9. වට‍්ටකජාතකවණ‍්ණනා 394 අට‍්ඨකථා
9. වට‍්ටකජාතකවණ‍්ණනා (394)
9. වට්ටක ජාතකය (394)
පණීතන‍්ති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො එකං ලොලභික‍්ඛුං ආරබ‍්භ කථෙසි. තඤ‍්හි සත්‍ථා “සච‍්චං කිර ත්‍වං භික‍්ඛු ලොලො”ති පුච‍්ඡිත්‍වා “ආම, භන‍්තෙ”ති වුත‍්තෙ “න ඛො භික‍්ඛු ඉදානෙව ලොලො, පුබ‍්බෙපි ත්‍වං ලොලොයෙව, ලොලතාය පන බාරාණසියං හත්‍ථිගවාස‍්සපුරිසකුණපෙහි අතිත‍්තො ‘ඉතො උත‍්තරිතරං ලභිස‍්සාමී’ති අරඤ‍්ඤං පවිට‍්ඨොසී”ති වත්‍වා අතීතං ආහරි.
‘පණිතං’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවසන සේක්, එක් ලෝල භික්‍ෂුවක අරබයා වදාළ සේක. ඒ භික්‍ෂුව තමන් වහන්සේ වෙත කැඳවූ, බුදුරජාණන් වහන්සේ ‘මහණ, ඔබ ලෝල භික්‍ෂුවක්ය, යනු සැබෑ දැ’යි විමසූ සේක. ‘ස්වාමීනි, එය එසේ යැ’යි, ඒ භික්‍ෂුව පිළිගත්තේය. ‘මහණ, ඔබ මෙසේ ලොල් වූයේ දැන් පමණක් නොවේ. පෙර ද බරණැස් නුවර ඉපදී ඇතුන්-අසුන්-ගවයන්-මිනිසුන් යන මේ සත්ත්වයන්ගේ කුණපවලින් තෘප්තියට පත් නොවී, ඊටත් වඩා වැඩිමනත් දේ ලැබීම සඳහා, වනයට පිවිසියේදැ’යි වදාළ බුදුරජාණන් වහන්සේ, මේ අතීත කථා පුවත මෙසේ දේශනා කළ සේක.
අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො වට‍්ටකයොනියං නිබ‍්බත‍්තිත්‍වා අරඤ‍්ඤෙ ලූඛතිණබීජාහාරො වසි. තදා බාරාණසියං එකො ලොලකාකො හත්‍ථිකුණපාදීහි අතිත‍්තො “ඉතො උත‍්තරිතරං ලභිස‍්සාමී”ති අරඤ‍්ඤං පවිසිත්‍වා ඵලාඵලං ඛාදන‍්තො බොධිසත‍්තං දිස‍්වා “අයං වට‍්ටකො අතිවිය ථූලසරීරො, මධුරං ගොචරං ඛාදති මඤ‍්ඤෙ, එතස‍්ස ගොචරං පුච‍්ඡිත්‍වා තං ඛාදිත්‍වා අහම‍්පි ථූලො භවිස‍්සාමී”ති චින‍්තෙත්‍වා බොධිසත‍්තස‍්ස උපරිභාගෙ සාඛාය නිලීයිත්‍වා බොධිසත‍්තං පුච‍්ඡි “භො වට‍්ටක, කිං නාම පණීතාහාරං භුඤ‍්ජසි, ථූලසරීරො අහොසී”ති? බොධිසත‍්තො තෙන පුච‍්ඡිතො තෙන සද‍්ධිං පටිසන්‍ථාරං කරොන‍්තො පඨමං ගාථමාහ –
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, අප බෝසත් තෙමේ වටු ජාතියෙහි ඉපිද කැලෑ ප්‍රදේශයක රළු තණකොළ ඇට ආහාරයට ගනිමින් ජීවත් විය. එකල බරණැස් නුවර විසු, එක් කෑදර කපුටෙක් ඇත් කුණප ආදියෙන් සෑහීමකට පත් නොවී, මීට වඩා වැඩිමනත් යමක් ලබන්නෙමි’යි සිතා මහ වනයට පිවිස පලවැල ආදිය කමින්, ඒ මේ අත ඇවිද යනවිට බෝසතුන් දැක, ‘මේ වටුවා විශාල සිරුරක් ඇත්තෙකි. එකත් එකටම මූ මිහිරි ආහාර වර්ග කනවා විය යුතුය. එබැවින් මුගෙන් ඒ ගැන අසා, ඒවා ම ආහාරයට ගෙන මම ද ඇඟ හදා ගන්නෙමි’යි, සිතා බෝසතුන් වසා සිටි අත්තට, උඩින් පිහිටි අත්තෙහි වසා, බෝසතුන් අමතා ‘පින්වත් වටුවාණෙනි, කුමන ප්‍රණීත වූ ආහාරයක් ඔබ අනුභව කරහිද? කෙසේ නම් සිරුර මහත් කොට ගත්තෙහිදැ’යි, විචාළේය. ඊට පිළිතුරු දෙමින්, කපුටා සමග පිළිසඳර කථාවක ලීලාවෙන් බෝසත් වටුවා මෙසේ කීවේය.
