යෙදුමෙන් කියවන්න

8. විඝාසාදජාතකවණ‍්ණනා 393 අට‍්ඨකථා

8. විඝාසාදජාතකවණ‍්ණනා (393)

8. විඝාස ජාතකය (393)

සුසුඛං වත ජීවන‍්තීති ඉදං සත්‍ථා පුබ‍්බාරාමෙ විහරන‍්තො කෙළිසීලකෙ භික‍්ඛූ ආරබ‍්භ කථෙසි. තෙසු හි මහාමොග‍්ගල‍්ලානත්‍ථෙරෙන පාසාදං කම‍්පෙත්‍වා සංවෙජිතෙසු ධම‍්මසභායං භික‍්ඛූ තෙසං අගුණං කථෙන‍්තා නිසීදිංසු. සත්‍ථා ආගන‍්ත්‍වා “කාය නුත්‍ථ, භික‍්ඛවෙ, එතරහි කථාය සන‍්නිසින‍්නා”ති පුච‍්ඡිත්‍වා “ඉමාය නාමා”ති වුත‍්තෙ “න, භික‍්ඛවෙ, ඉදානෙව, පුබ‍්බෙපෙතෙ කෙළිසීලකායෙවා”ති වත්‍වා අතීතං ආහරි.

‘සුසුඛං වත ජීවන්ති’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථාව බුදුරජාණන් වහන්සේ පූර්වාරාමයේ වැඩවෙසෙන සේක්, කෙළිලොල් භික්‍ෂු පිරිසක් අරබයා වදාළසේක. ඔවුන්ගේ එම හැසිරීමට ප්‍රතිචාර දැක්වූ මහ මුගලන් තෙරුන් වහන්සේ ඔවුන් විසූ පහය කම්පාකොට ඔවුන් සංවේගයට පත් කළහ. පසුදිනෙක දම්සභාවට රැස්වූ භික්‍ෂූහු ඉහත සඳහන් කළ කෙළිලොල් භික්‍ෂූන්ගේ නොහැදුණුකම් ගැන කථා කරමින් හුන්හ. එවිට එතැනට වැඩි බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් සාකච්ඡා කළ කරුණු ගැන, ඔවුන්ගෙන් ම අසා දැන, ‘මහණෙනි, ඔවුහු දැන් පමණක් නොව අතීතයේ දදී ද කෙළිලොල් වූවාහු ම යැ’යි, වදාරා මේ අතීත කථා ප්‍රවෘත්තිය දේශනා කළ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො සක‍්කො අහොසි. අථ අඤ‍්ඤතරස‍්මිං කාසිකගාමෙ සත‍්ත භාතරො කාමෙසු දොසං දිස‍්වා නික‍්ඛමිත්‍වා ඉසිපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා මජ‍්ඣාරඤ‍්ඤෙ වසන‍්තා යොගෙ යොගං අකත්‍වා කායදළ‍්හීබහුලා හුත්‍වා නානප‍්පකාරං කීළං කීළන‍්තා චරිංසු. සක‍්කො දෙවරාජා “ඉමෙ සංවෙජෙස‍්සාමී”ති සුකො හුත්‍වා තෙසං වසනට‍්ඨානං ආගන‍්ත්‍වා එකස‍්මිං රුක‍්ඛෙ නිලීයිත්‍වා තෙ සංවෙජෙන‍්තො පඨමං ගාථමාහ –

පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, අප බෝසත් තෙමේ සක්දෙව් රජව ඉපිද සිටියේය. මේ අතර කසී රටට අයත් කිසියම් ගමක සහෝදරවරු සත්දෙනෙක කාමයන්හි දොස් දැක, ගිහි ගෙයින් නික්ම සෘෂි පැවිද්දෙන් පැවිදිව ‘මෙජ්ඣ’ නමින් ප්‍රසිද්ධ කැලයක වාසය කරමින්, භාවනානුයෝගීව කටයුතු නොකොට, කාය වර්ධන ක්‍රියාවන්හි නිරතව ඊට අදාල නානා ප්‍රකාර වූ ක්‍රීඩාවල යෙදෙමින් වාසය කළහ. මොවුන්ගේ මේ නොකටයුතු දේවල් දුටු සක්දෙව් රජ, ‘මම මොවුන් සංවේගයට පත් කොට, ඔවුන්ට කරුණු වටහා දී, සත් ක්‍රියාවන්හි යොදවන්නෙමි’යි කල්පනා කොට ගිරවකුගේ වේෂයක් මවාගෙන, ඒ තවුසන් වසන තැනට පැමිණ ඔවුන් අසල තිබූ ගසෙක සැඟව සිට, ඔවුන් සංවේගයට පත් කරමින් මෙසේ කීවේය.

“සුසුඛං වත ජීවන‍්ති, යෙ ජනා විඝාසාදිනො; දිට‍්ඨෙව ධම‍්මෙ පාසංසා, සම‍්පරායෙ ච සුග‍්ගතී”ති.

සුසුඛං වත ජීවන්ති - යෙ ජනා විඝාසාදි නො, දිට්ඨෙව ධම්මෙ පාසංසා - සම්පරායෙව සුග්ගතීති

යම් කෙනෙක් විඝාසාදි වෙද්ද? ඒකාන්තයෙන් ඔවුහු සැපසේ ජීවත් වෙති. මෙලොවදී ම පැසසුමට ලක් වෙති. පරලොව සුගතිගාමී වෙති.

තත්‍ථ විඝාසාදිනොති භුත‍්තාතිරෙකං භුඤ‍්ජන‍්තෙ සන්‍ධායාහ. දිට‍්ඨෙව ධම‍්මෙති යෙ එවරූපා, තෙ දිට‍්ඨෙව ධම‍්මෙ පාසංසා, සම‍්පරායෙ ච තෙසං සුගති හොති, සග‍්ගෙ උප‍්පජ‍්ජන‍්තීති අධිප‍්පායෙන වදති.

මෙහි ‘විඝාසාදිනො’ යනු ‘පරිභෝග කිරීමෙන් ඉතිරි වූ දෙය අනුභව කරනුවන් සඳහා කියන ලදි’ යන අර්ථයි. ‘දිට්ඨෙවධම්මෙ’ යනු ‘යම් කෙනෙක් මෙබඳු වෙද්ද? ඔවුහු මෙලොවදීම ප්‍රශංසාවට ලක් වෙති.’ යන අර්ථයි. ‘සම්පරායේච’ යනු ‘ඔවුහු සුගතිගාමී වෙති, දෙව්ලොව උපදිති යන අදහසින් කියයි’ යන අර්ථයි.

අථ තෙසු එකො තස‍්ස වචනං සුත්‍වා අවසෙසෙ ආමන‍්තෙත්‍වා දුතියං ගාථමාහ –

ගිරවාගේ මේ කථාව අසා සිටි තවුස් පිරිසෙහි හුන් අය අතුරෙන් එක් තවුසෙක්, සෙසු අය අමතා මෙසේ කීවේය.

“සුකස‍්ස භාසමානස‍්ස, න නිසාමෙථ පණ‍්ඩිතා; ඉදං සුණාථ සොදරියා, අම‍්හෙවායං පසංසතී”ති.

2. ප්‍රාඥයිනි, ගිරවාගේ කියමන් වරදවා තේරුම් නො ගනිවු, මේ වචනය අසවු, ඔහු සහෝදරයන් වන අපටම ප්‍රශංසා කරයි.

තත්‍ථ භාසමානස‍්සාති මානුසිකාය වාචාය භණන‍්තස‍්ස. න නිසාමෙථාති න සුණාථ. ඉදං සුණාථාති ඉදමස‍්ස වචනං සුණාථ. සොදරියාති සමානෙ උදරෙ වුත්‍ථභාවෙන තෙ ආලපන‍්තො ආහ.

