7. සිඞ්ඝපුප්ඵජාතකවණ්ණනා 392 අට්ඨකථා
7. සිඞ්ඝපුප්ඵජාතකවණ්ණනා (392)
7. භිසපුප්ඵ ජාතකය (392)
යමෙතන්ති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො අඤ්ඤතරං භික්ඛුං ආරබ්භ කථෙසි. සො කිර ජෙතවනා නික්ඛමිත්වා කොසලරට්ඨෙ අඤ්ඤතරං අරඤ්ඤං නිස්සාය විහරන්තො එකදිවසං පදුමසරං ඔතරිත්වා සුපුප්ඵිතපදුමං දිස්වා අධොවාතෙ ඨත්වා උපසිඞ්ඝි. අථ නං තස්මිං වනෙ අධිවත්ථා දෙවතා “මාරිස, ත්වං ගන්ධථෙනො නාම, ඉදං තෙ එකං ථෙය්යඞ්ග”න්ති සංවෙජෙසි. සො තාය සංවෙජිතො පුන ජෙතවනං ආගන්ත්වා සත්ථාරං වන්දිත්වා නිසින්නො “කහං භික්ඛු නිවුත්ථොසී”ති පුට්ඨො “අසුකවනසණ්ඩෙ නාම, තත්ථ ච මං දෙවතා එවං නාම සංවෙජෙසී”ති ආහ. අථ නං සත්ථා “න ඛො භික්ඛු පුප්ඵං උපසිඞ්ඝන්තො ත්වමෙව දෙවතාය සංවෙජිතො, පොරාණකපණ්ඩිතාපි සංවෙජිතපුබ්බා”ති වත්වා තෙන යාචිතො අතීතං ආහරි.
‘යමෙතං’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වෙසෙන සේක්, එක්තරා භික්ෂුවක අරබයා වදාළ සේක. ඉහත කී භික්ෂුව ජේතවනාරාමයෙන් නික්ම කොසොල් රටේ එක්තරා කැලෑබද ප්‍රදේශයක් ඇසුරුකොට වාසය කෙළේය. එක්දිනක් ඒ කැලෑවෙහිම පිහිටි පියුම් විලක් දැක එහි බැසගත් ඔහු, මුහුණ කට සෝදන අතරේදී, සමීපයෙහි තිබූ පිපුණු පියුමක් දැක, ඊට ළංව පියුමට යටි සුළඟෙහි සිට පහත් වී, එහි සුවඳ ආඝ්‍රාණය කෙළේය. ඒ කැලයෙහි එම වනපියසෙහි ම අධිගෘහිත ව ජීවත් වූ දේවතාවෙක් භික්ෂුවගේ ඒ ක්‍රියාව දැක ‘නිදුකාණෙනි, ඔබ සුවඳ සොරෙකි. ඔබ කළ ක්‍රියාව සොරකමේ එක් අංගයකැ’යි කියා, භික්ෂුව සංවේගයට පත් කෙළේය. දේවතාවා විසින් සංවේගයට පත්කරන ලද, භික්ෂුව පෙරළා ජේතවනයට ගියේය. එහිදී බුදුරදුන් බැහැදුටු, ඔහු උන්වහන්සේට වැඳ එකත්පසෙක වාඩි විය. එවිට බුදුරජාණන් වහන්සේ ‘මහණ, ඔබ මෙතෙක් කොහි විසුවෙහිදැ’යි, විචාළ සේක. ‘ස්වාමීනි, මම පසුගිය දිනවල අසවල් වනලැහැබෙහි විසුවෙමි. එහිදී මාගේ ක්‍රියාවක් දුටු දේවතාවෙක් මේ මේ අයුරින් මා, සංවේගයට පත් කෙළේ යැ’යි, එහිදී වූ සියලු සිදුවීම්, පැහැදිලි කරමින් ඒ භික්ෂුව බුදුරජාණන් වහන්සේට, කරුණු කීවේය. එවිට බුදුරජාණන් වහන්සේ ‘මහණ, ඔය වැනි අවස්ථාවන්ට මුහුණපාන්නට සිදුවූයේ, ඔබට පමණක් නොවේ. පෙර විසූ පඬිවරු පවා යම් යම් අය විසින් එසේ සංවේගයට පත් කරන ලදහ’යි වදාරා, ඒ භික්ෂුවගේ ඇරයුමින් මේ අතීත කථාව මෙසේ වදාළ සේක.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො එකස්මිං කාසිකගාමෙ බ්රාහ්මණකුලෙ නිබ්බත්තිත්වා වයප්පත්තො තක්කසිලායං උග්ගහිතසිප්පො අපරභාගෙ ඉසිපබ්බජ්ජං පබ්බජිත්වා එකං පදුමසරං නිස්සාය උපවසන්තො එකදිවසං සරං ඔතරිත්වා සුපුප්ඵිතපදුමං උපසිඞ්ඝමානො අට්ඨාසි. අථ නං එකා දෙවධීතා රුක්ඛක්ඛන්ධවිවරෙ ඨත්වා සංවෙජයමානා පඨමං ගාථමාහ –