“පණීතං භුඤ්ජසෙ භත‍්තං, සප‍්පිතෙලඤ‍්ච මාතුල; අථ කෙන නු වණ‍්ණෙන, කිසො ත්‍වමසි වායසා”ති.
පණීතං භුඤ්ජසෙ භත්තං - සප්පි තෙලඤ්ච මාතුල, අථ කෙන නුවණ්ණෙන - කිංසා තිමසි වායසාති
කපුටු මාමේ, ඔබ බත්-ගිතෙල්-තෙල් ආදී වූ ප්‍රණීත ආහාර අනුභව කරහිය. එහෙත් කුමන හේතුවකින් කෙට්ටු වෙහිද?
තත්‍ථ භත‍්තන‍්ති මනුස‍්සානං භොජනනියාමෙන පටියාදිතභත‍්තං. මාතුලාති තං පියසමුදාචාරෙන ආලපති. කිසොති අප‍්පමංසලොහිතො.
මෙහි ‘භත්තං’ යනු ‘මිනිසුන්ගේ බොජුන් සඳහා පිළියෙල කරන ලද බත්, යන අර්ථයි. ‘මාතුල’ යනුවෙන් ‘ප්‍රිය උපදවන ආකාරයට අමතයි’ යන අර්ථයි. ‘කිසො’ යනු ‘මස් ලේ අඩු’ යන අර්ථයි.
තස‍්ස වචනං සුත්‍වා කාකො තිස‍්සො ගාථා අභාසි –
ඔහුගේ වචන ඇසූ කපුටා, මෙසේ පැවසීය.
“අමිත‍්තමජ‍්ඣෙ වසතො, තෙසු ආමිසමෙසතො; නිච‍්චං උබ‍්බිග‍්ගහදයස‍්ස, කුතො කාකස‍්ස දළ‍්හියං.
2. සතුරන් මැද වසන, ඔවුන් අතුරෙහි කෑම සොයන, නිතර කලකිරීමෙන් යුතු හදවතක් ඇති, කපුටාට පුෂ්ටිමත් බවක් කොයින්ද?
“නිච‍්චං උබ‍්බෙගිනො කාකා, ධඞ‍්කා පාපෙන කම්මුනා; ලද‍්ධො පිණ‍්ඩො න පීණෙති, කිසො තෙනස‍්මි වට‍්ටක.
3. ‘ධංක’ නම් වූ කපුටෝ, නිතර බියෙන් පසුවෙති. පව්කමින් ලබන ලද ආහාර, නො පිනවයි. වටුව, ඒකාන්තයෙන් ඒ නිසා මම කෙට්ටු වෙමි.
“ලූඛානි තිණබීජානි, අප‍්පස‍්නෙහානි භුඤ‍්ජසි; අථ කෙන නු වණ‍්ණෙන, ථූලො ත්‍වමසි වට‍්ටකා”ති.
4. වටුව, ඔබ රළු වූ ද, තෙල් අඩු තෘණ බීජ අනුභව කෙරෙහි. එසේ වුවත් ඔබ කවර කරුණක් නිසා, මහත් වෙහිද?