මෙහි ‘භාසමානස්ස’ යනු ‘මිනිස් බසින් කථා කරන’ යන අර්ථයි. ‘න නිසාමෙථ’ යනු ‘නො අසවු’ යන අර්ථයි. ‘එදං සුණාථ’ යනු ‘ඔහුගේ මේ වචනය අසවු’ යන අර්ථයි. ‘සොදරියා’ යනු ‘එකම කුසක උපන් බැවින්, ඔවුන් අමතමින් එසේ කී ය’ යන අර්ථයි.

අථ නෙ පටික‍්ඛිපන‍්තො සුකො තතියං ගාථමාහ –

ඉක්බිති ඒ අදහස ප්‍රතික්‍ෂේප කරමින් ගිරවා මෙසේ පැවසීය.

“නාහං තුම‍්හෙ පසංසාමි, කුණපාදා සුණාථ මෙ; උච‍්ඡිට‍්ඨභොජිනො තුම‍්හෙ, න තුම‍්හෙ විඝාසාදිනො”ති.

3. මළකුණු කන්නෙකි, මගේ වචනය අසවු. මම තොපට ප්‍රශංසා නොකරමි. තෙපි ඉඳුල් කන අය වෙති. තෙපි ‘විඝාසාදි’ අය නො වෙති.

තත්‍ථ කුණපාදාති කුණපඛාදකාති තෙ ආලපති.

මෙහි ‘කුණපාදා’ යනු ‘මළකුණු කන්නෙනි යි ඔවුන් අමතයි’ යන අර්ථයි.

තෙ තස‍්ස වචනං සුත්‍වා සබ‍්බෙපි චතුත්‍ථං ගාථමාහංසු –

තාපසවරු සියලු දෙනා ගිරවාගේ කීම අසා, මෙසේ පැවසූහ.

“සත‍්තවස‍්සා පබ‍්බජිතා, මජ‍්ඣාරඤ‍්ඤෙ සිඛණ‍්ඩිනො; විඝාසෙනෙව යාපෙන‍්තා, මයඤ‍්චෙ භොතො ගාරය‍්හා; කෙ නු භොතො පසංසියා”ති.

4. ‘මෙජ්ඣ’ නම් ආරණ්‍යයෙහි, හිස මුදුනේ පමණක් කෙස් ටිකක් ඇතිව වසන අපට, පැවිද්දෙන් සත් වසක් ගතවිය. ඒ අපි සිංහ, ව්‍යාඝ්‍රාදීන් විසින් කා ඉතිරි වූ දේ කමින් යැපෙමු. ඉදින් අපි ඔබගේ ගැරහුමට ලක්වෙමු නම්, ඔබේ පැසසුමට ලක්වන්නෝ කවරහුද?

තත්‍ථ සිඛණ‍්ඩිනොති චූළාය සමන‍්නාගතා. විඝාසෙනෙවාති එත‍්තකං කාලං සත‍්ත වස‍්සානි සීහබ්‍යග‍්ඝවිඝාසෙනෙව යාපෙන‍්තා යදි භොතො ගාරය‍්හා, අථ කෙ නු තෙ පසංසියාති.

මෙහි ‘සිඛණ්ඩිනො’ යනු ‘හිස මුදුනේ පමණක් කෙස් ඇති’ යන අර්ථය. ‘විසාසේන’ යනු ‘මෙපමණ කලක් එනම්, සත් වසරක් සිංහ ව්‍යාඝ්‍රයන් කා ඉතිරි වූ දැයින් යැපුනෙමු. ඉදින් අපි ඔබගේ ගැරහුමට ලක් වෙමු නම්, ඔබේ ප්‍රශංසාවට ලක්වන්නෝ කවරහුද?’ යන අර්ථයි.

තෙ ලජ‍්ජාපෙන‍්තො මහාසත‍්තො පඤ‍්චමං ගාථමාහ –

අනතුරුව තවුසන් ලජ්ජාවට පත් කරමින්, බෝසත් ගිරවා මෙසේ කීවේය.