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, අප බෝසත් තෙමේ එක්තරා නියම්ගමක බමුණු පවුලක ඉපිද තරුණවියට පත් වූයේ. නිසිකාලයේ දී තක්ෂිලාවට ගොස් ශිල්ප-ශාස්ත්‍ර ඉගෙන ගත් ඔහු පසුකලෙක ගිහිගෙය කලකිරී සෘෂි පැවිද්දෙන් පැවිදි ව, විශාල කැලෑ ප්‍රදේශයක පියුම් විලක් සමීපයේ ජීවත් විය. එක් දිනක් හිමිදිරි උදයේ, විලට බැසගත් ඔහු, සුපිපුණු පියුම් දෙස බලමින් සිටියේය. ළඟම තිබූ පිපුණු පියුමකට නැඹුරු වූ මේ තරුණ තාපසයා, මහත් අභිරුචියෙන් එය සිප ගත්තේය. ඒ අසල තිබූ රූස්ස විවරයක හුන්, එක් දෙව්දුවක් තවුසාගේ ඒ ක්‍රියාව දැක, ඔහු සංවේගයට පත් කරමින් මෙසේ කීවාය.
“යමෙතං වාරිජං පුප්ඵං, අදින්නං උපසිඞ්ඝසි; එකඞ්ගමෙතං ථෙය්යානං, ගන්ධථෙනොසි මාරිසා”ති.
යමෙතං වාරිජං පුප්ඵං - අදින්නං උපසිඞ්ඝසී, එකංග මෙතං ථෙය්යාන - ගන්ධත්ථෙ නොසි මාරිසාති
නිදුකාණෙනි, යම් ඒ ජලයෙහි හටගත්, නොදුන් නෙලුම් මලක් සිම්ඹෙහි ද, එය සොරකමේ එක් අංගයකි. (එබැවින්) ඔබ සුවඳ සොරෙකි.
තත්ථ එකඞ්ගමෙතන්ති එකකොට්ඨාසො එස.
මෙහි ‘එකංගමෙතං’ යනු ‘එය එක් කොටසකි’ යන අර්ථයි.
තතො බොධිසත්තො දුතියං ගාථමාහ –
දේවතාවියට පිළිතුරු දෙමින්, බෝසත් තවුසා මෙසේ පැවසුවේය.
“න හරාමි න භඤ්ජාමි, ආරා සිඞ්ඝාමි වාරිජං; අථ කෙන නු වණ්ණෙන, ගන්ධථෙනොති වුච්චතී”ති.
2. (මම) නෙලුම සොරකම් නොකෙළෙමි. නොකැඩුවෙමි. දුර තියා ආඝ්‍රාණය පමණක් කෙළෙමි. එසේ ඇතිකල්හි, කවර කාරණයක් නිසා (මට) ‘සුවඳ සොරා’ යැයි කියනු ලැබේද?
තත්ථ ආරා සිඞ්ඝාමීති දූරෙ ඨිතො ඝායාමි. වණ්ණෙනාති කාරණෙන.
මෙහි ‘ආරා සිංඝාමි’ යනු ‘දුර සිට සුවඳ බලමි’ යන අර්ථයි. ‘වණ්ණෙන’ යනු ‘කාරණයකින්’ යන අර්ථයි.
තස්මිං ඛණෙ එකො පුරිසො තස්මිං සරෙ භිසානි චෙව ඛණති, පුණ්ඩරීකානි ච භඤ්ජති . බොධිසත්තො තං දිස්වා “මං ආරා ඨත්වා උපසිඞ්ඝන්තං ‘චොරො’ති වදසි, එතං පුරිසං කස්මා න භණසී”ති තාය සද්ධිං සල්ලපන්තො තතියං ගාථමාහ –
මේ දෙදෙනා මෙසේ තර්ක කරන අතරේ විලට පැමිණි එක් පුරුෂයෙක්, ඒ විලෙහි බැස නෙලුම් අල ද සාරයි. පිපුණු පියුම් ද නෙලයි. ඒ දුටු බෝසත් තවුසා, දෙව්දුව අමතා ‘දේවතාවිය, නෙලුම් මලක් සිපගත් පමණකින් ඔබ මට ‘සුවඳ සොරෙකැ’යි කියයි. අර අතන නෙලුම් අල ගලවන, නෙලුම් මල් කඩන ඒ මිනිසාට ඔබ කුමක් නිසා නොබණින්නෙහිද? ඔහුටද දොස් කියව’යි කීය. බෝසත් තවුසා ඒ අදහස දේවතාවියට පැහැදිලි කරමින් මෙසේ ද කීවේය.