තත්‍ථ දළ‍්හියන‍්ති එවරූපස‍්ස මය‍්හං කාකස‍්ස කුතො දළ‍්හීභාවො, කුතො ථූලන‍්ති අත්‍ථො. උබ‍්බෙගිනොති උබ‍්බෙගවන‍්තො. ධඞ‍්කාති කාකානමෙව නාමං. පාපෙන කම‍්මුනා ලද‍්ධොති කාකෙන මනුස‍්සසන‍්තකවිලුම‍්පනසඞ‍්ඛාතෙන පාපෙන කම‍්මෙන ලද‍්ධො පිණ‍්ඩො. න පීණෙතීති න තප‍්පෙති. තෙනස‍්මීති තෙන කාරණෙනාහං කිසො අස‍්මි. අප‍්පස‍්නෙහානීති මන්‍දොජානි. ඉදං කාකො බොධිසත‍්තං “පණීතභොජනං ඛාදතී”ති සඤ‍්ඤී හුත්‍වාපි වට‍්ටකානං ගහිතගොචරං පුච‍්ඡන‍්තො ආහ.
මෙහි ‘දළ්හියං’ යනු ‘මෙබඳු ස්වරූප ඇති කපුටකු වන මගේ මහත් බවක්, පුෂ්ටිමත් බවක් කොයින්ද?’ යන අර්ථයි. ‘උබ්බෙධිනො’ යනු ‘බියෙන් පසුවන’ යන අර්ථයි. ‘ධංක’ යනු ‘කපුටන් සඳහා කියන නමකි. ‘පාපෙන කම්මුනා ලද්ධො’ යනු කාක්කකු විසින් මිනිසුන්ට අයත් දෑ පැහැර ගැනීම් වශයෙන් වූ, පව්කමින් ලබන ලද ආහාර’ යන අර්ථයි. ‘න පිණෙති’ යනු ‘සන්තර්පණය නොකෙරේ’ යන අර්ථයි. ‘තෙනස්මි’ යනු ‘ඒ කාරණය නිසා මම කෙට්ටු වෙමි’ යන අර්ථයි. ‘අප්පස්නෙහානි’ යනු ‘ඕජෝ ගුණය අඩු’, යන අර්ථයි. කපුටා බෝසතුන් ප්‍රණීත භෝජන කනු ඇතැයි යන හැඟීමෙන්, වටුවන්ට ස්වභාවයෙන් ලැබෙන ගොදුරු ගැන සලකා ගෙන එසේ කීවේය.
තං සුත්‍වා බොධිසත‍්තො අත‍්තනො ථූලභාවකාරණං කථෙන‍්තො ඉමා ගාථා අභාසි –
ඒ අසා බෝසත් තෙමේ, තමාගේ මතහ්වීමට හේතුව පැහැදිලි කරමින් මෙසේ කීවේය.
“අප‍්පිච‍්ඡා අප‍්පචින‍්තාය, අදූරගමනෙන ච; ලද‍්ධාලද‍්ධෙන යාපෙන‍්තො, ථූලො තෙනස‍්මි වායස.
5. අල්පේච්ඡතාව නිසා ද, ලොකු ලොකු සිතිවිලි නැති බැවින් ද, වැඩිදුර ගමන් නැති නිසාද, ලද දෙයින් යැපෙමින් වසමි. කපුට, මා මහත් වූයේ එබැවිනි.
“අප‍්පිච‍්ඡස‍්ස හි පොසස‍්ස, අප‍්පචින‍්තසුඛස‍්ස ච; සුසඞ‍්ගහිතමානස‍්ස, වුත‍්තී සුසමුදානයා”ති.
6. අල්පේච්ඡ වූ, සැප ගැන ලොකුවට නො සිතන, පමණ දැන ආහාර ගන්නා තැනැත්තාගේ ජීවිත පැවැත්ම, මැනවින් පවත්වාගෙන යා හැකිය.
