ණකක‍්කටං, මය‍්හකං විජ‍්ජාධරඤ‍්චෙව.
සිඞ‍්ඝපුප‍්ඵං විඝාසාදං, වට‍්ටකඤ‍්ච පාරාවතං; සඞ‍්ගායිංසු මහාථෙරා, ඡක‍්කෙ වීසති ජාතකෙ.
ඡක‍්කනිපාතවණ‍්ණනා නිට‍්ඨිතා.
ඡක්ක නිපාත වර්ණනාව නිමියේය.