“යොයං භිසානි ඛණති, පුණ්ඩරීකානි භඤ්ජති; එවං ආකිණ්ණකම්මන්තො, කස්මා එසො න වුච්චතී”ති.
3. කිසියම් තැනැත්තෙක් නෙලුම් අල සාරයි. හෙල පියුම් නෙලයි. මෙසේ විවිධ වැඩකරන ඒ මිනිසාට, කුමක් හෙයින් කිසිවක් නො කියනු ලැබේද?
තත්ථ ආකිණ්ණකම්මන්තොති කක්ඛළකම්මන්තො දාරුණකම්මන්තො.
මෙහි ‘ආකිණ්ණ කම්මන්තො’ යනු ‘රළු වැඩ කරන - නපුරු කටයුතු කරන’ යන අර්ථයි.
අථස්ස අවචනකාරණං ආචික්ඛන්තී දෙවතා චතුත්ථපඤ්චමගාථා අභාසි –
නෙලුම් මල් නෙලන පුරුෂයාට, නො බණින කාරණය පැහැදිලි කරමින් දෙව්දුව මෙසේ පැවසුවාය.
“ආකිණ්ණලුද්දො පුරිසො, ධාතිචෙලංව මක්ඛිතො; තස්මිං මෙ වචනං නත්ථි, තඤ්චාරහාමි වත්තවෙ.
4. නපුරුකම් බහුල මිනිසා කිරිමවකගේ වස්ත්‍රයක් මෙන් කිළිටිය. එවැන්නෙකුට කීමට, මට වචන නැත. එහෙත් ඔබට කියාදීමට (මම) සුදුසු වෙමි.
“අනඞ්ගණස්ස පොසස්ස, නිච්චං සුචිගවෙසිනො; වාලග්ගමත්තං පාපස්ස, අබ්භාමත්තංව ඛායතී”ති.
5. නිතර නිවැරදි දේ සොයන, නිර්දෝෂ වූ පුද්ගලයකුට, කෙස් අගක් පමණ වූ පාපයක් වුවත්, මහා මේඝයක් මෙන් වැටහේ.
තත්ථ ධාතිචෙලංවාති ඛෙළසිඞ්ඝාණිකමුත්තගූථමක්ඛිතං ධාතිදාසියා නිවත්ථචෙලං විය අයං පාපමක්ඛිතොයෙව, තෙන කාරණෙන තස්මිං මම වචනං නත්ථි. තඤ්චාරහාමීති සමණා පන ඔවාදක්ඛමා හොන්ති පියසීලා, තස්මා තං අප්පමත්තකම්පි අයුත්තං කරොන්තං වත්තුං අරහාමි සමණාති. අනඞ්ගණස්සාති නිද්දොසස්ස තුම්හාදිසස්ස. අබ්භාමත්තංව ඛායතීති මහාමෙඝප්පමාණං හුත්වා උපට්ඨාති, ඉදානි කස්මා එවරූපං දොසං අබ්බොහාරිකං කරොසීති.
මෙහි ‘ධාතිචෙළං වා’ යනු ‘කෙළ - සොටු - මළ - මුත්‍ර තැවරුණු කිරිමව් දාසියකගේ ඇඳිවතක් මෙන්, ඔහු පවෙහි ගැලී ඇත. ඒ කාරණය නිසා ඔහුට කීමට මට වචන නැත’ යන අර්ථයි. ‘තඤ්ච අරහාමි’ යනු ‘ශ්‍රමණයෝ වනාහි අවවාද කැමැත්තෝය. ප්‍රියශීලීය. එබැවින් හිමියනි, ඔබ අල්පමාත්‍ර වූ නුසුදුසු යමක් කළොත්, එය කියාදීමට සුදුසු වෙමි’ යන අර්ථයි. ‘අනංගණස්ස’ යනු ‘නිර්දෝෂ වූ ඔබ වැනි අයට’ යන අර්ථයි. ‘අබ්භාමත්තංව ඛායති’ යනු ‘මහා මේඝයක් තරම් ම වැටහේ. දැන් කුමක් නිසා, මෙවැනි දෝෂයක් ගණන් නොගත යුතු ලෙස කටයුතු කෙරේද?’ යන අර්ථයි.
තාය පන සංවෙජිතො බොධිසත්තො සංවෙගප්පත්තො ඡට්ඨං ගාථමාහ –
මෙසේ ඒ දෙවඟන විසින් සංවේගයට පත්කරන ලද බෝසත් තෙමේ, එම සංවේගයෙන් යුතුවම මෙසේ පැවසීය.