“තුම‍්හෙ සීහානං බ්‍යග‍්ඝානං, වාළානඤ‍්චාවසිට‍්ඨකං; උච‍්ඡිට‍්ඨෙනෙව යාපෙන‍්තා, මඤ‍්ඤිව‍්හො විඝාසාදිනො”ති.

5. සිංහයන්ගේ ද, ව්‍යාඝ්‍රයන්ගේ ද, වෙනත් නපුරු සතුන්ගේ ද ආහාරවලින් ඉතිරි වූ දෑ අනුභව කිරීමෙන් යැපෙන තෙපි, එසේ ‘විඝාසාදීහු’ යැයි සිතන බව පෙනේ.

තත්‍ථ වාළානඤ‍්චාවසිට‍්ඨකන‍්ති සෙසවාළමිගානඤ‍්ච අවසිට‍්ඨකං උච‍්ඡිට‍්ඨභොජනං.

මෙහි ‘වළානඤ්චාවසිට්ඨකං’ යනු ‘වෙනත් නපුරු සතුන් කා ඉතිරි වූ දෑ එනම්, ඉඳුල් කෑම’ යන අර්ථයි.

තං සුත්‍වා තාපසා “සචෙ මයං න විඝාසාදා, අථ කෙ චරහි තෙ විඝාසාදා”ති? අථ තෙසං සො තමත්‍ථං ආචික‍්ඛන‍්තො ඡට‍්ඨං ගාථමාහ –

ගිරවාගේ කථාව ඇසූ තාපසවරු ‘ඉදින් අපි විඝාසාදීහු නොවෙමු නම්, එකල්හිා කවුරු නම් විඝාසාදීහු වෙත්ද? එය අපට කියනු මැනවැ’යි ගිරවාගෙන් අයැද සිටියහ. ඉක්බිති බෝසත් ගිරවා, තාපසවරුන්ට ‘විඝාසාදීන්’ යනු කවුරුන්දැ’යි පැහැදිලි කරමින් මේ අවසාන ගාථාව පැවසුවේය.

“යෙ බ්‍රාහ‍්මණස‍්ස සමණස‍්ස, අඤ‍්ඤස‍්ස වා වනිබ‍්බිනො; දත්‍වාව සෙසං භුඤ‍්ජන‍්ති, තෙ ජනා විඝාසාදිනො”ති.

6. යම් කෙනෙක් බමුණන්ට, ශ්‍රමණයන්ට හා වෙනත් පුලන්නන්ට දන් දී, ඉතිරි වූ දෙය අනුභව කරත්ද? ඔවුහු ‘විඝාසාද’ නම් වෙති.

තත්‍ථ වනිබ‍්බිනොති තං තං භණ‍්ඩං යාචනකස‍්ස. එවං තෙ ලජ‍්ජාපෙත්‍වා මහාසත‍්තො සකට‍්ඨානමෙව ගතො.

මෙහි ‘වණිබ්බිනො’ යනු ‘ඒ ඒ දෑ ඉල්ලන්නාට’ යන අර්ථයි. මෙසේ තවුසන් ලජ්ජාවට පත්කළ බෝසත් ගිරවා, ස්වකීය භවනය බලා පිටත්ව ගියේය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි – “තදා සත‍්ත භාතරො ඉමෙ කෙළිසීලකා භික‍්ඛූ අහෙසුං, සක‍්කො පන අහමෙව අහොසි”න‍්ති.

බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා, සත්‍යය ප්‍රකාශකොට ජාතකය නිමවා වදාළ සේක. එදා ඒ සහෝදරවරු සත්දෙනා නම්, මේ කෙළිලොල් භික්‍ෂු පිරිසය. ශක්‍රයා වූ කලී ‘මම ම යැ’යි බුදුරජාණන් වහන්සේ, තමන් වහන්සේ දක්වා වදාළ සේක.

විඝාසාදජාතකවණ‍්ණනා අට‍්ඨමා.