තත්‍ථ අප‍්පිච‍්ඡාති ආහාරෙසු අප‍්පිච‍්ඡතාය නිත‍්තණ‍්හතාය, කෙවලං සරීරයාපනවසෙනෙව ආහාරාහරණතායාති අත්‍ථො. අප‍්පචින‍්තායාති “අජ‍්ජ කහං ආහාරං ලභිස‍්සාමි, ස‍්වෙ කහ”න‍්ති එවං ආහාරචින‍්තාය අභාවෙන. අදූරගමනෙන චාති “අසුකස‍්මිං නාම ඨානෙ මධුරං ලභිස‍්සාමී”ති චින‍්තෙත්‍වා අවිදූරගමනෙන ච. ලද‍්ධාලද‍්ධෙනාති ලූඛං වා හොතු පණීතං වා, යං ලද‍්ධං, තෙනෙව. ථූලො තෙනස‍්මීති තෙන චතුබ‍්බිධෙන කාරණෙන ථූලො අස‍්මි. වායසාති කාකං ආලපති. අප‍්පචින‍්තසුඛස‍්සාති ආහාරචින‍්තාරහිතානං අප‍්පචින‍්තානමරියානං සුඛං අස‍්සත්‍ථීති අප‍්පචින‍්තසුඛො, තස‍්ස තාදිසෙන සුඛෙන සමන‍්නාගතස‍්ස. සුසඞ‍්ගහිතමානස‍්සාති “එත‍්තකං භුඤ‍්ජිත්‍වා ජීරාපෙතුං සක‍්ඛිස‍්සාමී”ති එවං සුට‍්ඨු සඞ‍්ගහිතාහාරමානස‍්ස. වුත‍්තී සුසමුදානයාති එවරූපස‍්ස පුග‍්ගලස‍්ස ජීවිතවුත‍්ති සුඛෙන සක‍්කා සමුදානෙතුං සුසමුදානයා සුනිබ‍්බත‍්තියා.
මෙහි ‘අප්පිච්ඡා’ යනු ‘ආහාරයෙහි අල්පේච්ඡතා ඇති බැවින්ද, ආශා නැති බැවින්ද, හුදෙක් ශරීරයේ පැවැත්ම සඳහා ම ආහාර ගන්නා බවය’ යන අර්ථයි. ‘අප්පචින්තාය’ යනු ‘අද කොහෙන් ආහාර ලබන්නෙම්ද? හෙට කොහෙන් දැයි මෙසේ ආහාර ගැන සිතිවිල්ලක් නැති බැවින්’ යන අර්ථයි. ‘අවිදූර ගමණෙන ච’ යනු ‘අසවල් තැන මිහිරි ආහාර ඇතැ’යි සිතා ඒ වෙනුවෙන් දුර ගමන් නොයන’, යන අර්ථයි. ‘ලද්ධා ලද්ධෙන’ යනු ‘රළු හෝ වේවා, ප්‍රණීත හෝ වේවා යමක් ලැබුණි නම් එයින් ම යැපෙන’ යන අර්ථයි. ‘ථූලො තෙනස්මි’ යනු ‘ඒ කාරණා සතර නිසා තර වූයෙමි’ යන අර්ථයි. ‘වායස’ යනු ‘එනමින් කපුටා අමතයි’ යන අර්ථයි. ‘අප්පචින්ති සුඛස්ස’ යනු ‘ආහාර ගැන සිතිවිලි නැති, අල්ප වූ අදහස්, ‘උතුමන්ගේ සැපය මොහුට ඇතැ’යි යන අර්ථයෙන් ‘අප්පචින්තී සුඛ’ නම් වේ. එවැනි සැපයෙන් යුතු ඒ පුද්ගලයාගේ’ යන අර්ථයි. ‘සුසංගහිත පමාණස්ස’ යනු ‘මෙපමණක් අනුභවකොට දිරවා ගන්නට හැකි වන්නෙමැ’යි මැනවින් ප්‍රමාණවත් කොට ආහාර ගන්නා පුද්ගලයාට’ යන අර්ථයි. ‘වුත්තී සුසමුදානියා’ යනු ‘එබඳු පුද්ගලයාගේ ජීවිත පැවැත්ම සැපසේ පවත්වා ගෙන යන්නට, මැනවින් පාලනය කරගන්නට හැකිය’ යන අර්ථයි.
සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා සච‍්චානි පකාසෙත්‍වා ජාතකං සමොධානෙසි, සච‍්චපරියොසානෙ ලොලභික‍්ඛු සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨහි.
බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා, සත්‍යය ප්‍රකාශකොට ජාතකය නිමවා වදාළ සේක. දේශනාව අවසානයේදී ඉහත කී ලෝක භික්‍ෂුව සෝවාන් ඵලයෙහි පිහිටියේය.
තදා කාකො ලොලභික‍්ඛු අහොසි, වට‍්ටකො පන අහමෙව අහොසින‍්ති.
එදා කපුටා නම්, මේ ලෝල භික්‍ෂුවය. වටුවා වූ කලී ‘මම ම යැ’යි බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ දක්වා වදාළ සේක.
වට‍්ටකජාතකවණ‍්ණනා නවමා.