“අද්ධා මං යක්ඛ ජානාසි, අථො මං අනුකම්පසි; පුනපි යක්ඛ වජ්ජාසි, යදා පස්සසි එදිස”න්ති.
6. දේවතාවිය, ඒකාන්තයෙන් ඔබ මා හඳුනයි. එබැවින් ම මට අනුකම්පා දක්වයි. දෙව්දුව, නැවත යම්දිනෙක එබන්දක් දුටුවහොත්, මට එය කියා දෙන්න.
තත්ථ යක්ඛාති දෙවතං ආලපති. වජ්ජාසීති වදෙය්යාසි. යදා පස්සසි එදිසන්ති යදා මම එවරූපං දොසං පස්සසි, තදා එවං මම වදෙය්යාසීති වදති.
මෙහි ‘යක්ඛා’ යනුවෙන් දේවතාවිය අමතයි. ‘වජ්ජාසි’ යනු ‘කියන්නෙහිය’ යන අර්ථයි. ‘යදා පස්සසි ඵදිසං’ යනු ‘යම් දිනෙක මගේ එබඳු වූ දෝෂයක් දුටුවොත්, එකල මෙපරිද්දෙන් ම, මා වළක්වා ලන්න යැ’යි කියයි යන අර්ථයි.
අථස්ස සා දෙවධීතා සත්තමං ගාථමාහ –
බෝසතුන්ගේ මේ ඉල්ලීමට පිළිතුරු සපයන, දේවතාවිය මෙසේ පැවසුවාය.
“නෙව තං උපජීවාමි, නපි තෙ භතකාම්හසෙ; ත්වමෙව භික්ඛු ජානෙය්ය, යෙන ගච්ඡෙය්ය සුග්ගති”න්ති.
7. තවුසාණෙනි, මම ඔබ නිසා ජීවත් වන්නියක් නොවෙමි. ඔබේ බැලමෙහෙවරෙහි යෙදුනියක් ද නොවෙමි. යමක් නිසා සුගතියට යන්නේ නම්, ඔබ ම එය තේරුම් ගන්න.
තත්ථ භතකාම්හසෙති තව භතිහතා කම්මකරාපි න හොම. කිංකාරණා තං සබ්බකාලං රක්ඛමානා විචරිස්සාමාති දීපෙති. යෙන ගච්ඡෙය්යාති භික්ඛු යෙන කම්මෙන ත්වං සුගතිං ගච්ඡෙය්යාසි, ත්වමෙව තං ජානෙය්යාසීති.
මෙහි ‘භතකම්හසෙ’ යනු ‘ඔබේ බැල මෙහෙවර කරන වැඩකාරියක් නොවෙමි. කුමන කරුණක් නිසා, හැමදාම ඔබ රකිමින් හැසිරෙන්නෙම් දැ’යි දක්වයි’ යන අර්ථයි. ‘යෙන ගච්ඡෙය්ය’ යනු ‘තවුසාණෙනි, යම් ක්‍රියාවකින් ඔබ සුගතියට යන්නෙහිද? එය ඔබ ම දැනගන්න’ යන අර්ථයි.
එවං සා තස්ස ඔවාදං දත්වා අත්තනො විමානමෙව පවිට්ඨා. බොධිසත්තොපි ඣානං නිබ්බත්තෙත්වා බ්රහ්මලොකපරායණො අහොසි.
මෙසේ බෝසත් තවුසාට අවවාද කළ, ඒ දෙවඟන තමාගේ විමානය කරා පිටත්ව ගියාය. බෝසත් තෙමේ ද ධ්‍යාන උපදවාගෙන, නො පිරිහුණු ධ්‍යානයෙන් යුතුව දිවි ඇති තෙක් වැස, මැරී ගොස් බඹලොව උපන්නේය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා සච්චානි පකාසෙත්වා ජාතකං සමොධානෙසි, සච්චපරියොසානෙ සො භික්ඛු සොතාපත්තිඵලෙ පතිට්ඨහි.
බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා, සත්‍යය ප්‍රකාශකොට ජාතකය නිමවා වදාළ සේක. දේශනාව අවසානයේදී, ඒ භික්ෂුව සෝවාන් ඵලයෙහි පිහිටියේය.
තදා දෙවධීතා උප්පලවණ්ණා අහොසි, තාපසො පන අහමෙව අහොසින්ති.
එදා දෙව්දුව නම්, උත්පලවණ්ණාය. තාපසයා වූ කලී ‘මම ම යැ’යි බුදුරජාණන් වහන්සේ, තමන් වහන්සේ දක්වා වදාළ සේක.
සිඞ්ඝපුප්ඵජාතකවණ්ණනා සත්තමා.